මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/24/12

ගන්ධබ්බ සටහන


අනුන්ගෙ ලියුම් කියවීම නරක පුරුද්දක්. ඒත් ඒ ලියුම නොකියවා ඉන්ඩ මට බැරි වුණා. ඒ ලියුම වැටිලා තිබුණෙ බිම. අල්ලපු ගෙදර බිම . තට්ටු තුනක ගෙදර උඩම තට්ටුවෙ බිම. බිම තිබුණු ලියුමට වඩා වැදගත් වෙන්නෙ, ලියුමට අඩි දෙකක් ඉහළින් අවසන් වී තිබුණ දේ. ඒක ජීවිතයක්. පහල යට ලීයක පරණ සාරියකින් ගෙල වැල ලා ගත් ජීවිතයක්. සැහල්ලුවට දැකපු බර ජීවිතයක්. පුරුෂ ශරීරයක් තුළ හතලිස් අවුරුද්දක් තිස්සෙ සරපු ආත්මය දැන් ගන්ධබ්බයෙක් වෙලා කොතන කොහේ සරනවාද කියලා මම හෝ කියවන ඔබ නොදන්නවා වුණත්, ඒ ආත්මයට සැනසීමක් වනු පිණිස මම ඔහුගෙ කතාව ලියවිලා තිබුණ ඒ ලියුම මෙතැන පිටපත් කරන්න හිතුවා. තවත් මෙහෙම දේවල් නොවෙනන්නට

ආදරණීය සඳා,

ජීවිතය මට වැරදුණ වග අද මම පසක් කරගත්තා. දන්නවාද කා‍ලෙකට පස්සෙ ගිය සතියෙ මම ඔයාව දැක්කා. ඔයාගේ සිනහව මා නමින් නොවූණත් වෙනෙකෙකු නමින් හරි සුන්දරව විකසිත වෙන අපූරුව  මම ඉරිසියාවෙන් බලා සිටියා. ඒ කාලෙ ඒ දිහා බලා ඉන්ට මට ඉස්පාසුවක් තිබුණෙ නැහැ. මම හොඳට ඉගෙන ගත්තා සඳා.. ඔයා දන්නවාද? මම තට්ටු තුනක ගෙයක් හැදුවා. දැන් මම  ලොකු රස්සාවක් කරනවා...

එදා මම හදිස්සියෙ වාහනේ ගෝල්ෆේස් පැත්තට දැම්මෙ.. හොඳටම හවස් වෙලා කලුවර වැටෙන වෙලාව... අතරින් පතර තරු මෝදු වෙලා තිබුණා.. එක පාරට තරුවක් කඩා වැටෙනවා මම දැක්කා.. මට ඔයාගෙ ඇස් මැවිලා පෙනුණා. ඒත් ඔයා හිටියෙ වෙන අතක එතිලා මගෙ සඳා.. එදා මට ඔයා එක්ක මුහුදු වෙරළට එන්න බැරි වුණා. මට හවසත් ලෙක්චර්ස් තිබ්බා... ඒත් හැම දෙයක්ම ඉවර වෙලා හැරිලා බලනකොට ඔයා නෑ...

රාජිගිරියෙ කලර් ලයිට් වලින් හරවන කොට, පේලියට තියෙන නා ගස් දැන් දලු දාලා සඳා.. ලස්සන රතු පාට.. ඒ අලුත් ළපටි දළු මඳ හුළඟට හෙමි හෙමින් හෙල්ලෙන කොට වසන්තය එන කතාව මට කියලා ඔච්චම් කරනවා කියලා මට දැනෙනවා.. ඔයාගෙ පුංචි දෙතොල් එදා සිපගත්තා නම් මට වසන්තය දකින්න ඉඩ තිබුණා සඳා. අනේ මට මේ නා දලු දකිද්දි ඒ ඔයාගෙ දෙතොල් කියලාම හිතෙන්ඩ ගත්තා...

මම තවමත් මට වැරදුණ තැන හොයනවා සඳා.. මම උහුලගෙන ඉන්න ඉරිම තැන අද ගියා විජේරාම හන්දියට. හැමදාම බෝඩිමට යන්න ඔයා මහරගම පැත්තටත්, මම නුගේගොඩ පැත්තටත් සමුගන්න අපේ විජේරාම බෝගහ ළඟට.. එතන ඉඳන් මම ටිකක් උඩට ගියා. මට මතකයි අපි දෙන්නා වෙන් වුණ දවස. පාරෙ කාර් එක නතර කරලා මම දෙපියින් ඇවිදගෙන ගියා . ඔයා නැති ඒ පාර අද හරිම හිස්. මගෙ ඇස් වලට කඳුලක් ආවා. මේ හදවතේ රික්තය මට දරා ගන්න බැහැ.

