8/20/13

-222- ඇහෙන මානෙකට

කාලෙකින් ලියනවා වගේ හැඟීමක් දැනුණත්, එහෙම නෑ කියලා හැඟුනෙ, සටහන් දැක්කම.
කොහොම වුණත්, කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම මගෙ සතුට වෙනුවෙන් මිසක රට හදන්න බ්ලොග් ලියන කෙල්ලෙක් නොවන නිසා මට පුලුවනි මට ඕනෙ වෙලාවට සටහනක් තියන්න.

කොහොම වුණත්, පෙරේදා..(අගෝස්තු 18) පරණ පාසල් යාලුවො හුඟක් මුණ ගැහුණා. කාලය දිග නිසා හැම අතින්ම වෙනස් වෙලා හැමෝම වාගේ.. මමත් ඒ වෙනසට අහු වෙලා. ඒත් කාටවත් කාගෙවත් වෙනස එක දවසින් (පැය කිහිපයකින්) තේරුම් ගන්න බැරි නිසා ඒ ගැන තව තවත් කතා කරලා වැඩක් නෑ. ඉතින් ඒ හැමදේම අමතක කරලා.. අපි නැටුවා. කෑවා . විනෝද වුණා. විසිර ගියා.

ඒත් කවදාවත් නොහිතපු විදිහට සංවිධාන කටයුතු වලදි, අපි කිහිප දෙනෙක්, එක බඩවැල කඩා ගෙන ආවා  වගේ හදවතට පුදුම විදිහට කිට්ටු වුණා. ඒ හැඟීම ගැන දැනෙන සතුට,හරිම ලස්සනයි. කෙටියෙන්ම කතා කළොත්. ඒ පැය කිහිපයක සාදය නිර්මාණය කරන්න අපි වෙහෙසුණ පහුගිය මාසෙ විඳපු දුක සහ සතුට තමයි... මුලු ජීවිතයටම ඒ සාදයෙන් එකතු වුණ වටිනම දේ.. හැබැයි ඒ වින්දනය අර පැය කිහිපයට ආරාධිතයො වගේ සහභාගි වුණ එක්කෙනෙකුටවත් ලැබුණෙ නෑ. මම ඒ ගැන බය නැතුව කියන්නෙ, ඒ ඉරිසියාවට ලක් වෙන්න මම වාගේම අපේ සෙට් එකම ආසයි කියලා හිතන නිසා.

ආයෙත් කියන්නෙ, මගෙ ජීවිතයෙ කැප කළ නොහැකි එකම දෙයක් තියෙනවා නම්, ඒ තමයි මගෙ සතුට. මම වැඩිපුරම සතුටු වෙන්නෙ... පුළුවන් වෙලාවට බ්ලොග් ලිවීමෙන් , බස් රේඩියෝවෙ වැඩසටහනක් කිරීමෙන්.. මොනා හරි දෙයක් ගවේෂණය කිරීමෙන්... පොත් පත් , පත්තර කියවීමෙන්... අන්තර්ජාලයෙ වුණත් මොනවා හරි කියවලා....කතා බහ කරලා.. ඇත්තටම මම සතුටු වෙනවා.

පහු ගිය කාලෙ හුඟ දෙනෙක් අහපු ප්‍රශ්නෙකට දැන් මම උත්තරයක් දෙන්නම්.

ඔයා ඔය වාගේ status දමන්නෙ ඇයි?

සමහරු ඒවාට ආසයි. සමහරු බනිනවා. සමහරුන්ට අනුව මම හරිම මෝඩයි.

ඒත් හැමෝටම මට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි. මම ලියන කිසි දෙයක් බොරු නෙවෙයි. හැබැයි මම ලියන කිසිම දෙයක් ඇත්තත් නෙවෙයි. මම නිර්මාණය කරන දේවල් වලින්, සත්‍ය ලෝකයේ ජීවත් වන ඔබේ මනස ... මම තත්‍ය ලෝකයේ පරීක්ෂණයකට නිරන්තරයෙන් භාජනය කරනවා. එච්චරයි. ඒකත් මගෙ ආතල් එකේ කොටසක්. මම හරියටම කවුද කියලා කවුරුවත්ම හරියටම සම්පූර්ණයෙන් දන්නෙ නැ.. ඒකයි මගෙ ජීවිතේ තියෙන ලස්සනම කොටස.
හැමෝම දන්නෙ එක පැත්තයි.

මම වගේ හැම දේම සතුටට හරවගන්න උත්සාහ කරන එක තමයි, ජීවත් වෙන්න ලේසිම විදිහ. තමන්ගෙ රස්සාව පාවා තමන්ගෙ ආතල් එක කරගන්න උත්සාහ කරන්න. එහෙම මිනිස්සු මේ ලෝකෙ තව ඉන්නවා. හැබැයි ටිකක් අඩුයි. මම එහෙම උත්සාහ කරන කෙල්ලෙක් නිසාම ඒ වාගෙ තව කෙල්ලෙක් ගැන මම ටිකක් ආඩම්බරෙන් කතා කරන්න ආසයි.

ඇය තමයි.. අපේ බස් රේඩියෝ එකේ සුන්දර සාමාජිකවක් වන අයේෂා.  මුලින්ම මම ඇය හඳුනා ගත්තෙ, ඇය රේඩියෝවට ආපු අලුතම ඇගේ රාත්‍රී වැඩසටහනකට ඇඩ් එක නිර්මාණය කරන්න සූදානම් වූ අවස්ථාවෙ...ඉන් ටික කාලෙකට පස්සෙ මම රේඩියෝවට, ස්ථිරව සම්බන්ධ වුණාම, ඇය මට ගුරු හරුකම් දෙන්න තරමට ප්‍රවීණ සාමාජිකාවක් වෙලා හිටියා. ඔය හැම දේම අතෑරියත්,
අයේෂා කියන්නෙ දැන් මගෙ හොඳම යෙහෙළියො කිහිපදෙනාගෙන් කෙනෙක්.

