මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/11/12

සයිබර් උළෙල පැවැත්වීම සහ අපි


සුනාමි උවදුර එනවා එනවා කියපු නිසා ලියනවාද නැද්ද කිය කිය හිටියත්, වාසනාවට එහෙම නොවුණ නිසා උත්සවයක සිහිනය තවම එහෙම්මයි. ඔන්න මම ලිව්වා. මම මේ ලිපිය ලියන්න ගත්තෙ, ඇත්තටම කියනවනං දුකා අයියාගෙ පෝස්ට් එක කියවලා ටිකක් දුක හිතුණ නිසා.

සයිබර් අලුත් අවුරුදු උත්සවය කියලා කියන්නෙ අපේම දෙයක්. පරණම බ්ලෝකාරයෝ , ටිකක් පරණ බ්ලොග් කාරයො විතරක් නෙවී අලුත්ම බ්ලොග් කරුවොත් එදාට හමු වෙනවා. ඒ විතරක් නෙවී, බ්ලොග් රසවිඳින, කියවන්න කැමති වගේම ලියන්න බලාපොරොත්තුවන අයටත් මෙතනදි සතුට ලබන්න පුළුවන්. ඇත්තටම සයිබර් උළෙල කීවාම  (Buzz) බස් පැදපු අය, (Plus) පස් අදින අයට, (Facebook) බුකියෙ කොල්ලො කෙල්ලන්ටත් මේකට එන්ඩ පුළුවන්.

නොපෙනි වාද විවාද කරගන්න මුලු අවුරුද්දෙන් එක දවසක් හරි මුහුණට හමුවෙලා සතුටු වෙන්න පුළුවන් එක කොයි තරම් ලොකු දෙයක්ද?

දැන් මේ ලිපිය ලියන්නෙ මේ ගැන තවම නොදන්න අයට. තව සයිබර් උළෙලට තියෙන්නෙ දවස් 10යි. තවම එන විත්තිය දන්වලා නැත්නම් සයිබර් උළෙල වෙනුවෙන්ම හදලා තියෙන බ්ලොග් අඩවියෙ තියෙන මේ පෝරමය හරහා දන්වන්න. 

මෙතනදි ඔබ කන්න කැමති ආහාර වේල වෙජිටබල්ද චිකන්ද කියලා සටහන් කරන්න. ඒ වාගේම ඔබ සමඟ එන ගණන හරියට සඳහන් කරන්න. සංවිධායක කමිටුවට හැකි තරම් නාස්තිය වලක්වා ගන්න උදව් වෙන්න ඔබට පුළුවන් වෙයි. එන්නෙ නැත්නම් මේක බොරුවට පුරවන්නත් එපා..

ඔබ බ්ලොග් නොලියනවා උණත් මේ පෝරමය ඔබට පුරවන්න පුළුවන්..ඔබ එනවා නම්.

ඔබ සයිබර් සිහින කුමරිය කුමරා තරඟයට ඉදිරිපත් වෙන්න කැමති නම්, මෙන්න මේ පෝරමය පුරවන්න. ඔබට අගනා තෑගි ලැබෙනවා දින්නොත් විරූස් පාවහන් වෙතින්.

මේ හැම විස්තරයක් ම තියෙන සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය සමඟ ඔබේ නිරන්තර ඇසුර තියා ගන්න..

තව දෙයක්, සබිබර් සිහින උළෙල හා සමගාමීව නිර්මාණය කළ නිර්මාණ තරඟය, මුහුණුපොතෙන් (ප්‍රමිතිය පවත්වා ගැනීමේ සද් චේතනාවෙන්) ඉවත් කළත් තවමත් පැවැත්වෙනවා.. එහි නිර්මාණ භාර ගන්න අවසන් දවස අප්‍රේල් 15 . ඉතින් තවමත් ඔබට කල් තියෙනවා. නිර්මාණයක් නොකළා නම්. මේ පොස්ට් එකේ, නිර්මාණ සඳහා කොන්දේසි, තරඟය ගැන සියලු විස්තර තියෙනවා.. ඉතින් තව කල් තියෙනවා.

