මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/12

-201- හැපි නිව් ඉයර්!!! යාලුවනේ!



වසර අවසානය වෙනුවෙන් ලිපියක් ලියන්නැයි යතුරු පුවරුව මෙන්ම හිතද බල කරයි. නමුත් ලියන්නේ කුමක් දැයි මම නොදනිමි. මේ වසරේ මා ලද ප්‍රගතියද මා මේ ලියන්නේ... සමහර විට එය විය හැකිය.

2012 වසර ආරම්භයේ මම රැකියාවෙන් ඉවත් වීමි. ඉවත් වීමට බල කෙරිණි. ඒ ඔවුන්ගේ අභ්‍යන්තර ආරවුල්ය.

එහෙත් මම රැකියාවෙන් ඉවත් වීම, මගේ අධ්‍යාපනයට මා හැඟි ලෙස බලපෑවේය. විශ්ව විද්‍යාල නිබන්ධනය ලෙස සාර්ථක ඩොකියුමන්ට්‍රියක් කරන්නට හැකි වූයේ ඒ නිසාය. මම ඒ ගැන ආඩම්බර වෙමි. එය බොහෝ සාර්ථක බව බලන අය කියති. එය නුඹට දක්වන්නට නොහැක්කේ තවම ප්‍රතිඵල දී නොමැති හෙයිනි. විභාගයද සාර්ථක ව නිම කළා යැයි සිතමි. ලබන වසරේදී කෝට් ඇඳ බම්බු ගෙන පින්තූර ගැනීමට හැකි වෙනු ඇත.

මේ වසරේ මම බ්ලොග් එක ලිව්වෙමි. යහමින් ලිව්වෙමි. එහෙත් දිලිෂාරා අක්කා කියන විදියට මම ලියන දේ හරය මදිය. එය මමද පිළි ගනිමි. මා අතින් ලියවුණේ ඩොමැස්ටික් ලිපිය. මම මේ දවස් වල ගවේෂණ ගොඩක් කළ නිසාම ඒවා සරලව සටහන් කර තැබීමට බ්ලොග් එක තෝරා ගත්තා කීවොත් නිවැරදිය. මගෙ අතින් ඉදිරියටත් එවන් ලිපි ලියවේවි. කොහොමත් වෙඩි ලිපි ටික හරි ජනප්‍රියයි නේද? ඒ අතර වෙනස් ලිපිත් ලියන්න මම 2013 දි උත්සාහ කරනවා. ගිය වසරෙ චිත්‍රපටිත් හුඟක් බැලුවා..ඔක්කොම ඉංග්‍රීසි චිත්‍රපට.. 3ක් උපසිරැසි ගැන්නුවා..4 වෙනි එකභාර අරගෙන විවිධ හේතු මත අත පහු වෙලා..එයත් ඉවර කරන්න ඕනෙ....හොඳ චිත්‍රපටි පොත් වාගෙ තමයි..

තව භාර ගත්ත වීඩියෝවක් තියෙනවා.. ඒක කරන්න කරන්න.. ඒ මනුස්සයාට වෙනස් කරන්න ආසා හිතෙනවා..මේ අවුරුද්දටත් ඒක ඇදිලා තියෙන්නෙ...

මේ වසරෙ මම පොත් කියවන්න වෙනදාට වඩා නැඹුරු වුණා. ඒකෙන් මට හැම මොහොතෙම හොඳක් සිදුවුණා. මගේ ශරීරයේ සුවපහසුව අඩු වුණ වසරක් තමයි 2012. ඒක වෙනස් වෙලා.......මම ඉක්මනින්ම සුවපත්වෙයි 2013 දි. මම එහෙම හිතනවා...

ඒ වාගෙම මම බස් රේඩියෝ සම්මාන උළෙලට ඉදිරිපත් වුණා. මම නිර්දේශ නාම අතරටත් පත් වුණා. ඒත් හිතනලන්තය දින්නා... ඒත් මම ඉන් පස්සෙ බස් රේඩියෝ සාමාජිකාවක් වුණා. අලුත් කියන හැඟීම නම් නෑ මට!! මොකද බස් රේඩියෝ පටන් ගත්ත දවස් වල ඉඳන් මම වොයිස් දුන්නානෙ...ඒත් දැන් නිතරම ඉන්නවා.. ඉතින් බස් රේඩියෝ නිසා දැන් මට යාලුවො ගොඩයි... අයේෂා..ජේඩී..දුලා..උෂාන් සිහින.. ඒ හැමෝම... (සිහින ගෙ මඟපෙන්වීම නිසා තමයි, මම බස් රේඩියෝවට ඒ කාලෙ වොයිස් දුන්නෙ..) ළඟදි බ්ලොග් අවෝර්ඩ්ස් එහෙමත් තිබ්බා...පින්තූර ෆේස් බුක් ඇති.

බ්ලොග් එකට කමෙන්ට් දාන්න ෂෙයර් කරන්න...මගේ  ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ කවි කියවලා ඒවාට කමෙන්ට් කරන්න ආපු හැමෝටම හුඟක් ස්තූතියි. ඉදිරියටත් මා එක්කම ඉන්න...

මම බස් රේඩියෝ ජනවාරි 2 වෙනිදා ඉඳන් පටන් ගන්න හදන “සිහිනය දිගේ“ වැඩසටහනටත්, ඔයාලා හැමෝම එකතු වෙයි කියලා මම හිතනවා. මම ආරාධනා කරනවා.. හැම බදාදාම රෑ 8 ට ගෙදර ඉඳලා... බස් රේඩියෝ අහන්න...

තාම අලුත් අවුරුද්ද ලොකුවට සැලසුම් කරලා නෑ. එකම පැතුම නිරෝගී වෙන්න. සතුටින් ඉන්න කියන දෙක තමයි. කුඩා දරුවන්ගෙ අධ්‍යාපනය පිළිබඳ වැඩි දුර හදාරලා ගුරුවරියක් වෙන්න හිතේ කොනක බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වුණොත් මාධ්‍ය හීනය අතහැරෙයි.. ඒත් බස් රේඩියෝ නිසා ඒක වෙන්නෙත් නෑ... ඒ එක්ක ඉඩ හදා ගන්න හැකි වුණොත් ඇඟ හැකි තරම් කෙට්ටු කරගන්න නර්තනය නැවත ආරම්භ කරන්න හිතා ඉන්නවා...

කොහොමත් 2014 ලබන්නෙ මට සිකුරු අරන්ලු....!!!

2012 වගෙම 2013 ත් වේගෙන් අවසන් වේවි.... මට සතුටු වෙන්න පුලුවන් වසරක් උදා වේවා!! කියලා මම පතනවා.. ඒ වාගෙම ඔයාටත් එහෙමම වෙන්න කියලා පතනවා!! මම ඇත්තටම මම ලියන ඒවා කියවන..කියන ඒවා අහන අයට හරිම ආදරෙයි. මේ අවුරුද්දෙදිවත් පට්ට නියමයි අපූරුයි නොකියා වැරදි කියා දෙන්න... මට ඉදිරියටම යන්න පුලුවන් එතකොට..

මේ වසරෙදි සිද්ධ වෙන ඕනෙ දෙයක් වුණාවෙ... මම ඒ විදියට හැඩ ගැහෙනවා...

අහ්!! අන්තිමට කියන්න තියෙන්නෙ.......මේ වසරෙදිත් මගේ යාලුවො ලිස්ට් එකේ අංක එක උෂාන් ට ලැබිලා තියෙනවා...වසර 8ක් පළවෙනි ස්ථානෙ ඉඳලාත් තාම මූට මහන්සි නෑ!! :D .......... යකොව් හැපි නිව් ඉයර්!!!

දැන් සංජිට තද වෙයිද?? නෑ... සංජි උෂාන්ටත් ඉහලින්..ඒ කියන්නෙ.. 0 ඉන්නෙ........හැපි නිව් ඉයර් සංජී මං නෙරංජි

ඉතින් ඔයාලා හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක්!!! ඔයාලා හැමෝම මට උදව් කරලා ඇති මේ සංසාරෙදි!!

12/25/12

-200- මැජෙස්ටික් සිටිය නත්තල් සිරි



දිස්නෙ විහිදෙන, එළිය පැතිරෙන
සොඳුරු සිර කූඩුවක නැගලා...
වහලෙ එල්ලී....බිම ගලා යන
හුදී ජන ගඟ දිහා බලලා.....
කඩල ගොටුවක් තරම් සුඟ වූ
තෑගි මල්ලක් කිහිලි ගන්නා...
මුවින් ගොලුවී දෙනෙත් අතරින්
කතන්දරයක් කියයි සීයා........


මුව පැටවු දඩ මසට විකිණී
දැන් උනුත් නැහැ ආයෙ එන්නේ....
පිළිරුවක් වී අතින් අත යමි
ලොකු කුඩා පොඩි වෙළෙන්දන්ගේ....
තෑගි ගන්නත් කාසි නැහැ මට
මිනිස් කම් මිල කළ සමාජේ....
කඩේ නත්තල දැකලා සැනසෙන.
මමයි නත්තල් සීයා පුතුනේ..

12/21/12

ලෝක විනාසය කල් ඉකුත් වෙයි


අද මේ ගෙවී යන්නේ බොහෝම සුවිශේෂ දවසකි. වසර දහස් ගණනාවක සිට, බලාපොරොත්තු වූ දවසකි. විද්‍යාව තුළ බොහෝ විද්වතුන්ගේ කතා බහට ලක්වූ දවසකි. ජ්‍යෝතිර්වේදීන් නැකත් බලමින්, තරු දකිමින්, වසර දහස් ගණනක් පුරා අනාවැකි පළ කළ දවසකි. කලා කරුවන් මසැසින් දකිමින්, විවිධ තතු සොයමින් බොහෝ නිර්මාණ කළ එළි කරවීමට මඟ පෑදු දවසකි. දේශපාලනඥයන් තුළ අනපේක්ෂිත භාවය රජ කළ දවසකි. සංස්කෘතිය විසින් බොහෝ මත නිර්මාණයට තුඩු දුන් දවසකි. සියලු ආගම් පුදුමාකාර වින්තන පළ කිරීමට ඉවහල් කරගත් දවසකි. මේ සියලු දේ ආරම්භ වුණේ, මායා වරුන් නිර්මාණය කළ දින දසුනෙනි. රෝමය නිර්මාණය කළ රජුන්ගේ නම් උද්දීපනය වන කැලැන්ඩරයට වඩා මායා වරුන්ගේ කැලැන්ඩරය වර්තමාන සාමාන්‍ය දින දර්ශනයට බෙහෙව්න්ම අංග සම විය.

මේ දිනය බොහොම සාමකාමීව ගෙවුණු බවත් එදින මම ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහනගර සභවට අයත් නිවසක ජීවත් වුණ බවත් මතු යම් දිනෙක මම මගේ දරුවන්ට කියමි.

සමස්ත ලෝකයම පෙර කලාකරුවන් කර පෙන්වූ චිත්‍රපට වල පරිද්දෙන්, සැණෙකින් විනාස නොවුණද, විනාශය ඇරඹී ඇති වග මට මෙන්ම ඔබට ද නොදැනෙනවා නම් එය පුදුමයකි. දැනටමත් ගං වතුරෙන් අපේ කුඩා රට තුළ පමණක් දහස් ගණනක් අනාථ බව අමතක නොකළ යුතුය. අපරාධ රැල්ල, රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරු ද අඩුවක් නැත.

මෙය මගේ පුංචි රටට විතරක් බලපාන දෙයක් නොව, මුලු ලොවටම දැනටමත් බලපා ඇති දෙයකි. ඇමරිකාව සහ රුසියාව යන බලවතුන්ගේ සිට චීනය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ආදී ප්‍රධාන පෙළේ සියලු රටවල් වක්‍ර විනාශයකට මුහුණ දෙමින් සිටී.. දැනටමත් සමහර රටවල් යුද වදිති. අවි තනති. බෝම්බ නිශ්පාදනය කරති. සටන් අරඹති.

ගිනි දලු කන්දරාවක් හෝ අඩු ගණනක් උස ජල කඳ පමණක් ලෝකය සමස්තව විනාශ කරතියි සිතමින් අපි බලා හිඳින්නෝ වෙමු. පිට සක්වල ප්‍රහාරයක්, හෝ ඇස්ට්‍රොයිඩයක් කඩා වැටී සමස්ත ලෝකය විනාශ වීම අපි බලාපොරොත්තුව සිටිමු.

නමුත් විනාශය ටිකෙන් ටික වීම පිළිබඳව අපි තවමත් නොදැනුවත්ය. දැන් ලෝකයම සම්මා සතිය මෙහෙයවිය යුතු කාලය එළඹී ඇත. නැතිනම් අනාගත දරුවන්ට හුස්ම ගත හැකි ලෝකයක්වත් ඉතිරි කිරීමට අප අපොහොසත් වනු ඇත.

ලංකාවේ සාමන්‍ය මිනිසා හිස කෙළින් කර ඉතිහාසයට ගරු කරන ජාතියක් ලෙස පිබිදීමේ අවශ්‍යතාවය දැන් තිබේ. සක්වල තවත් ජීවයක් බලාපොරොත්තු වීමේ කාලයද පැමිණ තිබේ.. බල සම්පන්න 80 දශකයේ උපන් දරුවන්ගේ තාරුණ්‍යය ශක්තිය 90 දශකයේ නව යොවුන් දරුවන් හරහා බලාත්මක කරවීමට දැන් නිසි කල පැමිණ තිබේ.. කොටින්ම රටක් ලෙස සොබා දහම ජීව සංහතිය රැක ගත් සංරක්ෂිත සමාජයකට අපි පා නොතැබුවහොත් දෙසැම්බර් 21 විහිලුවට ගත් ලෝක විනාශය 2045 දී සැබෑවටම සිදුවනු ඇත.


12/12/12

[200] මගේ අරවින්ද | හොඳම යෙහෙළියගෙන්


අවුරුදු හතරක් මම අන්තර්ජාලයේ සිංහලෙන් ලිව්වෙමි. අකුරු කෝටියක් මා අතින් ලියවෙන්ට ඇත. ලියන්නට උදව් දුන් හැමට තුති පුදමින් අද ද මම ලියන්නට සිතුවෙමි. මේ මගේ වියුණු සටහනේ දෙසිය වෙනි ලියවිල්ලයි.. එය ඇයගේ ලියුම නමින් වෙන් කිරීමට මම සිතා ගතිමි. නැවතත්, අද වැනි දිනයක් පැමිණෙන්නේ තවත් වසර 98 කට පසු ව හෙයින් මම මෙම ලිපිය ඇයගේ ලිපිය පළ කරනු පිණිස වෙන් කිරීමට සිතා ගත්තෙමි.



ආදරණීය අරවින්ද,

එදා දවස වැහි දවසක්ද? ඉර තිබුණු දවසක්ද යැයි හරි කීමට මට හරි හැටි නුපුළුවන. නමුත් එය හරි අපූරු දවසක් යැයි මම සිතමි. නුඹ ඇඳ සිටියේ, කුමක් විය හැකිදැයි මම සිහියට නගා ගන්නට උත්සාහ කරමි. නුඹ දුටු මුල් දිනයේ මම නුඹට ආදරය නොකළෙමි. එහෙයින්, මට නුඹව එදින මතකයේ නැත. මා නුඹට ආදරය කළේ ඇයිදැයි මම තවමත් මගේ හදවතින් විමසමි. නුඹ මට මඳක්වත් ආදරය නොකරද්දී මම නුඹට ආදරය කළේ මන්දැයි මම නොදනිමි. බොහෝ විට එය විය යුත්ත වන්නට ඉඩ තිබිණි.

නුඹව අනෙක් අයට ලස්සනට පෙණිනි.. රූපයෙන් මට නුඹව හුරුපුරුදු වුවත් නුඹ ගැන අන් අය දිකන බාහිර ලස්සන කිසි විටෙකත් මම නොදුටුවෙමි. නමුත් විටෙක ඔබ අනෙක් අයට ලස්සන නොවුණා නම් යැයි, මට සිතුණු වාර අනන්තය. ඊටත් වඩා මා ඇය තරමට ලස්සන ට ඔබට පෙනුණා නම් යැයි මා සිතන්නට ඇත. ඒ ඔබ මගේ සිහිනය වූ නිසාම විය යුතුය. ඒ සිහිනය 
සදාකාලික සිහිනයට සීමා කර තබන්නට අද මට සිදු වී ඇතත්, මම එදිනද එය බලාපොරොත්තු වුණෙමි. ඒ සමස්තය හා ලෝක නිර්දේශය පරිදී මම අති ලස්සන නොවන කුලකයට අයත්ව සිටි බැවිණි.

එම නිසා නුඹව දැකීමට හා අසල ගැවසීමට මිස, නුඹ ලබා ගැනීමට අයිතියක් මා සතු නොවන බව මම නුඹට පෙම් කරන්නට පටන් ගත් දින සිටම දැන සිටියෙමි. එහෙනමි නුඹ ට පෙම් කළේ මන්දැයි ලෝකය මගෙන් අසනු ඇත. සංසාර චක්‍රයේ ආත්මයෙන් ආත්මයට රැගෙන එන බොහෝ සම්බන්ධතාවන් හී නිම නොවූ කර්තව්‍යයන් අප සතුව පවතින වග ඔබ මෙන්ම ලෝකය ද දැන ගත යුතුය. අප විසින් පසු ආත්ම වල ඒවා ගෙවා නිම කළ යුතුයැයි මම සිතමි. නුඹ ගෙන් සෙනහෙසක් නොලදමින් පවා මා මෙලෙස නුඹට බැඳෙන්නේ, ඒ භවාරණ්‍යයයේ පැමිණි ගමන් මඟ තුළ තවමත් මම මං මුලා වී හිඳින නිසා විය යුතුය. මම සිතට තව වරක් වීර්ය ගනිමි.

මට නුඹ ගැන සිතෙන හැම දේම, මෙසේ ලියා තියන්නට හැකි නම් යැයි විටෙක මට සිතේ. නමුත් ලිපිය හැකි තරම් කෙටි කළ යුතුය. මට එය කළ හැකි වේදැයි මම නොදනිමි. සමහරවිට මගෙ අතින්, සමහර දේ මඟ හැරේවි. එහෙත් මම නුඹ ගැන ලියමි. මන්ද යත් මේ ජීවිතයේ මා මිය යනතුරු ආදරය කරන්නේ නුඹටම පමණක්  බැවිනි.

මට නුඹගේ අතින් වත් අල්ලන්නට උවමනා නැත. අඩුම තරමේ නුඹ ළඟ වෙලී සිටීමට තරම් වත්  ශෘංගාරාත්මක සිතිවිල්ලක් කිසි දිනෙක ජනිත වී නැත. නමුත්, මම නුඹ අසල හිඳගෙන සිටීමට ප්‍රිය කළෙමි.. ඒ නුඹෙන් විහිදෙන නුඹට අනන්‍ය සුවඳකට අවිඥාණිකව ප්‍රිය කළ නිසාද, නැතිනම්, නිතර සීතල වන මා සිරුරට නුඹ අසල රැඳෙද්දී යම් උණුසුමක් දැනෙන නිසාදැයි මම නොදනිමි. 

මම නුඹ පුටුවෙන් නැගිට ගිය විගස, නුඹේ හිඳ සිටි පුටුවේ හිඳ ගනිමි. මම ඒ පුටුවේ මැකී නොගින උණුහුමට හදවතින්ම ප්‍රිය කරමි. මම නුඹට ආදරය කළේ, යම් පුරුද්දකිනි. නුඹට ආදරය කළ යුතුයැයි මට එක්වරම සිතිණි. ඒ නුඹ සමඟ කතා කළ පළමුවන දිනදීය.. එදා පටන් මම නුඹට ආදරය කරමි.. මම නුඹට ආදරය කිරීමට ඇබ්බැහි වී සිටිමි. ඒ අවිඥානික හැඟීම හදවත තුළින් සවිඥානික වී මාගේ ආත්මයේ අහු මුලු සිසාරා විහිද ගියේය. එය ඔබට විහිලුවක් විය හැකිය. නමුත් එය මට මගේ ආත්මය ම විය.

