මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/30/12

වෙඩිං එක සරසමු.



ඒ කාලෙ ඇනොනිමස්ලාට තිබුණ මාර තැනක්. ඒත් දැන් අනොනිමස්ලාම ඒ තැන චාටර් කරගෙන. ඒත් සමහර ඇනෝලා ඉන්නවා බොහොම වියත්. ඉතින් අවියත් ඇනෝලා කිහිප දෙනෙකුට තිබ්බ, ප්‍රශ්නයක් මුලින්ම නිරාකරණය කරන්න ඕනෙ හින්දා, මම දෙවනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉස්සර හත්වෙනි ප්‍රශ්නයට යනවා කියලා හිතුවා. ඉතින් ඇනෝවරුනි අපහසුවට පත්වෙන වචන  එව්වාට ලිව්වාට වැඩක් නෑ.. මම කමෙන්ට් මොඩරේට් කරනවා..ඒ නිසා නොවැදගත් දේ කියන්න ලියන්න මේ බ්ලොග් එකේ නම් මහන්සි වෙන්න එපා.

එහෙනම් මෙන්න දෙවනියට අපි හත්වන කොටස සාකච්ඡා කරමු. පළවෙනි ලිපිය නොදුටු කෙනෙක්ට මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. එන්ගේජ්මන්ට් රෙජ්ස්ට්‍රේෂන් ගැන ලියපු කතා ටිකත් දැනුම කැටගරිය බැලුවාම හොයා ගන්න පුලුවන්.

කොයි හෝටලේටද යන්නෙ?

මේ වගෙ කොටසක් ඇත්තටම දැම්මෙ, අපේම නෑදෑයන්, නිසා අපි ලබපු අත්දැකීම් නිසයි.

සමහරුන්ගෙ වෙඩිං එක සහ හෝම් කමිං එක අතර පරතරය සති දෙක තුනක් තියෙනවා. ඒ ඒ අයට සල්ලි තියෙන හැටි අනුව තමයි ඔය විගඩං තීරණය වෙන්නෙ.. ඒත් සාමාන්‍ය මිනිස්සුන් වන අපේ නෑ මිතුරන්ගෙ උපරිමය දවස් දෙකයි හෝ තුනයි...මම හරිනෙ.

ඒත් අපේ සමහරුන්ගෙ තියෙන පණ්ඩිත කමට මේ දවස් තුනට යනවා රටේ අනික් කෙළවරටම. ගියාට නම් අපිට කමක් නෑ.. ඒත් පසු උත්සවයේ අනික් දේවල් සංවිධානයේ දි ඒක හරි අපහසුයි. ඒ නිසා හෝම් කමිං එකට අන්දන,පින්තූර ගන්න අයට එන්න පහසු,නැතිනම් අඩු වෙලාවකින් ඒ අය ළඟට ඔබට යන්න පහසු දුර සීමාවක හෝටලයක් ඒ කාලෙ අතරදි තෝරාගන්න එක තමා වඩා හොඳම. මොකද ඔබට ගෙවන මුදලට, අපරාදෙ වැඩ ටික කරගන්න බැරි වෙනවා, ඔබ ගමනට වැඩි වෙලා තියා ගත්තොත්...ඒ වාගෙම ගමන් වෙහෙස ඔබේ මුහුණෙන් පෙනේවි.එක දිගට වාහනයක යන එකත් වෙහෙසයිනෙ....ගෙවන මුදලට උපරිමය කරගන්න කියලායි ඔබට කියන්න තියෙන්නෙ...හෝම් කමිං ඉවර වෙලා යාපනේ, බැරිනං ඕනෙ සිංගප්පූරුවක ගියාට කමක් නෑ..ගෙදර මිනිස්සු අමාරුවෙ නොදා..

