මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/19/11

normal අපායෙන් වෙන්වන blog අපාය | Part 2



දැන් කට්ටියම සෑහෙන්න පින් දහම් කරන්න ඇති ... ඇයි ඉතින් අපායෙ යන්න වෙනවා කියන්නෙ සුළු පටු දෙයක්ද? හැබැයි ඉතින් අද බ්ලොග් අපායේ  part 2  අරගෙන මම ආවේ ඉතාම සුභ ආරංචියක් අරගෙන...ඉතින් මේ ලිපිය කලින් නොදන්න අයට පුළුවන් මෙතෙන්ට ගිහින් ඒ ලිපියෙ පළවෙනි කොටස දැන ගන්න...
  
බ්ලොග් වල බොරු ලියපු එවුන්... අනුන්ගෙ පෝස්ට් කොපි කරපු එවුන් ,සින්ඩි වලට මරා ගත්ත එවුන්,අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්,ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්,ෆේස් බූක් වලින් බ්ලැක් මේල් කරපු එවුන්,බාර්න් බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්,චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්, ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්,  ඔක්කොම දැන් බලාගෙන ඇති තමන් ට නියමිත' දඬුවම දැන ගන්න ඇත්තටම.....


ලස්සනම සිදුවීම තමයි මේ දඬුවම් කලාව පිළිබඳ අපායෙ පොතේ තියෙන පොඩි පොඩි අවුල්..... ඔන්න කවුරුත් දනවානෙ මම ගියෙ බුද්ධාගමේ අපායට.....ඉතින් මේකේ දඬුවම් තීරණය වෙන්නෙත් බුද්ධාගමේ ක්‍රමයට .....බ්ලොග් වල බොරු ලියපු එවුන්... චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්, 
ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්, ඔක්කොම මෙහෙ දඬුවමක යටත් කරන්න බැහැ .... ඒ ඇයි දන්නවාද? දස අකුසල් වලින් පරුෂා වාචා, එතකොට මුසා වාදා අයිති වෙන්නෙ වචනයෙන් කෙරෙන අකුසල් ගොඩට ...වචනයෙන් වන මේ අකුසල් යන්නෙ කටෙන් කෙරෙන ගොඩට..මෙයාලා කිසි දෙයක් කටින් කරලා නැ...ඔක්කොම ලියලා ...

ඉතින් යම රජ්ජුරුවන්ට හරිම කේස්.... කොටින්ම මුන් කුණු හරප කියලා නැහැ.. තියෙන කුප්ප කමට රත් ගමයා වගේ එවුන් එහෙම කියන්නේ ඩබල් මීනින් කතා විතරනෙ.....ඉතින් යම රජතුමත් අප්සෙට්.... සින්ඩි වලට මරා ගත්ත එවුන්,අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්, ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්, කාටවටත් දඬුවම් දෙන්න යම රජතුමාට අප්සෙට්....ඒකට හේතුව නියම දඬුවමක් දෙන්න බැහැ.....එයට හේතුව ඒ හැමෝම මානසික උම්මන්තකයො..........


බාර්න් බඩී හොරකමත් නීතියෙන් අනුමතයි.... හරියට අපේ රටේ සූදුව අනුමතයි වගේ..


.......


ඉතුරු ටික පස්සෙ ලියනවෝ....part 3 බලාපොරොත්තු වන්න.

2/13/11

එදාත් අද වගේ දවසක්.....සහ වැලන්ටයින් වෙනුවෙන් සැබෑ ප්‍රේමයක්


හෙට වැලන්ටයින් දවස.. හැමෝම ආදරය ගැන කතා කරාවි...සජීවීන්ට විතරමද? දැනෙන්නේ ආදරය?

රුසියාව....සමාජවාදය ගැන කතා කරන බොහෝ දෙනාගේ තුඩ රැඳෙන රටක්....බොහෝ නාට්‍ය කරුවන් තමන්ගේ නාට්‍යකරණ තුළ රුසියානු නිර්මාණ  විටෙක පරිවර්තන ලෙසත්, අනුවර්තන ලෙසත් දක්වනු අප දැක තිබෙනවා...නමුත් හදවතේ නැගෙන සිතුවමක්...සංකල්පයක් රුසියානු සමාජයට ආරෝපණය කරන්නෙකුට ඊට වඩා ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා....

