හිනාවකින්
පිබිදෙනා
පිබිදෙනා
දෙකොපුල් මත
මියැදෙනා
මියැදෙනා
කඳුලු බිඳක
බර නොදකින
බර නොදකින
පුංචි ඇහි පිහාටුවක්
කන්දට තිබුණෙ එකම එක ගෙදරයි. ඒ ගෙදර ඇලන් සීයාගෙ. ඒකෙන් කියන්න බැහැ කන්ද අයිති ඇලන් සීයාට කියලා. ඒත් ඇලන් සීයාගෙ මනස්ගාත වැඩ නිසා කවුරුත් කන්දට ආවෙ නෑ කියන එක තමයි මගේ හැඟීම. කන්දෙ ලෑලි ගෙදර උඩ පුංචි අට්ටාලෙ ඉඳලා පහළ බැලුවාම කන්ද පල්ලම එක පැත්තකිනුත්, විලියම්ගෙ කැලේ අනික් පැත්තෙනුත් පෙනෙනවා. කන්ද පල්ලමේ දි කන්ද ගම එක්ක එකතු වෙන තැන තියෙන මැටි ගෙදර ඉන්නෙ මයිකල් සහ ඔහුගෙ තාත්තා. කන්ද බහින්න ගල් පඩි පෙළක් ඇලන් සීයා කවදාවත් කැපුවෙ නැතත්, කන්දෙ තිබුණ ගල් නිකම්ම පඩිපෙළක් විදියට පෙනී හිටියා කියලයි මට හිතන්නෙ. කන්දටම ආවේණික වුණ ලිලී මල් වලින් හමපු සුවඳ ගමේ වෙන කොහෙවත් ම තිබුණෙ නැහැ කියන දේ මට අදටත් හොඳට මතකයි.
ඇලන් සීයා කියන්නෙ, මගෙ නෑ කෙනෙක් නොවුණත් පොඩි කාලෙ ඉඳන් මාව හදාගෙන තියෙන්නෙ එයා කියලයි, මට විලියම් කීවෙ. මට උප්පත්තිය දුන්න කෙනා මාව පල්ලිය ළඟ දාලා ගිහින් තියෙන්නෙ ඉරිදා හවස පූජාව ඉවර වෙන වෙලාවක. අදත් පල්ලි යද්දි ලයිසන් තුවක්කුව අරන් ගිහින් බාරොන් ලොක්කාගෙ කඩේ තියන සීයා එදත් පල්ලියෙ ඉඳන් දුවගෙන ඇවිත් කඩ ලෑල්ලක හේත්තු කරපු තුවක්කවත් අරන් මාව දමලා ගිය කරත්තෙ ලුහු බැඳලා තියෙනවා. ඒක හොඳ සල්ලි බාගෙ තියෙන පාට පෙනෙන කෙනෙක්ගෙ අශ්වයෝ දෙන්නෙක් බැඳපු වැසුණ කරත්තයක් වග තාම ඒ සිද්ධිය මතක ගම්මු මට හොරෙන් කතා වෙනවා. කොහොම නමුත් මාව එදා ඉඳන් හදාගෙන තියෙන්නෙ ඇලන් සීයා.
මේ තරම් අනුන්ට පිහිටවෙන සුලු මනුස්සයෙක් ඉන්න කන්දට ගමේ මිනිස්සු එන එක නවත්තලා දැම්මෙ ඊට අවුරුදු 8 කට පස්සෙ.
විලියම් කියන්නෙ මයිකල්ගෙ අයියා. විලියම් ට හිටියා බැටලුවො සීයකට වඩා වැඩි රංචුවක්. ඒ බැටලුවන්ට තණකොළ කවන්ඩ උන්ව හැමදාම එක්ක ගියෙ ග්‍රෝ පිට්ටනියට. ගමේ හොඳම තණ කොළ තිබුණෙ එතන. කන්දෙන් රූට ගෙන වතර වැටිලා හරිම සාරෙට වැවිලා තියෙන තණ කොළ කන්ඩ බැටලුවො කැමති වග විලියම් දැනං උන්නා.
