මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/1/12

මැයි කවිය


පාන්දර කලුවරට
එකතු කර රන් පාට
රතුපාට මවන ඉර
කතාවක් කියන්නට
සුදු මලක් තනියෙන්ම හොයනවා..

අරන් අහසේ පිපුණ
ගිනි ඉහින රතුපාට
තවරගෙන ඇඟ පුරා
සුවඳ ගෙන නුගිනුරා
පාවෙන්න නටු අගින් ගැලවිලා..

සොයනු උදෙසා මෙදා
දැවෙන හිරුගෙන් එදා
ගිනි පුලිඟු සොරාගත්
සත නිසා ජිවිතෙත්
දන් දුන්න පළමුවැනි ජීවියා...

හමුවේවි දම්වැලක
එතී ඇති ඔහු සිරුර
ලේ අතුණු බහන් රස
විඳින ගිජුලිහිණි රොත
රතු දෙනෙත් කෑදරෙන් හැරපියා

යළිත් ඔහු පණ ලබන
දිනක් එනතුරාවට
ඔහු අසල වැතිරෙන්න
පරවෙලා
පිපෙන්නට අලුත් දවසක් බලා...



22 comments:

  1. දවස් තුන්සිය හැටපහම දුක් විඳින කම්කරු ජනතාව වෙනුවෙන් මෙහෙමවත් දිනයක් වෙන් කරලා තියෙන එක අගේ කල යුතු ය.

    කවි පන්තිය ලස්සනයි නංගි !!!

    ReplyDelete
  2. //රතුපාට මවන ඉර
    කතාවක් කියන්නට
    සුදු මලක් තනියෙන්ම හොයනවා..//

    ලස්සන අදහසක් නංගී..
    අර්ථවත් මුලු කවි පෙළම..

    ReplyDelete
  3. රතුපාට ගැන කියලා තියෙන්නෙ..? කම්කරු දිනේටද? :O

    ReplyDelete
    Replies
    1. ප්‍රොමිතියස් ගැන දන්නවාද? ඉරෙන් ගින්දර අරන් ආපු...

      Delete
  4. //හමුවේවි දම්වැලක
    එතී ඇති ඔහු සිරුර
    ලේ අතුණු බහන් රස
    විඳින ගිජුලිහිණි රොත
    රතු දෙනෙත් කෑදරෙන් හැරපියා//

    සුපිරියි!!!

    ReplyDelete
  5. වැඩ කරන ජනතාවට ජය වේවා!!

    අද පෙළපාලිවත් ගියැයි??

    ReplyDelete
    Replies
    1. පිස්සුද ... අපි යන පෙළපාලි

      Delete
  6. වැඩ කරන ජනතාවගේ දහඩිය සුවද වෙන්දේසි වන දවස අදයි.
    ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. මාත් ඔන්න වෙන්දේසි කළා.. ලන්සුව කීයද?

      Delete
  7. කවි පෙල ලස්සනයි

    ReplyDelete
  8. ලස්සනයි මැණික.

    ReplyDelete
  9. දැනෙන්න ලියල තියෙනව.......

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.