නුඹ සමඟ එක මඟ ඇවිද යන්නට මම ආසා කළෙමි. මම නුඹේ කට හඬ අසන්නට ප්‍රිය කළෙමි. නුඹ කතා කරනා බොහෝ දේ කාලාන්තරයක් මා අසන්නට බලා සිටි දේ වු බැවින් මම නුඹගේ වචන වෙත බැඳී සිටියෙමි. නුඹ පන්තියේ බිත්තියට පිට තබාගෙන අන් අය හා කතා කරන සැටිත්, කේන්ති ගන්නවුන් සමඟ තර්ක කරන සැටිත් මම ආසාවෙන් බලා හිඳිමි. අවසන කෙනෙක් තරහ ගෙන නැගිට ගිය පසු, ඔබගේ මුහුණේ මතුවෙන, සුන්දර හිනාවට මම තවමත් ආදරය කරමි. නුඹ පන්තියේ ගුරුවරයෙක් නැති විට නිරායාසයෙන්ම අපේ නායකයා වූයේ කෙලෙස දැයි මම නොදනිමි. 

නුඹ ලියූ දේ, නුඹ කතා කළ දේ තුළ මට ඉවත ලන්නට දෙයක් නොවූයේ ඇයිදැයි, මම තවමත් කල්පනා කරමි. මම ඒවාට එතරම්ම ආදරය කරමි. නුඹ ලියූ කටු කඩදාසියක්වත් ඉවත නොදමන්නට තරම් ඒ ආදරය බලවත් වූ බව මම දනිමි.

නුඹ ඇවිද්න්නේ පොළවටවත් බරක් නොදෙමිනි. නුඹ සැමවිටම සිනාසෙන්නේ අනෙකෙක් නොතලමිනි. නුඹ බලා සිටින්නේ, නුඹේ දෙනෙතටත් නොදැනෙන්නටය. එහෙව් නුඹගේ ආදරය කෙසේදැයි මම තවමත් නොදනිමි. නුඹ ආහාර ගන්නා විට නුඹේ ඇති සංයමය සහ නිහඬතාව දෙස මම බලා සිටිමි. නුඹට බත් කටක් කැවීමට මම ආසා කරමි. සංසාරයේ මේ අත්භවය මට මා මේ අතරම් ආදරය කරන ඔබව නොදුන්නේ මන්දැයි, මම තවම නොදනිමි.

මට මහ හුඟක් දේ නුවමනා කළ බව ඔබ දන්නවා දැයි තවමත් මම නොදනිමි.. මම ආසා කළේ ඔබ යමක් ලියන විට මේසය අසල හිඳ නුඹට තනි රකින්නට පමණි. ඔබ යමක් ගැන කල්පනා කරන විට ඔබට බාධා නොවෙන්නට, යාර ගණනක් ඈතින් හිඳ, ඔබ දෙස බලා සිටින්නට පමණි. නුඹ නිදිවරාගෙන යමක් කරද්දී නුඹට තේ කෝපයක් සාදා ගෙනත් දෙන්නට පමණි. නුඹ යම් දෙයක නිරත වන විට කෑම ගැන නොසිතන නිසා, වෙලාවට නුඹට බත් ටිකක් කැවීමට පමණි. නුඹ ලස්සනට ඇන්ඳ පැළැන්ද කල අන් අයගෙන්, නුඹ ලස්සන බව ඇසීමට මම ආසා කළෙමි. නුඹ අසනීප වූ විට නූඹව රැක බලා ගැනීමට, තනිකමට පාලුවට නුඹ අකමැති වූ විටක නුඹ හා කතා කිරීමට මම ආසා කළෙමි.. මට නුඹ සමඟ කතා කිරීමට බොහෝ දේ තිබිණි. මා කියනා දිගු කතන්දරයකට නුඹේ එක් වචනයක සියලු පිළිතුරු ගැබ්ව තිබිණි. 

ගැහැණියෙකුට පිරිමියෙකු වෙනුවෙන් බත් තම්බන ආශාවක් වේ යැයි, කෙනෙක් මට සිනා විය හැකිය. නුඹද එසේ සිනා සෙනු ඇත. මම ඒ සාම්ප්‍රදායික ගැහැණියට කැමැත්තෙමි. මන්ද යත් හදවතින් ඔබට අසාම්ප්‍රදායික වීමට රුකුලක් මට දිය හැකි වග මම හොඳින්ම විශ්වාස කරන බැවිනි. එමෙන්ම ජීවිතය පුරාවට නුඹ නොලබාම නුඹට  සදාකාලිකව ආදරය කිරීමට තරම් මම අසාම්ප්‍රදායික වී ඇති බැවිනි.

නුඹ එක්ක දළදා මාලිගාවේ, වලාකුලු බැම්ම වටා ඇවිද යාමට මම ආසා කරමි. කොන්ක්‍රීට් බංකු අසල කෑම සොයන පාත්තයන්ට පොරි ටිකක් කන්නට දෙන්නට, පුංචි පාන් කෑලි කඩා බෝගම්බර වැවේ මාලුවන්ට විසි කිරීමට මම මහත් සේ ආසා කරමි. නුඹ කියන දේ අසා සිටිමින් හැතැක්මක් දෙකක් හෝ කොතැන හෝ ඇවිදීම අමාරු නොවන බව මම දැනගෙන සිටියෙමි. පදික වේදිකාවේ ඉඳ සිටින තොරොම්බල් වෙළෙන්දෙකු විකුණන ප්ලාස්ටික් වලලුවක් නුඹේ අතින්, පලන්දා ගැනීමට ආසා කළෙමි. ඒ සියල්ල සිහින බව දැන දැනත් මම සිහින වලම ජීවත් වුණෙමි. අදද සමහර රැයක එවන් හීන දැක, ඇහැරෙන විට, මම අතරමං වූ හැඟීමක ජීවත් වෙමි. හීනය තුළම හැබැහින්ම මිය ගියා නම් යැයි සිතුණු වාර අනන්තය.

නුඹ ඇය ට ආදරය කරද්දි, තුන් හිතකවත් නුඹ ගැන වෛරයක් හෝ කලකිරීමක් මා සිත තුළ නූපන්නේ මන්දැයි මම අදටත් කල්පනවා කරමි. මම ඔබට මෙන්ම ඔබ ආදරය කරන ඇයට ද ආදරය කළෙමි. ඒ මම යැයි සිතා ගන්නට මගේ දුප්පත් සිත උත්සාහ කළ වාර කොපමණදැයි මම නොදනිමි. මම සමහරක් දින වල නිදා සිටිනා කොට්ටය තෙත් වන තුරු හඬමි.. මම මගේ වයසට ගැළපෙන කුඩා රූපයක් නොලද්දේ මන්දැයි මම මැවුම් කරුගෙන් ප්‍රශ්න කරමි. මම සමහර දින වලට මහ මුග්ධ ප්‍රාර්ථනා වලට යට වී නින්දට යමි. එක් දිනකට පමණක් වත ඇගේ රුව මට ලැබෙන්නැයි, මා පැතූ වාර අපමණය.

නුඹට, මා ආදරය කරන වග සඟවන්නට මම බොහෝ සේ උත්සාහ කළෙමි. නමුත්, මිට මොළවාගත් සුවඳ විලවුන් මෙන්, හංගන්නට නොහැකි ඒ හැඟීම නුඹ දැනගත් බව මම දනිමි. අඩුම තරමේ අනුකම්පාවක් වත් නොව නුඹේ මහා වියරුවකට මම යට වීමි. කිසිම වරදක් නොකළ මා සමාජයේ සිනාවට හසු වීමට ද නුඹ විසින් පාර කැපූ බව මම දනිමි. එය මම දුටුවෙමි. මම යම් තැනකට එන විට, නුඹ සර්පයෙක් දුටු ලෙස එතනින් ගිය බව මම දනිමි. අවසන මම මුලු සමාජයෙන්ම වෙන් වීමි. මට වඩා ඔවුන්ට නුඹ අවැසි බව මම දැන ගතිමි. නුඹට පිරිවර ලැබෙන්නට මිස මට ලබන්නට කිසි ම පැතුමක් නොවූයෙන්, මම පසෙකට වීමි. විහිලුවට ලක්වුණෙමි. නමුත් ඒ උප සංස්කෘතිය දෙස මෙන්ම, සියලුම ප්‍රාණීන් දෙසද මැදහත් සිතින් බලා සිටියෙමි. ආදරය නොහඳුනන්නන්ට ආදරය කිරීම ට දෙවියන් සැබෑ මිනිසුන්ට ඉගැන්වූ බව මම දනිමි. මෙතරම් උතුම් වූ නුඹ මෙසේ හැසිරුණේ මගේ පාපයෙන් බව අදටත් මම සිතමි.අවසන නුඹ චෝදනා විරහිතව මා පිළිකෙව් කරද්දීත්, මම නුඹට පෙමි කළෙමි.

නුඹගේ උපන්දිනය දා, නුඹව සතුටින් තැබීමට මම මහත් සේ ආශා කළෙමි. මම මාසයක් ඒ ගැන සිතුවෙමි. සතියක් සැලසුම් කළෙමි. මාසයක් පමණ එකතු කළෙමි. මම එදින, උදෑසන සූදානම් වී , හැමට පෙර නුඹේ පන්තියට ගියෙමි. නුඹේ මේසයේ නුඹේ උණුසුම වරුවකට එයින් මැකී නොයන්නේ නම්, නුඹේ හදවතේ උණුසුම ජීවිතය පුරාවට මගේ හදින් මැකේ යැයි මා අදහන්නේ කොහොමද? 

මං අනෙක් අය එනවාදැයි බලමින් හොර හොරෙන් මුලු පන්තියම සැරසුවේ, එය මා කළ බව දැනගතහොත්, ඔබ එයින් සතුටට පත් නොවන බව දන්නා නිසාවෙනි. මම මගේ නම කිසි තැනක නොලීවෙමි. එහෙත් උපන්දින සුබ පැතුමේ මගේ අත් අකුරු යෙදූ බව මට ඒ මොහොතේ අමතක වී තිබිණි. නුඹ පැමිණෙන විට අසලක සිටින්නට ආසා කළත්, නුඹ මා පිළිකෙව් කරද්දී මට ඔබ ගේ දසුනට මෙතරම් සුන්දර දිනකදී දුකක් එක් කරන්නට උවමනාවක් නොතිබිණි. ආදරය යනු හැකි තරම් ලබා දිය යුත්තක් මිස, ලබා ගත යුත්තක් නොවන බව මම ඒ වන විට හොඳින්ම තේරුම් ගෙන තිබිණි. නුඹ සතුටු බව මට ඇසිණි, නුඹ බොහෝ සතුටු වූ බව මට ඇසිණි. මගේ ඇසට කඳුලක් ඉනුයේ, “ඒක කළෙ මං“ කියා ඔබ වෙතට දිව එන්නට නොහැකි වූ නිසා නොව, මම කළ දෙයින් ඔබ සතුටු වූ හෙයිනි.. එහෙත් මගේ අත් අකුරු හැඳිනූ අන් අය ඔබට ඒ වග කියද්දී ඔබේ මුහුණ අඳුරු වූ වග මම දනිමි. මට එය දැනිණි. මිය යන්නටම තරම් වේදනාවක් දැනෙද්දී මම පන්තියට වී සිටියෙමි. ඔබ ඇවිත් අන් අයගේ ඉල්ලීම පිට මට ස්තූතියි කියූ හැටි තවම මට මතකය තුළ දෝංකාර දෙයි.. ඔබ එසේ නොකළා නම් මේ දුක අඩුයැයි මම සිතමි. මන්ද යත්, නුඹගේ ඇස් වල තිබූ කේන්තිය මා තවම පෙළන බැවිනි. මේ ටික ඇය විසින් කරන ලද්දේ නම් එය කෙතරම් නුඹ අගයයිදැයි මට සිතිණි. ඇය නුඹ වෙනුවෙන් එතරම් කැපවුණාදැයි මම නොදනිමි. මට එය අදාළ නැත. නමුත් ඒ මොහොතේ මට ඇය වන්නට ආසාවක් සිය දහස් ගුණයකින් පහළ විණි. මට ආදරය වුවමනා කර තිබිණි. 

නුඹ බොහෝ කරුණාවෙන් හැමටම සලකද්දී, මට එසේ නොකළේ කුමන හේතුවක් නිසාදැයි මම නොදනිමි. අඩුම තරමේ අනුකම්පා කරන්නට තිබිණි. නුඹ එදා හැමටම කේක් කැවූ බව මගේ මතකයේ විය. අවසන මා ඉතිරි විය. මට නුඹ කැවූ බව මට මතකය.. නොකවා සිටීමට වඩා අන්තිමට හෝ කැවීම කෙතරම් අගේදැයි මම අදත් කල්පනා කරමි. පුංචි දේවල් පමණක් ජීවිතයට ලැබෙන අපි වැනි අය එවන් දේවල් වලින් සතුටු විය යුතුය. නැතිනම් ජීවිතය තුළ අප මිය යන්නට පෙර සතුටු වීමට දිනක් එන්නේ නැත. නමුත් තමාගේ ආත්මයේ පළවෙනියා, ගේ ජීවිතය තුළ තමා අන්තිමයා වීම තරම් වේදනවක් මෙලොව කිසිවෙකුටත්, දරන්නට නොවේවායි මම දෙවියනගෙන් ඉල්ලමි. ඒ අසරණ කම කෙතරම් ඛේදනීයදැයි දන්නේ, එයට පත්වන්නා පමණි.

නුඹ විසින් ලියා.. තැන තැන දමා යන ලිපි, මම හවස් වරුවේ නුඹේ පන්තියට විත් එකතු කෙරුවෙමි. ඒ සියල්ල, කෙතරම් මා පරිස්සම් කළාදැයි නුඹ නොදන්නවා විය හැකියි. මම ඒ සියල්ල පරිස්සම් කොට නුඹට දුන්නෙමි. එහෙත් යළිත් ගෙනැවිත් නුඹට නොදුන් එක් කොළයක් තවමත් මම පණ මෙන් සුරකිමි. ඒ මට නුඹව සිහිවීමට ඇති එකම භෞතික සම්පත බැවිනි.

අප විද්‍යාලයට පැමිණි  මුල් දින වල පැවති බිග් මැච් එකේ අවසන් බෝලයට පෙර නුඹ දිවීමේ වරදට දැවී ආ වෙලාවේ, මා අසලක සිට ගත් හැටි නුඹට මතකදැයි මම නොදනිමි. එදා නුඹ පය පාමුල හිඳ සිටි මා, මා දුටු සොඳුරුතම මිනිසා ඡායරූපයට නැගුවෙමි. මා දුටු ආදරණීයම මිනිසා මගේ හදවතේ මෙන්ම, මා ළඟද සේයා රුවක්ව තවමත් සුරුකිව සිටින්නේය. එය මට ප්‍රමාණවත්ය. එය මේ අහිංසක හදවතට ඇති තරමට ප්‍රමාණවත්ය.

නුඹට මස් මාලු කෑමට නොහැකි දවස් තිබෙන බව මම දැන සිටියෙමි. ක්ෂේත්‍ර චාරිකාව ගොස් අප නවාතැන් ගනිද්දී, නුඹට කෑමට දෙයක් නැති බව මා දැනගත්තේ,මා කෑම බෙදා ගත් පසුයි. කෙතරම් කුස ගින්න දැනුණත් මට කන්න පිරියක් තිබුණේ නැත. අවසන මම බලෙන්ම නුඹට මගේ යෝගට් එක දුන් බව මම අදත් සිහි කරන්නේ අප්‍රමාණ ප්‍රීතියකිනි. මගේ බිස්කට් පැකට් එක, ඔබ දැන හෝ නොදැන කෑ බව අසා මම පත් වූ සතුට අපමණය. එය වෙන කිසිවෙකු කෙරෙහිවත් මෙහෙයිය නොහැකි වන ආත්මාර්තකාමී ආදරයකි. මට තවමත් මා ගැන පුදුමය. මම සදාකාලිකව ඒ පුදුම ආදරයේ ජීවත් වෙමි. මන්දයත් එය නුඹ වෙනුවෙන්ම පමණක් හෙයිනි. 

එහෙත් විඳි කප්පරක් දුක් ගැහැට නිසා ඔබව අමතක කරන්නට, මම උත්සාහ නොකළා යැයි මම නොකියමි. 

මට නුඹ ගැන කලකිරෙන්නට ඕනෑ විණි. මෙය පාපෝච්චාණයක් දැයි , නොදනිමි. මම වෙනෙකෙකු නමින් පෙනී සිටියෙමි. නුඹ දින හතරක් පමණ ඒ මා බව දැන නොසිටි බව මම දනිමි. නමුත් ඒ දින කිහිපයේ නුඹ හැසිරුණු ආකාරය මට මහා පුදුමයක් විය. නුඹ එක් දිනක් තුළ වෙස් වලා ගත් මට ජංගම දුරකථන අංකය පවා දීමට කෙලෙස නිබය වූයේ දැයි මා කල්පනා කළෙමි. මම සිතා සිටි අරවින්ද එසේ නොවේ. මට අපමණ දුකක් දැණිනි. ඒ වෙස්වලා ගත්තිය මා බව දැන ගත් පසු නුඹ හැසිරුණු ආකාරය මා දුකටත් පුදුමයටත් පත් කරවීය. ගණිකාව යැයි මා අමතන්නට තරම් , නිර්මල වදන් හසුරන නුඹ දරුණු වූයේ කෙසේදැයි මම නොදනිමි. එහෙත් සදාකාලික ප්‍රේමයක් යටපත් කරන්න ඒ පුංචි ගල් මුල් ඉතා ම කුඩා වැඩියැයි නුඹ යම් දිනක තේරුම් ගන්නේ, නුඹ මා විඳි දුකම විඳි පසුව පමණක් හෙයින්, නුඹ ඒ වේදනාව තේරුම් නෙගනීවා යැයි මම ප්‍රාර්ථනා කරමි. මා මෙතරම් ආදරය කරන ඔබ දුක් විඳිනවාට මම අකමැත්තෙමි.

අම්මා කෙනෙක් කුඩා දරුවෙකුට දක්වන අප්‍රමාණ මෙත් සිතින් මම සියල්ල අමතක කර දැමූවෙමි. මගේ ආදරයේ උරුමය නුඹට සර්වකාලීන වග නුඹ දැන ගත යුතුය. මට ඔබ ලබා ගන්නට තරම් හයියක් නැත. වුවමනාද නැත. එහෙත්, මතු ආත්මයේ දිනක නුඹ සමඟ දුකක් නොවිද එක් ආත්මයක් හෝ ජීවත් වන්නට මම පෙරුම් පුරමි. ඇය ගැන මම අද කිසිවක්ම නොදනිමි. නමුත් ඇය හා ඔබ එක් වනවාට මම කැමැත්තෙමි. එවිට ඔබ සතුටින් සිටී යැයි මට දැනෙන බැවිනි. 

ඔබේ කටින් ආදරේ යැයි අසන්නට හිතේ ආසාවක් තිබුණත්, බලාපොරොත්තුවක් නොමැත. නමුත් මා මිය යන යම් දවසක, නුඹේ දෑස මට පෙනෙන ඉසව්වකින් වේ නම්, මා නුඹේ දෑස දෙස බලා ගෙන මියැදීමට කැමැත්තෙමි. නුඹ නොඑන්නේ නම්, අසිහියෙන් හෝ එය මට පෙනේවායි.. මම ප්‍රාර්ථනා කරමි. මතු අත්භවයක නුඹ ලබන්නට මිය යන තුරු පෙරුම් පුරමි. නුඹට සුබ පතන්නට අදත් මට වාසනාව ඇති මුත්, ඉදිරිය ගැන මම නොදනිමි. නමුත් නුඹේ උපන් දිනයට මා කොහේ හෝ පන්සලක නුඹ වෙනුවෙන් බුඳුන් වඳිනු, නුඹ පැමිණියහොත් බලා ගත හැකි වේවි. මම නුඹට දක්වන ආදරයට ලෝකයා නමක් නියම කරාවි. මට මානසික අසහනයක් ඇතැයි කියා ලෝකය කියාවි. ඔබේ දෙනෙත් වල මේ මොහොතේ ලියවී ඇත්තේත්, මා වෙනුවෙන් උපන් බාල අනුකම්පාවක් හෝ උපහාසයක් බව මම දනිමි. එය ඔබ මේ ආත්මයේ සමාජයෙන් ලද්දක් මිස, මගේ අරවින්ද එසේ නොවන වග මම දනිමි.

