6/26/10

පිනි මල් කඳුළක් ( අවසන් කොටස )

අපේ අයියාගේ ජීවිතේ ගිනි ගොඩක් කරපු සමනළී ඇවිත්....මට ආපු තරහට එයාව මරන්න හිතුණා. ඒත් පස්සෙයි මතක් වුණේ එයත් දැන් ලෙඩෙක් කියලා.හුඟක් දරුණු ලෙඩෙක් කියලා. මට දුකත් හිතුනා. ඔය අතරේම අයියාව ලස්සනට අන්දලා අරන් ආවා. පොඩි අයියා අද හරිම ලස්සනයි. මනමාලයෙක් වගේ. මට හිතුණේම එයාට නින්ද ගිහින් කියලා. එයා ලඟටම වෙලා මම හිටියා.... හෙල්ලෙන්නෙවත් නැතුව. මට බය හිතුණා කවුරු හරි ඇවිත් අයියාව අරන් යයි කියලා..... අපි කාටවත් කෑමක් තිබ්බෙවත් නෑ....දුක ටම ඇඟවල් වේලිලා ගිහින්.....

අපි හැමෝගෙම කඳුළු මැද්දේ පොඩි අයියා වළ දැම්මා.ලොකු අයියා හිටියෙ බලා ගත්තු අතේ බලාඅ ගෙන..බය වෙලා වගේ...එක පාරටම හත් දවසෙ දානේ දවසෙ එයා මහ දරුණු දෙයක් කිව්වා....ලොකු අයියා කිව්වා. එයාට මේ ගෙදර තවත් ඉන්න බෑ.. එයා කොහේ හරි යනවා කියලා.

අපිට වුනත් ඒ ගදර ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ නිසා අපි ඒ ගෙදර ඉක්මනට විකුනුවා. විකුනලා හැමතැනටම කිට්ටු පුංචි ලස්සන ගෙයක් ගත්තා. මේ හැම දේකටම දෙනෙත්ගෙන් ගොඩාක් උදව් ලැබුණා....


ඔය අතරෙදි අයියාට පුදුම සතුටු හිතෙන දෙයක් වුණා. ඒ තමයි සමනලී අයියාට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් ඒකට සමනලී ගේ ගෙදරින් විරුද්දයි. ඒත් අයියාට ඒවා ප්‍රශ්නයක් වුනේ නම් නෑ.ඔන්න ඔය අතරෙදි අපේ පොඩි අයියාගේ අවුරුද්දේ දානෙත් පහු වුනා...

අයියා මේ වෙනකොට කැම්පස් තේරිලා.. මාත් විභාගෙ කරනවා....අයියා සමනලී ගැන බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන හිටියා මේ වෙද්දි....පොඩි අයියා නැති දුක තමයි අපිට තිබ්බේ...ඒ වගේම සමනළී ගේ ජීවිතේ ගැනත් හිත යට බයක් තිබ්බා. අයියා කිව්වෙ සමනළී සනීප කරනවා කොහොමහරි...කියලා.....

මේ වෙන කොට දෙනෙත් අයියා එයාගෙම කියලා ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් පටන් අරන් තිබ්බා... ඒ අතරේ එයා හැමදාමත් ආසාවෙන් හිටපු පත්තර වලට ලියන එකත් කරන් ගියා..... අයියා වගේම අපේ ගෙදරත් මේ අපේ ආදරේ ගැන දැනගෙන උන්නා. ඒත් ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබ්බේ නෑ.

ඒත් සමනළීට නම් පොඩ්ඩක් වත් අපේ අම්මලා කැමති වුණේ නෑ. එකක් එයාලාගේ සල්ලි.... අනික සමනළී ගේ මාරාන්තික අසනීපෙ.. ඒත් අයියා පිස්සු නටන නිසා කවුරුත් සද්ද නැතිව හිටියා.

ඔහොම යද්දි දවසක් මහා පුදුම දෙයක් වුණා... අයියාට හිතා ගන්න බැරි විදිහට නිර්නාමික ලියුමක් ආවා.ඒකේ තිබ්බේ සමනළීට පිළිකාවක් නැහැ. ඒක බොරුවක් කියලා. එයා කොල්ලො අමාරුවෙ දදා යන කෙනෙක් කියලා මේ වෙනකොට කොල්ලො තුනක් මාරු කරලා...නරක ගමන් බිමන් පව ගිය කෙනෙක් කියලා. මේ ලියුම ලියන්නෙත් එයාගෙ කොල්ලෙක් වෙලා හිටිය කෙනෙක් කියලා....