නමුත් එම කාර්ය සාර්ථකව පළ දරමින්,ඉතාම සුන්දර  නිර්මාණයක් ප්‍රේක්ෂක සහෘදයන්ට ලබා දීමට ඊයේ " එදාත් අද වගේ දවසක්" සමත් වුණා..
 මෙවර සරසවි නිර්මාණ කෙටි නා‍ට්‍යය උළෙලේ හොඳම නළුවා, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම අංග රචනය ඇතුළු ජූරියේ විශේෂ සම්මාන තුනක් සහිතව, සම්මාන හයකින් පිදුම් ලැබීමට " එදාත් අද වගේ දවසක්" සමත් වුණා...

සැබෑ ලෝකයේ උෂාන් පුෂ්පකුමාර පෙරෙරා ... බ්ලොග් ලෝකයේදී අන්තිමයා ...මෙම නාට්‍යයේ සංකල්පීය අයිති කරුවා වෙයි ...ඔහුගේ නාට්‍ය තුළ ඇත්තේ චරිත දෙකකි...

ඔහු ගයිලී...දුප්පත් ලිපිකරුවෙක්.මැන්ඩෙරෝ ඇක්සිනොෆ් ...රදළ කුල දැරියක්...ඇගේ සිනහවකින් පමණක් ඔහුගේ හද තුළ උපන් ආදරයක්...රමණය,අනුරාගය,භෞතිකත්වයෙන් ඔබ්බට ගිය ආත්මීය ප්‍රේමයක්....වසර විස්සක්....තුරුණු වියේ මිය ගිය ඇය අද පාළු සුසානයක අඳුරු සිහිවටනයක්...

ගයිලිගේ උණුසුම් හදවත විසින් සැබෑ ලොවේ සමීපයටවත් යා ගත නොහැකි වූ ස්වප්නීය ආදරවන්තිය විවාහ කර ගෙන අවසන්...අද එහි විසි වෙනි සංවත්සරයයි... ඇය සැබෑ ලොවින් සමුගෙන වසර විස්සක් ද?....ඔහුගේ ලොවට පැමිණ වසර විස්සක් ද?... ඇගෙන් ආදරයක් ඔහුට කවදා හෝ ලැබුණාද?...ඔහු මේ ලොවේ ය....ඈ මළවුන් සමග ය...

පිළිමයක ආදරය කරන්න සැබෑ මිනිසෙකුට පුළුවන්ද?ඔබේ වර්ගවාදී සමාජය තුළ ගයිලී මානසික අසහන කරුවෙක් ය....එහෙත් ඔහු ආදරයේ ප්‍රතිමූර්තියක් නොවේද...ඇය වෙනුවෙන් අනුන් ඉදිකළ සිහිවටනයට සජීවී ආදරයක් ඔහු දක්වන්නේ ය...
මේ චරිත දෙකින් නිරූපනය වන්නේ...පංති දෙකක එක් නොවූ හැඟීම්...කඳුළු වලින් ලියූ නිහඬ ප්‍රේමයක දොම්නස්ජනක සිදුවීම් ය....

එදා රුසියානු සමාජයේ පැවති දේශපාලනයට ප්‍රේමයක් තුළින් ව්‍යංග පහරක් එල්ල කිරීම පමණක් මෙහි අරමුණ වූවාදැයි කීමට සැබැවින්ම නරඹන්නෙකු ලෙස මම මැලි වෙමි...

එහෙත් ආඅදරයට පද්නම් නොවූ එහෙත් විවාහයේදී බලපාන බොහෝ ප්‍රස්තුතීන් තුළින් ඔවුහූ දුරස් වූහ..එහිදී දේශ්පාලනය,වර්ගය,කුලය,පංතිය එකට සන්නද්ධ වී ඔවුන්ට,නැහැ..ඔහුට පහර දී ඇත.....

ඇය ඔහුට ආදරය කළාද? සමහර විට නොවන්නට පුළුවන...සමහර විට එය විය හැකිය...

අවසාන ජවනිකාවේ අවසාන තත්පර කීපයේ...මැන්ඩෙරෝ ඇක්සිනෝෆ් ප්‍රතිමාව යම් චලනයක් දක්වා නිසොල්මන් වෙනු නරඹන්නාට පෙනෙයි....ඒ ගයිලිගේ හදවතේ දැවෙන,උණුසුම් ආදරය වෙනුවෙන් කෙරෙන කෘත ගුණයක්ද?...

පරම්පරාව විසින් ඇයගේ මරණය සිහි වීමට ඉදි කරන ලද සොඳුරු සිහිවටනය ඇගේ පරම්පරාව විසින් ම අමතක කර දමා ඇත...දැන් ඇය පරම්පරාවට අමතකය. එහෙත් ඔහුට ඇය තවමත් ජීවමානය..