එසේ නම් නුඹ මට උතුම් වන්නේ කෙලෙසදැයි සමහරු මගෙන් අසාවි.. මම නොදනිමි. නමුත් මේ ලොව මා දුටු වටිනාම මිනිසා, සොඳුරුතම මිනිසා සහ මා ආදරය කරන මිනිසා නුඹම පමණක් වග මම දනිමි. සමහර විට මේ ගෙවී යන්නේ, සංසාරයේ මා ඔබට කළ වරදක් විය හැකිය. නුඹව මට නිතර දකින්නට තවම පින් තිබීම, මාගේ වාසනාක් යැයි මම දනිමි. මම නුඹට මියෙන තෙක් ආදරය කරමි. මතු දිනෙක, නුඹට යම් මොහොතක දුකක් දැනුනොත්, මා කිනම් තත්වයක සිටියත්, නුඹ වෙනුවෙන් සිටින වග පමණක් මතක තබා ගන්නා ලෙස, ඉල්ලා සිටිමි. මන්ද යත් මා සදාකල් නූඹ නමින් ජීවත් වන බැවිනි. මගේ ශරීරය කෙනෙකු විසින් අයත් කර ගන්නට හැකියාව ඇති වුවද , නැති වුවද නමුත් හදවත නුඹ අසල සැරි සරාවි.. නුඹ සමාජ ධර්මතාවයන්ගෙන් හා ආඩම්බරයෙන්ද, මාන්නයෙන්ද, තෘෂ්ණාවෙන්ද වසා සිටිනා මගේ අරවින්ද ව නියම මනුෂ්‍යය වේසයෙන්, ඒ අප්‍රමාණ මිනිසා කොට, ලෝකයට දායාද කරන ලෙස මම මේ විශ්වයෙන් ඉල්ලමි.

වසර ගණනකට පසු, නුඹට මා එකතු කළ ලිපි, නුඹ වෙනුවෙන් සැදූ එක එක සැරසිලි. උපන්දින සුබ පැතුම්, සමහරු සටහන් හමු වූවහොත් (සමහර විට ඒවා කුණු ගොඩක විය හැකිය.) නුඹේ 23 වෙනි උපන්දිනය නුඹට යම් දිනක සිහිපත් වේ නම්, එතැන මා සිටි බව අමතක වූවාට කමක් නැත. 

ආදරණීය අරවින්ද නුඹ ලිවීම නතර නොකළ යුතුය. මන්ද යත්, මා ගොඩ නැගෙන්නේ, ඒ අකුරු තුළින්ය. මා ඒ අකුරු දෙස බලා සිටින්නේ, අපමණ ගෞරවයකිනි. ආදරයකිනි. 

අවසානයේ නුඹෙන් එක ඉල්ලීමක් කරමි. 

ගන්න නුඹ ට එදා අවසන් උත්සවයේ දී පාසලෙන් ලැබුණු සමරුව එහි එක් පිටක නුඹට බොහෝ ආදරය කරන්නාවූ යුවතියද අනෙක් පිට නුඹ බොහෝ ආදරය කරන යුවතියද සිටින්නීය. නුඹ ට අවසානයට කිව යුත්තේ, මම නුඹට සේම ඇයටද ආදරය කරන වග පමණි. මට අහිමි නුඹට කිසි දිනක වෛර නොකරමි. නුඹගේ නොලද ආදරය හීනයක් කොට ගෙන මම ගොඩ නැගෙමි. 

නුඹට යම් දිනෙක ජීවිතය හරිම පුදුමාකර බව දැනෙනු ඇත.. මන්ද යත් නුඹට ආත්මයෙන්ම ආදරය කරන යුවතිය තෙරුවන් සරණ පතද්දී , නුඹ ආදරය කරන ඇය අල්ලා දෙවියන්ගේ පිහිට ඔබට පතනු ඇත. 

නමුත් දෙදෙනාම දැරියෝය. 
දෙදෙනාම එකම ලෙයින් පණ ගැහෙනා යුවතියෝය. 
දෙදෙනාම මිහිකතගේ දියණියෝය...


Adarayada Me - W.D. Amaradewa ( Official HD Music Video ) by Neranji Ekanayake

12/6/12

අන්දන්න ගොස් ඇන්දෙන අපේ කෙල්ලෝ


ඔන්න යාලුවෙ ලෝක විනාසය research එක කරන්න ගිහින් ටිකක් කම්මැලි හිතුණ නෙරංජි ආපහු මඟුල් research එක පැත්තට හැරුණා... ඒකත් එක අතක විනාසයක් කියලා හිතෙන්න පටන් ගනීවි ඔබට අද මාතෘකාව සාකච්ඡාවෙන් පස්සෙ. මගෙ බ්ලොග් ලිපි සෑහෙන ඩොමැස්ටික් කරණය වෙලා කියලා මගෙ සමහර සොයුරියන් චෝදනා නගනවා.. ඒත් මේ ලිපි පෙළ කෙනෙක්ට විහිලුවක් වුණත්, තව කෙනෙක්ට වැඩක් නැති වුණත්, මම උත්සාහ කරන්නෙ, පත්තරේ ටීවී එක ආදී ප්‍රබල ජන මාධ්‍ය වලින් (සමහර වෙලාවට කියන්න අවශ්‍ය වුණත්) කියන්නට බැරි වුණ සමහර ඇත්ත දේවල් ඔබට සරලව වටහා දෙන්න..

ටීවී එකටවත් පත්තරේටවත් මේ තරම් ඇත්ත කියන්න බෑ.. කොටින්ම ඒ ශිල්පීන් කියන කිසි දේකට එහෙම නැත්නම් ඒ ආයතන කියන කිසිම දෙකට වැඩසටහන ඇතුළෙ විවාදාත්මක ස්වරූපයක් ඇති කරවන්නවත් බෑ. ඒ මොකද දන්නවද? ඔය වැඩසටහන් වල සෙග්මන්ට් එකක් ගන්න ඒ ශිල්පියා විසින්ම ඒ ආයතනය විසින්ම විශාල මුදලක් ගෙවලා අනුග්‍රහකත්වය ලබා ගන්න නිසා...

යාලුවෙ අද මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ, එක කාරණාවක් ගැන පමණයි. ඒකට හේතුව ඒ කාරණාව හරිම සංකීර්ණයි... සමහර විට එක ලිපියකුත් මදි වෙයි. අපි අද කතා කරමු මනමාලියන්ට අන්දන එක සම්බන්ධව. අපි දැනගත යුතු හැම කරුණක්ම වගේ..මට බැරි වෙන හා මඟ හැරෙන ඒවා මේ ලිපිය කියවීමෙන් පසුව හිරූ අක්කා නිවැරදි කරයි ඔබ වෙනුවෙන්. එයා කලින් ලිපි වලදිත් මට උදව් කළානෙ...

මේ ලිපියට එක සැරේ එන එක මාන්දමිකයි වගේ නම් අපි බඳිමුද?  අපි කාවද බඳින්නෙ? එන්ගේජ්මන්ට් එක ලාබෙට කරමු රෙජිෂ්ට්‍රේෂන් ගන්න හැටි. වෙඩිං පළමු පියවර වෙඩිං එක සරසමු....කියන ලිපි වාගෙම කමෙන්ටුත් බලලා එන්න..

හරි. එහෙනම්, ඉස්සර නම් සුදු සාරියක් ඇඳලා... අරලිය මල් කිණීත්තක් අරන් ගිය වැඩේ අද වෙනකොට සෑහෙන්න සංකීර්ණ වෙලා..කොටින්ම මේක අවුරුද්දක විතර ලොකු කාරියභාරයක්.. ලොකු ලොකු වැඩසටහන් වල ට එන ලොකු මිනිස්සු නම් කියන්නෙ, මනමාලියක් අන්දන්න භාරගන්නෙ මාස හයකට කලින් කියලා. ඒ තමයි ඒ අයගෙ අවම කාලය. වසරකට කලින් එනවා නම් ඒ අය වඩා කැමතියිලු.. හදිසි විවාහ වලට නම් ඉතින් අන්දන්න ලොකු මුදලක් ගන්නවාලු.

 මේ වෙලාවට ඉතින්, එක දවසක් අන්දගන්න මාස හයකට කලින් ගිහින් කියලා එන්නෙ අහවල් එකටද කියලා අපේ කුඩා මොළේට ප්‍රශ්නයක් එනවා තමයි.. ඒත් ඒ අය මෙහෙම දේවල් කියනවා..


  • මනමාලි මහත නම් හැකි තරම් කෙට්ටු කරවන්න.
  • කුරුලෑ පිරුණු කෙනෙක් නම් ට්‍රීට් මන්ට් කරන්න
  • ෆේෂල් කිහිපයක් කරන්න
  • පෙඩිකියු මැනිකියු කරන්න
  • රෝම කූප වැක්ස් කරන්න
  • සාරි තෝරන්න සහ ඒවාට ජැකට්ටු මහන්න 
  • මල් බොකේ හදන්න
  • කොණ්ඩෙ හදන්න සහ  හිස් හැරසිලි ගැන හොයන්න..
  • අවශ්‍යය රියසල් කරන්න...( ඇන්දීම සහ ඇවිදීම සම්බන්ධ ඒවා පමණයි)


මෙන්න මේ හැම එකටම අදාලව ඒ අය ගිය විගසම මනමාලිට කාල සටහනක් දෙනවා.. ඉතින් ආදරණීය යෙහෙළියෙ. මම 23 ක තවම බැඳලා නැති කෙල්ලක් වුණත් යම් හැකියාවකින් හොයාගත් දේවලින් ප්‍රමාණික දැනුමක් ඇති කෙනෙක් නිසා... ඔබ , මම මේ කියන දේ අහලා ඒ ගැන මඳක් හිතයි කියලා මම හිතනවා.. යෙහෙළියෙ ඔබ විවාහ වෙන්න මාස හයකට කලින් බියුටීෂියන් ළඟට දුවන්න ඉස්සර කරුණාකරලා ඉස්සෙල්ලාම යන්න ඕනෙ වෛද්‍යවරයෙක් ළඟට. ලෙඩක් ඇතත් ...නැතත්.. මේ පියවර අනුගමනය කරන්න.. ඔබට වරදින්නෙ නෑ... ඔය බියුටිෂීයන් ගෙ ඇන්දීම එක දවසයි. ඒත් ඊට වඩා හුඟක් වැදගත් දේ තියෙනවා..


  • ඔබගෙ ශරීරයේ ඇති කොලොස්ට්‍රෝල් සහ සීනී මට්ටම පරීක්ෂා කරන්න
  • ශරීරයේ තයිරොක්සීන් ඌණතාවයක් තිබේදැයි පරීක්ෂා කරන්න ( මන්ද තයිරෝඩීතව දරුවන් මන්ද බුද්ධික කරවයි)
  • කුඩා කළ රුබෙල්ලා එන්නත විද නැත්තම්, එය විද්දවා ගන්න (විවාහයට අවම මාස හයකටවත් පෙර)
  • පැපොළ සඳහා නියමිත එන්නත ලබා ගන්න ( මොන බියුටි කචල කළත්, ඔය මාස හය ඇතුළෙ ඔය ලෙඩේ හැදුණොත් කෙල්ලනේ, කැලලි වහන්න හරි අමාරුයි.)
  • ඔබගේ රුධිරය වර්ගය ඔබ නොදන්නවා නම් එය පැහැදිළිව දැන ගන්න.
  • ඔබ සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරගන්නවා නම් තමයි වඩා හොඳ. නියමිත එන්නත් සියල්ල ලබාගෙන.
  • ඔබේ දත් ටිකත් මතක ඇතිව දන්ත වෛද්‍යවරයෙක් ලවා ශුද්ධ කරවන්න. ෆ්ලෝරයිඩ් ට්‍රීට්මන්ට් එකත් වැදගත්.
පිරිමි ළමයිත් වෛද්‍ය පරීක්ෂණයක් කළා කියලා නරකක් වෙන්නෙ නෑ.. හරි යාලුවෙ ඉන් පස්සෙ සල්ලි තියෙන තියෙන විදියට ඔය කුමන බියුටීෂියන් ළඟට ගියත් වරදක් නෑ... මේ ටික ඔබේ රූපය වෙනුවෙන්,කියන්නෙ...මතක තබා ගන්න. සුමානෙකට සැරයක් තැම්බුං හොද්දක් බොන්න. හැකි තරම් වතුර බොන්න. පැණි රස සහ තෙල් කෑම ඒ මාස හයේ හැකි තරම් අඩු කරන්න. දවසකට පැයක් සිංදු දාගෙන නටන්න... වෙනිවැල් ගැට උරච්චි කරලා... කෝමාරිකා ටිකක් සුදු හඳුන් ටිකක් බෙහෙත් කඩේකින් ගෙනත් නාන්න කලින් මුණේ විනාඩි දහයක් විතර ගාගෙන ඉන්න... පුලුවන් නම් කඩල පිටිත් නියමයි... අයිස්ක්‍රීම් කන්න එපා.. ඒත් යෝගට් කන්න. බෙලිමල්, රණවරා, පොල්පලා කැඳ ටිකක් බොන්න. තෙබු කොළ සම්බෝලයක් දවස් තුනකට සැරයක් හෝ සුමානෙකට සැරයක් හරි කමක් නෑ ආහාරෙට ගන්න.. ඔයා ලස්සන වෙනවා..ස්ථිරයි...

ඒත් ඉතිං බියුටීෂීයන්ලා පෙති කඩලා මූණේ ගන්න කියයි. කරල් ගලවලා කොණ්ඩෙ ගාන්න කියයි. බඩට බොන්න පෙතිත් දෙයි. ටී පැකට් වාගේ ඖෂධ පැකට් එහෙමත් දෙයි... බඩට බොන පෙති ගැන නම් ටිකක් පරිස්සමෙන්.. ඉස්පිරිතාලෙ හිටියා එහෙම බීලා ලෙඩ වුණ අය..( මම ඉස්පිරිතාල ගැන හොඳට දන්නවා...බේත් ගන්න යනවානෙ.)

හරි දැන් මම කියා දෙන්නම්.. අන්දන වැඩේ ඇන්දෙන්නෙ නැතිව කරගන්න හැටි. මම මේ විස්තර ඔක්කොම දැනගත්තෙ සැලෝන් වලින්මයි. අයිබ්‍රෝස් හදා ගන්න ගියාම ඒ අතරෙ, හදිස්සියෙ යාළුවො එක්ක යනවා.. මම ගියාම ඒ ළමයි ව කතාවට අල්ලගන්නවා. ඒක වෙනම කලාවක්. ඔය ළමයි රහස් රකින්නම පුරුදු කරපු අය. ඒත් මිනිස්සුන්ගෙ හිත එළියට අඳින්න..අහැකි කෙනෙක්ට ඕක බොහොම සරල දෙයක්. මං මේ කියන දේවල් අනුගමනය කළොත් ඔයාට ඇන්දෙන්නෙ නැතිව හිටිය හැකි.

සැලෝන් එකකට ගිය ගමන්ම එක පාරම කියන්න එපා මගෙ වෙඩිං එක කරගන්නයි ආවෙ කියලා. ඉස්සල්ලා දවසෙ ඇහිබැම පොඩ්ඩක් හදවාගන්න.. ඒක හරි නැත්තං ඉතින් එයාට ඔයාගෙ වෙඩිං එක තරම් ලොකු ප්‍රෙජෙක්ට් එකක් කරන්න කොහොමටවත් ඔයා දෙන්නෙ නෑනෙ.. එහෙම නේද? පොඩ්ඩක් බලන්න එයා අන්දපු මනමාලියන්ගෙ ඇල්බම්ස් ටිකක්. ඒවා මේස උඩ දාලා තියෙනවා. දැන් රැවටෙන්න එපා නිලියන්ව මොඩල්ස්ලාව අන්දලා තියෙන ඒවාට. හැම වෙලාවෙම සමාන්‍ය අයට අන්දපුවා බලන්න... ඒ ක්‍රම වලට ඔබ ට ප්‍රියක් උපදිනවාද බලන්න. එහෙමනම් clean up  එකක් කරගන්න. එතකොට ඒ සත්කාරය ඔබට දැනෙනවා නම් ඔබට මේ තැන ගැන යහපත් අදහසක් ඇති වෙයි.. හැබැයි යාලුවෙ, මේ ක්‍රියාවලිය හොඳටම සාර්ථක වෙන්න නම් ඔබ එතනින් Normal dressing එකක් කර ගන්නම ඕනෙ.. මොකද එතකොට ඒ අය ඔබ එක්ක ගැටෙන ක්‍රමය ඔබට හැඟෙනවා. යාලුවා හොඳට ඇන්දුවා කියලා එයාටම ඔබේ වෙඩින් එක දෙන්න යන මෝඩ ගැහැණු ළමයින්ට කියන්නෙ, ඔබ ටිකක් මොළේ පාවිච්චි කරන්න කියලයි. Normal dressing එකක් කරලා ඔබට ඔබ ලස්සනයි කියලා හිතුණ තැනකට පමණක් ඔය වෙඩිං වැඩේ බාර දෙනවා නම් තමයි වඩා හොඳ.

  නොර්මල් ඩ්‍රෙසිං කරද්දිම , clean up කරද්දිම ඔබට තේරෙයි ඒ අයගෙ හිත වැඩ කරන හැටි. ඒ අනුව මම ඒ අය කොටස් කරනවා මෙන්න මෙහෙම. 

  • තමන්ගෙ කස්ටමර්ගෙ හිතේ තියන දේට ප්‍රමුඛතාවෙ දීලා ඒක ඉෂ්ට කරන අය.
  • තමන්ගෙ හිතේ තියෙන දේ සහ කස්ටමර්ගෙ හිතේ තියෙන දේ විශ්ලේෂණය කරලා අන්තිමට තමන්ගෙ දේම හොඳයි කියලා කස්ටමර්ගෙ ඔලුවෙ ස්ථාවර කරවන අය
  • තමන් සහ කස්ටමර් දෙන්නාගෙම අදහස් වල සුසංයෝගෙකින් වැඩේ කරන අය..
  • කස්ටමර්ට ඕනෙ කුදයක් කියලා ෆිනිෂ් එක තමන්ට ඕනෙ විදියට කරන අය
  • තමන්ට සල්ලි ලැබෙන නිසා කස්ටමර් කියන ඕනෙ එකක් කරන අය.

ඔතනින් පළවෙනි කට්ටිය සහ තුන්වෙනි කට්ටිය පමණයි ඔබ තෝරා ගතයුතු... අනෙක් අය ඉන්නෙ අත්හළ යුතු ඉසව්වෙ. ඒත් සමහර විට හදිස්සියෙ ඔබට ඔවැනි ගැහුණු මිනිසුන්ව තෝරාගන්න බැරි වෙන්න පුලුවන්. පුලුවන් වෙන්න පුලුවන්. ඔය මොකාට අහුවුණත් බේරිලා තමන්ගෙ වැඩේ කරගන්න Method එකක් තියෙනවා... දැන් ඒක මම කියනවා..

පළවෙනියටම රූපලාවන්‍ය කියන දේ ගැන ඔබ මුලින්ම දැනුවත් වෙන්න. මහලොකු දෙයක් නෙවෙයි ඒක. සමහර වෙලාවට ඔය කට්ටිය අපිව අල්ලන්න භාවිතා කරන්නෙ අපි නොදන්න, එයාලාගෙ පාරිභාෂික කඩ්ඩ. මෙතනදි අපි ඉංග්‍රීසි දැනගත යුතුයි කියලාම නෙවෙයි මම කියන්නෙ. රූපලාවන්‍ය වලදි භාවිතා වන ඉංග්‍රීසි වචන දැනගන්න...ඊළඟට..සාරි වල සමාන්‍ය මිල ගණන්. ස්වාභාවික මල් වල සාමාන්‍ය මිල ගණන් දැන ගන්න.