දරාගන්න බැරිම තැන මම විහාර මහා දේවි පාර්ක් එකට ගියා. ඉස්සර ඔයා යන්න ආසම , මම ඔයාව එක්ක නොගිය එකම තැන. ඔයා ආස කළ අතින අඳින චිත්‍ර දහයක් මම ගෙදර අරන් ආවා. අද මම ඒවාට හුඟක් ආදරෙයි සඳා. ඉස්සර මට ඒවාගෙ ලස්සන විඳින්න වෙලාවක් තිබුණෙ නෑ. අද ඔයා හදවතින් ඇලුම් කළ හැම දෙයකටම මාත් ආසයි.. ඒත් අපි දෙන්නා අද දෙතැනක. හරියට එක්වෙන්න බැරි අහස පොළව වගේ.මේ ආත්මෙ මට වැරදුණ තැන මට හමුවුණා. සමාවෙන්න මගෙ සඳා.. බැඳලා මාසෙන් අපි ඩිවෝස් වුණේ ඒ නිසා වෙන්න ඇති.

අනික් ආත්මෙ ඉඳන් නිවන් දකිනා තුරු ඔයාට මගෙන් පිට යන්න හිත නොදී ඉන්න මම වෙර දරන්නම්.. මේ සසර පුරාම ඔයා මගේ..මට අවසරයි මේ ආත්මයෙන් සමුගන්න..මගේ ජීවිතය හිස්. ඔයා එනතුරාවට මම ගන්ධබ්බ.

සුගත්

ගීතය

ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණු හසරැල් විලේ
හද දියඹ ගලා යයි
රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර
රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට
අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ
ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

නා ගසත් දලු දමා
වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී
සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්න ගිය
ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝතල 
ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුණත් 
ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ
සියොළඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් 
ඔබ මගේ ඔබ මගේ

පදරචනය -ප්‍රේමකීර්ති අල්විස් මහතා
තනුව හා ගායනය - වික්ටර් රත්නායක මහතා


30 comments:

  1. අහස්තල පොළෝතල
    ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුණත්
    ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ
    සියොළඟම තැවෙනවා
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ

    ReplyDelete
    Replies
    1. යුග ගණන් පැමිණි මග
      පැටලිලා වැරදිලා
      ඔබ මගෙන් වෙන්න ගිය
      ලකුණු ඇති මාවතේ
      මට බලා ඉන්න බෑ
      පෙර ඇසුර හැඟෙනවා

      Delete
  2. ඔය කටහඬින්ම මේ කණට
    ඇසුණු නිසාමද කොහෙද
    සෑහෙන හුරුපුරුදු ගතියක් දැනුනා..
    නියම ප්‍රවේශයක්.

    ReplyDelete
  3. ලස්සන නිර්මානයක්.

    මගෙත් කතාවක් තියෙනවා. මරණයෙන් ආදරය සදාකාලික කරගන්න කෙනෙක් ගැන නම් නොවෙයි. ආශාව ලුහු බැඳ යන කෙනෙක් ගැන.

    http://teraki.blogspot.com/2012/04/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බෙදා හදා ගත්තාට

      Delete
  4. ලස්සනයි නංගි

    ReplyDelete
  5. හරි අපූරුයි .

    ReplyDelete
  6. ප්‍රසාන්...4/24/12, 11:58 AM

    එය එසේ සිදු විය.............

    ReplyDelete
  7. ලස්සන සිංදුවක්..

    ReplyDelete
  8. ජීවිතේ සමහර නොලැබීම් නිසා සදහටම ජීවිතයෙන් පලිගන්න එක වැරදි නේද අක්කේ.

    කතාව හරි අමුතුවට ගලාගෙන ගිහින් තියනවා කියවන්න ආස විදිහට. හිතේ මැවෙන විදිහට.

    ReplyDelete
  9. ඉර ඇහැරෙන ඉසව්වට ලෝකය පෙනෙන අපූරුව!

    ReplyDelete
    Replies
    1. ඒ කණ්ණාඩි දෙක සෑහෙන්ඩ ගණන්

      Delete
    2. ඒකට මොකද ඔයා ඒ කණ්ණාඩි වලින් දකින දේවල් මැවිල පේන විදිහට අපිට කියනවනෙ.
      ඒක නෙවේ ලියන්නකො ටිකක් දිග කථාවක්.

      Delete
  10. මමත් වික්ටර් සර්ගෙ දැවැන්ත රසිකයෙක්..නියමයි අක්කේ නියමයි...

    ReplyDelete
    Replies
    1. කොච්චර සයිස් එක්කෙනෙක්ද?

      Delete
  11. මට මේ වගෙ නිර්මාණ කරන්න බැරි වුනත් රස විඳින්න පුළුවන්.
    ගොඩක් ස්තූතිය් අපිත් එක්ක මේක බෙදාගත්තාට.

    ReplyDelete
  12. ලස්සනයි අක්කේ.... ඇත්තටම ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්...

    ReplyDelete
  13. හොද Post එකක් නංගි...

    ReplyDelete
  14. ගීතයකට වෙනසක්..
    අපූරු සටහනක්.. කැමතිම ගීතයක්..!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.