12/31/10

2011 | නව වසර + අපි = රට

2011 තව මොහොතකින් උදා වනු ඇත.එය නව අවුරුද්දකි.අලුත් දශකයකි.සහස්‍රය ලබා දස වසරක් ගෙවී යන මොහොතකි.වෙනදා අලුත් අවුරුදු වලට මෙන්ම මෙවරද කඩ සාප්පු බඩු බාහිරාදියෙන් පිරී ගිය බව ඔබ කවුරුත් දකින්නට ඇත. බඩු මිල එන්න එන්නම වැඩි වුවද...පොල් කෙතරම් ඉහළ මිලකට ගණන් ගියද කිරි බත ඉවීමට පොල් ගෙඩියක් ගෙන යාමට ගෘහනි වරු අමතක කළේද නැත.දරුවන්ට කෙසේ හෝ අලුත් අවුරුද්දට පොත් ටිකක් රැගෙන දෙන්නට බොහෝ දෙමව්පියෝ කටයුතු කළ බවද ගිය දින කිහිපයේ පාරට බැස්සා නම් ඔබ දකින්නට ඇත.
කොතරම් මුදල් අඟ හිඟ තිබ්බත් 
රතිඥ්ඥා කඩවලට පාඩු නොකරන්නට බොහෝ අය කටයුතු කළ බව අතොරක් නෑර හවස හයේ සිට පුපුරන රතිඥ්ඥා කියති....
දෙදහස් දහය වසර සේම මේ වසරද ගෙවා දමනවා දැයි තීරණය කිරීම අප සියල්ලන් සතුම කාරණයකි....වසර තිහක යුද්දය අවසන් වී වසරක් ගෙවී අවසන් වී ඇතත් ....පශ්චාත්තාප විය යුතු පළිගැනීම් වල එල්ඹ ගනිමින්...ආසන වලට ගහ මරා ගනිමින් දෙදහස් දහය වසර ගෙවා දැමූ බව මතකයේ තබා ගත යුතුය.අපිට මේ ද්ශකය තුළ නැගිටීමට නොහැකි වුවහොත් එය මෙ බිම මත වෙසෙන සියල්ලන්ගේම පාපයකි.ඉපදෙන පරපුරට  ශාපයකි.

1505 සිට 1948 වනතුරු ම පරදේසීන්  පාලනය වූ රට අපි අපේ කරගත්තාට පසුද දුන්නේ දුක් කම් කටොළුය.දැන් ඒවා මඳක් දුර අත්තීතයට එවෙමින් ඇත.අපි අමතක නොකළයුතු අතීතයකින් පන්නරය ලබා අනාගතයට පිය නැගියයුත්තෝ වෙමු....

වසර තිහක් පුරා මිහිදන් වූ ලේ කඳුළු වල සාරයෙන් විකසිත වියයුතු කාලය එළඹ ඇත....

ඉතින් ඔබට සාමය සතුට පිටි නව වසරක් වේවා!!!... 

12/25/10

උඳුවප් කඳුළු | Tears of the Sea


 
තව සුළු මොහොතකින් උදාවන්නේ දෙසැම්බර් විසි හය වෙනිදා...ලංකාවට ඒ දවස අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැතැයි කියලා මම දන්නවා...පුවත්පත් ආයතනයෙ පඩිපෙළ නගින හැම වෙලාවකම එක එක පත්තර විසින් වැඩි වෙන මරණ යාවත් කාලීන කළ ආකාරය දකිද්දි...ඉහළ බිත්තියෙ එල්ලපු පින්තූර වල මිය ගිය සිරුරු, හඬන මිනිස්සු දකිද්දි, 2010 ගෙවුණු අවුරුද්ද පුරාම දිනපතා සුනාමිය මගේ මනසට ආවා.මේ දවස් වල එතරම් එහෙට නොගියත් මේ ලිපියෙ වචනයක් වචනයක් පාසා ලියනකොට මට ඒ පින්තූර එක එකක් හිතට මැවෙනවා.ඒ මැවෙන සිද්දි හැම එකක්ම ඒ දවස් වල දැකපු ටෙලිවිෂන් රූප රාමු වෙලා ඇස් ඉස්සරහට එනවා...මුහුද එදා පුදුම විදිහට නපුරු වුණා.... ඒ ගැන මගේ මතකය පසුවට ලියන්නම්...සුනාමිය අපිට හුඟාක් දේ නැති කළා...යුද්ධයෙන් පීඩා විඳින ජාතියකට අන්ත අසරණ වෙලා විනාස වෙලා යන තරමෙ ප්‍රශ්නයක් දුන්නා.එත් අපි දැන් අවුරුදු හයක් පහු කරලා හුඟාක් දුර ඇවිත්....සිතිවිලි වල බේදය තවම ඇතත් නාමිකව යුද්ධය ඉවරයි..සුනාමියට හසුවූ අයගෙ ජීවිත යථා තත්ත්වයට යම්තාක් දුරට පත් වෙලා.මිය ගිය ජීවිත ඇරුණු කොට..ඒත් මේ සියවසේ අපි කොයි තරම් දියුණුවට ආවත් අපේ රටේ දෙදහස් හතරෙ දෙසැම්බර් විසි හයට පෙර ඉපදුණු අයගෙන් අන්තිමයා මිය යනතුරුම මේ කඳුළු මතකය අපට කතා කරාවි...මුහුද සිදු කළ මහා සමූලඝාතනය අපට අපගේ මනුස්සකම ගැන,නොනැවතී දිවූ ජීවිත ගැන නැවත වරක් සිතා බලන්නැයි කී පණිවිඩයක් විය හැක...අද නිසලව හිටියත් මහා පොළවේ උවමනාවට ගිලගත් අහිංසක මිනිසුන් ගැන අපරිමිත ශෝකයෙන් මහ මුහුද රැළි නංවනු වෙරළ තීරයට ගොස් බලා ගත හැකි වේවි. 

පසුව ලියමි..

සුනාමි රැල්ල ගැන මගේ අත්දැකීම මෙන්න මෙහෙමයි...අපේ ආච්චි අම්මාගෙ දානෙ දෙන්නෙ හැම උඳුවප් පෝයටම කළුබෝවිල හත් බොධිය පන්සලට...එදා මම හිටියෙ පොඩි නැන්දලාගෙ ගෙදර...පිරිමි අය මැච් එකක් බල බල හිටියා...ඔය අතරෙ යටින් නිවුස් කෝලර් එකක් ගියා මුහුද ගොඩ ගැලීමක් ගැන....එතකොටම කවුරු හරි අයි ටී එන් දැම්මා...මුහුදු වතුර එක සැරේ එන මහ ඇළක් තියෙනවා නැන්දලාගෙ ගේ පිටිපස්සෙ...ගල්කිස්ස කිට්ටු නිසා මෙහෙටත් වතුර එන්න පුළුවන් කියලා කාටත් හිතුණා...ඒත් අපිට මේ කිසිදෙයක් දාලා යන්න විදිහක් නැහැ.අපි ගියොත් සිල් පිරිස බඩගින්නෙ...උදේ දහයට උයා ගත්ත හොදි දෙක තුනත් එක්ක මමයි තව කීපදෙනෙකුයි පන්සලට ආවා...බඩු බාගෙන ආපු වාහනේ මගින්ම ඇරියෙ ගාලු පාර පිස්සු වැටිලා තිබිච්ච හන්දා....වෙනදාට ලොකු දෙන්නා එක්ක පොඩි එකෙක් මෝටර් සයිකලේ ගියත් ඔරෝවන පොලීසිය අද ඒ බයිසිකලේටම තව පස් දෙනෙක් දාලා යවනවා.... මිනිස්සු කෑගැහුවා....වතුර එනවා.. ඒ පැත්තට යන්න එපා කියලා....මමයි..අපේ කට්ටියයි පන්සලට ආවා.. සිල් පිරිස බණ නවත්තලා පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවනවා..ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට මොනා වෙලා ඇත්ද කියලා බයෙන්...පවුලෙ තරුණ කට්ටිය විතරයි එදා දානෙට සහභාගි වුණේ..මම බත් බඳින්න පටන් ගත්තා...පන්සලේ ඒ මොහොතෙ හිටපු හැම මනුස්සයා අතටම අපි බත් මුලක් දුන්නා...අපේ අම්මලා ඒ අතරේ ආපහු අපිව එක්කගෙන යන්න එමින් තිබුණා ඒත් වාහන ට්‍රෆික් නිසා මග ඇහිරිලා....ඒත් පැත්තට වතුර ආවේ නෑ... ආවත් මට විකල්පයක් තිබ්බා..පන්සලේ හදපු සිරීපාදෙට නැග්ගාම තට්ටු හතක බිල්ඩිමකට නැග්ගා වගේ නිසා...එදා ආරක්ෂිතව ගෙදර ආවත් මට මරණ බය දැනුනෙ නැත්තෙ නෑ...වතුර තව ටිකක් ආවා නම් කොහොමද මම මේක අද ලියන්නෙ?....මේ හැම දෙයක්ම වෙද්දි මම දහය වසරෙ...

එදා මම ඒ ගැන ලිව්වා මෙන්න මෙහෙම...

මුද්දර ගාස්තු නැත...

වියරු වූ සයුර වෙතටයි.....

මුහුදු තෙර එළිය කර නිම් වළල්ලෙන් එහා
ලහිරු කැන් පතිත විය අලුත් උදයක් කරා
සියල් ලොව පෙර සේම නිසසලයි සුන්දරයි
සයුරු රළ වැලි තලේ හැපි හැපී දඟ කරයි

පෙර නොවූ විරූ ලෙස චණ්ඩ වී මොහොතකින්
ගෙවල් ගස් වැල් සියලු අඹරවා රළ අතින්
හඬා වැටෙනා අහිංසක මිනිස් කැළ සමඟ
මන්ද? ගෙන ගියේ නුඹ අපට හිමි හෙට දවස

නෑසියන් සොහොයුරන් ගෙන ගියත් මරු කරා
අපව තනි කළත් ලොව ජයක් නැත නුඹ ලබා
මහ සයුර, ඔබ සමඟ තරහ නෑ කිසි කලේ...
පොහෝ දා ලේ හලා මහ පවක් ඔබ කළේ..

මෙයට
ඔබෙන් බැට කෑ අය

2004.12.29

 මම කවි ලියන්න ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි.ඒත් එහෙම ලිව්වා.. අපේ රටේ සුනාමිය එක්ක සාහිත්‍යක් බිහි වුණා...උදාහරණ නම් ඔබ මේ දවස් වල නිතර ම දකිනවා
සමහර සාහිත්‍ය කරුවො සුනාමිය දැක්කෙ මීට හුඟ කාලෙකට ඉස්සර...ඒවා මම හෙට ලියන්නම්...මහ මුහුද අදත් රැළි නගනවා...මට කවදාවත් මුහුද එක්ක තරහ වෙන්න බෑ මේ කළ දෙයට ....අපේ අප්පච්චි නැව් තටාකාංගනේ...මුහුද නැත්තම් නැව් නැහැ.නැව් නැත්තම් අප්පච්චිට රස්සාව නැහැ....මුහුද නිසා ගොඩාක් අය ජීවත් වෙනවා....ඒ නිසා කාටවත් මහ මුහුදට බනින්න බැහැ...අපි මුහුදට ගොඩක් වැරදි කළා...මහ පොළවට ගොඩක් වැරදි කළා...එදා ගෙව්වෙ ඒ විපාක කියලා මම හිතනවා..ඒවා යළිත් ඇති නොවෙන්නයි දැන් කටයුතු කළයුත්තේ..

ඒත් මිය ගිය හැම ජීවිතයක්ම මේ පොළවට වටිනවා.....මරණ සහතිකයක් නැතිව, පාංසකූල නැතිව, මල් වඩම් නැතිව,පෙට්ටියක් වත් නැතිව භූමදාන වූ නන්නාදුනන සියලු මිනිසුනි...ඔබ නිවනටත්,සමාදානයටත් පැමිණේවා....

සොඳුරු සුදු පෙණ ගෝමරින්
සැදි නීලවන් ලමැදේ
අරන් සංගා ගත් සියක් උන්
නොමැත යළි දුටුවේ....

ඔවුන් යළි ඔබ ඇකෙන්
බැස එන මළවුන්ගේ දවසේ
දහස් තරු ඉටි පහන් පිපියන්
මේ කඳුළු අහසේ....
25-12-2010 

මඩ පහර,කොමෙන්ටු දෝෂ සහ නත්තල් තැග්ග

මේ දිනවල දහ නවය පැවති සුහද හමුව ගැන බොහෝ මඩ ප්‍රහාර පළ වේ. ඇතැම් ඒවාට එකඟ විය හැකි අතර සමහරක් දේට ඉඳුරාම මම එකඟ නොවෙමි..ඕනෑම දෙයක් සිදුවී අවසන් වූ පසු සිදු කරනු ලබන පශ්චාත් පරීක්ෂණ වලදී වැරදි හසු වීම වැඩි වීම සාමාන්‍ය කරුණකි.ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමට හැකියාවක් ඊළඟ වර තිබෙන්නෙ නම් ඒ පිළිබඳව කවුරුත් සිත් රිදවා ගත නොයුතුය.

කෙසේ වෙතත් කිරි කළයේ වූ ගොම බින්දු ෆිල්ටර් කර දමා කිරි පමණක් ගන්නා සේ  අපි අපි ට හමු වීමට ලැබීමම කෙතරම් සතුටක්දැයි සිතා හිත හදා ගන්නා ලෙස මම සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.කලයට ගොමද කිරිද දෙකම වැටෙන්නේ එක කිට්ටුවෙනි..නැවත නැවත ප්‍රැක්ටිස් කිරීමෙන් පමණයි අපට නිවැරැද්ද කරා ළඟා විය හැක්කේ.ඔබ වැරදි සඳහා නිරන්තරයෙන් මඩ ගැසීමෙන් වෙන්නේ වැරැද්ද ප්‍රමෝට් කිරීම මිස නිවැරැද්ද කරා ළඟා නොවීම බවද මෙහිදී කණගාටුවෙන් කියා සිටිමි.

ඒ කිසිවකට එකම කොමෙන්ටුවක් හෝ නොදැමීම නිසාවෙනි,මගේ සටහනේ මෙවන් යමක් ලියා තබන්නට තීරණය කළේ.

සුහද හමුව ගැන මගේ පුද්ගලික හැඟීම- 
දේශණ පොඩ්ඩක් අඩු වුණා නම්,කට්ටියට කැෂුවල් කතා කරන්න ලැබෙන ඉඩ ටිකක් වැඩි වුණා නම් වටිනාකම ඉහළයි යන්නයි.කුමක් හෝ දෙයක් කිරීමට ඉදිරිපත් වීමම වටිනා දෙයක් හෙයින් මා ඒ දෝෂ ද ඉවත් කරමි. ව්‍යාපෘතිය විශාල වෙන්න විශාල වෙන්න වැරදි අඩුපාඩු විමේ සම්භාවිතාව වැඩි බව අපට පාසලේදී ජීවන නිපුණතා වලට කියා දී තිබේ.

මම දෙවනුවට කතා කරන්නේ කොමෙන්ටු ගැනය..නිර්නාමිකව පෙනීහිඳ අසැබි වදන් වලින් කොමෙන්ටු දැමීම තුළ කිසිම හරයක් නැත.මම පුද්ගලිකව සලකන පරිදී ලෝකයේ අසැබි යැයි කිසිවක් නැත.අසැබි බව තීරණය කරන්නේ සංස්කෘතියයි.එහෙත් අසැබි යැයි සම්මත දෙයක් මගේ බ්ලොගයට දමා ගැනීමට මම අසතුටු හෙයින් එවන් දේ කරන අයගෙන් එසේ නොකරන්නැයි කාරුණික ඉල්ලීමක් කරමි.කොමෙන්ටු මොඩරේට් කිරීම පසුව සලකා බලමි.ඒ මට ඒවා ඇක්සෙප්ට් කිරීමට කාලය මදි හෙයිනි.එන කොමෙන්ටු ටිකද මොඩරේට් කිරීමෙන් සංවාදයට බාධා සලසා කොමෙන්ටු අඩු කරගැනීමට මම අකමැත්තෙමි.ඒ කොමෙන්ටු ගොඩක් දැකීම මට සතුටක් හෙයිනි.