ඒ වාගෙම ඔබ වෙනුවෙන් ඔවුන් දරණ පිරිවැය සහ ඔවුන් ඒ උදෙසා ලබන ලාබය අතර, වෙනස ගැන අවබෝධයක් ඔවුන්ගෙන්ම ලබා ගන්න.. ඔන්න දැන් කට්ටිය නෙරංජිට බනිනවා.. කොහොමද යකෝව් නෙරෝ උන් අපිට ඕවා කියායිද???? අනේ පිස්සුද? උන් කියන්නෙ නෑ.. අපි හොයනවා.. ගන්න පැකේජ් එක අතට.. ඒකෙ අඩංගු දේ බලන්න. ඒකෙ ඇඳුම මහන්න, අන්දන්න සහ මල් බොකේ එක නිර්මාණය කියන දේට අමතරව අඩංගු සියලු දේ වෙනම ලියන්න. ඔය ටිකම ඒ ආයතනය වෙන වෙනම එන සාමාන්‍ය අයට කරනවානෙ. ඒ ගණන් මිමි ටික හොයා ගන්න.. එවිට ඒ ගණන් එතුතු කරලා පැකේජ් එකෙන් අඩු කරලා අත් හැරියාම ඉතිරි වෙන මුදල, ඔබට අන්දන+ ඇඳුම් මහන + මල් බොකේ නිර්මාණය +  ඔවුන්ගෙ ලාබය.. දැන් ඔබට අනුමාන කරන්න පුලුවන්නෙ සාමාන්‍යයෙන්... ඇඳුම් මහන්න, බොකේ හදන්න, අන්දන්න යන වියදම ගැන .... එවිට ඔබට ඔවුන්ගෙ ලාබය නිකංම හිතත හැකි. ඉතින් ඔබ වෙනුවෙන් දරණ පිරි වැය අතර හා එයාලාගෙ ලාබය අතර ලොකු වෙනසක් තියේ නම් එතෙනට යන්න එපා. ඔබට එය පාඩුවක්. (ඇති වෙන්න සල්ලි තියෙන අය ට නෙවෙයි මේ කිව්වෙ.. සල්ලි තියේ නම් ඕනෙ තැනක යන්න..)

ඊළඟට මතක ඇතුව, ඔය වැඩ වලට අම්මා එක්ක යන්න.. කොල්ලා එක්ක යන්න එපා.. කොල්ල ගිය ගමන් සැලෝන් ලොක්කා කොල්ලාව මේසෙට ඉන්දව ගෙන, කෙල්ලව මුහුණ චෙක් කරවන්න පොඩි එවුන්ට භාර දෙනවා.. ඉන්පස්සෙ අර කොල්ලාට පොවනවා මාර පෙවිල්ලක්. පර්ස් එක හින්දන තරම් උන්ගෙ විටමිනුයි...පේස් වොෂුයි, ස්ක්‍රබ් වගේ දේ ගැන..කොල්ලා කෙල්ලට තියෙන ආදරේ මේ අය සමාජය ඉස්සරහ පරීක්ෂාවට ලක්කරවන විදිහෙන් කෙරන ඔය කුමන්ත්‍රණයට මධ්‍යම පාන්තික කොල්ලො හරියට අහු වෙනවා.. (සිව් වතාවක් ඔවැනි සිදුවීම් දෑසින් දුටුවෙමි.)
ඉතින් කොල්ලනේ, කෙල්ල සැලෝන් යන්න කතා කළොත් ආදරෙන් මේ ටික පහදලා, අම්මා එක්ක යවන්න. ඔය වෙළඳ ගැටේට අහු වෙන්න එපා..කොල්ලා යනවා නම්, අනිවාඩෙෆා මනමාලිගෙ මල්ලි කෙනෙක් හරි එක්ක ඒ එක්ක යන්න. කෙල්ලගෙ අම්මා ගියාට වැඩකුත් නෑ...මොකද අම්මාවත් කෙල්ල එක්කම යවනවා... තේරුණානෙ.

බෙස්ට් මන් කෙනෙක් ගනිද්දි මනමාලයාට වඩා කොට, කෙට්ටු කෙනෙක් ගන්න එකෙන් මනමාලයාගෙ පෞර්ෂත්වය කැපී පෙනෙනවා.. ඒක තමා වෙන්න ඕනෙ.. ඒත් එහෙම කියලා මනමාලියො ගන්නෙත්, තමන්ට වඩා කෙට්ටු, පුංචි යෙහෙළියො..ඒක මෝඩ වැඩක්.. අනේ හැකි තරම් ඔබ බ්‍රයිස්මේට්ලා තෝරනකොට, ඔබට වඩා මහත අය ගන්න.. බ්‍රයිස් මේට් මනමාලිට වඩා අඟලක් උස වුණත් හොඳයි.. පාට අඩු කෙනෙක් ගන්නකක..මොකද මනමාලි පුංචි ලා බාල පැහැපත් තැනත්තියක් කියලා හැඟුණාමයි නේද?ලස්සන. ඒ වාගෙම ඔබ උඩ රට ඇඳලා තුන් තැල්ල දානවා නම්, ජීවිතේට තනි තැල්ල බ්‍රයිස් මේට්ලාට දාන්න එපා... මොකද තනි තැල්ල තමයි හුඟක්ම ලස්සන. තුන් තැල්ලෙන් කරන්නෙ තනි තැල්ලෙ ලස්සන මකලා එයින් එන ඇස්වහ කටවහ දුරු කරවන එක. ඔබගෙ බියුටීෂියන් සමහර විට බ්‍රයිස් මේට්ලාට තනි තැල්ල දාන්න දඟලයි. ඒකට ඉඩ දෙන්න එපා. බ්‍රයිස් මේට්ලාගෙ වර්ණ. වෙඩිං තීම් එක එක්කම යන්න ඔබ ම තෝරන්න. ඒ අය කැපී පෙනෙන විදිහෙ වර්ණ තෝරන්න දෙන්න එපා. මොකද මේ ඔබේ දවස. ඔබ ලාබාලව. ඔබ හැකි තරම් හැඩට සිටිය යුතු දවස. ඔබ නොදන්නවා වුණාට, ඔබට වඩා ඉලක්ක ගත ලස්සනක් බ්‍රයිස් මේට්ලාට දෙන්න, සමහර සැලෝන් වල බියුටීෂීයන්ලා උත්සාහ කරනවා. බ්‍රයිස් මේට්ලාගෙ නම්බර්ස් පුද්ගලිකව අරන් ඔවුන්ට වෙනම දවස් වල කෝල් කරලා, ඔවුන්ට වෙනම ට්‍රීට්මන්ට් කරන්න එන්න කියනවා. ඔබ ගැන ඔවුන්ගෙ හිත බිඳව බිඳව, ඔවුන්ව ඔබේ දිනයේ දී ඔබේ මුදලින් ලස්සන කරන්න උත්සාහ කරනවා. අර පිරිවැය සහ ලාබය අතර වෙනස බලන්න කිව්වෙ ඔන්න ඔය හින්දා යාලුවෙ.. ඇයි මේ අය එහෙම කරන්නෙ. ඔබේ වෙඩිං එක ඕකෙන් ඉවරයි.. ඒත් අර බ්‍රයිස් මෙට් වෙඩිං..තව ඉස්රහට නේද? එයාලාට එයාලාගෙ දවසෙ හම්බෙන්නෙත් ඔය සාම්බාරුවම තමා..එදාට ලස්සන වෙන්නෙ එයාගෙ බ්‍රයිස් මේට්ලා..මේ තමා මාර්කට් එක ( මේ හැම දේම මම හොයා ගත්තෙ, ඔය තැන් වලට එන දුරකථන ඇමතුම් ඇසුරින්, වැඩ කරන ගැහැණූ ළමයිගෙන් ප්‍රශ්න අහලා... ඒවා මම ඇහෙන් දැක්කා.. මේ දේවල් සියල්ල සත්‍යයි. ඔබට කැමති නම් පිළිගන්න...)

මේ බ්‍රයිස්මේට් ගැටලුවට හොඳම විසඳුක් දෙන්න අද මම ලැහැස්තියි.. ඇයි? ඔබ බ්‍රයිස්මේට්ලා ගන්නෙ...ඒකෙ තේරුම මොකක්ද? ඇයි ඔබ බෙස්ට්මන් ගන්නෙ,මොකක්ද ඒකෙ තේරුම... ඔය බටහිරදි බ්‍රයිස් මේට්ව ගන්නෙ මොකටද? මනමාලිගෙ වේල් එක උස්සන් යන්න. අනික මනමාලි පල්ලියෙදි දෙවියන්ට වඳිද්දි බොකේ එක තියන් පැත්තක ඉන්න...මනමාලියි මනමාලයයි යද්දි ඒ යන මඟ ඔවුන්ට මල් ඉහින්න.. පෙරදිගට ඕවා ආවෙ එකදහස් අටසිය ගණන් වලත් මැදදි.. ජනප්‍රිය වුණේ එක් දහස් නවසිය ගණන් වලදි. සිංහල මනමාලියන්ට ඔය දෙවනි මනමාලිව තිබ්බෙ ඇස් වහ දුරු වෙන්න... පෝරුවෙදි ඇඟේ මල් කළඹ අරන් සහය වෙන්න.. පොටෝ වලට පාලු මකනවා මිසක් අද වෙන කිසිම දෙයක් දෙවනි මනමාලියො නිසා වෙන්නෙ නෑ.. 

බටහිර දි මනමාලයාට යහලුවෙක් හිටියෙ අවශ්‍ය වෙලාවට මඟුල් මුද්ද දෙන්න සහ, අල්තාරය අසල ඉන්න මනමාලයා සහ පල්ලියෙ පසු පුටු වල ඉන්න නෑයන් අතර සන්නිවේදයක් කරන්න වුවමනා නම් ඒ සහයට... ඉතින් ඕක ලංකාවට ආවෙ කොහොමද? 

ඒ කාලෙ අපේ රටවල යෝජිත විවාහ වලදි, මනමාලයා මංගල්ලෙට එනකොට මනමාලි කලින් දා රෑ යාලු වුණ කොල්ලා එක්ක පැනලා ගිහින් තිබුණ අවස්ථා එමටයි.. ඉතින් මනමාලයාගෙ වේදනාව නොපෙන්නා.. ඒ බව දැන ගෙන පිට පාරෙන්ම හැරිලා යන්න....මඟුල් ගෙදරට කලින් මඟුලට එවපු නියෝජිතයෙක් හිටියා. ඒ තරුණයා එදා ආවෙ හිස් අතේ එන්න බැරි නිසා සුදු මල් කිණිත්තක් අරගෙනයි.. ඔන්න ඔය සංකල්පය බටහිර බෙස්ට්මන් සංකල්පය එක්ක බද්ද වෙලා තමයි ලංකාවට බෙස්ට් මන්ලා ආවෙ. 

දන්නවාද සමහරු ඔය දෙවනි මනමාලි වෙද්දි  බය කරනවා නේද මනමාලිට මොනාහරි වුණොත්  දෙවනි මනමාලිව තමා මනමාලයා කැන්දන් යන්නෙ කියලා.. ඕකට වෙනම විද්‍යාත්මක පසුබිමක් තියෙනවා.. මනමාලි ඔය කාලෙට දෙවනි මනමාලි එක්ක බොහොම හිතවත් වෙනවා. හැම දේම ඈට කියනවා. මනමාලි යම් තරුණයෙක් සමඟ රහසක් සබඳතාවක් තියේ නම් එයත් දෙවනි මනමාලියට කියනවා.. දෙවනි මනමාලිව කලින්ම බය කළාම, කවදාවත් තරුණයෙක් සමඟ හඳපානේ යන චේතනාවක් මනමාලිට තියෙනවා නම්, ඒක ඉටු කරවන්න දෙවනි මනමාලිගෙන් රුකුලක් නෑ.. ඒ වාගෙම එය දැන ගත් විගස ඇය විසින් මනමාලි ගැන වැඩිහිටියෙකුට දන්වනවා... 

ඉතිං අද මෙහෙම බර සාරෙට වෙන මඟුල් වල, ඔහොම දේ වෙන්නෙ නැති තරම්නෙ.. ඉතිං මොකටද ඔය සල්ලි නාස්ති කරලා බ්‍රයිස් මේට්ලා ගන්නෙ... පල්ලි විවාහෙකට නොවෙයි නම්, සිංහල බෞද්ධ විවාහෙට බ්‍රයිස් මේට්ලා ඕනෙම නෑ.. බෙස්ට්මන්ලාත් ඕනෙ නෑ.. දැන් කොහොමත් ගෙදරින් උදේම යන්නෙ සැලෝන් එකටනෙ. සැලෝන් එකෙන් යන්නෙ පොටෝ ෂූට් එකටනෙ.. මට අනුව මනමාලිට මල් කළඹ දෙන්න සුදුසුම කෙනා තමයි.. මනමාලයා...ඇයි ඔක්කොම කොරන්න හොඳ නම් ඕක දෙන්න නරකද?

බ්‍රයිස්මේට්ලා නැත්තම්, ඔබව විතරනෙ අන්දන්න තියෙන්නෙ. කොයි තරම් සරල වැඩක්ද? ඔබට පාලුයි කියලාම හිතෙනවා නම් අවුරුදු 6ක විතර පුංචි මල්කුමාරියක් මල් කුමාරයෙක් ගන්න ඔබේ සහයට..හිතේ කුහක කම ඉරිසියාව මුකුත් නැති පුංචි දරුවො... මේකප් ඕනෙත් නෑ ලොකුවට.. 

ඔබට දාන මේකප් එක පැය දහයක්වත් තියෙන හොඳ එකක් වෙන්න ඕනෙ.. ඔබ යන දවසෙම බියුටීෂියන්ගෙන් අහන්න ඕනෙ, නෝමලර්ල් ඩ්‍රෙසිං එකක මේකප් එකට වඩා මේක වැඩි වෙන පියවර මොනවාද කියලා.. ඒවා දැනගන්න ඔබට අයිතියක් තියෙනවා..ඒවා හංගනවා නම් ඒ අය බොහෝ විට වංචාවක් කරන්නෙ..පියවර දැනගත්තොත්, ඒවා මතක තියාගෙන නිවසට ආ විගසම ඒ ටික කොහේ හෝ ලියන්න.. වෙඩිං එක කලි දවසෙ ආයෙ මතක් කරගන්න.. තමන් හොඳ සිහියෙන් මේකප් එක කරද්දි ඉන්න.. අතපසු වීම් වුණොත් කේන්ති ගන්න නම් එපා..බොහොම කරුණාවෙන් ඇයට පහදන්න... යාප්පුවෙන් වැඩේ ගත්තා කියලා පාඩුවක් නෑ.. මේකප් සහ ඔය ෆේෂල් ආදී ට්‍රීට්මන්ට් වර්ග එක්ක ඉන්න අය සමඟ යම් තරහක් ඇති වුණොත් ඉන් පස්සෙ ඔවුන් එක්ක කිසිම ෆේෂල් එකකටවත්, මේ කප් එකකටවත් යන්න නම් එපා.. කෙමිකල් භාවිතාවෙන් කරන වැඩ නිසා පුංචි හරි තරහකට පළිගැනීමක් සිද්ධ කළොත් ඒක ඔබේ ජීවිතයටම බලපායි...

ඔය සමහර බියුටීෂියන්ලා කලු මනමාලියන්ට සමහර වර්ණ ගැළපෙන්නෙ නෑ කියලා කියනවා. ඒත් ඔබට ඕනෙ වර්ණය ඔබ අඳින්න ඉල්ලන්න..මොකද ඔබ අසතුටින් ඇඳගෙන ඉන්නවාට වඩා සතුටින් අඳින ඕනෙම දේකට ඔබ ලස්සනයි..ඇඳුම් මෝස්තරයත් ඒ වාගෙමයි.. සමහරු ඉන්නවා ගොයිං අවේ වේල් දාන්න ආසා අය...වෙඩිං උඩ රට ඇඳලා, ඕනෙ නම් හවසට වේල් දාන්න... ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ.. සමහර බියුටීෂියන් ලා කම්මැලි කමට බෑ කියනවා. ඒත් පොඩි වේල් එකක් දාන එක හරිම සරලයි... ගොයිං අවේ අඳිනවා නම් ඒකට පැය එකහමාරක් දෙන්න ඕනෙ.. මනමාලි කොහොමත් වැඩිය කන්නෙ නෑනෙ... ඉතිං ඒ පැය එකහමාර ලන්ච් එකෙන් අල්ලත හැකි.. අනෙක් අය කනකං මනමාලිට ඇන්ද හැකි... මනමාලයාට ඉතිං ටග් ගාලා මාරු කරන්න පුලුවන්. නිළමෙ ඇඳුම ගලවන කෙනා ඒවා ගැන දන්නවා... බීම නම් ඕනෙම නෑ කිව්වාට, වෙඩිං වලදි පොඩි පිස්සුවක් කරන්න යාලුවො හරි ආසයි...මනමාලිව වඩා ගන්න කියයි.. මේස උඩ නටන්න කියයි ... විල්බැරැක්කෙ දාගෙන යන්න කියයි.. ටික දුරක් බයික් එකක යන්න වෙයි .. ඇත්තටම ඕවාට මුලු ඇඳුම වත්, කාර්තිය දාපු ඔසරියවත් (පත්තිනි ඇඳුම) ගැළපෙන්නෙ නෑ...ඒ නිසා ගොයිං අවේ එකකට ගියාට කමක් නෑ... ඒත් මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරන්න බැරි නම්, නොකර හිටියා කිසි ගැටලුවක් නෑ.. ඒත් මඟුල් ඇඳුමෙ ගෞරවය ගැන අමතක කරන්න එපා...

මනමාලියෙකුට දැන් දවස් දෙකටම අන්දවන්නෙ එකම කෙනා.. ඉතින් මනමාලයා දෙන සාරියත් මනමාලිටම තමයි තෝරා ගන්න වෙන්නෙ...ඉතින් ඒක මනමාලිගෙත් කැමැත්තට තෝර ගත්තාම හරි.. වැඩියෙන් මිලට  වඩා ලස්සනට හුරුබුහුටියට සහ දුර්ලභ කම ප්‍රමුඛත්වය දීලා තමයි සාරි ගන්න ඕනෙ.. සමහර වෙලාට දෙවනි දවසෙ මනමාලිය අඳින සාරියම, මඟුල් ගෙදරට ඇඳන් එන කාන්තාවො ඇඳලා ඇවිත් තියෙනවා මම දැකලා තියෙනවා.. තවත් ගොඩක් දේවල් මේ වෙලාවෙ මතකයට එනවා.. ලිපිය දිග වැඩියි.. ඉතින් තව පොස්ට් එකක් ලියන්න වෙනවා ඉතිරිය ලියන්න....ඇන්දීම ගැන කොයි තරම් දේවල් තව තියෙනවාද? එහෙනං ඉක්මනින්ම ඒ පෝස්ටුවෙන් හමුවෙමු...



12/3/12

මිනිස්සු අභිබවන කොම්පියුටර් අනාවැකියා සහ තවත් කතා

නොස්ට්‍රඩෑම්ස් ගැන ලියවුණ ලිපියට හුඟක් දෙනෙක් කැමති වූ නිසාම, මම විස්තර හොයන එක දිගටම කරගෙන ගියා. මිනිස්සු ලෝක විනාශය 2012 දෙසැම්බර් විසි එක් වෙනිදා වෙයි කියලා සියවස් ගණනක් තිස්සෙ කල්පිතයක් ගොඩනගා ගත්තෙ මායාවරුන්ගෙ කැලැන්ඩරය නිසා පමණක් කියලා හිතනවා නම් ඒක වැරදියි. 20 වන සියවසේ අගභාගයේ හා වර්තමානයේ ඇතිවෙන කලා නිර්මාණ බොහොමයක් මේ කල්පිතය මිනිස් හදවත් තුළ ස්ථාවර බීජයක් රෝපණය කරන්න සමත් වුණා. 2009 වසරෙ එළිදැකපු 2012 චිත්‍රපටය ඉන් එකක්. Knowing, Day After Tomorrow, The Core වාගේ බොහෝමයක් චිත්‍රපට මිනිස්සු වැළඳගත්තෙ ලෝක විනාශය ගැන ඔලුවෙ පුරවාගෙන. ඒ වාගෙම ඉතිහාසය තුළ විවිධ මට්ටමේ අනාවැකි පළ කරන්නන් ඒ අය අනික් අනාවැකි පළ කරන අතරෙම 2012 ගැනත් විවිධ අනාවැකි පළ කළා. මේ  අතර හිටපු කෙනෙක් තමයි සිබිලියන්. අද අපි මුලින් ඇය ගැන ටිකක් විතර කතා කරමු.



