10/24/12

අපි බඳිමුද? (පළවෙනි කොටස)



කාන්තාවන් බොහෝ දෙනෙක් ඉන්නා පරම්පරාවක් වෙන අපේ අම්මාගේ මෙන්ම අප්පච්චීගේද පරම්පරාවේ, නිතරම සිද්ධ වෙන දෙයක් තමයි විවාහ උත්සව.. දැන් කොල්ලො අහයි.. ඇයි කොල්ලො හිටියොත් මඟුල් නැද්ද කියලා... නෑ නෑ තියෙනවා.. ඒවාට කියන්නෙ ඉසතිය මංගල්ලය හෙවත් හෝම කමි.. නැත්තම් ආවාහ කියලා. ඒවාට නැකත් සිරිත් නැහැ.. ඒ නිසා ලොකු මහන්සියක් දරන්න.. වරදින්න ඉඩ අඩුයි.. ඒත් හෝම් කමිං එකටත් දැන් හුඟක් මහන්සිවෙනවා...

හරි හරි.. දැන් මම ඔයාලාට කියන්නෙ පුංචි ගෙ වෙඩිම ගැන. ඒත් මට කියන්න ඕනෙ ඒක ගැන නෙවෙයි... වෙඩිං ගැන. ඔන්න පුංචි ට යන්තම් 32 දි මඟුලක් ලැබුණා.. 1979 තමා එයා ඉපදුනේ...කපුවො, සෙත් කවි, පූජා වට්ටි,වලට පින් සිද්ධ වෙන්න මඟුල හරි ගියා කියලා තමා ආච්චිලා කිව්වෙ. අපේ අම්මා පුංචිට වඩා අවුරුදු 18ක් වැඩිමල්. ඒත් තාම අම්මා පුංචිට වඩා ලස්සනයි කියලා තමා කට්ටිය නම් කියන්නෙ. මම නම් ඉතං මව් පාර්ශවේ ගති ගෑවිලාවත් නෑනෙ..ඒ නිසා මම ඉතිං ඔය ලස්සන දකින්නෙ සුදු කලු විදිහට නෙවී. පුංචි කලුයි. අම්මා සුදුයි. අම්මා මගේ. පුංචි... ඉතින් එයත් මගේ.. අම්මාට මම හුඟක් ආසයි.. ආදරෙයි.. පුංචිටත් ආදරෙයි. ඒත් අම්මාට ඊට වඩා ආදරෙයි. ඉතිං මටත් අම්මා ලස්සනයි. හැබැයි මට පුංචිත් ලස්සනයි.

කොහොම හරි, ආපු මනමාලයො හැට තුනකින් පුංචි අම්මාට කැමති වුණේ දෙන්නයි. ඒ දෙන්නාගෙන් කෙනෙක් නම් පුංචිට කැමති වුණේ.. කොළඹ නවතින්න තැනක් හොයා ගන්න. අනික් කෙනා පුංචිට කැමති වුණේ, ගුරුවරියක් නිසා.. මොකද ඒ මනුස්සයා වැඩ කළේ වරායෙ. සම්පූර්ණ දවසක් වැඩ. දවසක් නිවාඩු... ඉතින් ගුරුවරියක් ව බැන්දොත් විතරයි. දවස් දෙකකට පාරක් හරි දෙන්නාට මුණ ගැහෙන්න පුලුවන්.කොහොම හරි ඒ මනුස්සයාට වාසනාව උදා වුණා මගේ බාප්පා වෙන්න. ඇයි මෙච්චර මනමාලයො පුංචිට අකමැති වුණේ කියලා, අපි දැන් කල්පනා කරලා බලමු..

පුංචි පශ්චාද් උපාධිධාරියෙක්. එයා හෙව්වෙත් ඒ තරම් අධ්‍යාපනයක් ඇති අය. නමුත් ඒ අය කිව්වෙ, අපිට ඉගෙන ගත්ත අය ඕනෙ නෑ.. හුරතල් කමට, අධ්‍යාපනය නිසා එයාලාගෙන් ගිලිහුණ තරුණ කාලය අරන් දෙන්න පුලුවන් කෙනෙක්, කෙනෙක් හොයන්නෙ කියලා.. ඉතින් අපේ  පුංචි උන් ආපු ගමන් හාර බාර දේශණ දුන්නම උන් බය වෙන්න ඇති. කොහොම හරි, බොහොම කොහොම හරි බාප්පා එයාට කැමති වුණ නිසා, අපි මේ මනමාලි මනමාල කපු කේස් එක වෙන පෝස්ට් එකකට තියා ගමු.

