මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු
Showing posts with label බ්ලොග් යාළු. Show all posts
Showing posts with label බ්ලොග් යාළු. Show all posts

8/20/13

-222- ඇහෙන මානෙකට

කාලෙකින් ලියනවා වගේ හැඟීමක් දැනුණත්, එහෙම නෑ කියලා හැඟුනෙ, සටහන් දැක්කම.
කොහොම වුණත්, කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම මගෙ සතුට වෙනුවෙන් මිසක රට හදන්න බ්ලොග් ලියන කෙල්ලෙක් නොවන නිසා මට පුලුවනි මට ඕනෙ වෙලාවට සටහනක් තියන්න.

කොහොම වුණත්, පෙරේදා..(අගෝස්තු 18) පරණ පාසල් යාලුවො හුඟක් මුණ ගැහුණා. කාලය දිග නිසා හැම අතින්ම වෙනස් වෙලා හැමෝම වාගේ.. මමත් ඒ වෙනසට අහු වෙලා. ඒත් කාටවත් කාගෙවත් වෙනස එක දවසින් (පැය කිහිපයකින්) තේරුම් ගන්න බැරි නිසා ඒ ගැන තව තවත් කතා කරලා වැඩක් නෑ. ඉතින් ඒ හැමදේම අමතක කරලා.. අපි නැටුවා. කෑවා . විනෝද වුණා. විසිර ගියා.

ඒත් කවදාවත් නොහිතපු විදිහට සංවිධාන කටයුතු වලදි, අපි කිහිප දෙනෙක්, එක බඩවැල කඩා ගෙන ආවා  වගේ හදවතට පුදුම විදිහට කිට්ටු වුණා. ඒ හැඟීම ගැන දැනෙන සතුට,හරිම ලස්සනයි. කෙටියෙන්ම කතා කළොත්. ඒ පැය කිහිපයක සාදය නිර්මාණය කරන්න අපි වෙහෙසුණ පහුගිය මාසෙ විඳපු දුක සහ සතුට තමයි... මුලු ජීවිතයටම ඒ සාදයෙන් එකතු වුණ වටිනම දේ.. හැබැයි ඒ වින්දනය අර පැය කිහිපයට ආරාධිතයො වගේ සහභාගි වුණ එක්කෙනෙකුටවත් ලැබුණෙ නෑ. මම ඒ ගැන බය නැතුව කියන්නෙ, ඒ ඉරිසියාවට ලක් වෙන්න මම වාගේම අපේ සෙට් එකම ආසයි කියලා හිතන නිසා.

ආයෙත් කියන්නෙ, මගෙ ජීවිතයෙ කැප කළ නොහැකි එකම දෙයක් තියෙනවා නම්, ඒ තමයි මගෙ සතුට. මම වැඩිපුරම සතුටු වෙන්නෙ... පුළුවන් වෙලාවට බ්ලොග් ලිවීමෙන් , බස් රේඩියෝවෙ වැඩසටහනක් කිරීමෙන්.. මොනා හරි දෙයක් ගවේෂණය කිරීමෙන්... පොත් පත් , පත්තර කියවීමෙන්... අන්තර්ජාලයෙ වුණත් මොනවා හරි කියවලා....කතා බහ කරලා.. ඇත්තටම මම සතුටු වෙනවා.

පහු ගිය කාලෙ හුඟ දෙනෙක් අහපු ප්‍රශ්නෙකට දැන් මම උත්තරයක් දෙන්නම්.

ඔයා ඔය වාගේ status දමන්නෙ ඇයි?

සමහරු ඒවාට ආසයි. සමහරු බනිනවා. සමහරුන්ට අනුව මම හරිම මෝඩයි.

ඒත් හැමෝටම මට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි. මම ලියන කිසි දෙයක් බොරු නෙවෙයි. හැබැයි මම ලියන කිසිම දෙයක් ඇත්තත් නෙවෙයි. මම නිර්මාණය කරන දේවල් වලින්, සත්‍ය ලෝකයේ ජීවත් වන ඔබේ මනස ... මම තත්‍ය ලෝකයේ පරීක්ෂණයකට නිරන්තරයෙන් භාජනය කරනවා. එච්චරයි. ඒකත් මගෙ ආතල් එකේ කොටසක්. මම හරියටම කවුද කියලා කවුරුවත්ම හරියටම සම්පූර්ණයෙන් දන්නෙ නැ.. ඒකයි මගෙ ජීවිතේ තියෙන ලස්සනම කොටස.
හැමෝම දන්නෙ එක පැත්තයි.

මම වගේ හැම දේම සතුටට හරවගන්න උත්සාහ කරන එක තමයි, ජීවත් වෙන්න ලේසිම විදිහ. තමන්ගෙ රස්සාව පාවා තමන්ගෙ ආතල් එක කරගන්න උත්සාහ කරන්න. එහෙම මිනිස්සු මේ ලෝකෙ තව ඉන්නවා. හැබැයි ටිකක් අඩුයි. මම එහෙම උත්සාහ කරන කෙල්ලෙක් නිසාම ඒ වාගෙ තව කෙල්ලෙක් ගැන මම ටිකක් ආඩම්බරෙන් කතා කරන්න ආසයි.

ඇය තමයි.. අපේ බස් රේඩියෝ එකේ සුන්දර සාමාජිකවක් වන අයේෂා.  මුලින්ම මම ඇය හඳුනා ගත්තෙ, ඇය රේඩියෝවට ආපු අලුතම ඇගේ රාත්‍රී වැඩසටහනකට ඇඩ් එක නිර්මාණය කරන්න සූදානම් වූ අවස්ථාවෙ...ඉන් ටික කාලෙකට පස්සෙ මම රේඩියෝවට, ස්ථිරව සම්බන්ධ වුණාම, ඇය මට ගුරු හරුකම් දෙන්න තරමට ප්‍රවීණ සාමාජිකාවක් වෙලා හිටියා. ඔය හැම දේම අතෑරියත්,
අයේෂා කියන්නෙ දැන් මගෙ හොඳම යෙහෙළියො කිහිපදෙනාගෙන් කෙනෙක්.

අයේෂා මේ ලෝකෙ වැඩිපුරම ආසා කරන දෙයක් තමයි විලාසිතා. විලාසිතා කිරීම තමයි ඇගෙ ආතල් එක. දැන් ඇය සූදානම් ඒක ඇගෙ රැකියාව කරගන්න. මට ඒ ගැන තියෙන්නෙ, පුදුම සතුටක්. ආතල් එක රස්සාව කරගත්ත කිසිම කෙනෙක්, කවදාවත් රස්සාව අතාරින්නෙ නෑ..ආතල් එක අතහැරෙන තුරු..

පොඩි ආබරණ බිස්නස් එකක් කියලා.. දැනට කියමු. තව දියුණු වෙයි. ඒකයි මගෙ පැතුම. සයිබර් අවකාශයේ, ම තමයි මේ පුංචි කඩය තියෙන්නෙ.. අපිට ඔබින සරල විදිහට ගනු දෙනු නිර්මාණය වෙලා තියෙන නිසා, මේ පුංචි කඩේ ආකර්ෂණීයයි. ඔයත් ගොඩ වෙලා බලන්න.

මෙන්න අලුත් පුංචි කඩේ




3/31/13

-211- අපමණ සතුටින් දන්වන වග නම්!!



මෙය ලියා තැබිය යුතු යැයි අදහස් කරමි. එමෙන්ම පබ්ලිෂ් කළ යුතු යැයිද අදහස් කරමි. මේ වන විට මම නිහඬවම සමාජ ජාල තුළින් බොහෝ දේ ඉගෙන ගෙන ඇත්තෙමි. ඒ ඉගෙන ගත් හැම දෙයකම පරීක්ෂණයක් අන්තර්ගත වූ අතර, ඒ සියල්ලම සහභාගී පරීක්ෂණ බව මම සතුටින් කියමි.

පසු ගිය කාල වකවානුව අතරතුර යමෙක් ගේ සිත් තැවුලට හේතුවෙන මොන යම් හෝ දෙයක් මා අතින් විණි නම් සමා වුව මැනවි. මම බ්ලොග් ලිවිල්ලටත්, වඩා මෙම සියලු සමාජ රටා අත්හදා බැලුවේ, මුහුණු පොතෙන්මය. එය අති සාර්ථක බව මට අද වන විට පසක් වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රම ක්‍රමයෙන් සිදු කළ සියලුම කටයුතු වලින් අද එක්වරම මිදීමට තීරණය කළෙමි. එයට හේතුව, පරීක්ෂණ සියල්ලම නිමා වී තිබියදීත්, මසක් පමණ අධ්‍යනයෙන් ම පසුවීමයි. තවදුරටත් එය මට අනවශ්‍යය. වෙහෙස කරය. එහෙයින් නිමා කරමි.

මම දැන්, යළි මා තුළට පැමිණීම ඇරඹිය යුතු කාලය පැමිණ තිබේ.


හොයාගත් දේවල් වචනෙන් දෙකෙන් සාරංශ කරන්නම්, පොතක් ලෙස එය බිහිවීමට තව බොහෝ කල් ඉල්ලා සිටියි. අකුරු බුද්ධියට බර වැඩිය. තවමත් නිසි නින්දේ හදවත වැඩෙයි.

සමාජ ජාල භාෂාව -

යම් දිනෙක ඔබ සමාජ ජාලයේ පෙනී සිටින භාෂා ශෛලිය වෙනස් කර තිබේද? මම එය ක්‍රමයෙන් වෙනස් කර බැලිමි. රස්තියාදුකාර භාෂාවක් එක්වරම ඔබ භාවිතා කළහොත්, ඔබගේ මිතුරු පිරිස එක්වර වෙනස් කළ හැකිය. ඔබට වඩා ළංවී සිටින්නෝ ඈත්විය හැකි අතර, ඈත් වී සිටින යමෙක් ළං විය හැකිය. ක්‍රමයෙන් වන ක්‍රියාදාමයකදී මෙය සිදු වන්නේද ක්‍රමක්‍රමයෙනි. නුඹ නොතේරෙන දේවල් කියන කල තේරෙන බව පෙන්වා සිටින සමහරු, නුඹ ඒ දේම වැටහෙන බසින් කිවහොත් ඔබව අත්හැර යනු ඇත.

සමාජ ජාල මිතුරන් -

සාමාන්‍ය සමාජයට වඩා අතිශයින් භයානකය. ශරීරය සහ ආත්මය පරස්පරවිරෝධීය. නුඹ වර්චුවල් දකින ප්‍රතිරූපයට වඩා සැබෑ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් විය හැක. කෙළින් නොකියන පිට කොඳු නැති අයගේ සම්භාවිතාව වැඩි නමුත්, වැටෙන තුරු බලා සිටිනා බව හඟවන ප්‍රතිශතය ඉතාම ඉහළය. පිරිමි ළමුන් සමඟ හිතවත්ව කතා කිරීම තුළ නම කැත විය හැකි අතර, ගැහුණු  වේශයෙන් සිටින පිරිමි අධිකය. වැරද්ද අවම නම්, ප්‍රයිවට් මැසේජ් වලින් එවන අතර, වැරැද්ද විශාල නම් ප්‍රසිද්ධියේ ලැජ්ජා කිරීමට උත්සාහ කරති. පුද්ගලික ජීවිතය හා සමාජ ජාල ජීවිතය අතර වෙනසක් ඇතිබව තේරුම් ගත් අයට වඩා නොගත් අය වැඩි බැවින් ප්‍රශ්න නිරන්තරව මතු වෙයි. බොහෝ දෙනා තම මනස ක්‍රියා කරවන ආකාරය , අනුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය යයි වටහාගෙන ස්වයං තීන්දු වලට එළඹී කරන ක්ෂණික ප්‍රකාශ වලින් මිතුරන් නැතිකර ගනිති. සමාජ ජාල භාවිතාව තුළ ඉවසීම තදින්ම වර්ධනය විය යුතු සිද්ධාන්තයකි. මේ සියල්ල සමහරෙකුට පමණක් අදාළ නොවන අවස්ථාද ඇත. හැකි නම් නුඹ සියලු දෙනා මිතුරන් කර ගෙන බලන්න, නුඹට මිතුරන් වැඩි වන තරමට අනවශ්‍ය අපවාද වැඩි වනු ඇත. නමුත් තොරතුරු ද වැඩිවනු ඇත.

සමාජ ජාල ට්‍රෙන්ඩ්-

ට්‍රෙන්ඩ් පැමිණීම, නැගීම, බැසීම සහ මියයාමද, තවෙකෙක උපතද, සාමාන්‍ය සමාජයට අනුරූපව සිදුවෙයි. නමුත් බොහෝ දෙනා ස්වයං කැමැත්තෙන්, ආරෝපණය වී ඇත්තේ, නොදන්නා බළල් හස්තයන්ගේ දේශපාලන ක්‍රමවේද වලටය. එය වටහා ගන්නා දින ට්‍රෙන්ඩ් එක නිමා වන අතර අලුත් පැමිණීම, යට ගියාව ගැන සිතීම අමතක කරයි. අවශ්‍ය දෙයක් සඳහා නුඹට කිසි දිනෙක සමාජ ජාලයකින් පිළිතුරු ලබා ගැනීමට ස්ටේටස් හෝ ප්‍රසිද්ධ කිසිවක් භාවිතා කළ නොහැක. පුද්ගලික බව තුළ එන පිළිතුරට වඩා ප්‍රසිද්ධ බව තුළ එන පිළිතුර වෙනස් වන්නේ, එකිනෙකා නුඹ සමඟ පවත්වන සම්බන්ධය ලොවට පෙන්වීමට වෙර දරන ක්‍රමවේදයේ ලක්ෂණ වලට අනුරූපීවය.
නුඹ සමඟ පොදුවේත්, පුද්ගිකවත් සමාන ඇසුරක් පවත්වන්නෝ සැබවින්ම හොඳ සමාජ ජාල මිතුරන් බව මතක තබා ගන්න.

සමාජ ජාල වීරයෝ-

වර්චුවල් සමාජයෙන් සහ සත්‍ය සමාජයෙන් තොරතුරු ගෙන තම චරිතයකට ආරෝපණය  හිට්ස් උදෙසා මවා ගන්නා ඊනියා වීරත්වය ඔවුනොවුන් විසින්ම ඉතාම අකාරුණික ලෙස ඝාතනය කරගනී.
යළි එය ලබා ගනු වස් කරන්නා වූ ක්‍රියා වලිය තුළද ඔවුන් පෙර රසවිඳි අය අතරමං වනු ලබයි. එවිට අලුත් වීරයන් බිහිවීම මන්ද ගාමී වන අතර පැරණි වීරයන් අලුත් වීරයන්ගේ ගමනට කුහක ලෙස බාධා පමුණවයි. නමුත් සියලු දෙනාම ඊනියා වීරයන් බැවින් සියලුම මාර්ග අනතුරේ බව රසවින්දක ආතුරයෝ නොදනිති. පරණ වීරයෝ යම් අවස්ථා වල අලුත් වීරයන් බිහි කරති. නමුත් පරණ වීරයන්ගේ අවශ්‍යතා, සඳහා අලුත් වීරයන් නොගැළපෙන කළ හෝ, ඔවුන් අතින් ඒවා ඉටු නොවන කළ, එළි බහින කුහකත්වය ඉතාම දරුණුය.

