මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/24/11

බ්ලොග් කෙරුවාව වසර දෙකයි.......... | ස්තූතියි

මේ ලිපිය හදිස්සියෙම දමන්නෙ අද මට හදිස්සියෙ යමක් මතක් වුණු හින්දායි. අද මගේ බ්ලොග් කෙරුවාවට හරියටම වසර දෙකයි. හරියටම 2009 අප්‍රේල් 24 වෙනිදා මම කිසිවක් නොදැන හදාගත් පුංචි බ්ලොග් එක අද නොලිව්වත්,වරද්ද ඉන් අනතුරුව වරද්දා මේවන විට බ්ලොග් 20ක් පමණ සාදා ඇතත් නීනුගේ නිශාව නැමති බ්ලොග් එක මාස කිහිපයකින් ඩිසෙබල් කර දැමුවත් අද වන විට රෝස වලාකුළු පමණක් ක්‍රියාකාරී මට්ටමේ පැවතුනත් නොකැඩුණු බ්ලොග් ගමනට හරියටම වසර දෙකයි...

බ්ලොග් ලෝකයේ ජීවිත් වීමෙන් මා හඳුණා ගත් බොහෝ අය වෙති. නෑයන්ට වඩා ඔවුන් මට සමීප වූ බව සැබැවකි.සමහරුන්ගේ ඇත්ත නම් මම අදටත් නොදනිමි. බොහෝ අය සැබෑ ලෙසම දනිමි. මේ බ්ලොග් ගමනට උදව් වූ බොහෝ අය වෙති. ඒ සියලු දෙනාම ආදරය පෙරදැරිව සිහිපත් කරමි.එමෙන්ම මාඒ බ්ලොග් එකේ ප්‍රදර්ශනය වන්නේ සිංහල බ්ලොග් කියවනය පමණි. අනෙක් කියවනයන් ඔස්සේ පැමිණෙන අය ද ඒවායේ අඩ්මින් වරුන්ටද ස්තූති කරමි.

එමෙන්ම නිරන්තරයෙන් මා දිරිමත් කරන අනුෂ්ක,ඉන්දරේ අයියා,තමීර අයියා,කාලිංග අයියා,බින්කූවා,දුකා අයියා,රත්ගමයා,පූසා,අන්තිමයා, මාරයා, ගෙහාන් අයියා,සුදු හංසි,මලින්ත,පොඩි කණියා, ලොකු කණියා, ගයන්ත,ඩීප්ස්,අනුශ් ලකී,තාරක අයියා,පුෂ්පා නැන්දා,ඉන්ද්‍රනාථ මාමා සහතවත් එකී මෙකී නොකී සියලු දෙනාම මතක් කර සිටිමි.

නම සඳහන් නොකළේ අමතක වීම් වලින් නොවන අතර මගහැරීම් නිසාවෙනි.නිතර කතා කෙරෙන එවුන්ගේ මුහුණු නිරන්තරයෙන් උපවිඝ්න්යාන ගත වීම පමණයි මේ..මේ බ්ලොග් එක බලන ඔබ හැම දෙනාම මට හුඟාක් වටිනවා..

මම මැරෙන තුරු බ්ලොග් ලියනවා.බ්ලොග් මම මැරෙන තුරු ලෝකයෙන් සමු නොගනිති මම සිතනවා..තව ඇවුරුදු 70ක් ලිව්වොත් ඇති නේද?

සදා ඔබ සමඟ හිනාවෙන්න අවසර පතන මම

ආදරණීය නෙරංජි

4/4/11

100 වෙනි ලිපිය | සයිබර් සිහින උළෙළ| අපේ විත්ති සමඟ කාණු මඩ


ඉතින් කොහොමද?hah පෝස්ට් එකක් ලියන්න විශාල ඕනකමක් තිබ්බත් පටන් ගන්න තැන හිතා ගන්න බැරිවයි...ටිකක් කල්පනා කළේ..garupale විශාල කරුණු තොගයක් තියෙනවා ලියන්න.ඒ නිසාම ම තීරණය කළා පාර්ට්ස් බෙදලා ලියන්න.මේ දවස් වල හරියට වැඩ...ඒ නිසා කිසිම විවේකයක් නැහැ.garupaleමොනා කරන්නද?..විභාගයි නිබන්ධනයි ඔක්කොම තියෙන්නෙ අහිංසක අපි වගේ අයට.garupale


ද්‍රවශීලතාවය අනුව ගත්තොත් වැදගත්ම දේ තමයි රෝස වලාකුළේ 100 වෙනි පෝස්ට් එකඅද ලිවීම..hah..ඒ වගේම මගේ සිංහල යුනිකෝඩ් ලිවිල්ලට යි...බ්ලොග් කෙරුවාවටයි..මේ මාසෙ 25 ට අවුරුදු දෙකක් පිරෙනවා..අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්...ඉතින් වසර දෙක පිරීම නිමිත්තෙන් වෙනම ලිපියක් දමන්න නෙරංජි බලාපොරොත්තු වෙනවා.


