වෙසක් දවසට නවකතා කියවන්න හොඳ නැති එකේ මෙහෙම දෙයක් ලිව්වා.
වෙසක් උළෙල අද වෙනකොට කොයිතරම් වාණිජකරණය වුණත් මම සතුටු වෙන්නෙ තවමත් අපි වෙසක් ප්‍රතිපත්තිමය වශයෙන් සමරන එක ගැන. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා වගේම අද ලෝකෙ මාර්කට් නොවෙන දේකට අනාගතය තුළ රඳා පැවතීම අමාරු නිසා බුදු දහමත් මාර්කට් කරන්නම වෙනවා. මේ මාර්කට් වීම තුළ දුවන ප්‍රචාරණය ඔස්සේ හැකියාව ඇත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් සත්‍ය පසක් කර ගනීවා කියන එක තමයි කියන්න වෙන්නෙ.
බඩුමිලත් එන්න එන්නම නගින එකේ, දැන් හුඟක් අයට වෙසක් පෙනිලා කියලා මට හිතෙනවා. අපි වෙසක් කාලෙට නගරාසන්නව ලොකු විදුලිය ප්‍රමාණයක් ආලෝකකරණය උදෙසා පරිභෝජනය කරනවා. ඒක අපිට පෞද්ගලික මට්ටමෙන් දැනෙන්නෙ මැයි මාසෙ කරන්ට් බිල ආවාම. ජාතික මට්ටමෙන් දැනෙන්නෙ විදුලි නිශ්පාදනය අඩු වුණාම.
සැරසිලි කියන දේ අද වෙන කොට මාර්කටිං ක්‍රමවේදයක්. මේ නිසා සම්පූර්ණයෙන්ම එට අපි විරුද්ධ වුණත් වැඩකුත් නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මනොවිද්‍යාත්මකව, මාර්කටිං ඇසුරෙන්ම සැරසිලි කියන දේ වටිනාකම අඩු කරලා, ප්‍රතිපත්තිමය සාධක වලට වටිනාකම වැඩි කළොත් ඇත්තටම වෙසඟ කියන දේ වාණිජකරණය ඇතුළත සුන්දරත්වයක් මවාවි. කොහොම වුණත් මට දැනෙන විදිහට නම්, කවුරුත් මේ කල්පයෙ රහත් වෙන එකක් නෑ. ඒ නිසා යහපත් ජීවිතයක් සඳහා අඩුම තරමෙ පන්සිල් පද පහ රැක්කා නම් හොඳටම ඇති. අපි ඒකවත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.
කොයි කොයි දේ කීවත් මමත් වෙසඟට ඔක්කොම පැත්තක දාලා කූඩු හැදුවා. බල්බ් එල්ලුවා. ආමිස පූජාවෙන් නැගෙන සුන්දරත්වය තමයි ප්‍රතිපත්ති පූජාවට මඟ කියන්නෙ. බල්බ් වැල් තිබ්බා ලස්සනට.කැමරාවෙ ප්ලෑෂර් එක නිවා ගන්ඩ නොදන්න කම නිසා ලස්සනට පින්තූර ගන්ඩ බැරි වුණා. ඉතින් දැම්මෙ නෑ. මේ මගේ අතින් හදපු කූඩු දෙක.
මම වෙසක් උත්සවයට මගේ හිතට එන දේ කවියකට නැගුවා.. මෙන්න මෙහෙම
wesak we mp3 by Neranji Ekanayake
අද මම 1
ReplyDeleteඔයා කවදත් එක.
Deleteආස කරන විදියට ලස්සන දවසක් උදාකරල දෙන්න බැරි උනාට සමාවෙන්න.
Deleteදවසක් තියේවී ඒ විදියට ගතවෙන. මං එදවස එනකල් බලං ඉන්නවා
ගොඩක් බලාපොරොත්තු නෑ මට දැන්..ඔයා ළඟ ඉන්න දවසක ඒවා ඇති කරගන්නම්.ආදරේ නැතිව නෙවෙයි.. ආදරේ වැඩි නිසයි.
Deleteඔයත් එහෙනම් ප්‍රෝගෑම් ලියන්න දන්නව නේද?
Deleteදන්නවා දන්නවා.......මගෙ අයියා මහත්තයාට පුළුවන්නෙ
Deleteබෞද්ධ කියන වචනයෙ තේරුමවත් බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැති එකනෙ වෙලා තියෙන්නෙ.ඔයාගෙ ඔය කවියෙ තියෙන ඒ අදහසට මම හුගක් කැමතියි අක්කේ.
ReplyDelete//දහසක් බුදුවරු ගියෙ කළුවර මැද නිවනට//-මට අන්න ඒ ටිකට තමයි වැඩිපුරම ආස හිතුණෙ.
ස්තූතියි නංගි...
Deleteලස්සන කවි සිතුවිල්ලක්..
Deleteස්තූතියි...
Deletegood work Sister.. we Follow you always.
DeleteCreative one
Admin - Lanka Art
ගොඩක් ස්තූතියි..
DeletePerfect neranji... liyala thiyenawa lassanata mma mewata aasai...
ReplyDeleteස්තූතියි ඔබට හුඟක්!!
Deleteලස්සන කවි පන්තිය අක්කියා...
ReplyDeleteස්තූතියි හුඟක්
Deleteඔන්න ෆලෝ පාරකුත් දැම්මා..
Deleteස්තූතියි නෙතුකි
Deleteනියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න
ReplyDeleteඑන්න ලින්ක් එකක් නෑනෙ
Deleteමේ විපරිත ලෝකෙ වෙසක් එක විතරක් නොවෙයි සි0හල අවුරුද්ද,නත්තල,වැලන්ටයින් දිනය සහ කොටින්ම කියතොත් මව්වරුන්ගේ දිනය පවා මාර්කටින් වන තත්වයක් තමා තියෙන්නෙ :( වෙසක් සිතිවිල්ල නම් ගොඩාක් ලස්සනයි..
ReplyDelete"දහසක් බුදුවරු ගියෙ කළුවර මැද නිවනට" කියන කොටසට මගෙත් හිත ගියා
ගොඩක් ස්තූතියි....ඔබට
Deleteඋඩ කමෙන්ට් වලින් වෙන කතාවකුත් ගිහින් තියෙන්නේ. හික්ස් :)
ReplyDeleteකවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි !!!
ස්තූතියි.. මධු අයියෙ
Deleteදැන් හැමදේම අළෙවි වෙන තත්වයකට ඇවිත් තියෙන්නේ.. අඩුවට තියෙන්නේ කම්කරු දින සුභපැතුම් පත් විතරයි..
ReplyDeleteමහා ලොකු දේවල් නොකලට මුදුන් වෙනුවෙන් පත්තු කරන එක පහණක් උනත් අපේ හිතේ සතුට වැඩි කරනවා..
ඒක ඇත්ත අයියෙ
Deleteලස්සන කවි පද ටික නීනු....
ReplyDeleteස්තූතියි නිසූ
Delete