කන්ද බැහැගෙන කෙලින්ම තණ බිමට යන එක විලියම්ට පහසු වුණාට බැටලුවන්ට ඒක ටිකක් අමිහිරි අත්දැකීමක්. ඒ නිසා තමයි නිතරම බැටලුවන්ට හිතවත් විලියම් කැලේ පැත්තෙන් කන්ද බැහැලා, කැලේ මැද්දෙන් බැටලුවන්ව තණබිමට දැක්කුවෙ. කැලයක් කීවාට ඒක මහ විසාල වනාන්තරයක් එහෙම නෙවෙයි. අක්කර තුන හතරක මූකලානක්.
එදා ටිකක් මහ වැස්ස දවසක්. මම අලුත්ම එළකිරි වීදුරුව උණුවෙන්ම ලෑලි මේස උඩින් තිබ්බා. හැමදාම කන්ද නැගගෙන එන විලියම් මා එක්ක පැයක් දෙකක් කතා කරලා එළකිරි ටිකක් බීලා මහන්සි නිවාගෙන කන්ද බහින්ඩ යන්න ආසා කළා. විලියම් මට වඩා අවුරුදු හතක් අටක් වැඩිමහල් වුණත්, මයිකල්ට වඩා මගේ මිත්‍රයා වුණේ විලියම්ට. කතා කර කර ඉන්න මයිකල්ට වඩා විලියම් දක්ෂයි මහ හුඟක්. මට ෂේන්යා කියන නම කොට කරලා "ෂෙලී" කියලා කතා කළ එකම එක්කෙනත් විලියම්. අනික් හැමෝම මට කතා කෙරුවෙ "කන්දෙ ලිලී" කියලා.
මගේ නම ෂේන්යා වුණාට, හැම ඉරිදාම පුරුද්දක් විදියට කන්දෙ ඉබේ වැවෙන ලිලී මල් පල්ලියෙ මල් කඩේට ගෙනිහින් විකුණන නිසා මට ඒ නම වැටෙන්ඩ ඇති. මම කඩාගෙන එන ඒ මල් වලින් භාගයක් හැමදාම ස්ටෑෆන් කනත්තෙ මල් වඩම් හදන්න යවන වග කීවේ ජෝන් මාමා. මට එතනින් මල්වඩමක් දින දෙකකට පස්සෙ ගන්න ඕනෑ වෙයි කියලා. ලෑලි මේසෙ ළඟ විලියම් එනකං වාඩි වෙලා හිටිය මට ඒ වෙලාවෙ හිතුණෙම නැහැ.
තෙවන කොටස ළඟදීම.
මැවිලා පෙවුනා අෆ්ෆා
ReplyDeleteඅඩේ ලගදිම එකෙක් මැරෙයි වගේ මම මැරෙන කතාවලට ආසයි :D
තෝ නම් අනේ මංදා
Deleteනයිස් :D
ReplyDeleteඋඹ මේක කියෙව්වෙ නෑ.. නරක හාවා.. මේ නයිස් ද? මංචිනෙ නයිස්
Deleteමෙකේ පලමුවෙනි කොටස කියවනකොට මට හැඟුනා ෂේන්යා කතාවක් කියන්න ලෑස්ති කියලා.ඒක ටිකක් අමුතුයි කියලා.ඒක එයාගෙ ඇස් වලින් ගලාගෙන යන කතාවක්.
ReplyDeleteඑත් මෙකෙදි ඒ කතාව යම් ආයාසයකින් කියාගෙන යනවා කිය දැනුනා.හරියට අපි දන්න හයිඩිගෙ කතාව වගේ.මගෙ නංගා ඒක ගැන අවධානය යොමුකලොත් හොඳයි කියා හිතුන...................එතකොට ෂේන්යගෙ ඇස් දිදුලන්න ගනීවි.
