ඒ දවස් වල මට ඇවිදින්න බැහැ. දුවන්න ගිහිං වැටිලා කකුල කැඩිලා.. ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙත් නෑ.. ශිෂ්‍යත්ව පන්තියට ගියෙත් නෑ.. අප්‍රේල් මාස විතර ඉඳලා. යන්තං පොළවෙ අඩිය ගහන්න පුළුවං වුණා විතරයි.. ශිෂ්‍යත්වය ලියද්දි... හැමෝම පාස් වෙන්න කියලා කිව්වත්, ඒක මට සැක නිසා මම කට වහගෙන හිටියා..
විභාගය වෙලාවෙදි නැගෙන හැම ප්‍රශ්නයක්ම සුපයිසර්ට කියන්න කියලා ටීචර්ලා අපට කිව්වා.. මට මතකයි.. මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ කේන්තියෙන් කියලා. සුපයිසර්ට හිටපු ටීච ළඟ පාසලක. එයා පුද්ගලික ශිෂ්‍යත්ව පන්ති කළා.. එයාගෙ පන්තියෙ ළමයි තුන්දෙනෙක් ඒ ශාලාවෙ හිටියා. එයා ළමයින්ට උත්තර සංඥා කළා.. පොඩි වුණත් මට ඒක දැනුණා. අසාධාරණයට විරුද්ධව කෑ ගහන්න ඕනෙ කියන හැඟීම ආවත්, අනේ මගේ කෑ ගැහීම ඇහිය යුත්තා එයා ම හින්දා මම කට වහගෙන හිටියා..
ඉන් විනාඩි කීපයකට පස්සෙ ඒ සුපයිසර් මං ගාවට ආවා.. මම ලියන විදිහ එයාට මැජික් එකක් වුණා.. වටේම හිටපු සුපයිසර්ලා එක එක්කෙනා ගෙන්නලා, මම ලියන විදිහ ඒ අයට පෙන්වන්න පටන් ගත්තා.. කට්ටියම මගේ ඉහට උඩින් එබෙනවා... මට හුස්ම ගන්නත් බෑ... ඒ මදිවට කලුවරයි.. කාට කියන්නද සුපයිසර්ටම මිසක්. ඒ නිසා මම කට වහගෙන හිටියා..
එක ප්‍රශ්න පත්‍රයක් ඉවර වෙලා අනික් එකට ඉස්සර පුංචි විවේකයක් ලැබුණා.. සෙල්ලං කරන්න නොලැබුණ නිසා ඉන්ටර්වල් එකක් නෙවෙයි.. මම බනිස් ගෙඩියක් කෑවා.. එහා පැත්තෙ ඉඳගෙන හිටියෙ මන්තිල. එයාගෙ තාත්තා මුද්‍රණ සංස්ථාවෙ. මන්තිල අතට එයා කොළයක් දුන්නා.. මන්තිල ඒක කමිස සාක්කුවෙ දා ගත්තා.. එයා ඒ කොළය ශාලාවට අරන් ගියා. ශාලවට පිටින් කොළ ගෙනියන්න තහනම්. මම ඒ බව දන්නවා. ඒත් ඔහු සුපයිසර්ගෙම ගෝලයා නිසා මම කට වහගෙන හිටියා...
ශිෂ්‍යත්වය ඉවර වුණා. ටික කාලයකට පස්සෙ ටොයිලට් එකක් අස්සෙන්, ළමයෙක් බාගෙට ලියපු ප්‍රශ් පත්‍රයක් හමුවුණා.. ළමයා කවුද කියලා දැන ගත්තත් ඒ ඉස්කෝලෙම ඉහල වසරක ටීචර් කෙනෙක් පුතෙක් නිසා, හැමෝම කට වහගෙන හිටියා...
මාස දෙකක් විතර ගෙවුණා.. මට ඇවිදින්න පුළුවන් දැන්. ඒ නිසා පත්තු බඳින්න යන දවසක්. අම්මා එක්ක මම පල්ලෙ වෙල ගියා.. මම ඇඳගෙන හිටියෙ, කහපාට ඇඳුමක්. සායකුයි ටීෂර්ට් එකකුයි.. කොස්වත්තෙන් බහිනකොට, ගැහැණු කෙනෙක් හමුවුණා. ඇය අම්මා කී විදිහට හයේ දරුවෙකුගෙ මවක්. වැඩිම ලකුණු 161 යි. ශිෂ්‍යත්ව ලකුණු මේ දැන් ආවා.. ඇය කිව්වා.. අපි එදා ඒක එන බව කලින් දන්නෙ නැති නිසා.. ඇත්තද කියලා අහගෙන, හෙමින් හෙමින් කන්ද ඇද්දුවා. අම්මාට විශ්වාසයක් තිබුණෙ නෑ..මම පාස් කියලා..මට විශ්වාසයක් තිබුණෙත් නැහැ. ඒ නිසා මම කට වහගෙන හිටියා.
