මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/19/12

2012 පොත් ප්‍රදර්ශනයේ මගේ පළමු දවස



පොත් ප්‍රදර්ශනයට ගිය නිසාම යම් යම් කරුණු කාරණා කිහිපයකින් ඔබව දැනුවත් කරන්නයි මම අද සූදානම් වෙන්නෙ. තව දවස් හතක් ඉදිරියට පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් අද පොත් ප්‍රදර්ශනයේ සාර්ථක දෙවන දවස.

ඔබ පයින් යනවා නම් 
ප්‍රධාන ගේට්ටුවෙන් ඉදිරියට ගිහින් දකුණට හැරෙන්න. එතැන තියෙන ටිකට් විකුණන්න. එකක් දහයයි. ඒ ටිකට් පත් බලලයි ඇතුළු කරන්නෙ. ඒත් පාසල් සහ විශ්ව විද්‍යාල හැඳුනුම් පතට ඒක අවශ්‍ය නැහැ.

ඔබ වාහනයක යනවා නම්
ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යද්දිම ඔබට අංකයක් දෙනවා. පොලීසිය විසින්. ඔබ නියමිත තැනට ගිහින් වාහනය ගාල් කළ යුතුයි. ඒවා නියමිත පිළිවෙලටම කිරීමට ඔබට සහය වෙන්න, පොලිසියෙන් ඉන්නවා. වාහනෙන් බැහැලා පයින් යන අය විදිහට ම අනුගමනය කරන්න ඕනෙ.

කෑම බීම
හැමතැනම ආහාර පාන තියෙනවා.
ගමේ කඩේ 
මඥ්ඥොක්කා රු 50 කි.
වඩේ එකක මිල රු 30 කි.
(අනෙක් ඒවාගෙ ගණන් මිමි...ඔය හා සමානව තමා යන්නෙ.. ලොකු වෙනසක් නැහැ. ආප්ප, බඩඉරිඟු, බතල වගේ දේවල් තිබුණා)

මැගී
මැගී නූඩ්ල්ස් එකක් රු 75 යි. ( ඉස්සර ඔයිට වඩා ලොකු කෝප්පයක් 50 ට දුන්නා.)

බීම වර්ග
පොටෙලෝ, කොකාකෝලා, ෆැන්ටා සහ ස්ප්‍රයිට් මැෂිමෙන් කඩදාසි ප්ලාස්ට්ක් කෝප්පෙට දෙන බීම එක රු 40 යි. අනෙක් බීම වර්ග සාමන්‍ය මිල කිට්ටුවෙන්ම තමා තියෙන්නෙ....

අයිස් ක්‍රීම්  නම් තැන තැන තිබ්බා... අපි කෑවෙ නැති නිසා අද දන්නෙ නෑ.. සාමාන්‍ය ගණන් ඇති කියලා හිතෙනවා.

තැන තැන ඉඳගෙන තමයි ඉතින් කෑම කන්න වෙන්නෙ.. බීම බොන්න වෙන්නෙ.. ඒත් කැමති කෙනෙකුට හුඟක් සල්ලි තියෙනවා නම් වෙනම ෆුඩ් කෝට් එකක් තියෙනවා...හැබැයි ඉතින් ඔය වගේ තැනකින් කන සල්ලි වලින්, අපි වගේ අය නම් තව පොතක් ගන්නවා..

දැන් මම කියන්නම් පොත් වෙළඳ සැල් ගැන

ශාලා A,B, B1, C,D,E,E1,F,G,H,J,K
කියලා වර්ග වෙනවා. අහන්න එපා දැන්, I  නැත්තෙ ඇයි කියලා. එහෙම තැනක් කොළයෙ නැහැ. මම දැක්කෙත් නැහැ.

මම දැන් විශේෂම තැන් ටික කියන්නම්

විදර්ශන සහ සූරිය‍ තිබෙන්නෙ B ශාලාවෙ.
සරසවි A ශාලාවෙ
ගුණසෙන C ශාලාවෙ

දැන් තියෙන්නෙ වැදගත්ම කරුණු මතක් කරන්න.