උදාහරණ - අපේ පුංචි අම්මා බැන්දා. අගෝස්තුවෙදි. එයා බැන්දෙ කොටිකාවත්තෙ.. ගියෙ රත්නපුරේ.. පහුවදා හංවැල්ලට එන්නත් ඕනෙ.. වෙඩිං එක හවස් වරුවෙ තමා, ඒත් පොටෝග්‍රැෆර්ට සල්ලි දවසටම බැඳලා තියෙද්දි පින්තූර ඇති වෙන්න ගන්න බැරි වුණා විතරක් නෙවෙයි.. දෙවනි දවසෙ අන්ද ගන්නත් හුඟක් කරදර වුණා.. අන්දන කෙනා කිව්වා රත්නපුරේ යන්න බෑ කියලා. ඔක්කොම ඇනෙනවානෙ එහෙම වුණාම...ඒ වාගේම ගමනෙදි වෙලාවක් තීරණය කරගන්නත් බෑ.. අපි ඉතින් අන්තිම මොහොතෙ උදේ පාන්දරම රත්නපුර ගිහින් ජෝඩුව කොළඹ එක්ක ආවා...ඒ නිසා නූලෙන් වැඩේ ගොඩ ගියා.. ඒත් අපරාදෙ පොටෝ වලට වෙඩිං දවසම තියාගන්න තිබුණානෙ. අනික හෝම් කමිං අන්දලා තිබ්බෙත් හදිසියට.

ඔය වාගෙ හේතු නිසා තමයි තැන ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. දැන් ඇත්තටම මහත්තයාගෙ ගම දුර නම්,ඒවාට වෙනම කතා කරලා සංවිධානය වෙන්න පුලුවන්නෙ.. අඩුම තරමෙ එහෙම සංවිධානයවත් වෙන්න කියන එක ඉල්ලනයි.. මේ කොයි හෝටලේටද යන්නෙ කියන පැනය තිබ්බෙ. අනෝලාට දැන් පැහැදිළි ඇති. මම හිතන්නෙ.


හරි දැන් අපි මඟුල් ගේ සරසමු

ඉස්කෝලෙ ඉඳන්ම තමා ඉතින්, අපි මේවාගෙ සැරසිලි කටයුතු පුරුදු වෙන්නෙ.. ඒකට තියෙන්න ඕනෙ හොඳ ඇහැක්. මෙතනදි තමා ඔය කවුරුත් කියන තීම් කලර්ස්, වෙඩිං තීම් වාගෙ අරු මෝසම් එළියට එන්නෙ. දවසක් සුබාසිරි බල බල ඉන්නකොට කෙල්ලෙක් කියපි,
“අපේ තාත්ති ගෙ බිස්නස් එක පර්නිචර්ස්. ඉතින් අපිත් හිතුවා අපේ තීම් එක විදිහට ලී බඩු ගන්න.“
ඉතිං මේ අයගෙ වීඩියෝව බැලුවාම තේරුණේ  කේක් එක තියෙලා තියෙන්නෙ මේසයක් උඩ පුටුවක් අනිත් පැත්ත හරවලා. පෝරුව අල්මාරියක් වාගෙ.. පහන එල්ලා තියෙන්නෙ ඇඳුම් රාක්කෙ. මේ වාගෙ දෙයින් විවිධත්වය රැකුණාට, ගරුත්වය ආරක්ෂා වෙනවාද කියන ප්‍රශ්නය නම් ඒ වෙලාවෙ මට ආවා.

ඒත් ඉන් පස්සෙ වෙලාවෙදි මට කල්පනා වුණේ තාත්තා මිනී පෙට්ටි සාප්පුවක වැඩ කළොත් මේ ක්‍රමයට යන කෙනෙක්ට මොකක් වෙයිද කියන එකයි.

ඒ නිසා හැම වෙලාවකම සැරසිල්ලක් කරද්දි විවාහයේ ගෞරවය රකින්න ඕනෙ. ලස්සන කියන දේ සරලව ඇති කරගන්න පුලුවන්. මඟුල් ගෙදර සරසිලි වලට අවධානය යොමු කරද්දි, ඒ දේ හොඳින්ම මතක තියා ගන්න. පාට තෝර ගන්නකොට එකිනෙකට ගැළපෙන, ඔබ ආසා කරන පාට දෙකක් තෝරා ගන්න.. සුදු කියන වර්ණයත් එක්කම තව වර්ණයක් තෝරගන්න එක තමා හුඟක් අය කරන්නෙ. කැමති නම් සුදු අත්හැරලා වෙන වර්ණ දෙකකට යන්නත් බැරි කමක් නැහැ.