 ඉතින් ඒ සියල්ලට පසුව මට ප්‍රීති දායක පුවතක් ඇත.එනම් 2010 නත්තල් උදාවේදී රෝස වලාකුළට ලැබුණු තෑග්ගය.මාධව අයියා විසින් රෝස වලාකුළට අළුත් ඇඳුමක් සැපයීය.පෝස්ට් ගණනටත් වඩා විශාල ටෙම්ප්ලේට් ගණනක් මාරු කිරීම තුළින් අප්‍රසාදයට පත් රෝස වලාකුළට දැන් ලබන වසර අවසානය තෙක් අලුත් ඇඳුමක් ඕනෑ වෙන එකක් නැත.හේඩර් එක වෙනස් කිරීමෙන් පමණක් චිරාත් කාලයක් මෙය පාවිච්චි කළ හැකි වීම රෝස වලාකුළ ලද සුවිසල් භාග්‍යකි.

රෝස වලාකුළ නත්තල් පණිවිඩය-
මේ දිනවල බොහෝ වී අයි පී අය නත්තල් පණිවිඩ නිකුත් කරති. රෝස වලාකුළටද නත්තල් පණිවිඩයක් ඇත.

බ්ලොග් නත්තල් පණිවිඩය
ගහන මඩ හැරවී නෝන,මඩට මඩ කැපෙන,කූල් ප්‍රීතියක් පිරි නත්තලකට සියලු බ්ලොග් කරුවන්ට ආසිරි....

සමස්ත නත්තල් පණිවිඩය-

හැම මනුස්සයෙක්ම,මනුස්ස කමට හිනාවෙන,අනික් එවුන්ගෙ වැරදි හදා ගන්න ඉඩ දෙන,වැරදි කරලා නිවැරදි වුණු අයට සමාජයේ ගැටෙන්න ඉඩක් දෙන..කරපු නරකට වඩා කළ හොඳ ගැන හිතන..හිත් වල පිරිච්ච මිදුණු කඳුළු වලට අයිති හැම හේතුවක්ම සතුටට හැරවෙන...ආදරය සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක්.....

12/19/10

කට්ටියම සෙට් වෙලා| SBU 2nd g2g




අද වැඩ අධික දවසක් ...ඒත් අද කියන්න ඕනේ හැම දෙයක්ම අද කියන තරමට නිවුස් එකේ වටිනාකම වැඩියි....අද උදේ පාන්දර ඉඳන් කට්ටියම ලෑස්ති වුණේ බ්ලොග් සුහද හමුවට කියන එක ගැන බ්ලොග් ලියන කියවන අයට මම කියන්න ඕනේ නැහැනෙ...ඕන්න උදේ හතයි හතළිහ වගේ වෙද්දි මට අන්තිමයා හා පූසා මුණ ගැහුණා..දෙන්නාම පරාටා කනවා...ඒ කඩේ ඇතුළට වෙලා ඉන්න කම්මැලි නිසා මම එළියට ආවා.ඔන්න එයාලා එනකන් විනාඩි දහයක විතර කටුවක් කෑවා.ඔන්න අපි එකසිය පනහෙ නැග්ගා නවම් මාවතට ගෙනියන්න කියලා පූසා ටිකට් ගත්තට අපිව ඒ මිනිස්සු වැව ළඟින් බැස්සුවා..පුසා ගොඩාක් ඩ්‍රයිවර් මාමාට පින් දුන්නා..ඔන්න අපි නවම් මාවත් දිගේ එනකොට..."මේ ඔයාලා යන්නේ බ්ලොග් මීටිමටද?" කියලා කෙනෙක් අපෙන් ඇහුවා..ඔන්න ඒ තමයි කණිශ්ක..(අපේ පුරුදු කණියා නෙවෙයි... ඔන්න එයාවත් එක්ක අපි ඉදිරියටම ගියා.ඔන්න බිල්ඩිම.ගෙහාන් අයියා ඒක ඇතුළෙ ඉඳන් කට්ටියටම අත වනනවා.ඔන්න අපි හැමෝම
වත් අක්කලාත් ආවාට පස්සෙ,උඩට ගියා...අපිට කටාර් වල ග්‍රැෆික් අයියා කෙනෙක් හම්බුණා...එයාට මාරෙට සින්දු කියන්න පුළුවන්..(පස්සෙ එයා බැඳපු අක්කවත් ගෙන්නලා පෙන්නුවා.)

කොහොම කොහොම හරි අඳුරන්නෙ නැති අය ගොඩාක් කතා කළා...අත හෝදන තැනදි තමයි මාධව අයියාව දැක්කෙ...මාරයා අයියා අපේ පින්තූර හැම එකේම සුන්දරම චරිතෙ වුණා....මම හිටපු පින්තූර ගොඩක් තාම අප්ලෝඩ් වෙලා නැහැ....

කාලිංග අයියා සහ ඒන්ජල් අනූ අක්කා මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි....තාක්ෂණය ගැන මම ගොඩාක් දේ දැන ගෙත්තා. ( වෙලාවට දැන් මතක නැහැ.) ඒකට මොකද නීනු කියලා කියපු ගමන් එන්ට්‍රන්ස් එකේදි ඉන්දරේ අයියා නම් හෙන පල් හිනාවක් දැම්මා...තමීර ආපු නැති එක නම් අතක් කැඩුණා වගේ..අපරාදේ...මම ගුටි කන්න හිතා ගෙනමයි ආවේ...ගයන්ත නම් මම හිතුවට වඩා කෙට්ටුයි....සුපුන් මල්ලිත් ඇවිල්ලා හිටියා.. ලස්සන ලස්සන සිද්ධිත් වුණා...ඒවා මුහුණු පොතට සීමා නොකර හෙමින් හෙමින් අපි ලියමු....අද නම් එක එක්කෙනාව ලින්ක් කරන්න වෙලා නැහැ...වෙන පෝස්ට් එකක තනිකර ඒ වැඩේම කරනවා...මගේ මුහුණු පොතේ තමයි ඉස්සෙල්ලාම දෙවෙනි සුහද හමුවෙ පින්තූර පළ වුණේ...(කට්ටිය කියන හැටියට )

ඉතින් මා එක්ක කතා කරපු හැමෝටමත් මම කියපු දේවල් අහන් හිටපු අයටත් ස්තූතියි...කණියා අයියල, මාධව අයියලා ,මාරයා අයියලා ....හැමතැනම අයියලා...අක්කලා නංගිලා නම් දැක්කෙ හරිම අඩුවෙන්...වත් අක්ක, ෆා ද බ්ලොගී, අහිංසකී සහ මම ඇරුණු කොට බ්ලොග් ලියන ගැහැණු ළමයි ආවෙ අඩුවෙන් කියලා හිතෙනවා....ඕක වෙනම මාතෘකාවක්.......කොහොම වුණත් මට සතුටුයි....

මට එන්න ලෑස්ති වෙලා කහ පාට ටී ෂර්ට් එකාක් ඇඳපු අයියා කෙනෙක් විජේසේකර හොදට කී බෝර්ඩ් එකේ තදට බෝල්ඩ් වෙච්චි ඉස්ටිකරයක් දුන්නා.එයාටත් ස්තූතියි...


ගයන්ත,මලින්ත,තාරක ආදී ඔහොම ගොඩක් අය උන්නා... අනේ හැමෝගෙම නම් මතක නැහැ... කට්ටියම ඇවිත් හිටියා...

එන්න බැරිවුණු අයත් අපි ආදරෙන් මතක් කරනවා....

ඉතුරු ගොඩක් දේ පස්සෙ ලියන්නම්....




12/13/10

එතෙරින් ආ පොඩි දුව

ස්වීඩන් යුවලගේ දරු කමට පත් වූ දියණියට වසර විසි හතරකට පසු ශ්‍රී ලාංකික මව හමුවෙයි.
 

_______පුවත්පත් වාර්තාවක්_______

අයියලා අක්කලා
නුඹෙ ඇකයේ නොමඳ
සුන්දර සිනා පා
හුරතල් වෙන කළට
මා නොරටක
දරු පල නැති යුවලකට
දුන් පින ඔබට
දෙව් ලොව
යන්නට ඇතිද?

දෙන්නට කිරි බිඳක්
දෙතනේ නැති වුණිද?
මා උන් හටම දෙන්නට
හිත ඇති වුණිද?
කහවනු කොපමණක
ගනුදෙනුවක් වීද?
මා ගිය දිනේ ඔබ
කෙතරම් හැඬුවාද?

ගං ඇළ වේල්ලේ

දුව පැන ඇවිදින්ට...
වෙල් එළි කමත් වල
කව් ගී මුමුනන්ට....
උණුසුම සිහිල රස
ඇති දෙස පහස මට
අහිමි කෙළේ අම්මද?
ඉපදුණු බිමද?

නදී , ජෙනී වී ජාතිය
මාරු වුණත්...
ඇඳුමින් පැළන්දුමින්
සංකර බව දැණුනත්
සුදු යුවලකට
අයිතිව වෙනතක විසුවත්
මම නුඹගේ පොඩි දුව
දුර ඈත ගියත්

උපන් ගමන් නොමරා
දිවි දුන්නාට
කොහේ හෝ හැදෙන්නට
සැලසෙව්වාට
එ පිනෙන් පතමි අම්මේ
ඔබ බුදු වෙන්ට
යන්නට අවසරයි
දෙවනුවටත් නොරට.......

12/6/10

ටෙම්ප්ලේට් නිසා නිතරම අවුල් යන රෝස වලාකුළු

මට හරියන්ම ටෙම්ප්ලේට් එකක් ලොව තිබේදැයි තවමත් සැක සහිතය....මට ගැළපෙන ටෙම්ප්ලේට් එකක් සෙවීමේ මෝඩ චාරිකාවට මම ප්‍රබල බ්ලොග් කරුවන් පවා ඇඳා ගත් බව මතකයේ ඇත...බ්ලොග් ටෙම්ප්ලේට් වෙනස් කිරීමට ගොස් නිරන්තරයෙන්  මුහුණ පාන්නට සිදුවූ ගැටළු බොහෝය..

විජට් අවුල් ඇති වීම.බ්ලොග් පෝස්ට් එකක් දෙවරක් බැගින් පෙන්වීමේ සිට,බ්ලොග් එක ඩිසේබල් වීම දක්වා සුන්දර අත්දැකීම් වලට මා මුහුණ පෑවෙමි...ඉන්දරේ අයියාගේ ෆේස් බුක් එකවුන්ට් එකටද,ශාකුන්තල අයියාගේ ගූගල් චැට් වලට ද පින් සිද්ධ වන්නට මා ඒ බොහෝ ගැටළු විසඳා ගත්තෙමි..මා හට බ්ලොග් සම්බන්ධයෙන් සමහර අවස්ථා වල පැන නැගපු ගැටළු ගූගල් ගෲප් එකට වත් දැමීමට සුදුසු නැතැයි, ඒ දුටු අන්තිමයා වරක් තරයේ කියා සිටිය..


කෙසේ වෙත්ත දැන් ටෙම්ප්ලේට් එකට මම කැමැතියි..නමුත් එය රෝස වලාකුළට කෙතරම් දුරට ගැළපේදැයි මම නොදනිමි...හොඳ ටෙම්ප්ලේට් තිබ්බොත් මට කියනු මැනවි..වර්තමාන ටෙම්ප්ලේට් එක සොයා ගත්තේ මගේ තරහකාරයෙකුගේ ලින්ක් එකක් මාර්ගයෙනි.ඔහු මේ බව දැන ගතහොත් ලොකු ගැටළුවක් සිදු වී මට පොලිස් සහය පැතීමට සිදු වනු ඇතැයි...අල්ලපු ගෙදර ඇන්ටි පැවසීය...

12/4/10

ඇස් වහ+ Blog එක


ඔය නිනූ නිනූ කියලා කිව්වට මොකද මගේ නම නෙරංජි...නෙරංජි සුලක්ඛනා...ඕ ලෙවල් කාලෙ ඉඳන් මගේ සමහර යාලුවෝ ර යන්න සද්ද කරන්න බෑ කියලා..මහප්‍රාණ කියන්න බෑ කියලා වදේ ගහන්න ගත්තා... එයාලා මට දාපු නමක් ඕක...බ්ලොග් ලියන්නත්
මම දිගටම ඒ නම තමා භාවිතා කළේ....ඒත් දැන් ළඟදී අපේ බ්ලොග් උත්සවයත් තියෙන එකේ...ඔය නිකම් එහෙ මෙහෙ තියෙන නම් කෑලි අයින් කරලා ඇත්ත නම භාවිතා කරන්ට පටන් ගන්න ඕනේ කියලා හිතුණා...

මම ඉතින් අයි ඩී එක හංගලා මහලොකුවට දේශපාලන කතා ලියන්නෙත් නැහැනෙ....ඔන්න මම නෙරංජි...ඕනේ නමකින් කතා කලාට කිසි කේස් එකක් නැහැ...

බ්ලොග් එක දියුණු කරලා ගන්න ඕනේ....මේකට කොමෙන්ට් වැටෙනවා මදි........දැන් බලන්න අපේ තමීර අයියා...මැයි මාසෙට පස්සෙ මේ ඊයෙ පෙරදා ලියලාත්  කොමෙන්ට් තියෙනවා...

මම හිතන්නෙ කවුරුහරි මගෙ බ්ලොග් එකට ගුලි අඹරලා...වෙන එකෙක් නෙවෙයි..තමීරයියා ම තමයි....මං ගාව සාක්කි තියෙනවා..

දැන් ඔක්කොම තියලා මගේ බ්ලොග් එකට ඇස් වහ පුච්චන්න ඕනේ.... හික් හික්

12/2/10

දවසක මුතු වැල් ගෙනෙනව ගෙනත් නුඹට පළදවනවා|21 + වැස්සි පැටියා

තව දවස් අටකින් අපේ විද්‍යාලේ බ්ලොග් අඩවි වලට ලකුනු දෙනවා..මම නම් ගොඩාක් ඒකට ලිව්වෙ නැහැ..එහෙමයි කියලා ලියන්න දේකුත් නැහැ....ඒත් මුකුත් නොලියත් බැහැ....ඒකට පුළුවන් තරම් හොඳ පෝස්ට් ටිකක් දමන්න ඕනේ....අපේ අනික් කට්ටිය ගෙ බ්ලොග් ගැන බලන්න ඕනේ....මට මගේ යාළුවො ටික ගැන බලන්න බැරි වුණා... එයාලාටත් ලකුණු ගන්න පොඩ්ඩක් හරි උදව්වක් වෙන්න ඕනේ...සමහරක් අයට තාම බ්ලොග් කෙරුවාව මංඥ්ඥං නිසා....ආ මට කියන්න අමතක වුණානේ..නීනුගේ විසි එක් වෙනි උපන්දිනේ ට නීනුගේ අප්පච්චි..එළදෙන පැටියෙක් නිදහස් කළා...අප්පච්චි ඒ වෙනුවෙන් දෙමට ගොඩ ගවඝාතකාගාරෙට ගිහින්...අප්පච්චි කියනවා සංසාරේ එපා වුණාලු......නීනු නම් ඉතින් මස් කන්නෙ නෑ...ඒ නිසා ප්‍රශ්නයක් නෑ...මාළුත් ආසාවෙන් කන්නෙ නෑ..ඒත් ඩොක්ටර් අන්කල් නම් කියන්නෙ නීනුට ඇග තිබ්බට හයිය හත්තිය නැහැ කියලා....කොහොම වුණත් නිතරම ඉස්පිරිතාලෙ ඉන්න එක විනොදාංශෙ නිසා නීනුට දොස්තර අයියලා අක්කලාත්,අන්කල්ල ඇන්ටිලත්  හරි ආදරෙයි...මේ ඉන්නෙ නීනු නිදහස් කරපු වැස්සි චුට්ටා... එයා හදන්නෙ අල්ලපු ගෙදර සීයා...ඒ සීයා ළඟ තව වස්සො ගොඩාක් ඉන්නවා...ළඟදීම ඒ වස්සකුට වැස්සි පැටියාව බන්දලා දෙන්න අදහසක් තියෙනවා කියලා ඒ සීයා නීනුට කිව්වා...