තව බොහෝ දේ කියන්නට ඇතත්, ඒ සියල්ල ඔබට යම් දවසක පහදා දීමට වෙර දරමි. මේ ලබා දුන් තොරතුරු ඔබට ඉදිරි සමාජාල ජීවිතයට වැදගත් නොවනු ඇත. මන්දයත් නුඹත් මේ වන විට පවතින රාමුවේ එක්ක අංශුවක් පමණක් බැවිනි.

නුඹ මතක තබා ගත යුතු දෙයක්, නුඹට සිහිපත් කරන්නේ හැබෑම සෙනෙහසිනි. නුඹ මිතුරන් හඳුනා ගත් මාර්ගය කිසිවිටක වැදගත් නැත. නමුත් නුඹ මිතුරා තේරුම් ගත් ක්‍රමය ඉතා වැදගත්ය. ලොව හොඳ හෝ නරක යන සියල්ල, සාපේක්ෂය.  කෙනෙක් ගේ ඔබට වැදගත් වන්නේ, ඔබ සමඟ සම්බන්ධතා පවත්වන ක්‍රමය ඇසුරෙන් පමණක් හෙයින්, සියල්ලන්ම ආස්‍රය කරන්නට කැමති නම් හැකියාව ඇත.. එමෙන්ම ඔවුන් පුද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්නා ප්‍රමාණය තීරණය කිරීමද ඔබේ බුද්ධියට අනුකූලය.

නමුත් සියලු වර්චුවල් සබදතා, සැබෑ මිතුරුකම් ලෙස පටලවා ගැනීම හෝ නොගැනීම හෝ එහි පරිධිය තීරණය කිරීම ඔබ සතුය. සියල්ල අවසන එක් දෙයක් ප්‍රත්‍යක්ෂව කියමි. වර්චුවල් සමාජයට කළ හැකි දේ සාමාන්‍ය සමාජයට කළ හැකි දේට වඩා ප්‍රබලය. නමුත් එය යහපත් කාර්යයන් උදෙසා යොදාගන්නේ, ඉතාම සුළුතරයකි. අසනීපයට පත් අය සුව කිරීමට, පාසල් සඳහා උදව් කිරීමට කැපවන මෙවන් කණ්ඩායම් ඉහළින් අගය කෙරෙන අතරම
නොයෙක් මව් පක්ෂයන්ගේ බළල් හස්ත ලෙස නොදැන ක්‍රියාත්මක වන බොහෝ දෙනා කෙරෙහි, අනුකම්පාවද ප්‍රබලව හිමි විය යුතුය.

වෙනස් වන ලෝකයේ වෙනස් නොවනා එකම දෙය වෙනස් වීම බව තේරුම් ගත්තෙමි. මම ජයග්‍රහණය කර ඇත. මන්ද මම සමාජ ජාලය තුළින් බොහෝ ඉගෙන ගතිමි. ඔබ ජයග්‍රහණය කර තිබේද? නැත්නම් පරාජය වී තිබේද? එසේත් නැත්තම් තවමත් ගන්ධබ්බ සීමාවේ දෝලනය වන්නේද?





3/1/13

-209- අපිට පිස්සු ඕයි!!!!



පෝස්ට් එක දාන්න පරක්කු වුණාට සමා වෙයං ඕයි...!
ඊයෙ දවසම මූදෙ නෑව නිසා මේක දාන්න බැරුවුණා ඕයි!!

මගෙන් මුලින්ම පිස්සුද? කියලා ඇහුවෙ සිහින
අපි කවුරුත් එක්තරා ආකාරයක පිස්සො නිසා
මමත් පිස්සන් කොටුවට ජොයින් වුණා ඕයි..!

කඳුලු හිනාව කියන හැම දේම එක්ක
ජීවිතේ ගත කරන අපි වගේ උන්ට පිස්සුද කියලා
ජීවිතේ මඟහරින එවුන් සෑහෙන ගාණක්
අපෙන්ම අහන එක හරිද ඕයි!!

ලිෂාන් ගෙන් ඕන මැන්ටල්ගෙන් පටන් ගත්තාම
ජීවිතේ මල්ටත් පිස්සු හැඳුණා නම්
මට පිස්සු හැදෙන එක අහන්න දෙයක් ද? ඕයි!!

පින්තූරෙ මාරු කරපු ගමන් හැමෝම පිස්සුද කියලා ඇහුවාට
ඇත්තම කතන්දරේ, උන්ට අපිට වඩා පිස්සු ඕයි!!

පිස්සෙක් විදියට අපි එක්ක ඇඩ්මිට් වෙන්න ලැජ්ජා එවුන්
ඉන්නවා නම්, උන්ට කියන්න තියෙන්නෙත්
ඒකත් පිස්සුවක්ම තමයි කියලා ඕයි..!!

ආදරය කරන එක, කෑම කන එක, හැම දේකින්ම නිදහස් වෙන එක,
කොටින්ම ලෝකෙනම මිදිලා මුහුදෙ නාන එක, මේ හැම දේකට කාලය හොයා ගන්න එක
කොටින්ම කිව්වොත්, අපිට ගැළපෙන මිත්‍රසමාගමක් හොයාගන්න එකත් පිස්සුවක් නෙවෙයිද?

මගෙ ඡන්දෙ කාට වුණත්, අනේ මංදා දැං හිතෙන විදිහට
මේවා ගැන හිතලාම, හෙට විභාගෙ මතක්වෙලා

මට පිස්සු වගේ ඕයි!!
වගේ නෙමේ ඕයි!!
හොඳටම පිස්සු ඕයි!!

අපේ පිස්සො සෙට් එක -
ජීවිතේ මල් ලිෂාන් ඕනෙයා සිහින අවංක පැට්ටා ආගන්තුකයා රනා මුචලින්ද පසන් බුල්ටෝ සෝඩා ගුණේ සුදු පූසා නචියා සංජු පලාමල්ල අෂාන් හිතුවක්කාර කෙල්ල රුචක හසී බීටල් මගේ සඳ මකුළුවා

2/21/13

-207- සිංහල සයිබර් අවකාශයේ ඔන්ලයින් ටීකාව | අංක 1

සියලු සහෘදයන්ගේ දැනුමෙන් හා දායකත්වයෙන් ලියවෙන,
සිංහල සයිබර් අවකාශ වංශයේ ඔන්ලයින් ටීකාව



අවකාශය අතට හසු නොවන්නේය. නමුත්, අවකාශයේ නවාතැන් වන්නා වූ සිතුවිලි හදවතට හසු වන්නේය. සිතුවිලි නිසා ජීවිතය හඳුනා ගැනීමට හැකි වන අතරම, සමාන සිතුවිලි නිසා සමාන ජීවිත හඳුනා ගැනීමටද හැකි වන වග ඔබ දන්නවාට සැක නැත. පරිණාම වාදය තවමත් සම්භවයේ නිල විකාශනය ලෙස හඳුන්වන අපට මිත්‍රත්වය නැමති සංස්කෘතික සාධකය හමුවූයේ කෙදිනදැයි, නිශ්චිත වශයෙන් කිව නොහැක. එය හෝමෝ හැබැලිස් මානවයා තෙක් දිව යනු ඇතැයි අප විශ්වාස කරමු. අද වන විට නූතන මිනිසා තෙක් පැමිණි ශිෂ්ටාචාර මග තුළ මිනාසාගේ මානසික වර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන ලද්දේද සාමූහික සත්වයෙක් ලෙස එකිනෙකා කෙරෙහි පැවති මිත්‍රත්වය බව අවිවාදිතය.

මුල් යුගයේ, තමා අවට සිටින අය කෙරෙහි මිත්‍රත්වය දැක්වූ අය, පසුව විශාල කණ්ඩායම් සමඟ මිතුරු කම් පැවැත්වූහ. ඔවුන් සමීපයෙන් ඉවත් වූ පසුව ලියුම් හරහා මිතුරු ගනුදෙනු කළහ.
ප්‍රාරම්භක ඉතිහාසයේ දී රජවරු තවත් විදේශයන් හී රජ මැති ඇමතිවරු හා තම දේශපාලනික ආර්ථික හා සංස්කෘතික සබඳතා වෙනුවෙන් නාවිකයන් හරහා, දූතයන් හරහා මෙවන් මිතුරු කම් තබා ගත් අතර, පසු කාලීනව සාක්ෂරතාවය ලද පොදු ජනයාද, ගතින් දුර අය සමඟ මිත්‍රත්වය ලියුම් හරහා ඇරඹීය. 19 වන සියවස වන විට පෑනේ මිතුරන් සංඛ්‍යාව බහුල වූ අතර, කිසි දින එකිනෙකා නොදැක ඔවුහු සිතිවිලි වලින් ගනුදෙනු කළහ. මෙවන් අය කලාතුරකින් මුණ ගැසුණු විට, ඔවුන්ගේ මිත්‍රත්වය පුදුමාකාර ලෙස ශක්තිමත් විය.  දුරකථනය හරහා හඬ තුළින් නොදකින මිත්‍රත්වයන් තව තවත් දියුණු වූ අතර, අන්තර්ජාලයේ ආගමනය මිත්‍රත්වය උදෙසා දෙවියන් දුන්  වරප්‍රසාදයක් ම විය.

පාසල් වලින් පසු තමන්ට මඟහැරුණ මිතුරන්, නිවෙස් හැර යාම නිසා පිටරට යාම නිසා මඟ හැරුණු මිතුරන්, සිරුරෙන් නැතත් හදවතින් සමීප වීමට මනා පිටිවහලක් විය. එමෙන්ම ලාබදායි ක්‍රමයක්ද විය.

දැන් ලෝකයම තනියායක් ය. මුල් කාලයටත් වඩා වැඩියෙන් ලොව පුරා මිතුරන් එකතු කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය සමාජ ජාල බිහි වී ඇත. සයිබර් අවකාශයේ සංවාද ඇති විය. 21 වන සියවස විසින් උඩුගුවනේ සවි කළ චන්ද්‍රිකාවන් හරහා, ලොවකම මිත්‍රයන් එකම නවාතැනකට සේන්දු කරවීය. එහෙත්, අකුරු විසිහයක් උඩ හිතන ජීවීත පමණක්, එම භාග්‍යට හිමිකම් කීවෝය. ඉංග්‍රීසි හෙවත් ජාත්‍යන්තර භාෂාව නොදත් අයට තම භාෂාව ඉංග්‍රීසි අකුරු ඇසුරෙන්ම ලියන්නට සිදුවිය.

එදා ග්‍රීක රෝම දේව පුරාණ වල සඳහන් වන පරිදී, අහස උසට තනන්නට ගිය බාබෙල් කුළුණ නිසා හෝ, දැන නොදැන වූ මොනයම් හේතුවක් නිසා හෝ අද වන විට භාෂා සිය ගණනිකින්  වින්තනයේ, භාෂණයේ සහ ලේඛණයේ යෙදුන, මානව මානවිකාවෝ, මෙම ඉන්ද්‍රජාලික අන්තර්ජාලය දෙස පුදුමයෙන් ටික කලක් බලා සිටියෝය.

කොතරම් හරඹ කලත්, ඉදිරියට දුවන කාල රේඛාව, අපූර්ව වසර කිහිපයක් ඇතුළත ඉන්ද්‍රජාලය පුපුරවා හැරියේය. තම තමන්ට උරුම භාෂාව පිළිබඳව තම තමන් විසින් ම ජාතීන් වශයෙන්, විද්වතුන් වශයෙන්, පර්යේෂකයන් වශයෙන් කරන ලද බොහෝ ජාතිකයන්ගේ පරීක්ෂණ සාර්ථක කරවමින්, භාෂා සිය ගණනක්, සකල අන්තර්ජාලය වසර කිහිපයක් ඇතුළත ආක්‍රමණය කළෝය.
ඉන්පසුව ටිකෙන් ටික, ලොව පුරා සිටිනා දහසක් අතරින්, තම භාෂාව කතා කරනා අය සොයා ගැනීම මදක් පහසු විය..ඒවා මුලින් උකටලී ලෙස ඉවත දැමිය හැකි දැනහැඳුනුම් කම් පමණක් වුවද අද වන විට අත් හැර දැමිය නොහැකි වූ භාෂාව නැමති රුධිරයෙන් බන්ධනය කළ සහෝදර කම් තරමටම වර්ධනය වී ඇත්තේය.

ඉදින් මෙතැන් පටන් සෙසු තනියායක, ලෝකාවකාශයෙන් මිදෙන අපි සිංහල අන්තර්ජාල අවකාශය ගැන කතා කිරීමට පිඹුරුපත් සකසා ගන්නෙමු.

-ඉතිරිය ඉදිරියට-

[මේ ලිපිය සඳහා ඔබේ දැනුම ඉතාම වටිනවා. පරණ බ්ලොග් කරුවන්ගේ දායකත්වය නොමසුරුව ලබා දෙන්න.]

2/20/13

-206- ආදරණීය හදවත් ඇති මිනිසුනේ

           සිනාසෙනකොට වළ ගැසෙන කම්මුල් හිමි ඈ වාසනාවන්තියකි. පිටට මුදහල කෙහෙ රොඳක් සුළග ඇවිදින් සිඹින විට ඉලිප්පී යද්දී ඈ රුවැත්තියකි. මලක් වගේ මුදු හිතක් ඇත්තිය හසරැල් පිරුණු මුවඟින් නිතරම සිටින බව මට විශ්වාසය. මේ ජීවිත ගමන් මගේ ඈ හමු වූවා තමයි. ඒ සයිබර් ලෝකයේදී.. කවමදාවත් හැබැහින් නොදැක්කත් ඒ සොඳුරු වත ඡායාරූප වලින් දකින මට ඇගේ ගැන කොහොම නම් කියන්නද... එක දිගට රණුඩු කෙක්කක් වගේ මා එල්ලේ ඈ සමඟය.. සමහර විට හිත රිදෙයිද දන්නෙත් නැහැ නේද කියල හිතුනත් ඇයත් මං වගේම රණුඩු කර සතුටු වන සිතක් ඇත්තියක නිසා විරසක නොවන බව පැහැදිලිව මා තේරුම් ගත්තාය...

                දහස් ගණන් මිනිසුන් හමුවන අන්තර්ජාලයේදී නංගියෙක් නැති මට ඇයත් මගේම නංගියෙක් විය. මේ ඒ සොඳුරු රුවැත්තියයි..
                                සිංහල භාෂාවේ මොන තරම් ලස්සන වචන තිබුණත් ලියාගන්නට බැරි තරම් හිත හිරවෙන එක අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතීතය එක්ක හිත හූරල හන්දාමය. එහෙත් ඔබට මෙය කිව යුතුමය. මේ පුංචි නංගි කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය හදාරන්නියකි. හැමදාම ඔලුව කැක්කුමයි කිය කියා හිටිය ඇය මිග්‍රෙන් වලට ප්‍රතිකාර ගත්තත් දිනෙන් දින වැඩි වුන හිස රදය නිසා ඇය MRI පරීක්ෂාවකට ලක්විය. එතනිදී තහවුරු වුනේ ඇයට පිටියුටරි ග්‍රන්ථියේ ඉඳිමුවක් බවය.  එහෙම පිටියුටරි ග්‍රන්ධිය ඉඳිමුවක් ඇතිවීම සම්බන්ධව සහ ඒ පිළිබද අවධානම් තත්වය ඔබට මෙතනින් කියවා දැන ගත හැක.
http://goo.gl/V8L0u

ඉතින් විස්තර කියවල ආව නේද...තේරෙනව නේද මේ නංගි ගැන ඔයාලට... ඇයවත් ශල්‍යකර්මයකට භාජනය කළ යුතුයි කියල තමයි වෛද්‍ය නිර්දේශය. ඒ සදහා අපට තියෙන්නෙ මාසයක් වගේ කාලයක්...

              මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අත්වැල් බැදගමු... සන්තක වත්කමම අපි ඉල්ලෙන්නෙ නැහැ. දවසට වියදම් කරන රී ලෝඩ් එකකට දාන රුපියල් 100 ක්... එහෙම නැත්නම් ඔබ චොක්ලට් එකක් අයිස් එකක් කන මුලදක් වගේ දෙයක් විතරයි. එක දවසකට ඔය දෙයක් නැති වුනාට ඔබට පාඩුවක් නැහැ නේද.. එයින් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරෙනව නම්.... මං දන්නව ඔයාලට බැරි නැහැ කියල....පුලුවන්.. කොයිතරම් සමාජය නරකයි..කුහකයි..විෂමයි කිවුවත්... තවමත් දුකේදී විපතකදී උණුවෙන...පිහිට වෙන හදවත් අපේ මිනිස්සුන්ට ඉතුරවෙලා තියෙනව... මේක කියවල අහක බලාගෙන වෙන පිටුවකට යන්න එපා... ඇය වෙනුවෙන් එකම එක රුපියල් සියයක් දෙන්න කියල මං ඉල්ලනව..
 කවමදාවත් සයිබර් අහසෙදි මම ඔයාලගෙන් කිසිම විදිහකින් මෙහෙම දෙයක් ඉල්ලල නැහැ. එහෙත් ඈ වෙනුවෙන් මම ඉල්ලනව. ආදරණීය මිනිසුනේ අපි ඇයව රැකගමු... අපිට පුලුවන් ඒ දේ කරන්න...

මේ පිළිබද වැඩි විස්තර මෙතන තියෙනව බැංකු ගිණුම් සහ සියල්ලම.


ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
  

 
නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
Nimesh - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
Asanka - 0717757855
හෝ
අසන්ත මෙන්ඩිස්https://www.facebook.com/asanthachristina
සම්බන්ධ කරගත හැක.


ලිපිය අයිති දිනිති අක්කාට

9/30/12

සමාජීය හුදකලාවක තුන් අවුරුද්ද




බස් රේඩියෝ සම්මාන උළෙලට නිර්දේශ වීම ගැන තිබෙන සතුට ට වඩා වැඩි සතුටක් සම්මානය නොලබීමෙන් ඊයෙ මම අත් වින්දා... හැම එකටම හේතුවක් තියෙනවා. නමුත්, හැම තැනම කියන්න බැහැනෙ. කොටින්ම කිව්වොත් පාටි ඕනෙ නෑනෙ.. ඒක කොහොම වෙතත්, සම්මාන ගත්ත හැමෝටම සුබ පතනවා. කෝච්චි අයියාටයි, සුදාටයි විශේෂයෙන්ම.

අද මම පෝස්ට් එකක් දාන්නෙ හරිම මහන්සියෙන්, දිග ගමනක් උදේ ඉඳන්ම ගිහින් ඉවර කරලා, ගෙදර ආපු සැනින්, ඇඟපත හෝඳන් කර ගෙන වෙළඳ දැන්වීම් පිටපත් තුනක සාහිත්‍ය සටහන් තුනක් රෑ දහයට කලින් ඉවර කරලා දුන්නා. ඇස් දෙකත් හුඟක් වෙහෙසයි. ඒ විතරක් නෙවෙයි, හෙට නාට්‍ය වැඩමුළුවක් තියෙනවා. මම එයට සහභාගි වෙන්නත් ඕනෙ. ඒත් අද දවසෙ ලිපියක් නොලියා බැරි නිසා ලියනවා.. දිග ගමන ගැන අපූරු විස්තරයක් ළඟදීම මුහුණු පොතේ දමන්න මම හිතාගෙන ඉන්නවා. පුංචි ඉඟියක් දුන්නොත්, මමයි මගේ යාළුවොයි ගියෙ, වතුරවිල සෙනසුනට, වනවාසී හිමිවරු බැහැදකින්න.

අද මගේ බ්ලොග් එක සිව්වන වසරට පා තබනවා. මම බ්ලොග් කරණයෙන්, සිව්වන වසරට පා
තැබුවෙ බක් මහේ වුණත්, ඒ බ්ලොග් එකක්වත් දැන් ක්‍රියාකාරී මට්ටමේ නෑ... මේ බ්ලොගයට ඉස්සල්ලාම ලිපියක් දාලා තියෙන්නෙ 2009 වසරෙ අද වගේ දවසක. කාලය ඉක්මනින් ගෙවෙනවා. එදා මගෙ වයස 19 යි. අද 22 යි... තව මසකින් මට 23 ක් වෙනවා.... ඒ ටික කාලෙට මට හුඟක් දේ ලැබුණා... නොලැබුණා... ඒ හැම දේ ගැනම මැදහත්ව බලන්න පුලුවන් මානසිකත්වයක් දැන් මට ලැබිලා තියෙනවා.

ලැබීම් නොලැබීම් එක්ක ගෙවිලා ගිය පහුගිය ජීවිතය ඇතුළෙ, මම අද බොහොම තෘප්තිමත්, මේ ගමන බ්ලොග් එක ඇතුළෙ වගේම ජීවිතයෙදිත්, එන්න මට උදව් කළ අයට මම ණය ගැතියි... මම ඒ අය හැකි පමණ මතක් කරනවා.. ඒ අය අධ්‍යාත්මය වර්ධනය වෙනුවෙන් මට කළ සහ කරන උදව්ව මගේ හදවතේ හැමදාම රැඳිලා තියෙනවා... සමහර ඒවා විග්‍රහ කළ හැකියි. සමහර දේ විග්‍රහ කළ නොහැකියි... නමක් නමක් ගානෙ කියන්න ආසයි.. එතකොට අර රෑට වෑන් එකේ ඇවිත්, ළඟ ගෙවල් වල මරණ එනවුස් කරනවා වගේ නිසා නොකියා ඉන්නවා කියලා මම හිතුවා..

අලුත් වෙනසක් එක්ක හමුවෙමු.... ඒ වෙනස මොකක්ද කියලා නොකියා ඉන්නම්!! හැමදාම රැඳිලා ඉන්න....

9/19/12

2012 පොත් ප්‍රදර්ශනයේ මගේ පළමු දවස



පොත් ප්‍රදර්ශනයට ගිය නිසාම යම් යම් කරුණු කාරණා කිහිපයකින් ඔබව දැනුවත් කරන්නයි මම අද සූදානම් වෙන්නෙ. තව දවස් හතක් ඉදිරියට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් අද පොත් ප්‍රදර්ශනයේ සාර්ථක දෙවන දවස.

ඔබ පයින් යනවා නම් 
ප්‍රධාන ගේට්ටුවෙන් ඉදිරියට ගිහින් දකුණට හැරෙන්න. එතැන තියෙන ටිකට් විකුණන්න. එකක් දහයයි. ඒ ටිකට් පත් බලලයි ඇතුළු කරන්නෙ. ඒත් පාසල් සහ විශ්ව විද්‍යාල හැඳුනුම් පතට ඒක අවශ්‍ය නැහැ.

ඔබ වාහනයක යනවා නම්
ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යද්දිම ඔබට අංකයක් දෙනවා. පොලීසිය විසින්. ඔබ නියමිත තැනට ගිහින් වාහනය ගාල් කළ යුතුයි. ඒවා නියමිත පිළිවෙලටම කිරීමට ඔබට සහය වෙන්න, පොලිසියෙන් ඉන්නවා. වාහනෙන් බැහැලා පයින් යන අය විදිහට ම අනුගමනය කරන්න ඕනෙ.

කෑම බීම
හැමතැනම ආහාර පාන තියෙනවා.
ගමේ කඩේ 
මඥ්ඥොක්කා රු 50 කි.
වඩේ එකක මිල රු 30 කි.
(අනෙක් ඒවාගෙ ගණන් මිමි...ඔය හා සමානව තමා යන්නෙ.. ලොකු වෙනසක් නැහැ. ආප්ප, බඩඉරිඟු, බතල වගේ දේවල් තිබුණා)

මැගී
මැගී නූඩ්ල්ස් එකක් රු 75 යි. ( ඉස්සර ඔයිට වඩා ලොකු කෝප්පයක් 50 ට දුන්නා.)

බීම වර්ග
පොටෙලෝ, කොකාකෝලා, ෆැන්ටා සහ ස්ප්‍රයිට් මැෂිමෙන් කඩදාසි ප්ලාස්ට්ක් කෝප්පෙට දෙන බීම එක රු 40 යි. අනෙක් බීම වර්ග සාමන්‍ය මිල කිට්ටුවෙන්ම තමා තියෙන්නෙ....

අයිස් ක්‍රීම්  නම් තැන තැන තිබ්බා... අපි කෑවෙ නැති නිසා අද දන්නෙ නෑ.. සාමාන්‍ය ගණන් ඇති කියලා හිතෙනවා.

තැන තැන ඉඳගෙන තමයි ඉතින් කෑම කන්න වෙන්නෙ.. බීම බොන්න වෙන්නෙ.. ඒත් කැමති කෙනෙකුට හුඟක් සල්ලි තියෙනවා නම් වෙනම ෆුඩ් කෝට් එකක් තියෙනවා...හැබැයි ඉතින් ඔය වගේ තැනකින් කන සල්ලි වලින්, අපි වගේ අය නම් තව පොතක් ගන්නවා..

දැන් මම කියන්නම් පොත් වෙළඳ සැල් ගැන

ශාලා A,B, B1, C,D,E,E1,F,G,H,J,K
කියලා වර්ග වෙනවා. අහන්න එපා දැන්, I  නැත්තෙ ඇයි කියලා. එහෙම තැනක් කොළයෙ නැහැ. මම දැක්කෙත් නැහැ.

මම දැන් විශේෂම තැන් ටික කියන්නම්

විදර්ශන සහ සූරිය‍ තිබෙන්නෙ B ශාලාවෙ.
සරසවි A ශාලාවෙ
ගුණසෙන C ශාලාවෙ

දැන් තියෙන්නෙ වැදගත්ම කරුණු මතක් කරන්න.


  • වතුර බෝතලයක් අරන් යන්න. පුරවගන්න පහසු කම් තියෙනවා.
  • දරුවො ඉන්නවා නම්, එක්ක ගෙන යනවා නම් ළඟින්ම තියා ගන්න..
  • මුදල් පසුම්බිය ගෙනයන්න. ප්‍රවේසම් කරගන්න. සැම විටම පොත් ගන්න තීරණය කරගත් මුදල වෙනම තබා ගෙන ඉතිරිය කොතැන හෝ සුරක්ෂිතව තබා ගන්න.
  • දුරකථනය පරිස්සම් කරගන්න.එය සාක්කුවක හෝ බෙල්ලේ රඳවා සාක්කුවක දමා ගන්න.
  • හයිය බෑගයක් ගෙන යන්න. තනිකර බෑගයකට වඩා උරහිස් ස්කූල් බෑග් සුදුසුයි.
  • සියලුම පොත් බස් වල එන අය , එක බෑගයකට දමා ගන්නවා නම් හොඳයි. 154 සහ 104 බස් හරිම තද බදයි.
  • නොමිලේ යන බස් රථ තිබෙන නමුත්, ඒවා ගැන මගේ පැහැදීමක් නැත. 
  • කඩයේ සිටම ඔබේ බිල්පත් පරීක්ෂා කර බලන්න.
  • මිතුරන් මඟ හැරීම සිදු නොවන්නට, ප්‍රදර්ශනය තුළම පැමිණිය යුතු ස්ථානයක් තීරණය කරගන්න.
  • පොත් වල මිල ගණන් සහ වට්ටම් පරීක්ෂා කර බලන්න. එක කඩයක සහ තවත් කඩයක සමහර පොත් වල මිල අතර විශාල වෙනස්කම් ඇත.
  • පාඨක සමාජ වල බැඳී ඇත්නම් ඒවා ගේ අංක රැගෙන යන්න.
  • පොත් ගත් පසු, බෑගය ප්‍රෙව්සම් කරගන්න.
  • බස් රථයේදී බෑග දුන් අය සිහි තබා ගන්න.
මේ කරණා ටික තමයි.මතක ඇතිව ම කියන්න ඕනෙ කළේ. බස් තද බදය නිසා නම් කාන්තාවන්ට ටිකක් කරදරයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අමනයොත්, ඉන්නවා. අද මටම වුණ නිසා කියන්නෙ. කාගෙන්වත් සහය පතන්න බෑ... ඒ වගේ බස් තද බදයක. හැකි තරම් ආරක්ෂා වෙන්න. තමන් විසින්ම. 

සමහර වෙළඳ සැල් වල විශාල වට්ටම් දෙනවා. සුදර්ශියෙත්, ප්‍රදර්ශනයේ කොටසක් තියෙනවා. සිරිමාවෝ පරිශ්‍රයෙ තමා හුඟක් හොඳ හරිය තියෙන්නෙ. ආරාධනා කරනවා ගිහින්ම බලන්න කියලා. ඕනෙ තරම් සල්ලි ගෙනිච්චොත්, ඔක්කොම ඉවර කර ගන්න තරම් හොඳ පොත් තියෙනවා...

මම නම් අද ගියෙ බලලා එන්න. ඉරිදාට තමයි ගන්න යන්නෙ. ඉරිදාට බ්ලොග් යාලුවො ගොඩක් සෙට් වෙනවා. ඔබත් එන්න...




8/30/12

බස් රේඩියෝ සහ තරඟ කරුවෝ වෙනුවෙන් චුට්ටි ඔවා!!


මුලින්ම කියන්න ඕනෙ කමෙන්ට් මම මොඩරේට් කළා. ඒ වගේම කොන්ද පණ නැති ඇනෝ කමෙන්ට් දාන්න එපා. කමෙන්ට් දානවා නම් නමකින් එන්න. අහ් මම කතා කරන්න යන්නෙ බස් රේඩියෝ එකේ තරඟ කරුවො ගැන.

මේ දවස් වල බස් රේඩියෝ තරඟයක් තියෙනවානෙ. අපි ඒකෙ තරඟ කරුවො! සමහර විට ඔබත් ! සයිබරයෙ පහු ගිය කාලෙ හුඟක් තරඟ තිබ්බා. ඒ වගේම. ඊට වඩා මඳ වෙනස්කමක් ඇති මේකත් තවත් තරඟයක් ! මේකට කට්ටිය ඉදිරිපත් වෙනවා. දැන් තරඟයට ඉදිරිපත් විය හැකි කාලය ඉවරයිද කොහෙද? මේ දවස් වල තරඟය පැවැත්වෙනවා.