ඕනෙම කාලයක එක වගේ චරිත ජීවත් වෙන්න පුළුවන්. ඒවාගෙ චරිත අපි කලින් දැකලා තියෙන්නත් පුළුවන්. ඒත් ඒ කතාව මේ කතාවට වඩා වෙනස්...කන්දක ජීවත් වුණ පලියට එයා හයිඩි වෙන්නෙ නෑ.... ෂේන්යා...ෂේන්යා ම තමයි... මට කිසිම විදියකින් මේ දෙකේ සමාන කමක් පේන්නෙ නෑ... ඔයා තවත් පොත් කියවන්න මගෙ අක්කා.. එතකොට ඔයා කියයි මහර විට මේ ෂේන්යා නෙවී කොසෙට් කියලා..
Deleteනෑනෑ කන්දෙ ඉන්න හන්දා නෙවි.කතාව ගලාගෙන යන විදිහ නගේ.
Deleteපළමු කොටසෙන් කතාව කොහොම ගලයිද කියලා කෙනෙක් ට තීරණය කරන්න බෑ...
Deleteඅනේ මෑරෙනවා? අක්කෙ ශේන්යා ව නම් මරන්නෙපා.
ReplyDeleteෂේන්යා මල්හම කතාව කියන්නෙ කවුද?
Deleteහිස කකියනවා වගේ.....
ReplyDeleteමලා
Deleteනියමයි
ReplyDeleteස්තූතියි
Deleteම්ම් ම්ම්.....ලස්සනයි අක්කෝ....බලමුකො ඊළඟ කොටස...
ReplyDeleteහලී........බලමූ
Deleteෂේන්යා.... හොදට අහලා පුරුදු නමක් !!
ReplyDeleteමේ නම තියෙන්නේ මොකක් හරි කතා පොතක ද ??
මම හිතන්නෙ ඔයාට මතක හත්පෙතිමල වෙන්න ඕනේ.මගේ මතකය නිවැරදි නම් ඒ පොතේ ඉන්නෙත් ෂේන්යා කෙනෙක්.
Deleteහම් හම්... එයා හුඟක් සුලබ නමක්
Deleteමට මුල කොටස කියවද්දි දැනුනෙ සුනේත්‍රා රාජකරුණානායකගෙ කතා ශෛලිය.මේ කොටසෙදි ඒක වෙනස් වෙලාද මන්දා.කොහොම වුණත් හැමදාම වගේ ඔයා ලියන දේවල් ලස්සනයි.දිගටම ලියන්න අක්කියෝ.
ReplyDeleteඇකෙයියා...මම එයා වගේ ලීවාද? වෙලාවට වෙනස් වුණේ.
Deleteඔන්න කියෙවුවා.. හිතුව තරම් කොටස පරක්කු නෑ.. ඒ මදැයි ඉතින්... :)
ReplyDeleteඒකනෙ.....
Deletetharaha naththan deyak kiyandada? mata danune danna katha kihipayaka ekathuwak wage.. kathawa naraka na.. eth oyata meeta wada deyak kala haki.. digatama liyanda.. suba pathanawa.. Lash
ReplyDeleteහෙ හෙ........උඹ තවත් එකෙක්...කිසි තරහක් නෑ..ඒත් උඹලා තුලනාත්මක නෑ.. තාම ඉස්කෝලෙ යනවා වගේ..
Deleteකතාව ලස්සනයි. ඉක්මණට කියවල ඉවර වෙන නිසා
ReplyDeleteඅන්තිමට ලියලා තියෙන “ලඟදීම“ කියන වචනය නොතිබුනානම් කියල හිතෙනවා..
තවත් කියවන්න හිතෙනවා.. ඒත් කෝ ඒක ලගදීමනේ..
ඒ කීවෙ?
Deleteඇත්තම කියන්නං නෙරන්ජි. මට ලියන්න බැරි නිසා හරි ඉරිසියාවක් හිතුනා ඕන්
ReplyDeleteදැන් කට්ටිය කියනවා මේක කතා ගොඩක එකතුවක් කියලා.....ඔයත් ඔය කතා ටිකක් එකතු කරන්ඩ අනේ...
Delete