මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/5/12

නෙරංජිගේ වෙසක් දවස


වෙසක් දවසට නවකතා කියවන්න හොඳ නැති එකේ මෙහෙම දෙයක් ලිව්වා.

වෙසක් උළෙල අද වෙනකොට කොයිතරම් වාණිජකරණය වුණත් මම සතුටු වෙන්නෙ තවමත් අපි වෙසක් ප්‍රතිපත්තිමය වශයෙන් සමරන එක ගැන. හැම දේකම හොඳ සහ නරක පැත්තක් තියෙනවා වගේම අද ලෝකෙ මාර්කට් නොවෙන දේකට අනාගතය තුළ රඳා පැවතීම අමාරු නිසා බුදු දහමත් මාර්කට් කරන්නම වෙනවා. මේ මාර්කට් වීම තුළ දුවන ප්‍රචාරණය ඔස්සේ හැකියාව ඇත්තෝ ප්‍රතිපත්තිමය වශයෙන් සත්‍ය පසක් කර ගනීවා කියන එක තමයි කියන්න වෙන්නෙ.

බඩුමිලත් එන්න එන්නම නගින එකේ, දැන් හුඟක් අයට වෙසක් පෙනිලා කියලා මට හිතෙනවා. අපි වෙසක් කාලෙට නගරාසන්නව ලොකු විදුලිය ප්‍රමාණයක් ආලෝකකරණය උදෙසා පරිභෝජනය කරනවා. ඒක අපිට පෞද්ගලික මට්ටමෙන් දැනෙන්නෙ මැයි මාසෙ කරන්ට් බිල ආවාම. ජාතික මට්ටමෙන් දැනෙන්නෙ විදුලි නිශ්පාදනය අඩු වුණාම.

සැරසිලි කියන දේ අද වෙන කොට මාර්කටිං ක්‍රමවේදයක්. මේ නිසා සම්පූර්ණයෙන්ම එට අපි විරුද්ධ වුණත් වැඩකුත් නෑ. එහෙම වෙන්න ඕනෙත් නෑ. මනොවිද්‍යාත්මකව, මාර්කටිං ඇසුරෙන්ම සැරසිලි කියන දේ වටිනාකම අඩු කරලා, ප්‍රතිපත්තිමය සාධක වලට  වටිනාකම වැඩි කළොත් ඇත්තටම වෙසඟ කියන දේ වාණිජකරණය ඇතුළත සුන්දරත්වයක් මවාවි. කොහොම වුණත් මට දැනෙන විදිහට නම්, කවුරුත් මේ කල්පයෙ රහත් වෙන එකක් නෑ. ඒ නිසා යහපත් ජීවිතයක් සඳහා අඩුම තරමෙ පන්සිල් පද පහ රැක්කා නම් හොඳටම ඇති. අපි ඒකවත් කරන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.

කොයි කොයි දේ කීවත් මමත් වෙසඟට ඔක්කොම පැත්තක දාලා කූඩු හැදුවා. බල්බ් එල්ලුවා. ආමිස පූජාවෙන් නැගෙන සුන්දරත්වය තමයි ප්‍රතිපත්ති පූජාවට මඟ කියන්නෙ. බල්බ් වැල් තිබ්බා ලස්සනට.කැමරාවෙ ප්ලෑෂර් එක නිවා ගන්ඩ නොදන්න කම නිසා ලස්සනට පින්තූර ගන්ඩ බැරි වුණා. ඉතින් දැම්මෙ නෑ. මේ මගේ අතින් හදපු කූඩු දෙක.




මම වෙසක් උත්සවයට මගේ හිතට එන දේ කවියකට නැගුවා.. මෙන්න මෙහෙම




මේ තියෙන්නෙ වෙසක් උළෙල වෙනුවෙන් නෙරංජි හදපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මුහුණු පොතේ ක්‍රියාත්මක වන  " අපි " එකමුතුවෙ ඉල්ලීමක්. වීඩියෝවක් විදිහට මුහුණු පොතේ දමා ගිබුණත් ඒක මෙතෙන්ට ගන්න විදියක් මම දන්නෙ නෑ.. ඉතින් සවුන්ඩ් ක්ලවුඩ් දැම්මා.



wesak we mp3 by Neranji Ekanayake

28 comments:

  1. Replies
    1. ආස කරන විදියට ලස්සන දවසක් උදාකරල දෙන්න බැරි උනාට සමාවෙන්න.
      දවසක් තියේවී ඒ විදියට ගතවෙන. මං එදවස එනකල් බලං ඉන්නවා

      Delete
    2. ගොඩක් බලාපොරොත්තු නෑ මට දැන්..ඔයා ළඟ ඉන්න දවසක ඒවා ඇති කරගන්නම්.ආදරේ නැතිව නෙවෙයි.. ආදරේ වැඩි නිසයි.

      Delete
    3. ඔයත් එහෙනම් ප්‍රෝගෑම් ලියන්න දන්නව නේද?

      Delete
    4. දන්නවා දන්නවා.......මගෙ අයියා මහත්තයාට පුළුවන්නෙ

      Delete
  2. බෞද්ධ කියන වචනයෙ තේරුමවත් බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැති එකනෙ වෙලා තියෙන්නෙ.ඔයාගෙ ඔය කවියෙ තියෙන ඒ අදහසට මම හුගක් කැමතියි අක්කේ.

    //දහසක් බුදුවරු ගියෙ කළුවර මැද නිවනට//-මට අන්න ඒ ටිකට තමයි වැඩිපුරම ආස හිතුණෙ.

    ReplyDelete
  3. Perfect neranji... liyala thiyenawa lassanata mma mewata aasai...

    ReplyDelete
  4. ලස්සන කවි පන්තිය අක්කියා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ෆලෝ පාරකුත් දැම්මා..

      Delete
  5. නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  6. මේ විපරිත ලෝකෙ වෙසක් එක විතරක් නොවෙයි සි0හල අවුරුද්ද,නත්තල,වැලන්ටයින් දිනය සහ කොටින්ම කියතොත් මව්වරුන්ගේ දිනය පවා මාර්කටින් වන තත්වයක් තමා තියෙන්නෙ :( වෙසක් සිතිවිල්ල නම් ගොඩාක් ලස්සනයි..
    "දහසක් බුදුවරු ගියෙ කළුවර මැද නිවනට" කියන කොටසට මගෙත් හිත ගියා

    ReplyDelete
  7. උඩ කමෙන්ට් වලින් වෙන කතාවකුත් ගිහින් තියෙන්නේ. හික්ස් :)
    කවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි !!!

    ReplyDelete
  8. දැන් හැමදේම අළෙවි වෙන තත්වයකට ඇවිත් තියෙන්නේ.. අඩුවට තියෙන්නේ කම්කරු දින සුභපැතුම් පත් විතරයි..

    මහා ලොකු දේවල් නොකලට මුදුන් වෙනුවෙන් පත්තු කරන එක පහණක් උනත් අපේ හිතේ සතුට වැඩි කරනවා..

    ReplyDelete
  9. ලස්සන කවි පද ටික නීනු....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.