6/11/12
සසර සැරි සරන තෙක්
අද නිවාඩු දවසක්! මම දවල් වෙනකන් ටිකක් නිදාගත්තත් මගේ බිරිඳ ඇහැරිලා. නිවාඩු දවස එයා යොදා ගන්නෙ ගෙදර මෙහෙයට ඉන්න කෙල්ල ලවා ගෙවල් අස්පස් කරවන්න.මම කුස්සිය පැත්තට ගියා. ඇය කුණු ගොඩ ළඟ මොනාදෝ කොළ වගයක් දමාගෙයන පුච්චවනවා. මම ඒ පැත්තට ගියෙ වතුර වීදුරුවත් අරන්.
"මේ උදේම මොනවාද ඔයා දාගෙන පුච්චන්නෙ සඳා?"
සඳා කියන්නෙ මම මේ ලෝකෙ දැකපු ලස්සනම කෙල්ල. එයා දකිනකොට මම පී එච් ඩී එක කරනවා. එයාව දැක්කාම මගෙ හිත ඇදිලා ගියා. අදටත් දරුවො දෙන්නා ලැබුණ නිසාද මන්දා ඉන වටේ මස් රැල්ලක් දෙකක් පිපුනාට සඳා හරිම ලස්සනයි.
සඳා පුච්චන්නෙ කොළ වගයක්. මගෙ ඇස් කොළ ටික දිහාවට නැඹුරු වුණා.
“ මේ ඔයාගෙ පරණ කොළ වගයක්. වැඩක් නෑ ගොඩ ගහන් ඉඳලා. මං පිච්චුවා.“ කෙළවර ඉඳන් පිව්චි පිච්චි ගිය කොළයකට මගෙ ඇහැ ගියා. ඒ මම ඒ කාලෙ ගිය විද්‍යාලෙක තිබ්බ පත්තරයකට ලියපු පුංචි ලිපියක අත් පිටපතක්. ඒ මොහොතෙ මට කොහේදෝ ඉඳලා ඇයව සිහිපත් වුණා.
මම වතුර වීදුරුව අරන් ගෙට ආවා.
ඒ කාලෙ ඔය කොළ කෑලි හැම එකක්ම මහමෙරක් වගේ ඇය ෆයිල් කවර වල දදා එකතු කළ හැටි මතක් වුණ හින්දාද මන්දා මගෙ ඇහැ පොඩ්ඩක් බොඳ වුණා. මගෙ බිරිඳ, එදා ඇය මාව හමු වුණ අන්තිම දවසෙ දරු පැටව් ටිකක් බාර දෙනවා වගේ ආදරෙන් බාර දීපු කොළ මිටිය පුච්චනවා.
මම එයාට අකමැති වුණේ ඇයි? හැම කොල්ලාගෙම බලාපොරොත්තුව ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නිසා වෙන්න ඇති. ආදරය තීරණය කරන්න ඕනෙ සාධක ඇතුළෙ මම අතරමං වුණා. එයාගෙ හිනාවට වඩා ලස්සන හිනා තියෙන ගැහැණු ළමයි හිටියා. ඒ ඇස්වලට වඩා ලස්සන ඇස් ඒ තොල් වලට වඩා ලස්සන තොල් තියෙන හුඟක් අය හිටියා. ඒත් ඒ ආදරේ තරම් ආදරේ අය හිටියාද? කියලා මම කවමදාවත් කල්පනා නොකළෙ ඇයි? පිරිමියාගෙ ප්‍රේමය ගොඩ නැගෙන්නෙ ලිංගිකත්වය එක්ක ම නිසාද? මම දන්නෙ නැහැ. මම දේශපාලන විද්‍යාව පිළිබඳ මහචාර්ය වරයෙක්.
පහු කාලීනව ප්‍රේමය කොහොම වෙතත් ලිංගිකත්වය, නෑදෑයො, යුතුකම් වගකීම් ප්‍රධාන පැවැත්ම වුණ පවුලක් ගොඩ නගාගන්න මට හැකි වුණා. ඒක හරියට පනතක් සම්මත වෙලා නීතියක් ගොඩ නැගෙනවා වගේ. සඳා තමයි ඒ නීතිය. විවාහය නම් පනත මත මා අත්අඩංගුවට පත් කර, යුතුකම් හා වගකීම් සමූහයක් සමඟ මා සමාජයට මුදාහළ සඳා මා දකින්නේ මා අත්පත් කරගත් ප්‍රබලම ජීව වස්තුව ලෙසිනි. එදා සිට ශීෂ්ටාචාරය බිහිවන්නට ඇත්තේ එසේ යැයි මම විශ්වාස කරමි.