දැන් ඔන්න මංගල්ලය.. එහෙන් මෙහෙන් බැලුවාට පස්සෙ, ඔන්න මෙහාට ඒ අය ආවා තීන්දුවට.. මේවා වෙන්නෙ ඉතිං මහ ගෙදරනෙ.. අපි එහෙ ගියා.. (පාර පැන්නාම එහෙ.. බස් ඒකේ යන්න තරං දුරක් නෑ..) තීන්දුවට එන දවසෙ, එහෙන් ඒ ආපු ගාණට හරියන්න මෙහෙට රස කැවිලි අරන් ආවා.. පුංචිට සාරියක්, ආච්චිලාට සාරි..සීයාට කමිසයක් ගෙනාවා.. අපේ කිරි අම්මා.. ඒ කියන්නෙ මගෙ අම්මාගෙ අම්මා..මේ ආච්චිගෙයි සීයාගෙයි අක්කා.. එතකොට එයා පුංචිගෙ ලොකු නැන්දා..එයාත් උත්සවේ මූලිකයෙක් වුණා. ආපු කට්ටිය හොඳට කෑවා. එහෙ බාප්පාගෙ අම්මා.. ඒ කියන්නෙ ඒ ආච්චි නම් මට තුන් හතරවතාවක්ම කන්න කිව්වා... එයාලාට අනුව මම පොඩි එකෙක් වෙන්න ඇති. මොකද උස මහතින් මම නංගිට වඩා හුඟක් පොඩියි....ඒත් මම ඔයාලාට වඩා ලොකුයි...

කොහොම හරි තීන්දුව දවසේ ඒ අය කිව්වා.. සති දෙකක් ඇතුළත රෙජ්ස්ට්‍රේෂන් එක ගන්න කියලා..දැන් රෙජිස්ට්‍රේෂන් වලටත් ලස්සනට අඳිනවානෙ.. ඇඳලා කරලා රෙජිස්ටර් කරලා .කාලා බීලා... ඔන්න.. මාස තුනයි මඟුලට.. පුංචි දැන් බය වෙලා.. කොහොමද කරන්නෙ.. එයා ටීච නිසා.. රෙජිස්ටරේ වාගේ ලියලා..අපි හැමෝටම වැඩ බෙදුවා.. බෙදපු වැඩ ඔක්කොම අඥ්ඥ බකල් කළේ පොටෝ මාමා..ඔන්න ඊට පස්සෙ අපි හැමෝටම වැඩ කරන්න උනේ පොටෝ මාමා ගෙ ටයිම් ටේබල් එකට.. කොහොම නමුත් මඟුල නම් ඉවර වුණා... හෝ කමිං එකත් ඉවර වුණා.. පුංචි හොරෙන් හංගගෙන කියවපු තේනු සර්ගෙ, චාරිත්‍ර පොතෙන් දේවල් කළේ නැද්ද මන්දා.... මම ඒක කියවලා නෑ...

අන්තිමට ඉතිං වෙඩිං එක අපේද කියලා හිතා ගන්න බැරි මට්ටමක් තමයි මට නම් ඇති වුණේ...අපිට තිබුණෙ බාර දීපු කඩ සාප්පු ඒවා කළාද කියලා බලන එක...ඒවා කෙරුණා.. ඒත් මන්දා... මට කිසිම විදියකින් දැණුනෙ නෑ.. ඒක අපේ කියලා.. අනුන්ගෙ පෝරු, අනුන්ගෙ කෑම.. ඔක්කොම අනුන්ගෙ... ඒත් මේවා අපේ විදිහට ලස්සනට කරන්නම බැරිද? මම කල්පනා කළා.. හුඟක්.. මම දෙසැම්බර් වෙනකන් කියන්න සූදානම් වෙන්නෙ.. අපි අපිට ගැළපෙන සුන්දර විවාහයක් අතේ මුදලට , හිතේ කැමැත්තට, උපරිම ලස්සනට කරන හැටි... මම  මාස කිහිපයක් සොයා ගත්ත තොරතුරු සරළව ඔයාලාට කියනවා.. (විශේෂයෙන්ම ගැහැණුන්ට මේවා වැදගත්..)

23 comments:

  1. නගෝ අද වෙඩිමක් කියන්නේ යන්තං කොල්ලෙක් හරි කෙල්ලක් හරි හොයාගත්තු සේසතම එක පැය ගානකින් වෙනත් වෙලෙන්දන්ට පුදන උත්සවයකට.
    මේකට මේ වෙලෙන්දෝ වෙලෙන්දියෝ සැදී පැහැදී ඉන්නේ.
    ඔය බෝඩ් ගහල තියෙන්නේ මනාලියන් අන්දනු ලැබේ කියල. ඕක වෙන්න ඕන මනාලියන් ගොනාට අන්දනු ලැබේ කියලයි.

    ReplyDelete
  2. ඇත්තටම දැන් මගුල් ගෙවල්වලට ගියාම කලකිරෙනවා කරන විකාර වලට . අනවශ්ය දේවල් වලට මුදල් යට කරනවා හරියට . ඔයා කියල තියෙන දේවල්නම් සම්පූර්ණ ඇත්ත . ඔයාගේ අදහස් ගොඩක් ප්‍රයෝජන වේවි මම හිතන්නේ චාම් විවාහ උත්සවක් ගන්න කැමැත්තෙන් ඉන්න අයට .

    …හොඳ ලිපියක් .

    ReplyDelete
  3. ස්තූතියි ස්තූතියි.........

