මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/22/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 05)

ඒ ගැහැණු පෝලිමක්. එකම විදිහෙ ඇඳුම් ඇඳගත්ත මලානික මුහුණු තියෙන ගැහැණු පෝලිමක්. මම ඒ ගැහැණු ටික දිහා බලා හිටියා හරි පුදුමයෙන්. ඒ අය පාර පැනලා ගොඩනැගිලි දෙකක් අතර පටු තීරුවකින් ගමන් කරමින් හිටියා. එකා පසුපස එකා වැටිලා ගියා මිසක්, එකිනෙකා අනෙකා ගැන අවධානයකින් නෙවෙයි හිටියෙ.

අසල මාවතේ ගමන් කළා තලත්තෑනි ගැහැණියක් . ඇය අතේ ආප්ප පුරවපු කූඩයක් තිබුණා.

මහත්මිය, මට කියන්න පුලුවන්ද ඒ උදවිය කවුද කියලා.

ඒ හැමෝම අනාථයින්. සමහරු වැන්දඹුවන්. ගඩොල් කම්හලේ වැඩ කරලා නවාතැනට යන්නෙ මේ වෙලාවට.

අහිංසක මිනිස්සු මට කිය වුණා.

මොන පිස්සුද? උදේටයි හවසටයි මේ වීදියෙ කෙනෙක්ට දකින්ඩ පුලුවන් මුස්පේන්තුම දර්ශණය ඕක!

ඇය තමාටම යමක් මුමුණමින් ඇවිද යන්නට වූණා. එයා නපුරු ගැහැණියක් වෙන්ට ඕනෙ. සමාජය හුඟක් බිය දනවන තැනක් මම මටම කියා ගත්තා.

තේ වෙලාවට මුකුත් නොබී හිටපු නිසාද මන්දා මම හිටියෙ හුඟක් බඩගින්නෙ. අතේ හරි හැටි මුදලක් තිබුණෙත් නෑ. ඒ නිසා මට එදා දවල් වෙනකං ආහාරයක් ලැබුණෙ නෑ. දවල් ආහරයෙන් පස්සෙ මගෙ ජීවිතේ වෙනස් වුණා.

මම ඒ වෙලාවෙ පල්ලිය ඉස්සරහෙන් යමින් හිටියෙ. කෝට් එකක් ඇඳපු දුප්පත් පිරිමියෙක් කියලා හිතන්ඩ පුලුවන් කෙනෙක් මගේ ගමන වැලැක්වුවා.

මෙනවිය ...ඔව් ඇත්තටම.. අතේ මඟුල් මුදුවක් නැති නිසයි එහෙම කිව්වෙ. මම වැරදි නම් සමාවෙන්න. මම හිතනවා ඔබ හදිසි ගමනක් යන කෙනෙක් නෙවෙයි කියලා. මම හරි නේද? මට ඔබෙන් ලොකු උදව්වක් ඕනෙ. ඔබ මට උදව් කරනවා නේද? ඒක අත්සනක් තරම් සුලු දෙයක්.

ඔහු එක පෙළට කියවගෙන යද්දි මට පුදුම හිතුණා.

මොකද්ද මගෙන් වුවමනා උදව්ව?

මගෙ අක්කා ගැබිණියක්. ඇය තුන්මසකට පෙර අනාථ වුණා මිනිහෙක් අතින්. ඔව් ඒක සිහි වෙද්දි මට එන තරහ. ඔහු අත මිට මොලවා තාප්පයට පහර දුන්නා. මේ දැන් ඇයව බඳින්න කෙනෙක් කැමති වුණා. ඒත් ඔහු තව පැයකින් පතල් වඩ වලට පිට වෙනවාලු. ඊට කලින් කසාදෙ අත්සන් කරන්න ඕනෙ. තව සාක්ෂි කරුවෙක් මදි. ඔබ මට උදව් වෙන්න. ඇයව විවාහ කරදෙන්න.

මම පල්ලියට ඇතුළු වුණා. කිසිම සැරසිල්ලක් නැති මේසෙක වැරහිලි ඇඳගත්ත දෙදනෙක් දණ ගසා සිටියා. එතන සිදුවුණේ අත්සන් කීපයක් පමණයි. එය විවාහයක් කියලා දැණුනෙ නැහැ. ඒත් එක පාරටම මයාකල් මගෙ හිතට ආවා ඡායාවක් වගේ.

මම පල්ලියෙන් එළියට එනකොටම අර මනුස්සයා මා පස්සෙන් දුවන් ආවා.

ඔබ කලේ ලොකු සේවයක්. කරුණාකරලා අපිත් එක්ක දවල් කෑම ගන්න නවතින්න. මේ වගේ වෙලාවක එහෙම දෙයක් ගැන දෙවරක් හිතන්න බැරි තරම් බඩගින්නෙ මම හිටියෙ. අපි හෝටලේකට ගියා . හැබැයි පිටිපස්සෙ දොරෙන්. ඒක වර්ජිල් වැඩ කරන හෝටලයලු. වර්ජිල් කියන්නෙ ගැබ්බර කෙනාගෙ සහෝදරයා. එතනින් කාලා මම එළියට බහින කොටම එක් වර ඉර එළිය දරාගන්න බැරුව මම නීංලංකාර වුණා. පිදුරු කරත්තයක් මගෙ ඉස්සරහට ආවා.

පෙර කතා බලන්න

14 comments:

  1. කතාව ලස්සනයි !!
    ඉක්මනටම ඉතුරු කොටසුත් ලියන්ඩ !!

    අද මම එකද කොහෙද !

    ReplyDelete
  2. ගොඩක්ම ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. ඇයි අග්නි ෆලෝ කරන අය කමෙන්ට් දාන්නෙ නැත්තෙ?

      Delete
    2. ඒකනම් සෑගෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්.. :)

      Delete
  3. මේ මතක් වෙලා තියෙන්නේ කතාව.. ඉතිරිය ඉක්මනින් ලියමු නේ.. අපිට දුහුවිලි සිහින අමතක වෙන්නට කලින්.. :)

    ReplyDelete
    Replies
    1. අමතක වුණත් හොඳයි ඉතින්

      Delete
  4. ලස්සනයි කතාව... ඉක්මනට අනිත් කොටසත් ඕනි :))

    ReplyDelete
  5. තියෙන වැඩ නිසා ඔක්කොම ලිපි කියෙව්වේනම් නෑ. ඒත් අහම්බෙන් වගේ මේක කියෙව්වා. අනිත් ඒවා කියෙව්වේ නැති උනාට මේ වගේම රසවත් ඇති කියලා හිතෙනවා. ඔහොම යන් නෙරන්ජි ඔහොම යන්.......

    ReplyDelete
  6. මේ කොටස මට මිස් වෙලා ඒකයි කතාව අමතක උනේ..
    ආපස්සට ගිහින් මුල සිට කියවං එන ගමං මේ..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.