4/23/12
නෙරංජිගේ ඇසින් සයිබර් උළෙල
සයිබර් උළෙල මෙවර ඉතාම හොඳින් පැවැත්වුණා. නමුත් පැරණි බ්ලොග් කරුවන් රැසක් එයට සහභාගි වෙලා හිටියෙ නැහැ. බ්ලොග් ලොව නම් දරන හුඟක් අය අඩුයි කියලා මට හිතුණා. අපිට දුන්න කෑම වේල ඇත්තටම හොඳයි. තරග වලට ගිය වර වගේම තෑගිත් දුන්නා. ටිකක් අහු මුල්ලක වුණත් කුරේ ක්‍රීඩාංගනයෙන් අවශ්‍යතාව ඉටු වුණා. කොහොම වුණත් ඊළඟ අවුරුද්දෙ සයිබර් උළෙලට අමතරව වෙනසක අවශ්‍යතාව මට දැණුනා. තවත් අයට එය දැනුණ වග මම දන්නවා. නමුත් අපේ කෙල්ලො කොල්ලො බොහොම වෙහෙස වෙලා කරපු මේ උත්සවය කාටවත්ම අඩුවට තකන්න බෑ. අඩු පාඩු වෙන්න ඇති. ඒත් වැඩක් කරනකොටනෙ අඩුපාඩු වෙන්නෙ. වැඩක් නොකරන කෙනෙක්ට කවදාවත් අඩුපාඩු වෙන්නෙ නෑ.
ඔබට විනෝද වෙන්න මම දෙයක් කියන්නද? ඔබ කවුරුත් දන්නවානෙ උෂාන්. (අන්තිමයා) ...ඔන්න අන්තිමයා තිෂාරා අක්කා එක්ක. කල ලැහැස්ති වෙලා සබිබර් අලුත් අවුරුදු උත්සවේට එන්න පිටත් වුණා. කුරේ ක්‍රීඩාංගනය ගාවින්ම බස් එකෙන් බැහැපු උෂාන් අවුරුදු උත්සවයට ඇතුළු වුණා. නාඳුනන හුඟක් අය හිටියත් හිනාවෙලා කොහොමද කියලා අහලා.. කට්ටියට පැය භාගයක් විතර උදව් වුණා. ලී බඳින්ඩ..ලණු අදින්ඩ, සරසන්න... නාඳුනන බ්ලොග්කරුවන් අතරෙ කිසිම දන්න මූණක් තවමත් ඇවිත් නෑ. නෙරංජි තාම නැත්තෙ ඇයි කියලා හිතපු උෂාන් ඇයට කෝල් එකක් දුන්නා..
නෙරංජි කතා කළා..
උෂාන් - ආ ඉබ්බී.. මම ආවා කොහෙද අඩෝ උඹ ඉන්නෙ?
නෙරංජි - ඈ පොකිරිස්සො මම ඉන්නෙ පැවිලියන් එකේ මට නම් පේන්නෙ නෑ...
උෂාන් - ඈ යකෝ මම මේ මැද ස්ටේජ් එකේ, වර මේ හරියට..
නෙරංජි - මොන මැද ස්ටේජ් ද? මේකෙ උස තැනක් තියෙන්නෙ පැවිලියන් එකේ විතරයි..
උෂාන් - මොකා උඹලා වැරදි උත්සවයකට ගියාද? මං මේ ඉන්නෙ අවුරුදු උත්සවේ.. තාම දන්න අය ඇවිත් නෑ.
නෙරංජි - අනේ හැලගෙම්බෝ වැපා දුකා අයියා අභී අයියා ඔක්කොම මේ ඉන්නෙ... මේ හරි එක...
උෂාන් - එතකොට මම ඉන්නෙ වෙනින් එකකද? මලාආ ආ ආ ආ ආ
ඉන් පැය බාගෙකට පස්සෙ තමා උෂාන් නියම උත්සවයට ළඟා වුණේ... හික් හික් හික්....