මේ වර්ණ තෝරා ගනිද්දි... ඊට ගැළපෙන්න තමා සැරසිලි සියල්ල නිර්මාණය කරන්න ඕනෙ. ඒ වාගෙම කාඩ්, කේක් පෙට්ටි , බ්‍රයිස්මේට්ලා ඉන්නවා නම් ඒ අයගෙ ඇඳුම්, මේ ඔක්කොම තීරණය වෙන්නෙ ඒ අනුව. කාර් එකත් ඒ සැරසිල්ලට අනුගත කරන්න.. කේක් අල්ලන කූඩය පවා ඒ විදිහට කරන්න පුලුවන්.. ලෝකෙ ප්‍රසිද්ධම තීම්ස් තමා බීච් තීම්, ග්‍රීන් තීම්, වාගෙ ඒවා..

ස්වාභාවික මල් වලින් සරසන්න පුලුවන් නම් ලස්සනයි.  හැබැයි පැවැත්ම රැක ගන්න ටිකක් අසීරුයි. ප්ලාස්ටික් නම් ඒ ප්‍රශනය නැහැ. ඒ සියල්ල තීරණය වන්නෙ මුදල් මත. ඔබගෙ හැකියාව අනුව මේ සියල්ල වෙනස් වෙනවා.. ඩෙකරේෂන් කීපයක්ම තියෙනවා. වෙඩිං එකකදි

1. ටේබල් ඩෙකෝ
2. පෝරු ඩෙකෝ
3. කේක් හරි කිරිබත් හරි ඩෙකෝ
4. සෙටි බැක්
5. ලන්ච් එක ගන්න තැන
6. දොර ඩෙකෝ
7 පහන
8. කාර් ඩෙකෝ එක
9. මිල්ක් හර් ෂැම්පේන් හරි ෆන්ෂන් එක.


මේ සියල්ල එකිනෙකට ගැළපෙන සරල ලස්සනක් තියෙනවා නම් හරි ලස්සනයි.. ඒ මල් වර්ගයක්
තෝරාගනිද්දි බොකේ වලටත් ඒ මල්ම යොදනවා නම් තවත් ලස්සනයි..

පෝරුව තමන්ටම කියලා අලුත් එකක් හදාගන්න අද කාලෙ හැම කෙනාටම අමාරුයි. පුලුවන්නම් හොඳයි. ඒකට ඕනෙත් ඉතිං ඇහැ තමයි. ඒ වාගේම ටිකක් දක්ෂ යාලුවො ටිකක් ඉන්නවා නම් මේවා සරල දේවල්. බඩ බැඳගෙන ඉන්න යාලුවො ඉන්නවා නම්, මේවා ඇත්තටම සරලයි..

උඩරට මනමාලියො දැන් කපන්නෙ කිරිබත්. පහත රට මනමාලියො කේක් කපනවා. ඒ වාගෙම ෂැම්පේන් වෙනුවට දැන් කිරි පන්ෂන් තියෙනවා. ඒක අත්‍යාවශ්‍ය නැතත් කට්ටිය කරනවා. සමහරු නම් පොල් මල් පුබුදනවා.. තව අය පරෙයියො අරිනවා... ඕවා ඉතින් ඒ ඒ අය කැමතිනං කරන ඒවා මිසක් අත්‍යාවශ්‍ය නැහැ. චාරිත්‍ර වල නැහැ. පාලුව කියන දේ අඩු වෙන්න. නමුත් කාටවත් කරදරයක් නොවෙන්න සැරසිල්ල තිබුණා නම් හොඳටම ඇති. හුඟක් කියන්න දෙයක් නෑනෙ.. ඒ ගැන තවත්, මොනාහරි සරසිලි ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න යාලුවේ...

