හෙට වැලන්ටයින් දවස.. හැමෝම ආදරය ගැන කතා කරාවි...සජීවීන්ට විතරමද? දැනෙන්නේ ආදරය?
රුසියාව....සමාජවාදය ගැන කතා කරන බොහෝ දෙනාගේ තුඩ රැඳෙන රටක්....බොහෝ නාට්‍ය කරුවන් තමන්ගේ නාට්‍යකරණ තුළ රුසියානු නිර්මාණ විටෙක පරිවර්තන ලෙසත්, අනුවර්තන ලෙසත් දක්වනු අප දැක තිබෙනවා...නමුත් හදවතේ නැගෙන සිතුවමක්...සංකල්පයක් රුසියානු සමාජයට ආරෝපණය කරන්නෙකුට ඊට වඩා ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා....
නමුත් එම කාර්ය සාර්ථකව පළ දරමින්,ඉතාම සුන්දර නිර්මාණයක් ප්‍රේක්ෂක සහෘදයන්ට ලබා දීමට ඊයේ " එදාත් අද වගේ දවසක්" සමත් වුණා..
මෙවර සරසවි නිර්මාණ කෙටි නාට්‍යය උළෙලේ හොඳම නළුවා, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම අංග රචනය ඇතුළු ජූරියේ විශේෂ සම්මාන තුනක් සහිතව, සම්මාන හයකින් පිදුම් ලැබීමට " එදාත් අද වගේ දවසක්" සමත් වුණා...
සැබෑ ලෝකයේ උෂාන් පුෂ්පකුමාර පෙරෙරා ... බ්ලොග් ලෝකයේදී අන්තිමයා ...මෙම නාට්‍යයේ සංකල්පීය අයිති කරුවා වෙයි ...ඔහුගේ නාට්‍ය තුළ ඇත්තේ චරිත දෙකකි...
ඔහු ගයිලී...දුප්පත් ලිපිකරුවෙක්.මැන්ඩෙරෝ ඇක්සිනොෆ් ...රදළ කුල දැරියක්...ඇගේ සිනහවකින් පමණක් ඔහුගේ හද තුළ උපන් ආදරයක්...රමණය,අනුරාගය,භෞතිකත්වයෙන් ඔබ්බට ගිය ආත්මීය ප්‍රේමයක්....වසර විස්සක්....තුරුණු වියේ මිය ගිය ඇය අද පාළු සුසානයක අඳුරු සිහිවටනයක්...
ගයිලිගේ උණුසුම් හදවත විසින් සැබෑ ලොවේ සමීපයටවත් යා ගත නොහැකි වූ ස්වප්නීය ආදරවන්තිය විවාහ කර ගෙන අවසන්...අද එහි විසි වෙනි සංවත්සරයයි... ඇය සැබෑ ලොවින් සමුගෙන වසර විස්සක් ද?....ඔහුගේ ලොවට පැමිණ වසර විස්සක් ද?... ඇගෙන් ආදරයක් ඔහුට කවදා හෝ ලැබුණාද?...ඔහු මේ ලොවේ ය....ඈ මළවුන් සමග ය...
පිළිමයක ආදරය කරන්න සැබෑ මිනිසෙකුට පුළුවන්ද?ඔබේ වර්ගවාදී සමාජය තුළ ගයිලී මානසික අසහන කරුවෙක් ය....එහෙත් ඔහු ආදරයේ ප්‍රතිමූර්තියක් නොවේද...ඇය වෙනුවෙන් අනුන් ඉදිකළ සිහිවටනයට සජීවී ආදරයක් ඔහු දක්වන්නේ ය...
මේ චරිත දෙකින් නිරූපනය වන්නේ...පංති දෙකක එක් නොවූ හැඟීම්...කඳුළු වලින් ලියූ නිහඬ ප්‍රේමයක දොම්නස්ජනක සිදුවීම් ය....
එදා රුසියානු සමාජයේ පැවති දේශපාලනයට ප්‍රේමයක් තුළින් ව්‍යංග පහරක් එල්ල කිරීම පමණක් මෙහි අරමුණ වූවාදැයි කීමට සැබැවින්ම නරඹන්නෙකු ලෙස මම මැලි වෙමි...
එහෙත් ආඅදරයට පද්නම් නොවූ එහෙත් විවාහයේදී බලපාන බොහෝ ප්‍රස්තුතීන් තුළින් ඔවුහූ දුරස් වූහ..එහිදී දේශ්පාලනය,වර්ගය,කුලය,පංතිය එකට සන්නද්ධ වී ඔවුන්ට,නැහැ..ඔහුට පහර දී ඇත.....