චුට්ට දුරක් යනකොට තව හතරෙ නංගි කෙනෙක් ගෙ අම්මා කෙනෙක් ආවා... ඔයාගෙ දුව කළා නේද? මේ පාර 135න් පාස් කරලා තියෙන්නෙ.. ඉස්කෝලෙ පළවෙනියා හීනැටිකුඹුර පැත්තෙලු.. අම්මා එතකොට හිත හදා ගත්තා මතකයි .. ඉස්කෝලෙන් වැසිකිලියෙ තිබිලා හම්බවුණ ප්‍රශ්න පත්‍රයෙ අඩුව හොඳට පුරවපු තව ප්‍රශ්න පත්‍රයක් දෙපාර්තමේන්තුවට යන්න ඇති කියලා.. අම්මාගෙ ඇස් වල වේදනව දැකලා මම කටවහන් හිටියා...
ඉස්කෝලෙ ගේට්ටුව ගාවදි, ඉස්සරහට එන එන අම්මලා, මගෙ දිහා බලන්න, මුමුණන්න ගත්තා. වෙනදා හිනා නොවෙන අය මා එක්ක හිනා වෙනවා කියලා දැනුනා... කොහේදෝ ඉඳලා කුසුම් ටීච ඇවිත්, කවදාවත් නැතුව මගෙ ඔලුව අතගෑවා.. පුතේ ඔයා මේ පාර, මගේ නම්බුව බේරුවා... ඔයා තමයි ශිෂ්‍යත්වෙන් අපේ ඉස්කෝළෙ වැඩිම ලකුණු.. වෙනදා කතා නොකරපු ටීචර්ලා මාව තුරුලු කර ගත්තා... වෙනදා මම ආසාවෙන් කතා කරන්න ගිහින්, මාව ගණන් නොගත්ත යෙහෙළියො මට සුබ පතන්න ආවා.. අම්මා සතුටු වෙනවා දැක්කා.... ඉස්කෝලෙ රැස්වීමෙදි මාව හිටවලා, අප්පුඩි ගැහුවා.. මගේ පින්තූරෙ ලොකු කරලා රාමු කරලා.. බිත්තියෙ එල්ලුවා... සිද්ධ වුණ දේ හරිම පුදුමාකාර නිසා මම කට වහගෙන හිටියා...
මට අලුත් ඉස්කෝලයක් ලැබුණා. ඒ ගෝතමිය. මගෙ ලකුණු ගණනට ලැබුණේ ඒ පාසල.. මම ඒකට යන්න අස් වෙන දවසෙ, හුඟක් අය මට සුබ පැතුවා... දන්න තැන් වල තකතීරු කම් සහ කෛරාටික කම් මෙහෙම නම් නොදන්න තැනක් කොහොම වේවිද කියලා හිතා ගන්නවත් බැරි නිසා, කථික තරඟ හැම එකෙන්ම පළවෙනියා වුණත් මම අවසාන වරටත්, ඒ ඉස්කෝලෙදි ඒ වෙලාවෙදි කට වහගෙන හිටියා...
ලස්සනයි. සංවේදී. ශිෂ්‍යත්වය ගැන මගේ මතකයට මමත් ගියා. ඇත්තටම ඒ මතකය සුන්දරයි. අනික මම මේ දවස් වල ඉන්නෙත් හීනටිකුඹුර කිට්ටුව. නෙරංජි මේ කිට්ටුවද?
ReplyDeleteඔව් ඔව්!!!
Deleteශිෂ්‍යත්වය මටත් මතක ගොඩක් ගෙනාවා...
ReplyDeleteඊට කලින් දවසේ උදේ 7 ඉදන් හවස 6 වෙනකම් එහා ගෙදර අයියලා මල්ලිලා එක්ක ක්‍රිකට් ගැහුවා...
විභාගේ ලිව්වා... අනේ ඉවර වෙලා එනකොට ළඟ කඩේ පේපර් එක තියෙනවා... කොහොම ගියාද දෙයියෝ තමා දන්නේ...
පාස් උනා... 158ට වෙන මොකද්ද සෙට් උනත් අම්මා ඊට කලින් ගෝතමියේ නම දාලා තිබුන නිසා 156ට ගෝතමියට යන්න උනා... අනේ මන්දා....