සිබිල් ගැහැණියක්. රෝමයෙ ගල්ගුහාවක් ඇතුළෙ, ඉඳන් දෙවියන් තමන් අසල වැඩ ඉන්නවා කියලා කියපු මේ කාන්තාව අනාවැකි බොහොමයක් කියලා තියෙනවා. ඒ වාගෙම ඔබට කියන්න ඕනෙ අපි මුලින් කතා කළ නොස්ට්‍රඩෑම්ස් අතර සහ සිබිල් අතර අනාවැකි පළ කළ විදිහෙ යම් සමානතාවයක් තියෙනවා. ඒ තමයි අපේ නොස්ට්‍රඩෑම්ස් තමන්ගෙ අනාවැකි සියය ගණනෙ එකතු කරළා තමයි පොත් ගහන්නෙ. ඒ වාගෙම මේ සිබිල්යන් ලෝකයේ අනාගතය බෙදන්නෙ වර්ෂ 800 යුග වලට. ඒ ගණනෙ යුග 10ක් බෙදලයි, තමන්ගෙ අනාවැකි වර්ගීකරණය කරන්නෙ. ඒ වාගෙම ඇය කියනවා ලෝකය අවසන් වෙන්නෙ, දහවෙනි යුගයෙදි කියලා. ඇය සඳහන් කරන දහවෙනි යුගය ඇරඹෙන්නෙ 2000 ශත වර්ෂයෙන්.

මේ සිබිලියන් අනාවැකි ලියා තිබෙන්නෙ ඕක් ගසේ පත්‍ර වල. ඒ වාගෙම ඒවා සුළඟට යන නොයන එක මත තමයි මෙයා තීරණය කරන්නෙ, එම අනාවැකියේ සම්භාවිතාව. ඔය වාගෙ අරුම පුදුම ක්‍රමවේදයක් භාවිත කරපු මේ කාන්තාව ලියපු අනාවැකි සියල්ල රෝමයේ ජුපිටර් කියන පන්සලට බාරදුන්නාලු. ඉතින් ඒ විදිහට තමයි ඒ ඇසුරින් පොතක් නිර්මාණය වෙන්නෙ. ඒ වාගෙම නොස්ට්‍රඩෑම්ස් වාගෙ අනික් අනාවැකි කරුවන් එක්ක මෙයාගෙ සම්බන්ධයකුත් නෑ. මේ අය ජීවත් වුණේ එක එක යුග වල. අපි මේ කතා කරන කාන්තාව ජීවත් වන්නෙ ක්‍රිස්තුපූර්ව යුගයේදි, ඇය ජේසුස් වහන්සෙගෙ උපත ගැන හරියටම කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි..ඇය කී බොහෝ අනාවැකි හරි ගිහිල්ලත් තියෙනවා. ඇයත් 2012 දි එහෙම තද බල ලෝක විනාශයක් ගැන කියන්නෙ නෑ. භූමි කම්පා, ජල ගැලීම් ගැන නම් කියලා තියෙනවා. ඒත් ඉතින් නොස්ට්‍රඩෑම්ටත් වඩා ඈත කාලෙක හිටපු සිබිලියන් ගෙ මත ගැන අදටත් සමහර අයට ප්‍රශ්න නැතිවාම නෙවෙයි. ඒත් ඔබට හැකියාවක් තියෙන දවසක කියවන්න,මම හිතුවා ඔබට සිබිලියන්ගෙ පොත් සියල්ලේම එකතුවක් කළ ඉංග්‍රීසි පරිවර්තනය ලබා දෙන්න. මොකද අද දවසෙ මගේ ප්‍රධාන අරමුණ, තවත් අනාවැකි පවසන්නෙක් ගැන ඔබට කියන එක නෙවෙයි.



මම ඔබට හඳුන්වා දෙන්න යන්නෙ පරිගණක මෘදුකාංගයක් ගැන. ඇමරිකාව මේ මෘදුකාංගය හදන්නෙ ආර්ථික වාසි තකා.ඒත් අද වෙනකොට මේ මෘදුකාංගය භාවිතා කරනවා, ඊට වඩා වැදගත් දේවල් වලටත්, මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා,දත්ත විශ්ලේෂණය කරලා සූක්ෂ්ම විදිහට නිගමන ලබා දෙන්න. මෙයාගෙ නම WEB BOT. මේ වෙබ්බොට් ගැන කතා කරන්න ඉස්සර අපිට යන්න වෙනවා, 90 දශකේ අග භාගෙට, ඇමරිකාවෙ පරිගණක ඉංජිනේරුවො ටිකක් එකතු වෙලා පොඩි වැඩක් කරනවා. එයාලාගෙ කොටස් වෙළඳපොළ ගැන අනාවැකි කියවීමේ අරමුණින් සොෆට් වෙයාර් එකක් නිර්මාණය තමයි ඒ පොඩි වැඩේ. එයාලාට ඇත්තටම ඕනෙ කළේ මේ හරහා ආර්ථික වාසි ලබා ගන්න. එහෙම මෘදුකාංග තව කොතෙකුත් තියෙනවා. දැන් ඔය අද කාල ගුණය කියන්නෙත් ඒ වාගෙ මෘදුකාංග හරහානෙ. ඒත් පුදුමේ කියන්නෙ මේ වෙබ් බොට් 2001 දි ඇමරිකාවට සිදුවන ත්‍රස්ත ප්‍රහාරය ගැන හරියටම කියනවා.

මේ වෙබ් බොට් එකේ ක්‍රමවේදය තමයි, අන්තර්ජාලය හරහා සෑම පරිගණකයම වාගේම පුද්ගලයන්ගේ තොරතුරු, බ්ලොග්ස්, සමහර ඩොක්ස් වලට ගිහින් ඒවාගෙ තියෙන යතුරු වචන හරහා දත්ත විශ්ලේෂණය කිරීම, 2001 දි ජූනි මාසෙ අන්තිමට මේ විදියට ලැබුණ දත්තයක් මත මේ පරිගණක ශිල්පීන් කියනවා තව දින 60ක් හෝ  90ක් තුළ, ඇමරිකාවේ මුලු ජීවන රටාවම කම්පා කරවන ඛේදනීය වෙනස් වීමකට භාජනය වෙනවා කියලා. එයින් ඇමරිකාව වටා බිය සැක පිරි ලෝකයක් නිර්මාණය වෙනවා කියලා. ඒ වාගෙම එතනින් මේ වෙබ් බොට් නවතින්නෙ නෑ. ඇමරිකාව 2001 න් පස්සෙ පුදුම ආරක්ෂක සංවිධාන ක්‍රමයක් තර කරන් හිටියත්, ඇන්ත්‍රැක්ස් භීෂණය වොෂින්ටන් ඩී සී වලට 2004 දි එන බව, ඒ දේත් ඒ විදිහටම සිදු වෙනවා.. මේ වෙබ් බොට් එක ප්‍රකාශ කරනවා.. ඒ වාගෙම 2003 වසරෙ දි ඇමරිකාව ඊසාණ දිග කලාපයෙ විදුලිය විසන්ධි වී අන්ධකාර වෙන බව වෙබ්බොට් එක සඳහන් කරනවා. මිනිහෙක්ට, පුළුවන් වුණාට මෙහෙම අනාවැකි කොහොමද යන්ත්‍රයක් කියන්නෙ කියන එක ප්‍රශ්නයක් නම් තමා. ඒත් ඒක සනාථ කරමින් මෙතරම් දියුණු තාක්ෂණයක් තියෙන ඇමරිකාවෙ , හරියටම 2003 අගෝස්තු මස 14 වනදා හවස 4:10 ට සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධි වෙනවා. ප්‍රදේශ කිහිපයක රෑ 11ට විදුලිය එනවා. එහෙත්, සම්පූර්ණ ඇමරිකාවෙම විදුලිය එන්න, දවස් දෙකක් ගත වෙනවා.

(ඔය විදුලිය යන කන්සෙප්ට් එක ඩිවලොප් කරලා ඒ හරහා තමයි ළමයි REVOLUTION නාට්‍ය මාලාව හදලා තියෙන්නෙ, කැමති කෙනෙක්ට බයිස්කෝප් සිංහලෙන් වෙතින් සිංහල උපසිරසි සහිතවම ඒක බැලිය හැකි. අපේ රොයිලි අයියාගෙ වැඩක්.)

කොළොම්බියා යානය බිඳ වැටීම ගැන, නොස්ට්‍රඩෑම්ස් වාගෙම සිබිලියන් කිව්ව වාගෙම, වෙබ් බොට් එකත් මේ ගැන අනාවැකියක් පල කරලා තියෙනවා. අධි මානසික ශක්තියක් තියෙන අනාවැකි කරුවන්ට සාපේක්ෂව මේ තාක්ෂණික උපකරණයක් මෙහෙම කිව්වා කියන එක ගැන ඇත්තටම හිතන්න අමාරුයි. මේ මනුෂ්‍ය අනාවැකි කරුවන්ගෙන් ඉදිරියට ගිය වෙබ්බොට් කිව්වෙ, කොළොම්බියා යානය විනාශ වෙන්නෙ, 2003  පෙබරවාරි පළමුවෙනිදා සම්පූර්ණ යානය පිටින්මයි කියලා, දින වකවානු සහිතව මේ පුදුම අනාවැකි මෘදුකාංගය කියනවා. ඒ වාගෙම නොස්ට්‍රඩෑම්ස් නවයක් මිය යන බවටත් සිබිලියන් දොළහක් මිය යන බවටත් කී අනාවැකි අභිබවා යන්න, මේ පුදුම වෙබ් බොට් සමත් වුණා. ඔබට අවශ්‍ය නම් දකින්නට කොළොම්බියා යනයෙ අන්තිම මොහොත ඔබට පොඩි අවස්ථාවක් තියෙනවා.

ඒ වාගෙම මේ එක්කම වෙබ් බොට් කියනවා නාවික ක්ෂේත්‍රය තුළ දැවැන්ත ඛේදවාචක සිදු වෙනවා කියලා. ඒ බව සනාථ කරමින්, ඇමරිකාවෙ නැව් ගණනාවක් ජර්මනිමෙදි, ජපානයෙදි, බංගලාදේශයෙදි විනාශ වෙනවා. ඒ විතරක් නෙවෙයි විශාල මිනිස් හානිත් වෙනවා.

2004 දි ඉන්දියානු සාගරය කැළඹෙන බවත්  ඒ මගින විශාල තරංග ඇති වන බවත් ලක්ෂ තුනකට ආසන්න පිරිසක්  මියයන බවත් මේ වෙබ්බොට් එක හරියටම කියනවා. ඒක සනාථ වෙනවා, අපේ දරුණු සුනාමි ඛේදවාචකය එක්කම. ලක්ෂ තුනක් අභිබවා මිය යනවා.. සමස්ත ලෝක ජනගහනයෙන්. ඔබට මතක ඇති.

ඉන්පස්සෙ 2005 දි ඇමරිකාවෙ මහ ව්‍යසනයක් කරපු කැතරිනා කුණාටුව ගැනත්, මේ වෙබ්බොට් එක සඳහන් කරනවා. බොහොම පැහැදිළිව, වෙබ් බොට් එක හදපු ජෝජ් නම් කියන්නෙ, අන්තර්ජාලෙ තොරතුරු ඇසුරින් මේ අකනාවැකි හදාගන්නවා කියලා. ඒත් ඒක කොහොමද වෙන්නෙ කියන එකම මුලු ලෝකයටම පුදුමයක්. සමහරවිට සූක්ෂම මිනිස් මොළයක් ලෙස මෙය ක්‍රියාත්මක වන නිසා, හැඟීම් වරහිතව තොරතුරු විශ්ලේෂණය මගින් සත්‍ය ප්‍රකාශ කරනවා විය හැකියි.

2001 න් පටන් අරන් අද වෙනතුරු මේ කෙටි කාලෙ ඇතුළත වෙබ් බොට් කියපු දේවල් 100%ක් හරි ගියා. මෙයා 2012ට මොනවාද කියන්නෙ? එයා ( මෘදුකාංගයක් වුණත් සජීවී කියලා හිතෙනවා) කියලා තියෙන දේ, සිබිලියන් වාගේම නොස්ට්‍රඩෑම්ගෙ අනාවැකි වලටත් සමානව යනවා. 2012 අවසානයේ දරුණු වසංගත ඇති විය හැකි බව තමයි මේ වෙබ් බොට් කියලා තියෙන්නෙ.

වෙබ් බොට් ගැන වැඩි දුර දැනගන්න මේ වීඩියෝවෙන් පුලුවන්.

දැන් අපි මේ එක්කම තව පොඩි සැසඳීමක් කරන්න ඕනෙ. මිනිස්සු පට්ට බය වෙලා ඉන්න කාරණාවක් තමයිනෙ, ඔබ මායාවරුන් හදපු දින දර්ශනය
මේ අය කියලා තියෙන විදිහට මේ ලෝකෙ උත්තර ද්‍රැවය ඒ කාලෙ තිබ්ලා තියෙන්නෙ, සමකය ළඟ. ඔය ද්‍රැව මාරු වීම ගැන මේ දවස් වල විද්‍යාඥයොත් ටිකක් කියන නිසා අපේ අය බය වෙලා ඉන්නෙ. මෙහි සත්‍යතාවය විසි වන සියවසේ බිහිවූ අපේ හොඳම විද්‍යාඥයත්, සහතික කළ නිසා...ඔව් ඇල්බට් අයින්ස්ටයින් තමයි. මේ පිළිබඳව හිතන්න ඕනෙ. ඒත් බය වෙන්න එපා මේක එක පාට කරකැවිලා ලෝකෙ පෙරලෙන්නෙ නම් නැහැ. මේක ක්‍රම ක්‍රමයෙන් සිදුවන දෙයක්. දැනට විද්‍යාඥයො කියන්නෙ, රුසියාව දෙසට බොහොම හෙමින් මේ උත්තර ද්‍රැවය ගමන් කරනවා කියලයි. ඒක අපට දැනෙන්නෙවත් නෑ. කොහොමහරි, අවුරුදු 200කට කලින් තිබ්බ තැන නෙවේලු කොහොමත් දැන් උතුරු ලක්ෂෙ තියෙන්නෙත්. ඒත් පුදුමෙ කියන්නෙ, මේ තාක්ෂණයෙන් පරීක්ෂණ කරලා හොයාගන්න දේවල්, අතීතයේ අපේ මුතුන් මිත්තන්ට පෙනිච්ච හැටි කොහොමද හොයා ගන්නෙ කියන එකයි.

2012 චිත්‍රපටය ඔබ බලලා තියෙනවා නම්, ඔවුන් කියනවා අපට ආරක්ෂා විය හැකි තැන චීනය කියලා. මේ චිත්‍රපට වල රංගනය හා සමහර සිද්ධි වල, අභව්‍යතා තිබුණත්..මේ කන්සෙප්ට් එක හරිම තර්කානුකූලයි. චීනය ගැන කතා කෙරෙනකොට ස්ටාර්ගේට් සංකල්පය නිරන්තරයෙන්ම එනවා.දැන් චිත්‍රපටයෙ නම්, මොවුන් අධික ජල ගැලීමෙන් ආරක්ෂා වෙන්න, අර සවි කරපු නැව් වලටනෙ යන්නෙ. අනේ මන්දා ඕවා නම් කල්පිත තමයි...කියලා හිතෙනවා.අන්න දැන් එයාලා තව චිත්‍රපටයක් ගහන්නලු යන්නෙ. නියමයි නේද?

එහෙම වෙනකොට අයිචින් කියලා චීනයේ හිටපු සුප්‍රසිද්ධ ගණිතාඥයා ගැන මේ වෙලාවෙ අපිට කතා නොකර බැරි වෙනවා. මේ මනුස්සයා කරන්නෙ, දාදු කැට දෙකක් හරි කාසි දෙකක් හරි උඩ දාලා ඒ එන සම්භාවිතාවෙන් අනාවැකි පළ කිරීම. එයා කාසි දෙකම එක්වර උඩ දාලා එකම පැත්ත වැටුණොත් එක් තනි දිග ඉරක් කොළයක අඳිනවා. කාසි දෙක පැති දෙකකින් වැටුණොත් එක කඩ ඉරක් අඳිනවා. මේ විදිහට හය වරක් කරනවා. ඉන් පස්සෙ හැට හතර වරක් කරනවා. ඉන්පස්සෙ මේ ඔක්කොම සංයුතියක් කරලා මෙයා නිගමන වලට එළඹෙනවා. ඒක නියම ක්‍රමවේදයක්.


මෙහි තියෙන ලොකුම වාසිය තමා අයි චින් ක්‍රම වේදය අදත් අපිට පරීක්ෂා කරන්න පුලුවන් වීම. ඒ වාගෙම චීන සිසුන් විශ්ව විද්‍යාලය තුළ මෙම පරීක්ෂණ කර එහි සත්‍යතාව දක්වා තිබීම. ඔහුත් කිසිම විටක සම්පූර්ණ ලෝකය විනාශ වීමක් ගැන නම් කියන්නෙ නෑ. නමුත් යම් බලපෑමක් ගැන ඔහුත් කියනවා.... ඔන්න ඔච්චරයි අද දවසට අපට තියෙන විස්තර....පිට සක්වල අය ගැනත් තොරතුරු තියෙනවා. ඕනෙ නම් කියන්නම්!!! 

12/1/12

ලොව අති සාර්ථකම අනවැකි කරුවා - නොස්ටර්ඩෑම්ස්



ලෝකයේ සියලු දෙනාම බොහොම උනන්දු වුණ මාසයක් තමයි අදින් එළඹුණේ. 2012 අවසානය කොහොම වෙයිද? දේශපාලන ලෝකය, ස්වභාවික ලෝකය අතර කොයි වාගෙ හැල හැප්පිලි වෙයිද? මේ ගැන එළිපිට කතා කරත්, නොකළත් හැමෝගෙද හිතේ කුකුසක් තියෙනවා. ගෝලීය තත්වය, ගෝලිය උණුසුම, ටොරනාඩෝ තත්ව, ලැවිගිනි, භූ කම්පා, සුනාමි මේ වාගේ දේවල් ගැන හැමෝම උනන්දුවකින් ඉන්න බව තමා පේන්නෙ. ඒවාගෙම සක්වල ජීවින් ගැනත්. හැමෝගෙම පෙන්වන නොපෙන්වන අධානය මේ පැත්තට යොම් වෙලා තියෙන වෙලාවෙ, ඉර ඇහැරෙන ඉසව්වෙන් හිතුවා..මේ ගැනත් ලිපි ටිකක් ලිව්වොත් කාලෝචිතයි කියලා. අනික් අය දරන මත මොනවාද කියලා දැන ගන්නත් අපිට ඒක පිටු බලයක්වේවි. කොටින්ම මේ වෙනකොට අන්තර්ජාලය හරහා නොයෙක් ආයතන මේ ගැන ගවේෂණයට ඉතා විශාල මෙහෙයුම් රැසක් දියත් කරමින් ඉන්නවා. පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුරේ තමයි අපිටත්, ඒ අය දෙන බොරු හා ඇත්ත විස්තර අස්සෙ යම් මතයක් ගොඩ නගා ගන්න හැකි වෙන්නෙ.

කලාව, සංස්කෘතිය, දේශපාලනය, ආගම, සමාජය , විද්‍යාව හා අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර තුළ 2012 කතා බහ වෙන්න පටන් ගත්තෙ වසර දහස් ගණනකට පෙර සිට, මායාවර්න්ගෙ කැලැන්ඩරය 2012 දෙසැම්බර් 21 න් අවසන් වීම එයට ප්‍රබල හේත්‍රවක් විදිහට බලපෑවා වෙන්න පුලුවන්. ඒත් අද මම පළවෙනියාට ඔබට විස්තර ගෙන එන්නෙ, ලෝක ඉතිහාසය ගැන අති ප්‍රබල අනාවැකි කියපු මිනිසෙක් ගැන. ඔහුගෙ නම නොස්ට්‍රඩාමුස්. (නොස්ට්‍රඩෑම්ස්). අපි මේ පුද්ගලයා ගැන කතා කරන්නෙ ඇයි? ලෝකෙ වෙච්ච නොයෙක් වියසන ගැන හරියටම කියන්න මීට අවුරුදු 500කට විතර කලින් ඔහු සමත් වෙලා තියෙනවා. කොටින්ම තමන් මැරෙන දවස, තමන්ගෙ මිනිය ගොඩ ගන්න දවස ලියා තියන්න තරම් ඔහු සමත් වුණා. ඒ වාගෙම 1993 සිට 2015 අතර කාලයේ විශ්වයේ සිදුවිය හැකි අති දරුණුම ව්‍යසන සුදුවන බව ඔහු කියලා තියෙනවා. ඒ නිසා අපි ඔහු ගැන සොයා යමු.