ඇය ඔහුට ආදරය කළාද? සමහර විට නොවන්නට පුළුවන...සමහර විට එය විය හැකිය...
අවසාන ජවනිකාවේ අවසාන තත්පර කීපයේ...මැන්ඩෙරෝ ඇක්සිනෝෆ් ප්‍රතිමාව යම් චලනයක් දක්වා නිසොල්මන් වෙනු නරඹන්නාට පෙනෙයි....ඒ ගයිලිගේ හදවතේ දැවෙන,උණුසුම් ආදරය වෙනුවෙන් කෙරෙන කෘත ගුණයක්ද?...
පරම්පරාව විසින් ඇයගේ මරණය සිහි වීමට ඉදි කරන ලද සොඳුරු සිහිවටනය ඇගේ පරම්පරාව විසින් ම අමතක කර දමා ඇත...දැන් ඇය පරම්පරාවට අමතකය. එහෙත් ඔහුට ඇය තවමත් ජීවමානය..
"මම කැමතියි උඹ සුදුපාට වුණා නම් එතකොට මට උඹේ ඇඟේ තිබෙන කුණු පිහිදාන්න තිබ්බා..උඹ කළු පාට නිසා මට ඒවා හරියට පේන්නෙ නැහැ..."
සැබෑ ලොවේදි විවාහ වුණු මැන්ඩෙරෝ...මිය ගියේ ඇයි? හදිසියේම.. තාරුණ්‍යයේදීම...ඇය ගැන ,ඇගේ මරණය ගැන තවමත් නරක කට කතා පැතිරෙනවා වත්ද?...ගයිලි ඔබ පිස දමන්න හදන්නේ ඇගේ ආත්මය ට සමාජය විසින් ගෑ කසළද?...නැතිනම් ඇගේ සිහිවටනයේ ඇති දූවිලිද?
අවසානයේ ඇගෙන් , ඇයගේ සිහිවටනයෙන් ගයිලී වේදනා රහිත මරණයක් අයදී....එහෙත් මරණය තවත් ඔහුට දුරස්ථය....
ආදරයට සීමා මායිම් නැති බව පෙන්වන නිර්මාණයක් අපූරුයි..! :)
ReplyDeleteආදරයේ සුන්දරත්වය... ආදරය හඳුනන අයට.... ආදරයෙන් තිළිණ කරන ආදරණීය නිර්මාණයක්..... සුභපැතුම් නඟෝ....
ReplyDeleteනීනූ මේ ඔයාමද?
ReplyDeleteඇත්තටම මේ පෝස්ට් එක විතරයි.. මට අයිති...මේ චරිත,මේ නාට්‍ය වල අයිතිකාරයා උෂාන්....එයාට ඔයාලාගේ මේ කොමෙන්ටු ඇත්තටම ලොකු ශක්තියක් වෙයි කියලා මම හිතනවා....
ReplyDeleteආදරේ මුදල් වලට් සින්න වෙන යුගයක
ReplyDeleteවලන්ටන්ට පුද කල සෙනෙහෙවන්ට කම මිසක්
කුමකටද අපි ගැන කතා නොකර සබද
ලස්සන නිර්මාණයක්.....
ReplyDeleteකොහොමත් පණ ඇති ගල් හිත් වලට පෙම් කරනවාට වඩා පණ නැති ගල් පිළිමයකට පෙම් කිරීම සතුටක්
හොඳ ලිපියක්. මටනං ටිකක් බර වැඩියි වගේ. ලොල්ස්. මූණුපොතේ ෆෝටෝ තිබ්බා නේද?
ReplyDelete"මම කැමතියි උඹ සුදුපාට වුණා නම් එතකොට මට උඹේ ඇඟේ තිබෙන කුණු පිහිදාන්න තිබ්බා..උඹ කළු පාට නිසා මට ඒවා හරියට පේන්නෙ නැහැ..."
ReplyDeleteගොඩක් හොඳ නිර්මානයක්. සුභ පැතුම් නෙරංජී.....
මේක උෂාන්ගේ නාට්‍යක් ගැන මම කරපු විචාරයක්.....එයාගෙ තමයි..මේ දෙබස් මගේ නෙවෙයි.....
ReplyDeleteඅනේ මන්දා මොනා කියන්නද කියලා...
ReplyDelete