පොත් ප්‍රදර්ශනයට ගිය නිසාම යම් යම් කරුණු කාරණා කිහිපයකින් ඔබව දැනුවත් කරන්නයි මම අද සූදානම් වෙන්නෙ. තව දවස් හතක් ඉදිරියට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් අද පොත් ප්‍රදර්ශනයේ සාර්ථක දෙවන දවස.
ඔබ පයින් යනවා නම්
ප්‍රධාන ගේට්ටුවෙන් ඉදිරියට ගිහින් දකුණට හැරෙන්න. එතැන තියෙන ටිකට් විකුණන්න. එකක් දහයයි. ඒ ටිකට් පත් බලලයි ඇතුළු කරන්නෙ. ඒත් පාසල් සහ විශ්ව විද්‍යාල හැඳුනුම් පතට ඒක අවශ්‍ය නැහැ.
ඔබ වාහනයක යනවා නම්
ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යද්දිම ඔබට අංකයක් දෙනවා. පොලීසිය විසින්. ඔබ නියමිත තැනට ගිහින් වාහනය ගාල් කළ යුතුයි. ඒවා නියමිත පිළිවෙලටම කිරීමට ඔබට සහය වෙන්න, පොලිසියෙන් ඉන්නවා. වාහනෙන් බැහැලා පයින් යන අය විදිහට ම අනුගමනය කරන්න ඕනෙ.
කෑම බීම
හැමතැනම ආහාර පාන තියෙනවා.
ගමේ කඩේ
මඥ්ඥොක්කා රු 50 කි.
වඩේ එකක මිල රු 30 කි.
(අනෙක් ඒවාගෙ ගණන් මිමි...ඔය හා සමානව තමා යන්නෙ.. ලොකු වෙනසක් නැහැ. ආප්ප, බඩඉරිඟු, බතල වගේ දේවල් තිබුණා)
මැගී
මැගී නූඩ්ල්ස් එකක් රු 75 යි. ( ඉස්සර ඔයිට වඩා ලොකු කෝප්පයක් 50 ට දුන්නා.)
බීම වර්ග
පොටෙලෝ, කොකාකෝලා, ෆැන්ටා සහ ස්ප්‍රයිට් මැෂිමෙන් කඩදාසි ප්ලාස්ට්ක් කෝප්පෙට දෙන බීම එක රු 40 යි. අනෙක් බීම වර්ග සාමන්‍ය මිල කිට්ටුවෙන්ම තමා තියෙන්නෙ....
අයිස් ක්‍රීම් නම් තැන තැන තිබ්බා... අපි කෑවෙ නැති නිසා අද දන්නෙ නෑ.. සාමාන්‍ය ගණන් ඇති කියලා හිතෙනවා.
තැන තැන ඉඳගෙන තමයි ඉතින් කෑම කන්න වෙන්නෙ.. බීම බොන්න වෙන්නෙ.. ඒත් කැමති කෙනෙකුට හුඟක් සල්ලි තියෙනවා නම් වෙනම ෆුඩ් කෝට් එකක් තියෙනවා...හැබැයි ඉතින් ඔය වගේ තැනකින් කන සල්ලි වලින්, අපි වගේ අය නම් තව පොතක් ගන්නවා..
දැන් මම කියන්නම් පොත් වෙළඳ සැල් ගැන
ශාලා A,B, B1, C,D,E,E1,F,G,H,J,K
කියලා වර්ග වෙනවා. අහන්න එපා දැන්, I නැත්තෙ ඇයි කියලා. එහෙම තැනක් කොළයෙ නැහැ. මම දැක්කෙත් නැහැ.
මම දැන් විශේෂම තැන් ටික කියන්නම්
විදර්ශන සහ සූරිය තිබෙන්නෙ B ශාලාවෙ.
සරසවි A ශාලාවෙ
ගුණසෙන C ශාලාවෙ
දැන් තියෙන්නෙ වැදගත්ම කරුණු මතක් කරන්න.
- වතුර බෝතලයක් අරන් යන්න. පුරවගන්න පහසු කම් තියෙනවා.
- දරුවො ඉන්නවා නම්, එක්ක ගෙන යනවා නම් ළඟින්ම තියා ගන්න..
- මුදල් පසුම්බිය ගෙනයන්න. ප්‍රවේසම් කරගන්න. සැම විටම පොත් ගන්න තීරණය කරගත් මුදල වෙනම තබා ගෙන ඉතිරිය කොතැන හෝ සුරක්ෂිතව තබා ගන්න.