බස් රේඩියෝ එකෙන් මේ තරඟෙ තියන්නෙ අසන්නො තවත් වැඩි කරගන්න. ඒක ඉන්ටර් නෙට් රේඩියෝවක්නෙ. ඇඩ් මුකුත් නැහැ. ඒ ළමයි කරන්නෙ සේවාවක් නෙ. මං දන්න තරමින් ඒක නොමිලේ කෙරෙන දෙයක්. ඉතිං අඩු පාඩුවෙන්න පුළුවන්. ඒත් දෙයක් කරනකොට ඒ අඩු පාඩු අවම වුණොත් සාර්ථක කර ගන්න පුළුවන්. මම මේ බස් රේඩියෝ එකට කඩේ යනවා නෙවෙයි. මොකද මම බස් රේඩියෝ අහන වෙලාවටත් මගේ රසයට ගැළපෙන ගීතයක් යන්නෙ හරිම කලාතුරකින් !

තරඟ කරුවෙක් විදියට මට ආසා මේකට සහභාගි වෙන්න විතරයි. මොකද මට පස් රේඩියෝ මේ බැනර් එක සදාකාලිකව උණත් එල්ලා තියන් පුළුවන්. මම කොහොමත් බස් රේඩියෝ පටං ගත්ත දා ඉඳලා ඒකට ලින්ක් එකක් දුන්නා. ඒ කඩේ ගියා නෙවෙයි. අපි වගේම තරුණ සෙට් එකක් එකතු වෙලා කරන ප්‍රජා සත්කාරයකට ගරු කරන්න ඕනෙ නිසා. කොටින්ම වාණිජ අරමුණක් නැති බව මට අනුව දැණුන නිසා. (මාර්කටිං පිළිබඳ ප්‍රමාණික දැනුමක් තිබේ.) . ඒක ප්‍රමෝට් කරන්න ඕනෙ නෑ! අපි හොඳ තැනක ඉන්නවා කියලා දැං බස් උන් ටික මට බැණ අඬගහයිද දන්නෙ නෑ. තවම ඔයාලා ඉන්නෙ වර්ධන අවධියේ නිසා ප්‍රමෝෂන් නොකළොත් පරිණත වීමට පෙර අවනති අවධියට ළඟා විය හැකි බැවින් සෑහෙන ප්‍රවර්ධනයක් ඕනෙ කරනවා. :D. ඒ නිසා මේ වගේ වැඩ කරන එක මරු!

මම දන්න විදිහට මගේ නංගිලා, මල්ලිලා, අයියලා , අක්කලා මේ තරඟේ ඉන්නවා... මට නොවැරදීම කමෙන්ට් කරන හිරුහිමාවි නංගියා. තරියා අබේ මල්ලි කඹේ.... අනේ නම් කියන්න බැරි තරම් හුඟක් අය. උන් කා එක්කවත් මට තරඟයක් නෑ. ඒ කියන්නෙ මං ආසයි උන් දිනනවාට !! මොකද මම මම අප්පුඩි ගහන්න හරිම කැමති කෙනෙක්.

මං අවුරුදු හතරක් බ්ලොග් ලියනවා. බ්ලොග්ස්පොට් තියෙනකං සහ මම ජීවත් වෙනකං මම බ්ලොග් ලියනවා. මම ජීවත් ව ඉන්න කාලෙදි නිකං දෙන මෙහෙම බ්ලොග් නැති වුණොත් මම සල්ලි වලට ඩොමේන් එකක් අරං තාරක අයියාට කියලා වෙබ් සයිට් එකක් හදලා හෝස්ට් කරං කිසිම ඇඩ් එකක් නොදා....පෝසට් විතරක් දානවා. (යාළුවන්ගෙ ඇඩ් දානවා.. යම් ප්‍රමාණයකට.... කලාව සම්බන්ධ, මිනිසුන්ට වැදගත්  හෝ ජීවනාර්ථ තියන කැටගරි තුන යටතේ ආවොත් - හැබැයි සතයක්වත් නොගෙන)

මම මේ ලියන අකුරක් ගානෙ රසවිඳිනවා. සල්ලි බලං සයිට් කරන අයගෙ කිසි වරදක් මම දකින්නෙ නෑ. ඒත් එහෙම අයට තරඟෙකට බැනර් එකක් වුණත් ඕනෑවට වඩා එල්ලගෙන ඉන්න කාලයක් නෑ. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මුදල කියන දේ ඉස්සරහට එනවා. ඒක ඇත්ත. ඒ මිනිස්සු කන්න බොන්න එපැයි. ඒත් ඒ අය බොරුවට කෑ නොගහ මේ වගේ තරඟ වලට එන්නෙ නැතිව හිටියා නම් ඉවරයි කියලා මට පුද්ගලිකව හිතෙනවා.

ඒවගේම මේ තරඟ වල ගැහැණු පිරිමි බේදය නැතත් සමාජයේ අපි දෙගොල්ලා දෙගොල්ලක්! ගැහැණු ළමයින්ගෙ බ්ලොග් වල හැකි තරම් විනයානුකූල වීම වටිනවා. මොකද සමහර භාර දූර වචන නිසා සමහර ගැහැණු ළමයි තරඟ වලින් විතරක් නෙවෙයි බ්ලොග්කරණයෙනුත් ඉවත් වී තියෙනවා. ඒත් දැන් කෙනෙක් කියයි. ඔහොම හොටු බබාලා මොකටද සයිබර් එකට කියලා. මිනිස්සුන්ගෙ විවිධ කම තුළින් තමා ලෝකෙ ලස්සන වෙන්නෙ. අයිසා යි, හිරු හිමාවියි, හිරූ යි, මමයි, ඩීප්සුයි, කවින්ද්‍යායි, ෆා යි මේ සෙට් එකම එකම ජාතියෙ කෙල්ලො වුණා නම් අපි ලියන්නෙ එකම බ්ලොග් එකයි නේද? ඉතිං අපි තැනේ හැටියට ඇණේ ගහන්න ඕනෙ. ( ඒක කීවේ කොල්ලන්ට)

කෙනෙක්ගෙ පෝස්ට් එකකට මඩ ගහන එක සමහර වෙලාවට සුන්දරයි. සයිබර් යායෙ බුද්ධි මලයාගෙ කාටුන්, මාරයා අයියාගෙ හෝරාව, අභී අයියාගෙ බ්ලොග් එක වගේ  කතන්දර ලා සඳරුලා වගේ හුදෙක් සිනාසීමට හරි, රස විඳින්න හරි ගහන මඩ නෙවෙයි මම කතා කරන්නෙ... කොමෙන්ට් මඩ ගැන. පෝස්ට් එකකට කමෙන්ට් කර කර කුණු හරප වලින් බනින අය ගැන , මට හිතෙන්නෙ, මට ඒ අයව පේන්නෙ අනුන්ගෙ ගෙදර ගිහින් ඉස්තෝප්පුවෙ කක්කා කරන සෙට් එකක් විදිහට. කෙල්ලන්ට එහෙමයි පේන්නෙ. ( වීරයෝ වගේ කියලා හිතනවා කියලා හිතනවා නම් වැරදියි.)

හොඳ හැමෝම ඉස්සරහ කිව්වාට කැත වචනයෙන් බනින්න අත්‍යාවශ්‍ය නම්, චුට්ටක් පුද්ගලිකව බනින්න. මට අහන්න ලැබුණු විදියට මේ තරඟයෙදි සෑහෙන්න එළිපිට සාහසික දොස් පැවරීම් වෙලා තියෙනවා. ඇනොනිමස් කමෙන්ට් වලින් වෙන කෙනෙක්ගෙ ආත්ම ගරුත්වය නැති කරන්න ටිකක් අමාරුයි. උසාවිය වුණත් පිළි ගන්නෙ කූඩුවට පැමිණ හෝ (බිය නම්)  ජූරිය ඉදිරියේ පමණක් හරි මුහුණ පෙන්විය හැකි සාක්කි විතරයි. (නීතිය ගැන ප්‍රාමාණික දැනුමක් ඇත.)

කොහොම හරි මට කියන්න ඕනෙ වුණේ, අනික් අයගෙ බ්ලොග් වල ඇනෝ කමෙන්ට් දාලා, කුණු වචන දාලා, මඩ ගහලා, කෙනෙක් වෙනුවෙන් කතා කරන තව කෙනෙක්ට ඒ කෙනා සම්බන්ධ කරලා පද හදලා, ගැහැණු ළමයෙක්ට අපහාස කරලා (කොටින්ම හිරු හිමාවි නංගි වගේ හොඳට ලියන කෙල්ලන්ගෙ හිත් බිඳින්න එපා.) ගොන් ආතල් ගන්න එපා!

ඒ වෙලාවෙ කොල්ලො දෙතුන් දෙනෙක් ඔබේ සහයට ඒවි. ඒත් ඔබ දන්නෙත් නෑ. උන් ඔයට මඩ ගහන දවස.

මුළු ජීවිතයම තරඟයක්! ජය ගන්න ඕනෙ අපි. ඒත් එක තරඟයකින් හැමෝටම ජය ගන්න බැහැ. වාසනාව හැකියාව ඔක්කොම ඕනෙ. අපිට සතයක් වත් ගියෙ නෑනෙ මේ තරඟෙට සහභාගි වෙන්න. අපි බලා ඉමු. තරඟයෙ අවසානය. එක්කො ඔබ දිනයි. නැත්තම් වෙන කෙනෙක් දිනයි. ඒක තමා තරඟයෙ හැටි. අවසානයේ උපරිම සතුට. ඔබට ලැබේවි.

හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ
සිත ඊර්ෂ්‍යා මාන ගති නැති නිසාම අපි මේ තරඟෙත්             දිනුවේ ............

 තියලා ඔබට පස්සෙ සතුටු වෙන්න පුළුවන්!! කවුරු දිනුවත්, කවුරුත් පරාද වෙන්නෙ නැති නිසා. මං වැරදිද ඔබ කියන්න!!

4/23/12

නෙරංජිගේ ඇසින් සයිබර් උළෙල


සයිබර් උළෙල මෙවර ඉතාම හොඳින් පැවැත්වුණා. නමුත් පැරණි බ්ලොග් කරුවන් රැසක් එයට සහභාගි වෙලා හිටියෙ නැහැ. බ්ලොග් ලොව නම් දරන හුඟක් අය අඩුයි කියලා මට හිතුණා. අපිට දුන්න කෑම වේල ඇත්තටම හොඳයි. තරග වලට ගිය වර වගේම තෑගිත් දුන්නා. ටිකක් අහු මුල්ලක වුණත් කුරේ ක්‍රීඩාංගනයෙන් අවශ්‍යතාව ඉටු වුණා. කොහොම වුණත් ඊළඟ අවුරුද්දෙ සයිබර් උළෙලට අමතරව වෙනසක අවශ්‍යතාව මට දැණුනා. තවත් අයට එය දැනුණ වග මම දන්නවා. නමුත් අපේ කෙල්ලො කොල්ලො බොහොම වෙහෙස වෙලා කරපු මේ උත්සවය කාටවත්ම අඩුවට තකන්න බෑ. අඩු පාඩු වෙන්න ඇති. ඒත් වැඩක් කරනකොටනෙ අඩුපාඩු වෙන්නෙ. වැඩක් නොකරන කෙනෙක්ට කවදාවත් අඩුපාඩු වෙන්නෙ නෑ.

ඔබට විනෝද වෙන්න මම දෙයක් කියන්නද? ඔබ කවුරුත් දන්නවානෙ උෂාන්. (අන්තිමයා) ...ඔන්න අන්තිමයා තිෂාරා අක්කා එක්ක. කල ලැහැස්ති වෙලා සබිබර් අලුත් අවුරුදු උත්සවේට එන්න පිටත් වුණා. කුරේ ක්‍රීඩාංගනය ගාවින්ම බස් එකෙන් බැහැපු උෂාන් අවුරුදු උත්සවයට ඇතුළු වුණා. නාඳුනන හුඟක් අය හිටියත් හිනාවෙලා කොහොමද කියලා අහලා.. කට්ටියට පැය භාගයක් විතර උදව් වුණා. ලී බඳින්ඩ..ලණු අදින්ඩ, සරසන්න... නාඳුනන බ්ලොග්කරුවන් අතරෙ කිසිම දන්න මූණක් තවමත් ඇවිත් නෑ. නෙරංජි තාම නැත්තෙ ඇයි කියලා හිතපු උෂාන් ඇයට කෝල් එකක් දුන්නා..

නෙරංජි කතා කළා..

උෂාන් - ආ ඉබ්බී.. මම ආවා කොහෙද අඩෝ උඹ ඉන්නෙ?

නෙරංජි - ඈ පොකිරිස්සො මම ඉන්නෙ පැවිලියන් එකේ මට නම් පේන්නෙ නෑ...

උෂාන් - ඈ යකෝ මම මේ මැද ස්ටේජ් එකේ, වර මේ හරියට..

නෙරංජි - මොන මැද ස්ටේජ් ද? මේකෙ උස තැනක් තියෙන්නෙ පැවිලියන් එකේ විතරයි..

උෂාන් - මොකා උඹලා වැරදි උත්සවයකට ගියාද? මං මේ ඉන්නෙ අවුරුදු උත්සවේ.. තාම දන්න අය ඇවිත් නෑ.

නෙරංජි - අනේ හැලගෙම්බෝ වැපා දුකා අයියා අභී අයියා ඔක්කොම මේ ඉන්නෙ... මේ හරි එක...

උෂාන් - එතකොට මම ඉන්නෙ වෙනින් එකකද? මලාආ ආ ආ ආ ආ

ඉන් පැය බාගෙකට පස්සෙ තමා උෂාන් නියම උත්සවයට ළඟා වුණේ... හික් හික් හික්....

4/11/12

සයිබර් උළෙල පැවැත්වීම සහ අපි


සුනාමි උවදුර එනවා එනවා කියපු නිසා ලියනවාද නැද්ද කිය කිය හිටියත්, වාසනාවට එහෙම නොවුණ නිසා උත්සවයක සිහිනය තවම එහෙම්මයි. ඔන්න මම ලිව්වා. මම මේ ලිපිය ලියන්න ගත්තෙ, ඇත්තටම කියනවනං දුකා අයියාගෙ පෝස්ට් එක කියවලා ටිකක් දුක හිතුණ නිසා.

සයිබර් අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නෙ අපේම දෙයක්. පරණම බ්ලෝකාරයෝ , ටිකක් පරණ බ්ලොග් කාරයො විතරක් නෙවී අලුත්ම බ්ලොග් කරුවොත් එදාට හමු වෙනවා. ඒ විතරක් නෙවී, බ්ලොග් රසවිඳින, කියවන්න කැමති වගේම ලියන්න බලාපොරොත්තුවන අයටත් මෙතනදි සතුට ලබන්න පුළුවන්. ඇත්තටම සයිබර් උළෙල කීවාම  (Buzz) බස් පැදපු අය, (Plus) පස් අදින අයට, (Facebook) බුකියෙ කොල්ලො කෙල්ලන්ටත් මේකට එන්ඩ පුළුවන්.

නොපෙනි වාද විවාද කරගන්න මුලු අවුරුද්දෙන් එක දවසක් හරි මුහුණට හමුවෙලා සතුටු වෙන්න පුළුවන් එක කොයි තරම් ලොකු දෙයක්ද?

