මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/23/12

නෙරංජිගේ ඇසින් සයිබර් උළෙල


සයිබර් උළෙල මෙවර ඉතාම හොඳින් පැවැත්වුණා. නමුත් පැරණි බ්ලොග් කරුවන් රැසක් එයට සහභාගි වෙලා හිටියෙ නැහැ. බ්ලොග් ලොව නම් දරන හුඟක් අය අඩුයි කියලා මට හිතුණා. අපිට දුන්න කෑම වේල ඇත්තටම හොඳයි. තරග වලට ගිය වර වගේම තෑගිත් දුන්නා. ටිකක් අහු මුල්ලක වුණත් කුරේ ක්‍රීඩාංගනයෙන් අවශ්‍යතාව ඉටු වුණා. කොහොම වුණත් ඊළඟ අවුරුද්දෙ සයිබර් උළෙලට අමතරව වෙනසක අවශ්‍යතාව මට දැණුනා. තවත් අයට එය දැනුණ වග මම දන්නවා. නමුත් අපේ කෙල්ලො කොල්ලො බොහොම වෙහෙස වෙලා කරපු මේ උත්සවය කාටවත්ම අඩුවට තකන්න බෑ. අඩු පාඩු වෙන්න ඇති. ඒත් වැඩක් කරනකොටනෙ අඩුපාඩු වෙන්නෙ. වැඩක් නොකරන කෙනෙක්ට කවදාවත් අඩුපාඩු වෙන්නෙ නෑ.

ඔබට විනෝද වෙන්න මම දෙයක් කියන්නද? ඔබ කවුරුත් දන්නවානෙ උෂාන්. (අන්තිමයා) ...ඔන්න අන්තිමයා තිෂාරා අක්කා එක්ක. කල ලැහැස්ති වෙලා සබිබර් අලුත් අවුරුදු උත්සවේට එන්න පිටත් වුණා. කුරේ ක්‍රීඩාංගනය ගාවින්ම බස් එකෙන් බැහැපු උෂාන් අවුරුදු උත්සවයට ඇතුළු වුණා. නාඳුනන හුඟක් අය හිටියත් හිනාවෙලා කොහොමද කියලා අහලා.. කට්ටියට පැය භාගයක් විතර උදව් වුණා. ලී බඳින්ඩ..ලණු අදින්ඩ, සරසන්න... නාඳුනන බ්ලොග්කරුවන් අතරෙ කිසිම දන්න මූණක් තවමත් ඇවිත් නෑ. නෙරංජි තාම නැත්තෙ ඇයි කියලා හිතපු උෂාන් ඇයට කෝල් එකක් දුන්නා..

නෙරංජි කතා කළා..

උෂාන් - ආ ඉබ්බී.. මම ආවා කොහෙද අඩෝ උඹ ඉන්නෙ?

නෙරංජි - ඈ පොකිරිස්සො මම ඉන්නෙ පැවිලියන් එකේ මට නම් පේන්නෙ නෑ...

උෂාන් - ඈ යකෝ මම මේ මැද ස්ටේජ් එකේ, වර මේ හරියට..

නෙරංජි - මොන මැද ස්ටේජ් ද? මේකෙ උස තැනක් තියෙන්නෙ පැවිලියන් එකේ විතරයි..

උෂාන් - මොකා උඹලා වැරදි උත්සවයකට ගියාද? මං මේ ඉන්නෙ අවුරුදු උත්සවේ.. තාම දන්න අය ඇවිත් නෑ.

නෙරංජි - අනේ හැලගෙම්බෝ වැපා දුකා අයියා අභී අයියා ඔක්කොම මේ ඉන්නෙ... මේ හරි එක...

උෂාන් - එතකොට මම ඉන්නෙ වෙනින් එකකද? මලාආ ආ ආ ආ ආ

ඉන් පැය බාගෙකට පස්සෙ තමා උෂාන් නියම උත්සවයට ළඟා වුණේ... හික් හික් හික්....

