මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/20/12

සාරි සහ ගෑණු



අද අම්මයි මමයි පිටකොටුවෙ ගියා සාරි ගන්න. නිකිණි මහට ගමටම බුලත් දීලා ගන්ට හදන පුංචි අම්මාගෙ මඟුලට මේ අල්ල පනල්ලෙ ගන්න සාරි අඳින්ට බෑලු අපෙ අම්මාට. ඔන්න ඉතින් උදේ අට නවය වෙන කොට දෙන්නම පිටත් වුණා. ගෙදර ඉඳන් මහපාරට ආවම එතන ඉඳන් එක බස් එකකින් පිට කොටුවෙ යතහැකි. උෂාන් කියන විදියට අපේ ගෙදර තියෙන්නෙ කොළඹෙත් අඹ බ යන්නෙ වුණාට, ඇත්තටම පාර්ලිමේන්තුවයි , අමත්‍යාංශ ටිකයි , අලුත් නුවර පාරයි නිසා මේ පැත්ත දියුණුයි. නිදහසේ ඉඳගත්ත බස් එක බත්තරමුල්ල බොරැල්ල හරියට වෙද්දි කිටි කිටියට තද වෙලා තිබුණත්, මරදාන හරියෙදි හුඟක් අය බහිනවා. පිටකොටුවට එනකොට නගින කොට හිටපු සෙනඟට වඩා අඩු ප්‍රමාණයක් තමයි බහින්න හිටියෙ. කොහොමහරි බොහොම අමාරුවෙන් තද බද වෙලා ගිහින් කතාකරලා බඩු විකුණන මුස්ලිම් කඩ අස්සෙන් අම්මයි මමයි අපිට ටිකක් හුරුපුරුදු කඩයකට ළං වුණා.ජෝජට්, රිබන්, මැඩ්‍රාස්, නෙට් ඕනෙ වර්ගෙකින් ගන්න තරම් තොග පිටින් දාපු කඩයක් ඒක. එතන තිබුණ සාරි තොගය දැක්කාම කොහොම සාරිගැන නොලියා ඉන්නද?

සාරියක් කියන්නෙ නිකම්ම නිකං රෙදි යාර හතක් නෙවෙයි. සාරිය කියන්නෙ සංස්කෘතියක්. සාරිය කියන මෝසතරය අපිට ලැබෙන්නෙ ඉන්දියාවෙන්. අපේ එටේ මිනිස්සු ඇන්දෙ ඔසරිය. උඩරට අයට කාලින් ඉන්දියාවෙන් ආපු සාරියට තමන්ගෙ ඇඟේ දැවටෙන්න ඉඩ දුන්නෙ දකුණෙ කාන්තාවො. කොහොමනමුත් අද ලංකාවෙ ඔසරියට වඩා සාරිය ජනප්‍රියයි. අද වෙනකොට සාරි අඳන්න පුලුවන් ක්‍රම බර ගණනාවක් තියෙනවා.

සාරි තොග පිටින් ආනයන කරනවා.  සාමාන්‍යෙයන් රුපියල් දෙදාස්පන්සීයෙන් තුන්දාහෙන් උඩ කෙනෙක්ට තොග විකුණන තැනකින් හොඳ නිමාවකින් යුත් ලස්සන සාරියක් මිලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පන්දාහෙන් උඩ මිල ඇති සාරියකින් දෙකක් එක වගේම නිර්මාණය වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අඳින කෙනාට යුනික් එකක් අඳින්න පුළුවන්. කොහොමත් එක සාරියක් ගන්න සාරි පනහක්වත් බැලෙනවා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ෆ්ලීට් තියලා මේල් කරපු සාරිය. ඒකෙන් ඔසරිය නම් අඳින්න බෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙ වෙළඳාමෙ දක්ෂතාව ප්‍රයෝජනයට ගන්න සිංහල ගෑනු, සාරි එකසිය පනහක් විතර අරන් බලනවා. ගැළපෙන එකක් හොයන්න. මේකෙන් කරදරයට පත් වෙන
කඩකාරයො දැන් ඉස්සෙල්ලම අහන්නෙ සාරිය ගන්න බලාපොරොත්තුවෙන බජට් එක.

සිංහල මිනිස්සු වැඩිපුර අඳිනවා වුණත් දමිළ හුරුව උත්සව සාරි වල වැඩිපුර ගැබ්වෙනවා. පන්දාහෙන් උඩ සාරි සියල්ලම පාහෙ ගල් අල්ලපුවා. ඒ ගල් අල්ලන එකත් ලෙහෙසි පහසු කාර්යක් නෙවෙයි. සතියෙ දවස් පහහෙන් තුන හතරකම විවිධ චැනල් වල යන සාරි මෝස්තර බැලුවත් අපිට ඔබින විදියටම සාරියක් නිවසේදි නිර්මාණය කරගන්න ටිකක් අමාරුයි. ඒ ගැනම ඉගෙන ගන්න කෙනෙක්ට නම් ඒක පහසු ඇති. කොහොම වුණත් සාරි කෝටි ගාණක් තියෙන පිට කොටුවෙන් සාරි පහක් ගන්න අපිට පැය හයක් ගියා.