    ReplyDelete
  4. මං ඒත් බැලුවා... නීනු අක්කා මගුල් කපුකම් කරන ආයතනයක්වත් පටන්ගෙන දෝ කියලා.. ;)

    අපිට වටිනා කියන ලිපිපෙලක් වේවි!
    ජයවේවා!

    ReplyDelete
  5. මම කවදාවත් එහෙම අපරාදකාරයෙක් වෙන්නෙ නෑ..

    ReplyDelete
  6. නේරංජි කියපු දේ මටත් ටිකක් වැදුනා.... හි හි...

    මටත් ඕනෙ උනේ චාම් වෙඩිමක් තමයි... ඒත් එක දෙයක් ගැන හිතන්න උනා.. අපේ අම්මලා මම පොඩි කාලේ ඉඳලා හැමදාම කිව්වේ ඔයාගේ කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉන්නේ වෙඩින් එක ලස්සනට කරන්න ඕනේ නිසා කියලා... මම කැමති එකා බඳින්න දෙනවානං ඕනෙ එකක් කියලා මම හිත හදා ගත්තා.... අනිත් එක කරනවා නං හරියටම කරන්න ඕනේ කියලා අදහසක් තිබුණ නිසා... ( අපෙ අම්මා ඔය මඟුල් කෙරුවාව ගැන එක්ස්පර්ට් නේ...)

    කේක් හැදිල්ල නං කිසි අවුලක් නෑ... ඇන්දවිල්ල ගැන නම් පොඩි අවුලක් තිබුණා අපෙ අම්මටම මාව අන්දන්න ඕනෙ කියපු නිසා.. අන්තිමට බොහොම අමාරුවෙන් තේරුම් කරලා දුන්නා කේක් හැදිල්ලයි අනිත් වැඩයි එක්ක අම්මටම මාව අන්දන එක ලේසි නෑ කියලා.. ඒ පාර ඒක පුංචිට බාර දුන්නා... හි හි... ඔය පෝරැයි සෙටි බැකුයි අරවයි මේවයි ඔක්කොම අපිම කරන් ඕනේ කියලා අම්මා කියනකොටම මම කිව්වා ඒ වැඩේ හරි යන් නෑ .. ඔය ලොකු ලොකු තැන් ඕනේ නෑ ළඟපාත කෙනෙකුට දීලා කරමු කියලා.. හි හි

    කොහොම හරි කළා.. මට නං මෙළෝ වැඩක් නෑ.. ඒත් අම්මලගේ සතුටනේ... මට ඕනේ විදියට ෆොටෝ ටික විතරක් ගත්තා... ඒ මදෑ... හි හි... හැබැයි එකක්.. මම ෆොටෝ ගැෆර්ට වෙඩින් එක පාලනේ කරන්න නම් දුන්නෙ නෑ... හි හි...

    ReplyDelete
  7. ඔයාට ඕනෙ විදියට ගත්ත වෙඩිමෙ පින්තූර ටිකක් අපිට බලන්න ට බැරිවෙයිද අක්කා

    ReplyDelete
  8. මම නම් බඳින දවසට චාම් විදියට තමයි උත්සවේ ගන්නේ.වයිෆ්ගේ පැත්තේ උන්ට ඕන නම් ලොකුවට ගන්න මාත් ඒකට සහභාගී වෙනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි පුතේ රතු බෝතලයක් එහෙම තිබේ නැත්තං නේ !
      එදාට බලාගමු ඈ... :)

      Delete
  9. මටනං කොහොමත් වෙඩින් අරහං!!!!

    ReplyDelete
  10. වෙඩිං හෙලා දකිමි..
    සහභාගීත්වයකුත් නෑ..
    එහෙම එකක් පවත්තන්න අදහසකුත් නෑ..

    ReplyDelete
  11. "අන්තිමට ඉතිං වෙඩිං එක අපේද කියලා හිතා ගන්න බැරි මට්ටමක් තමයි මට නම් ඇති වුණේ...අපිට තිබුණෙ බාර දීපු කඩ සාප්පු ඒවා කළාද කියලා බලන එක.."

    ඔච්චර ඕනෙ නෑ. දැන් ඉන්නෙ Wedding Planner උදවිය. ඒ කෙනෙක්ට වැඩේ බාර දුන්න නම්, ජෝඩුවටත් තියෙන්නෙ වෙඩිම දවසට හෝල් එකට ගිහින් එන එක විතරයි.. :D

    ReplyDelete
  12. good article

    ReplyDelete
  13. අනේ මන්දා.ඔය වෙඩිං වලට සමහරු ලොකු මුදල් වැය කරනවා.ඒ උනාට ඇති වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමා අපි බලන්නෙ ලාබෙට හොඳ දෙයක් කරන්න බැරිද කියලා

      Delete
  14. පැනලා ගියා නම් කිසි කරදරයක් නෑ..

    ReplyDelete
  15. matath wedding arahan bohoma chama lassana vidiyata thamai mage kasade karanna hithan inne

    ReplyDelete
  16. මම ඔයාලගේ ලිපි කියවල ගන්නම්කො හොඳ අදහස් ටිකක් මගේ වෙඩින් එකටත් :) :) ජයම වේවා අක්කෝ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.