5/1/12
මැයි කවිය
පාන්දර කලුවරට
එකතු කර රන් පාට
රතුපාට මවන ඉර
කතාවක් කියන්නට
සුදු මලක් තනියෙන්ම හොයනවා..
අරන් අහසේ පිපුණ
ගිනි ඉහින රතුපාට
තවරගෙන ඇඟ පුරා
සුවඳ ගෙන නුගිනුරා
පාවෙන්න නටු අගින් ගැලවිලා..
සොයනු උදෙසා මෙදා
දැවෙන හිරුගෙන් එදා
ගිනි පුලිඟු සොරාගත්
සත නිසා ජිවිතෙත්
දන් දුන්න පළමුවැනි ජීවියා...
හමුවේවි දම්වැලක
එතී ඇති ඔහු සිරුර
ලේ අතුණු බහන් රස
විඳින ගිජුලිහිණි රොත
රතු දෙනෙත් කෑදරෙන් හැරපියා
යළිත් ඔහු පණ ලබන
දිනක් එනතුරාවට
ඔහු අසල වැතිරෙන්න
පරවෙලා
පිපෙන්නට අලුත් දවසක් බලා...
Subscribe to:
Post Comments (Atom)
දවස් තුන්සිය හැටපහම දුක් විඳින කම්කරු ජනතාව වෙනුවෙන් මෙහෙමවත් දිනයක් වෙන් කරලා තියෙන එක අගේ කල යුතු ය.
ReplyDeleteකවි පන්තිය ලස්සනයි නංගි !!!
තැන්කිවු අයියෙ
Deleteඑලයි ඈ
ReplyDeleteතැන්තිවු ඈ
Delete//රතුපාට මවන ඉර
ReplyDeleteකතාවක් කියන්නට
සුදු මලක් තනියෙන්ම හොයනවා..//
ලස්සන අදහසක් නංගී..
අර්ථවත් මුලු කවි පෙළම..
ස්තූතියි අක්කෙ
Deleteරතුපාට ගැන කියලා තියෙන්නෙ..? කම්කරු දිනේටද? :O
ReplyDeleteප්‍රොමිතියස් ගැන දන්නවාද? ඉරෙන් ගින්දර අරන් ආපු...
Delete//හමුවේවි දම්වැලක
ReplyDeleteඑතී ඇති ඔහු සිරුර
ලේ අතුණු බහන් රස
විඳින ගිජුලිහිණි රොත
රතු දෙනෙත් කෑදරෙන් හැරපියා//
සුපිරියි!!!
ස්තූතියි
Deleteවැඩ කරන ජනතාවට ජය වේවා!!
ReplyDeleteඅද පෙළපාලිවත් ගියැයි??
පිස්සුද ... අපි යන පෙළපාලි
Deleteවැඩ කරන ජනතාවගේ දහඩිය සුවද වෙන්දේසි වන දවස අදයි.
ReplyDeleteලස්සන කවියක්
මාත් ඔන්න වෙන්දේසි කළා.. ලන්සුව කීයද?
Deleteකවි පෙල ලස්සනයි
ReplyDeleteස්තූතියි
Deleteලස්සනයි මැණික.
ReplyDeleteස්තූතියි චූටි පැටියො
Deleteලස්සනයි නංගි....
ReplyDeleteස්තූතියි
Deleteදැනෙන්න ලියල තියෙනව.......
ReplyDeleteස්තූතියි
Delete