Subscribe to:
Post Comments (Atom)
ස්තුති කිව්වා
ReplyDeleteස්තුති
Deleteහැමොගෙම උදව් වෙන් මේපාරත් වැඩේ ගොඩ දාගත්තා
ReplyDeleteහම්..........ඔව්
Deleteනෙරංජි අක්ක එක්කත් කතා කරන්න බැරි වුනානෙ...හි.හො. පිස්සා ටිකක් පරක්කු වෙලා ආවෙ ඊළඟ පාර අනිව කතා කරන්නම්.....:)
ReplyDeleteහිත නරක් වුණාද?
Deleteපිස්සුද අක්කෙ මේකට ඇවිල්ල හිත නරක් කරගන්න.........ආයෙ ඉතින් පිස්සුවක් ඇතෑ.......:D
Deleteහිකිස් ම තමා
Deleteහෙහ් හෙ........ කව්ද උෂාන් කියන්නෙ...
ReplyDeleteඅන්තිමයා... (පූසාගෙ යාලුවා)
Deleteහොඳ වැඩේ පුශා වගේ එව්වො ආස්සරේ කරනවට..:D
Deleteමම ඒ කාලෙම කීවා ඔය ආස්සරේ අත් හරින්ඩ කියලා.. කෝ ඇහුවායෑ
Deleteayiyoe ara ahinsaka puusawat allagena ... ! maTamayi wenne ....e unaaTa itin wAradiyaTa gi
Deleteනෙරන්ජි අක්කා කොහොම හරි යෝගටුත් කැව්වනේ.. නිවේදන වැඩ නියමයි හොඳේ.. :)
ReplyDeleteඅභීත අයියා දිනුවෙ යෝගට් එක හලලා කියන්නෙ ඇත්තද?.. කමක් නෑ මම තරඟ කරන්ඩ හිතාගෙන ආවෙ නෑ. ඒකයි 2.නැත්තම් මේපාරත් 1. උෂාන් මට දුවන්න කියපු එක මට ඇහුණෙ නෑ.. මම හිතලයි දිව්වෙ
Deleteවැඩේ නියමෙ ට කෙරුණා. මගේ ජීවිතේ අමතක ම නොවන දවසක්........
ReplyDelete~~**දඟ මල්ල**~~~
එහෙමෙයි... එහෙනම් රෑට ඇඟ නොහෝදා වෙන්ට ඇති නිදා ගන්ට ඇත්තෙ.
Deleteහිකිස්......හයියූ......
ReplyDeleteමේව ඇහෙනකොටනම් ඇඩෙනව අප්ප...:(
ජීවිතේ දුකද නංගී
Deleteඉලියට ඇවිත් ෆිල්ම් හෝල් එක ගාවට වර කීවම හරි හරි මං ඉන්නෙ ලුම්බිණි හෝල් එක ලඟ කීවා.
ReplyDeleteවැල්ලවත්ත සැවෝයි වෙනුවට උසානයා ගිහින් තියෙන්නේ හයිලෙවල් පාරේ
පව් අප්පා..
ඔයා නැත්තම් පැට්ටො...තාම උෂාන් සල් මල් අහුලනවා
Deleteදෙයියනේ ඒ ඔයාද? දන්නවනම් ඔයාට කොච්චර වැඩ තිබුනත් මම කථා කරනවා.
ReplyDeleteආ හලේ ඔයා ආවාද?...සන්තෝසයි නොදැක්කාට.. :D
Delete:)
ReplyDelete//බ්ලොග් ලොව නම් දරන හුඟක් අය අඩුයි කියලා මට හිතුණා.//
ඒකනේ මාත් නෑ....:-)
ඔයාගේ නම දරලා කොහොම වෙතත් නම දිරයි දිගට නොලීවොත්
Deleteවැරදීමක්ද කොහෙද! මගේ නිවුන් සහෝදරය Raj එක්ක ටැපලිලාද කොහෙද!
Deleteහප්පෙ අක්ක ලියන ඒව කියෙව්වට ඔන්න මෙද පොටේ තමයි අක්කව දැක්කේ,වැඩේනම් නියමටම තිබුනා
ReplyDeleteඑහෙමද? මම සංවිධායකයෙක් නෙවී...ඒ ළමයින්ට කියන්ට... සතුටු වෙන්ඩ..දිරිමත් වෙන්ඩ
Deleteහික් හික්....අන්තිමේදි නීනු අපිට පොඩි පාටියකුත් දුන්නනේ........