"මම කැමතියි උඹ සුදුපාට වුණා නම් එතකොට මට උඹේ ඇඟේ තිබෙන කුණු පිහිදාන්න තිබ්බා..උඹ කළු පාට නිසා මට ඒවා හරියට පේන්නෙ නැහැ..."

සැබෑ ලොවේදි විවාහ වුණු මැන්ඩෙරෝ...මිය ගියේ ඇයි? හදිසියේම.. තාරුණ්‍යයේදීම...ඇය ගැන ,ඇගේ මරණය ගැන තවමත් නරක කට කතා පැතිරෙනවා වත්ද?...ගයිලි ඔබ පිස දමන්න හදන්නේ ඇගේ ආත්මය ට සමාජය විසින් ගෑ කසළද?...නැතිනම් ඇගේ සිහිවටනයේ ඇති දූවිලිද?

අවසානයේ ඇගෙන් , ඇයගේ සිහිවටනයෙන් ගයිලී වේදනා රහිත මරණයක් අයදී....එහෙත් මරණය තවත් ඔහුට දුරස්ථය....

2/6/11

normal අපායෙන් වෙන්වන blog අපාය | Part 1

මම ඊයේ රෑ හීනෙන් මාරයා දැක්කා... ඒ අපේ මාරයා අයියා එහෙම නෙවෙයි ( වෙලාවට ඔරිජිනල් එකාවම දැක්කෙ ) මං නිකමට වගේ ඇහුවා...අපායට  එක්ක ගෙන යන්න බැරිද කියලා...( මටත් ඉතින් ෂුවර් නෙ කවදාවත් දිව්‍ය ලෝකෙ යන්න වෙන්නෙ නැහැ කියලා )

මාරයාත් මාර විදිහට කැමති වුණා...ඔන්න දැන් මාරයයි මමයි අපායට ගියා..


අපායෙ දොර ළඟ පිළිවෙළට අස් කරලා තියෙන්නෙ...ජීවත් වෙලා ඉන්න කාලෙ හොඳින්  වැඩ කරපු එවුන් චුති සිතේ ප්‍රශ්න හින්දා.. නික්මෙන මොහොතෙ චේතනාව අස්පට් වෙලා අපායට එනවානෙ... උන් පවුනෙ... එයාලාව පොඩි දඬුවමකින් return  කරන්න තමා... අපායෙ main door එක තියෙන්නෙ... එයාලාට තියෙන්නෙ අපායෙ කාණු වල කුණු අදින්න.. මල් වලට වතුර දාන්න වගේ light දේවල්...දොර ඇරියාම තමා අපාය පේන්නෙ...හම්මෝ... රජයේ රැකියා කරපු එවුන්..ඔය නීතීඥයෝ, ඉංජිනේරුවෝ ,දොස්තරලා ඔක්කොම ඉන්නෙ මේ නෝමල් අපායෙ...ඒක ඔය බණපොත් වල වගේ තමයි..පරණ කාලෙ තිබිච්ච ක්‍රමයමයි.... පොඩ්ඩක් වත් වෙනස් නැහැ..නීති තවම සංශෝධිත නැහැ


.ඒ ටික ඉවර වුණාම පටු පාරක් තියෙනවා...


ඉන් පස්සෙ මොඩර්න් අපාය...පුද්ගලික සේවකයෝ... විධායක තලේ කට්ටිය...ව්‍යාපාර වල මූල්‍ය වංචා කරපු අය... කොටින්ම ළඟදි මැරිච්ච අය ඉන්නෙ ඒකෙ...දඬුවම් නම් පෙර පරිදිම තමයි.. වෙනසක තියෙන්නෙ කටු ඉබුල ප්ලාස්ටික්..කටු තිබ්බාට පිට ගැස්ම හැදෙන්නෙ නැහැ....


ඔන්න දැන් තියෙනවා අපායේ ටිකක් සීතල පැත්තක්....ඒක තමයි "අපායේ කොම්පුටර් අංශය"


ඔන්න ඒකෙ මුළින්ම මම ගියේ හාර්ඩ් වෙයරිං වලදී මිනිස්සු රවට්ටලා.. බොරු කෑලි දාපු .. හොඳට තියන ඒවාගෙ ලෙඩ වැඩි කරලා පෙන්නලා සල්ලි කඩා ගත්තු  අය ඉන්න section  එකට...


