මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/6/11

normal අපායෙන් වෙන්වන blog අපාය | Part 1

මම ඊයේ රෑ හීනෙන් මාරයා දැක්කා... ඒ අපේ මාරයා අයියා එහෙම නෙවෙයි ( වෙලාවට ඔරිජිනල් එකාවම දැක්කෙ ) මං නිකමට වගේ ඇහුවා...අපායට  එක්ක ගෙන යන්න බැරිද කියලා...( මටත් ඉතින් ෂුවර් නෙ කවදාවත් දිව්‍ය ලෝකෙ යන්න වෙන්නෙ නැහැ කියලා )

මාරයාත් මාර විදිහට කැමති වුණා...ඔන්න දැන් මාරයයි මමයි අපායට ගියා..


අපායෙ දොර ළඟ පිළිවෙළට අස් කරලා තියෙන්නෙ...ජීවත් වෙලා ඉන්න කාලෙ හොඳින්  වැඩ කරපු එවුන් චුති සිතේ ප්‍රශ්න හින්දා.. නික්මෙන මොහොතෙ චේතනාව අස්පට් වෙලා අපායට එනවානෙ... උන් පවුනෙ... එයාලාව පොඩි දඬුවමකින් return  කරන්න තමා... අපායෙ main door එක තියෙන්නෙ... එයාලාට තියෙන්නෙ අපායෙ කාණු වල කුණු අදින්න.. මල් වලට වතුර දාන්න වගේ light දේවල්...දොර ඇරියාම තමා අපාය පේන්නෙ...හම්මෝ... රජයේ රැකියා කරපු එවුන්..ඔය නීතීඥයෝ, ඉංජිනේරුවෝ ,දොස්තරලා ඔක්කොම ඉන්නෙ මේ නෝමල් අපායෙ...ඒක ඔය බණපොත් වල වගේ තමයි..පරණ කාලෙ තිබිච්ච ක්‍රමයමයි.... පොඩ්ඩක් වත් වෙනස් නැහැ..නීති තවම සංශෝධිත නැහැ


.ඒ ටික ඉවර වුණාම පටු පාරක් තියෙනවා...


ඉන් පස්සෙ මොඩර්න් අපාය...පුද්ගලික සේවකයෝ... විධායක තලේ කට්ටිය...ව්‍යාපාර වල මූල්‍ය වංචා කරපු අය... කොටින්ම ළඟදි මැරිච්ච අය ඉන්නෙ ඒකෙ...දඬුවම් නම් පෙර පරිදිම තමයි.. වෙනසක තියෙන්නෙ කටු ඉබුල ප්ලාස්ටික්..කටු තිබ්බාට පිට ගැස්ම හැදෙන්නෙ නැහැ....


ඔන්න දැන් තියෙනවා අපායේ ටිකක් සීතල පැත්තක්....ඒක තමයි "අපායේ කොම්පුටර් අංශය"


ඔන්න ඒකෙ මුළින්ම මම ගියේ හාර්ඩ් වෙයරිං වලදී මිනිස්සු රවට්ටලා.. බොරු කෑලි දාපු .. හොඳට තියන ඒවාගෙ ලෙඩ වැඩි කරලා පෙන්නලා සල්ලි කඩා ගත්තු  අය ඉන්න section  එකට...


උන් Computer  100000 ක් එකලස් කරන්න ඕනේ එකදිගට.. ඒක තමා දඬුවම...එකක් හදනකොට තවකෙක් එකක් ගලවනවා... ආපහු ඒක හදද්දි අනික ගලවනවා.... හදලා ඉවර වෙනකන්ම හාඩ් ඩිස්ක් එකකින් යම පල්ලෙක් පිටට ගහනවා....කොහොමද ආතල්?


සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරුවෝ.. graphic  වල්දි මිනිස්සුන්ගෙන් වැඩි මුදල් ගත්ත එවුන්... photo හදලා පවුල් කඩපු එවුන්...ප්‍රෝග්‍රම් හැක් කරපු එවුන්...බ්ලූ ෆිල්ම් upload කරපු එවුන් ඉන්නෙ එක පැත්තක. එකම C program  එකයි හදන්න උන්ට දෙන්නෙ...හොඳට හදා ගෙන එද්දි...යම පල්ලෙක් ඇවිත් මුළු key board  එකම තැනින් තැන type කරලා අනාථ කරනවා... කවදාවත් ඒක හරියට හදා ගන්න බැහැ...graphic කරපු එවුන්ට තියෙන්නෙ...pen tool  එකෙන් යම රජ්ජුරුවන් ව අඳින්න.... make selection දාලා path එකට ගානට layers  කපන් Colors match කොරන්න ඕනේ...

ඒත් යම රජ්ජුරුවන්ව කවදාවත් Satisfied  කරන්න බැහැ... පොර හිතා ඉන්නෙ පොර ලස්සනයස කියලා...  හික්ස් හික්ස්...