ReplyDeleteඔව් ඔව් නැතිව බෑනෙ.. සීන් දෙකයි.
Deleteපූසා තමා මේකට වග කියන්න ඕනා. ඕකගෙ වල්ගෙ කපමු!!!
ReplyDeleteඅනුන්ගෙ වල්ග නොකපා හිටු
Deleteමමනම් කතා කලානෙ අක්කා එක්ක.. :D අපි ආඩම්බර නෑනෙ..;)
ReplyDeleteඑහෙමද? මට රූපෙ මතක නෑ... සමා වෙන්ට
Deleteඅක්කා.... වැඩිහිටි බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් නැති වුනත් අපි පුළුවන් උපරිම මට්ටමෙන් උළෙල සංවිධානය කළා කියලා හිතෙනවා. ඒ වගේම අභීත අයියලා, දුකා, වැප්, හසී වගේ ජ්‍යෙෂ්ඨයොත් ඔයාලත් අපිට ගොඩක් උදව් කලා. ඒ හැමෝටම ස්තුතියි....
ReplyDeleteහි හී
Deleteහොද වෙලාවට අන්තිමයා නෙරංජිට කෝල් එකක් ගත්තේ.. උඹලා කොයි වෙලේ හරි ඒවි කියල හිතලා හිටියනම් කොහොමද?
ReplyDeleteඑහෙනම් තවමත් එතන..
Delete:( මට එන්න බැරි වුනානේ
ReplyDeleteඅපරාදෙ නේද?
Deleteමට නම් මෙච්චර කල් නීනු අක්කා කිව්ව නෙරංජියාව අඳුරගන්න ලැබුනේ මේ වතාවේ.... :P
ReplyDeleteඑහෙමද? ඒ මදැයි නෙ
Deleteඋෂාන් කවුරු උනත් මරු ඉන්සිඩන්ට් එක. හෙහ් හෙහ්. කෝල් එක දුන්නෙ නැතිනම් පොර තාමත් එතන.
ReplyDeleteස්තුතියි විස්තරේට.
henryblogwalker the Dude
හම්... පොරට ටිකක් විතර පිස්සු
Deleteඅනෙ මන්දා අප්පා..... ! මොනව උනත් වැරදියට ගිය එකත් මාර අවුරුදු උත්සවේ . මන් උදව් කොරන්නත් ගියා කියමුකො එතන හිතපු කෙල්ලො වගයකට
Deleteඅක්කා එක්ක කතා කරන්න බැරි උනාද මට. මට මතකයි මගෙන් ඇවිත් ඇහුවා ඔයාද සැඟවුණු අමුත්තා කියලා
ReplyDeleteමම ඒක අහන්න ඇති.ඔයා දන්නවාද හරියටම සැඟවුණ අමුත්තා කවුද කියලා.
Deleteවෙනි අයියා නේද.
DeleteANWER MANATUNGA GE HUCHCHAKKUWATA OBAPUWAMA INTERNET BACKFIRE WENAWA. ANDOMAI.
ReplyDeleteමොකක්?
Deleteමාත් උදේ අක්කත් එක්ක කතා කලා මතක හැටියට. අක්කගෙ නිවේදන කටයුතු නම් සුපිරියි.
ReplyDeleteඔහොම කියන්ට එපා මල්ලි ලැජ්ජා හිතෙනවා..
Deleteමමත් ඉවර වෙනකම්ම හිටිය..ස්තුතී
ReplyDeleteඑහෙමද?
Deleteලබන පාර එන්න මටත් සුදුසුකර්‍ම තියනවා මගේ හිතේ
ReplyDeleteසල් කෙසේ වෙතත් මලක් තව පොඩ්ඩෙන ඇහිද ගන්නවා ගිය එකෙන් .අපොයි ...මෙදාපාර මාර සවුත්තුව මට .... ! මෙන්න නීනු මට පිස්සුත් කියල.... !
ReplyDeleteඅනෙ මන්දා අප්පා..... ! මොනව උනත් වැරදියට ගිය එකත් මාර අවුරුදු උත්සවේ . මන් උදව් කොරන්නත් ගියා කියමුකො එතන හිතපු කෙල්ලො වගයකට
ReplyDelete