පළමු කොටස - දෙවන කොටස - තෙවන කොටස
"සීයා ස්වර්ගෙට ගියා "
මගෙ මුහුණ වෙනස් වුණේ නෑ. ඒ ගැන මයිකල් වුණත් පුදුම වුණේ නෑ. විලියම්ගෙ මරණින් පස්සෙ මටත් සීයාව එපා වුණා. සීයා විලියම්ට ඒ තරම් කැමැත්තක් නැතත් අකමැති වෙන්න හේතුවක් තිබුණෙ නැහැ. කොහොම නමුත් මයිකල් කීව විදිහට සීයාට අමාරු වෙලා තියෙන්නෙ, කන්ද බහිද්දි.
සීයා බිමට වැටෙනවා දැකලා, මයිකල් සීයාගෙ උදව්වට ගිහින්. ඉන්පස්සෙ සීයාට අමාරු වග දැනුනාම පල්ලියට ගිහින් පියතුමා එක්ක ඇවිත් . අන්තිම ආලේපනය දෙනාකොටත් සීයාට සිහිය තිබුණ වග මයිකල් කීවා. ඔහු පාපෝච්චාරණය කළේ හොඳ සිහියෙන්ද කියලා මයිකල්ට සැකයිලු. කොහොම නමුත් අවසාන මොහොතෙ විලියම් ගැන දුක් වෙලා ඔහු පව් සමා කරගත්ත එක හොඳයි ඒ ඇයි කියලා අහන්න මට හිතුණා. ඒත් ඒක මම නොසලකා හැරියා. ඇයි මම එහෙම කළේ?
මයිකල් කන්‍යාරාමයෙන් පිට වුණ සැණින් මම හිණිපෙළ දිගේ උඩට දිව්වා. කන්‍යාරාමයෙ සොයුරියක් මගේ පසු පසින් ඇවිත් මට කතාකළා. අත් බෝරිච්චි දාපු කහ පාට දිග ගවුම එහෙම්ම කරකවගෙන මම ඇය දෙසට හැරුණා.
ඇය මගේ ගවුමි කොණක් ඇඟිලි තුඩින් අල්ලලා පෙන්වූ හැටි මට තවම මතකයි. ඉහළ විද්‍යාව පොතේ තිබුණ විදිහට මම අද වැඩිවිය පැමිණිලා. මට වයස පහළව පිරුණෙ ගිය සුමානෙ. දැන් මම යුවතියක් කියලා හිතුණ නිසා මට දැනුණ ආඩම්බරය සීයා ගෙ මරණය අමතක කලා. කොහොමත් මට ඔහුගෙ මරණය ගැන දුකක් තිබුණෙ නැහැ. විලියම් මතක් වෙන කොට මට දැනුණෙ ඊට වැඩි දුකක්. මම යුවතියක් වග හැඟෙන කොට විලියම් නැති වුණ දුක මහ වේදනාවක් විදියට දැනුණා.
ජීවිතේ ඉන්පස්සෙ වේගයෙන් ගෙවෙන්න පටන් ගත්තා කියලමෙට හිතෙනවා. මේ අතරෙ මයිකල් මාව ආයෙත් බලන්න ආවා. පළවෙනි වතාවට පස්සෙ හරියටම මාස දෙකයි දවස් දහ තුනකට පස්සෙ. සීයාගෙ මරණය ගැන කියන්න ආපු මයිකල්ට වඩා ඒ මොහොතේ හිටපු මයිකල් ගැන මට පුදුම බැඳීමක් ඇති වුණා.
ඔහු දැන් අවුරුදු දහහතක විතර ඉලංදාරියෙක්. ඇත්තටම දැන් ඔහු විලියම් වගේ. ඒ නිසාමද මන්දා මට ඔහු ඒ තරමට ම ආකර්ෂණීය විදිහට පෙනෙන්න වුණේ. ඉස්සර මම විලියම්ගෙන් දැක්ක සුන්දරත්වය කඩවසම් බව තරමටම නැතත් ඊට කිට්ටු හුරුවක් මයිකල්ගෙ නොතිබුණා නොවේ. ඒ දෙන්නා අම්මලා දෙන්නෙක්ගෙ. නමුත් දෙන්නාගෙම තාත්තා අර්නස්ට් මාමාලු.