ඔයා ගැන නම් හරිම සන්තෝසයි නංගි... ගොඩක් ළමයි ඔය වගේ දෙයක් දැක්කම හරියට දුක් වනවා... තමන් කඩා වැටෙනවා... පොඩි හිත් වලට වංචාව දරන්න අමාරු නිසා... ඔයා ඔලුව කෙලින් තියගෙන විභාගේ ලියාගත්ත එකත් ලොකු දෙයක්...
ගෝත බාලිකාවෝ දෙන්නෙක් !
Deleteයා යා
Deleteඒක නිසාම වෙන්න ඇති අපි හැමෝම ගෝතමියෙන් නතර වුණේ!
ReplyDeleteඅනේ අනේ :)
ReplyDeleteහ්ම්ම්. මට එක වෙන්නත් තිබ්බ, කොහෙද පෝස්ට් එක ඕපන් කරල මලක් කැඩුවනෙ. :(
ReplyDeleteකොහොම හරි ලස්සන ම්තකයක්.
මම නම් 153ක් ගත්ත. ප්‍රථිපල අරගෙන තාත්ත එනකොට මම හොඳට දොයි. මාව ඇහැරවල පෙබල්ස් පැකට් එකක් දීල මාව ඉඹල කීව මම පාස් කියල. අනේ මන්ද ඉතින්. :)
හොරණ තක්ෂිලා යන්න තේරුනත් පාදුක්කෙ මධ්‍ය විද්‍යාලයේම නැවතුනා. ඒක හොඳයි කියල හිතුනෙ තක්ෂිලා ගිය අපේ හොඳට වැඩ කළ එකෙක් දෙන්නෙක් විනාස උනාම. :) අනික දුර. :( පොඩි කාලෙ දුක් විඳින්නෙ නැතිව නිදහසේ ඉගෙනගන්න ඕනෙ කියලයි අම්මයි තාත්තයි කිව්වෙ. පාදුක්කෙ ඉස්කෝලෙට විනාඩි 15 දුරනෙ. :)
ශිශ්ෂත්වේ පාස් උනු එකට තෑග්ගක් වශයෙන් පුශ් බයිසිකලයක් මට හම්බුනේ මම 7 වසරෙදි හැබැයි. :) ඊට ඉස්සෙල්ල නම් උඩ යන චූටි හෙලිකොට්ටරයක් ගෙනැල්ල දුන්න මතකයි. :)
මට ශිෂ්‍යත්වෙට ඕගන් එක ලැබුණා.... ඕලෙවල් වලට කොම්පියුටරය ලැබුණා... ඒ ලෙවල් වලින් තමා එපාම කරපු එක ලැබුණෙ.. රිසල්ට් එන්නත් කලින් මේ ජෝඩුව ඇරියානෙ මාව ස්ලිට්... මම අඥාත වුණා..
Deleteපාදුක්කේ මධ්‍ය විද්‍යාලය කිව්වේ සිරි පියරතනෙද.....
Deleteඅපේ ගෙවල් එහා වැටේ ඉස්කෝලෙනේ......
ඉවරයි
Deleteඔව් ඔව් සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය. :)
Deleteනේරංජි නඟා බයවුනාද කොහෙද...
Deleteමට මේ බ්‌ලොග් අවකාශාදි පියරතනේ කෙනෙක් හමුවුනාමයි... හි හි ඒකයි ඇහුවේ...
මොකට බය වෙන්නද? හා... හා... කතා කරගන්ට
Deleteමටනම් ඔහොම දේවල් වුනාද කියලා මතක නෑ.කිසිම බයක් නැතුව ඔහේ ගිහින් ලියලා ආවා මතකයි.හ්ම්....:)))
ReplyDeleteඒකනෙ, ඔච්චර දේවල් කාටද මතක. මම හිතන්නෙ නීනු ඕව ඒ කාලෙම ලියාගෙන තියාගන්න ඇති. අද පෝස්ට් එක ලියනකොට පරණ ලිව්ව ඩයරිය පෙරලල ගන්න ඇති. :)
Deleteමේ මෙමරියට විභාග දවස් වල ඒවා හොඳට මතකයි... ඒවා මම නැවත නැවත මතක් කරනවා.... ඒ නිසා අමතක වෙන්නෙ නෑ.. ලියපු තැන් තියෙනවා...! ඒවා පෙරලන්නෙවත් නෑ..
Deleteඒක නෙමෙයි, හරි අමුතු ආරකට ලියල තියෙන්නෙ. මම ඒ ක්‍රමේට කැමතියිලු. :)
ReplyDeleteඅනේ... ඇත්තට!! තැන්කූ.. මම ලියන්නම් එහෙනම් ඒ විදියට...හිතුණාම ලියන්න හැකියි!!