11/20/10

චැපල් වාට්ටුවේ පෙම්වතා.....



හිරකරුවෙක්ය
මුලු සිරුරම....
එහෙත් සිත සොයා එයි
තුන් වරුව....
ඔබ ..

අමතකව ඇති බව
දනිමි අපගේ මතකය...
ඔබට සහ ලෝකයට....

නැවත පැමිනෙණ
දිනය දනිමි මම...
නමුත් ඒ දිනය
දුර ඈතය....

වෙසක් පෝයට..
නත්තලට 

නිදහස් දිනයට
අඩු කළත් කාලය...
ඒ දිනය දුර ඈතය...

යළිත් ඔබ හමු වේවි
මා නැවත එන දිනයට...
එහෙත් ඔබ මට අහිමි
මතකයකි....කඳුළැල්ලක...

එදින නිදහස්ය
මුලු සිරුරම...
එහෙත් සිත සිරගතය...
සදහට..

11/12/10

ප්‍රාර්ථනාවක කේන්ද්‍රයේ දී.....



මම ජේ වී පී කාරයෙක් නෙවෙයි....අපේ රට තුළ හරි සමාජවාදයක් නෑ...ඒක ක්‍රියාත්මක කරන අයත් නැහැ...මම බය නැතිව කියනවා....ඒත් මම ඔවුන්ට ආදරෙයි....ඒ ඔවුන් හරි කියා හිතා ගත් අරමුණක් වෙනුවෙන් ජීවිතය පූජා කරපු නිසා...මගේ උපතටයි ඔවුන්ගෙ විපතටයි එකම වයස.... හැම ඉල් මහටම මට වයස පිරෙනවා වගේ...ඔවුන්ගේ මරණයත් අතීතයට එක්වෙනවා...ඔව් විසි එකක් කියන්නෙ ලොකු කාලයක්...දශක දෙකයි ...තවත් අවුරුද්දක් ....1989 අවුරුද්දෙ අළු වලින් වැහුණු නොවැම්බරය මතක් වෙද්දි තවමත් කඳුළු උණනවා කියලා... කෙනෙක් කියාවි......

ඔවුන් සටන් කළේ ආසවටද? ඔවුන්ට වෙන කරන්න විකල්පයක් තිබ්බද? ඔවුන්ට තිබූ ගැටළු වලට සියලු විසඳුම් ආණ්ඩුව සතුව තිබුණාද? අද මේ වගේ ගැටළු නැද්ද?..තියෙනව නම් ඇයි අපි සටන් නොකරන්නේ?...සටන් කළොත් බන්දේසියේ තියලා හම්බ වේවිද?...එහෙනම් මොකද්ද කරන්නනේ.....දත නියවීමද?මේ හැම ගැටළුවක්ම අද දවසේ අපේ තාරුණ්‍යයේ ඉදිරිපස තියෙනවා.....මිය ගිය වුන්ට ශාන්තියක් ලැබෙන්නට නම් මේ සියල්ල අපි විසඳ ගත යුතු නොවේද?........විසි එක් වෙනි ඉල් විරු සමරුව වෙනුවෙන් මේ ගැනත් එක් වරක් සිතන්න......


කාලයෙන් අන්ධකාරෙන්
වසා අඟුරු කළ
මතකයන් හිතේ ඉකි ගසනවා....
පාර තොට පිච්චිච්ච
ටයර් කොට කැබලි ළඟ
තවම රතු පාට මල් පිපෙනවා....
අහිංසක ආරාමේ
කුරුටු ගී විලාපෙට
අදත් අළු අහස් කුස හඬනවා...
වසර විසි එකක් කල්
හැංගිච්ච හීනයක්
රටක් වැහි කඳුළුයෙන් තෙමනවා...


(වසර දහ අටකට පසු 2010.11.11 ඇදහැළුණු විශාල වර්ෂාවෙන්...දියවන්නාව අසල විරු තරුණයන් වෙනුවෙන් සාදන ලද අහිංසකාරාමය නැමති කුරුටු ගී ස්මාරකය යට වී ගිය අයුරු දැක ලියවිණි...)

11/2/10

විසි එක | 21


ඊයේ මට විසි එකයි....කවුරුත් කිව්වා නීනු දැන් ලොකුයි කියලා....
නීනුත් හිතුවා නීනු ලොකුයි කියලා...සුබ පැතුම් ගොඩකින්....
හැමතැනම පිරිලා ගියා..





10/11/10

චේ ගැන අද ලියපු පිටපත

එක්දහස් නවසිය හැට හතේ ඔක්තොම්බර් මාසයේ නව වෙනිදා සමාජවාදි ඉතිහාසයට කළු පැල්ලමක් එකතු වුණා.ඒ චේ ග්වාරා ඝතනය සමගින්..මේ වසරේ යෙදෙන්නේ හතළිස් දෙවන චේ ගුණ සමරුවයි...


අර්නෙස්ටෝ ග්වාරා ලින්ච් ට දාව සීලියා ද ලා සර්නා එක්දහස් නවසිය විසි අටේ ජූනි දා හතර වන දා ආජන්ටිනාවේ රොසාරියෝහී දී තම කුළුදුල් දරුවා බිහි කළා.
අර්නෙස්ටෝ ග්වාරා ද ලා සර්නා ඔහුගේ උප්පත්ති නාමය බවට පත් වුනා..පියාගෙන්
ටේටේ යන සුරතල් නාමය ලත් ග්වරා කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පීඩා වින්දා.
මේ නිසා මූලික අධ්‍යාපනය නිවසේම අධ්‍යාපනය හැදැරන්නට ඔහුට සිදු වුණා ..
ග්වාරා වාමාංශික නැඹුරුතාවයකින් යුතු පවුලේ,සීලියා, රොබර්ටෝ, ඇනා මාරියා සහ ජෝන් මාර්ටින් යන සොයුරු සොයුරියන්ගේ දෙටු සොහොයුරා බවට පත් වුණා...
පසුව කෝර්ඩෝබාවේ උසස් විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඔහු තුළින්,කඩිසර, කලබල කාරී,සම්ප‍්‍රදායන් ප‍්‍රශ්න කරන, අයුක්තියට හිස නොනමන නිර්භීත තරුණයෙකු බිහි වෙනවා..
ඇදුම රෝගය තිබියදීම ක‍්‍රීඩාවේ නියැලෙමින් අනාගතයේදී තමන්ට මුහුණ පාන්නට වෙන අභියෝගයන් උදෙසා අධ්‍යාත්මික ශක්තිය එක් රැුස් කල්ළා.
වයස 18 ක් පමණ වූ පසු ග්වාරා ආජන්ටිනියානු නීතියට අනුකූල ව අනිවාර්ය යුද හමුදා සේවය සඳහා ලියාපදිංචි වුණත්, පරීක්ෂණ වලින් පසු හමුදා වෛද්‍යවරු ඇදුම රෝගය නිසා ඔහු කිසිදු අන්දමක හමුදා සේවයක යොදා ගැනීමට නුසුදුසු බැව් නිර්දේශ කළා.
ගණිතයට දක්ෂ ග්වාරා ගෙන් මිතුරෝ හා දෙමව්පියෝ ඉන්ජිනේරුවරයෙක් බලා පොරොත්තු වුනත් ඔහු චර්ම රෝග විශේෂඥ වෛද්‍ය වරයෙක් ලෙසයි තම උපාධිය අවසන් කළේ....
සංචාරයට ප‍්‍රිය කළ ග්වාරා ,සුන්දර දේශයන් හා දුක් විඳින මිනිසුන් ගෙන් සිය ආත්මය පුරවා ගත්තා.
එක් දහස් නවසිය පනස් එකේ දෙසැම්බර් විසි නව වන දා, අර්නෙස්ටෝ ග්වාරා, ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් සමග මෝටර් සයිකලයේ නැගුනේ, දීර්ඝ වූ ද වෙහෙසකර වූ ද, පසු කලෙක ලෝක ප‍්‍රකට වූ දෙ මෝටර්-සයිකල් චාරිකාව අරඹනු පිණිසයි. තරුණ අර්නෙස්ටෝ ග්වාරා, පසුව ලෝකය හඳුනාගත් චේ ග්වාරා නම් වූ විප්ලවවාදියා බවට රූපාන්තරණය කළ හැරවුම් ලක්ෂ්‍යය බවට මේ ගමන පත් වුණා.
විවිධ මිනිසුන්, විවිධ ගම් බිම් පසු කළා, ඔහු ලාඳුරු රෝගීන් සමග ක‍්‍රීඩා කළා...මිනිසුන් විඳින දුක් වෙනුවෙන් රජයට බලපෑම් කරන්නට හැමිතුරන්ට ඔහු කියා සිටියේ,එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලව කළ නොහැකි බවයි.
එක්දහස් නවසිය පනස් හයේදී කියුබන් වරුන් සමග එක් වුණු ඔහු බැටිස්ටාගෙන් කියුබාව මුදවා ගන්නට අනුපමේය සහයක් පිදෙල් කැස්ත්‍රෝට ලබාදුන්නා.
කියුබාව නිදහස් කර ගැනීමෙන් පසුව ඔහු එහි රැදෙමින් කර්මාන්ත ඇමති ලෙසත් මහ බංකුවේ අධිපති ලෙසත් සේවය කළා.එක්දහස් නවසිය හැට හයේ කියුබාවට සදහටම සමුදෙමින්,බොලිවියාව නිදහස් කර ගැනීමට සහය වීමට ඔහු තීරණය කළා. 1967 වසරේ දී ඇමරිකානූ රේන්ජර් කණ්ඩායමක් අතින් මරු දකින තුරුම සමාජවාදය හා මනුෂ්‍යත්වය උදෙසා මේ විශිෂ්ට මිනිසා කළ සේවාව අනුපමේයයි...

9/30/10

නීනුගේ රෝස වලාකුළට අවුරුද්දයි...


බොහොම ස්තූතියි කියවපු හැමෝටම..
ඉදිරියටත්  රෝස වලාකුළ ඔබට එපා නොවේවි කියලා හිතනවා...මගේ හුඟාක් අදහස් බෙදා ගන්න, සමහර වෙලාවට පාලුව මග හරවා ගන්නත්...මේ බ්ලොග් එක මට උදව් වුණා...මට මේ බ්ලොග් කෙරුවාවට ගොඩක් අය උදව් කළා....අක්කණ්ඩි,මංජුල අයියා,කාලිංග අයියා, ඉන්දරේ අයියා, ශාකුන්තල අයියා, ගයන්ත ,කනිෂ්ක අයියා,අන්තිමයා,ගෙහාන් අයියා,දුකා අයියා,රාමචන්ද්‍ර,තමීර තවත් ගොඩාක් අය මේ බ්ලොග් කෙරුවාවෙදි, උදව් කළා. මිත්‍ර වුණා.වචනෙකින් හෝ උදව් කළ ඔබ හැමටම ගොඩ්ඩක් ස්තූතියි.මට මතක් කරන්න බැරි වුණ අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනේ.ආ..අමතක වුණා..මට නීනු කියන නම තියපු අපේ රුක්ෂාන් මල්ලිවත් මතක් කරන්න ඔනේ...

මම රෝස වලාකුලේ ලියපු දේවල් දෙකක් විතර පත්තරෙත් ගියානේ..නව මාධ්‍යය ගැන ඉගෙන ගන්නත් බ්ලොග් එක ලොකු උදව්වක් වුණා.සිංහල බ්ලොග් සංසදයයි, බූන්දියයි ත් මම මතක් කරනවා..ආදරයෙන්!

ඉතින් දැනට ආයුබෝවන්!!!

9/23/10

පොත් ප්‍රදර්ශනයේ අතුරු කතාවක් හෙවත් පිටු පනහක් රුපියල් දහයට...

මේ වන විටත් බණ්ඩාරනායක පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පැවැත්වෙනවා.අති විශාල ජනකායක් මේ සඳහා ඇදී එනවා.ඔවුන් පොත් බොහෝ ප්‍රමාණයක් මිලට ගන්නවා.ඒවා අතර විවිධ විෂයන්ගේ පොත් තිබෙනවා.විවිධ භාෂාවන්ගේ පොත් තිබෙනවා.පාරිභෝගික ජනතාවට, විශාල වට්ටමක් ලැබෙනවා සේම වෙළඳ පිරිසට විශාල ලාබයක් ලැබෙනවා. මේ වසරේ නිකුත් වූ පොත් පහක් නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන් එක් පොතකට ස්වර්ණ සම්මාන ලැබෙනවා.පොත් ගණනාවක් පර්ශ්‍රය මැද පිහිටි වේදිකාව උඩ ඒ ඒ දින වල දොරට වඩිනවා. මේ හැම වරම මේ පොත් ප්‍රදර්ශනය පිළිබඳ අප කරන සාමාන්‍ය කතා බහයි.

අද මීට වඩා වෙනස් පැතිකඩක් ගැන සොයා බලාන්න මම තීරණය කළා.ලංකාවේ ඉහල පෙළේ නම් දිනූ ආයතන බොහෝමයක් මෙහි වෙළඳ කුටි ලබා ගන්නවා...ඔවුන් පොත් පත් විකුණනවා.ප්‍රකාශණය කරනවා. ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ.නමුත් වටිනාකම් බාල්දු කිරීම සුදුසුද යන්න පිලිබඳ ගැටළු පවතිනවා... මහගම සේකරගේ පොත් රුපියල් දහයට අලවි වෙනවා...තවත් තැනක පොත් 10 ම සියයයි.මේ ඔක්කොම කලා කෘතීන් .මෙය ඉතාම වාසි දායකයි. දුප්පත් කලාවට ආදරේ කරන අයට ඒවා රැගෙන යාමට හැකි වීම ගැන සැබැවින්ම මට සතුටුයි.එහෙත් මෙතරම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ත වල මිල මෙතරම් බාල්දු කරන්නේ ඇයි?..ඉතාම නොවටිනා දේ වැඩි මිලට එළි දකින කාලයක සේකරයන්ගේ කවි පිටු පනහක් රැපියල් දහයට අලෙවි වෙද්දී මට සැබැවින්ම දුක සිතිණි.මේ පිළිබඳව කළ හැක්කක් නැතත් ඒවා අඩුමිලට හෝ කියවන්නනන් ගේ අතට යනු ඇතැයි සතුටු වීමි....එහෙත් කඩල මුදලාලිලගෙ අතින්ද මහගමසේකර ගෙදර ගිය බව මට දැක ගත හැකි විය.මම එලියට පැමිණ කඩල ගොටුවක් අතට ගතිමි. එහි මෙසේ සඳහන් විය


බුද්ධිය ඔබ තමයි එදා
පාර කියා දුන්නේ...
(මැකී ඇත. )
නුඹේ බහට රැවටීලයි
සිදාදියට ආවේ..
(මැකී ඇත. )
අම්මේ මට ගමට එන්න
පාර කියාපන්නේ..

9/19/10

පාඨකයන් දෙදෙනාගේ කතාව

මම තීරණය කළා, මේ ලිපිය අදම දාන්න ඕනේ කියලා.අනගාරික ධර්මපාල තුමාගේ දිනය වෙනුවෙන් මම හදාපු වොයිස් කට් එකත් නියමිත දවසට අප්ලෝඩ් කරගන්නත් බැරි වෙචිචි එකේ මේකවත් වෙලාවට කරන්න එපායැයි..

ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී ඇරඹුණා.හැමෝම දන්නවානේ මේ දවස් වල ඒක හදනවා..ඉතින් සිරිමාවෝ පරිශ්‍රයෙයි එලියේ ටෙන්ට් කූඩු ඇතුලෙයි තමයි පොත් තියෙන්නේ...

තද බදයත් වැඩියි ටිකක්..වෙනදාට වඩා..

ඔන්න කලින් කතා කරගත්ත විදිහට අන්තිමයි මමයි පොත් ගන්න ගියා කියමුකෝ!!...අන්තිමයා මගේ නෑ කෙනෙක්..අන්තිමයා සෞන්දර්යෙ කියලාත් කියමුකො ...එයාට ඕනේ කරන්නේ නාට්‍ය ගැන තියෙන පොත්.....ඒවා හොයන අස්සෙ සිංහලයෙන් සිංහල බලන ශබ්ද කෝෂයක් හොයන්නත් රට පෙරළුවා.. මම ඉතින් ජන සන්නිවේදනය කරනවයි කියමුකෝ....ඔන්න මමත් සාහිත්‍ය,දේශපාලන පොත් ටිකක් හොය හොය ඉස්සරහට ගියා...ඔහොම යනකොට තියෙනවා ලොකූ ශාලාවක් ඇතුළ හොඳටම හීතලයි...ඔක්කොම වට කරලා...හරියට මෝචරියක් වගේ....අපි දෙන්නත් ඇතුළට ගියා...ඉතින් ඔක්කොම මහා විසාල ඉංග්‍රීසි පොත්..අන්තිමයගෙයි මගෙයි දෙන්නාගෙම ඉංග්‍රීසි දැනුමෙ අඩු පාඩු කම් තිබ්බාට කඩ්ඩ කෙටීම බැරිකමක්මත් නෑ.. ඒත් ඒ පොත් නම් දෙන්නාටම ටිකක් බර වැඩියි....

ඔය අස්සෙ රාක්කෙක තිබ්බා.. පොත් වගයක් ඒකේ නම "බ්ලොග් මේකින්ග්"..අන්තිමයා ගිහින් ටග්ගාලා පොත් ගොඩෙන් පොතක් අරගත්තා...
අරගෙන එක පාරටම ඒ පොත රාකෙට දැම්මා...
මම ඉතින් ඇහුවා ඇයි ඒ කියලා?
එතකොට අන්තිමයා කිව්වා.... එයාට ඒ පොතේ තියෙන හැම දෙයක්ම වගේ පුළුවන් ලු....එයාගේ භාෂාවෙන් කිව්වොත් "ආ...ඕවත් පොත් ද?" කියලා කිව්වා...
අනේ ඉතින් මට පුදුම හිතුණා.. මමත් ඒ පොත අතට ගත්තා... අපි බ්ලොග් හැදුවාට මොකද ...ඒකේ තියන ඩේවල් බෑලූ බැල්මට නම් අප්‍රභංශ වගේ....ඒත් මට පුළුවන්ද? අන්තිමයාට පරාද වෙන්න...මමත් කිව්වා ඒ පාර "ඕවත් පොත් ද?"..කියලා... ඒ පාර එක පාරටම අන්තිමයා අහනවා.. ඔයාට ඇත්තටම ඒ පොතේ ඔක්කොම පුළුවන්ද කියලා...එතකොටයි නීනුට කරණාව තේරුණේ...අන්තිමයාටත් ඒ පොතේ කිසි දෙයක් තේරිලා නෑ....


අන්තිමයා ඕක විශ්ව විද්‍යාල නාට්‍යයකටත් කරයි මගේ හිතේ....කොහොම වුණත් එයා ගත්තු ශබ්ද කෝෂේ නම් වටිනවා... නොදන්න වචන අහගන්න පුළුවන් දැන් එයාගෙන් ඔනේ කෙනෙක්ට...වචනෙට රුපියලයි...මම මේ පණිවිඩේ ඔයාලාට කිවුවම, එයාගෙන් ඔයාලා අහන වචන දහයකට රුපියල ගානේ මට අන්තිමයා ගෙවනවා කිව්වා....අන්තිමයාට මේක ඇහුණානම් ඉතාම උපේක්ෂා සහ ගතව මෙන්න මෙහෙම කියාවි

"මැස්සෙක් ගිය උඩ?"

9/8/10

දෙදහස් දහයේ සැප්තැම්බර් මස අට වෙනි දින සිහි වීම පිණිසයි!



අද ලංකවට විශේෂ දවසක්..අද දහ අටවෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වුණා.මේ වෙනකොට ඡන්ද 161ක් පක්ෂව ලැබී එය සම්මත වී තිබෙනවා.. ..ඒ වෙනුවෙන් හුඟාක් ජනතාව එක එක ප්‍රදේශ වලින් කොළඹට ආවා.18 වෙනි සංශෝධනය ගැන ආඩම්බරයෙන් ඔවුන් කතා කළා..සහය පළ නොකරන අයට සහය පළ කරන්න කියලා විශාල උද්ඝෝෂණත් කළා. නමුත් අපි ඔවුන් සියලු දෙනා ගෙන් අහඹු ලෙස විවිධ වෘත්තීන්ගෙ යෙදෙන සිය දෙනෙක් අරගෙන එක ප්‍රශ්නයක් අහමු...
18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ සහය පළ කරන්නෙ ඇයි?
මම හිතන්නෙ නැහැ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දිය හැකි සාර්ථක පිළිතුරක් ඇතියි කියලා.
මිනිස්සු මේ ගැන නොදැනුවත්.වගන්ති වල අන්තර්ගතය තබා අඩුම තරමෙ ඔවුන් සංශෝධනයේ එක වාක්‍යකවත් හරි හැටි තේරුම අරන් තියෙනවාද යන්න සැක සහිතයි.
මිනිස්සු බොහෝ දෙනා තමන් පාලනය වන ආකාරය කුමක්දැයි දන්නේ නැත. එකිනෙකා විසින් කුප්පවනු ලැබූ කළ ඒ ඒ පැත්තට හූ මිටි තැබීම ලංකාවේ බහුතරයේ සාමාන්‍ය ක්‍රමවේදයයි...ලංකාවේ සියලුම පක්ෂ තම තමන්ගේ උවමනා එපාකම් අනුව ජනයා හසුරවනවා මිසෙක ජනතාවගේ විමුක්තිය ගැන සිතනවාදැයි තවමත් ගැටළු සහගතය.

සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියාද මේ ක්‍රමයට අනුගත වී ඇති සෙයකි.ඔවුන්ගේ පුවත් වල බොහෝ ඉඩක් ගන්නේ කොළඹ නගරයයි. ආර්ථික මරමස්ථාන තුළ පුවත් මැවෙන නිසා එය සාධාරණයැයි මොහොතකට සිතමු. නමුත් පුවත් තුළ හැමදාම හිට් වන්නේ එකම පිරිසකි.වැදගත් දේ නොව හිට් වන දේ පෙන්වන වර්තමාන නාලිකාද ජනතාවගේ මොළ තුළ පවතින නොදැනුවත්කම ගැන වගකිව යුතුය.

තමන් පාලනය වන්නේ කොහොමද? කියා වත් හරි හැටි නොදන්න මිනිසුන් ලෝකය තුළ ජීවත් වීමේ පලක් ඇත්ද?වැදගත් වන්නේ දැනුවත් වීම නොවේද?... පෞද්ගලිකව මට පෙනී යන පරිදී 18 වෙනි සංශෝධනයේ කිසිම අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට ඇති බවක් පෙනෙන්නේ නැත...එයින් සිදුවන්නේ එක් පුද්ගලයෙකු තුළට විශාල බලයක් කේන්ද්‍ර ගත වීමක් බව පමණක් මට කියමි.. දැනීමක් නැතිව ඇයි අපි කවුරුත් කියන පළියට ඕනෙම දෙයකට එකඟ වෙන්නෙ ? එහෙමත් නැත්තම් විරුද්ධ වෙන්නේ?..

ආදරණීය මිනිසුනේ..ආදරෙන් කියන්නේ...ඔබ දැනුවත් වෙන්න...ඔබ දැනුවත් නොවුණොත් ඔබව ආරක්ෂා කරන්න කාටවත් බැරි වේවි...ඒත් මගේ ආයාචනය කියවන්න අන්තර්ජාලයට එන්නෙ ඔබෙන් කීයෙන් කීයද?..එයිනුත් මේ බ්ලොග් එක කියවන්නේ කීයෙන් කීයද? කමක් නැහැ... දන්න හැමෝටම කියන්න...ජීවත් වෙන වාලේ ජීවත් නොවී තමන් ජීවත් වන රටේ තත්වයට බුද්ධිමත්ව මුහුණ දෙන්න කියලා..නැත්තම් කවදා හරි අසරණ වෙන්නේ ඔබේ දරුවො! හරියට අපි වගේ...

9/3/10

පුංචි සටහනක්

දින ගනණාවකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග් එක පැත්තේ ආවා... ඉස්පිරිතාලෙ හිටියා දවස් හයක් ...ඒත් තව ඉන්ජෙක්ෂන් ගහන්න තියෙනවා. ඒ ටික ගහන තුරු ඇඳ උඩ සිටිය යුතුයිලු..පරිගණක කටයුතු නම් ගැටළුව්ක් නෑ..ඒත් අම්මා කියන්නෙම විවේක ගන්න කියලා...මට පොඩි පොඩි උවමනාවල් ටිකක් තියෙනවා..ඉටු කර ගන්න. මම හිතුවා..ඒකට සින්ඩි ෆ්‍රෙන්ඩ්ස්ලා ගෙන් පුංචි අදහස් ටිකක් ගන්න....

1. රෝස වලාකුළු වලට එන ගොඩක් අය කියනවා. ඒක හරිම හුරතල් නමක් කියලා... ඒ ගැන ඔබ මොකද හිතන්නෙ?

2.නමක් මාරු කරනවා නම්, හොඳයි කියලා හිතෙන නම මොකක්ද?

මට මේකට අපේ සින්ඩි යාලුවන්ගෙන් උදව් ලැබෙයි කියලා හිතෙනවා....

රෝස වලාකුළට අවුරුද්දක් පිරෙන්නෙ හරියටම මේ මාසෙ අගදි... ඒකත් මේ දැන් මතක් වුණේ....මම දැන් යනවා මගේ අනික් බ්ලොග් එක දිහාට...ඒකට ලිව්වාම අපේ ඉස්කෝලෙන් ලකුණුත් හම්බෙනවා...ඔයාලත් ඒක බලන්න එන්න... මතක ඇතිව.

8/22/10

ව්‍යාකූල සටහනක්? නැහැ සටනක්?

මේ නිකිණි මාසයයි....
අපිට එනම් ශ්‍රී ලංකාවට දළදා ආශිර්වාදය ලැබෙන මාසයයි...
පෙරහැර ලකේටම පැවැත්වෙයි...
අවසාන රන්දෝලිය අනිද්දා වැඩම කරනු ඇත.
දැන් බය සැක නැතුව එහෙ මෙහෙ යන්නට පුළුවන.ඒ දැන් ත්‍රස්ත බිය නැති හෙයිනි..ත්‍රස්ත බිය දුරු වී වසරක් ගෙවී ගිය බව කියමින් අප උදම් ඇනූ බව ඔබට මදක් හෝ මතක ඇතැයි සිතමි.නමුත් අපි සිටින්නේ තවමත් එදා සිටි තැනම නේදැයි තවම ගැටළුවක් පවතී. මගේ සහෘද ලාංකිකයන්ගේ මතකයේ අඩුපාඩුව පිළිබඳව කණගාටු වෙමින් මම ලංකාවෙන් මදක් ඔබ්බට යමි.

මේ අති රමණීය ජර්මනියයි...මීට දශක ගනනාවකට පෙර නිම වූ යුද්ධයක අලු මතින් තැනුණු රාජ්‍යයයි...මම සිතින් ගෑස් කාමර ගණනාවක් පසු කළෙමි....ඇයව සොයා ගැනීමට මට වුවමනා විය...

මීට වසර හතකට පෙර ..එනම් මට වයස දහ තුනේදී මම ඇය දැන හැඳින ගතිමි...මාගේ ජීවිතය පුරා මේ තාක් ඇය බොහෝ බලපෑ චරිතයක් විය....ඇය කිසි දෙනෙකත් මට සොයා ගත නොහැක.ඒ ඇය මා විසින් සොයා ගන්නා විටත් මලවුන් අතර සිටි නිසාවෙනි...

ඇය උපන්නේ 1929 සයවන මාසයේදීය... මා උපන්නේ 1989 එකොළොස් වන මාසයේදීය.මට වඩා අවුරුදු 60කට වඩා ඇය වැඩි මහළු වුණත්..මා එදා ඇය කියවූයේ ඈ මගේ සොයුරියකැයි සිතාය....ආදරණීය ඈන් ෆ්‍රෑන්ක්.මට ඔබව අමතක් වන්නේ නෑ...ඔබ මිය ගියේ වයස දහ තුනේදී...මම ඔබව කියෙව්වෙත් වයස දහතුනේදී..අපි දෙන්නාගෙම සිතුවිලි තිබුණෙ එකම වයසෙ...ඔයා එදා හිටියෙත් අඳුරු යුගයක...මම එදා හිටියෙ අවිනිශ්චිත යුගයක.....ඔයා ඇඳුරු යුගයක් එක්කම යන්න ගියා....ඒත් ඔයාව කියවපු මම තාම ඉන්නවා.සංකේතාත්මකව අපේ අඳුරු යුගය ඉවර වුණත්, පුංචි ගැටළුවක් තියෙනවා.කළු වලාකුළක් ඈත එනවා පේනවා....කරත්ත රෝදයක් පෙරළෙනවා වගේ....මම හිතන්නෙ නෑ යුදෙව්වෝ වෙච්චි පළියට නාසිවරු ඔයාලාව මැරුවා වගේ ඒ පාට තුනේ අන්ධකාරය අපිව මරා දමාවි කියලා ....හැබැයි අපේ ලොකු ලොකු අය කියන ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය නම් ඒ කරත්ත රොදේට පෑගේවි....සමහරක් විට...
ආදර ඇන්,
බෑන්කි මූන් මහත්තය මේ අගෝස්තු හය ජපානෙට ගියා...නිකන් නෙමෙයි...හිරෝශිමාවෙ කඳුළු වලට මල් අරන්.....ලංකාවෙ කටයුතු දැන් ඒ වගේමයි....මුළු ලෝකෙම එක වගෙයි....හිනා වෙනවද ?අඬනවා ද ? කියලා හිතා ගන්න බෑ.. දිව්‍ය ලෝකෙම ඉන්න ඔයා ...මෙහෙ එන්න එන්නම ව්‍යාකූලයි....

දැනට ආයුබෝවන්

8/12/10

ජගත් වමත් දිනය හා නීනුගේ වමත

මම පොඩි කාලෙ ඉඳන් මුහුණ දීපු ලොකු ප්‍රශ්නයක් තිබ්බා...සමහරක් විට ඔබට හිතෙයි...මේක මොන තරම් සරලද කියලා...ඒත් ඒ ගැටළුවට ඔබ මුහුණ පා සිටින කෙනෙක් නම් ඔබටත් තේරේවී මගේ ප්‍රශ්නය කොතරම් සාධාරණද කියලා....

මම පුංචි කාලෙ ඉඳන් පැන්සල ඇල්ලුවෙ වමෙන්..ඒ කියන්නෙ වම් අතින්.....ඒ විතරක් නෙවෙයි ..මේ වගේ උඩු අතට...