දැන් මේ ලිපිය ලියන්නෙ මේ ගැන තවම නොදන්න අයට. තව සයිබර් උළෙලට තියෙන්නෙ දවස් 10යි. තවම එන විත්තිය දන්වලා නැත්නම් සයිබර් උළෙල වෙනුවෙන්ම හදලා තියෙන බ්ලොග් අඩවියෙ තියෙන මේ පෝරමය හරහා දන්වන්න. 

මෙතනදි ඔබ කන්න කැමති ආහාර වේල වෙජිටබල්ද චිකන්ද කියලා සටහන් කරන්න. ඒ වාගේම ඔබ සමඟ එන ගණන හරියට සඳහන් කරන්න. සංවිධායක කමිටුවට හැකි තරම් නාස්තිය වලක්වා ගන්න උදව් වෙන්න ඔබට පුළුවන් වෙයි. එන්නෙ නැත්නම් මේක බොරුවට පුරවන්නත් එපා..

ඔබ බ්ලොග් නොලියනවා උණත් මේ පෝරමය ඔබට පුරවන්න පුළුවන්..ඔබ එනවා නම්.

ඔබ සයිබර් සිහින කුමරිය කුමරා තරඟයට ඉදිරිපත් වෙන්න කැමති නම්, මෙන්න මේ පෝරමය පුරවන්න. ඔබට අගනා තෑගි ලැබෙනවා දින්නොත් විරූස් පාවහන් වෙතින්.

මේ හැම විස්තරයක් ම තියෙන සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය සමඟ ඔබේ නිරන්තර ඇසුර තියා ගන්න..

තව දෙයක්, සබිබර් සිහින උළෙල හා සමගාමීව නිර්මාණය කළ නිර්මාණ තරඟය, මුහුණුපොතෙන් (ප්‍රමිතිය පවත්වා ගැනීමේ සද් චේතනාවෙන්) ඉවත් කළත් තවමත් පැවැත්වෙනවා.. එහි නිර්මාණ භාර ගන්න අවසන් දවස අප්‍රේල් 15 . ඉතින් තවමත් ඔබට කල් තියෙනවා. නිර්මාණයක් නොකළා නම්. මේ පොස්ට් එකේ, නිර්මාණ සඳහා කොන්දේසි, තරඟය ගැන සියලු විස්තර තියෙනවා.. ඉතින් තව කල් තියෙනවා.

තව තරඟ එදාට පවත්වන්න දැනටමත් සූදානම්. විකට ඇඳුම් තරඟයට එන්න කැමති අය සූදානම් වෙලාම එන්න. විශේෂම දේ තමයි එදාට සයිබර් අලුත් අවුරුදු උත්සවයේ නිල මාධ්‍ය අනුග්‍රහය අපේ ම බස් රේඩියෝ වෙතින්.

නිරන්තරයෙන් බස් රේඩියෝ ඇසීම තුළින්, ඔබට සයිබර් උළෙල පිළිබඳ බොහෝ තොරතුරු යාවත් කාලීන කරගන්න පුළුවන්.

නොදැනුවත් වෙලා ඉන්න අයව දැනුවත් කරන්න කැමති නම් ඔබේ බ්ලොග් අඩවියේ, සයිබර් උළෙලට දින ගණින HTML කෝඩ් එක දමා ගන්ඩ පුළුවන් .




ඉතින් ඒ වාගේම තව දෙයක්. තමන් එනවාද කියලා... ඔබ මේ තරම් වෙලා කීවෙ සංවිධායකයන්ට විතරනෙ. ඔබ එනවග යාලුවන්ටත් දැනගන්ඩ එක්ක Facebook එකේ මේ වෙනුවෙන් ම නිර්මාණය කරපු Event එකට ඔබේ සහභාගීත්වය පල කරන්න.

ඔන්න මම දන්න ඔක්කොම කීවා.. මේකට සමගාමී ප්‍රජා සත්කාර ගැනත් ආරංචි තියෙනවා. ඒවා දැන ගන්ට වගකිව යුතු කෙනෙක් ව සම්බන්ධ කරගන්න. මම ඒවා ගැන හරියටම දන්නෙ නම් නෑ..


මම නම් දැනටමත් එන්ඩ ඔක්කොම සූදානම් කරලා ඉවරයි.... එහෙනම් 22 වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේදී සෙට් වෙනතුරු මේ පෝස්ට් එක ඉවරයි.




3/26/12

සිංහල බ්ලොග් කෙරුවාව සහ සුහද හමු / උත්සව


 මම මේ කතාව ලිව්වෙ මල්ලි කෙනෙක් මගෙන් පුද්ගලිකව අහපු දේකට.. කවුරුත් තම තමන් දන්න දේ කියන්න. සටහන් කරන්න.

මල්ලි මේක ටිකක් දිග කතාවක්.

මීට කාලෙකට ඉස්සර facebook එක ලංකාවෙ අයට ටිකක් දුර අත්දැකීමක්. මම ඔය මුහුණු පොතට ආවෙ 2009 වසර පටන් ගද්දි වගේ.

ඒ වෙනකොටත් සිංහල යුනිකේතකරණය ආරම්භ වෙලා තිබුණ මුල් අවධිය. එතකොට තමයි සිංහල බසින් අපට අන්තර්ජාලෙ පෙනී ඉන්න හැකියාවක් ලැබුණෙ. බ්ලොග්කරණය ආරම්භවෙන්නෙ ඉන් පස්සෙ.ප්‍රොෆයිල් බැජ් කියලා අදටත් ඔය මුහුණු පොතේ තියෙන උපාංගය හරහා තමයි මුල් කාලීන ව හිටිය කට්ටිය යමක් ලීවේ. නමුත් සිංහල යුනිකේත තරමක් ජනප්‍රිය වීමත් එක්ක බ්ලොග් හෙවත් වෙබ් + ලොග් කියන මේ ක්‍රමය බ්ලොග්කරණය නමින් නව කලාවක් බවට පත් වුණා.

පළමුව තාක්ෂණික ලිපි විතරක් ගිය මේ බ්ලොග් කලාව ඇතුළෙ තාක්ෂණික අය කලාව දකින විදිහ දැකගන්නත් අපිට හැකියාව ලැබුණා. දන්න කියන සිංහල බ්ලොග් ප්‍රමාණෙ සීයක් විතර වෙද්දි, පළවන පිරිසිදු සිංහල සින්ඩිකේටරය (සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය) විදියට කාලිංග ඇතුලත්මුදලි අයියලා, දසුන් සමීර අයියා ගේ ඩෝමේන් එකක මලින්ත මල්ලි , ඉන්දරේ අයියා (පසුව සම්බන්ධ වූ පට්ට ඩයල් එකකි) ,සුදාරක මල්ලිලා පටන් ගත්තා. මම අනෙක් අයගෙ නම් දන්නෙ නෑ.

මමත් මුල් කාලෙ බ්ලොග් කරුවන් අතර හිටිය තාක්ෂණය නොදන්න කෙනෙක්. බ්ලොග් කලාව ටික ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මුල් බ්ලොග් කරුවන්ට තිබ්බෙ සිංහල ව්‍යාප්ත කිරීම, මයික්‍රසොෆ්ට්  සමාගටම කියලා සිංහල ජාත්‍යන්තර කිරීමට බල කිරීම වගේ ගැටලු,මේ ගැන සාකච්චා කරන්න සහ කට්ටිය හඳුන ගන්න පුංචි හමුවක් තිබ්බා. (මම යන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒත් අසනීප වුණා)

මේ හමුවෙදි සිංහල බ්ලොග් කරණය ගැන කතා වුණා. 2009 දෙසැම්බර් 19 (එදා සහභාගි වුණ හැමෝම ඇඩ්මින්වරු කලා.. එතනදි ඔක්කොම කැඳ හැලියක් වුණා. දේශපාලන ලිපි සින්ඩියෙන් වෙනම ෆිල්ටර් කළා. ගැටලු ආවම ඇඩ්මින්වරු ගණන 6 ට බැස්සුවා.

2010 අප්‍රේල් මසේ බ්ලොග් මැරතන් එකක් තිබ්බා. ඒක කළේ සිංහල පෝස්ට් දැමීම එකම කාලයක් තුළ වැඩි කරන්න.ලාංකීය සිතුවිලි සින්ඩිය ආවෙ ඔය කාලෙ.

ඒක සාර්ථක වුණා. වසර අග වෙද්දි සිංහල බ්ලොග් ගණනින් 1500ත් ඉක්මවා තිබුණා.දෙවනි හමුව සංවිධානය කළේ මයික්‍රෙසාෆ්ට් ආයතනය අනුග්‍රහයෙන්මයි. ඒ 2011 12 19 . එදා ඒක සුහද හමුවකට වඩා යම් ඔෆිසියල් ගතියක් තිබ්බා.. ඒක ඒ වෙනකොට වැඩි වෙලා හිටිය සාහිත්‍ය, දේශපාලන බ්ලොග් කරුවන්ගෙ ප්‍රවාහයට ඉහිලුම් දුන්නෙ නෑ. හරියට මඩ වැටුණා.

කොහොම හරි ඔය අතරෙ අභීත කියලා අයියා කෙනෙක් හීනයක් දැක්කා. එයාලා සයිබර් අවුරුදු උත්සවයක් පැවැත්තුවා. ඒ 2011 අප්‍රේල් මාසෙ. ඒක කොයිතරම් සාර්ථක වුණාද කියනවා නම් මේ අවුරුදුදෙ 2012 දි ඒ උළෙල අප්‍රේල් 22 පැවැත්වෙන්නට නියමිත කාල පරාසෙ ඇතුළත, ඒ කියන්නෙ පසුගිය අවුරුද් ඇතුළත සිදුවුණ ප්‍රාදේශීය බ්ලොග් හමුවීම් ගණන 10කට වැඩි ඇති.

කොහොමත් මේ පාර එක නම් කරන්නෙ අලුත් අය. ඒකට අපිත් එනවා.. කොහොම වුණත් බ්ලොග් නිසාම එක් වුණු අය BUZZ නිසා පටන් ගත්ත අපේ රේඩියෝ එකට සිහින යා මල්ලිගෙ ඉල්ලීමට මම වොයිස් කට් ටික හදනවා.. ඕකයි මම දන්න සයිබර් ඉතිහාසය හා වර්තමානය.

මේ අතරෙ දිලුම් කියලා කෙනෙක් ගැන කතාවක් තියෙනවා. කාටත් දුක. පුද්ගලයාව අමතක නොකර,ඔහු කොහෙද ගියෙ කියලා අමතක කරන්න ඔවුන් උත්සාහ කරනවා.මේ බොහෝ දේ මෙහෙම වුණේ ඔහු නිසා කියලා බොහෝ අය වගේම මමත් තදින් විශ්වාස කරනවා.

තවත් තොරතුරු හොයා ගන්න.. මේ මම දන්න දේ. හිතෙන දේ.. ඒවායෙ වැරැද්දක් තියේ නම් මට නොබැන ඇත්ත පහදන්න.

3/13/12

මෙවර සයිබර් යෝගට් කිරුළ කාටද?

ලිෂාන් අයියාගෙන් කළ ඡායාරූප මං කොල්ලයකි.
දැන් සයිබර් යාළු යෙහෙළි කවුරු කවුරුත් සූදානම් වෙන්නෙ ළඟ එන බක් මහ උළෙලට නේද? ඔයාලා හැමෝගෙම හිතේ ඇත්තෙ මේ තරඟ වලට සහභාගි වෙන්න. සහභාගි වෙන හැමෝගෙම හිතේ දිනන්න ආසාවක් තියෙනවා.තරඟයකට සහභාගි වීම අගය කළ යුතුයි වගේ පඬි ටෝක් දෙන්නෙ පරාද වුණාමනෙ.

ඉතින් මමත් හිතුවා මගෙ යාළුවන්ට පොඩි උදව්වක් කරන්න.ඒ තමයි අවුරුදු උළෙල වල විතරක් තියෙන විශේෂ තරඟ ජය ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියා දෙන්න. හැම විභාගෙට ම පාස් පේපර්ස් පොත් තියෙන මේ කාලෙ හැම තරඟයකටම පෙරහුරු තියෙනවා. ක්‍රමවත් පෙරහුරුවක් නැත්තෙ අවුරුදු තරඟ වලට විතරයි. ඒ නිසාම බොහොම සද් සිතින් මම මේ කාර්යභාරය කරනවා.

යෝගට් කැවීමේ තරඟය දිනන්නේ කොහොමද?

ගියවර යෝගට් කැවීමේ තරඟයෙන් දින්නේ උෂාන් (අන්තිමයා) සහ මම. වාර්තාවකුත් එක්ක මම හිතන විදියට අපි දින්නෙ. අපි තරඟ අවසාන කරලා විනාඩියක් විතර යනකං දෙවනියො ආවෙත් නෑ.කොහොමද ඒ තරඟය දිනන්නෙ. ඒක පුංචි ක්‍රමයක්.දැන් අපි පිළිවෙලින් ඉගෙනගනිමු.

යෝගට් කැවීමේ තරඟ ස්වාභාවය

පිරිමි ළමයා අත් බැඳ සිටී
ගැහැණු ළමයා දෑස් බැඳ සිටී
ගැහැණු ළමයා අත යෝගට් එක වෙයි.
පිරිමි ළමයා සඥාවෙන් පසු පැමිණ, ගැහැණු ළමයා ලවා යෝගට් එක කවාගෙන, හිස් කෝප්පය අතැතිව ගැහැණු ළමයා සමඟ නැවත තරඟ ආරම්භයට යා යුතුයි.

තරඟ නීති

යෝගට් එක සම්පූර්ණයෙන් කවා තිබීම.
අත් අවසානයේ ලෙහෙන තෙක් බැඳ තිබීම
යෝගට් කවා අවසාන වී දුවන තුරුම ගැහැණු ළමයා දෑස බැඳ සිටීම.

හරි. දැන් මේ තරඟය අපි දිනන්නෙ කොහොමද? ගොඩක් පිරිමි ළමයි තරඟයට එන්නෙ යෝගට් එකට තියෙන ආසාවට හා කෙල්ලෙක් සොයා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒත් තරඟයකදි ආදරය කියන සාධකය ජයග්‍රහණයට බාධාවක්.හැම තරඟයකදිම. පෙම්වතුන් වී සිටින අය හෝ ආදරයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන අයට මේ තරඟය ජය ගන්ඩ ටිකක් විතර අමාරුයි. හේතුව තමයි ලතා කෑමක් මේ තරඟයට නොගැළපීම.

දැන් අපි බලමු මුල ඉඳන් දිනන හැටි. එක උස ඇති ගැහැණු ළමයි හා පිරිමි ළමයි දෙන්නෙක් වීම මෙතනදී අනිවාර්ය සාධකයක්. අපේ පිරිමි ළමයි විවාහ වෙනන කැමති තමන්ගෙ උසය වඩා ටිකක් අඩු අයට නිසා මෙතනදි තමන් ආස කරන ගැහැණු ළමයි එක්ක තරඟය හිඳීම තුළන් ජයග්‍රහණයට බාධා වෙනවා. ගැහැණු ළමයා තරඟයට පෙර හොඳින් අත සෝදා හැන්ද වෙනුවට අත යෝගට් කැවීමට භාවිතා කිරීම මඟින් කාලය ඉතිරි කැ ගත හැකියි. දිව එන පිරිමි ළමයා ගේ කට තමාගේ කට මට්ටමට ඇති බව ඇස් පෙනෙන විටදි දැන ගන්න නිසා තරඟය පටන් ගත් වහාම සූදාන් ව ඉන්න ඕනේ. දුවගෙන එන පිරිමි ළමයා ගේ කට පළමුව සොයාගෙන යෝගට් කෝප්පය එතැනට කිට්ටු කර ඇඟිල්ල හෝ අත ආධාරයෙන්  යෝගට් ටික පිරිමි ළමයාගෙ කටට තල්ලු කරන්න. අවසන් වූ බව හැඟුණු වහාම පිරිමි ළමයා ඇයව ඇදදෙන දුවන්න.