Delete:) සමහර කතා පොතුත් තියෙනව මෙහෙම ලියල තියෙන. ඒක හරි අමුතුයි, අමුත්තක් දැනෙනව. නමුත් කියවන්න ආසයි.
Deleteඑහෙමද? මමත් මේ විදියට ආසයි.. එක එක ලිපි එක එක විදිහට ලියන්න ඕනෙ
Deleteමේක මරු ලියමනක්..
ReplyDeleteකථා කලයුතු වෙලාව - වැඩ කලයුතු වෙලාව - නැගී සිටිය යුතු වෙලාව ගැන පාඩම කලින්ම ලැබිල තියන හැඩයි
උප්පත්තියෙන්ම ලබුණු දක්ෂතාවය මුවහත් කරගන්න..
නැගිටල කෑගහන්න ඕනේ වෙන එකක් නෑ එතකොට...
[අර කාරණය ගැනත් විපරම් කලා - මගෙ සවිමත් සම්බන්ධකම් අඩුයි ඔය ක්ෂේත්‍රයට - ඒකයි පමාව]
ආ.. තිස්ස අයියෙ... ඒකට කමක් නෑ.. හැකි දවසක බලමු නේද?
Deleteමමත් ලිව්වා සිස්සත්තේ. මේ පාරත් ඇප්ලයි කලා. දෙන්න බෑ කිව්වානේ :D
ReplyDeleteහැබෑට!!! මල්ලි සිසත්තෙට 9 සම්පූර්ණ වෙන්න ඕනෙ වගේම 10ට වැඩි වෙන්න බෑ... නෙවැ
Deleteඔවට අවුරුදු 10ක් 15ක් විතර වෙනස් වුනාට ගානක් නෑනේ. :D
Deleteමම නං සිස්සත්තේ ජොලියට ලිවුවේ...
ReplyDeleteජොලියෙංම පාසුත් උනා....
එල ඈ...
ආතල්...
චතුර, හපනා පේපර් කරපු එක තමා එපාම කරපු එකම වැඩේ...
මට පොඩි කාලෙ මතක පත්තරේ, චූටිතරු... ශිෂ්‍යත්වය ලියද්දි අපේ ගෙදර ගෙනාවෙ නුවණ පත්තරේ!!
Deleteමං ලියපු එකත් මේ වගේම නොවුනට හරි රසවත් දේවල් තිබුණා.
ReplyDeleteඕනෙම විභාගයක් හරි රසවත්, අපි පාඩම් නොකළාම තව රසවත්, හැබැයි පාඩම් කළොත් ප්‍රතිඵල ආවම රසවත්!!
Deleteමම අද තමයි මේ බ්ලොග් එකට මුලින්ම ආවේ.... නියම බ්ලොග් එකක්
ReplyDeleteඅහ්!! දිගටම එන්න... මේ වගේම ඒවා ලියන්නෙ නැතත්, තරමකට හොඳට මං ලියනවා... මං ඒ ලෙවල් වලට සිංහල ඒ ගත්තානෙ
Deleteමගේ කමෙන්ට් එක නෑනෙ. අලේ මල්දල්ලෑ. මටමමයි වෙන්නේ. ඔන්න ආයෙත් කිව්වොත්, රසවත්, සංවේදී පෝස්ට් එකක්. මමත් ශිෂ්‍යත්වෙට ගියා ආයෙමත්. මට මතකයි 6 වසරේ මුල් කාලෙ තමයි ප්‍රතිඵල ආවෙ. මොකද අපිට ශිෂ්‍යත්වෙ තිබුනේ දෙසැම්බර් මාසෙ. කොහොමහරි ලංකාවෙන් 30 වෙනියා වෙලා ගමේ ඉස්කෝලෙම නතර වුනේ ඇයි කියන එකනම් අදටත් ගැටළුවක්. නෙරංජි (මං හිතන්නේ නෙරංජි අක්කා) ඉන්නේ හීනටිකුඹුර පැත්තෙද? මමත් ඉන්නේ ඒ කිට්ටුව. වල්පොල. ජය...!
ReplyDeleteමම 1989 නොවැම්බර් මාසෙ 1 .... ඊට පස්සෙ නම් උපන්නෙ... ඔබ මල්ලිය.... මට හිතෙන්නෙ මල්ලියෙක් විය යුතුය.... දෙසැම්බර් මාසෙ ශිෂ්තේවයක් ආවා කියලා මට මතක නැහැ...
ReplyDeleteඅයියෝ ෂල්ලි. මං 1985 දෙසැම්බර් 28. ඒ කියන්නේ මං අයියා. 1995 ශිෂ්‍යත්වෙ තිබුනෙ දෙසැම්බර් මාසෙ.