ඒක විකෘතියක් විදිහට හිතපු ගුරුවරු මාව වෙනස් කරන්න හැදුවා...බලෙන් අල්ලාලා ලියෙව්වා.. ඒත් ඔවුන්ට මාව වෙනස් කරන්න බැරිවුණා...

අදත් මම ලියන විදිහට බොහෝ අයගෙන් අපහාස විඳිනවා...බැංකුවකදි මට කෙනෙක් කිව්වා...කවදාවත් ඔයාව බැංකුවකට ගන්නේ නෑ...හොර අස්සන් ගහන්න ඔහොම අයට හොඳට පුළුවන් නිසා කියලා...තරුණ වෙනකොට වෙනකොට ගුරුවරු....මගේ ප්‍රාථමික ගුරුවරු මතක් කර කර දොස් කිව්වා.. හරියට ලියන්න උගන්නලා නෑ කියලා... මම ලියන විදිහ...මම අකුරක් ලියන්න පටන් ගන්න විදිහ.. පොත ,පෑන ලියද්දි තියෙන විදිහ ඇත්තටම සාමාන්‍ය රටාවට වෙනස්.. ඒ පමණක් නෙවෙයි..ඒක කෙරෙන්නෙත් වමතින්...ඒත් මම වැඩක් කර ඉවර වූ පසු.. එය කළේ කුමන අතකින්දැයි කිසිවෙකුත් නොදනී...

මට විභාග වලදී ලියන්නට බැරි වේ යැයි කටපත් ඇද්ද ගුරුවරු බොහෝ සිටියා...මට ලියන්නට කල් මදි වන බව ඔවුහූ ස්ථිරවම පැවසූවා....නමුත්...පැය දෙකක් තුල පිටු තිස් අටක් පුරා විචාර පහක් හා අවස්ථා සම්බන්ධ, රසාස්වාදන කිහිපයක් ලියමින් මගේ ලිවීම් රටාව වේගවත් බව  ඔවුන්ට පසක් කළේ උසස් පෙළ සිංහලට ව්ශිෂ්ට සාමාර්ථ්‍යක් ගනිමිනි.මා සමඟ ලියු ප්‍රකෘතීන් හට මා තරම් ලිවීමට නොහැකි වූ බවද මතක් කළ යුතුය...

මාගේ ගැටලුව මම පසෙක තබමි..

ලෝකයේ සියට දහ තුනකට අඩු වමත් ප්‍රජාවෙන්...බොහෝ දෙනෙක් බලහත් කාරයෙන් දකුනට හැරවීමට කුඩා කළම වැඩිහිටියෝ පියවර ගනිති...නමුත් එසේ කල නොහැකි වමත් කරුවෝ සියට පහක් පමණ ලොව වෙසෙයි...දකුණත් සමාජයේ නොයෙක් තාඩන පීඩන නිශ්ශබ්දව විඳ දරා ගන්නා ඔවුහූ...ඒවාට අනුගත වීමට වෙර දරති...
කතුර,හිරමණය,මහන මැෂිමේ සිට වයලීනය, ගිටාරය අභිබවා වාහනය හා පරිගණකය දක්වාම වමත් කරුවන්ට කර ඇති නිග්‍රහය සුළුපටු නොවෙයි...
දේශණ ශාලාවක වමත් කරුවෙකුට පහසුවෙන් සිටිය හැකිද? නැත..

යට අතට ලිව්වත් උඩු අතට ලිව්වත් වමත් කරුවෙකුට උවමනා වන පුටුවේ පාර්ශවය...ඇත්තේ ශාලා කීයෙන් කීයකද?පරිගණකය , මවුසය සියල්ලම වමත් කරුවන්ට අභියෝගයන් ය...කී බෝර්ඩයේ අකුරු රටා දකුණත් කරුවන්ගේ මොළය හා සසඳා නිමවා ඇත...පරිගණක ශාලාවක වමත් කරුවන්ට කියා පහසු පරිගණකයක්  නිමවා නැත...දියුණු රටවල මෙම ක්‍රම අත්හදා බැලුවද ලංකාවේ එවන් අත් හදා බැලීම් ද නැත...

මම ජීවිතයේ වැඩි කොටසක් පරිගණකය සමඟ ගෙවමි..පරිගාණක චිත්‍රණය ආදියේ යෙදෙමි...ඒ සියල්ල දකුනින් යෙදීමට සිදුවේ ඇත්තේ දකුනත් සමාජයට අනුගත වීමට සිදු වන නිසාවෙනි...එහෙත්...සියට අසූ හතක දකුණත් සමාජයට වඩා..සියට දහතුනක් වමත් කරුවන් අතරින් ලොවට අති දක්ෂයෝ බිහි වී ඇත...

මට වයලින් ගසන්නට ගොස් පන්තියේදී දකුණින්  වයලීනය ගසන්නට බල කර....පසුව මට එය බැරි වූ පසු හිනා වූ ගුරුවරුනි,
මා අතු ගාන විට අතු ගන්නට දන්නෙ නැතැයි කියා සිනාසුනු සොයුරියනි,
මා ලියද්දි විකෘතියක් කියා සිනාසුණු බැංකු කරුවනි...
"මහ අමුතු ලිවිල්ලක්...සමහරුන්ට ඔහොම විකෘති තියෙනවා" කියමින් විභාග ශාලා වලදී මා ළගට වී බලා සිටිමින්, කොඳුරමින් මා අපහසුවට පත් කළ පරීක්ෂක වරුනි
...මම ඇතුළු බොහෝ වමත් කරුවෝ මේ වනවිට ඔබේ ලෝකය ඔබට වඩා සීඝ්‍රයෙන් ජයගෙන අවසන්.....
අපි ඉපදෙන වමත් දරුවෝද සවි බල ගැන්වීමට මේ වන විට ලොව පුරාම එක් වෙමින් සිටින්නෙමු...

වමත් කරුවන්ට පිරිස් බලයක් තනා ගත හැක්කේ...තමන්ගේ පහසුව සලසා ගත හැක්කේ රටක් වශයෙන් නොව විශ්වීය වශයෙනි...දකුණත් ඔබ අප වෙනුවෙන් ටින් කටරයක් වත් තනා නැත....නමුත් අප දකුණත් ඔබ වෙනුවෙන් අප බොහෝ දේ කර ඇත...බලන්න....ලොව දෙකඩ කළ මෙන්ම එකලු කළ මේ වමත් කරුවන් දෙස...






ඉතුරු වීඩියෝ පට වලට තවමත් වමත් කරුවෝ එක් වෙමින් සිටිති....

අප කන, ලියන ..අපට හුරු..අප වැඩ කරන  හස්තයට...."අපි පස්ස හෝදන අතින් උඹලා කනවා" යැයි
නිරන්තරව අපහාස නැඟූ සියලු දකුණත් කරුවනි....අගෝස්තු දහ තුන එනම් හෙට දින වමත් කරුවන් සොයා ගොස් ඔවුන්ට වමත දෙන්න...ශක්තියක් වෙන්න.......

ජගත් වමත් කරුවනි ඔබට සදා ජය!

7/27/10

ආදරණීය ප්‍රෙම් අංකල් වෙතටයි......

මට තාමත් මතකයි....අපි පුංචි කාලෙ දොස්තර හොඳ හිත බලන්න...ටීවී එක ළඟට ආසාවෙන් දුවගෙන ආපු හැටි.ඒ දවස් වල මගේ ප්‍රියතම ගීතය "බෑ කියලා බෑ..."..ටිකක් ටිකක් ලොකු වෙද්දි මට දැන ගන්න ඕනේ වුණා.ඒ ගීතය ලිව්වෙ කවුද කියලා..
මම හිතුවා ඒ ගීතයෙ අයිති කාරයා ලොකු දැන මුත්තෙක් කියලා....අපේ අම්මාගෙන් මම ඇහුව....එතකොට අම්මා කිව්වා...ප්‍රේමකීර්ති අල්විස් කියලා කෙනෙක් තමයි.. ඒ ගීතය ලිව්වෙ කියලා...ඉතින් මට ඇත්තටම ප්‍රේම් අංකල් ව දකින්න ආසා හිතුණා.ඒත් මම ඉපදෙන්නත් ඉස්සර දවසක කට්ටියක් ඇවිත් අංකල්ව මරා දාලා. 
ඉස්කෝලෙ දේශණ වලදි, මාධ්‍ය කවයේ රැස්වීම් වලදී අපිට උගන්නන්න ආපු ගොඩාක් දෙනා, අංකල් ගැන සිහි කළා.ඒත් රූපවාහිනි නාලිකා වල අංකල්ගෙ වැඩසටහන් ගියෙ අඩුවෙන්..හුඟක්ම අඩුවෙන්...ඒකත් ජූලි මාසෙ මේ දවස් වලට විතරයි.ප්‍රේම් අංකල් ලියපු ගීත හුන්නාක් අදත් ප්‍රචාරය වෙනවා. ඒත් දැන් ගායකයාගෙ නම වත් නොකියවෙන සංස්කෘතියක එයාලා අංකල්ගෙ නම කියන්නෙ නෑ. සමහර අලුත් අය ඒවා ලිව්වෙ අංකල් ද කියලා දන්නෙවත් නෑ...සමහරු අංකල්ගෙ නමවත් දන්නෙ නෑ.ඒත් මේ දවස් වල ලංකාවේ සමාජ රටාව අමුතු වෙනස් කමක් වෙමින් පවතිනවා...එක එක අදහස් නියෝජනය කරන නෙක විධ පුද්ගලයන්, ප්‍රේමකීර්ති අල්විස් කියලා කෙනෙක් ගෙන නොයක් විදිහේ ගුණ කථන කරනවා... ඒවා ගොඩක්ම කෙරෙන්නෙ ආකර්ෂණයටද කාලයේ තාලයට ද කියලා කියන්න මම දන්නෙ නැහැ අංකල්...හැබැයි මේ කාලෙට එයාලා අංකල්ගෙ නම නැවතත් උපද්දනවා කියලා නම් පැහැදිළිව කියන්න පුළුවන්...


කවුරු හරි ඔබතුමාව මරලා දැම්මෙ මොනවා බලාපොරොත්තුවෙන් වෙන්න ඇතිද?එයාලාට එහෙම කරන්න කියලා කිව්වෙ කවුද?...එයාලා අංකල්ව මරලා මොනාද ලබා ගත්තෙ?...මට ඔහොම ප්‍රශ්න ගොඩාක් තියෙනවා....අපේ කාටූන් ගීත දැන් අංකල් ලියපුවා ත්‍රම් ලස්සන නෑ... ඉස්සර වගේ සම්භාව්‍ය ප්‍රහසන
ගීත කලාවකුත්ජ් දැන් අපිට නෑ...ඒවා කොහොම වුණත් තිස් එක් වෙනිදාට කිහිප පොළකම අංකල් වෙනුවෙන් ගුණ අනුස්මරණ තියෙයි....ඒවාගෙ ගොඩාක් අය අංකල් ගැන කතාකරාවි....අනේ ආදරණීය ප්‍රේම් අංකල්, ඉන්න ලෝකෙක සතුටින් ඉන්න.මෙහෙට එන්න හිතන්නවත් එපා...එදා අංකල්ව මරපු අයගෙ පහු පරම්පාරාවලුත් අද ප්‍රේම් අංකල්ට ආදරෙයි...ඒත් මේ හිත් කොයි වෙලේ හරි වෙනස් වුනොත්...ආපහු මහා විනාසයක් වෙයි....කොහොම වුණත් ඉතුරු කරලා ගිය ටික , ඒ කලා කෘති වල වටිනාකම් අපේ කලා ලෝකය හැඩ ගස්සවන්න ප්‍රම්මණවත්...අංකල්ට මේ කවිය මතක නම්,පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන්..ඔබේ මරණයෙන් පස්සෙ උපන් අළුත් පරම්පරාව ඔබ ගැන නොදන්නවා නොවේ කියලා....


මල් පිපුණේ සුවඳ දෙන්න බෑ කියලා බෑ..
තටු ලැබුණේ පියාඹන්න බෑ කියලා බෑ..
අත් ලැබුණෙ වැඩ කාරන්න බෑ කියලා බෑ..
මේ ලෝකේ කිසිම දෙයක් බෑ කියලා බෑ..


අපි හැදුණේ රට රකින්න බෑ කියලා බෑ..
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ..
යුතුකම් රැස ඉටු කරන්න බෑ කියලා බෑ..
නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ..
                         (ප්‍රේම් මාමා)


මීට ආදරණීය නොදුටු දුවක්
නීනු සත්‍යා

7/6/10

ප‍්‍රාර්ථනා නොකළ භයංකර සිහිනය

වා තලය ඉරාගෙන
පැමිණි ඝන සැඩ කිරණ
හැලිවළං පැලී ගිය
මහ පොළොව මත සරත......
දිය බිඳක් සොයාගෙන
වැලි කතර සරණ සත
දෑස් පෙනෙනා ඉමක
මිරිඟු දිය විල් තෙරය......

මිනිස් බල රැක ගන්න
මුත‍්‍ර පිරිපහදු කර
අමරසක් සේ සිතා
උගුර දෙක ගිලින කළ...
කටු ගෙවල් දොරටු අස
ලොකු කුඩා ජනතාව
තුරුලතා යනු කිමැයි
දැක ගන්න පෝලිමක....

කණින සැම ඉසව්වෙන්
මතු වෙනා ඇට කැබලි
කඳුළු කැට පුරවලා
ගිනි ඇවිලූවා සිතට....
මතකයන් රැගෙන ගියෙ
ලෙයින් තෙත අතීතෙට
එකිනෙකා මරා ගත්
සාපලත් දේශයට....

සංහාරයේ තරම
දැක දැකම පිළිකුළෙන්
අරමුණින් නග්න සිත
ඇවිද ගෙන යන කලට..

බලය,මිල,සවිය,ජය
උදෙසාම අමන ලෙස
තලා පොඩි කර දැමූ
අහිංසක මිනිස්කම
කාණු පල්ලෙන් නැගිට
මා දෑස දෙස බලා..
වාරුවක් ඉල්ලමින්
අසරණව සිනාසිය...


6/27/10

යතාර්ථය , ෆැන්ටසිය හා හෘද සාක්ෂිය



ඔබ මේ යුගයේ නවකතා එකක් හෝ කියවා ඇතයි, මම විශ්වාස කරමි.මේ යුගයේ ටෙලි නාට්‍ය එකක් හෝ දැක ඇතැයි විශ්වාස කරමි. මා හට මේ ලිපිය සඳහා වස්තු බීජය සපයන්නේ මා වැනිම සොයුරියන් දෙදෙනෙකි.මම දින දෙක තුනකට පෙර බීම බෝතලයක් බීමට කඩයකට ගොඩ වැදුණෙමි.කඩයට හදිසියේ දිව ආ ඉහත කී සොහොයුරියෝ දෙදෙනා..සතිපතා පළවන නවකතා සඟරාවක මංගල කලාපයත්, දෙවන කලාපයත් ඉල්ලා සිටියෝය.මංගල කලාපය විකිණී අහවර බව කණගාටුවෙන් පැවසූ වෙලඳ මහතා ,දෙවන කලාපය ගන්න යැයි ඔවුන්ට කියා සිටියේය.ඉන් සෑහීමකට පත් නොවූ සොයුරියෝ..සඟරා ද්විත්වයම එකම ස්ථානයකින් සොයා ගැනීමට හැකි වෙතැයි සිතා වෙනත් කඩයකට ගියෝය.


යුගයේ ජනප්‍රියම නවකතා කරුවෝ බොහෝ වෙති...යුගයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කරුවෝද, චිත්‍රපටි කරුවෝද එසේමය. ඒවා නව රැල්ලේ කතා පුවත් යැයි සමහරු කියති..ඒවා මෙ ලෝ තලයේ සිදු නොවිය හැකි කතා පුවත් බව තවත් සමහරු කියති.කොයි කොහොම වෙතත් ඒවා ඉතා ඒකාකාරී බව පමණක් මම දනිමි....