පෝරුව ළඟ හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනෙ නිසා. එතන ඉඩ ටිකක් වැඩියෙන් තියන එක සැරසිලි කරුවන් අතින් විය යුතු දෙයක්. දැන් පහසුකම් තියෙන නිසා. තමන්ට පුලුවන් සියල්ල නිර්මාණය කරන්න සියල්ලටම කලින් ග්‍රැෆික් වලින්. ඉන් පස්සෙ හොඳටම ගැළපෙන විදිහට නිර්මාණය කරන්න පුලුවන්.


සෙට් බැක් එකට ගන්න පුටුව හුඟක ලොකු නොවුණාම ලස්සනයි. තව පොඩි දෙයක්. නැටුම් කරන අයට ඔබේ උත්සවේ ඉඩක් තියෙනවා නම් ඒ අයට ඒ සඳහා ඉඩ වෙන් කිරීම වැදගත්. මම කිව්වෙ උඩරට නැට්ටුවො ගැන. බීලා නටන අය නම් ඉඩ හදාගන්නවානෙ.

17 comments:

  1. අද පෝස්ට් එක හොඳයි. වරදක් නෑ. නොදන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා.කියන්න ලැජ්ජ වෙන්න ඕනැන්නේ නෑ. කොටින්ම සෙටි බැක් කියන වචනේ තේරුම ඇහුවෙත් අදමයි. අපි නම් ඕකට කවිච්චිය හරි සැටිය හරි කියනවා මිසක්කා සෙට් බෑග් කියන්නේ නෑ.

    එතකොට නටන අයවත් වෙඩිමට ගෙන්වන්න ඕනේ ද ?

    මේ පෝස්ට් සෙට් එක අවසානයේ නෙරංජිගේ මඟුල ගන්න විදිහත් දැනගන්න ආසයි. එතකොට හොයාගත්තෑකි මේ පෝස්ට් සෙට් එකයි ඔයාගේ අදහසුයි අතර සම්බන්ධය !!!

    ReplyDelete
  2. කාරණා කියල ති‍යෙන විදිය නම් අපූරුයි.. චා‍මෙට හැමදෙයක්ම කළාම මගු‍ලෙන් පස්‍‍‍‍සෙ ‍මල මගුලයි කියල හිතෙන එකක් නැහැ.

    ReplyDelete
  3. අද මටත් වැඩිය කියන්න දෙයක් නෑ.. පෝස්ට් එකේ ඔක්කොම වගේ ලියවිලා තියෙනවා... ඒත් ඕකෙදිත් මං නා ගත්ත තැන් ටිකක් තිබ්බා.. නොකියා හරි නෑ නේ.....

    අපේ ගෙදර කට්ටිය, ඒ කිව්වේ අපේ අම්මා, බොහොම කැමැත්තෙන් හිටියා ඩෙකරේෂන් ටික එයාම කරන්න.. මම දහ අතේ කියලා කියලා යන්තම් ඒවා කරන තැනකට බාර දුන්නා.. අම්මට ඇත්තටම සැරසිලි කරන එක හොඳටම කරන්න පුළුවන්... ඒත් මම කල්පනා කලේ අම්මට ඕවා කරන්න වෙලාවක් නැති වෙන එක ගැන.. මොකද ඩෙකරේෂන්ස් අපි ගෙදර කරනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක්... අන්තිමට ම‌ෙග් බොකේ එකයි, හෙඩ් ඩ්‍රෙසිං එකයි, මම යන කාර් එක සරසන එකයි අම්මට සහ අපේ මල්ලියි මල්ලිගේ යාලුවන්ටයි ඉතුරු කරලා අනිත් ඔක්කොම ඒ ආයතනයට බාර දුන්නා.. ඒක මම ගත්ත හොඳ තීරණයක් ඒ වෙලාවේ... මොකද තිබ්බ වැඩ ටිකෙනුත් අම්මා හෙම්බත් වෙලා හිටියා කියලා මට එදා පෙනුනා...