එයා අපේ අයියාට පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා කියලා තිබ්බා...ඒ ලියුම දැකලා අපේ අයියාට පිස්සු හැදුණා වගේ වුණා. බලාපොරොත්තු කන්දරාවම බිමට වැටුණා වුණා.. දෙනෙත් කොයි තරම් එයාව සනසන්න හැද්ව්වද?...ඒත් අම්මලා නම් ගොඩාක් සතුටු වුණා.. මේ දේ නතර වුණාට.

අයියා අන්තිමේ ඉවසලා ඉවසලා සමනළීගෙන් මේ ගැන ඇහුවා..සමනළී නොහිතපු විදිහට, මහා දරුණු විදිහට අයියාට බැන්නා.....ඒක මහා කැත විදිහක්....අනේ අපේ අයියාගේ ආදරේ සී සීකඩ ගියා....පිස්සෙක් නොවුණේ අයියා මේ දේවල් බලාපොරොත්තු වුණ නිසා....

ඔහොම්මම අයියා ඒ දුකින්ම ටික කාලයක් පාලුවෙන් හිටියා..අනේ අයියා ඇදිලා ගියා...සමනළී කොහොමද මෙහෙම දෙයක් අපේ අයියාට කළේ කියලා මට හිතුණා.එයාට ලෙඩක් නැතත් , එහෙම තියෙනවයි කියන ආරංචියටවත් අපේ අයියාගේ ආදරේ අඩු වුණේ නෑ. එහෙම ත්යෙද්දි එයා කළේ මහා නපුරු කමක් කියලා මට හිතුණ...

ඔය අතරෙදී හරිම සතුටු දායක දෙයක් සිදු වුනා. අපේ අයියාගේ සිතිවිලි වලට ගැලපෙන කෙනෙක් හමු වුණා... එයාගේ නම මලිති. අපි එයාව දැක්කෙ ෆේස් බුක් වලින්..පස්සෙ දාක අයියායි මායි එයා හම්බෙන්නත් ගියා...එයා රුහුණු කැම්පස් එකේ අක්කා කෙනෙක්.. අයියාත් පේරා නිසා... දෙන්නාට හම්බෙන්න කල් නොලැබුනත් ඒ දෙන්නා හොදින්න්ම ගැළ පෙනවා කියලා මට හිතුණා. මම අම්මාට ඒ ගැන ඇවිත් කිව්වා... එයා ගැන අක්මැති වෙන්න තරම් හේතුවක් නෑ කියලා තමයි අම්මා වුනත් කිව්වෙ!!

අයියා ඉන්නේ හරීම සතුටින් අනාගතේ බලාපොරොත්තු ගොඩාක් පුරවගෙන...තව මලී කෙනෙක් ගෙදරට එනතුරු තමයි මාත් බලා ඉන්නේ.... ඒත් ඒ මලී එන්නේ මේ මලී යද්දි.....කමක් නෑ....එක සතුටක්!!!

දෙනෙත් ළඟට මම ඉක්මනින්ම යන්නයි හිතා ඉන්නේ... එයා හදපු පුංචි ලස්සන මාලිගාවට ඉක්මනට මාව එක්ක යන්න එයා බලා ගෙන ඉන්නේ.....මේ ලෝකේ ඉන්න සුන්දරම කෙනාව මට හම්බුණා කියලා....අපේ ගෙදර හැමෝම ඉන්නේ....සන්තෝසෙන්... ඒක දෙගුණ වුනා අයියාටත් ඒවගේ ආදරයක් ලැබුණ එකෙන්....මේ හැම වෙලේම හිතෙන දයක් තියෙනවා.... ඒ පොඩි අයියා ත් හිටියා නම් කියලා.....

කඳුළු කතාවක් සතුටින් ඉවර වෙන්නෙ කලාතුරකින්.. ඒත් මේ කතාව එහෙම ඉවර වෙනවා....
ඉදිරිය ලස්සනයි.....
බලාපොරොත්තු වූ අවසානයක ප්‍රාර්ථනා කළ අරම්භය......