මම නවකතා බොහෝමයක් කියවා ඇත්තෙමි..ටෙලි නාට්‍ය බොහෝමයක් නරඹා ඇත්තෙමි..චිත්‍ර පටද නරඹා ඇත්තෙමි..ඒවා කියවන මොහොතේද , නරඹන මොහොතේද අප සුන්දර ස්ථනයකට ගෙන යනු ලබයි...නමුත් අවසානයේ ඒ සාහිත්‍ය කෘතිය හෝ වීඩියෝ පටය තුළ සංවාදයකින් හෝ ආත්ම කථනයක් තුළින් රස විඳීමට යමක් ඇත්දැයි මට සිතුණු වාර අනන්තය...එකම වස්තු බීජ වළ, ස්ථාන හා නම් ගම් වෙනස් වී, සිධ්දීන් ගොඩ නැගීමක් පමණක් ඒවා තුළ තිබෙන බව ටික දුරක් කල්පනා කිරීමේදී පහසුවෙන් හැඟී යයි..


මේ යුගයේ ජනප්‍රිය නව කතා වල, නාට්‍ය වල, චිත්‍ර පට වල, ආදරය කරන්නේත් ආදරය ලැබෙන්නේත් එකක්ම කොටසකට අයත් වූ පිරිසක් පමණි.ආදර ලබන ගැහැණු ළමයා ලස්සන විය යුතුය.ඒ ලස්සන තුළ පහත සඳහන් ලක්ෂණ අන්තර්ගහ විය යුතුය.ඇය සුදු,පැහැපත් ,පුංචි, කෙට්ටු සහ සුන්දර කෙස් කළඹක් හිමි ගැහැණු රූපයක් විය යුතුය.....ආදරය කරන්නත්, ආදර ලබන්නත් ඔවුන් ට එය ප්‍රධානම සුදුසු කමක් වෙයි....


මෙය මම ලේකඛයන් බොහෝමයකගේ දකින් දුර්වල කමකි...ලස්සන යන්න සාපේක්ෂය...නමුත් යුගයක ලස්සනට අර්ථකථනයක් , එම යුගයේ සාහිත්‍ය හා කලාව විසින් ලබා දුනහූත් ඒ ලස්සන යැයි සම්මත වන කුලකයට අයත් නොවෙනා සර්වත්‍රයට සිදු වන්නේ කුමක්ද?


මා ගිය පන්ති වල, පාසල් වල කලු , මහත, ලස්සන හිස කෙස් නැති,ගැහැණු දරුවන්ට පිරිමි ළමයින් මෙන්ම ගුරුවරුන්ද අවඥාවෙන් සිනා සුණු අවස්ථා බොහෝ වෙති..වැදගත් කෙනෙක් පිළිගන්නට ඔවුන් කවදාවත් ගෙන යනු නොලබයි....ඔවුන්ට දිවියේ සොඳුරු අවස්ථා බොහෝ මඟ හැරී යයි..එය මම නිරන්තරයෙන් දැක තිබේ..ඔවුන් තුළ සිටින්නා වූ ආදරවන්තියට සමාජයේ ඉඩක් ලැබෙන්නේ කවදාදැයි ඔවුහූ නොදනිති.එක අතකින් මෙය සිතිවිලි වලින් කෙරෙන්න වූ දූෂණයකි..ලස්සන යැයි සම්මත කර ගත් දරුවන් වෙත ඉහත කී කැත යැයි සම්මත දරුවන්ගේ තරහව එල්ල වෙන්නේත් මේ හේතූ නිසාමය.


පිරිමි ළමයින්ටද මෙම තත්වය මේ අයුරින්ම බලපෑවත් කලා කරුවෝ මෙන්ම කලා කාරියෝද බොහෝ විට පුරුෂ පක්ෂයේ ලස්සන පිළිබඳ ස්ථිර නියමයන් ප්‍රකාශ නොකරති...


යුගයේ ලස්සන යැයි සම්මත කළ ලස්සන සොයා යෑමට බොහෝ කාන්තාවෝ සහ දැරියෝ වෙර දරති.අඩියක් අඩියක් පාසා පිහිටි බියුටි සැලෝන්ද, ව්‍යායාම ස්ථානද, එක එක වර්ගයේ සුදු වෙන ක්‍රීම් වර්ග ගැන කියවෙන වෙළඳ දැන්වීම්ද මෙයට හොඳම උදාහරණ සපයති.


ඉහත කී අයත් තම ආර්ථික වාසි නිසා මානසිකව අසරණ බවට පත් මේ අය තව තවත් ගොනාට අන්දති..වෙළඳ දැන්වීම්කරණය ඉගෙන ගන්න සිසුවියක වශයෙන් මම දන්නා කරුණක් ඔබට කීමට කැමැත්තෙමි...ඔය ඔබ ලස්සනට දකිනා ක්‍රීම් වර්ග වල පැකට් වල පෙනෙන්නට තියෙන සුදු වීමේ පියවර සියල්ල පරිගණකයෙන් ( පොටෝෂොප් ) ආධාරයෙන් නිර්මාණය කළ ඒවාය. වීඩියෝ වෙළඳ දැන්වීම්ද එවන්ම ඉෆෙක්ට්ස් භාවිතයෙන් කළ ඒවාය....ඒ මවා ගත් ලස්සන තුළ සිදුවන වෙළඳ දැන්වීම් කරණයට හසු නොවන මෙන් මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


සුද්දියෝ කලු වර්ණයට කැමති නිසා අවුව තැපීමට අපේ රට වලට එති. අපේ ඈයෝ සුදු වීමට කැමති නිසා නොයෙක් ක්‍රීම් ගාමින් සිටිති.කෙට්ටු වීමට ජිම් යති...පුංචි වයසක් පෙන්වීමට බෙහෙත් ගනිති.එපමණක් නොවෙයි...වයසින් බාල අයට අක්කා , අයියා කියති..යුගයේ ජනප්‍රිය සාහිත්‍ය කරුවෝ ද ,නාට්‍ය කරුවෝද ,චිත්‍රපට කරුවෝද,මේ මෝඩ ඔලු ගෙඩි සෑදීම පසෙක ලා මේ අගාධයටම වැටීමට තව තවත් උල්පන්දම් දෙති. ජන මාධ්‍ය වුවද මීට වඩා සුභ සෙතක් ඇති නොකරයි...ඔවුන් ද ඒ කාරියමය..මුදල් මත දුවන සමාජයේ ඔවුන් ද මොවුන් අන්දති.
මේ නොමග ගිය ඔලු යතාර්ථයෙන් පුරවනු වෙනුවට,...මෝඩ වූ , ෆැන්ටසියක හීන දකිනා මිනිසුන්ට සාහිත්‍ය ද ජනමාධ්‍ය ද සහෘදයෝ වී ඇත...


ඉතින් අප ගොඩ ගත යුතුව ඇත...යුගයේ සාහිත්‍යද, මීඩියාවද අනාගත පරපුර ගිලගැනීමට පෙර හිස් මොළ පිරවීමේ කැරැල්ල අප තුළින්ම ඇරඹිය යුතුව ඇත.

6/26/10

පිනි මල් කඳුළක් ( අවසන් කොටස )

අපේ අයියාගේ ජීවිතේ ගිනි ගොඩක් කරපු සමනළී ඇවිත්....මට ආපු තරහට එයාව මරන්න හිතුණා. ඒත් පස්සෙයි මතක් වුණේ එයත් දැන් ලෙඩෙක් කියලා.හුඟක් දරුණු ලෙඩෙක් කියලා. මට දුකත් හිතුනා. ඔය අතරේම අයියාව ලස්සනට අන්දලා අරන් ආවා. පොඩි අයියා අද හරිම ලස්සනයි. මනමාලයෙක් වගේ. මට හිතුණේම එයාට නින්ද ගිහින් කියලා. එයා ලඟටම වෙලා මම හිටියා.... හෙල්ලෙන්නෙවත් නැතුව. මට බය හිතුණා කවුරු හරි ඇවිත් අයියාව අරන් යයි කියලා..... අපි කාටවත් කෑමක් තිබ්බෙවත් නෑ....දුක ටම ඇඟවල් වේලිලා ගිහින්.....

අපි හැමෝගෙම කඳුළු මැද්දේ පොඩි අයියා වළ දැම්මා.ලොකු අයියා හිටියෙ බලා ගත්තු අතේ බලාඅ ගෙන..බය වෙලා වගේ...එක පාරටම හත් දවසෙ දානේ දවසෙ එයා මහ දරුණු දෙයක් කිව්වා....ලොකු අයියා කිව්වා. එයාට මේ ගෙදර තවත් ඉන්න බෑ.. එයා කොහේ හරි යනවා කියලා.

අපිට වුනත් ඒ ගදර ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ නිසා අපි ඒ ගෙදර ඉක්මනට විකුනුවා. විකුනලා හැමතැනටම කිට්ටු පුංචි ලස්සන ගෙයක් ගත්තා. මේ හැම දේකටම දෙනෙත්ගෙන් ගොඩාක් උදව් ලැබුණා....


ඔය අතරෙදි අයියාට පුදුම සතුටු හිතෙන දෙයක් වුණා. ඒ තමයි සමනලී අයියාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් ඒකට සමනලී ගේ ගෙදරින් විරුද්දයි. ඒත් අයියාට ඒවා ප්‍රශ්නයක් වුනේ නම් නෑ.ඔන්න ඔය අතරෙදි අපේ පොඩි අයියාගේ අවුරුද්දේ දානෙත් පහු වුනා...

අයියා මේ වෙනකොට කැම්පස් තේරිලා.. මාත් විභාගෙ කරනවා....අයියා සමනලී ගැන බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන හිටියා මේ වෙද්දි....පොඩි අයියා නැති දුක තමයි අපිට තිබ්බේ...ඒ වගේම සමනළී ගේ ජීවිතේ ගැනත් හිත යට බයක් තිබ්බා. අයියා කිව්වෙ සමනළී සනීප කරනවා කොහොමහරි...කියලා.....

මේ වෙන කොට දෙනෙත් අයියා එයාගෙම කියලා ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් පටන් අරන් තිබ්බා... ඒ අතරේ එයා හැමදාමත් ආසාවෙන් හිටපු පත්තර වලට ලියන එකත් කරන් ගියා..... අයියා වගේම අපේ ගෙදරත් මේ අපේ ආදරේ ගැන දැනගෙන උන්නා. ඒත් ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබ්බේ නෑ.

ඒත් සමනළීට නම් පොඩ්ඩක් වත් අපේ අම්මලා කැමති වුණේ නෑ. එකක් එයාලාගේ සල්ලි.... අනික සමනළී ගේ මාරාන්තික අසනීපෙ.. ඒත් අයියා පිස්සු නටන නිසා කවුරුත් සද්ද නැතිව හිටියා.

ඔහොම යද්දි දවසක් මහා පුදුම දෙයක් වුණා... අයියාට හිතා ගන්න බැරි විදිහට නිර්නාමික ලියුමක් ආවා.ඒකේ තිබ්බේ සමනළීට පිළිකාවක් නැහැ. ඒක බොරුවක් කියලා. එයා කොල්ලො අමාරුවෙ දදා යන කෙනෙක් කියලා මේ වෙනකොට කොල්ලො තුනක් මාරු කරලා...නරක ගමන් බිමන් පව ගිය කෙනෙක් කියලා. මේ ලියුම ලියන්නෙත් එයාගෙ කොල්ලෙක් වෙලා හිටිය කෙනෙක් කියලා....

එයා අපේ අයියාට පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා කියලා තිබ්බා...ඒ ලියුම දැකලා අපේ අයියාට පිස්සු හැදුණා වගේ වුණා. බලාපොරොත්තු කන්දරාවම බිමට වැටුණා වුණා.. දෙනෙත් කොයි තරම් එයාව සනසන්න හැද්ව්වද?...ඒත් අම්මලා නම් ගොඩාක් සතුටු වුණා.. මේ දේ නතර වුණාට.

අයියා අන්තිමේ ඉවසලා ඉවසලා සමනළීගෙන් මේ ගැන ඇහුවා..සමනළී නොහිතපු විදිහට, මහා දරුණු විදිහට අයියාට බැන්නා.....ඒක මහා කැත විදිහක්....අනේ අපේ අයියාගේ ආදරේ සී සීකඩ ගියා....පිස්සෙක් නොවුණේ අයියා මේ දේවල් බලාපොරොත්තු වුණ නිසා....

ඔහොම්මම අයියා ඒ දුකින්ම ටික කාලයක් පාලුවෙන් හිටියා..අනේ අයියා ඇදිලා ගියා...සමනළී කොහොමද මෙහෙම දෙයක් අපේ අයියාට කළේ කියලා මට හිතුණා.එයාට ලෙඩක් නැතත් , එහෙම තියෙනවයි කියන ආරංචියටවත් අපේ අයියාගේ ආදරේ අඩු වුණේ නෑ. එහෙම ත්යෙද්දි එයා කළේ මහා නපුරු කමක් කියලා මට හිතුණ...

ඔය අතරෙදී හරිම සතුටු දායක දෙයක් සිදු වුනා. අපේ අයියාගේ සිතිවිලි වලට ගැලපෙන කෙනෙක් හමු වුණා... එයාගේ නම මලිති. අපි එයාව දැක්කෙ ෆේස් බුක් වලින්..පස්සෙ දාක අයියායි මායි එයා හම්බෙන්නත් ගියා...එයා රුහුණු කැම්පස් එකේ අක්කා කෙනෙක්.. අයියාත් පේරා නිසා... දෙන්නාට හම්බෙන්න කල් නොලැබුනත් ඒ දෙන්නා හොදින්න්ම ගැළ පෙනවා කියලා මට හිතුණා. මම අම්මාට ඒ ගැන ඇවිත් කිව්වා... එයා ගැන අක්මැති වෙන්න තරම් හේතුවක් නෑ කියලා තමයි අම්මා වුනත් කිව්වෙ!!

අයියා ඉන්නේ හරීම සතුටින් අනාගතේ බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන...තව මලී කෙනෙක් ගෙදරට එනතුරු තමයි මාත් බලා ඉන්නේ.... ඒත් ඒ මලී එන්නේ මේ මලී යද්දි.....කමක් නෑ....එක සතුටක්!!!

දෙනෙත් ළඟට මම ඉක්මනින්ම යන්නයි හිතා ඉන්නේ... එයා හදපු පුංචි ලස්සන මාලිගාවට ඉක්මනට මාව එක්ක යන්න එයා බලා ගෙන ඉන්නේ.....මේ ලෝකේ ඉන්න සුන්දරම කෙනාව මට හම්බුණා කියලා....අපේ ගෙදර හැමෝම ඉන්නේ....සන්තෝසෙන්... ඒක දෙගුණ වුනා අයියාටත් ඒවගේ ආදරයක් ලැබුණ එකෙන්....මේ හැම වෙලේම හිතෙන දයක් තියෙනවා.... ඒ පොඩි අයියා ත් හිටියා නම් කියලා.....

කඳුළු කතාවක් සතුටින් ඉවර වෙන්නෙ කලාතුරකින්.. ඒත් මේ කතාව එහෙම ඉවර වෙනවා....
ඉදිරිය ලස්සනයි.....
බලාපොරොත්තු වූ අවසානයක ප්‍රාර්ථනා කළ අරම්භය......

6/20/10

බ්ලොග් කෙරුවාවේ අවුරුද්දක් ?

මම රෝස වලාකුළු බ්ලොග් එක හැදුවේ දෙදහස් නවයේ සැප්තැම්බර් මාසේ තිස් වෙනිදා දවසක...මේ බ්ලොග් එක හදන්න කලින් මම නීනුගේ නිශාව කියලා බ්ලොග් එකක් කළා.ඒත් ඒකට එක එක දේ කරන්න ගින්හින් මගේ අතින්ම අක්‍රීය වුණා.