අයේෂා මේ ලෝකෙ වැඩිපුරම ආසා කරන දෙයක් තමයි විලාසිතා. විලාසිතා කිරීම තමයි ඇගෙ ආතල් එක. දැන් ඇය සූදානම් ඒක ඇගෙ රැකියාව කරගන්න. මට ඒ ගැන තියෙන්නෙ, පුදුම සතුටක්. ආතල් එක රස්සාව කරගත්ත කිසිම කෙනෙක්, කවදාවත් රස්සාව අතාරින්නෙ නෑ..ආතල් එක අතහැරෙන තුරු..

පොඩි ආබරණ බිස්නස් එකක් කියලා.. දැනට කියමු. තව දියුණු වෙයි. ඒකයි මගෙ පැතුම. සයිබර් අවකාශයේ, ම තමයි මේ පුංචි කඩය තියෙන්නෙ.. අපිට ඔබින සරල විදිහට ගනු දෙනු නිර්මාණය වෙලා තියෙන නිසා, මේ පුංචි කඩේ ආකර්ෂණීයයි. ඔයත් ගොඩ වෙලා බලන්න.

මෙන්න අලුත් පුංචි කඩේ




8 comments:

  1. අප්පා ! ගොඩක් ස්තුතියි නෙරෝ !! ඔයාල වගේ යාළුවො ඉන්නවා කියල මතක් වෙද්දී ත් පුදුම සතුටක් සහ පුංචි අහිංසක ආඩම්බරයක් ඇති වෙනවා ! ඔයාගේ අලුත් ජීවිතේට ත් ජයෙන් ජය පතනවා !
    මොන දේ උනත් අපි බස් රේඩියෝව අත ඇරිලි බොරු හේ හේ ! :D

    ReplyDelete
  2. එල කිරි.
    අයේෂගෙ කඩෙත් දැක්ක. :)

    ReplyDelete
  3. // ආතල් එක රස්සාව කරගත්ත කිසිම කෙනෙක්, කවදාවත් රස්සාව අතාරින්නෙ නෑ.//
    මේක නම් හිතටම වැදුනා
    ආ... අයේෂා අක්කටත් සුබ පැතුම් :)
    මාර ලස්සන එව්වා මෙව්වා ටිකක් තියෙනවා ගන්න පුළුවන් කාලෙට යන්න ඕනේ ;)

    ReplyDelete
  4. ආතල් එක රස්සාව කර ගැනීම.. නියම අදහස.. අගේ ඇති අදහහස... ඇත්තටම...

    අයේෂා නංගිටත් සුබ පැතුම්...

    ReplyDelete
  5. නිනුවො ලංකාවෙ අපි හුඟ දෙනෙක් කරන්නෙ ආස දේ නෙමෙයිනෙ... ඒක තමා එක දේකට ආචාර්ය මහාචාර්ය වරු වෙච්ච අය වෙන දේවල් දේශනා කරන්නෙ...

    නිනුගෙ පෝස්ට් එක කියවද්දි මතක් වුනේ... ත්‍රී ඉඩියට් එකේ "ෆුන්ග්සුක් වඟඩු"
    .........

    මම අයේෂව දන්නෙ නෑ... පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න... ඔය වගේ බිස්නස් පටන් ගද්දි ලොකු ඩිමාන්ඩ් එකක් එක්ක බබල් එකක් ඇවිත් ටික දවසකින් ලොකු ඩිප් එකක් එනව... ඒ වෙලාව හොඳ කල්පනාවෙන් ඉවසීමෙන් යන්න ඕනැ.. හුඟක් අය බිස්නස් එතනදි අතාරිනව... ඒත් ඒ ෆේස් එක පහු කර ගත්තම තමයි බිස්නස් එක ස්ටේබල් වෙන්නෙ...

    ReplyDelete
  6. නිනූ වගේ ජීවත් උන කෙනෙක් තමයි මාත්... ඒත් දැන් නං වසයත් එක්ක ලැබුණු අත්දැකීම් හින්දා මං ඕනෙවට වඩා පරිණත වෙලා, අර මං මෙහෙම ඉන්නවා කියලා හිතං හිටපු ටික නැති වෙලා ගිහින්... ඒත් අවුලක් නෑ... මොකද අර මතකය තාමත් තියෙන නිසා...

    අයේෂගේ වැඩේට හදවතින්ම සුබ පතනවා... තමන්ගෙම දෙයක් පුංචියට හරි පටන් අරගෙන, කරගෙන යද්දි දැනෙන සතුට කියලා නිමකරන්න බෑ.. මං ඒ ගැන දන්නේ මාත් ඒ සතුට විඳින නිසා... මේ බිස්නස් සිල්ලර කඩ වගේ ලේසි නෑ... මොකද තව කෙනෙක් නිෂ්පාදනය කරන දෙයක් විකුණන අතරමැදියෙක් විතරක්ම නොවෙන නිසා... ඒත් හිතට හරි සැහැල්ලුයි... ඒක මම දන්නේ අපෙ අම්ම නිසා... මං පස්සේ දවසක ඒ කතන්දරේ කියන්නම්.... හි හි

    ReplyDelete
  7. මගේ ජිවිතය
    .................

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.