කුඩා අත් ඇති ගැහැණු ළමයින්ට සහ, ලොකු උගුරක් ඇති පිරිමි ළමයින්ට මේ තරඟය ෆුඩ් සිට්යෙ කජු කනවා වගේ.

ප. ලි
 දැන් ඉතින් තමන්ගෙ කෙල්ල දාලා අනික් කෙල්ලන්ට යෝගට් කවන්න ගිහිං අමාරුවෙ වැටෙනවා නෙවී. කොහොමත් පෙම්වතුන්ට මේ තරඟෙ දිනන්න අමාරුයි. හැබැයි ඔකකොම පෙම්වතුන් නම් මොකෙක් හරි දිනයි. තරඟයක් කියන්නෙ මොකෙක් හරි දිනනවාටනෙ.

බි.පෙ.සි

වෙලාවට තාරක අයියාගෙ උසට කෙල්ලො නෑ.

ප.ප.ලි

මේ පාර තරඟ වෙලාවෙදිත් මම උපදෙස් දෙන්න ඒ අසලම ඉන්නවා. ගිය වර ජයග්‍රහණය සමරමින්.

6/10/11

සින්ඩි සහ අපේ මල්ලිලා

පෝස්ට් එකක් ලියනවාද නැද්ද කියලා කල්පනාවෙ හිටියෙ.වෙන වැඩත් තියෙනවා. ඒත් මට හිතුණා ලියන්න ඕනේ කියලා.. ඒකට හේතුව අද බුකියෙ ගිය චැට් එකක්..මම අතරින් පතර සම්බන්ධ වුණත් මේක කරගෙන ගියෙ අපේ මල්ලිලා.. (මල්ලිලාද දන්නෙත් නැහැ. මුන් 21 ට අඩු ඇති..)[ ටිමෝන් නම් නංගී ද විය... ]මේ කතාව ගියේ සින්ඩි ගැන. සින්ඩි ගොඩක් ඕනෙද කියන ගැටළුව එතනදි සාකච්ඡා වුණා..

ඒ කිට්ටුවෙන්ම යසන්ත කියලා මල්ලි කෙනෙක් සියලු සින්ඩි එකක් කිරීම වගේ අදහසක් ගැනත් කිව්වා..

දැන් මම කියන්නෙ මගේ අදහස.මේක අම්බානක වැරදි ඇති.බනින්න ඇවිත් ඕනේ කෙනෙක්.මොකද මම ඇනෝ ඩිසෙබල් කළේ කට්ටියට නම කියලා බනින්න ඉඩ දෙන්නමයිනෙ.

ඉස්සෙල්ලාම මම දන්න තරමින් ඇති වුණු සින්ඩිය කොත්තු ..එහෙම තමා කට්ටිය කියන්නෙ.නමුත් මම ඉස්සෙල්ලම දැන ගත්තෙ සිංහල බ්ලොග් කියවනය.මම ඒකෙ රෙජිස්ටර් වුණේ මීට වසර දෙකකමාරකට විතර ඉස්සර.එතකොට ඒකෙ හිටිය ගණන 285 ක් වගේ.( බ්ලොගී ලා නම් හුඟාක් අඩුයි. )ඔන්න ඉන් ටිකක් කල් යනකොට සහන් වීරසිංහ කියලා මිත්‍රයෙක් මට ලාංකීය එක ගැන කිව්වා.ඉන් පස්සෙ කාලය තුළා සින්ඩිකේටර් ගොඩාක් ඇති වුණා.උඹේ බ්ලොග් එක මගේ බ්ලොග් එක වෙනුවට උඹේ සින්ඩිය මගේ සින්ඩිය වෙන තරමට සින්ඩිකේටර් වැහි වහින්න පටන් ගත්තත්, පස්සෙ උචිතෝන්නතිය සමඟ සමහර ඒවා ජනප්‍රිය වුණා.සමහර ඒවා පසු බැස්සා. හරියට රියැලිටි තරඟ වගේ මේ නිසා බ්ලොග් ලියන්න කට්ටිය ටික ටික වැඩි වුණා.යාළුවන්ගෙ සින්ඩියට තව යළුවො ඇදිලා ආවා .අද වෙන කොට ලංකාවෙ බ්ලොග් කලාව සැලකිය යුතු මට්ටමක තියෙනවා.

මුල් කාලෙ කාටත් වුවමනා වුණේ.බ්ලොග් ජනප්‍රිය කරන්න නෙවෙයි.සිංහල යුනිකේත සමාජ ගත කරන්න.ඇත්තට සිංහල බ්ලොග් කියවනයේ මූලික අරමුණ වුණේ ඒක කියලා මට හිතෙනවා. අද වෙද්දි ඒක වෙලා ඉවරයි.දැන් බස් එකේ බුකියේ සිංහල යුනිකෝඩ් තියෙනවා. ඒකියන්නෙ පරිගණක  බහුතරය මේ ගැන දන්නවා. සෙට් ඩෙකෝ එක නිසා කොහොමත් ගැටළුවක් නැහැනෙ.දැන් වෙන්න ඕනේ එහෙම කොහොම හරි මේ ලියපුවා කියවන එක..

ඉතින් දැන් අපිට බ්ලොග් කියවන්න සින්ඩි ඕනේ...සින්ඩි 150ක් තිබ්බාත් මිනිස්සු බලන්නෙ තමන් කැමති එක. රූපවාහිනිය තිබ්බා කියලා ,සිරස ආරම්භ නොකර හිටියාද? චැනල් 8ක් 9ක් තීද්දි දෙරණ ඇවිත් ජනප්‍රිය වුණා නේද? (මිනිස්සු බලනවානේ ....අනික මේ ඔක්කොම තිබ්බා කියලා තව චැනල් හදන්නෙ ඔය )...

හැබැයි හැම එකේම එකම නාට්‍ය යන එකේ නම් ගැටළුවක් තියෙනවා තමයි.මම කිව්වෙ සින්ඩි 1000ක් හැදුවත් යන්නෙ අපේ අයගෙම බ්ලොග් නේ....ඒත් කමක් නැහැනෙ..ඕවා එච්චර ප්‍රශ්න නෙවෙයි..ඔයිට වඩා ගැටළු තියෙනවා.මේ ලෝකෙ

මම සින්ඩි ගැන මෙහෙම කියන්නෙ..මට කවුරුත් එකයි නිසා..ලාංකීයයි සිංහල බ්ලොග් කියවනයයි විතරක් මම ඇඩ් දාලා තිබ්බාට මම අනික් ඒවාටත් යනවා එනවා...
හොඳ සේවයක් සපයද්දි නිකම්ම රසිකයො වැඩිවෙයි කියලා කවුද ත් කිව්වා.

ෆේස් බුක්..සහ බ්ලොග් සුසංයෝගය අනාගතයේ සින්ඩි වලට බලපෑමක් ඇති කරයිද කියන්න නම් තවම බැහැ.ඒත් එහෙම ගතියක් නැත්තෙ නැහැ.අදටත් ලංකාවෙ වැඩියෙන්ම පරිශීලනය වන සයිට් එක ෆේස් බුක් නෙ... අපි ඒක එදාට බලමු.

4/4/11

100 වෙනි ලිපිය | සයිබර් සිහින උළෙළ| අපේ විත්ති සමඟ කාණු මඩ


ඉතින් කොහොමද?hah පෝස්ට් එකක් ලියන්න විශාල ඕනකමක් තිබ්බත් පටන් ගන්න තැන හිතා ගන්න බැරිවයි...ටිකක් කල්පනා කළේ..garupale විශාල කරුණු තොගයක් තියෙනවා ලියන්න.ඒ නිසාම ම තීරණය කළා පාර්ට්ස් බෙදලා ලියන්න.මේ දවස් වල හරියට වැඩ...ඒ නිසා කිසිම විවේකයක් නැහැ.garupaleමොනා කරන්නද?..විභාගයි නිබන්ධනයි ඔක්කොම තියෙන්නෙ අහිංසක අපි වගේ අයට.garupale


ද්‍රවශීලතාවය අනුව ගත්තොත් වැදගත්ම දේ තමයි රෝස වලාකුළේ 100 වෙනි පෝස්ට් එකඅද ලිවීම..hah..ඒ වගේම මගේ සිංහල යුනිකෝඩ් ලිවිල්ලට යි...බ්ලොග් කෙරුවාවටයි..මේ මාසෙ 25 ට අවුරුදු දෙකක් පිරෙනවා..අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්...ඉතින් වසර දෙක පිරීම නිමිත්තෙන් වෙනම ලිපියක් දමන්න නෙරංජි බලාපොරොත්තු වෙනවා.


රෝස වලාකුළට නම් තවම අවුරුදු එකහාමාරයි..ඒත් මම වැරදීමකින් පටන් ගත්ත නෙරංජි සුලක්ඛනාgarupale ඒක තවමත් සක්‍රීයයි..කිසිම දෙයක් නොදන්න කාලේ හදපු එකක් නිසා ඒකෙ පස්ස් වර්ඩ් අමතකයි...hahඉතින් ඩිසෙබල් කරන්න විදිහක් නැහැ. මම දැක්කා අද ටෙච් කතා මේල් එකටත් කවුදෝ ඔහොම ගැටළුවක් අහලා තියෙනවා..කොහොම වුණත් මේ බ්ලොග් එක නම් මම ඩිසබල් කරන්නෙ නැහැ.මුල මතක් වෙන්න තියලා තියෙනවා.ros බ්ලොග් එක තමයි..මගේ බ්ලොග් කරණයේ ආරම්භය.


මගේ බ්ලොග් එකට අළුත් ම ටෙම්ප්ලේට් පින්තූරෙකුත් හදාගෙන කොමෙන්ටු වලට ගෙහාන් අයියාටතිලිණ බුවා අයියාගෙ බ්ලොග් එක බලන් පෝස්ට් වලත් සකයිප් මුහුණු දැම්මා.සීය පිරුණාට අළුත් හෙඩර් එකකුත් හැදුවා. කියලා සකයිප් මූණු දමා ගත්තා.


ඔන්න දැන් ඒ ටික හරි....ඊළඟට කියන්න යන්නෙ වැදගත්ම දේ...ඒ තමයි ඊයේ තිබුණු සයිබර් උත්සවය.කෙටියෙන් කිව්වොත් මාර ශෝයි..garupaleමම නම් හරියට සතුටු වුණා.යෝගට් කවලා තෑග්ග ගන්න මටයි මගේ අති ජාත උසස්පෙළ මිත්‍රයා උෂාන්ටයි හැකි වුණා..බොහෝ දෙනා කිව්වෙ අපි ජය ගත්තෙ කුප්ප කමින් කියලාsoal..අපි ඒවාට උත්තර දෙන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්න හිතා ඉන්නෙ...මේ තමයි මගේ ජයග්‍රහණයේ පංගුව...


අවුරුදු කුමාරිටත් ගියා.හැබැයි පළවෙනි වටෙන් ම අවුට්..මොනා කරන්නද ලස්සන සාපේක්ෂයිනෙ...කොහොම වුණත් එක උත්සවයකින් එක තෑග්ගකට වඩා ඕනේ නැහැ කියලා මම හිතාගෙනමයි හිටියෙ. .garupale.රැෆල් එකෙනුත් මට ඇදුනා..ඒක කන්ෆර්ම් කරන්න බැරි වුණා ටිකට් එක නැති කර ගත්තු නිසා..මම වෙච්චි වැඩේ පස් හය දෙනෙක්ට කියලා සද්ද නැතිව හිටියා.soal


අපොයි...මාර වැඩේ වුණේ soal මට අක්ෂරේ කස්ටිය එක සීරුවට පටළැවෙනවා...ඔක්කොම එකවාගේ...දෙවෙනි කාරණාව තමයි ගයන්ත නැති අඩුපාඩුව නම් මට උත්සවය පුරාම පෙනුණා. කෑම පැකට් පෙනෙද්දිgarupale


ඊයේ අපි රටින් ගෙන්නපු විනිශ්ච කාරයෙක් නිසා මාර සන්තෝසෙන් හිටියෙ.. ඒ තමයි දුකා අයියා.මාරයා අයියා නම් යන යන තැන පාළුවක් නැහැ...ගියපාර එකට වඩා මේ පාර එක හොඳයි...මුචා අයියා තමයි මයික් ටයිසන් ...( ඒ එයාලු නේද ඇනොනිමස් ආතල් ලියන්නෙ )


මාරයා අයියා නම් මේ උත්සවේ දරුණු විවේචන වලට ලක් කළා..ඒත් මට නම් තෑගි හම්බුණ නිසා සද්ද නැතිව හිටියා. hah (කුමන්ත්‍රණ කරලා ගත්තුවා එහෙම නෙවෙයි )


තව ගොඩාක් දේ මතක් වෙන වෙන පාරට කියන්න ඕනේ...soal



ආ අවසානෙටම කියන්න තියෙන්නෙ තාරක අයියා උස නිසා මට එයාව එක සැරේ පේන්නෙ නැහැ...hah මම එයා එක්ක කතා කරන්න පඩියක් උඩට නැග්ග විත්තිය කීප දෙනෙක්ම දැක්කා...ඇත්තටම එයා ඒතරම් උස ගියෙ මොනවා කාලාද කියලා මට සැකයි...කියලා මම එයාට කිව්වා.soal

3/14/11

නයි ගොඩක් සමඟ නීනුගේ ඉන්ටර්වීව්


තමීර අයියාගෙ බ්ලොග් එකට මඩ චුට්ටක් ගහලා මගේ එකට ආවමයි දන්නේ..මමත් සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියලා නැහැ...
ඒ නිසාම මම හිතුවා මම ලියන දේකට වඩා වෙන කෙනෙක් ලියන දේට ඔයාලා කැමති වෙයි කියලා...මේ මං ගැන සුප්‍රසිද්ද පත්තරේක ලබන ඉරිදා පළ වෙන ඉන්ටව් එකක්...කාටවත් කියන්නෙපා.. හොරෙන් බලන්න...



" අද අපිත් එක්ක බ්ලොග් චරිත පිටුවට එකතු වෙන්නෙ බ්ලොග් කාරිණියක්.වසර දෙකකට සෑහෙන්න කාලයක් බ්ලොග් ලෝකයේ රැඳී සිටි ඇය.. මේ වන විට පෝස්ට් 100කට කිට්ටු ප්‍රමාණයක් ලියා තිබෙනවා..ඉතින් නෙරංජි හෙවත් අපි නික් නේම් විදිහට නීනු කියන ඇයගෙන් රසිකයන් අපෙන්
අහන ප්‍රශ්න කිහිපයක් ඇගෙන් අහන්න සූදානම් කළා...