    මම අර ගෑස් බැලුන් ගැන හරි ආසවකින් හිටියේ.. ගාර්ඩ්න් තීම් එකක් නිසා හැම තැනම බැලුන් එල්ලන්න හරි ආසාවක් තිබ්බා.. ඉතිං කලර් තීම් එකේ හැටියට ෆ්‍යුෂියා පින්ක් (ලා රෝස පාටක්) ලා දම් පාට සහ සුදු පාට සාමාන්‍ය බැලුන් හොටෙල් එකට කලින් දුන්නම එයාලා ඒවා එල්ලන්නම් කිව්වා.. ගෑස් බැලුන් 60ක් උදේම හෝටලේට ගෙනත් දෙන බව ඒ ආයතනයෙන් කිව්වා.. ( ෆොටෝ ගත්තෙත් ඒ හෝටලේම නිසා ඒවා අවශ්‍ය තැනකට මාරු කරගන්න පුළුවන් විදියට හදනවා කියලා ඒ ආයතනයෙන් කිව්වා)

    මට ඒ ආයතනයෙන් දුන්න එක වැදගත් උපදෙසක් තමයි එදා උදෙන්ම මගේ ප්ලෑන් එක හොඳටම දන්න කෙනෙක් හෝටලේට එවන්න කියන එක... එතකොට එයාට පුළුවන් ඩෙකරේෂන්ස් හරිද බලන්න... ඇත්තටම ඒ උපදෙස හරිම වටිනවා... මට එදා උදේ කිසිම දෙයක් ගැන බලන්න උනේ නෑ.. මගේ මාමා මගෙන් ඔක්කොම කලින් අහගෙන, මගේ ප්ලෑන් එක, ටෙලිෆොන් නොම්මර ඔක්කොමත් ලියා ගත්ත පොතත් අරං ගිහින් ඒ ඔක්කොම වැඩ ටික හරියට බැලුවා...

    ආ කියන්න අමතක උනා... මම මුල ඉඳලම ප්ලෑන් එක පොතක ලියාගෙන තමයි හිටියේ.. පස්සේ වෙනස් කරපු ඒවා හැම එකක්ම ඒකේ ලියලා තිබ්බා... ඒ පොත තියෙන කෙනාට මගේ හිතේ තියෙන දේ මොකද්ද කියලා තේරෙන තරමට පැහැදිලිව මම හැම එකම ලිව්වා.. ඒක මට ලොකු උදව්වක් උනා...

    පාන්දර 2ට තමයි අනිත් ඩෙකරේෂන්ස් ඉවර කරලා එයාලා මට කෝල් කරලා කිව්වේ.. ඒ වෙලාවේ මගේ බඩේ සමනල්ලු බඩ පිනුම් ගහන්න පටන් ගත්තා.. හි හි... අඩේ මම කසාද බඳිනවා කියලා හිතට වැදුනේ ඒ වෙලාවේ... හි හි..

    එහෙම උනාම, ඒ වෙලාවට ලොකු ටෙන්ෂන් එකක් එනවා දැනෙනවා.. ඒක නිසා හොඳම දේ තමයි ඊට කලින් දවසෙම වෙන කෙනෙකුට ඔයාගේ ෆොන් එකත් එක්කම වෙඩින් ප්ලෑන් එක බාර දෙනවා නම් කියලා මට දැන් හිතෙන්නේ... එතකොට අනවශ්‍ය ටෙන්ෂන් එකක් නෑ...