- දුරකථනය පරිස්සම් කරගන්න.එය සාක්කුවක හෝ බෙල්ලේ රඳවා සාක්කුවක දමා ගන්න.
- හයිය බෑගයක් ගෙන යන්න. තනිකර බෑගයකට වඩා උරහිස් ස්කූල් බෑග් සුදුසුයි.
- සියලුම පොත් බස් වල එන අය , එක බෑගයකට දමා ගන්නවා නම් හොඳයි. 154 සහ 104 බස් හරිම තද බදයි.
- නොමිලේ යන බස් රථ තිබෙන නමුත්, ඒවා ගැන මගේ පැහැදීමක් නැත.
- කඩයේ සිටම ඔබේ බිල්පත් පරීක්ෂා කර බලන්න.
- මිතුරන් මඟ හැරීම සිදු නොවන්නට, ප්‍රදර්ශනය තුළම පැමිණිය යුතු ස්ථානයක් තීරණය කරගන්න.
- පොත් වල මිල ගණන් සහ වට්ටම් පරීක්ෂා කර බලන්න. එක කඩයක සහ තවත් කඩයක සමහර පොත් වල මිල අතර විශාල වෙනස්කම් ඇත.
- පාඨක සමාජ වල බැඳී ඇත්නම් ඒවා ගේ අංක රැගෙන යන්න.
- පොත් ගත් පසු, බෑගය ප්‍රෙව්සම් කරගන්න.
- බස් රථයේදී බෑග දුන් අය සිහි තබා ගන්න.
මේ කරණා ටික තමයි.මතක ඇතිව ම කියන්න ඕනෙ කළේ. බස් තද බදය නිසා නම් කාන්තාවන්ට ටිකක් කරදරයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අමනයොත්, ඉන්නවා. අද මටම වුණ නිසා කියන්නෙ. කාගෙන්වත් සහය පතන්න බෑ... ඒ වගේ බස් තද බදයක. හැකි තරම් ආරක්ෂා වෙන්න. තමන් විසින්ම.
සමහර වෙළඳ සැල් වල විශාල වට්ටම් දෙනවා. සුදර්ශියෙත්, ප්‍රදර්ශනයේ කොටසක් තියෙනවා. සිරිමාවෝ පරිශ්‍රයෙ තමා හුඟක් හොඳ හරිය තියෙන්නෙ. ආරාධනා කරනවා ගිහින්ම බලන්න කියලා. ඕනෙ තරම් සල්ලි ගෙනිච්චොත්, ඔක්කොම ඉවර කර ගන්න තරම් හොඳ පොත් තියෙනවා...
මම නම් අද ගියෙ බලලා එන්න. ඉරිදාට තමයි ගන්න යන්නෙ. ඉරිදාට බ්ලොග් යාලුවො ගොඩක් සෙට් වෙනවා. ඔබත් එන්න...
මම නම් සිකුරාදා යන්ඩ ඉන්නේ... විස්තර ටිකට ටැංකූ !
ReplyDeleteey 23 enne nedda?
Deleteඑන්න වෙන්නේ නෑ අප්පා... ගිය සතියට තිබ්බ ගමනක් මේ සතියට දා ගන්ඩ උනා. ඒ නිසා සිකුරාදා එන්නේ !
Deleteහලී.........යන්න යන්න... සිකුරාදා හෙට නෙ බංස්
ReplyDeleteගොඩක් වටින විස්තරයක් නිනූ
ReplyDeleteවිස්තර ටික වටිනවා.. ස්තුතියි....
ReplyDeleteස්තුතියි අක්කෝ..මමත් යන්නයි හිතන් ඉන්නේ..:)
ReplyDeleteඉරිදා එන්නකො හිරූ
Deleteඅෆිව දැක්කොත් කතා කරලා යන්ඩ ඈ.. මම යන්නෙ නම් සිකු සහ සෙන :)
ReplyDeleteමිස් දිල්සරා ඔයා සිකුරාදා කීයටද යන්නේ ???
Deleteමිස් දිල්සාරා ඉරිදා එන්නකෝ
Deleteඅපේ අප්පෝ..
ReplyDeleteඉරිදට මාත් යන්න හිතං ඉන්නේ .. බලමුකෝ... අපේ මහත්තයට පුළුවන් උනොත් තමයි ඉතිං...