Deleteමම ඉෂ්කෝලෙ එක වසරෙ එතකොට..... ඔයා අපේ තාරක අයියාගෙ වයෂෙ
Deleteශිෂ්‍යත්වේ ඒ මොකක්ද ? මට මොනවත් මතක නෑනේ. :D. අපිට දෙකක්ම තිබුනනේ. දෙවෙනි එක එක ලකුණකින් මිස් වෙලා. බය වෙන්න දෙයක් නෑ ඒ වෙනුවට මම හොඳට ක්‍රිකට් ගහන්න ඉගෙන ගත්තා.
ReplyDeleteදැන් අම්මලා ශිෂ්‍යත්වෙ වගේම ක්‍රිකට් වසංගතයක් කරගෙන
Deleteහම්මෝ මට සිසත්තේ මතකත් නෑ වගේ... සිස්සත්තේ ලියද්දි හොඳටම සනීප නෑ කියල නම් මතකයි (හොර ලෙඩ නෙමෙයි ඈ )
ReplyDeleteපාඩම් කරලාද? අසනීප වුණේ
Deleteශිෂ්‍යත්වෙන් අවතාර් ගමේ ඉස්කෝලේ පාස් වුනේ තව දෙන්නෙක් එක්ක
ReplyDeleteඅපේ පාර 18ක් පාස් වුණා...
Deleteමං නම් ශිෂ්‍යත්වෙන් ෆේල් ... ඔය හැටි මතකයක් නෑ මට, මොකද ඒ දවසත් මට වෙනද වගේ සාමාන්‍ය දවසක් වුණා. හැබැයි ලකුණු ආවට පස්සේ බැනුම් කෝටියක් ඇහුවා කියල නම් හොදට මතකයි. හික්ස්
ReplyDeleteශිෂ්‍යත්වෙ ෆේල් නම් ඒක අමතක කරන එක හොඳයි... ඕනෙම විභාගයක් ෆේල් වුණාම!!! අපි ඒකෙ සිද්ධිත් එක් විභාගෙම අමතක කරලා දන්න බලනවා... ඒවා හොඳ පුරුදු!!
Deleteහැක..හැක..මං සිස්සත්වේ ෆේල්.අදටත් මං ඒක සත පහකට ගණන් ගන්නේ නෑ.කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ලියුවේ.මොනව වුණාද කියල මතකත් නෑ.ගෙදර අයත් වැඩිපුර ගණන් ගත්තෙ නැති නිසා මටත් ඒක එච්චර ගාණක් වුණේ නෑ.මොනවා වුණත් ඔයා විභාගෙ ලියාපු හැටි නම් මරු හලේ.
ReplyDeleteබට් විභාගෙ පාස් වුණාම මාර ආතල්.. ගණන් ගන්නෙ නැති යාලුවොත් පස්සෙන් එනවා!
Deleteමට නම් කෙල වෙලාම ගිය විභාගයක් තමා ඕක !!! සික් ! මතක් කරනකොටත් එපා වෙනවා
ReplyDeleteදැන් මොකෝ කරන්නෙ... ඕක ෆේල් වෙන්න ඕනෙ විභාගයක්
Deleteමම ශිෂ්‍යත්වෙ කරපු සැරේ ප්‍රෙහෙලිකාවක් තිබුනා... එකක තිබුනා අකුරු 4ක වචනයක් පුරන්න. ඉගෙනීමට අවශ්‍යම දෙයකි. මුල් අකුර 'බු'. හතරවෙනි අකුර 'ය'. කල්පනා කරා.. කල්පනා කරා... මගෙ පුංචි මොලේට උත්තරේ එන්නෙම නෑ. අන්තිමේ ඕන එකක් වෙයන් කියල "බූදලය" කියල ලිව්වා. ප්‍රතිපල ආවා. මට 152යි. නාලන්දෙට යන්න එක ලකුණක් මදි. මට ඒකාලෙ නෑයො විහිලු කලේ.. "බුද්ධිය නැති නිසා නාලන්දෙට නොගිහින් මහානාමෙන් නතර උනා" කියල.
ReplyDeleteහැබැයි "බුද්ධිය" නැති උනාට මහානාමෙට යන්න මට "වාසනාව" තිබුනා.