57 comments:

  1. ස්තුති කිව්වා

    ReplyDelete
  2. හැමොගෙම උදව් වෙන් මේපාරත් වැඩේ ගොඩ දාගත්තා

    ReplyDelete
  3. නෙරංජි අක්ක එක්කත් කතා කරන්න බැරි වුනානෙ...හි.හො. පිස්සා ටිකක් පරක්කු වෙලා ආවෙ ඊළඟ පාර අනිව කතා කරන්නම්.....:)

    ReplyDelete
    Replies
    1. පිස්සුද අක්කෙ මේකට ඇවිල්ල හිත නරක් කරගන්න.........ආයෙ ඉතින් පිස්සුවක් ඇතෑ.......:D

      Delete
  4. හෙහ් හෙ........ කව්ද උෂාන් කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. අන්තිමයා... (පූසාගෙ යාලුවා)

      Delete
    2. හොඳ වැඩේ පුශා වගේ එව්වො ආස්සරේ කරනවට..:D

      Delete
    3. මම ඒ කාලෙම කීවා ඔය ආස්සරේ අත් හරින්ඩ කියලා.. කෝ ඇහුවායෑ

      Delete
    4. ayiyoe ara ahinsaka puusawat allagena ... ! maTamayi wenne ....e unaaTa itin wAradiyaTa gi

      Delete
  5. නෙරන්ජි අක්කා කොහොම හරි යෝග‍ටුත් කැව්වනේ.. නිවේදන වැඩ නියමයි හොඳේ.. :)

    ReplyDelete
    Replies
    1. අභීත අයියා දිනුවෙ යෝගට් එක හලලා කියන්නෙ ඇත්තද?.. කමක් නෑ මම තරඟ කරන්ඩ හිතාගෙන ආවෙ නෑ. ඒකයි 2.නැත්තම් මේපාරත් 1. උෂාන් මට දුවන්න කියපු එක මට ඇහුණෙ නෑ.. මම හිතලයි දිව්වෙ

      Delete
  6. වැඩේ නියමෙ ට කෙරුණා. මගේ ජීවිතේ අමතක ම නොවන දවසක්........

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි... එහෙනම් රෑට ඇඟ නොහෝදා වෙන්ට ඇති නිදා ගන්ට ඇත්තෙ.

      Delete
  7. හිකිස්......හයියූ......
    මේව ඇහෙනකොටනම් ඇඩෙනව අප්ප...:(

    ReplyDelete
  8. ඉලියට ඇවිත් ෆිල්ම් හෝල් එක ගාවට වර කීවම හරි හරි මං ඉන්නෙ ලුම්බිණි හෝල් එක ලඟ කීවා.
    වැල්ලවත්ත සැවෝයි වෙනුවට උසානයා ගිහින් තියෙන්නේ හයිලෙවල් පාරේ

    පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔයා නැත්තම් පැට්ටො...තාම උෂාන් සල් මල් අහුලනවා

      Delete
  9. දෙයියනේ ඒ ඔයාද? දන්නවනම් ඔයාට කොච්චර වැඩ තිබුනත් මම කථා කරනවා.

    ReplyDelete
    Replies
    1. ආ හලේ ඔයා ආවාද?...සන්තෝසයි නොදැක්කාට.. :D

      Delete
  10. :)
    //බ්ලොග් ලොව නම් දරන හුඟක් අය අඩුයි කියලා මට හිතුණා.//
    ඒකනේ මාත් නෑ....:-)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නම දරලා කොහොම වෙතත් නම දිරයි දිගට නොලීවොත්

      Delete
    2. වැරදීමක්ද කොහෙද! මගේ නිවුන් සහෝදරය Raj එක්ක ටැපලිලාද කොහෙද!

      Delete
  11. හප්පෙ අක්ක ලියන ඒව කියෙව්වට ඔන්න මෙද පොටේ තමයි අක්කව දැක්කේ,වැඩේනම් නියමටම තිබුනා

    ReplyDelete
    Replies
    1. එහෙමද? මම සංවිධායකයෙක් නෙවී...ඒ ළමයින්ට කියන්ට... සතුටු වෙන්ඩ..දිරිමත් වෙන්ඩ

      Delete
  12. හික් හික්....අන්තිමේදි නීනු අපිට පොඩි පාටියකුත් දුන්නනේ........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැතිව බෑනෙ.. සීන් දෙකයි.