32 comments:

  1. මේක
    සාරි සහ ගෑණු ද? 
    ගෑණු සහ සාරිද?

    සෝයි

    ReplyDelete
  2. සාරි විතරද ගන්න ගියාම ගෑනුන්ට වෙලා යන්නේ? :)

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න තව මොනවත් තියේද?

      Delete
  3. ඕ...... සාරී :D

    ReplyDelete
  4. තාම එ පිලිබද නැනේ අප්පා අත්දැකිමක්...පැය හයක්..උෆ්..සාරියත් එක්ක නොමිලේ ඔලුව කැක්කුමකුත් ගෙදර අරන් එත හැකිනේ

    ReplyDelete
  5. සාරි සහ ගෑණු කියන්නේ ඉතින් ගහට පොත්ත වගේ තමාලු... :)

    ReplyDelete
    Replies
    1. දැන් ඩෙනිම ට .මා ඒ තත්වෙ තියෙන්නෙ

      Delete
  6. සාරි එකසිය පනහක් නෙවෙයි පුළුවන් නම් මුළු කඩේ කියන ඔක්කොම සාරි බලයි.....

    ReplyDelete
  7. apoi adum ganna giyama kantha parshaweth ekka

    ReplyDelete
  8. :D සාරි සහ ගෑණු ගැන කිව්වහම මම නම් හිතුවෙ දින ගනනාවක් කියවලවත් ඉවර කරන්න බැරි ලිපියක් වේවි කියල! නෙරංජිගෙ දක්ශතාවය හින්ද සාරංශ ගත් කරල තියෙනව.
    ඒක නෙවෙයි එක පාරම සාරි 5ක් 6ක් විතර අරන් තියා ගන්න පුරුදු වුනොත් රටට කොච්චර මිනිස් පැය ගනනක් ඉතිරි වේවිද නේද! :p

    ReplyDelete
    Replies
    1. අනේ යනවා යන්න... හම්..

      Delete
    2. :D ඇත්ත කියන කොට ඉතිං තරහා යන එක සාමාන්‍ය දෙයක්ලුනෙ නේද!

      Delete
  9. ගෑණු සහ ෂොපිං යනු අධි බලැති කාන්දමක් හා යකඩ වැනිය..

    ReplyDelete
  10. ඇත්තම කියන්නකෝ නෙරන්ජි ඔය කියපු සාරි 5 ගන්න තව සාරි කීයක් විතර එහාට මෙහාට පෙරලුවද ?

    ReplyDelete
    Replies
    1. අම්මට වඩා දුව තාක්ෂණික නිසා දුවගෙ සාරි දෙක ගන්න පෙරලුවෙ සාරි විස්සක් විතර. අම්මා නම් අසුවක් විතර බලලයි තුනක් ගත්තෙ

      Delete
  11. පැය හයෙන් ආවඩ අක්කෝ......සෝයිනෙ.....අපේ මව්නි ගියානම් ඩවසම ඊලයි......:/

    ReplyDelete
    Replies
    1. ඔය බබා කතාව දැන් ට්‍රෙන්ඩ් පැනලා නංගියා

      Delete
  12. කාලෙකින් අක්කාගේ බ්ලොග් එක පැත්තේ ආවේ. හික්. අපෙ අප්පෝ. කෙල්ලොත් එක්ක නම් රෙදි හොයන්න යන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ ප්‍රතිඥාවක්. බඳින්නෙ නැතිනම්

      Delete
  13. දම්......සා.....රී..... !!!!

    ReplyDelete
  14. නංගිලා කොහෙන්ද සාරි ගත්තෙ????

    දැන් කඩවල් වල බජට් එක අහනවා නේන්නම්.මටත් ඔය වැඩේ වුනා.

    ReplyDelete
    Replies
    1. නැත්තම් දෙදාහෙ සාරිය ගන්න අපේ අය පනස්දාහෙ ඒනා පෙරලනවානෙ

      Delete
  15. සාරිවලට නෙමෙයද ඔසරිය කියන්නේ???????
    මලකෙලියයි..
    මං හිතං හිටියේ දෙකම එකයි අදින විදිහ විතරයි වෙනස් කියලා.....

    ReplyDelete
    Replies
    1. ඔසරිය හැම සාරියකින්ම අඳින්න බෑ. මම කියන්නෙ ඔහේ පටලන අය නෙවී අඳින අය ගැන.

      Delete
  16. සාරිත් එකයි ගෑනුත් එකයි. පැටලුනොත් වසලා හමාරයි.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.