  • වතුර බෝතලයක් අරන් යන්න. පුරවගන්න පහසු කම් තියෙනවා.
  • දරුවො ඉන්නවා නම්, එක්ක ගෙන යනවා නම් ළඟින්ම තියා ගන්න..
  • මුදල් පසුම්බිය ගෙනයන්න. ප්‍රවේසම් කරගන්න. සැම විටම පොත් ගන්න තීරණය කරගත් මුදල වෙනම තබා ගෙන ඉතිරිය කොතැන හෝ සුරක්ෂිතව තබා ගන්න.
  • දුරකථනය පරිස්සම් කරගන්න.එය සාක්කුවක හෝ බෙල්ලේ රඳවා සාක්කුවක දමා ගන්න.
  • හයිය බෑගයක් ගෙන යන්න. තනිකර බෑගයකට වඩා උරහිස් ස්කූල් බෑග් සුදුසුයි.
  • සියලුම පොත් බස් වල එන අය , එක බෑගයකට දමා ගන්නවා නම් හොඳයි. 154 සහ 104 බස් හරිම තද බදයි.
  • නොමිලේ යන බස් රථ තිබෙන නමුත්, ඒවා ගැන මගේ පැහැදීමක් නැත. 
  • කඩයේ සිටම ඔබේ බිල්පත් පරීක්ෂා කර බලන්න.
  • මිතුරන් මඟ හැරීම සිදු නොවන්නට, ප්‍රදර්ශනය තුළම පැමිණිය යුතු ස්ථානයක් තීරණය කරගන්න.
  • පොත් වල මිල ගණන් සහ වට්ටම් පරීක්ෂා කර බලන්න. එක කඩයක සහ තවත් කඩයක සමහර පොත් වල මිල අතර විශාල වෙනස්කම් ඇත.
  • පාඨක සමාජ වල බැඳී ඇත්නම් ඒවා ගේ අංක රැගෙන යන්න.
  • පොත් ගත් පසු, බෑගය ප්‍රෙව්සම් කරගන්න.
  • බස් රථයේදී බෑග දුන් අය සිහි තබා ගන්න.
මේ කරණා ටික තමයි.මතක ඇතිව ම කියන්න ඕනෙ කළේ. බස් තද බදය නිසා නම් කාන්තාවන්ට ටිකක් කරදරයි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අමනයොත්, ඉන්නවා. අද මටම වුණ නිසා කියන්නෙ. කාගෙන්වත් සහය පතන්න බෑ... ඒ වගේ බස් තද බදයක. හැකි තරම් ආරක්ෂා වෙන්න. තමන් විසින්ම. 

සමහර වෙළඳ සැල් වල විශාල වට්ටම් දෙනවා. සුදර්ශියෙත්, ප්‍රදර්ශනයේ කොටසක් තියෙනවා. සිරිමාවෝ පරිශ්‍රයෙ තමා හුඟක් හොඳ හරිය තියෙන්නෙ. ආරාධනා කරනවා ගිහින්ම බලන්න කියලා. ඕනෙ තරම් සල්ලි ගෙනිච්චොත්, ඔක්කොම ඉවර කර ගන්න තරම් හොඳ පොත් තියෙනවා...

මම නම් අද ගියෙ බලලා එන්න. ඉරිදාට තමයි ගන්න යන්නෙ. ඉරිදාට බ්ලොග් යාලුවො ගොඩක් සෙට් වෙනවා. ඔබත් එන්න...




38 comments:

  1. මම නම් සිකුරාදා යන්ඩ ඉන්නේ... විස්තර ටිකට ටැංකූ !

    ReplyDelete
    Replies
    1. එන්න වෙන්නේ නෑ අප්පා... ගිය සතියට තිබ්බ ගමනක් මේ සතියට දා ගන්ඩ උනා. ඒ නිසා සිකුරාදා එන්නේ !

      Delete
  2. හලී.........යන්න යන්න... සිකුරාදා හෙට නෙ බංස්

    ReplyDelete
  3. ගොඩක් වටින විස්තරයක් නිනූ

    ReplyDelete
  4. විස්තර ටික වටිනවා.. ස්තුතියි....

    ReplyDelete
  5. ස්තුතියි අක්කෝ..මමත් යන්නයි හිතන් ඉන්නේ..:)

    ReplyDelete
  6. අෆිව දැක්කොත් කතා කරලා යන්ඩ ඈ.. මම යන්නෙ නම් සිකු සහ සෙන :)

    ReplyDelete
    Replies
    1. මිස් දිල්සරා ඔයා සිකුරාදා කීයටද යන්නේ ???