ලෝකයේ එක එක මිනිස්සු ජනප්‍රිය වුණේ එක එක විදිහට, රජවරු, රණ ශූරයො, කලාකරුවො, වාගෙ අය වාගෙ ම අනාවැකි කරුවොත් ජනප්‍රිය උදවිය. ඒත් නොස්ට්‍රඩෑම්ස් කියන්නෙ සාස්තර කාරයෙක් නම් නෙවෙයි. ඔහු කියපු අනාවැකි 100%ක් දුරට වාගේම සියල්ල ඉතා ආසන්නයටම සාර්ථක වෙලා තියෙනවා. මේ නොස්ට්‍රඩෑම්ස්ගෙ තියෙන අනික් විශේෂත්වය තමයි. ඔහු අනාවැකිය පළ කරලා නිකා ඉන්නෙ නෑ. ඒ ගැන හොඳ විස්තරයකුත් ලබා දෙනවා. හරියට පුවත්පත් වාර්තාවක් වාගෙමයි. ඒකයි ඔහු නිකම් නිකං අනාවැකි කරුවෙක් කියලා කියන්න බැරි. සිද්ධිය වෙන්නෙ කොහොමද? කොයි විදිහටද? පටන් ගැන්ම වාගෙ හැම දේම ලස්සනට ඔහු විග්‍රහ කරනවා.



1503 ප්‍රංශයේ උපත ලබන නොස්ට්‍රඩාමුස් 1566 දී ජීවිතක්ෂයට පත්වෙකකොට, ඔහු විවිධ ක්ෂේත්‍ර තුළින් ජනප්‍රියත්වය පත් වූ පුද්ගලයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන නොස්ට්‍රඩෑම්ස්ගෙ තාත්තා වාගෙම සීයත් වෛද්‍යවරු. ඔහු සීයාගෙන් තමා මූලික අධ්‍යාපනය ලැබුවෙ. ඉන්පස්සෙ ඇවිග්නොන් සරසවියෙන් වැඩිදුර ඉගෙන ගෙන තියෙනවා. වෛද්‍ය වෘත්තිය ගැන ඔහු පොත් දෙකකුත් ලියා තියෙනවා.

මේ අතරෙ 1555 දි, ඔහු තමන්ට තිබුණු යම්කිසි හැකියාවක් හෝ ඥාණයක් පදනම් කරගෙන, අනාවැකි සමූහයක් ඉදිරිපත් කරනවා. ඔහුගෙ අනාවැකි ඉදිරිපත් කිරීමේ ශෛලිය බොහොම නිර්මාණශිලීත්වයක් උසුලනවා. ඔහු ඉදිරිපත් කරපු හැම අනාවැඩකියම ඉදිරිපත් කළේ සිව්පද ඇසුරින්. මුලින් ඔහු හිතුවෙ අනාවැකි 100 ගාණෙ එක පොතට දාලා පොත් 10 ක් හෝ 12ක් ලියන්න. ඒත් ඔහු මේ අල්ලපනල්ලෙ තමන්ගෙ ජීවිතය ඇසුරිනුත් අනාවැකි වල සත්‍යතාවය ගළපන්න උත්සාහයක නිරත වුණා.

ඔහු ජීවතුන් අතර ඉඳිද්දි, ඔහු රටේ රජු ගැන අනාවැකියක් කියනවා. මුලු රජයම ඔහුට විරුද්ධව නැගී හිටිනවා. එය ප්‍රතික්ෂේප කරනවා. ඉතින් නොස්ට්‍රඩෑම්ස් කට වහගන්නවා. ප්‍රංශයේ හිටපු දෙවනි හෙන්ඩ්‍රි රජතුමා ගැන තමයි මේ  අනාවැකිය කියවෙන්නෙ. නොස්ට්‍රඩෑම්ස් රජුගෙ බිසව එක්කත් බොහොම හිතවත්. ඉතින් ඒ නිසා තමයි මේ අනාවැකිය රජු වෙනුවෙන් ප්‍රකාශ කළේ. ඒක පද හතරක කවියක්.

  "The young lion will overcome the older one, 
  On the field of combat in a single battle; 
  He will pierce his eyes through a golden cage, 
  Two wounds made one, then he dies a cruel death."



ඒ අනාවැකියෙන් කියවුණේ, හෙන්රි රජු මරණයට පත්වෙනවා කියලා. තමාට වඩා තරුණයෙකු අතින්.ඒක රජතුමා තරයේ ප්‍රතික්ෂේප කළා. නොස්ට්‍රඩාමුස් කීවේ එක දෙයයි. ඔබ ද්වන්ධ සටනට යන්න එපා. උත්සව වලට යන්න එපා කියලායි. ඒ වාගෙම නොස්ට්‍රඩාමුස් හැම වෙලාවෙම අනවර්ථ නාමයක්, හුරතල් නාමයක් තමන්ගෙ අනාවැකි වලදි භාවිතා කළා. එයින් ඔහු හැම අනාවැකියකටම ව්‍යංගයක් ලබා දුන්නා. ඔහු හෙන්රි රජු හැදින්නුවෙ වයසක සිංහයා කියලා. එදා ඉතින් රජතුමාගෙ බැනුම් අහලා යන්න සිද්ධ වුණත් ඉන් වසර දෙකක්ට පස්සෙ, රජතුමා උත්සවයකදි සටනට ආරාධනා කරනවා, තමන්ට වඩා කණිෂ්ටයෙකුට. කොච්චර කළත් අනාවැකිය සිහි කළ රජතුමා කිසිම ලෝකයකින් විනිවිද නොයන ගණකම් රන් හෙල්මට් එකකුත් පැළදගෙන තමයි මේ සටන කෙරුවෙ. මොකද ඇහැට හානිය වෙනවා කියලා තමා අනාවැකියෙ තිබුණෙ. ඒත් අවාසනාවක මහත.බැලීම සඳහා ඇස ළඟ ඉඩ තබාගත් සිදුරෙන් හෙල්ලය ඇතුලට ගිහින් ඔහුගෙ ඇහැ ගැලවී එළියට වැටුණා. දිණ ගණනක් දුක් විඳලා මහ දරුණු ඛෞදනීය මරණයටකට මුහුණ පාන්න රජතුමාට සිදුවුණා.




රජතුමාගෙ මරණයෙන් දෙවසරකට පසු නොස්ට්‍රඩාම්ස්  මිය යනවා. ඔහු මිය යන්න පෙර දින රෑ ලේකම්ට කියනවා. හෙට මම මිය ඇදෙනවා කියලා. පහුවදා ලේකම් එනකොට එය හරියටම සිදු වෙලා. ඒ වාගෙම ඔහු තව දෙයක් කියනවා. ඒ යම් දිනක මාගෙ මෘත ශරීරය යමෙක් ගොඩ ගත්තොත් ඔහු එය ගොඩගන්නා විටම මියයනවා කියලා. මේ ගැන මිනිස්සු නොයෙක් කතා කියන්න පටන් ගන්නවා. හෙන්රි රජුට පක්ෂ අය මොහුගේ අනාවැකි විවේචනය පවා කරනවා. ඒත් වසර 200ක් යනතුරු කිසිවෙක් මේ මෘත ශරීරය ගොඩ ගන්න තරම් ශක්තිමත්ව ඉදිරිපත් වෙන්නෙ නම් නෑ. එහෙත් 1791 දි ඔහුගෙ මෘත ශරීරය නිධන් කළ තැනට බීමත් සොල්දාදුවො තිදෙනෙක් එනවා. නොස්ට්‍රඩාම්ස්ට පහත් වචනයෙන් බැන බැන පැමිණි මේ තිදෙනා මිනිය ගොඩ ගන්නවා. ඒ අය මිනි පෙට්ටිය අරිනවා. ඔවුන් දකිනවා විෂ්මය ජනක ඵලකයක්. එහි සඳහන් වුණා. 1791 කියලා. ඔහු මිය යන්න පෙර තමන්ගෙ සිරුර ඇතුළට, ඵලකයක් දමාගෙන තියෙනවා, තමන් ගොඩ ගන්නවා වසර හරියටම දැනගෙන. ඒ වාගෙම සුලු මොහොතකින් මෘත ශරීරය ගොඩගත් සොල්දාදුවො මියයනවා.


තමන්ගෙ මරණින් වසර 100කට පස්සෙ, ලන්ඩන් නගරයට වන හානියක් ගැන ඔහු තම සිවුපද තුළ සටහන් කළා. මෙහි සුවිශේෂීත්වය තමයි සිදුවන තැන, වර්ෂය, සිදුවෙන හානිය ආදි හැම දේම මේ සිව්පද තුළ තිබීම.




"The blood of the just will be demanded of London
Burnt by fire in the year '66
The ancient Lady will fall from her high place
And many of the same sect will be killed.
"



1666 දි බේකරියකින් පටන් ගත් සුලු ගින්නකින් මුලු ලන්ඩනයම ගිනිබත් වෙනවා. ඒ හා සමාන මිනිසුන් කොටසකුත් මියයනවා. ඒ නිසා මේ අනාවැකියත් සාර්ථක අනාවැකි ගොඩට තමා එකතු වෙන්නෙ. මේ අතරෙ ඔහු තමන්ගෙ මවුරට ගැන අනාවැකියක් කියනවා. ඒ තමයි ප්‍රංශ විප්ලවය.රජතුමා මිය යන හැටි ගැන, ගිලීටනය ගැන පවා ඔහු සඳහන් කරනවා.


"From the enslaved populace, songs, 
Chants and demands
While princes and lords are held captive in prisons.
These will in the future by headless idiots
Be received as divine prayers."




ප්‍රංශ විප්ලවය වෙනතුරු කාටවත් මේ අනාවැකිය පැහැදිළි කරගන්න ලැබුණෙ නෑ. නමුත් එය නිවැරදි කරමින්, ප්‍රංශ විප්ලය සිදුවූ පසු සියල්ලන්ටම හැඟී ගියා ඔහුගේ අනාවැකි වල ඇත්ත. ඉන් පසු කවුරුවත් ඔහුව විශ්වාස කරන්න පසුබට වුණේ නැහැ. ඔහු රජු සහ රාජ පරම්පරාව සිරිගත වන අයුරු හිස වෙන් වන ආයුධයක් ගැන තම කවි වල සඳහන් කරනවා.

ඉන්පස්සෙ ඔහු සඳහන් කරලා තියෙනවා  කතෝලික විරෝධී පුද්ගලයො තුන් දෙනෙක් ගැන, ඔහු මෙන්න මෙහෙම සිව් පදයක් ලියනවා පළවෙනි කතෝලික විරෝධියා වෙනුවෙන්.


"PAU, NAY, LORON will be more of fire than of the blood, 
To swim in praise, the great one to flee to the confluence. 
He will refuse entry to the Piuses, 
The depraved ones and the Durance will keep them imprisoned. "





ඔහු මෙම කතෝලික විරෝධී පුද්ගලයන් තිදෙනා ගැන තම අනාවැකි අතර ඉතාම විශේෂයෙන් සඳහන් කර තබෙන බව තමයි පැවසෙන්නෙ. ඒ වාගෙම ඔහු පළවැනියා  ගැන කියන්න ඔහු බාවිතා කළේ ප්‍රංශයේ නගර තුනක්.ඒ වාගෙම එදා මිනිසුන් කල්පනා කළා.මේ නගර වල නම් සඳහන් වන මේ අකුරු පමණක් කැපිටල් වලින් යෙදුවෙ ඇයි කියලා. මෙහි යම් රහසක් ගැබ් වෙනවාද කියලා. මිනිසුන් සැක කළා.ඒත් නැපෝලියන් බිහිවන තුරු මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණා, ඒ අකුරු වල රහස. නැපෝලියන් කියන නම මේ නගර තුනේ  අකුරු එහාට මෙහාට කළාම ලැබෙනවා. ඔබත් බලන්න..( හැරි පෝටර් චිත්‍රපටියේ දෙවනි කොටසෙ ටෝම් රීඩ්ල් Tom Marvolo Riddle අන්තිමට
LORD VOLDEMORT වුණේ මේ කන්සෙපට් එකෙන් වෙන්න ඇති නේද?)

හරි නැවත කතාවට. මේ කවිවල පාප් වහන්සේ හිර කරන බව පවා සඳහන් වුණා. නැපෝලියන් බලය අතට ගත්තාට පස්සෙ සිද්ධ වුණ දේ ඉතිහාසය කියවපු ඕනෙම කෙනෙක් දන්නවා. ඒවා විග්‍රහ කරන්න වසර ගණණකට පෙර නොස්ට්‍රඩෑම්ස්ට හැකිවීම, නමත් එක්කම කියන්නට හැකිවීම කොයි තරම් පුදුමයක්ද?




ඊළඟ අරුම පුදුම කතාව තමයි මොහු නමත් එක්කම සඳහන් කරනවා, වෛද්‍යවරයෙක් ගැන. ස් තමා පාස්චර්. ලොව ප්‍රබලම රෝගයට බෙහෙතක් හොයාගන්නවා කියලා. ඔහු කියනවා. ඒ වාගේම ඔහු පසුව මහා අපකීර්තියකට පත්වෙනවා කියලා මේ නොස්ට්‍රඩෑම්ස් සටහන් තබනවා. මේ තියෙන්නෙ ඒ සිව්පදය.

"The lost thing is discovered, hidden for many centuries.
Pasteur will be celebrated almost as a God-like figure.
This is when the moon completes her great cycle,
But by other rumors he shall be dishonored.
"


නොස්ට්‍රඩෑම්ස් පාස්චර්ගෙ නම පවා සඳහන් කරනවා සියවස් ගනණකට පෙර. වෛද්‍යවරයෙක් වූ නොස්ට්‍රඩෑම්ස් මහා උනන්දුවක් දක්වන්න ඇති තම ක්ෂේත්‍රය ගැන. ඉතින් අපි කවුරුත් දන්න වසූරියට එන්නත හදපු ලුවී පාස්චර් ලෝකය දේවත්වයෙන් අදහනවා. එහෙත් මරණයෙන් වසර සීයකට පස්සෙ එක්තරා පුවත් පත් වාර්තාවක් නිසා ඔහු ලෝකයේ අපකීර්තිමත්ම පුද්ගලයන්ගෙ ලැයිස්තුවට වැටෙනවා. 1995 දි ඒ පුවත් පතේ තිබුණෙ ඔහු වසූරියට බෙහෙත හදන විදිහ ගැන හැංගීමක් කළා කියලා. වැක්සීනය නිපදවීමේ වාර්තාවෙ වරදක් තියෙනවා කියලා.

දෙවන ක්‍රිස්තියානි විරෝධියා ගන ඔහු ඉන් පසුව සඳහන් කරනවා. නමුත් ඒ නම ඔහු දකින්නෙ හිස්ටර් කියලා. ඒත් අනික් කරුණු කාරණා ඉතාම නිවැරදිව ඔහු කියනවා. ඒ කවි දෙක දැන් අපි බලමු.

"From the depths of the West of Europe,
A young child will be born of poor people,
He who by his tongue will seduce a great troop;
His fame will increase towards the realm of the East."

Also ...
"Beasts ferocious with hunger will cross the rivers, 
The greater part of the battlefield will be against Hister. 
Into a cage of iron will the great one be drawn, 
When the child of Germany observes nothing."

ඔහු කියනවා මේ පුද්ගලයා ජර්මනියේ දුප්පත් පවුලක ඉපදෙන බව. ලොව කුරිරු පාලනයකට ගෙනයාමට වෙර දරන බව. මිනිස්සු ගෑස් යොදා මරන බව. ගැහැණු නිරුවත් කරන මරන බව. ඒ 1889 දි උපද ලද හිට්ලර් බව ලොවටම පිළි ගන්න වෙනවා. නමේ එක් අකුරක් පමණයි නොස්ටර්ඩෑම්ට මඟ හැරෙන්නෙ. ඒ වාගෙම ඔහු සඳහන් කරනවා තුන්වන ලෝක යුද්ධයක් 1993 වසරින් පසු ඕනෑම දවසක ඇතිවිය හැකියි කියලා. 2015 වන තෙක් ඔහු කාලය සටහන් කර තබනවා. තුන් වන ක්‍රිස්තියානි විරෝධිකයා එම කාලය තුළ බිහිවෙන බවයි ඔහු පැවසුවේ.

ඉන්පසු ඔහු සඳහන් කරනවා තම රටේ, එනම් ප්‍රංශයේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ගැන.ඔහු තුන් වතාවක් බලයට පත්වෙන බව තමයි ඔහු කියන්නෙ.ඒ වාගෙම නමත් හරියටම සඳහන් කරලා තියෙනවා.ඒ තමා චාල්ස් ඩි ගෝල් නම් නායකයා.

"Hercules King of Rome and of Annemark, 
Three times one surnamed de Gaulle will lead, 
Italy and the one of St Mark to tremble, 
First monarch, renowned above all."

ඉන් පස්සෙ වැදගත්ම සිද්ධිය තමයි, අඩුම තරමෙ පරමාණුව යන්නෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා නොදන්න 1500 යුගයෙදි, නොස්ටර්ඩෑම්ස් සඳහන් කරනවා. හිස්ටර්ගෙ බලපෑමට විරුද්ධ මිනිසුන් විසින් ලොව කුඩාම මිනිසුන් ජීවත් වන රටක නගර දෙකක් අතර දැවැන්ත පිපිරීමක් සිදු කරනවා. ඉන් විශාල සමූල ඝාතනයක්  වෙනවා. කළ හැකි එකම දේ දෙවියන්ට යාඥා කිරීම පමණයි කියලත් නොස්ට්‍රඩෑම්ස් කියනවා. අඩුම තරමෙ පරමාණු තබා බෝම්බ වත් නොතිබූ යුගයක ඔහු මේ ප්‍රකාශය කරන්නෙ. නගර දෙක අතර යන්නෙන් හදුන්වන්නෙ, හිරෝෂිමා නාගසාකි නගර අතර කලාපය. ලොව කුඩාම මිනිසුන් සිටින්නෙ ජපානයෙ. අපි දන්නවා පරමාණු පිපිරීම නිසා සිදු වූ දේ. අපි අහලා තියෙනවා. 

Near the gates and within two cities
There will be scourges the like of which was never seen,
Famine within plague, people put out by steel,
Crying to the great immortal God for relief.
"


මේ ගැන ඔහු දැනගත්තෙ කොහොමද? ඇත්තටම පුදුමයි නේද? ඒ වාගෙම තන්ඩබෝල්ට් නම් උණ්ඩයකින් කෙනඩි මිය යන බවද ඔහුගේ සොහොයුරා මිය යන විදිහද කියන්න මේ මිනිසා සමත් වෙනවා. 1986 දී චැලෙන්ජර් ෂටලය ගිනිබත් වීම ගැන සහ එහිදී මිය ගිය පිරිස ඉතා ආසන්නය ඔහු අනුමාන කරනවා. මේ සියල්ල ඔහු කරන්නෙ 1555 දී .එහි මහ පුදුම සහගත බවක් තිබෙනවා. මොහුව නැවතත් ලෝකය පුරාම කතා බහට පත්වෙන්නෙ ඩයනා කුමරියගෙ මරණය එක්ක. බ්‍රිතාන්‍ය ඇය හැඳින්නුවෙ සඳ දෙව් දියණි කියලා. ඒ විදිහටම තමයි නොස්ට්‍රඩෑම්ස් ඇයව හැඳින්නුවෙත්. 90 දශකයේදී ඇය මිය යන බව ඔහු ප්‍රකාශ කළා..

God the Last but First the nickname of Nostradamus of the 90's 
Takes the Goddess of the Moon for his Day & Movement
A frantic wanderer and witness of Gods Law 
In awakening the worlds great regions to Gods will."
නැවත වරක් ඉන් පසු ඔහු කෙනඩි වරුන් ගැන කතා කරන්න ගන්නවා. අපිට පේන්නෙ කෙනඩි පවුල ගැන 1500 ශතකයේ ජීවත් වූ නොස්ටර්ඩෑම්ස්ට ලොකු උනන්දුවක් තිබුණා කියලා යි. 1999 ජූලි මාසයේදි ජූන්යර් කෙනඩි  අහසේ සිදුවන අනතුරකින් මිය යන බව ඔහුගේ කවියේ සඳහන්. වර්ෂය වාගේම මාසයත් නිවැරදිව දෙන්න ඔහුට හැකියාව ලැබිලා තිබීම මෙහි සුවිශේෂත්වය. මේ ජූනියර් කෙනඩි මිය ගියේ 1999 ජූලි මාසයෙදි තමන්ගෙම ගුවන් යානය පදවන්න ගිහින් වූ අනතුරකින්. 

