9/30/12
සමාජීය හුදකලාවක තුන් අවුරුද්ද
බස් රේඩියෝ සම්මාන උළෙලට නිර්දේශ වීම ගැන තිබෙන සතුට ට වඩා වැඩි සතුටක් සම්මානය නොලබීමෙන් ඊයෙ මම අත් වින්දා... හැම එකටම හේතුවක් තියෙනවා. නමුත්, හැම තැනම කියන්න බැහැනෙ. කොටින්ම කිව්වොත් පාටි ඕනෙ නෑනෙ.. ඒක කොහොම වෙතත්, සම්මාන ගත්ත හැමෝටම සුබ පතනවා. කෝච්චි අයියාටයි, සුදාටයි විශේෂයෙන්ම.
අද මම පෝස්ට් එකක් දාන්නෙ හරිම මහන්සියෙන්, දිග ගමනක් උදේ ඉඳන්ම ගිහින් ඉවර කරලා, ගෙදර ආපු සැනින්, ඇඟපත හෝඳන් කර ගෙන වෙළඳ දැන්වීම් පිටපත් තුනක සාහිත්‍ය සටහන් තුනක් රෑ දහයට කලින් ඉවර කරලා දුන්නා. ඇස් දෙකත් හුඟක් වෙහෙසයි. ඒ විතරක් නෙවෙයි, හෙට නාට්‍ය වැඩමුළුවක් තියෙනවා. මම එයට සහභාගි වෙන්නත් ඕනෙ. ඒත් අද දවසෙ ලිපියක් නොලියා බැරි නිසා ලියනවා.. දිග ගමන ගැන අපූරු විස්තරයක් ළඟදීම මුහුණු පොතේ දමන්න මම හිතාගෙන ඉන්නවා. පුංචි ඉඟියක් දුන්නොත්, මමයි මගේ යාළුවොයි ගියෙ, වතුරවිල සෙනසුනට, වනවාසී හිමිවරු බැහැදකින්න.
අද මගේ බ්ලොග් එක සිව්වන වසරට පා තබනවා. මම බ්ලොග් කරණයෙන්, සිව්වන වසරට පා
තැබුවෙ බක් මහේ වුණත්, ඒ බ්ලොග් එකක්වත් දැන් ක්‍රියාකාරී මට්ටමේ නෑ... මේ බ්ලොගයට ඉස්සල්ලාම ලිපියක් දාලා තියෙන්නෙ 2009 වසරෙ අද වගේ දවසක. කාලය ඉක්මනින් ගෙවෙනවා. එදා මගෙ වයස 19 යි. අද 22 යි... තව මසකින් මට 23 ක් වෙනවා.... ඒ ටික කාලෙට මට හුඟක් දේ ලැබුණා... නොලැබුණා... ඒ හැම දේ ගැනම මැදහත්ව බලන්න පුලුවන් මානසිකත්වයක් දැන් මට ලැබිලා තියෙනවා.
ලැබීම් නොලැබීම් එක්ක ගෙවිලා ගිය පහුගිය ජීවිතය ඇතුළෙ, මම අද බොහොම තෘප්තිමත්, මේ ගමන බ්ලොග් එක ඇතුළෙ වගේම ජීවිතයෙදිත්, එන්න මට උදව් කළ අයට මම ණය ගැතියි... මම ඒ අය හැකි පමණ මතක් කරනවා.. ඒ අය අධ්‍යාත්මය වර්ධනය වෙනුවෙන් මට කළ සහ කරන උදව්ව මගේ හදවතේ හැමදාම රැඳිලා තියෙනවා... සමහර ඒවා විග්‍රහ කළ හැකියි. සමහර දේ විග්‍රහ කළ නොහැකියි... නමක් නමක් ගානෙ කියන්න ආසයි.. එතකොට අර රෑට වෑන් එකේ ඇවිත්, ළඟ ගෙවල් වල මරණ එනවුස් කරනවා වගේ නිසා නොකියා ඉන්නවා කියලා මම හිතුවා..