උන් Computer  100000 ක් එකලස් කරන්න ඕනේ එකදිගට.. ඒක තමා දඬුවම...එකක් හදනකොට තවකෙක් එකක් ගලවනවා... ආපහු ඒක හදද්දි අනික ගලවනවා.... හදලා ඉවර වෙනකන්ම හාඩ් ඩිස්ක් එකකින් යම පල්ලෙක් පිටට ගහනවා....කොහොමද ආතල්?


සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරුවෝ.. graphic  වල්දි මිනිස්සුන්ගෙන් වැඩි මුදල් ගත්ත එවුන්... photo හදලා පවුල් කඩපු එවුන්...ප්‍රෝග්‍රම් හැක් කරපු එවුන්...බ්ලූ ෆිල්ම් upload කරපු එවුන් ඉන්නෙ එක පැත්තක. එකම C program  එකයි හදන්න උන්ට දෙන්නෙ...හොඳට හදා ගෙන එද්දි...යම පල්ලෙක් ඇවිත් මුළු key board  එකම තැනින් තැන type කරලා අනාථ කරනවා... කවදාවත් ඒක හරියට හදා ගන්න බැහැ...graphic කරපු එවුන්ට තියෙන්නෙ...pen tool  එකෙන් යම රජ්ජුරුවන් ව අඳින්න.... make selection දාලා path එකට ගානට layers  කපන් Colors match කොරන්න ඕනේ...

ඒත් යම රජ්ජුරුවන්ව කවදාවත් Satisfied  කරන්න බැහැ... පොර හිතා ඉන්නෙ පොර ලස්සනයස කියලා...  හික්ස් හික්ස්...

දැන් තමයි අපි net +web+blog  අංශෙට යන්නෙ....බ්ලොග් වල බොරු ලියපු එවුන්... අනුන්ගෙ පෝස්ට් කොපි කරපු එවුන් ඔක්කොම එහෙ...ඒ විතරක්ද සින්ඩි වලට මරා ගත්ත එවුන්...අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්... ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්...ෆේස් බූක් වලින් බ්ලැක් මේල් කරපු එවුන්.. බාර්න් බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්....චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්...ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්, ඔක්කොම එතන...ඒත් මෙයාලාට තියෙන දඬුවම නම් හරිම සුන්දරයි...මොකක් කියලාද හිතන්නෙ?......


කියන්න.. කොමෙන්ටු විදිහට....

2/3/11

නිදහසේ Freedom එකට අපිත් free වෙමු....| රටේ සංවර්ධනය අපියි

ලෝකයේ සජීවී සෑම ජීවියෙක්ම කැමතිම දේ නිදහස...මිනිස්සු වෙච්චි අපි විතරක් නෙවෙයි.....සතා සීපාවාට ගහට කොළට මේ නිදහස හොඳට දැනෙනවා...හිර කරලා හැදෙන ගස් වැල් විකෘතියි...හිර වෙලා හැදෙන සතා එක්කො හරිම නපුරුයි... නැත්තම් බියගුලුයි.... මිනිස්සුත් ඒ වගෙයි....

බසයක නැග්ගාම අපි තනි සීට් එකක ඉඳ ගන්නෙ ඇයි?.. තව මොහොතකින් කප්පරක් පිරෙන බව දැනගෙන තනි අසුනක ඉඳ ගන්නෙ ඇයි? ඒ මොහොතක නිදහසටත් අපි හරිම ආසා නිසා...

පෙබරවාරි හතර...අපි නාමික නිදහසක් සුද්දාගෙන් ලබනවා.. ඒත් අපි නිදහස් ද කියලා ප්‍රශ්නයක් තියෙනවා....අපිට නව සංස්කෘතියත් එක්ක යුරෝපීයන්ගෙන් මිදෙන්න බැහැ...ඒත් තාම යටි හිත් වල කැකෑරෙන අදීන අපේ තියනවා... අන්න ඒක රටේ සංවර්ධනයට යොදා ගත්තොත්, අපිට හෙට දවසෙ කතා කරන්න රටක් තියේවි....

අද දවසෙ වැඩියෙන්ම කතා බහට ලක් වෙන දේශප්‍රේමියොයි...ඔවුන් ඊනියා දේශ්ප්‍රේමීන් යැයි...හංවඩු ගසනා සැබෑ දේශප්‍රේමියොයි...දෙගොල්ලොම කට කියවිලි නවත්තලා රට හැදුවොත් 2011 අවුරුද්දවත් සාර්තකයි කියලා අපිට හිතන්න පුලුවන්.. ඉතින් එදාට නිදහසේ හීනය සැබෑ වේවි.... ඔබ හැමෝගෙම.. අපි හැමෝගෙම