The year 1999 seven months
From the sky will come the great King of Terror.
To resuscitate the great king of the Mongols.
Before and after Mars reigns by good luck."
ඒ වාගෙම ඊළඟ සුවිෂේශීම පුදුමය වෙන්නෙ, 2001 සැප්තැම්බර් මාසෙදි, 
Earthshaking fire from the center of the Earth
Will cause tremors around the New City.
Two great rocks will war for a long time,
Then Arethusa will redden a new river.
"

ඇමරිකාවට එල්ල වූ ත්‍රස්තප්‍රහාරය ගැන ඔහු සඳහන් කළේ ඉහත විදියට. මිනිසා විසින් නිමවන කඳු දෙකක්, යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයකින් විනාශ වී වශාල මිනිස් සංහාරයක් වන බව තමා කිව්වෙ. ඔහු ගොඩ නැගිලි දැක්කෙ මිනිස්සු හදපු කඳු වාගෙ. ඔහු කියපු හුඟක් දේ හරි ගියා. ඔහු බොහෝ ව්‍යසන දැක්කා. ඇමරිකාවට එන කැතරිනා කුණාටුව ගැන ඔහු සඳහන් කළා. තාක්ෂණයක් නොමැති කාලෙක මේ මිනිසා කියූ අනාවැකි ගැන මිනිස්සු පුදුම වුණා. ඒ වාගෙම 2004 සුනාමි ව්‍යසනය ගැන පවා ඔහු කළ සඳහන නිවැරදි වුණා.ගෝලීය උෂ්ණත්වය ගැනත් ඔහු කතා කළා.
1990 දි තුන්වෙනි ක්‍රිස්තියානි විරුද්ධකාරයා එළියට එන බව නොස්ටර්ඩෑම්ස් කියනවානෙ. මේ තුන්වෙනියා ගැන පැහැදිළි නෑ. නැපෝලියන් පැහැදිළි වුණේ ආවාට පස්සෙ,හිස්ටර් හිට්ලර් කියලා හඳුන ගත්තෙ ඔවුන් සමාජ ගත වුණාට පස්සෙ.ඒත් අනුමාන කිරීම් තියෙන විදිහට නම් ඒ ඔසාමා බිල්ලාඩන් විය හැකි යි.ඒ වාගේම මේ පුදුම මිනිසා අවසන් කාලයේ චිත්‍ර ඇන්දා. ඔහු 2012 දි සිදුවිය හැකි, ඒ වාගම ඉන් පසු නුදුරේ දි විය හැකි දේ ගැන ඒ රූප වල අඩංගු වුණා.
දැන් අපි යමු ඔහුගෙ චිත්‍ර වලට.

1. පළවෙනි චිත්‍රෙයන් කියවෙන්නෙ, හිරු රැස් අධික වී සිංහ රාශය මූලික වන දවසක, ලෝකයට විශාල උණුසුමක් එනවා කියන එක.වසර 26000කට වරක් මේක සිදු වෙනවාලු. 
2. ඉන්පසු දෙවන සිතුවමින් ඔහු කියනවා මේ කාලෙදි තුන්වන ක්‍රිස්තියානි විරෝධීකයා පැමිණෙන බව, ධනු රාශිය හා මීන රාශය මූලික කොට ගෙන ජෝතිෂ්‍ය ඇසුරන් ඔහු මේ ප්‍රකාශය කරනවා. ක්‍රිස්තියානි විරෝධීකයා කියන දේ බයිබලය බවට පත් වෙන බව ඔහු කියනවා. යකාට ගිය කාලයක් බවයි ඔහු අඟවන්නෙ.

3. තෙවන චිත්‍රෙයන් වසර 26000කට පසු ග්‍රහයන් එකට පිහිටන වග ඔහු ප්‍රකාශකරනවා වෘෂ්ශික රාශිය මැදිවන දවසකයි එය වෙන්නෙ කියලා ඔහු කඩුවෙන් සංකේත ගන්වනවා.
4.ඔහු සිව්වන චිත්‍රෙයන් සඳහන් කරන්නෙ නව රාශියක් ගැන. 1555 දි ඔහු ක්ෂීර පථයෙ කලු කුහරයක් ගැන කියන්න සමත් වුණා. ඒත් 1990 දි පවා නාසා ආයතනය පවා එයට හිනා වුණා. 2006 වන තෙක් සිනා සුනා. ඒත් අවසානයේ 2006 වසරේ ඔවුන් හොයා ගන්නවා මෙතෙක් සොයාගත් විශාලම කලු කුහරය. තවම එහි ශක්තිය ගැන ඔවුන්ට ගණනය කරන්නවත් පුලුවන් කමක් නෑ.මොහු වෘෂ්ශික රාශිය සහ ධනු රාශිය අතර තියෙන කලු කුහරයක් ගැන කියනවා. ඔහු එතන ග්‍රහලෝක දහතුනක් ගැන කියනවා. එය නාසා ආයතනය අවඥාවෙන් බැහැර කරනවා. නමුත් මෙම චිත්‍ර‍යේ ඔහු එය අඳිනවා..මේ ග්‍රහය නොස්ට්‍රඩෑම්ස් නම් කළේ ඔෆීකුවස් කියලා. ෙ
5. පස්වන පින්තූරයෙන් ඔහු කියන්නෙ ග්‍රහලෝක සමාන්තර වීමක් ගැන. ඒ වාගේම ඔහු කියනවා 2012 දෙසැම්බර් 21 වෙනිදා වසර 26000කට පසුව විශාල වෙනසක් විය හැකි දවසක් කියලා. අයිස් යුගය දිය වී ගියේ මීට හරියටම වසර 26000කට පෙර කියලා අද විද්‍යාඥයන් කියනවා.ඒ වාගේම ගෝලීය උණුසුම අධික ලෙස වැඩි වේවි කියලාත් ඔවුන් අනතුරු අඟවනවා.මේ අනුව අපට හිතන්න පුලුවන් ගෝලීය උණුසුම මහත් සේ වැඩි වේවි කියලා.
6. හයවන චිත්‍රය පෙන්වන්නෙ, මේ කලියුග කාලයෙන් පසු නව ශාස්තෘ වරයෙකු ගෙ බිහිවීම.
7. හත්වන චිත්‍රයෙන් පෙන්වන්නෙ, බයිබලය අලුතින් ලියන්න පටන් ගන්නවා කියන එකයි.

ඔහු ජේසුස් වහන්සේ මිය ගිය දිනය පවා ග්‍රහ පිහිටීම් අනුව හරියටම කියූ කෙනෙක්. නොස්ට්‍රඩෑම්ස් 1993 සිට 2015 දක්වා යුගය, මිිසා විසින් තම ක්‍රියාකාරකම් නිසා ලෝකය විනාශ කරන යුගයක් බව හොඳින්ම පැහැදිළි කරලා දී තිබෙනවා. ඔහු ප්‍රකාශයක් කරනවා, තුන්වෙනි ක්‍රිස්තියානු විරෝධිකයාගේ නැගීමෙන් පස්සෙ ලෝකය පුරාම අවුරුදු විසි හතහමාරක මාරාන්තික යුද්ධයක් ඇතිවන බව.
ඒත් ඉන්පස්සෙ, වසර දහසක පමණ කාලයක් ඉතාම සාමකාමි ආකල්ප ඇති, ඉතාම සාමකාමි මත දරන සතුටින් දිවි ගෙවන ජනකායක් බිහිවෙන බවත් ඔහු කියා තිබෙනවා.එය එසේ වේවායි අපිත් පතන ගමන්ම, නාසා ආයතනයද නොපෙන්වන සැකයකින් මේ දින වල නොපෙන්වන භීතිකාවකින් පෙළෙන බව සිහිපත් කළ යුතුයි. 2012 මහ විනාශයක් සිදුවීම කෙසේ වෙතත්, අප හැකි තරම් පරිසරය රැක ගත්තේ නැත්තම් 2015 අප ජීවත් වන අවසාන වසර වේවි. මෙහි ප්‍රබල වගකීම පැවරෙන්නේ  බල ලෝබයට යුද්ධ කැන ප්‍රබල රට වල නායකයින්ටය.

11/30/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 06)

කලින් කතාව 1 2 3 4



මම අහැරුණා. නන්නාඳුනන ඇඳක් උඩ එකපාරටම ඔබව ඇහැරෙනකොට දැනෙන හැඟීම් ගැන ඔබට හිතන්න පුලුවන්ද? ඒ කාමරයේ කාට උරුම කොහොම තැනක්ද? කියලා හිතාගන්න මම ඇස් කැරකුවා. බිත්තියෙ කිසිම පින්තූරයක් තිබුණෙ නැතත්, ටික කාලෙකට ඉස්සර තීන්ත ගාපු ලකුණු තිබුණා. මම නිදා හිටිය ඇඳට අමතරව, පුංචි කබඩ් එකක් විතරයි මුලු කාමරයටම තිබුණෙ. මම දොර දිහා බැලුවෙ කාමරේ කවුරුවත් නොහිටිය නිසා.

කාලා එළියට බැස්සා, ඇස් නීලංකාර වෙලා පිදුරු කරත්තය ඉස්සරහට වැටුනා කියන තැන ඉඳන් අනික් කිසිවක් මගේ මතකයේ තිබුණෙ නැහැ.

විනාඩි පහකින් විතර, කාමරයට ආවෙ ගැහැණියක්. වයස තිහක් ඉක්මවපු බව මුහුණෙන් කියන්න පුලුවන්. කරුණාවන්ත බවක් මුහුණෙ නැතත්, අකරුණාවක් පෙනුනෙ නෑ. මම හිනා වුණා..

මම මේ කොහෙද ඉන්නෙ? 

ඇය මගෙ දිහා පුදුමෙන් බැලුවා. අවට හාත්පස බැලුවා. ඉන් පස්සෙ මාව කොට්ටෙ සමඟ ඔසවලා ඇඳට හේත්තු කළා.

සාරා ඔයා ට මතක නැද්ද ඔයා හිටපු කාමරේ. පැනලා යන්න එපා කියලා කී වතාවක් කිව්වාද? කොහොමත් වෙච්ච ණයට හිලව්වට සැමුවෙල්ට ඔයාව පංගාරාත්තු කරන්න ලොකු හාමු ලෑස්තියි. ඊයෙ පැනලා ගිහින්, අද වෙනකොට නමත් මාරු කරන්, ඇඳුනුත් මාරු කරන් පැනලා යන්න ගියාට මේ බංගලාවෙ ඒවාට ඉඩක් නෑ. හෙට තමුන්ට සැමුවෙල් බඳින්න සිද්ද වෙනවා..

මුලින් මට සිතුණේ, මේ ගෑණිට ඇත්තටම පිස්සු කියලා. කවුද සාරා. මම ෂේන්්යා. කවුද සැමුවෙල්. මම මෙහෙ කවුද? කවුද මේ අය, මම ඊයෙ මෙහෙන් පැලා ගියෙ නෑ. මේ අය මං වාගෙ වෙන කෙනෙකුට රුවටිලාවත්ද? මට සිතුණා.

මම සාරා නෙවෙයි. මම දන්න සැමුවෙල් කෙනෙක් නෑ. මම ෂේන්යා. අනික මම ඔයාව දැක්කෙත් අද.

එක්වරම කේන්තියට පත් ඇය කාමරයෙන් පිටත යන්නට සැරසී නැවත හැරුණාය.

ඔක්කොම ලොකු මහත්තයා ආවාම බලා ගන්නවා. හැබැයි අකමැති නම් අම්මාගෙ වියදමට ගත්ත සල්ලි අදම ගෙවන්න වෙයි. 

සිදුවන්නේ කුමක් වුණත් ආපසු හැරිය නොහැකි තැන මම ඇඳට පිට දී කවුලුවෙන් එළිය බලා සිටියෙමි. ජනේල කණ්ඩිය මත වූ ඔරලෝසුවෙ වෙලාව 4 පසුවී මිනිත්තු කීපයකි. හෙට මම සැමුවෙල් ව බඳිනවා. ඒ කියන්නෙ හෙට.

කාමරයට ආවෙ උස මහත පිරිමියෙක්. ඒ ලොකු හාමු. ඔහු එක්ක අර කාන්තාවත් ආවා.

සාරා සැමුවෙල් ඔයාට සලකනවා හොඳ වැඩියි. ඔයාගෙ අම්මාගෙ අසනීපෙට විතරක් නෙවෙයි මරණෙටත් එයා ගෙව්වා. හිලව්වට ඔයාව බඳින්න හදන එක වරදක් නෑ. ඔයාටත් ගෙවන්න හදන්නෙ. මීට වඩා හොඳ තැනක් කොහෙද? ඇයි පැනලා ගියෙ?

ඒ මනුස්සයා බොහොම කරුණාවෙන් ඇහුවෙ. මම මේ මනුස්සයාටවත් වුණ දේ පහදන්න ඕනෙ කියලා මට හිතුණා.

ඔයාලා හැමෝටම වැරදිලා. මම සාරා නෙවෙයි. මම ෂේන්යා. මං මෙතන දන්නෙත් අද. මම හැදුණෙ කන්‍යාරාමෙ. බොරු නම් අහන්න.

මම එක දිගට කියාගෙන ගියා. එතකොටම ලොකු හාමු කියන මිනිහාට කේන්ති ගියා. මෙයාට හොඳින් කියලා වැඩක් නෑ.. කාමරය ලොක් කරන්න.  මම මොහොතකින් කාමරය ඇතුළෙ තනි වුණා. දෙවියනේ මට ගැළවීමක් නැද්ද?

මම මගේ පුංචි සූට් කේස් එක ඇරියා. බයිබලය අතට ගත්තා. ඒත් හිතට නිවනක් නෑ... මම සූට් කේස් එකේ තියෙන ඇඳුම් ඔක්කොම එළියට ඇඳලා එක පොටිටනියක් බැන්දා...සියලුම දේත් පොට්ටිනිය ඇතුළෙ ගැට ගැහුවා. මේ දේ මම කළේ ඇයි කියන්න මම දන්නෙ නැහැ.

හෙට නොදන්න සැමුවෙල් බඳිනවාට වඩා ජනේලෙන් පැනලා මැරෙන එක හොඳයි කියලා හිතුණා. ඒත් ඒකට රූ වෙනකන් ඉන්න ඕනෙ කියලා මට හිත කිව්වා..

මම දොර ළඟට ගියා . දොරට තටුටු කළා. මෙහෙකාරිය ආවා. මම ඇයට කිව්වා මට වැසිකිලියට යන්න ඕනෙ කියලා.. වැසිකිලියට යන අතරෙ වටින යමක් මම හෙව්වා.. මට විකුණන්න දෙයක් ඕනෙ. ඈතට ගමන් වියදමක් ඕනෙ. එන ගමන්, මේසය උඩ සල්ලි වගයක් තිබ්බා. විකුණන වෙලාවත් නැති නිසා මම ඒ ටික අතට ගත්තා. මෙහෙකාරියට නොපෙනෙන්න. ඒක කෝච්චියට ඇති. කියලා මට හිතුණා.

කාමරයට රෑ කෑම එනකං මම හිටියා. බඩගින්නෙ පිට වෙන්න බයට. අනික රෑ නිස්කලංකයි. මම රෑට කෑම කෑවා.. ඉතිරු වුණ පාන් කෑලි දෙකත් ඔතා ගත්තා. සල්ලි ටිකත් ගත්තා. සූට් කේස් එක පහලට වැටෙද්දි එන සද්දෙ රෙදි පොට්ටනියෙන් එන්නෙ නෑ... මම රෑ 12 ට විතර, රෙදි පොට්ටනියපහලට දැම්මා.. කාමරේ තියෙන වට පිටාව බැලුවාම.. කොට්ටය බෙඩ්ෂිට් එක, සහ ඔරලෝසුව ඔනෙ වෙයි කියලා හිතුණා. මම ඒ ටිකත් ගත්තා.. මාව මේ දාන අමාරුවෙන් ගැලවෙන්න මම ඕනෙම දෙයක් කරන්න සූදානමින් හිටියෙ.

මම කබඩ් එක හැකි තරම් නිශ්ශබ්දව දොරටම හේත්තු කරලා.. තද කළා.. කොට්ටෙයි බෙඩ් ෂීට් එකයි අරගත්තා....බෙඩ්ෂීට් එක අරගත්තාම මට මතක් වුණේ තටුටු දෙකකින් පැනලා අනතුරක් වෙයි නේද කියලා.

මම මෙට්ටෙ ජනේලෙන් ඉිමට දැම්මා.. දැන් වෙලාව එකයි... මම කොට්ටෙන් ඔලුව බදාගෙන මෙට්ටෙට පැන්නා. ලොකු සද්දයක් ආවෙ නැතත්, මම පොට්ටනිය අරගෙන පස්ස නොබලා දිව්වා.. ගේට්ටුවට ඉබ්බා දාලා..මම තාප්පෙට නැගලා.. තාප්පෙන් බිමට පැන්නා.. ඉන් පස්සෙ හැකි වේගෙන් මම දිව්වා.

හැබැයි මම දැනගෙන හිටියෙ නෑ..කොහෙද දුවන්නෙ, කියලාවත්, ඉන්න තැන කොහෙද කියලාවත්..මම ඉස්සරහටම ගියා.. කැලයක් නොවන පාර දිගේ ගියා.. කලුවරේ නගරයක නමක් වත් පේන්නෙ නෑ..

ඒත් ඈතින් සද්දයක් ඇහුණා... දැන් එක මගේ වම් පැත්තෙන්, ළඟින්ම ඇහුණා....

වෙඩිං එක සරසමු.



ඒ කාලෙ ඇනොනිමස්ලාට තිබුණ මාර තැනක්. ඒත් දැන් අනොනිමස්ලාම ඒ තැන චාටර් කරගෙන. ඒත් සමහර ඇනෝලා ඉන්නවා බොහොම වියත්. ඉතින් අවියත් ඇනෝලා කිහිප දෙනෙකුට තිබ්බ, ප්‍රශ්නයක් මුලින්ම නිරාකරණය කරන්න ඕනෙ හින්දා, මම දෙවනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉස්සර හත්වෙනි ප්‍රශ්නයට යනවා කියලා හිතුවා. ඉතින් ඇනෝවරුනි අපහසුවට පත්වෙන වචන  එව්වාට ලිව්වාට වැඩක් නෑ.. මම කමෙන්ට් මොඩරේට් කරනවා..ඒ නිසා නොවැදගත් දේ කියන්න ලියන්න මේ බ්ලොග් එකේ නම් මහන්සි වෙන්න එපා.

එහෙනම් මෙන්න දෙවනියට අපි හත්වන කොටස සාකච්ඡා කරමු. පළවෙනි ලිපිය නොදුටු කෙනෙක්ට මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. එන්ගේජ්මන්ට් රෙජ්ස්ට්‍රේෂන් ගැන ලියපු කතා ටිකත් දැනුම කැටගරිය බැලුවාම හොයා ගන්න පුලුවන්.

කොයි හෝටලේටද යන්නෙ?

මේ වගෙ කොටසක් ඇත්තටම දැම්මෙ, අපේම නෑදෑයන්, නිසා අපි ලබපු අත්දැකීම් නිසයි.

සමහරුන්ගෙ වෙඩිං එක සහ හෝම් කමිං එක අතර පරතරය සති දෙක තුනක් තියෙනවා. ඒ ඒ අයට සල්ලි තියෙන හැටි අනුව තමයි ඔය විගඩං තීරණය වෙන්නෙ.. ඒත් සාමාන්‍ය මිනිස්සුන් වන අපේ නෑ මිතුරන්ගෙ උපරිමය දවස් දෙකයි හෝ තුනයි...මම හරිනෙ.