මයිකල් පතලක වැඩට යන වග තමයි මට කීවෙ. පතල මේ පළාතෙ එකක් විත්තිය කියලා වෙනත් කතාවක් ඇද ගත්ත ඔහු පතල තියෙන තැනක් නම් කිව්වෙ නැහැ. ඉන්පස්සෙ ඔහු නිතර නිතරම මාව බලන්න කන්‍යාරාමයට ආවා. වසර පහක් හයක් පුරා තිබිච්ච පූජත්වයේ සක්‍රෙම්න්තුව ලැබීමේ ආසාව එහෙම්මම මගේ හිතින් දුරස් වුණා. ඒකට හේතුව මයිකල් වෙන්න ඇති. ඔව් ඉතින් එහෙම ආසාවක් අති වෙන්නත් කන්‍යාරාමයට තැපැල්කාරයාටයි, කිරිකාරයටයි පිටින් ආපු එකම පිරිමියාත් මයිකල් විතරනෙ.
කන්‍යාරාමෙන් නික්ම යන්න කාලෙ හරි. පූජත්වයට අකමැති නම් කන්‍යාරාමයේ වයස දහ අටෙන් පස්සෙ ඉන්න කිසිම අවසරයක් නෑ. මම රස්සාවක් සොයාගෙන යන බව කන්‍යාමවුතුමියට දන්වලා සෑහෙන කාලයක් මට හෙවණ දුන් කන්‍යාරාමයෙන් පිටවුණා. ඒ අනාත දැරියක් විදිහටම තමයි. මයිකල් නැවත ආවොත් දෙන්න කෙටි පණිවිඩයක් මම කන්‍යා සොයුරියක් අතට දීලා යන්න මම අමතක කළේ නැහැ.
මහ පාර දිගේ මට උරුම පුංචි ටකරං පෙට්ටියත් එල්ලගෙන ඉස්සරහට එනකොට, මම කවදාවත් නොදුටු දර්ශනයක් දැක්කා.
නුදුරේම තවත් කොටසක්
අදමයි කියවන්න ගත්තේ.....:(
ReplyDeleteඑහෙමද? ස්තූතියි...
ReplyDeleteඉදිරියේ කතාව ලස්සන වෙයි කියලා හිතනවා බලමුකෝ..
ReplyDeleteකතාව මගේ ජීවිතේ වගේ වුණොත් ඒක දුකක් වෙයි
Deleteඅපි කාගේ කාගෙත් කතා හරි දුක්බරයි නංගි.....දුකක් වුණත් සතුටක් වුණත් අපිට ඒක බාරගන්නම වෙනවා...මොකද ඒක අපේ ලැබීම නිසා.....
Deleteඅක්කා... හරි
Deleteම්ම් ම්ම්....ලස්සන කතාව මගෙ අක්කියෝ....ඉතිරි කොටසත් ඉක්මණටම දාන්න......
ReplyDeleteහරි නංගියො
Deleteඇත්තටම ඔය කොයි රටට ගිහිල්ලද ඕක ලියන්න අත්දැකීම් ලබාගත්තේ නංගෝ..
ReplyDeleteමගේ හීන ඇතුළෙ ඕනෙ තරම් ලෝක තියෙනවා මගෙ අයියෙ.. මම ඒ ලෝකෙකින් තමයි අත්දැකීම් ලැබුවෙ.
Deleteඔයා දිගටම ලියන්න ...අද ඉඳලා මම ඔයාගෙ රසිකයෙක්
ReplyDeleteස්තූතියි ලක්මාල්
Delete