7 comments:

  1. සතුටු දායක අවසානයක් වෙන එක හොදයි...ඒත් අක්කේ මට හිතා ගන්න බෑ මේක ඇත්තක්ද නැත්තන් කතාවක්ද කියල.....මොනව උනත් හරිම ලස්ස්නට ලියල තියනවා

    ReplyDelete
  2. හරිම සතුටුයි.... අවසානය සතුටක්... :D

    ReplyDelete
  3. ඇත්තකුත් තියෙනවා....නැත්තෙම නෑ...ඒත් ඒ වෙන කෙනෙක්ට..හැබැයි කතාව මට

    ReplyDelete
  4. මෙතෙක් මෝදුවුන පිණිමල් කඳුළු කැට හතම හෙමි හෙමින් කපොලු තලාවක එහා මෙහා වෙවී ගලාන ගියා වගේ දැනුනත් මේ අවසාන කඳුළ නම් කවුරුදෝ, අනේ මන්ද ... කවුරුමදෝ එනතුරු, ඈත බල බලා ඉඳල ඉඳල යාන්තම් ඡායාව දැක්ක හැටියෙ අත් දෙකෙන්ම ගසා බසා දාල පිහදපු කඳුලක් වගෙයි.

    ඕං මගෙ හිතිවිල්ල.

    ReplyDelete
  5. එක පාරටම කොටස් 8ම කියවගෙන ගියා.. අන්තිම කොටස කියවද්දි නං කදුලු ආවා අක්කා.. ලස්සනට ලියල තියනව.. අනේ මේ වගෙ සමනළියෙක් කාලයක් මගේ අයියාවත් අසරන කරා ගොඩක්.. හ්ම්ම්ම්ම්.. මේ කතාවේ දුක හිතෙන ටික අයින් කරලා අනිත් ටික ගත්තම ඈත්ත කතාවක් වෙනවා නං ශොක්...

    තව ලියන්න අක්කා..

    ReplyDelete
  6. ලොකූ මාමේ.....මේ කතාව ලිව්වෙ මම අඬන අයියා කෙනෙක් නලවන්න.....එයා තමයි මේක ලියන්න කිව්වෙ....මම ගොඩ නගා ගෙන ගියෙ ඒ අයියා මට කියපු විස්තර.....ඒත් දැන් එයාට කතාව වෙනසක් දකින්න ඕනෙ ලු...ඒක සතුටක් වෙන්නත් ඕනේලු.. ඉතින් මට කතාවෙ ඉදිරිය ගැන ටිකක් අමාරුයි හිතන්න....

    ගොඩ නගා ගත්තු අවසනායක් නවකතාවකට තිබ්බාට ජීවිත කතාවට එහෙම එකක් නෑ...එහෙම අවසානයක් නෑ..කොටින්ම අවසානයක් ඇත්තෙම නෑ..

    එයාගේ ජීවිතේ තව වෙනස්කම් වෙයි..ඒ ඒ අනුව මට කතාව වෙනස් කරන්න වුණොත්...මේක නවකතාවක් නෙවෙයි... දවසින් දවස අප්ඩේට් වෙන නිවුස් එකක් වෙයි.. ඉතින් මේක ඉවරයක් කළා....

    කෙනෙක්ගෙ හිත හදපු ආත්ම තෘප්තිය විතරයි...මම මේ නවකතාවෙන් බලාපොරොත්තු වෙන්නේ...මේක තුළ සාර්ථක නවකතාවක් නෑ...

    ReplyDelete
  7. එහෙමම කියන්න බෑ නංගියේ. කතාවක් කියන්නෙයි සත්‍යයක් කියන්නෙයි සම්පූර්ණයෙන්ම වෙනස්. නවකතාවක් තුල අපි දකිනවට වඩා සත්‍ය ලෝකය තුල සිදුවන දේ හරිම වෙනස්. ගොඩක් කතාවල් වල බලාපොරොත්තු වන අවසානයක් නැහැ. මේ කතාව ලියාගෙන යද්දි කතාවට අවසානයක් ඔයා දැනගෙන හිටියෙ නෑ නේද? නමුත් "දෙයක් වීමට තිබේද එය මැනවින්ම සිදුවේ" කියල තියෙනවනෙ. මේක වෙන්න ඕන ඒ ඇත්ත කතාවෙ අවසානය.....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.