ඒත් අපේ සමහරුන්ගෙ තියෙන පණ්ඩිත කමට මේ දවස් තුනට යනවා රටේ අනික් කෙළවරටම. ගියාට නම් අපිට කමක් නෑ.. ඒත් පසු උත්සවයේ අනික් දේවල් සංවිධානයේ දි ඒක හරි අපහසුයි. ඒ නිසා හෝම් කමිං එකට අන්දන,පින්තූර ගන්න අයට එන්න පහසු,නැතිනම් අඩු වෙලාවකින් ඒ අය ළඟට ඔබට යන්න පහසු දුර සීමාවක හෝටලයක් ඒ කාලෙ අතරදි තෝරාගන්න එක තමා වඩා හොඳම. මොකද ඔබට ගෙවන මුදලට, අපරාදෙ වැඩ ටික කරගන්න බැරි වෙනවා, ඔබ ගමනට වැඩි වෙලා තියා ගත්තොත්...ඒ වාගෙම ගමන් වෙහෙස ඔබේ මුහුණෙන් පෙනේවි.එක දිගට වාහනයක යන එකත් වෙහෙසයිනෙ....ගෙවන මුදලට උපරිමය කරගන්න කියලායි ඔබට කියන්න තියෙන්නෙ...හෝම් කමිං ඉවර වෙලා යාපනේ, බැරිනං ඕනෙ සිංගප්පූරුවක ගියාට කමක් නෑ..ගෙදර මිනිස්සු අමාරුවෙ නොදා..

උදාහරණ - අපේ පුංචි අම්මා බැන්දා. අගෝස්තුවෙදි. එයා බැන්දෙ කොටිකාවත්තෙ.. ගියෙ රත්නපුරේ.. පහුවදා හංවැල්ලට එන්නත් ඕනෙ.. වෙඩිං එක හවස් වරුවෙ තමා, ඒත් පොටෝග්‍රැෆර්ට සල්ලි දවසටම බැඳලා තියෙද්දි පින්තූර ඇති වෙන්න ගන්න බැරි වුණා විතරක් නෙවෙයි.. දෙවනි දවසෙ අන්ද ගන්නත් හුඟක් කරදර වුණා.. අන්දන කෙනා කිව්වා රත්නපුරේ යන්න බෑ කියලා. ඔක්කොම ඇනෙනවානෙ එහෙම වුණාම...ඒ වාගේම ගමනෙදි වෙලාවක් තීරණය කරගන්නත් බෑ.. අපි ඉතින් අන්තිම මොහොතෙ උදේ පාන්දරම රත්නපුර ගිහින් ජෝඩුව කොළඹ එක්ක ආවා...ඒ නිසා නූලෙන් වැඩේ ගොඩ ගියා.. ඒත් අපරාදෙ පොටෝ වලට වෙඩිං දවසම තියාගන්න තිබුණානෙ. අනික හෝම් කමිං අන්දලා තිබ්බෙත් හදිසියට.

ඔය වාගෙ හේතු නිසා තමයි තැන ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. දැන් ඇත්තටම මහත්තයාගෙ ගම දුර නම්,ඒවාට වෙනම කතා කරලා සංවිධානය වෙන්න පුලුවන්නෙ.. අඩුම තරමෙ එහෙම සංවිධානයවත් වෙන්න කියන එක ඉල්ලනයි.. මේ කොයි හෝටලේටද යන්නෙ කියන පැනය තිබ්බෙ. අනෝලාට දැන් පැහැදිළි ඇති. මම හිතන්නෙ.


හරි දැන් අපි මඟුල් ගේ සරසමු

ඉස්කෝලෙ ඉඳන්ම තමා ඉතින්, අපි මේවාගෙ සැරසිලි කටයුතු පුරුදු වෙන්නෙ.. ඒකට තියෙන්න ඕනෙ හොඳ ඇහැක්. මෙතනදි තමා ඔය කවුරුත් කියන තීම් කලර්ස්, වෙඩිං තීම් වාගෙ අරු මෝසම් එළියට එන්නෙ. දවසක් සුබාසිරි බල බල ඉන්නකොට කෙල්ලෙක් කියපි,
“අපේ තාත්ති ගෙ බිස්නස් එක පර්නිචර්ස්. ඉතින් අපිත් හිතුවා අපේ තීම් එක විදිහට ලී බඩු ගන්න.“
ඉතිං මේ අයගෙ වීඩියෝව බැලුවාම තේරුණේ  කේක් එක තියෙලා තියෙන්නෙ මේසයක් උඩ පුටුවක් අනිත් පැත්ත හරවලා. පෝරුව අල්මාරියක් වාගෙ.. පහන එල්ලා තියෙන්නෙ ඇඳුම් රාක්කෙ. මේ වාගෙ දෙයින් විවිධත්වය රැකුණාට, ගරුත්වය ආරක්ෂා වෙනවාද කියන ප්‍රශ්නය නම් ඒ වෙලාවෙ මට ආවා.

ඒත් ඉන් පස්සෙ වෙලාවෙදි මට කල්පනා වුණේ තාත්තා මිනී පෙට්ටි සාප්පුවක වැඩ කළොත් මේ ක්‍රමයට යන කෙනෙක්ට මොකක් වෙයිද කියන එකයි.

ඒ නිසා හැම වෙලාවකම සැරසිල්ලක් කරද්දි විවාහයේ ගෞරවය රකින්න ඕනෙ. ලස්සන කියන දේ සරලව ඇති කරගන්න පුලුවන්. මඟුල් ගෙදර සරසිලි වලට අවධානය යොමු කරද්දි, ඒ දේ හොඳින්ම මතක තියා ගන්න. පාට තෝර ගන්නකොට එකිනෙකට ගැළපෙන, ඔබ ආසා කරන පාට දෙකක් තෝරා ගන්න.. සුදු කියන වර්ණයත් එක්කම තව වර්ණයක් තෝරගන්න එක තමා හුඟක් අය කරන්නෙ. කැමති නම් සුදු අත්හැරලා වෙන වර්ණ දෙකකට යන්නත් බැරි කමක් නැහැ.

මේ වර්ණ තෝරා ගනිද්දි... ඊට ගැළපෙන්න තමා සැරසිලි සියල්ල නිර්මාණය කරන්න ඕනෙ. ඒ වාගෙම කාඩ්, කේක් පෙට්ටි , බ්‍රයිස්මේට්ලා ඉන්නවා නම් ඒ අයගෙ ඇඳුම්, මේ ඔක්කොම තීරණය වෙන්නෙ ඒ අනුව. කාර් එකත් ඒ සැරසිල්ලට අනුගත කරන්න.. කේක් අල්ලන කූඩය පවා ඒ විදිහට කරන්න පුලුවන්.. ලෝකෙ ප්‍රසිද්ධම තීම්ස් තමා බීච් තීම්, ග්‍රීන් තීම්, වාගෙ ඒවා..

ස්වාභාවික මල් වලින් සරසන්න පුලුවන් නම් ලස්සනයි.  හැබැයි පැවැත්ම රැක ගන්න ටිකක් අසීරුයි. ප්ලාස්ටික් නම් ඒ ප්‍රශනය නැහැ. ඒ සියල්ල තීරණය වන්නෙ මුදල් මත. ඔබගෙ හැකියාව අනුව මේ සියල්ල වෙනස් වෙනවා.. ඩෙකරේෂන් කීපයක්ම තියෙනවා. වෙඩිං එකකදි

1. ටේබල් ඩෙකෝ
2. පෝරු ඩෙකෝ
3. කේක් හරි කිරිබත් හරි ඩෙකෝ
4. සෙටි බැක්
5. ලන්ච් එක ගන්න තැන
6. දොර ඩෙකෝ
7 පහන
8. කාර් ඩෙකෝ එක
9. මිල්ක් හර් ෂැම්පේන් හරි ෆන්ෂන් එක.


මේ සියල්ල එකිනෙකට ගැළපෙන සරල ලස්සනක් තියෙනවා නම් හරි ලස්සනයි.. ඒ මල් වර්ගයක්
තෝරාගනිද්දි බොකේ වලටත් ඒ මල්ම යොදනවා නම් තවත් ලස්සනයි..

පෝරුව තමන්ටම කියලා අලුත් එකක් හදාගන්න අද කාලෙ හැම කෙනාටම අමාරුයි. පුලුවන්නම් හොඳයි. ඒකට ඕනෙත් ඉතිං ඇහැ තමයි. ඒ වාගේම ටිකක් දක්ෂ යාලුවො ටිකක් ඉන්නවා නම් මේවා සරල දේවල්. බඩ බැඳගෙන ඉන්න යාලුවො ඉන්නවා නම්, මේවා ඇත්තටම සරලයි..

උඩරට මනමාලියො දැන් කපන්නෙ කිරිබත්. පහත රට මනමාලියො කේක් කපනවා. ඒ වාගෙම ෂැම්පේන් වෙනුවට දැන් කිරි පන්ෂන් තියෙනවා. ඒක අත්‍යාවශ්‍ය නැතත් කට්ටිය කරනවා. සමහරු නම් පොල් මල් පුබුදනවා.. තව අය පරෙයියො අරිනවා... ඕවා ඉතින් ඒ ඒ අය කැමතිනං කරන ඒවා මිසක් අත්‍යාවශ්‍ය නැහැ. චාරිත්‍ර වල නැහැ. පාලුව කියන දේ අඩු වෙන්න. නමුත් කාටවත් කරදරයක් නොවෙන්න සැරසිල්ල තිබුණා නම් හොඳටම ඇති. හුඟක් කියන්න දෙයක් නෑනෙ.. ඒ ගැන තවත්, මොනාහරි සරසිලි ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න යාලුවේ...

පෝරුව ළඟ හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනෙ නිසා. එතන ඉඩ ටිකක් වැඩියෙන් තියන එක සැරසිලි කරුවන් අතින් විය යුතු දෙයක්. දැන් පහසුකම් තියෙන නිසා. තමන්ට පුලුවන් සියල්ල නිර්මාණය කරන්න සියල්ලටම කලින් ග්‍රැෆික් වලින්. ඉන් පස්සෙ හොඳටම ගැළපෙන විදිහට නිර්මාණය කරන්න පුලුවන්.


සෙට් බැක් එකට ගන්න පුටුව හුඟක ලොකු නොවුණාම ලස්සනයි. තව පොඩි දෙයක්. නැටුම් කරන අයට ඔබේ උත්සවේ ඉඩක් තියෙනවා නම් ඒ අයට ඒ සඳහා ඉඩ වෙන් කිරීම වැදගත්. මම කිව්වෙ උඩරට නැට්ටුවො ගැන. බීලා නටන අය නම් ඉඩ හදාගන්නවානෙ.

11/19/12

වෙඩිං පළමු පියවර

බ්ලොග් එකකින් අපට රට වෙනස් කරන්න බෑ. බ්ලොග් එකක් කියන්නෙ අපිට හිතෙන, අපි හොයාගන්න, අපි තේරුම් ගන්න යම් දෙයක්, නොමිලේම අනික් අයගෙ සංවාදයට විවෘත කරන්න පුලුවන් සමාජ ජාලයක් විතරයි. ඉතිං තමන් ඉතිරි කරලා යන කමෙන්ට් එක බලන කෙනාට කොයිතරම් වැදගත්ද කියලා ටිකක් කල්පනා කරලා දානවා නම්, ඒක කාලය නාස්ති නොකිරීමක් වෙයි. ඇනෝ කමෙන්ට් දෙකකට මුලින් උත්තර දීලා මම අද ලිපිය පටන් ගන්න කැමතියි. විවාහය ගැන, මඟුල් උත්සව යම් පැහැදිළි කිරීමක් මම සොයා උගත් දැනුමෙන්, මගේ හිතවතුන්ට බෙදා හදා දෙන්න, මම තවම කසාද බඳින්න ඕනෙ නෑ.. නාරි හා ප්‍රසව පිළිබඳව බෙහෙත් දෙන ෙපිරිමි වෙදදුරන්ට කවමදාවත් දරුවො හම්බෙනවාද? නෑනෙ.. අනික් දේ තමයි.. අපි හොයා ගන්න තොරතුරු මෙහෙම ඉදිරිපත් කළාම, අපිටම අනික් අයගෙ මත දැන ගන්න පුලුවන්. දේශපාලනය, සමාජ විෂමතාව , ස්ත්‍රීත්වය, මනෝභාවය වගේ මාතෘකා ගැන බර සාරෙට කතා කරන අය අතරෙ, මේ වාගේ ලයිට් රීඩිං එකකුත් තිබ්බෙ නැත්තං ගතියකුත් නෑනෙ... කොහොමත්, මේ ලිපි පෙළට කැමති දෙතුන් දෙනෙක් හරි ඉන්න නිසා මම ඒ අය වෙනුවෙන්, මම හොයා ගන්න දේ ලියනවා දිගටම.. අනික මම මේ හොයන්න මහන්සි ගන්නෙ, අපි රැල්ලට ගිහින් නිස්කාරණේ නාස්ති කරන සල්ලි වලට ඊට වඩා දෙයක් කරන්න පුලුවන් නේද කියලා හොයා බලන්න... ඒවා ඉවරයි දැන් අපි ලිපියට යමු..


දැන් අපි රෙජිස්ට්‍රේෂන් එක ගැන කතා කරලා ඉවරයි. ඒක කලින් ගන්න එකේ වාසි ගැන අපි ඉස්සර ලිපි වල කතා කළානෙ...මොනා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න ආයෙ පහදලා දෙන්නම්. උත්සවයක් ගන්න ඕනෙ අයට ඒක ලාබෙට කරන හැටි ඔන්න මම කිව්වා. කව්චේරියට ගිහින් බැන්දාත් ඇති. ඒත් ඉතිං අද කාලෙ අලුත් දේවල් කරන්න අපි ආසයිනෙ.. රැල්ලටම නොයා, ලස්සනට කරන එකේ කිසි වරදක් නෑ. තමන්ගෙ හීනෙ කාටවත් කරදරයක් නැතිව ඉටු කරගන්න එක, තමන්ගෙ ආත්මයට කරන ලොකු සාධාරණයක්. හරි හරි.. දැන් අපි යමු වෙඩිම ගන්න..

යාලුවනේ, මම දන්න තරමින් වෙඩිං එක පටන් ගන්නෙ නැකත් කොළයකින්, ඒකෙ හුඟක් දේවල් වලට නැකත් තියෙනවා. තෙල්වලං ලිප තියන්න, පෝරු හදන්න , එහෙමත් නැකත් තියෙනවා. අද නම් හුඟක් අය ඕවා තිතට කරන්නෙ නෑ.. පොරුව වගේම කැවිලි ගන්නෙත් කඩෙන්.. මඟුලත් අනුන්ගෙ වගේනෙ.. ඒ නිසා අපි ඔය වෙඩි ප්ලෑනිං කියන අරුමෝසම ටිකක් ෆලෝ කරලා බලමු...මම එහෙම සයිට් දහයක් පහළවකටම ගොඩ වැදුණා මේ ලිපිය ලියන්න ඉස්සර.. එහෙම ගියාම තමා මට තේරුණේ අපි කරන දේවල් ටිකම , අපිට හිතන්න උදව් කරනවාටයි, මේ යක්කු අපෙන් ලක්ස ගණන් කඩන්නෙ කියලා...

දැන් එහෙනං අපි විවාහයට සැලසුම් කළ යුතු දේ, අපි නොම්බර පිළිවෙළට ලියලා, එක එක ගැන වෙන වෙනම කතා කරමු... ලෑස්තියි නේද?

1. වෙඩිං එක ගන්නෙ කොහෙද?
2. කොහොමද වෙඩිං එක සරසන්නෙ?
3. කවුද මනමාලිට මනමාලයාට, අර අනික් අයට අන්දන්නෙ?
4. කොහොමද කෑම බීම?
5. වාහන වලට මොකද කරන්නෙ? වෙඩිං කාඩ්? කේක් පෙට්ටි?
6. කවුද චාරිත්‍ර කරන්නෙ?
7. කොයි වගේ හෝටලයකට ද යන්නෙ?
8. සංගීතය කොහොමද?
9. කවුද පොටෝ ගන්නෙ? වීඩියෝ කරන්නෙ?
10. එදාට නීති කටයුතු කරනවා නම් ඒවා කොහොමද වෙන්නෙ?

හරි.. මේ කරුණු වලින් අපිට යමක් මඟ ඇරුණා නම්, අපි හෙමි හෙමින් පස්සෙ හොයා ගමු. මේ හැම දෙයක්ම හොයන්න ඉස්සල්ලා, අපි බලන්න ඕනෙ, අපිට කොයි තරම් මුදලක් වියදම් කරන්න ශක්තිය තියෙනවාද කියලා. කවදාවත් මඟුල් කන්න එපා ණය වෙලා.. ඒකට දෙමව්පියන්ට ඉඩ තියන්නත් එපා..ඒ නිසා හැම වෙලාවෙම අතේ ඇති මුදල ගැන හිතලා වැඩ කරන්න.. දැන් ඔබට පුලුවන් මම මේ කියන කරුණු එක්ක, අතේ තියෙන මුදල් ගැන කල්පනා කරලා, ඔබගෙ වෙඩිම ගැන දළ අදහසක් ගන්න..

සමහර ජෝඩු වෙඩිං එක සැලසුම් කරන්න ගිහිංම පට්ට වලි දා ගන්නවා. ඒ අය තව පාරක් විවාහ වෙනවාද නැද්ද කියලා තීරණය කරන එක හොඳයි ඈ!!!

 1. වෙඩිං එක ගන්නෙ කොහෙද?

මේ දේ තීරණය කරන්න, ඉස්සර ඔබ සොයා බලන්න ඕනෙ කී දෙනෙක්ට මඟුල් ගේ කියනවාද? කියලා. කියන ප්‍රමාණය අනුව තමයි ඔබට තැන හිතාගන්න වෙන්නෙ. ගෙදරක ගන්න ඉඩ මදි නම් හෝටලයක ගන්න වෙනවා. හෝටල් තෝරා ගන්න කොට එක එක මිල මට්ටම් තියෙනවා. කෑම නැතිව හෝටලය විතරක් ගන්න පුලුවන් තැන් තියෙනවා. සමහරු හෝටලය දෙන්නෙ කෑම ගන්නවා නම් විතරයි.. තවත් සමහරු ඉන්නවා..අවශ්‍ය කෑම පිටින් ගෙන්වා ගන්න අපිට අවස්ථා දෙනවා. හැබැයි එයාලාගෙනුත් ගන්න ඕනෙ.. හෝටලයක් කෑම බීම එක්ක දෙන්නෙ පැය පහක් හෝ හයක් වාගෙ කාලයකට. ඉතිරි ඉන්න වැඩි වෙලාවට වෙම ගෙවන්න ඕනෙ. හෝටලයෙන්ම කෑම මෙනුව අපි අරගන්නවා නම් ඒක අමතර පහසුවක්. ඒ නිසා හෝටලයක් බුක් කරනවා නම්, කෑම එක්කම බුක් කිරීම ලේසියි. කෑම වල ගණන් බලන්නෙ ප්ලේට් එකකට.. ප්ලේට් එකට බත් වෑංජන,අතුරුපස, වෙල්කම් ඩ්‍රින්ක් එක අයිති වෙනවා. සමහර හෝටල් වල යම් යම් වෙනස් කම් තියෙනවා. ඒවා මුලින්ම අහලා දැනගෙන කොටේෂන් අරන් සංසංදනය කරලා බලන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. හෝටලයක් තෝරා ගනිද්දි, දෙපාර්ශවයටම පහසු මාර්ගයක තියෙන තැනක් වගේම, ඡායාරූප වලටත් හොඳයි කියලා හිතෙන තැනක් තෝරාගන්න. දැන් ඇන්දුවාට පස්සෙ පින්තූර අරගෙන ශාලාවට යන නිසා, අමතර කාලය ඉතුරු කරගැනීම ගැන හැම විටම හිතන්න ඕනෙ. මොකද චාරිත්‍ර වලට වෙලාවට යන්නත් ඕනෙනෙ. මේ කරුණු වලට අමතරව හෝටල් වල කොටේෂන් ගද්දි ෆ්‍රී ප්ලේට්ස් දෙනවාද කියලා මතක ඇතිව අහන්න. සමහරු 150 කට කෑම දෙනවා නම් තව 10කට කෑම නොමිලේ දෙනවා...

හරි... එක දවසෙ ඔක්කොම ලියලා ඔලුවට යන්නෙ නෑනෙ. ඒ නිසා ඉතිරිය පස්සෙ ලියමු..