      Delete
    2. මිස් දිල්සාරා ඉරිදා එන්නකෝ

      Delete
  7. ඉරිදට මාත් යන්න හිතං ඉන්නේ .. බලමුකෝ... අපේ මහත්තයට පුළුවන් උනොත් තමයි ඉතිං...

    මේ කටිටිය බ්ලොග් පෝස්ට් දදා මාව අවුස්සනවා.. හි හි.. දැං නං කො‌ෙහාමහරි යන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. apith irida eno..... Ape set eka meepeta set wela enne.

      Delete
    2. මේ අපිත් එනෝ......

      Delete
    3. මං ඉතිං මහරගමනේ නිසූ අක්කේ.. . නැත්තම් ඔයාලත් එක්කම එන්න තිබ්බා...

      Delete
    4. ඔයා ඇවිත්, අපට ඉන්න තැන කියන්න....

      Delete
  8. thawa deyak prakashakayage poth eyala gawama thama laba.giya para dekka deyak man me kiwwe.

    ReplyDelete
  9. යකෝ කෙල්ලේ මම මේ දවස් ටිකේම එතැනට ගියෝ.දවස් දෙකේම පැය 2ක් විතර හිටියෝ. අනේ මට උඹව මිස් උනානේ.

    ReplyDelete
    Replies
    1. මෙයාට ඉතිං ගෝතමී කෙල්ලෙක් කිව්වොත් ඉවරයි... හි හි....

      Delete
    2. ඇයි එයාට මක් වෙනවාද?

      Delete
    3. නලීන් අයියා නාලන්දේනේ... ඔයාට නම් අන්කල් හරි සීයා හරි කියතෑකි.... හි හි ... ගෝතමී ගර්ස්ලට හරි ආදරෙයි...

      විහිළුවට හොදේ.... හි හි
      ඇත්තට කෝ මේ නලින් අයියා......

      Delete
  10. බස් ගැන කතා කර වැඩක් නැත... සමහර කට්ටිය බලාගෙන ඉන්නේ තදබදයක් එනකල් වාසියක් ගන්න... විස්තර ටික හොඳයි... ආයෙම එන්නම්කෝ මේ පැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න එන්න ඕනෙ.... තේකක් බීලම යන්න...

      Delete
  11. මම නම් සෙනසුරාදා ය. විස්තර නම් වටිනවා ය. තැන්කූ ය!

    ReplyDelete
  12. mamath pot kawek ... Eth hamawelema busy .... next Monday Niwadu...
    wife ekka yanawa...

    sura - Negombo

    ReplyDelete
  13. මාත් යන්නෝන!
    :)

    ReplyDelete
  14. අනේ මට මේ සැරෙත් එන්න වෙන්නේ නෑනේ.. මම පොත් කන්දක් උස්සන් එන්න ආසයි. ඒකත් කොහෙද..?
    අක්කගේ පොස්ටුව නම් හොඳයි.. මොකද ගොඩක් අයට ලොකු උදව්වක් වේවි.. මොකද එතන තියන තත්වේ දැන ගෙන යන එක හොඳයි නේ.
    මමත් ලබන අවුරුද්දේ එන්න සිත ගෙන සිටිමි
    කන එක අඩු කරලා පොත් ගොඩාරියක් උස්සන් එන්න ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං පොත් එක්ක ඉද්දි කොහොමත් කනවා අඩුයි..

      Delete
  15. එල. අපේ නගා අද ගිය නිසා ඉරිදාට මා එක්ක එන්නේ නෑ. අපේ ඔෆිස් එකේ එකෙක්ගෙන් ආරාධනාවක් තියෙනව සෙනසුරාද යන්න. එහෙම උනොත් මම සෙනසුරාද ගිහිල්ල බලා කියාගෙන ඇවිල්ල ඉරිද පොත් ගන්නව. :)

    ReplyDelete
    Replies
    1. ඉරිදා පොත් ගමු මාධව අයියෙ.... ඇත්තටම!! බලන්න දවසක් යන එක හොඳයි... අනිවා ඔයා ඉරිදා නාවොත් නෙ

      Delete
  16. මම යන්න ඉන්නේ සෙනසුරාදා... විස්තර ටික නම් මසුරං

    ReplyDelete
  17. මේ සැරේ යන්න වෙන්නෑ අනේ.ඔයාලා මටත් එක්කම කියවන්න ඉතින්.කමක් නෑ.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.