නාලාන්දෙට නොගිය එක ගැන සතුටු වෙන්න... මහනාමෙ නාලන්දෙට වඩා හොඳයි... ඔයාට නොසෑහෙන්න බුද්ධිය තියෙනවා.. අද ඉගෙන ගන්න බූදලය තිබ්බා නම් ඇති. හුඟක් අය පාස් වෙන්නෙ බූදලය නිසා තමා
Deleteගෝතමී නිසා වෙන්න ඇති නාලන්දෙට අකමැති! :P
Deleteබාලිකා පාසැල් වල කෙල්ලෝ ගොඩක් විහිළු තහලූ වලට ලක් වෙන්නෙ ආසන්නම බාලක පාසලෙන් නොවැ!
නාලන්දෙ කොල්ලොන්ගෙන් සෑහෙන වතුර පාරවල් කාල ඇති!
අපෝ නෑ....උන් ටිකක් අවුල්. ඉන්විටේෂන් දුන්නාම 10ට එන්න කියලා.. හතහමාරෙ ඉඳන් ඉස්කෝලෙ... පුටු ඇඳ කරලා ස්ටයිල් එකට තිබ්බාම කෙලින් කරලා ඉඳගන්නවා... වැදගත් සංවාදයක් යද්දි නැගිටලා ගොං ජෝක් දානවා... ආනන්දෙ උන්ටත් වඩා අවුල්... අනික හරියට ලොකු කම තියෙනවා... පුළුවං දේකුත් නෑ...
Deleteආ.. කියන්න අමතක උනා. ඔයාගෙ බ්ලොග් එකට මුලින්ම ආවෙ අද.. ඉස්සරහටත් එන්නම්!
ReplyDeleteඉස්සරහටත් එන්නකො එහෙනම්
Deleteඅපිට කටවහගෙන ඉන්න බෑ ...
ReplyDeleteලියල තියෙන විදිහට දුකයි සතුටයි දෙකම දැනුන...
ඒ බව කියන්නම එපායැ..
ඒකත් හැබෑව... ඒ නිසා කට වහගෙන ඉන්නවා...
Deleteමටත් මම ශිෂ්‍යත්වේ ලියපු හැටි මතක් වුණා.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ. ආයෙමත් එන්නම්කෝ.
එන්න... ඇවිල්ලා යන්න එන්න...
ReplyDeleteස්කොලේ ශිෂ්‍යත්ව පන්තියේ අපට ඉංග්‍රීසි උගන්වපු ටීචර් මගෙත් එක්ක ඔරුප්පුවෙන් හිටියේ, ඇයි දන්නේ නෑ, මට තේරුමක් නෑ, සමහර විට මම එයාගේ ඉංග්‍රීසි පන්තියන ආවේ නැති හින්ද වෙන්න ඇති. ඉතින් ප්‍රතිපල එන දවසේ ඒ ටීචර් ඇවිත් අපේ පන්තියට ටීචගේ පන්තියට එන ළමයි පෙන්නලා මෙයා පාස් වෙනවා, මෙයා පාස් වෙනවා කියල එක එක අයව පෙන්නුවා. මගේ යාළුවො මන් ගැන දන්නා හින්දා "ටීචර් මෙයා ??" කියලා මාව පෙන්නුවා. "ම්හු, එයා නම් පාස් වෙයි කියල හිතන්න බෑ" කිව්වා, එවලේ මගේ පුංචි හිතට දැනුනේ පුදුමාකාර වේදනාවක්, අන්තිමට අපේ පන්තියෙන් මම විතරයි පාස්, එදා අපේ අම්ම පන්තියට ඇවිත් සන්තෝසෙන් අඬ අඬා මාව ඉම්බ හැටි තාමත් අද ඊයේ වගේ මතක් වෙනවා.
ReplyDeleteඅපෙත් ඔහොම ටීචර්ලා හිටියා...
ReplyDeleteනොගැලපෙන වචනය තෝරන්න තිබ්බ එක ප්‍රශ්නයක දීල තිබ්බ වචන මෙන්න මේ වගේ... සාරිය, ඔසරිය, ????, දෝතිය.. මතක නැති වචනේ හැබයි මම අහල තිබ්බ එකක් වගේ මතක.... මම හිටපු ටීචර්ගෙන් අහුවා දෝතිය කියන්නේ මොකද්ද කියලා, මොකද කවදාවත් අහලා තිබ්බේ නැහැ එහෙම එකක්.... ටීචර් කිව්ව මේ මේ, අර සාරිය වගේ එකක් තමා කියලා... එයා එහෙම කිව්වෙ ඒකෙන් උත්තරේ හිතාගන්න පුලුවන් නිසාද, නැත්නම් ඒක පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැති නිසාද දන්නේ නැහැ.... හැබයි මම නම් ගොඩ ගියා...