      Delete
  13. පූසා තමා මේකට වග කියන්න ඕනා. ඕකගෙ වල්ගෙ කපමු!!!

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ වල්ග නොකපා හිටු

      Delete
  14. මමනම් කතා කලානෙ අක්කා එක්ක.. :D අපි ආඩම්බර නෑනෙ..;)

    ReplyDelete
    Replies
    1. එහෙමද? මට රූපෙ මතක නෑ... සමා වෙන්ට

      Delete
  15. අක්කා.... වැඩිහිටි බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් නැති වුනත් අපි පුළුවන් උපරිම මට්ටමෙන් උළෙල සංවිධානය කළා කියලා හිතෙනවා. ඒ වගේම අභීත අයියලා, දුකා, වැප්, හසී වගේ ජ්‍යෙෂ්ඨයොත් ඔයාලත් අපිට ගොඩක් උදව් කලා. ඒ හැමෝටම ස්තුතියි....

    ReplyDelete
  16. හොද වෙලාවට අන්තිමයා නෙරංජිට කෝල් එකක් ගත්තේ.. උඹලා කොයි වෙලේ හරි ඒවි කියල හිතලා හිටියනම් කොහොමද?

    ReplyDelete
  17. :( මට එන්න බැරි වුනානේ

    ReplyDelete
  18. මට නම් මෙච්චර කල් නීනු අක්කා කිව්ව නෙරංජියාව අඳුරගන්න ලැබුනේ මේ වතාවේ.... :P

    ReplyDelete
  19. උෂාන් කවුරු උනත් මරු ඉන්සිඩන්ට් එක. හෙහ් හෙහ්. කෝල් එක දුන්නෙ නැතිනම් පොර තාමත් එතන.

    ස්තුතියි විස්තරේට.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හම්... පොරට ටිකක් විතර පිස්සු

      Delete
    2. අනෙ මන්දා අප්පා..... ! මොනව උනත් වැරදියට ගිය එකත් මාර අවුරුදු උත්සවේ . මන් උදව් කොරන්නත් ගියා කියමුකො එතන හිතපු කෙල්ලො වගයකට

      Delete
  20. අක්කා එක්ක කතා කරන්න බැරි උනාද මට. මට මතකයි මගෙන් ඇවිත් ඇහුවා ඔයාද සැඟවුණු අමුත්තා කියලා

    ReplyDelete
    Replies
    1. මම ඒක අහන්න ඇති.ඔයා දන්නවාද හරියටම සැඟවුණ අමුත්තා කවුද කියලා.

      Delete
    2. වෙනි අයියා නේද.

      Delete
  21. ANWER MANATUNGA GE HUCHCHAKKUWATA OBAPUWAMA INTERNET BACKFIRE WENAWA. ANDOMAI.

    ReplyDelete
  22. මාත් උදේ අක්කත් එක්ක කතා කලා මතක හැටියට. අක්කගෙ නිවේදන කටයුතු නම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්ට එපා මල්ලි ලැජ්ජා හිතෙනවා..

      Delete
  23. මමත් ඉවර වෙනකම්ම හිටිය..ස්තුතී

    ReplyDelete
  24. ලබන පාර එන්න මටත් සුදුසුකර්‍ම තියනවා මගේ හිතේ

    ReplyDelete
  25. සල් කෙසේ වෙතත් මලක් තව පොඩ්ඩෙන ඇහිද ගන්නවා ගිය එකෙන් .අපොයි ...මෙදාපාර මාර සවුත්තුව මට .... ! මෙන්න නීනු මට පිස්සුත් කියල.... !

    ReplyDelete
  26. අනෙ මන්දා අප්පා..... ! මොනව උනත් වැරදියට ගිය එකත් මාර අවුරුදු උත්සවේ . මන් උදව් කොරන්නත් ගියා කියමුකො එතන හිතපු කෙල්ලො වගයකට

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.