ඒත් කොහොම කොහොම හරි හොයා බලාගෙන යනකොට මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් හදලා තියෙන්නේ....දෙදහස් නවය අවුරුද්දේ අප්‍රේල් විසි හය වෙනිදාවක.... ඒක බ්ලොග් එකක් කියලාවත් මම එතකොට දන්නේ නෑ..මගේ මෆාස් කියන නොදුටු යාළුවෙක් තමයි. මට ඒ ගැන කියා දුන්නේ... එයා කිව්වෙ.."කවි ලියන්න පුලුවන් අයට තමන් විසින්ම කවි දාගන්න පුලුවන් සයිට් එකක් ෆේස් බුක් වලින්ම හදා ගන්න පුලුවන් profile badge කියලා දෙයක් තියෙනවා කියලා.. ඒක තමයි මේ මම හදපු පළවෙනි බ්ලොග් එක... 



බ්ලොග් එකක් කියලා දැන ගෙන නීනුගේ නිශාව හැදුවේ... ගිය අවුරුද්දේ මේ කාලෙදි.. ඒ කියන්නේ..පුෂ්පා නැන්දාගේ ...මග පෙන්වීම මත...නමුත් මම කවදාටත් ආදරේ කළේ රෝස වලාකුළු කියන මේ බ්ලොග් එකටයි.අනික් ඒවා පටන් ගත්තාට වැඩි දුරක් ගියේ නෑ...මම බ්ලොග් කීපයක් රෝස වලාකුලු වලට පසෙත් අත් හදා බැලුවත්, මගේ හිත යන්නේම රෝස වලාකුළු දිහාවටමයි.

මම දැනගෙනම කරපු හරිම බ්ලොග් එක රෝස වලාකුළු.. මම එකිනකාගෙන් එකතු කරගත් දැනුම පරීක්ෂා කළේ රෝස වලාකුළු..ඒ නිසාම මම රෝස වලාකුළට ආද‍රෙයි.දැනගෙන කරපු බ්ලොග් කෙරුවාවට අවුරුද්දක් වුණත් මට වැදගත් වෙන්නේ සැප්තැම්බර් තිස් වෙනිදා රෝස වලාකුළට පිරෙන අවුරුද්දයි.....නමුත්අවුරුද්දක බ්ලොග් කෙරුවාව ගැන සිහි කළ යුතු නිසා මෙසේ ලියා තබන්නට මට හිතුණා...

රෝස වලලකුළු බ්ලොග් එකට අවුරුද්දක් පිරෙන දාට බ්ලොග් එකට උදව් කරපු හැමෝ ගැනම ලොකු ලිපියක් ලියනවා...

මම ඉගෙන ගන්න ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහලේ විෂය නිර්දේෂයටත් නව මාධ්‍ය වෙනුවෙන් බ්ලොග් එකක් කිරීම අනිවාර්ය වෙලා තියෙනවා...ඒ නිසා තමයි...මම
සත්‍යයේ සුයාමය කියන අලුත්ම බ්ලොග් එක පටන් ගත්තේ....තාම අලුත්....හදාගෙන යනවා....

ඉතින් මම බලා ඉන්නේ සැප්තැම්බර් මාසේ තිස් වෙනිදා වෙනකන්!!!


6/14/10

පසළොස්වක අන්ධකාරය


මහා මෙරු දහක් ළඟ
තනි වෙනා වැලි කැටය
කොයිතරම් නොතරම් ද
කියා සිත දැන දැනම


කිසි දිනක නොම හඬමි
ඔබට පෙම් කළ පවට
දුර ඉඳන් සිනා සෙන
මම ඔබේ තනි තරුව...


සදා කල් රැඳෙන මුත්
ඔබෙ සුවඳ මා අස ම
කල්පයක පාළුවක්
කෙලෙස නිම දකින්නද?


දැනෙයි සිත් තරුව යට
ඔබේ ඉමිහිරි මතක
අද කොහොම වෙතත් එය
ඔබ නො එන හෙට දිනට


සැණින් දැහැනින් මිදී
කොයි කොහේ ගියත් ඔබ
සුළඟ වාගේම එන්න
මතක ඉසිඹුව ළඟට...

පුන් සඳ ද මඟ කියන
තරු පිරුණු රැයක් වුව
කළුවරේ මං මුලා වූ
සෙයක් දැනෙන මුත්...

කුමක් කරමිද ඉතින්
වරම් නැති කල කිසිත්
සිතන්නටවත් සිතින්
දකින්නටවත් හදින්



නිරාමිස ප්‍රීතියක
ගිල්වමින් නයන යුග
ඔබේ නෙත් දකිමි මම...
සදාතන කවක් ලෙස


ඔබ යනෙන මග අසල
පිපෙන්නට නොහැකි වද
සදා සිත ළඟම හිඳ
සතපවමි සිහිනයක....


ඔබ නොදකිනා ඔබේ
හදවතේ කොණක හිඳ
ජීවිතය රැගෙන එමි
ගවු සියක් දුරට වුව...



6/7/10

කළම්බෝ...කළම්බෝ සහ ජීවන යථාර්ථය


කළම්බෝ කළම්බෝ ........මම මුල්ම වතාවට මේ වේදිකා නාට්‍ය නැරඹුවේ ඊයේ රාත්‍රියේ.ඒ ලයනල් වෙන්ඩ්ට් හී රෑ හතේ දර්ශන වාරයේ බැල්කනියේ සීයේ ටිකට් පතකිනි.මට ඒ සඳහා විචාරයක් ලිවීමට ඇති ප්‍රධානම සුදුසු කම ලෙස මට දැක්විය හැකි මහා කාරණා නොවූවත් සුළු සුළු කාරණා මෙසේ දැක්විය හැකිය.

1. කුඩා කල සිටම කොළඹ නගරයේ ජීවත් වීම.
පදිංචිය- බත්තරමුල්ල.
2. පාසල් ගියේ පුංචි බොරැල්ලේ කොළඹ ගෝතමී බාලිකා විදුහලට
3.මෙම නාට්‍ය එක වරක් නරඹා තිබීම.
4. වයස අවුරුදු 20ක් වීම.

මා කුඩා කල සිටම බත්තරමුල්ලේ සිට මරදානට එන විට පාරේ බොරැල්ල මංසංධිය පසු වේ.මට යමක් කමක් තේරේන අවධියේදී නිර්මාණය වූ බොරැල්ල උමං පධික මාරු වීම සැබවින්ම පුදුමාකාර ස්ථානයකි. නොයෙක් ආකාරයේ මිනිසුන් මොහොතකට හමුවන , මොහොතකින් වෙන්වෙන පාරවල් දැක දැක අතරමං වන, අතරමං වී පාර සොයන මිනිසුන්ගෙන් අදටත් එය පිරී ඇත.මහජන පුස්තකාලයට යන හැම වේලාවකම පසු කර යන, බත් කන්නට ඇතුළු වන, යාළුවන් සමඟ සෙල්ලම් කරන ,විහාර මහා දේවී උයනද අදටත් බංකුවක් හුදෙකලා වනතුරු බලා සිටිනා පෙම්වතුන්ගෙන් පිරී ඇත.කුඩා කාලයේ සිට අත් දකින මේ සිදුවීමද දැන් මට හුරු පුරුද්දක් වී ඇත. බොරැල්ලේ කනත්ත මල් වලින් සරසා පෙම්වතුන්ගේ උයනක් කිරීමේ සංකල්පයට සැබවින්ම ගෞරවය හිමි විය යුතුය.නිරන්තරයෙන් 135 බස් රියේ ගමන් ගනිද්දී මම දකින් කැඩුනු ජරා ජීර්ණ සොහොන් කොත් ඊට හේතුවයි. ඒවාට මලක් තියන්නටවත් කාලෙකින් කෙනෙක් ආ බවක් දැක ගන්නට නොමැත.මල් ශාලා ගැන නම් මට ඇත්තෙන්ම අත්දැකීම් අඩුය. මන්ද මා එතරම් අවමඟුල් සඳහා සහහාගි නොවූ කෙනෙක් හෙයිනි.නමුත් මෘත ශරීර අපයෝජනය නම් මම අසා ඇත්තෙමි. එහෙයින් මෙසේ කළම්බෝ කළම්බෝ හී විචාරය ආරම්භ කරමි.

මෙය වෙනත් නගරයක පෙන්වූවොත් සාර්ථක වන්නට ඇති ඉඩකඩ අඩුයැයි මට සිතේයි.කොළඹ ගැන දන්නා අයෙකුටත්, කොළඹ ගැන හීන මවන අයටත් මෙය ක්ෂණිකව ස්පර්ෂ වේ.නමුත් ගම්බදව එය කෙසේ වේදැයි මම නොදනිමි.ගම් වල සිටින් බොහෝ අයගේ සිහිනය තුළ කොළඹ ඇති නිසා ඔවුන්ටද මෙය සමීප විය යුතුයැයි, ඒ අනුව සිතීම උත්සාහ කරමි. ප්‍රේක්ෂකාගාරයෙන් එන තැනැත්තාගේ පළමු වදනම මිනිසා ඇඳ බැඳ ගන්නේ සෙල් ෆෝන් එක ගැන මතක් කිරීමෙනි.අපේ ජීවිතයට ඒ මොහොතේද දුවන්නට දෙමින්,මද පමාවක් අපව නතර කර....අපට යමක් කියන්නට ඔවුහූ වෙර දරන්නට ඇතැයි මට සිතේ. ඔවුන්ගේ භාෂාව අපිට හුරුයි.ඔහුගේ චර්යාව ද අපිට හුරුයි.එහි බියංකා නැමති මනෝ කල්පිත චරිතය තුළ සැබැවින්ම මම ජීවමාන වුණෙමි. අනෙක් අයටත් වඩා මට එය හුරුපුරුදු බව මම ඔබට ඉහතදී පැහැදිළි කළෙමි.ව්‍යංගාටත් වයස විස්සයි. මටත් වයස විස්සයි. බියංකා ත් බත්තරමුල්ලේ. මමත් බත්තරමුල්ලේ. ව්‍යංගාත් කෙල්ලෙකි. මමත් කෙල්ලෙකි.අද ව්‍යංගාට මරණය...හෙට? මමද? නැත්තම් ඔබද? ලේ වැකුණු දිනපොතේ අවසානයේ.....ඔහු මගෙන් මෙන්ම ඔබෙන්ද ඇසුවා. අපි මොහොතකට නළු නිළියෝ වුණා. අපේ ආත්මය අපිට කතා කළා. එහෙම දැණුනා.අපි තුළ සිටින යක්ෂයා හා අපි තුළ සිටින දෙවියා වෙන් වෙන්ව, අපිට කතා කළා.

ඊළඟ මොහොතේ නාට්‍ය ඉවර වෙලා අපි කවුරුත් ලාස්ට් බස් එක ගන්න දිවුවා.138 බස් එකේදී මේ නාට්‍ය බලාපු කෙල්ලන්ටම මේ නාට්‍යම බලපු කොල්ලො ම ජැක් ගහනවා මම දැක්කා.එතකොට මට හිතුණා.අපට පුරුදු වීරයා වැඩියා... වැඩක් වු‍‍ණේ නෑ. කළම්ඹෝ කළම්ඹෝ කියන්නේ...අපේ ජීවිතේ හරිම ඇත්ත කියලා. මිනිස්සු කාටත් හොඳ නරක තේරෙනවා. ඒත් අමතක වෙනවා. මෙච්චරයි කාරණේ. නාට්‍යට විවේකයක් තිබ්බෙ නෑ .කොළඹටත් අපේ ජීවිත වලත් විවේකයෙක් නෑ.මැරෙන තුරුම විවේකයක් නෑ. ජීවනය පිළිබඳ යථර්තය එක් වර පැය දෙකකට ගොනු කළාට ස්තූතියි. කළම්බෝ කළම්ඹෝ..මමත් දැන් යන්න ඔනේ... නැත්තම් මට රියැලිටි ෂෝ එක මිස් වෙනවා.

5/24/10

හිතට දැනුනු වැරැද්ද හා නිවැරැද්ද

කිසිම විටෙක කිසිම අයෙකුට මම මට කළ හැකි යමක් වෙනුවෙන් කරදර කර නැත.මා අනික් සියලු අයද එසේ විය යුතු බවට කිසි දිනක නොසිතුවෙමි.මම බොහෝ විට මට හැකි අනුන්ගේ හැම වැඩක්ම කර දීමෙන් තෘප්තිමත් වුණෙමි.මම වැඩ කර දුන් සඟරා දෙකේම මට කිසි වගකීමක් නොතිබිණි.මගේ කැපවීම සැලකූ අයියලා මගේ නම එයට ඇතුළත් කළා මිසක මම ඒ නිලධාරී මණ්ඩලයේ වත් නොසිටියෙමි.මම බිත්ති පුවත්පතක් නිරන්තරයෙන් හදමි.මා එය බිම දමාගෙන හදන විට,"උඹ හදනවාද?" යැයි අසමින් එතන පසු කර යන කිසිවෙක් අඩුම තරමේ තම නිර්මාණය ටයිප් කර දීමට වත් ඉදිරි පත් වූයේ නැත.ඔවුන් බොහෝ දෙනා ෆේස් බුක් මත ඇස් යොමා සිටිද්දී මා පින්තූර සෙවුවේ...ටයිප් කෙරුවේ...මා වෙනුවෙන් නොවේ.එවායේ ගෞරවය මට වුවමනාද නැත.

මට මේ සියලු දෙයින් උවමනා කළේ යහළුවෝ පමණි.එයට එකම හේතුවත් නිවස තුළ මා තනි වූ දරුවකු වීමයි.මා කියනා දේ අසන්නට සහෝදරයෙක් සහෝදරියක් සිටියා නම් මට යහළුවෝ නැතුවාට කමක් නැතැයි සිතිය හැකිය.එසේ සිතුන වාර ද අනන්තය .මා මේ වනතෙක් මිතුරන් සම්බන්ධව කළකිරී සිට්යේ...ඔවුන් ගැන ඔවුන්ගේ පුහු ජීවිත ගැන දුක් සිතුණු බැවින් පමණකි.මේ වනවිට මම මිත්‍රත්වය ගැන ද දුක් වී සිටිමි.ඇය ගැන මම ඔබට කියමි.ඔබ බලන්න වැරැද්ද හා නිවැරැද්ද...

ඇගේ හොඳම යහළුවා ඒ තරගයට තෝරා ගත්තා.නමුත් ඒ යහළුවා එම තරගයට යන්න නොහැකියි කියලා ඇයව ඇය නැති වෙලාවෙ යෝජනා කළා.ගුරුවරයාත් තීන්දු කළා. ඊට පැයකට පස්සෙ ඇය ආවාම අපි හැමෝම ඇයට ඒක කිව්වා.ඇයත් අකමැති නම් ගුරුවරයාට කියා එය නීත්‍යානූකූලව මාරු කර ගත් යුතුයි. ඇය මට විවාදයට ඉන්න කිය කියා බල කළා. බොහෝ විට කෙනෙක් නැත්තම් ඒ වගේ දේකට මාව දාන්නට ඔවුන් පුරුදු වී සිටියා.ඇගේ නම දැමූ යහළුවාව නෙවෙයි ඇය ඒ සදහා යොදා ගත්තෙ .මට මොකක් වුණත් මොකෝ කියලා හිතන්න ඇති.ඒකට මොකද? ඒත්..පොඩි ගැටළුවක් තිබ්බා.කළින් විවාදෙට හිටපු අයට මේ පාර ඉන්න එපා කිව්වා.මම ඇයට එය පැහැදිළි කළා.අනික ඇයට එය කළ හැකියි.ඇයට සූදානම් වීමට දින දෙකක් තිබ්බා.අද ඇය පමා වුණා.ඇය හිතුවෙ උදේ තියාවි කියලා.නමුත් තිබ්බේ හවස.ඇයගෙන් ඇහුවාම ගුරුවරුන්ට කිව්වෙ ඇය මේ ගැන දන්නේ නෑ කියලා..ගුරුවරු අපෙන් අහන්නෙ කිව්වෙ නැත්තෙ ඇයි කියලා.


