ඉස්සර මං පුංචි කාලෙ දවසක අපි කාගෙ හරි මඟුල් ගෙදරක ගියා. මනමාලි මනමාල දෙන්නා ඉන්න තැනට ඇවිත් හැමෝම ඒ අයට සුබ පතන හැටි මං බලා හිටියා. මනමාලිට හැමෝම සුබ පැතුවෙ Happy Wedded life කියලා. හැබැයි මනමාලයාට හැමෝම Congratulations කිව්වා. හරියට මනමාලයා ගමේ මැරතන් රේස් එකක් දිනලා වගේ. පස්සෙ කාලෙ ඉංග්‍රිසි සාහිත්‍ය පන්තියෙදි අපේ සාහිත්‍ය සර් කියා දුන්නා ආදරේ කියන්නෙ අරගලයක් විත්තිය. අරගලයක් කරලා දිනා ගත්ත දෙය කාන්තාවගේ ආදරය නිසා පිරිමියාගෙ ජය උදෙසා හැමෝම සුබ පතනවා කියලා. ඒ නිසාම පිරිමියාට හැමෝම ආදරය දිනාගත් දවසට Congratulation කියනවා කියලා. ගැහැණුන්ට වඩා තවමත් සමාජ සංස්කෘතිය ඇතුළෙ ප්‍රේමය දිනාගැනීමට අරගල කරන්නෙ පිරිමි. ඔවුන් අරගල කරලා කරලා දිනා ගත්ත ගෑණු අයගෙ එකතුවට වඩා පැරදිච්ච ගෑණු අයගෙ එකතුව වැඩි වුණත්, කවුරුවත් ඒ ගැහැණුන්ට Deepest Sympathy කියන්නෙ නැහැ. ඉතින් ඒ අය හැංගිලාම ඉන්නවා. එක අතකට ඒක ලොකු දෙයක්.
මේ දවස් වල හැම තැනම Share වෙන වෙඩිං ප්‍රපෝසල් භීතිකාව නිසාම, යං අපිට හිතුණා මේ ප්‍රේමයේ අරගලය ගැන කතා කරන්න. දස්කොන් ප්‍රමිලා ආදර කතාව, රෝමියෝ ජුලියට් ආදර කතාව සහ දෙව්දාස් පාරෝ ආදර කතාව වගේ ආදර කතා අතීතයේ සහ සාහිත්‍ය යේ ප්‍රේමයේ අරගලය ජය අරගත්තත් ජීවිත අරගලයෙන් පරාජය වුණ ජෝඩු ගොඩට අයිති වෙනවා. ඒ අස්සෙ සාලිය මාලා, ගාමිණි චිත්‍රා වගේ අය ජීවිතයයි ප්‍රේමයයි දෙකම යම් තරමකට ගොඩ දාගත්ත ලංකා ලැයිස්තුවෙ ඉස්සරහින්ම ඉන්නවා. කොහොම වුණත් මේ හැමෝගෙම ප්‍රේමණීය අරගල ගැන ලෝකය කතා කරන්නෙ ඒ අය ප්‍රසිද්ධ වුණ නිසා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද? රජ පවුල් වල විතරද ප්‍රේමය උදෙසා අරගල හටගන්නෙ. සාමාන්‍ය මිනිස්සු ප්‍රේමය උදෙසා කළ අරගල ගැන කොහෙවත් සඳහනක් නැති බව හැබෑව. ඒත් ඒ අය අරගල කළේ නැතිව නෙවෙයිනෙ.
තමන්ගෙ ප්‍රේමය කාටවත් නොදැනීම මිහිදන් වුණු ජීවිත ගොඩක් අස්සෙන් එකෙක් දෙන්නෙක් හරි තමන් කරන ප්‍රේමය ලෝකයට සටහනක් තියන්න උත්සාහ කරන එක වැරදියි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒක හරි කුහක සිතිවිල්ලක්. ඔවුන් ආදරය කරන්න ආසා විදිහ මුළු ලොවටම තමන් ආදරය කරන බව පෙන්වීම නම් ඒ විදිහටම ඒ අය ආදරය කරපුදෙන්. වෛර කරනවාට වඩා වැඩියෙන්, ආදරය කිරීම උතුම්. කාමරේ හැංගිලා ඉඳලා පිහියෙන් ඇනලා මරනවාට වඩා, රෝස මල් පොකුරක් දණගහලා දෙන එක හොඳ ලස්සන වැඩක්.