හවස් වෙනකං හිටිය මම කමිසයක් උඩින් දමාගෙන වාහනයට නැග ගතිමි. නිවාඩු දවසේ හවස එළියට යාම සම්බන්ධව බිරිඳගෙන් දැන් මට ගැටලුවක් නැත. දරුවන් නිවසට එන්නේද රාත්‍රියේය. බම්බලපිටියේ මා සිටින නිවසේ සිට මම බොරැල්ල පැත්තට වාහනය දැම්මෙමි. මුහුදු තෙර තරු එකින් එක කඩා වැටෙනකොට මට ඒකිගෙ ඇස් දෙක පෙනුණා. මාව සතුටු කරන්න ඒකී කොච්චර දේවල් කලාද? මගෙ උපන්දිනේට පන්තියම රතු පාට තරු වලින් එයා සැරසුවා. රිබන් පටි එල්ලුවා.ඒකි පිස්සුවක් නැටුවා... ඒ දේවල් මම පතපු අය අතින් සිදු වුණා නම් කියලා මම කොයි තරම් හීන මැව්වාද? මට ඇය ගැන ඒ වෙලාවට කොයි තරම් තරහ ආවාද? මම ඇයව බැල්ලියක් වගේ ජීවිතෙන් පන්න ගත්තා නේද? ඒ හිනාවෙ ආදරෙ මම අඳුන නොගත්තෙ ඇයි?
මම වාහනය රාජගිරියට දැම්මා. මම ඇයි මේවා හිතන්නෙ ? මම මහාචාර්යවරයෙක්.
ඒ කාලෙ රාජගිරිය වට රවුමෙ හිටවපු පුංචි නා පැළ දැන් මහ ගස් වෙලා. ආයෙත් වසන්තය ඇවිත්, රතු පාට දලු නටව නටව මහ පාරට ඔච්චම් කරනවා. මම එයාව ගණං නොගත්තාට එයා මං ළඟට වෙලා කොච්චර හිටියාද? ඒත් ලස්සන නැති තැන ආදරේ නැහැ කියලා. එයා පිළිගන්න ඕනෙ. මම ඇයි එයා ගැන හිතන්නෙ...සඳා ලස්සනයි. ඒත් සඳා මට ආදරේද?
මම නුගේගොඩ පැත්තට දැම්මා. එහෙම්මම විජේරාමෙ පැත්තට වාහනේ ඇදුණා. ඒකි කොහෙ ඇද්ද කියලා මට හිතුණා. මම ඒකිගෙ සුවඳ වින්දෙ නැතත්, මට ඒකි මාත් එක්ක කතා කරපුවා මතක් වුණා. දෙයියනේ. ඒකිට මාව රජෙක්. මට හුඟක් ගරු කළා. මට වැරදුණා. කැම්පස් එක පැත්තෙ ඉඳන් කොල්ලෙක් එනවා. මාත් ඔහොම ගිය කාලයක් තිබ්බා.
මම අහස දිහා බැලුවා. දැන් කොයි තරම් ඈතද? මට දුකක් දැනුණා. මම ඒක පිළිගන්න කැමති නෑ. සඳා ලස්සනයි. ඒත් ඒකි මට පණ වගේ ආදරෙයි. සංසාර දවසක සඳාගෙ රූපෙ අරන් ඒකි ආවොත් ... නැහැ එයා එන්නෙ නැහැ. ඒත් සසරෙ කවදා හරි එයාව හමුවේවි. එයා මට මුහුණ දෙන්නෙ නෑ. ඒත් ඒ මම පන්න ගනී කියන බයට මිසක්, වෙන දේකට නෙවී. දැන් කවුරු හරි අයිතිකරන් ඇති. ඒත් තවම හිත මං ගාව වෙන්න ඇති.