තව තරඟ එදාට පවත්වන්න දැනටමත් සූදානම්. විකට ඇඳුම් තරඟයට එන්න කැමති අය සූදානම් වෙලාම එන්න. විශේෂම දේ තමයි එදාට සයිබර් අලුත් අවුරුදු උත්සවයේ නිල මාධ්‍ය අනුග්‍රහය අපේ ම බස් රේඩියෝ වෙතින්.

නිරන්තරයෙන් බස් රේඩියෝ ඇසීම තුළින්, ඔබට සයිබර් උළෙල පිළිබඳ බොහෝ තොරතුරු යාවත් කාලීන කරගන්න පුළුවන්.

නොදැනුවත් වෙලා ඉන්න අයව දැනුවත් කරන්න කැමති නම් ඔබේ බ්ලොග් අඩවියේ, සයිබර් උළෙලට දින ගණින HTML කෝඩ් එක දමා ගන්ඩ පුළුවන් .




ඉතින් ඒ වාගේම තව දෙයක්. තමන් එනවාද කියලා... ඔබ මේ තරම් වෙලා කීවෙ සංවිධායකයන්ට විතරනෙ. ඔබ එනවග යාලුවන්ටත් දැනගන්ඩ එක්ක Facebook එකේ මේ වෙනුවෙන් ම නිර්මාණය කරපු Event එකට ඔබේ සහභාගීත්වය පල කරන්න.

ඔන්න මම දන්න ඔක්කොම කීවා.. මේකට සමගාමී ප්‍රජා සත්කාර ගැනත් ආරංචි තියෙනවා. ඒවා දැන ගන්ට වගකිව යුතු කෙනෙක් ව සම්බන්ධ කරගන්න. මම ඒවා ගැන හරියටම දන්නෙ නම් නෑ..


මම නම් දැනටමත් එන්ඩ ඔක්කොම සූදානම් කරලා ඉවරයි.... එහෙනම් 22 වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේදී සෙට් වෙනතුරු මේ පෝස්ට් එක ඉවරයි.




21 comments:

  1. onna mamanam edata wikata adum walta enawa ... monawa unath mulin kiyapu adahasata math ekagai... mekata hamotama enna puluwan wena eka hondai... !

    ReplyDelete
    Replies
    1. එන්ට එන්ට අපි එනකං ඉන්නෙ

      Delete
  2. onna mamanam edata wikata adum walta enawa ... monawa unath mulin kiyapu adahasata math ekagai... mekata hamotama enna puluwan wena eka hondai... !

    ReplyDelete
  3. ආ..ඔයාලා නම් ඉතින් එදාට මුණ ගැහෙනවනෙ.ඊලිසියාත් හිතෙනව..
    කමක් නෑ කට්ටිය හොදට විනෝද වෙන්නකෝ.තව ටිකක් ලොකු වුණාම මාත් එන්න බලන්නම්.

    ReplyDelete
    Replies
    1. අපොයි!! මටත් එන්නෙ වෙන්නෙ නෑ!!

      Delete
    2. apoi.... ai me .... enna enna ...

      Delete
  4. මට එන්න වෙන්නේ නෑනේ ඉතින්.. මම මේ තරගයට නිර්මාණයක් දාන අන්තිම දවස හොය හොය හිටියේ මතක නැතුව.. ඒක දැන ගත්ත එක නම් සෑහෙන්න වටිනවා මට..

    ReplyDelete
    Replies
    1. මං ලංකාවේ නෙමෙයි නේ ඉන්නේ... :)

      Delete
  5. ඔයාලගේ මේ අනගි වැඩේට මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් ඔයාටත්.....මඩ නැතිවට

      Delete
  6. අලේ මාත් එනවා ඕකට.

    ReplyDelete
  7. මම එන්නේ නම් විකට ඇදුම තරගෙට තමයි .. ;:D
    දැන්ම මට තෑග්ග තියන්න හරිද

    ReplyDelete
    Replies
    1. හරි හරි.....ඒවා සංවිධායකයන්ට කියන්ට

      Delete
    2. ei ei ... samakayaaaa..... math enawa....

      Delete
  8. වරල්වත්ත කුරේ ? වැල්ලවත්ත කුරේ නෙවේද?

    ReplyDelete
  9. වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය වෙන්න ඕන. විසිතුරු හරි..
    මං ඔයාව එක්ක යන්නංකෝ නංගෝ..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.