වසර දෙකකට ආසන්න කාලයක් බ්ලොග් ක්ෂේත්‍රයේ රැඳී සිටීම ගැන ඔබ මොකද හිතන්නෙ?..

ඉන්ටර් නෙටුයි..එතකොට කොම්පියුටරය
කුයි තියෙනවා නම් බ්ලොග් කරණය කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් මේ අනික් ක්ෂේත්‍රයන් වගේම වගකීමෙන් කළොත් මේකෙත් හොඳ අනාගතයක් තියෙනවා.

බ්ලොග් කරණයට කාන්තා දායකත්වය අඩුයි නේද?..

මීට වසර දෙකකට කලින් මම එද්දි, ඇත්තට හුඟක් කාන්තා නියෝජනය අඩුයි..ඇත්තටම මේ ෆී
ල්ඩ් එකේ කාන්තාවන් බොහොම ප්‍රවේසමෙන් ඉන්න ඕනේ..ඕනේම වෙලා වක දරුණු තත්ව ඇති වෙන්න පුළුවන්.ගොඩාක් වෙලාට කොල්ලම තමයි කෙල්ලගෙ බ්ලොග් එකත් ලියන්නෙ..බ්ලොග් වල වුණත් මේ සිදුවන කාන්තා ප්‍රචණ්ඩකාරීත්වයට එරෙහිව පාර්ලිමේන්තුවත් ඉදිරියේදි කතා කරාවි.පබා ඉන්නවානේ

ඔබ ගැනත් නොයෙක් කට කතා පැතිරෙනවා නේද?ඔබ පසුගිය බ්ලොග් මැරතන් එක
ක
දි සෑහෙන්න මඩ වලට මුහුණ දුන්න කියා රාවයක් තිබෙනවා..

තමන්ගෙ පරාජය ඉවසගන්න බැරි වෙච්චි අය තමයි ඔය වගේ කතා පතුරන්නෙ.මට මඩ පහරවල් එල්ල වුණත් මගේ නොසැලෙන දිරියෙන් මම ඒවා ජය ගත්තා..මගේ පෝ
ස්ට් වල අන්තර්ගතය තුළ හර බර දේ නැහැයි කියලා පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ කිව්වා.මල බද්ධයේදී ඔහොම දේවල් වෙනවා..බර මයි හොයන්නේ.

මෙවර බ්ලොග් මැරතන් එකක් පැවැත්වෙනවාද?

ඇත්තටම මට නම් තාම ආරංචි වෙලා නැහැ.බ්ලොග් මැරතන් පටන් ගත්තෙ යු
නිකෝඩ් අලුත් කාලෙ..දැන් එය හුඟාක් පුරුදු දෙයක් නිසා මම හිතන්නෙ ඇඩ්මින් වරු මෙවර මැරතන් එක ගැන දෙවරක් හිතාවි...ඒ වගේම මෙවර අවුරුදු උත්සවයක් තියෙනවානෙ...

ඔබ ඔබේ බ්ලොග් මිතුරන් ගැන මොකද හිතන්නෙ?
ඇත්තටම අජ සවුත්තුයි.මුන් කවදාවත් වැදගත් දේකට කොමෙන්ට් කරන්නෙ නෑ.කමෙන්
ට් ගන්න ඕනේ නම් නයි අරින්නම ඕනේ.ඒත් හිත නම් හරි හොඳයි..කිසිම වරදක් මතක තියා ගන්නෙ නැහැ...මේ තරම් දිගු ගමනක් එන්න ඔවුන් තමයි රුකුලක් වුණේ..අවුරුදු 2ට පෝස්ට් අනූ අටක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි...අනෙක් අය අවුරුද්දකටම ලියන්නෙත් 250ක් විතර ප්‍රමාණයක්නෙ....
ඔබේ හොඳම බ්ලොග් මිතුරා තමීර කියලා කියන්නෙ ඇත්තද?

ඔව් මැරතන් එකේදි තමයි මම ඔහුව අඳුන ගත්තෙ. කවදාවත් බ්ලොග් ලෝකයේදි මාව
අපහසුතාවයට පත් කරපු නැති හොඳ මිත්‍රයෙක්..ඒ නිසාම ඉදිරියටත් ඔහුගේ ලිපි සඳහා හොඳම ප්‍රතිචාරය මගෙන් ලැබේවි..මේ වගේ තවත් මිතුරන් ඇති කර ගැනීමයි මාගේ අරමුණ.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
බ්ලොග් ක්ෂේත්‍රයට එන ආධුනිකයන්ට මේ කෙරුවාව
එපා වෙනවා දවස දෙකෙන්.අපි ඒක නැති කරන්න ඇත්තටම උත්සාහ කරනවා..ඒ සඳහා ව්‍යපෘතියක් විදිහට ඔවුන්ව දිරිමත් කරන්න...මුහුණු පොත හරහා බ්ලොග් මිතුරන් ක්‍රියාත්මකයි...

එහෙත්
ඔබට තීම් එකක් වත් දාගන්න බැහැ කියලා ඔබේ මිත්‍රයෙක් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා කියලා ඔබ දන්නවාද?

අපොයි ඔව් ..ඒක ඇත්ත.. මට තීම් දාන එක කාලයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා.ඒත් දැන් නම්
නැහැ.මම දැන් පාවිච්චි කරන්නෙ නැනෝවික් ආයතනයේ මාධව හබරකඩ මහතා හදා දුන් ටෙම්ප්ලේට් එකක්...

සියවෙනි ලිපියෙන් පසුව ඔබේ බ්ලොග් එකට කුමක් සිදු වෙයිද?

මාස තුනක් යන්න ඉස්සර මම එකසිය එක් වෙනි ලිපිය ලියයි...

අවසානයේ ඔබ බ්ලොග් ලෝකයට දෙන පණිවිඩය කුමක්ද?
හොඳ හිතින් මගේ බ්ලොග් එකට එන හැමෝටම මම කියන්නෙ ක
මෙන්ට් එකක් දාලා..ෆලෝ පාරක් දාලා යන්න කියලා...

2/19/11

normal අපායෙන් වෙන්වන blog අපාය | Part 2



දැන් කට්ටියම සෑහෙන්න පින් දහම් කරන්න ඇති ... ඇයි ඉතින් අපායෙ යන්න වෙනවා කියන්නෙ සුළු පටු දෙයක්ද? හැබැයි ඉතින් අද බ්ලොග් අපායේ  part 2  අරගෙන මම ආවේ ඉතාම සුභ ආරංචියක් අරගෙන...ඉතින් මේ ලිපිය කලින් නොදන්න අයට පුළුවන් මෙතෙන්ට ගිහින් ඒ ලිපියෙ පළවෙනි කොටස දැන ගන්න...
  
බ්ලොග් වල බොරු ලියපු එවුන්... අනුන්ගෙ පෝස්ට් කොපි කරපු එවුන් ,සින්ඩි වලට මරා ගත්ත එවුන්,අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්,ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්,ෆේස් බූක් වලින් බ්ලැක් මේල් කරපු එවුන්,බාර්න් බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්,චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්, ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්,  ඔක්කොම දැන් බලාගෙන ඇති තමන් ට නියමිත' දඬුවම දැන ගන්න ඇත්තටම.....


ලස්සනම සිදුවීම තමයි මේ දඬුවම් කලාව පිළිබඳ අපායෙ පොතේ තියෙන පොඩි පොඩි අවුල්..... ඔන්න කවුරුත් දනවානෙ මම ගියෙ බුද්ධාගමේ අපායට.....ඉතින් මේකේ දඬුවම් තීරණය වෙන්නෙත් බුද්ධාගමේ ක්‍රමයට .....බ්ලොග් වල බොරු ලියපු එවුන්... චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්, 
ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්, ඔක්කොම මෙහෙ දඬුවමක යටත් කරන්න බැහැ .... ඒ ඇයි දන්නවාද? දස අකුසල් වලින් පරුෂා වාචා, එතකොට මුසා වාදා අයිති වෙන්නෙ වචනයෙන් කෙරෙන අකුසල් ගොඩට ...වචනයෙන් වන මේ අකුසල් යන්නෙ කටෙන් කෙරෙන ගොඩට..මෙයාලා කිසි දෙයක් කටින් කරලා නැ...ඔක්කොම ලියලා ...

ඉතින් යම රජ්ජුරුවන්ට හරිම කේස්.... කොටින්ම මුන් කුණු හරප කියලා නැහැ.. තියෙන කුප්ප කමට රත් ගමයා වගේ එවුන් එහෙම කියන්නේ ඩබල් මීනින් කතා විතරනෙ.....ඉතින් යම රජතුමත් අප්සෙට්.... සින්ඩි වලට මරා ගත්ත එවුන්,අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්, ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්, කාටවටත් දඬුවම් දෙන්න යම රජතුමාට අප්සෙට්....ඒකට හේතුව නියම දඬුවමක් දෙන්න බැහැ.....එයට හේතුව ඒ හැමෝම මානසික උම්මන්තකයො..........


බාර්න් බඩී හොරකමත් නීතියෙන් අනුමතයි.... හරියට අපේ රටේ සූදුව අනුමතයි වගේ..


.......


ඉතුරු ටික පස්සෙ ලියනවෝ....part 3 බලාපොරොත්තු වන්න.

2/6/11

normal අපායෙන් වෙන්වන blog අපාය | Part 1

මම ඊයේ රෑ හීනෙන් මාරයා දැක්කා... ඒ අපේ මාරයා අයියා එහෙම නෙවෙයි ( වෙලාවට ඔරිජිනල් එකාවම දැක්කෙ ) මං නිකමට වගේ ඇහුවා...අපායට  එක්ක ගෙන යන්න බැරිද කියලා...( මටත් ඉතින් ෂුවර් නෙ කවදාවත් දිව්‍ය ලෝකෙ යන්න වෙන්නෙ නැහැ කියලා )

මාරයාත් මාර විදිහට කැමති වුණා...ඔන්න දැන් මාරයයි මමයි අපායට ගියා..


අපායෙ දොර ළඟ පිළිවෙළට අස් කරලා තියෙන්නෙ...ජීවත් වෙලා ඉන්න කාලෙ හොඳින්  වැඩ කරපු එවුන් චුති සිතේ ප්‍රශ්න හින්දා.. නික්මෙන මොහොතෙ චේතනාව අස්පට් වෙලා අපායට එනවානෙ... උන් පවුනෙ... එයාලාව පොඩි දඬුවමකින් return  කරන්න තමා... අපායෙ main door එක තියෙන්නෙ... එයාලාට තියෙන්නෙ අපායෙ කාණු වල කුණු අදින්න.. මල් වලට වතුර දාන්න වගේ light දේවල්...දොර ඇරියාම තමා අපාය පේන්නෙ...හම්මෝ... රජයේ රැකියා කරපු එවුන්..ඔය නීතීඥයෝ, ඉංජිනේරුවෝ ,දොස්තරලා ඔක්කොම ඉන්නෙ මේ නෝමල් අපායෙ...ඒක ඔය බණපොත් වල වගේ තමයි..පරණ කාලෙ තිබිච්ච ක්‍රමයමයි.... පොඩ්ඩක් වත් වෙනස් නැහැ..නීති තවම සංශෝධිත නැහැ


.ඒ ටික ඉවර වුණාම පටු පාරක් තියෙනවා...


ඉන් පස්සෙ මොඩර්න් අපාය...පුද්ගලික සේවකයෝ... විධායක තලේ කට්ටිය...ව්‍යාපාර වල මූල්‍ය වංචා කරපු අය... කොටින්ම ළඟදි මැරිච්ච අය ඉන්නෙ ඒකෙ...දඬුවම් නම් පෙර පරිදිම තමයි.. වෙනසක තියෙන්නෙ කටු ඉබුල ප්ලාස්ටික්..කටු තිබ්බාට පිට ගැස්ම හැදෙන්නෙ නැහැ....


ඔන්න දැන් තියෙනවා අපායේ ටිකක් සීතල පැත්තක්....ඒක තමයි "අපායේ කොම්පුටර් අංශය"


ඔන්න ඒකෙ මුළින්ම මම ගියේ හාර්ඩ් වෙයරිං වලදී මිනිස්සු රවට්ටලා.. බොරු කෑලි දාපු .. හොඳට තියන ඒවාගෙ ලෙඩ වැඩි කරලා පෙන්නලා සල්ලි කඩා ගත්තු  අය ඉන්න section  එකට...


උන් Computer  100000 ක් එකලස් කරන්න ඕනේ එකදිගට.. ඒක තමා දඬුවම...එකක් හදනකොට තවකෙක් එකක් ගලවනවා... ආපහු ඒක හදද්දි අනික ගලවනවා.... හදලා ඉවර වෙනකන්ම හාඩ් ඩිස්ක් එකකින් යම පල්ලෙක් පිටට ගහනවා....කොහොමද ආතල්?


සොෆ්ට් වෙයාර් ඉන්ජිනේරුවෝ.. graphic  වල්දි මිනිස්සුන්ගෙන් වැඩි මුදල් ගත්ත එවුන්... photo හදලා පවුල් කඩපු එවුන්...ප්‍රෝග්‍රම් හැක් කරපු එවුන්...බ්ලූ ෆිල්ම් upload කරපු එවුන් ඉන්නෙ එක පැත්තක. එකම C program  එකයි හදන්න උන්ට දෙන්නෙ...හොඳට හදා ගෙන එද්දි...යම පල්ලෙක් ඇවිත් මුළු key board  එකම තැනින් තැන type කරලා අනාථ කරනවා... කවදාවත් ඒක හරියට හදා ගන්න බැහැ...graphic කරපු එවුන්ට තියෙන්නෙ...pen tool  එකෙන් යම රජ්ජුරුවන් ව අඳින්න.... make selection දාලා path එකට ගානට layers  කපන් Colors match කොරන්න ඕනේ...

ඒත් යම රජ්ජුරුවන්ව කවදාවත් Satisfied  කරන්න බැහැ... පොර හිතා ඉන්නෙ පොර ලස්සනයස කියලා...  හික්ස් හික්ස්...

දැන් තමයි අපි net +web+blog  අංශෙට යන්නෙ....බ්ලොග් වල බොරු ලියපු එවුන්... අනුන්ගෙ පෝස්ට් කොපි කරපු එවුන් ඔක්කොම එහෙ...ඒ විතරක්ද සින්ඩි වලට මරා ගත්ත එවුන්...අනුන්ගෙ සින්ඩි වලට මඩ ගහපු එවුන්,අනුන්ගෙ සයිට් හැක් කරපු එවුන්... ඊ මනී වලින් සල්ලි ගහපු එවුන්...ෆේස් බූක් වලින් බ්ලැක් මේල් කරපු එවුන්.. බාර්න් බඩී වල අනුන්ගෙ වත්තෙ එළවලු කඩපු එවුන්....චැට් ලයින් වලදී කෙල්ලන්ට කැත කතා කියපු එවුන්...ගූගල් buzz එකේදී කැත වචන කියපු එවුන්, ඔක්කොම එතන...ඒත් මෙයාලාට තියෙන දඬුවම නම් හරිම සුන්දරයි...මොකක් කියලාද හිතන්නෙ?......


කියන්න.. කොමෙන්ටු විදිහට....