ReplyDeleteමේ කටිටිය බ්ලොග් පෝස්ට් දදා මාව අවුස්සනවා.. හි හි.. දැං නං කොෙහාමහරි යන්න වෙනවා...
apith irida eno..... Ape set eka meepeta set wela enne.
Deleteමේ අපිත් එනෝ......
Deleteමං ඉතිං මහරගමනේ නිසූ අක්කේ.. . නැත්තම් ඔයාලත් එක්කම එන්න තිබ්බා...
Deleteඔයා ඇවිත්, අපට ඉන්න තැන කියන්න....
Deletethawa deyak prakashakayage poth eyala gawama thama laba.giya para dekka deyak man me kiwwe.
ReplyDeleteමටත් ඒක තේරුණා....
Deleteයකෝ කෙල්ලේ මම මේ දවස් ටිකේම එතැනට ගියෝ.දවස් දෙකේම පැය 2ක් විතර හිටියෝ. අනේ මට උඹව මිස් උනානේ.
ReplyDeleteමෙයාට ඉතිං ගෝතමී කෙල්ලෙක් කිව්වොත් ඉවරයි... හි හි....
Deleteඇයි එයාට මක් වෙනවාද?
Deleteනලීන් අයියා නාලන්දේනේ... ඔයාට නම් අන්කල් හරි සීයා හරි කියතෑකි.... හි හි ... ගෝතමී ගර්ස්ලට හරි ආදරෙයි...
Deleteවිහිළුවට හොදේ.... හි හි
ඇත්තට කෝ මේ නලින් අයියා......
බස් ගැන කතා කර වැඩක් නැත... සමහර කට්ටිය බලාගෙන ඉන්නේ තදබදයක් එනකල් වාසියක් ගන්න... විස්තර ටික හොඳයි... ආයෙම එන්නම්කෝ මේ පැත්තේ...
ReplyDeleteඔන්න එන්න ඕනෙ.... තේකක් බීලම යන්න...
Deleteමම නම් සෙනසුරාදා ය. විස්තර නම් වටිනවා ය. තැන්කූ ය!
ReplyDeleteඉරිදා එන්න අප්පා!!
Deletemamath pot kawek ... Eth hamawelema busy .... next Monday Niwadu...
ReplyDeletewife ekka yanawa...
sura - Negombo
අනිවා යන්න..
Deleteමාත් යන්නෝන!
ReplyDelete:)
කියලා බෑ........යන්න ඕනෙ
Deleteඅනේ මට මේ සැරෙත් එන්න වෙන්නේ නෑනේ.. මම පොත් කන්දක් උස්සන් එන්න ආසයි. ඒකත් කොහෙද..?
ReplyDeleteඅක්කගේ පොස්ටුව නම් හොඳයි.. මොකද ගොඩක් අයට ලොකු උදව්වක් වේවි.. මොකද එතන තියන තත්වේ දැන ගෙන යන එක හොඳයි නේ.
මමත් ලබන අවුරුද්දේ එන්න සිත ගෙන සිටිමි
කන එක අඩු කරලා පොත් ගොඩාරියක් උස්සන් එන්න ලැබේවා..!!
අපි ඉතිං පොත් එක්ක ඉද්දි කොහොමත් කනවා අඩුයි..
Deleteඑල. අපේ නගා අද ගිය නිසා ඉරිදාට මා එක්ක එන්නේ නෑ. අපේ ඔෆිස් එකේ එකෙක්ගෙන් ආරාධනාවක් තියෙනව සෙනසුරාද යන්න. එහෙම උනොත් මම සෙනසුරාද ගිහිල්ල බලා කියාගෙන ඇවිල්ල ඉරිද පොත් ගන්නව. :)
ReplyDeleteඉරිදා පොත් ගමු මාධව අයියෙ.... ඇත්තටම!! බලන්න දවසක් යන එක හොඳයි... අනිවා ඔයා ඉරිදා නාවොත් නෙ
Deleteමම යන්න ඉන්නේ සෙනසුරාදා... විස්තර ටික නම් මසුරං
ReplyDeleteහරී..........හරී............
ReplyDeleteමේ සැරේ යන්න වෙන්නෑ අනේ.ඔයාලා මටත් එක්කම කියවන්න ඉතින්.කමක් නෑ.
ReplyDelete