ReplyDeleteඒක නෙමෙයි අනිත් අයගේ වැරදි හොයන මහ කැත පුරුද්දක් මට තියනවා... ඔයගේ බ්ලොග් එකේ ටයිටල් එකේ තියන කවියේ, .. ඇවිත් යන්න ඉර ඇහැරෙන - නිල් කඳු මුදුනට කියලා වෙනස් වෙන්න ඕනෙ නේද? මම කියන්නේ ඇහැරෙන කියන වචනේ අයිති අන්තිම පේලියට නෙමෙයි, තුන්වෙනි පේලියට නේද කියන එකයි...
ඒ කාලේ මතක අවදි කලාට ස්තුතියි
ඒක මම මට ඕනෙ තැන දාලා තියෙන්නෙ.... :p හේතුවක් ඇතිව
ReplyDeleteeye sissatte liwa wage liyala tinne.
ReplyDeletelassanata liyala.
ඇත්තට!!
Delete135 කඩඉමෙන් යාන්තම් ගොඩ ගිය එකෙක් මම...ඒ කාලේ තිබිච්ච හොදම සීන් එක තමයි උගන්නන ටීචර්ස්ලා අතර ටියුෂන් වලට තිබුන තරගය..මම අපේ පංති භාර ටීචර්ගේ ටියුෂන් එකට ගියෙ නැ කියලා මට තිබ්බ කැපිලි කෙටිලි..හයියෝ සල්ලි...පස්සේ මම පාස් උනාම ටිචර් හොර කුකුළා වගේ ඇයි ඉතින් මුන බලන්න පුලුවනැ කියපු දේවල් වල හැටියට..ලස්සනට ලියලා තියෙනවා නෙරංජි...දිගටම මේ පැත්තේ එන්නම්...
ReplyDeleteස්තූතියි... ස්තූතියි!!
Deleteනෙරන්ජි බොහෙම සංවේදි කතාවක් මේක. ඒ වගේම ඔබ හරිම විශිෂ්ටයි.
ReplyDeleteස්තූතියි!!
Deleteබස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
ReplyDeleteදිරියෙන් ඉදිරියට යමු
ස්තූතියි... දුලා
Deleteකතාව කියවද්දී මැවුනා..ෂෝයි අක්කි :)
ReplyDeleteජය!
ස්තූතියි නගේ
Deleteමම පලවෙනි වතාවට මේ බ්ලොග් එකට ආවේ. ඇත්තටම මේක නියම වැඩක්.
ReplyDeleteමේකනම් නියම කතාවක්.
ලස්සන වැඩක්. ජය..!!
යන ඒන ගමන් මෙෙග් ඔෙබ් ගිමන් ෙපාෙළ් මෙෙග් ගිමන් නිවා ගතිමි
ReplyDeleteඅද මේ පැත්තට ආවේ,
ReplyDeleteශිෂ්‍යත්වේ මාත් පාස් නොවැ 158, ඒ ද්වස් වල.
ශිෂ්‍යත්ව දවසෙ අල්ලපු පාසලකින් අපේ එකට ආපු කොල්ලෙකුට රැග කලා වගෙ මතකයක් තියනවා, රැග් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. මගේ යාලුවොත් එක්ක ඌව අල්ලන් චාටර් කළා නම් එහෙම අහලා.
ඊට පස්සේ දුවගෙන ගෙදර ගියා මතකයි. එදා වැදගත් දවසක්. මගේ ඒ දවස් වල ක්‍රශ් එක අපේ ගෙදර ආවනේ එයලගේ අප්පච්චිත් එක්ක.
අම්මෝ මට තිබ්බ තන්තෝසයක් :-)
මගේ ජීවිතේ ලබාගත් සියල්ල ලබාගත්තෙ ශිෂ්‍යත්වය නිසා. දුප්පත් අප වැනි දරුවන් රටේ පලමු පන්තියේ පුරවැසියන් කලේ ශිෂ්‍යත්වය. කවුරුන්හෝ එය නවතන්න කුහකකමකි.
ReplyDeleteඅහම්බෙන් ඔයාගේ blog එකට ගොඩ වැදුනේ.හරි ලස්සනට මෙක ලියලා තියෙනවා. මගේත් පාසල් කාලය මතක් වුනා.මගේ පාසල් කාලය කියන්න තරම් මිහිරි මතකයන් නැති වුනත් ඒ කාලේට මම ආසයි.නංගි ඔබට ජය.මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.පුලුවන් වුනොත් ආයේත් ඔයාගේ blog එකට එන්නම්.ලස්සන දේවල් බලන්න. වාසනාවන්ත අනාගතයක් හිමිවො නංගියෝ ඔබට!!!