1/31/11

අන්තිමට අපි ඔක්කොමල්ලා කියන දේ අහගෙන ඉඳලා ඉලංදාරියා හිනා වුණා.... ( අපේ සිහිනය )

මම පෙරේදා හදිස්සියෙම මගේ gmail එකට ගියා...එතකොට මම දැක්ක ගෙහාන් අයියා මට email එකක් එවලා තියෙනවා.... මම ඒකෙ තියෙන link එකට ගියා ... මම එදාමයි ඉලංදාරියාව දැක්කෙ...ඒත් පෝස්ට් එක කියවන්න මට වෙලාවක් තිබුණෙ නැහැ....බස් බ්ලොග් සතියට වත් enter වෙන්න මට බැරි වෙලා හිටියෙ වැඩ වැඩි නිසනේ....
ඔන්න මම ඊයේ face book  ආවාම මම ආපහු ඉලංදාරියාගෙ පින්තූරෙ links දැක්කා.. මෙතන මොකක් හරි ලොකු සීන් කෝන් එකක් තියනවා කියලා තේරිලා එයාගෙ blog එකට ගියා...

මළ කෙලියයි...මම අත ඇරලා තියෙන්නෙ අපේ කස්ටියගෙ දැවෙන ප්‍රශ්නයක්නේ....එකෙක් බ්ලොග් ලියන එක නැවැත්තුවත් දෙක වෙන්න  අපි කෑ ගහනවා..එකෙක් අසනීප වෙනවා කියන්නෙ අපිට ජාතික ප්‍රශ්නයක්... ඇරත් කොල්ලෙක්...අවුරුදු විසිපහයි... කිරි කිරි වයසනේ...

ඉතින් ඔන්න වහාම ක්‍රියාත්මක වන පරිදී මමත් වැඩේට බැස්සා..graphics දෙකක්ම හැඩුවා.. එකක් tag කරලා fb album යවන්න... අනික බ්ලොග්ස් වල side bars වලට use කරන්න....ඒත් මෙන්න දැන් ටිකකට කලින් එකෙක් massage එකක් එවලා animation එකක් දාමු කියලා... මම මේ එහෙම එකක් හදන්න try කරන ගමන්....

ඉතින් ඔන්න කට්ටියගෙම වැඩ ඉවර වෙන්නෙ දිලුම් අයියාට අපේ කචු කුචුව ඇහිච්ච දාට.....මතකයිනෙ....අපි ඔක්කොම ගීත් අයියා කිව්වා වගේ එක පවුලක්.... දුකා අයියා කිව්වා වගේ අපේ අයට අපි නැතුව කවුරු උදව් කරන්නද?..........


මම දැක්ක facebook එකේ Neranji Sulakkana කියලා girl කෙනෙක් දාපු කවියක්....


උඹෙ දුක කියන්නට කටවල් ගොඩක් ඇතී..
නුඹෙ සුවයක් දකින්නට නෙත් බලා සිටී
හීනයක් නොවේ අසපන් මගේ සකී
කන් දහසක් උඹ වෙනුවෙන් අසා සිටී.....................
 

ඒකත් එක්කම ඔන්න මම මේ ලිපිය නිමා කරනවා....

ඉලංදාරියා අයියාගේ ලිපියට
දුකා අයියාගෙගේ ලිපියට
ගීත් අයියාගෙ ලිපියට

මේ සබැඳි වලින් යන්න පුලුවන්...ඒ එක්කම ඔබ ලියපු ලිපිත් comments  විදිහට මේකට links දෙන්න.....

අපේ වැඩ පිළිවෙල වේගයෙන් යාවත්කාලින වෙන්නෙ සිංහ‍ලෙන් කිව්වොත් update වෙන්නෙ fb group එකේ නිසා මේ සබැදියෙන් එහි සාමාජිකයෙක් වෙන්න...



අපි ඉලංදාරියාට අස්සවමු... 

12/25/10

මඩ පහර,කොමෙන්ටු දෝෂ සහ නත්තල් තැග්ග

මේ දිනවල දහ නවය පැවති සුහද හමුව ගැන බොහෝ මඩ ප්‍රහාර පළ වේ. ඇතැම් ඒවාට එකඟ විය හැකි අතර සමහරක් දේට ඉඳුරාම මම එකඟ නොවෙමි..ඕනෑම දෙයක් සිදුවී අවසන් වූ පසු සිදු කරනු ලබන පශ්චාත් පරීක්ෂණ වලදී වැරදි හසු වීම වැඩි වීම සාමාන්‍ය කරුණකි.ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමට හැකියාවක් ඊළඟ වර තිබෙන්නෙ නම් ඒ පිළිබඳව කවුරුත් සිත් රිදවා ගත නොයුතුය.

කෙසේ වෙතත් කිරි කළයේ වූ ගොම බින්දු ෆිල්ටර් කර දමා කිරි පමණක් ගන්නා සේ  අපි අපි ට හමු වීමට ලැබීමම කෙතරම් සතුටක්දැයි සිතා හිත හදා ගන්නා ලෙස මම සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.කලයට ගොමද කිරිද දෙකම වැටෙන්නේ එක කිට්ටුවෙනි..නැවත නැවත ප්‍රැක්ටිස් කිරීමෙන් පමණයි අපට නිවැරැද්ද කරා ළඟා විය හැක්කේ.ඔබ වැරදි සඳහා නිරන්තරයෙන් මඩ ගැසීමෙන් වෙන්නේ වැරැද්ද ප්‍රමෝට් කිරීම මිස නිවැරැද්ද කරා ළඟා නොවීම බවද මෙහිදී කණගාටුවෙන් කියා සිටිමි.

ඒ කිසිවකට එකම කොමෙන්ටුවක් හෝ නොදැමීම නිසාවෙනි,මගේ සටහනේ මෙවන් යමක් ලියා තබන්නට තීරණය කළේ.

සුහද හමුව ගැන මගේ පුද්ගලික හැඟීම- 
දේශණ පොඩ්ඩක් අඩු වුණා නම්,කට්ටියට කැෂුවල් කතා කරන්න ලැබෙන ඉඩ ටිකක් වැඩි වුණා නම් වටිනාකම ඉහළයි යන්නයි.කුමක් හෝ දෙයක් කිරීමට ඉදිරිපත් වීමම වටිනා දෙයක් හෙයින් මා ඒ දෝෂ ද ඉවත් කරමි. ව්‍යාපෘතිය විශාල වෙන්න විශාල වෙන්න වැරදි අඩුපාඩු විමේ සම්භාවිතාව වැඩි බව අපට පාසලේදී ජීවන නිපුණතා වලට කියා දී තිබේ.

මම දෙවනුවට කතා කරන්නේ කොමෙන්ටු ගැනය..නිර්නාමිකව පෙනීහිඳ අසැබි වදන් වලින් කොමෙන්ටු දැමීම තුළ කිසිම හරයක් නැත.මම පුද්ගලිකව සලකන පරිදී ලෝකයේ අසැබි යැයි කිසිවක් නැත.අසැබි බව තීරණය කරන්නේ සංස්කෘතියයි.එහෙත් අසැබි යැයි සම්මත දෙයක් මගේ බ්ලොගයට දමා ගැනීමට මම අසතුටු හෙයින් එවන් දේ කරන අයගෙන් එසේ නොකරන්නැයි කාරුණික ඉල්ලීමක් කරමි.කොමෙන්ටු මොඩරේට් කිරීම පසුව සලකා බලමි.ඒ මට ඒවා ඇක්සෙප්ට් කිරීමට කාලය මදි හෙයිනි.එන කොමෙන්ටු ටිකද මොඩරේට් කිරීමෙන් සංවාදයට බාධා සලසා කොමෙන්ටු අඩු කරගැනීමට මම අකමැත්තෙමි.ඒ කොමෙන්ටු ගොඩක් දැකීම මට සතුටක් හෙයිනි.

 ඉතින් ඒ සියල්ලට පසුව මට ප්‍රීති දායක පුවතක් ඇත.එනම් 2010 නත්තල් උදාවේදී රෝස වලාකුළට ලැබුණු තෑග්ගය.මාධව අයියා විසින් රෝස වලාකුළට අළුත් ඇඳුමක් සැපයීය.පෝස්ට් ගණනටත් වඩා විශාල ටෙම්ප්ලේට් ගණනක් මාරු කිරීම තුළින් අප්‍රසාදයට පත් රෝස වලාකුළට දැන් ලබන වසර අවසානය තෙක් අලුත් ඇඳුමක් ඕනෑ වෙන එකක් නැත.හේඩර් එක වෙනස් කිරීමෙන් පමණක් චිරාත් කාලයක් මෙය පාවිච්චි කළ හැකි වීම රෝස වලාකුළ ලද සුවිසල් භාග්‍යකි.

රෝස වලාකුළ නත්තල් පණිවිඩය-
මේ දිනවල බොහෝ වී අයි පී අය නත්තල් පණිවිඩ නිකුත් කරති. රෝස වලාකුළටද නත්තල් පණිවිඩයක් ඇත.

බ්ලොග් නත්තල් පණිවිඩය
ගහන මඩ හැරවී නෝන,මඩට මඩ කැපෙන,කූල් ප්‍රීතියක් පිරි නත්තලකට සියලු බ්ලොග් කරුවන්ට ආසිරි....

සමස්ත නත්තල් පණිවිඩය-

හැම මනුස්සයෙක්ම,මනුස්ස කමට හිනාවෙන,අනික් එවුන්ගෙ වැරදි හදා ගන්න ඉඩ දෙන,වැරදි කරලා නිවැරදි වුණු අයට සමාජයේ ගැටෙන්න ඉඩක් දෙන..කරපු නරකට වඩා කළ හොඳ ගැන හිතන..හිත් වල පිරිච්ච මිදුණු කඳුළු වලට අයිති හැම හේතුවක්ම සතුටට හැරවෙන...ආදරය සාමය සතුට පිරුණු සුබම සුබ නත්තලක්.....

12/19/10

කට්ටියම සෙට් වෙලා| SBU 2nd g2g




අද වැඩ අධික දවසක් ...ඒත් අද කියන්න ඕනේ හැම දෙයක්ම අද කියන තරමට නිවුස් එකේ වටිනාකම වැඩියි....අද උදේ පාන්දර ඉඳන් කට්ටියම ලෑස්ති වුණේ බ්ලොග් සුහද හමුවට කියන එක ගැන බ්ලොග් ලියන කියවන අයට මම කියන්න ඕනේ නැහැනෙ...ඕන්න උදේ හතයි හතළිහ වගේ වෙද්දි මට අන්තිමයා හා පූසා මුණ ගැහුණා..දෙන්නාම පරාටා කනවා...ඒ කඩේ ඇතුළට වෙලා ඉන්න කම්මැලි නිසා මම එළියට ආවා.ඔන්න එයාලා එනකන් විනාඩි දහයක විතර කටුවක් කෑවා.ඔන්න අපි එකසිය පනහෙ නැග්ගා නවම් මාවතට ගෙනියන්න කියලා පූසා ටිකට් ගත්තට අපිව ඒ මිනිස්සු වැව ළඟින් බැස්සුවා..පුසා ගොඩාක් ඩ්‍රයිවර් මාමාට පින් දුන්නා..ඔන්න අපි නවම් මාවත් දිගේ එනකොට..."මේ ඔයාලා යන්නේ බ්ලොග් මීටිමටද?" කියලා කෙනෙක් අපෙන් ඇහුවා..ඔන්න ඒ තමයි කණිශ්ක..(අපේ පුරුදු කණියා නෙවෙයි... ඔන්න එයාවත් එක්ක අපි ඉදිරියටම ගියා.ඔන්න බිල්ඩිම.ගෙහාන් අයියා ඒක ඇතුළෙ ඉඳන් කට්ටියටම අත වනනවා.ඔන්න අපි හැමෝම
වත් අක්කලාත් ආවාට පස්සෙ,උඩට ගියා...අපිට කටාර් වල ග්‍රැෆික් අයියා කෙනෙක් හම්බුණා...එයාට මාරෙට සින්දු කියන්න පුළුවන්..(පස්සෙ එයා බැඳපු අක්කවත් ගෙන්නලා පෙන්නුවා.)

කොහොම කොහොම හරි අඳුරන්නෙ නැති අය ගොඩාක් කතා කළා...අත හෝදන තැනදි තමයි මාධව අයියාව දැක්කෙ...මාරයා අයියා අපේ පින්තූර හැම එකේම සුන්දරම චරිතෙ වුණා....මම හිටපු පින්තූර ගොඩක් තාම අප්ලෝඩ් වෙලා නැහැ....

කාලිංග අයියා සහ ඒන්ජල් අනූ අක්කා මේ වෙලාවේ සිහිපත් කළ යුතුමයි....තාක්ෂණය ගැන මම ගොඩාක් දේ දැන ගෙත්තා. ( වෙලාවට දැන් මතක නැහැ.) ඒකට මොකද නීනු කියලා කියපු ගමන් එන්ට්‍රන්ස් එකේදි ඉන්දරේ අයියා නම් හෙන පල් හිනාවක් දැම්මා...තමීර ආපු නැති එක නම් අතක් කැඩුණා වගේ..අපරාදේ...මම ගුටි කන්න හිතා ගෙනමයි ආවේ...ගයන්ත නම් මම හිතුවට වඩා කෙට්ටුයි....සුපුන් මල්ලිත් ඇවිල්ලා හිටියා.. ලස්සන ලස්සන සිද්ධිත් වුණා...ඒවා මුහුණු පොතට සීමා නොකර හෙමින් හෙමින් අපි ලියමු....අද නම් එක එක්කෙනාව ලින්ක් කරන්න වෙලා නැහැ...වෙන පෝස්ට් එකක තනිකර ඒ වැඩේම කරනවා...මගේ මුහුණු පොතේ තමයි ඉස්සෙල්ලාම දෙවෙනි සුහද හමුවෙ පින්තූර පළ වුණේ...(කට්ටිය කියන හැටියට )

ඉතින් මා එක්ක කතා කරපු හැමෝටමත් මම කියපු දේවල් අහන් හිටපු අයටත් ස්තූතියි...කණියා අයියල, මාධව අයියලා ,මාරයා අයියලා ....හැමතැනම අයියලා...අක්කලා නංගිලා නම් දැක්කෙ හරිම අඩුවෙන්...වත් අක්ක, ෆා ද බ්ලොගී, අහිංසකී සහ මම ඇරුණු කොට බ්ලොග් ලියන ගැහැණු ළමයි ආවෙ අඩුවෙන් කියලා හිතෙනවා....ඕක වෙනම මාතෘකාවක්.......කොහොම වුණත් මට සතුටුයි....

මට එන්න ලෑස්ති වෙලා කහ පාට ටී ෂර්ට් එකාක් ඇඳපු අයියා කෙනෙක් විජේසේකර හොදට කී බෝර්ඩ් එකේ තදට බෝල්ඩ් වෙච්චි ඉස්ටිකරයක් දුන්නා.එයාටත් ස්තූතියි...


ගයන්ත,මලින්ත,තාරක ආදී ඔහොම ගොඩක් අය උන්නා... අනේ හැමෝගෙම නම් මතක නැහැ... කට්ටියම ඇවිත් හිටියා...

එන්න බැරිවුණු අයත් අපි ආදරෙන් මතක් කරනවා....

ඉතුරු ගොඩක් දේ පස්සෙ ලියන්නම්....