ඔයා එදා ආවා නේද කියලා මම ඇගෙන් ඇහුවා.එය පාවා දීමක් කියා එයා හිතනවා. මම ඒක දන්නවා.නමුත් රෙජිස්ටරෙන් බලලා ඒක අහුවෙනවාට වඩා , එයින් ලැජ්ජා වෙනවාට වඩා ..ඇත්ත පිළි අරන් තමන්ගෙ අකමැති බව කීවා නාම් ඉවරයිනෙ.ඇය හැම් වෙලාවෙම හැංඟුණා.අපේ අක්කා සිංහල මාධ්‍යයේ ලැජ්ජාව බේරුවා.මට මිතුරු යැයි සිතිය හැකි එකම කෙනා දැනට නම් ඒ අක්කා පමණයි.සැබවින්ම මම කලකිරී ඇත්තේ ඔවුන්ගේ හිතුවිල්ල ක්‍රියා කරන ආකාරය මතයි.ඇය මුළු පන්න්තියම පාවා දෙද්දී ( ඇයට අපි කිසිවෙක් කිසිම දෙයක් නොකියූ බව කියා ) මම ගත්තේ පන්තියේ පැත්ත පමණි.සත්‍යයේ හා අභියෝගයේ වටිනාකම ඇය හඳුනා ගත් දාට ඇය මට හෘද අභ්‍යාන්තරයෙන් සමාව දේවි.මා මෙය ලියා තබන්නේ...හදවතට මෙය තදින් දැනුණු නිසයි.මට අනුව මා වරදක් කර නැති නිසයි.


සහජයෙන් උරුම වූ කිසි දෙයක් මට නැත.මම සියල්ල උත්සාහය තුළින් ගොඩ නගා ගත්තෙමි.ඉතින් අනිත් අයට සහජ හැකියා තියෙද්දීත් ඒවා දියුණු කර ගන්නේ නැත්තේ ඇයි?වෙනස් විය යුත්තේ සිතුවිලිය.මා කුඩා කළ සිටම කතන්දර පොත් තුළ ජීවත් වූ නිසා මා කියනා දේ වැරදි වන්නට පුළුවන.නමුත් ඔබත් සිතන්න.ඔබේ වීරයා ඔබයි කියලා....මට හැම වෙලේම මගේ වීරයා විදිහට මාව පෙනුණා...මගේ ජීවිතේට ප්‍රබලම බලපෑමක් කරන්න පුළුවන් මට විතරයි කියලා මට හිතෙනවා.මම ඇයට ආරාධනා කරනවා.හැකියාව වලපල්ලට නොදා එළියට එන්න කියලා.එයාට විශ්වාසයක් නෑ. ඒකයි හැංගුනේ.අපේ බහුතරයෙකුගෙ වීරයා මැරිලා.හැබැයි මගේ වීරයා මම මැරෙනතුරු ජීවත් වෙනවා...ඔහේ ලියාගෙන ගියෙ කල කිරීම පහ වෙන්න.ස්තූතියි රෝස වළකුළට නීනුගේ අද දවසෙ කතාව ඇහුවාට...මම කාගෙවත් නම් ලියා නෑ .මේකත් කතාවක් කියලාම හිතන්න හොදද!

5/20/10

වීරයා සෙවීම


ඔබට වීරයෙක් සිටීද?
සමහරක් විට ඔබ එයට "ඔව්" කියා පිළිතුරු දෙනු නියතය.
නමුත් එම වීරයා කවුද?
මහත්මා ගාන්ධි,චේ ගෙවාරා ,ලියනාඩෝ ඩාවින්චි,ඇල්බට් අයින්ස්ටයින් වැනි අයද ඔබගේ වීරයා...
එසේත් නැතිනම් හැරීපෝටර්,සුපෙර්මෑන්,හර්කියුලිස්,සෝරෝ,රොබින්සන් කෲසෝ.....
එහෙම කෙනෙක්ද? සමහරක් විට ෂාරුක් ඛාන්,රිතික් රෝෂන්,ශකීරා වගේ කෙනෙක්ද?
නැහැ ඔබ විදෙස් චරිත ප්‍රිය කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්.
රාවණා,ගැමුණු,විජයබා වගේ රජෙක් ද ඔබේ වීරයා.
ඔය කවුරුත් නොවන ඔය වර්ගීකරණයට අයත් නොවෙන කෙනෙක්ද?
.....ඇත්තටම ඔබ සොයා ගෙන වීරයා යැයි සිතා සිටින වීරයා නිවැරදිද?
ඔබ ඔහු හෝ ඇය ඔබේ වීරයා ලෙස තෝරා ගත්තේ කුමන පරමාර්ථයකින්ද?
ඔහු හෝ ඇයට ඔබ ජීවිතය තුළ කෙතරම් බලපෑමක් කළ හැකි වීද?
සොයා බලන්න. සිතා බලන්න.
ඒ වීරත්වය ගැන ඔබට හැඟෙන හැම දෙයක්ම කියන්න. අපි වීරයා හොයාගමු.

5/16/10

පිනි මල් කඳුළක් (හත්වන කඳුළ )

මම කඳුළු පිහි දම දමා එළියට ආවේ.....මිනිස්සුන්ටම ඇයි මෙහෙම වෙන්නෙ කියලා හිතාගෙන..හිත හරියට තෝන්තුවාවෙන් වගේ පාර දිහා බැලුවා. දෙවියනේ ස්වප්නා තාම අර බංකුව උඩ නේද කියලා එත්කොටයි සිහියට ආවේ!


"මොකද වුණේ?" මාව දැකපු ගමන් ස්වප්නා ඇහුවා."ඇයි මල් පෙති?" ස්වප්නා යළිත් හඬ අවදි කළේ මගේ නිහඬතාවය ඉවසගන්න බැරුවයි.


"ඔයාලාගේ අයියා ඇවිත් තියෙන්නේ අපේ අයියා ආදරේ කරපු කෙනාගේ මරණ වරෙන්තුව දැනුම් දෙන්න.අනේ මෙහෙම ගියොත් අපේ අයියා පිස්සෙක් වෙයි දෙයියනේ.දෙනෙත් අයියා හරි ඇති.එයා හදන්නේ අපේ අයියාගේ හිත හදන්න තමයි. මට ඒක තේරෙනවා.ඒත් මේ දේවල් වලින් වෙන්නේ අපේ අයියාගේ දුක තව තවත් වැඩි වෙන එක....." මම ඔහේ කියවන් ගියා.


"දෙනත් අයියා ඒවග නොදන්නව නෙවෙයි මලී.එයාට තේරෙනවා.ඒත් ඔයාලාගේ අයියාගේ ක්ලාස් වල පිස්සු කොල්ලො අයියාගේ සෙන්සිටිව් කමින් ආතල් අරගෙන...එයාව අඬවන්න හදනවා කියලා තමයි දෙනෙත් අයියා කියන්නේ. ඒ දෙයින් ඔයාගේ අයියාව බේරන්න තමයි.
හැමදෙයක්ම දැනගත්ත ගමන් ම ඇවිල්ලා කියන්න ඕනේයි කියලා අපේ දෙනත් අයියා තීරණය කළේ...කොටින්ම මේක....සමනළී වෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියන එකටත් වඩා ඔයාලාගේ අයියාගේ හිත පිස්සු වට්ටන කාරණයක් කියලා දෙනෙත් අයියාත් දන්නවා."


"වෙන්න ඇති" ස්වප්නාගේ හැල්ලට මම කිව්වෙ එච්චරයි.මට මතක් වුණේ පස්සෙයි ස්වප්නා මට මුලින්ම කියපු දේ.."ඔයා කිව්වෙ ඇයි එහෙනම් මම ගැන යෝජනාවක් කරනවා කියලා කතාවක්..මම කියන්නේ අර මුලින්ම ඔයා කිව්වෙ..ඇයි ඒ? විහිලුවටද?"මම ඇහුවා.


"නෑ ..පිස්සුද? අපේ අයියා එහෙම කතාවක් කිව්වා. මගේ මෝඩකමට මම ඒක ඔයාට කලින් කිව්වනේ. අයියා මේක ඔයාට කියන්න උනේ ඔයාලාගේ අයියාගේ කරදර පොඩ්ඩක් ඉවර වුනාම.


"මේවා ඉවර වෙන්නෙ නෑ ස්වප්නා.මට බය මෙහෙම ගියොත් අයියා මේ පාරත් විභාගේ ඇණගනීවි කියලා......හරි විභාගෙට ඔනේ දෙයක් වෙද්දෙන්..අයියාට ඔලුව විකාර වුණොත්..."


මගේ හිත සනසන්න වගේ හුළඟත් හැමුවෙ...මහා හිස් බවක් දැනුණ...ස්වප්නා ළඟ උන්නත්...හුළඟ ටික ටික තද කළා....දෙනෙත් එළියට ආවා.

"අපි යමු" ඔහු ස්වප්නාට කතා කළා...මගේ ඇස් ළඟ දිළිහෙන කඳුළු දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා....ස්වප්නා සෙරෙප්පු දෙකා දාගන්න සාලයට ගිය නිසා මොහොතකට අපි මිදුලේ තනි වුණා.


"මට යන්න හිතක් නෑ.මට මහ අමුත්තක් දැනෙනවා.ඔයාලා ළඟ ඉන්න ඕනේ කියලා හිතෙනවා.මේ දවස් මහ කරුමක්කාරයි කියලා මට හිතෙනවා.පිස්සු වගේ..මට මේ දේවල් නොවුණත් මට අහන්න හම්බෙන්නෙ මහ දරුණු දේවල්...එක අතට පුදුම වෙන්න දෙයක් නෑ. ලෝකේ තියෙන්නෙ හමුවීම් සහ වෙන්වීම්...
ඉක්මනට ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්ලුනෙ...මම ඉක්මනට ගිහින් එන්නම්...මට හිතෙනවා.අදම මට එන්න වෙයි කියලා...
මොනා වුණත් මම මේ ආත්මේ ඔයාගෙ අයියාව තනි කරන්නේ නෑ.ඒ ඔයා ඔයාගේඅයියාට මේ තරම් ආදරේ හින්දා.ගිහින් එන්නම්!!!"

ඒ කතාව්ට දෙන්න පිළිතුරක් හොයා ගන්න මට අමතක වුණා....ඒ හැමදේට පුංචිම පුංචි උත්තරයක් විදිහට...ඇස් පිල්ලමට රඳවාලා තියාගෙන ඉඳලා වෙහෙසට පත් වෙච්චි කඳුළු බිඳුවක්...කම්බුලේ යාන්තමින් ගෑවිලා හදිස්සියෙන් ගවුම් කොලරයට වැටුණා.


ස්වප්නා ආවා...ඒ දෙන්න යන දිහා මම බලන් හිටියා...අහස වලාකුළු බර වුණා..වැහි බීරිමක්..හුළඟත් සැරයි..අම්මලා එනකන් අපි තනි වුණා...පොඩි අයියා වත් නෑ..මහා පාලුවක් දැනුණා....


මම ගේ ඇතුළට යන්න හදද්දිම අන්ධකාරය මැද්දෙන් විදුලි වේගෙන් අප්පු මොටෙර් බයිසිකලයක් මාවත් පහු කරන් ගිහින් නිවස ඉදිරියෙ නැවැත්තුවා...මම පිච්චිච්ච කඩදාසියක් වාගේ ඇකිළිලා ගියා..මොකක්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරි වුන නිසා...අයියාත් ආවේ ඉස්සරහට බයිසිකලේ සද්දෙට...


"කලබල වෙන්න එපා...සංදේශ්ට ටිකක් අමාරුයි.එයා බයිසිකලේ ගියා අපේ මල්ලි එක්ක පංසලට ..දානේ වැඩකට.. එද්දි..අපේ මල්ලි කඩේට ගිහින් බඩු අරන්..මේ මල්ලිගෙ අත් දෙකෙම බඩු තිබිලා තියෙන්නෙ.. බයිසිකලේ එනකොට කොන්ට්‍රෝල් නැතිවෙලා..ඉස්සරහට ටිපර් එකක් ඇවිත්..අපේ මල්ලි හරවද්දි ..සංදේශ් බයිසිකලෙන් වැටිලා............"


මට මතක ඇහුණේ එච්චරයි...තලා දාපු ඔලුවකට හදිස්සියෙ කුළුගෙඩියකින් ගැහුවා වගේ හැඟීමක් ඇති වුණා.. සංදේශ් කියන්නේ මගේ දෙවනි අයියා...අනේ මේ මොකද වෙන්නේ?....මට හිතුණේ එච්චරයි..


මගේ ළඟ ඉඳන් අප්පච්චි...වතුර ඉහිනවා දැනුනා. වතුරත් එක්ක කඳුළුත් මගේ මූණ උඩට වැටුණාමයි..මට දැනුණේ මම ඉන්නෙ මළ ගෙදරක කියලා...


තාම පොඩි අයියාව පෙට්ටියකින් ගෙනත් නෑ....ඒත් වෙන කෙනෙක් ඇවිත් හිටියා....

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න.......


කොයිම කවදා හෝ
ආයේ අපෙ නිවසේ
ඔබේ නෙතු කැලුමෙන්
පිරී යා නම්
ඔවේ කට හඬ
නැවත රැව් දේ නම්....
ඒ දිනය ලබනා තුරා
හිදින්නෙමු දෑසම අයා..

5/15/10

එන්න බද්ධරාව බලන්න

අපේ සඟරාව තමයි බද්ධරාව කියන්නේ....අද ඉඳන් එය සයිබරයට විවෘත වෙනවා..ඔයාලාටත් පුළුවනි ඒ සඟරාව කියවන්න.අද ඉඳන් හැම මාසෙකම ඒ සඟරාව නිකුත් වෙනවා.අප්‍රේල් කලාපයත්, මැයි කලාපයත් දෙකම..ඔබට බද්ධරාව බ්ලොග් අඩවියෙන් දැක ගන්න පුළුවනි...තව එකේ ලියන්න දේවල් ටිකක් තියෙනවා.අපේ විස්තර එහෙම....ගොඩක් ලියන්න තියෙනවා.ඒවා ‍හෙට ලියනවා.දැන් මම මනුසත් උයන බ්ලොග් එක හදන්න යන්න ඔනේ.... අපේ බිත්ති පුවත් පත ඔයාලාට සයිබරය හරහා කියවන්න දෙන්න මම හිතුවා... අපේ ළමයි.. බ්ලොග් ලියන්න ටිකක් කම්මැලියි..නැත්තම් එයාලාට මේවා තම තමන්ගෙ බ්ලොග්ස් වල දා ගන්න කියලා කියන්න තිබ්බා. ඒත් දැන් නම් මට ඒවා කියලා ඇති වෙලා...ඒ නිසා මම ම හඳනවා...කියලා තීරණයකළා..බද්ධරාව සඟරාවට ලිපිය පී.ඩී.එෆ් ෆෝමැට් එකෙන්ම දාන හැටි කියා දීපු...ඉන්දරේ අයියාටත් මේ අවස්ථාවේ ස්තූති කරන්ට ඔනේ.....ආ ආ මේ තව දෙයක්....කට්ටියම බ්ලොග් ලියන්න මතක ඇතුව....අපේ තමීර අයියාට කියවන්න. එයා මේ දවස් වල බ්ලොග් කියවනවා කියලා දැඩි තීරණයක් අරන්...හරබර දේ ලියන්න.. මොකද එයා ඔය පොඩි පොඩි දේවල් කියවන්න එහෙම කැමති නෑ කියලා මැරතන් දවසෙ මට බැනලාත් ලිව්වා...අදට නම් මගේ බ්ලොග් කෙරුවාව ඉවරයි..