ReplyDeleteඅහම්බෙන් ඔයාගේ blog එකට ගොඩ වැදුනේ.හරි ලස්සනට මෙක ලියලා තියෙනවා. මගේත් පාසල් කාලය මතක් වුනා.මගේ පාසල් කාලය කියන්න තරම් මිහිරි මතකයන් නැති වුනත් ඒ කාලේට මම ආසයි.නංගි ඔබට ජය.මෙය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.පුලුවන් වුනොත් ආයේත් ඔයාගේ blog එකට එන්නම්.ලස්සන දේවල් බලන්න. වාසනාවන්ත අනාගතයක් හිමිවො නංගියෝ ඔබට!!!
ReplyDeleteමම පොඩිකාලේ ඉඳල හීන මැව්වේ සිස්සත්වේ පාස් වෙන්න නමුත් ෆේලකරන්නන උනේ නැහැ. ලංකාවට ගිය කාල වල කියනවා ඇහෙනවා නාදයන්ගේ ළමයි සිස්සත්වේ කරනවා කියල මමත් හිතුව අපිට මෙහෙත් දෙයි කියල අනේ දුන්නේ නැහැනේ මගේ වෙලාවට. :)
ReplyDeleteකෝරලේ වලව්ව
බ්ලොග් ඇතුලේ වෙනස්ම ලිවීමේ රටාවක් දැක්කා ..ඔබ මාවත් අතීතයට රැගෙන ගියා නංගෝ ...අපුරු බ්ලොගක් ..එන්නම් දිගටම
ReplyDeleteඅපේ කාලේ නම් ඕක මහා කජ්ජක් නෙවේ නගෝ. දැන් සිස්සත්වේ කොරන්නේ අම්මලයි අප්පොච්චිලයි නේ. පොඩි උන්ව මරාගෙන් කනවා මේ මල උලව්වක් නිසා.
ReplyDeleteහරි අහම්බෙන් ඔයාගේ බ්ලොග් 1ට ගොඩ වුණේ ..
ReplyDeleteහරි ලස්සනට ලියලා තියෙනවා.
ඔයා ඔය කියන ශිෂ්‍යත්වය ගැන මටත් හරි ලස්සන මතකයන් තියෙනවා..
ඉස්කෝලේ පළවෙනියා වෙන්න බැරි වුණත් අම්මා තාත්තා සතුටු කරන්න පුළුවන් වුණා මටත්..
මට තාම මතකයි එදා අපේ ඉස්කෝලේ තෑගි ප්‍රදාන උත්සවයක්. අපි පෙර පුහුණුවීමට යන්න පෝලිමේ හිටියේ.
එක පාරටම අපේ සුදු නැන්දා කොහෙදෝ ඉඳලා ඇවිත් මාව බදාගත්තා. මුණේ ලොකු හිනාවක්...
මට හිතාගන්න බැරි වුණා ඇයි කියලා. ..
බලනකොට මම පාස්. ලකුණු 160යි. ඉස්කෝලේ පළවෙනියට ලකුණු 161.
පාස් මාර්ක් 135ලු. ඒ ගැන නම් තේරුමක් තිබුනෙම නෑ ඒ දවස් වල.
කොහොමෙන් කොහොම හරි ඉස්කෝලේ හොඳම ළමයා කියලා තෑගි අරන් එදා මම ගෙදර යනකොටකවදාවත් දැකල නැති නෑදෑයොත් මාව බලන්න තෑගිත් අරන් ඇවිත්. අම්මෝ තිබුන සන්තෝසයක්.
තාත්තා මාව වඩා ගෙන එහෙට යනවා මෙහෙට යනවා.
ටික දවසක් යනකොට අලුත් ඉස්කෝලෙකුත් හම්බුනා. දේවි බාලිකාව , සිරිමාවෝ බාලිකාව පැත්තෙත් ආවා මං.
ගෝතමී බාලිකාවෙන් , ආනන්ද බාලිකාවෙන් වගේම මට සිරිමාවෝ බාලිකාවෙනුත් ලියුම් ආවා මට එන්න කියලා ඊළඟ මාසේ පළවෙනිදා ඉඳල ඉස්කෝලේ එන්න කියල..
අපේ තාත්තාගේ හුරතලි වෙච්ච මාව දුර ඉස්කෝලෙකට යවන්න තාත්තා කැමති වුනේම නෑ .
ඒ දවස් වල බෝම්බ ප්‍රශ්න. තාත්තා බයයි මාව දුර යවන්න.
" මට ඉන්නේ ඔච්චරයි. ඔය අහිංසකි මට පේන දුරක ඉදන් ඉගෙන ගත්ත දෙන් ... "
ඔන්න ඕකයි අපේ තාත්තගේ උත්තරේ වුනේ..