ප්‍රේමයේ අරගලය අස්සෙන් ගිලිහුණු අරගලය අස්සෙ තිබුණු ප්‍රේම කතාවක් පහු ගිය කාලෙ වෙඩිං ප්‍රපෝසල් එක්කම ෂෙයාර් වුණා. තමන්ගෙ ආදරණීය පෙම්බරිය පොලිස් බැටන් පහරකින් රැකගන්න වෙහෙස වෙන තරුණයෙක්ගෙ සේයාරුවක් විදිහටයි ඒක අපි දැක ගත්තෙ. ඒ ගැන විශාල කතිකාවක් ගොඩ නැගුණෙ නෑ. මහා උයනක් මැද්දෙ දඟ ගහන එක තරමට විවේචන කරන්න බැරි නිසාද මන්දා ඒ ගැන කතා නොකරම යට ගියා. හැබැයි එතැන තිබුණෙත් මහා උතුම් ප්‍රේමයක්.
ආදරේ කියන්නෙ රෝස පොහොට්ටු මිටියක්, චොක්ලට් තවරපු කේක් එකක් එක්ක පෙම්වතියගෙ ගෙදරට ඩිලිවර් කරන එක විතරක්ම නෙවෙයි. දම්මි සුගත් ට ගෙනිච්චෙ වෙරලු, පියල් නන්දාට දුන්නෙ මෝල්ට් පිටි, ග්‍රේ ඇනස්ටේෂියාට දුන්නෙ කාර් එකක්, කැම්පස් කොල්ලෙක් තමන්ගෙ ආදරියට දුන්නෙ ඇටමැස්සා නවකතාව. ඒක ඊයෙ විහාරමහාදේවි පාක් එකේ මං දැකපු සිද්ධියක්.
ආදරය වෙනස් වෙනවා. බෙදා ගන්න දෙන්නා මත්තෙන් ඒ අය ප්‍රේමයට අරගල කරන හැටි පවා වෙනස් වෙනවා. සමහරු අයිති කරගන්න අරගල කරද්දි, සමහරු ඒ අයිතියෙන් නිදහස් වෙන්න අරගල කරනවා. පස්සෙ කාට හරි අයිති වෙන්න අරගල කරනවා. මුලුමහත් ප්‍රේමයම අනාදිමත් කාලෙක සිට අරගලයක්.
ඒත් එකම විදිහෙ ප්‍රේමයක් මේ අරගලය අස්සෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අපි පරාදවෙනවා. එක එක්කෙනාගෙ ප්‍රේමය හරි වෙනස්. අවුරුදු දහසයේ දහ හතේ කෙල්ලො කොල්ලන්ගෙ ප්‍රේමයට වඩා විසි හතේ විසි අටේ තරුණ තරුණියන් ගෙ ප්‍රේම කතන්දරය වෙනස්. ඊටත් වඩා හතළිහෙ හතළිස් පහේ කෙනෙක්ගෙ ප්‍රේම කතන්දරය හුඟක් වෙනස්. හැබැයි එහෙමයි කියලා ප්‍රේමය වෙනස් වෙන්නෙ නෑ. එය පවතින්නෙ අනන්තය පොඩ්ඩක් එහායින්, දාර්ශනිකත්වයට ඩිංගක් මෙහා තැනක. ඒ නිසා පැරදුණත් දින්නත් ආදර මානස විල අස්සෙ පීනන්න ට්‍රයි කරන්න. දියට නොබැහැ පීනන්න බෑ. ගොඩ ඉන්න අයට අපිව කෝච් කරන්නත් බෑ. ප්‍රේමයේ අරගලයට ජය වේවා!!
රෝමියෝ ජුලියට් අනේ නුඹ
ආලයේ නෙක ගායනාවෙන්
ප්‍රේමයේ මුදු වේදනාවෙන්
උමතු අනුරාගී අල්තාරේ
දැවි දැවී ඉටි කඳුලු හලනා
දුහුන් පෙම් හද මනෝ මන්දිර
මං මුලා නොකරන්...
අතීතේ කතන්දරයක කිමිදිලා
මල් වියන් යට, සඳළුතල මත
කන්තාරු රිද්මයට මතුරන
මටසිලිටි හැඟුමක් නොවෙයි
මේ ආදරේ..
රෝමියේ ජුලියට් අනේ නුඹ
දන්නෙ නෑ...
හැඟුම් හිස් කළ නිසරු පොළවක
කටු ඔටුණු බඳ
ආදරේ ගැන දන්නෙ නෑ...
වැළඳගන්නට තරම් නැති තැන
ආලයේ අඳුරෙන්ම වැළලෙන
පෙම්වතුන් හට මල් වඩම් තව ඕනෙ නෑ..
රෝමියෝ ජුලියට් අනේ නුඹ දන්නෙ නෑ
හිමිදිරිය හෙට ළඟා කරනට
රැයේ සීතල තුරුලු කරගත්
No comments:
Post a Comment
සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.