සසරෙ මට එයාව ලැබෙනවානම් මං ආයෙ නැති කරගන්න එකක් නෑ. ඒත් මම ලස්සනට ආසයි. මට සමාවෙන්න මලී..
Subscribe to:
Post Comments (Atom)
අසම්මත ප්‍රේමයක්ද ?
ReplyDeleteඒ චචනෙ හරි නෑ බං
Deleteඅපි එහෙම නම් මෙහෙම ගමු "ලොවට අසම්මත වූ ප්‍රේමයක්" කියලා
Delete"ඒත් මම ලස්සනට ආසයි"
ReplyDeleteඋඳ්දච්ච බුරුවෙක්.......
ඒක එහෙම කියන්නත් බෑ
Deleteඔන්න අපිත් බැලුවා.
ReplyDeleteස්තූතියි
Deleteරූපේට වශි වුනු මෝඩයෙක් ද කියලා හිතෙනවා..
ReplyDeleteඅපි යම් ගීයකට නිර්මාණය වුණ කතාවක් කියවද්දි ටිකක් ඉවසීමෙන් සංකීර්ණව හිතන්න ඕනෙ!
Deleteවෙනස් තේමාවක්.. අසම්මතයි කියන්න.. අනේ මන්දා..
ReplyDeleteඒවා පැත්තක දාමු.. කෝ නිනුවෝ අර කතාව...
මේ දවස් වල විභාගෙ අයියෙ. මේකත් දැම්මෙ මගෙ ඔලුව ලියපන් මේ ගීතෙට කතාවත් කියලා වද දුන්න නිසා!!
Deleteආදරෙයි අකර්ශනයයි දෙකම එකතු වෙන්නේ කලාතුරකින්...සමහර අය..ඔය දෙක, දෙන්නේකුගෙන් පතන්න පෙළඹෙන්නේ ඔය නිසා වෙන්න ඇති...සමහර අය ආදරේ නිසා බැඳීම් ඇතිකරගන පසු කාලෙක ආකර්ෂණයට වශීවෙනවා..තවත් අය ආකර්ෂණය නිසා බැඳීම් ඇති කරගන පස්සේ කාලෙක ආදරේ හොයනවා...කිසිදා නොසන්සිඳෙන ආශාවන් පිරුණු මිනිස් සිත....
ReplyDeleteලස්සනයි නෙරන්ජි ..
Deleteස්තූතියි
Deleteහ්ම්..... අසම්මතයක් නෙවෙයි.දැන් තමා එයාට ආදරේ වටිනාකම තේරිලා තියෙන්නෙ.මං හිතන්නෙ තරුණ කාලෙ නොතේරුන අයට වයසට යනකොට ඕක තදටම දැනෙනවා ඇති.
ReplyDeleteයා යා.. බට් පරක්කුයි...
Deleteමෝඩ මිනිහෙක් මහාචාර්යවරයෙකු වුවත්
ReplyDeleteඔහොම චරිතයක් නෑ අනේ!!
Deleteහෑ..... නැද්ද?
Deleteමාරයිනේ
හොඳ නිර්මාණයක්....
ReplyDeleteඔය සිංදුවට මමත් පොටෝෂොප්වලින් පොඩි ආර්ට් වර්ක් එකක් කළා.
හොඳයි හොඳයි
Deleteඅපොයි අරූ මෝඩයෙක් නේ !!!
ReplyDeleteමුංට තරහ යන තරම්... ඒක බොරු චරිතයක්! එහෙම අය මේ ලෝකෙ නැත. පොත්වල විතරයි ඉන්නෙ
Delete:) පහුවෙලා තේරුණත් දැන් වැඩක් නැහැනෙ ඉතින්......
ReplyDeleteආදරයයි ආකර්ෂනයයි කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙකක්නේ.ඔය දෙක පටලාගන්න මෝඩයින්ව මට පේන්න බෑ.කේන්තියෙන් ලියනවා නෙවෙයි අක්කේ.ඒ වුණාට වැඩි හරියක් පිරිමි මහ මෝඩ විදියට ඔය පොයින්ට් එකේදි ජීවිතේ වරද්දාගන්නවා.
ReplyDelete