දැන් තමයි අපි net +web+blog  අංශෙට යන්නෙ....බ්ලොග් වල බොරු ලියපු එවුන්... අනුන්ගෙ පෝස්ට් කොපි කරපු එවුන් ඔක්කොම එහෙ...ඒ විතරක්ද සින්ඩි වලට මරා ගත්ත එවුන්...අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්... ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්...ෆේස් බූක් වලින් බ්ලැක් මේල් කරපු එවුන්.. බාර්න් බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්....චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්...ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්, ඔක්කොම එතන...ඒත් මෙයාලාට තියෙන දඬුවම නම් හරිම සුන්දරයි...මොකක් කියලාද හිතන්නෙ?......


කියන්න.. කොමෙන්ටු විදිහට....

17 comments:

  1. හැම වරදටම දඩුවම් තියෙන අපායේ මේ වැරැද්දටත් දඩුවමක් ඇති. මොකක් වුනත් වරදක් කරලනේ තියෙන්නේ.

    ReplyDelete
  2. හික්ස්..අප්පට සිරි....මෙහෙමත් හීන බොලේ....
    ඒක නෙමේ අක්කෝ....මම එහෙම හිටියේ නැද්ද ඔහේ...පොඩ්ඩක් ඇහැ දැම්ම නම් මමත් මුල්ලක ඉන්න ඇති...ඉකේයියා.....

    ReplyDelete
  3. හ්ම්ම්, හිතා ගන්න බෑ නෙ. :D

    ReplyDelete
  4. බාර්න් බඩී එකේ හොරෙන් එළවළු කඩපු අයට:
    බලෙන්ම බාර්න් බඩී ගහන්න කියල ඊට පස්සේ යම පල්ලෝ ඔක්කොම එළවළු හොරෙන් කඩනවා ඇති.

    ඊ මනී වලින් සල්ලි ගහපු අයට:
    යන්තම් කීයක් හරි හොයා ගන්නකොට යමපල්ලෝ ටික උදුරගන්නව ඇති

    අනිත් උන්ට..
    බලෙන්ම දවසකට බ්ලොග් පෝස්ට් 1000ක් විතර ලියවලා ඒ ඔක්කොටම කුණු හරපෙන් comments දානව ඇති

    ReplyDelete
  5. අඩේ ඒ සුන්දර ඳඬුවම ඉක්මනට කියන්ටෝ.........................
    මගේ දඬුවම කලියෙන්ම දැනගත්තම ප්‍රැක්ටිස් කොරගෙන යතෑකි යමයට පිස්සු හැදෙන්න

    ReplyDelete
  6. එතකොට මූණු පොතෙන් කොල්ලන්ට බූට් තියන කෙල්ලන්ට දෙන දඩුවම මොකක්ද?????????

    ReplyDelete
  7. @෴සිතුවිලි෴ ඉකේයියා...එයාලට පොඩි මහත්තයා කියලාඅ නම දානවා.....

    ReplyDelete
  8. ඈ බොල රත්ගමයෝ...
    එහෙම උන්ට දාන්ට ඕනැ රත්ගමය නැත්තං ඉරුව කියලනෙ බොල හිපාටුවෝ

    ReplyDelete
  9. හික්ස්... හික්ස්...
    @ රත්ගමයා: , පොඩිමහත්තයත් බූට් තියනවද???
    මටනම් දඩුවමක් මතක් වුනා .. සබෑ ආදරය ඒ අයට පෙන්නන්න ඕන!!!!!!

    ReplyDelete
  10. facebook 10 years thahanam. adenawa ne

    ReplyDelete
  11. මරු හිනයක් නේ ...

    ReplyDelete
  12. නීනුත් එක්ක චැට් කරන එක :D

    ReplyDelete
  13. "බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්."

    එහෙනම් මමත් අපායට පාස්..

    ReplyDelete
  14. @Confiuzd ප්‍රෝග්‍රැමර් උබව නම් මම අදහනවා මචං :D

    ReplyDelete
  15. confiuzd පෝ ගෑමර් - අඩේ මම කවද්ද මූත් එක්ක චැට් කොලේ....මම ගොඩාක් හායි වලට බායි කියන එකනෙ කරන්නෙ

    ඇත්තම සීන් එක හෙට දාන්නම් කොමෙන්ට් වලට ස්තූතියි...

    ReplyDelete
  16. උන්ගේ දඩුවම හැටියට තමා නිනූව එහෙ ඇරියේ...
    මෙන්න මේකි දිහා බලාගෙන කවි රචනා ලියලා පොස්ට් දාපන් කියලා උන්ට අණ කරන්න...

    ReplyDelete
  17. උන්ට ෆේස්බුක් අකවුන්ට් එකක් හදලා එක friend කෙනෙක්වත් add කරගන්න මොකුත්ම කරන්න බැරි වෙන්න හදලා දවසම මේක දිහා බලං ඉඳපන් කියනවලු!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.