අලුත් වෙනසක් එක්ක හමුවෙමු.... ඒ වෙනස මොකක්ද කියලා නොකියා ඉන්නම්!! හැමදාම රැඳිලා ඉන්න....
Subscribe to:
Post Comments (Atom)
සුබ බ්ලොග්වසරියක් වේවා නංගි. සම්මානයේ නිර්දේශිත නම් අතරට එක් වීම ගැන සුබපැතුම්. ජය...!
ReplyDeleteඅහ්!! ඒක නියමයි අයියෙ
Deleteසුබ පැතුම් අක්කේ....
ReplyDeleteඅහ්!! තැන්කූ මල්ලි
Deleteඅඩේ සුභ පැතුං වේවා නෙරංජි අක්කේ!!!!!!!!!!!!
ReplyDeleteස්තූතියි මල්ලි....
ReplyDeleteමුලින්ම මගේ සුබපැතුම් නෙරංජි.ලස්සන වෙනස දැකගන්න බලං ඉන්නවා.
ReplyDeleteස්තූතියි!!! අනේ!!
Deleteසුබ පැතුම් නෙරංජි නංගි !
ReplyDeleteතැන්කූ ඈ
Deleteතවත් දිගු ගමනකට සුභ පැතුම්..
ReplyDeleteස්තූතියි රූ
Deleteසුභ පැතුම් අක්කේ... තව තව ලියමු... ජය වේවා!!!!
ReplyDeleteහොඳයි පණුච්චි
Deleteසුභ පැතුම්! තවත් දිගු ගමනකට ආසිරි පතනවා!
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteසුභ පැතුම් නංගියෝ....
ReplyDeleteගොඩක් ස්තූතියි!! හිරු අක්කා
Deleteසුභ පැතුම් නීනුවෝ.බලමු වෙනස මොකක්ද කියලා. "නද්යා" කියන්නෙ ඔයාගෙ මුල නමද?
ReplyDeleteයා යා......
Deleteසුභ පැතුම් අක්කෙ.... !!!
ReplyDeleteතැන්කූ නංගියෙ
Deleteමගෙනුත් උණුසුම් සුභ පැතුම් ! බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යෑමට ශක්තිය හා දිරිය ලැබේවා !
ReplyDeleteස්තූතියි ගිම් අක්කා
ReplyDeleteසුබ පැතුම් !!!! හොඳ වයසකින් ඔයා ආරම්භ කරලා තියෙන්නේ.
ReplyDeleteස්තූතියි.. සුදීක
Deleteහදවතින්ම ජය වේවා අක්කේ!
ReplyDeleteස්තූතියි නංගි
Deleteබ්ලොග් අවකාශයේ චිරාත් කාලයකට සුභ පැතුම් :)
ReplyDeleteස්තූතියි හසිත
Deleteම්ම්හු.... කවිය මට ඇදයි.... ඔයාට ඕන ඕන තැනට වචන දාන්න බැහැ එහෙම... එතකොට ඔයා කරන්නෙ කවියට අසාධාරණයක්.... ඇහැරෙන්නෙ ඉර, නිල් කඳු මුදුන නෙවෙයි.. ඒක ඔයාගේ බ්ලොග් එකේ මේන් තීම් එකත් විකෘති කරනවා... ඉරට විශේෂත්වයක් දෙන්න ඕනේ නම් ඔය විදිහට හයිලයිට් කලාට කමක් නැහැ... ඒත් ඒ හින්දා ඇහැරෙන්න පරක්කු කලාම... තේරුම අප්සැට් යනවනේ....
ReplyDeleteසම්මානේ නොලැබෙන්න ඇත්තෙ ඔය හින්දා මම හිතන්නේ... හික්ස්...
සුබ පැතුම් !
ReplyDeleteකවිය එල තමා. ඒත් මට තේරුනේ නම් නෑ.
ReplyDeleteස්තූතියි
ReplyDelete