රෝස වලාකුළට නම් තවම අවුරුදු එකහාමාරයි..ඒත් මම වැරදීමකින් පටන් ගත්ත නෙරංජි සුලක්ඛනාgarupale ඒක තවමත් සක්‍රීයයි..කිසිම දෙයක් නොදන්න කාලේ හදපු එකක් නිසා ඒකෙ පස්ස් වර්ඩ් අමතකයි...hahඉතින් ඩිසෙබල් කරන්න විදිහක් නැහැ. මම දැක්කා අද ටෙච් කතා මේල් එකටත් කවුදෝ ඔහොම ගැටළුවක් අහලා තියෙනවා..කොහොම වුණත් මේ බ්ලොග් එක නම් මම ඩිසබල් කරන්නෙ නැහැ.මුල මතක් වෙන්න තියලා තියෙනවා.ros බ්ලොග් එක තමයි..මගේ බ්ලොග් කරණයේ ආරම්භය.


මගේ බ්ලොග් එකට අළුත් ම ටෙම්ප්ලේට් පින්තූරෙකුත් හදාගෙන කොමෙන්ටු වලට ගෙහාන් අයියාටතිලිණ බුවා අයියාගෙ බ්ලොග් එක බලන් පෝස්ට් වලත් සකයිප් මුහුණු දැම්මා.සීය පිරුණාට අළුත් හෙඩර් එකකුත් හැදුවා. කියලා සකයිප් මූණු දමා ගත්තා.


ඔන්න දැන් ඒ ටික හරි....ඊළඟට කියන්න යන්නෙ වැදගත්ම දේ...ඒ තමයි ඊයේ තිබුණු සයිබර් උත්සවය.කෙටියෙන් කිව්වොත් මාර ශෝයි..garupaleමම නම් හරියට සතුටු වුණා.යෝගට් කවලා තෑග්ග ගන්න මටයි මගේ අති ජාත උසස්පෙළ මිත්‍රයා උෂාන්ටයි හැකි වුණා..බොහෝ දෙනා කිව්වෙ අපි ජය ගත්තෙ කුප්ප කමින් කියලාsoal..අපි ඒවාට උත්තර දෙන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්න හිතා ඉන්නෙ...මේ තමයි මගේ ජයග්‍රහණයේ පංගුව...


අවුරුදු කුමාරිටත් ගියා.හැබැයි පළවෙනි වටෙන් ම අවුට්..මොනා කරන්නද ලස්සන සාපේක්ෂයිනෙ...කොහොම වුණත් එක උත්සවයකින් එක තෑග්ගකට වඩා ඕනේ නැහැ කියලා මම හිතාගෙනමයි හිටියෙ. .garupale.රැෆල් එකෙනුත් මට ඇදුනා..ඒක කන්ෆර්ම් කරන්න බැරි වුණා ටිකට් එක නැති කර ගත්තු නිසා..මම වෙච්චි වැඩේ පස් හය දෙනෙක්ට කියලා සද්ද නැතිව හිටියා.soal


අපොයි...මාර වැඩේ වුණේ soal මට අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එකවාගේ...දෙවෙනි කාරණාව තමයි ගයන්ත නැති අඩුපාඩුව නම් මට උත්සවය පුරාම පෙනුණා. කෑම පැකට් පෙනෙද්දිgarupale


ඊයේ අපි රටින් ගෙන්නපු විනිශ්ච කාරයෙක් නිසා මාර සන්තෝසෙන් හිටියෙ.. ඒ තමයි දුකා අයියා.මාරයා අයියා නම් යන යන තැන පාළුවක් නැහැ...ගියපාර එකට වඩා මේ පාර එක හොඳයි...මුචා අයියා තමයි මයික් ටයිසන් ...( ඒ එයාලු නේද ඇනොනිමස් ආතල් ලියන්නෙ )


මාරයා අයියා නම් මේ උත්සවේ දරුණු විවේචන වලට ලක් කළා..ඒත් මට නම් තෑගි හම්බුණ නිසා සද්ද නැතිව හිටියා. hah (කුමන්ත්‍රණ කරලා ගත්තුවා එහෙම නෙවෙයි )


තව ගොඩාක් දේ මතක් වෙන වෙන පාරට කියන්න ඕනේ...soal



ආ අවසානෙටම කියන්න තියෙන්නෙ තාරක අයියා උස නිසා මට එයාව එක සැරේ පේන්නෙ නැහැ...hah මම එයා එක්ක කතා කරන්න පඩියක් උඩට නැග්ග විත්තිය කීප දෙනෙක්ම දැක්කා...ඇත්තටම එයා ඒතරම් උස ගියෙ මොනවා කාලාද කියලා මට සැකයි...කියලා මම එයාට කිව්වා.soal