    සමහරු කියනවා ‌හෝල් එකට ගියාම කියපු විදියට ඩෙකරේෂන්ස් කරලා නෑ කියලා අප්සට් උනා කියලා.. මට නම් ඇත්තටම එදා දවසේ වෙච්ච මේ ලෝකේ දෙයක් මතක නෑ තාම... මම ඩෙකරේෂන්ස් දැක්කේ ෆොටෝ වලින්.. හි හි.. අඩුම ගානේ කේක් එක වත් මට හරියට බලන්න බැරි උනා... හොඳම වැඩේ කියන්නේ පෝරුවට මම දාන්න කියපු ප්‍රධාන දෙයක් එයාලා වෙනස් කරලා දාලා තිබ්බා.. මම ඒකවත් ඒ වෙලාවෙ දැක්කේ නෑ.. දැක්කනම් මම අප්සට් වෙන්න ඉඩ තිබ්බා.. ඒත් පස්සේ ෆොටෝ වලින් දකිද්දි මං කිව්වට වඩා ලස්සනට එයාලා ඒ වැඩේ කරලා තිබ්බා.. හි හි..

    ඒක නිසා එදාට ඔය දේවල් ඔයාගේ ඔලුවෙන් පුළුවන් තරම් අයින් කරලා, හිනා වෙලා ඉන්න පුළුවන් විදියට හිත නිදහස් කරගන්න... නැත්තම් ෆොටෝ වල බුම්මගෙන ඉඳියි.. හි හි...

    ///හෝම් කමිං ඉවර වෙලා යාපනේ, බැරිනං ඕනෙ සිංගප්පූරුවක ගියාට කමක් නෑ..ගෙදර මිනිස්සු අමාරුවෙ නොදා..///

    මම කළෙත් මේක.. මට අර කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකේදි අතඅරින්න උනා කිව්ව හෝටලේ තමයි අපි හිටියේ.. ඉතිං හෝම් කමිං ෆොටෝ ටික ඒ හෝටලේ ගත්තා... ලස්සන ලොකේෂන් එක නිසා ෆොටෝ මාර ගති.. හි හි... හෝටල් දෙක තිබ්බෙ පැයක විතර දුරකින්..

    හොම් කමිං එක ගැන නිනු වෙනම පෝස්ට් එකක් දායි කියලා හිතෙන නිසා මං ඒ ටික තියා ගත්තා එදාට කියන්න.. හි හි.. එතනත් සැලකිය යුතු දේවල් ටිකක් තියෙනවා... නැත්තම් කියන්න.. මම ඒ ටිකත් මේකටම දාන්නම්... හි හි...

    ඔන්න ඔ‌ෙහාමයි උනේ... මං හිතනවා මේකෙන් කාට හරි වැඩක් වෙයි කියලා...

    ReplyDelete
  4. අනිවා.. අපි තාම බැඳලා නෑනේ!!!! ඔයාට පුලුවන් ඒ ගැන කියන්න අක්කා...

    ReplyDelete
  5. ස්තූතියි ගොඩක් නංගි.. ඒවගේම හිරු අක්කටත්..
    මේ තොරතුරු අත්දැකීම් පෙළ හොඳ මඟපෙන්වීමක් වේවි අවුල් වලින් තොර ලස්සන දවසකට.. :)

    ReplyDelete
  6. අම්බෝ..මම නම් කීයටවත් ලොකු වෙඩින් එකක් ගන්නේ නෑ..
    ඒ වුනාට මේ තොරතුරු හරිම ප්‍රයෝජනවත්.

    ReplyDelete
  7. හිරැත් නදිත් වෙනදා වගේම නොවලහා අපට අදහස් ලබා දිමෙන් කර ඇත්තේ මහඟු පිනක් බව නොකිව මනාය...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  8. හිරු අක්කා... ඉතිං නිතරම වෙඩිං යනවානෙ

    ReplyDelete
  9. onnA ano awaa...thanks akka post ekata.. tawa post ekak damu oya adina adum gana wedding home coming going away aekata ehama..attatama me wage terumak tyana post liyanne kiyen kidenada blog awakashaye

    ReplyDelete
  10. මේ මම අඳින විදිහවත්, මම සරසන විදිහ වාගෙ දේවල්වත් නෙවෙයි ඇනෝ මල්ලියෙ. මේ තමයි!! හැකි තරම් සරලව ඔය ටීවී එකේ කරන්නං වාලෙ නැතිව කරන විදිහ

    ReplyDelete
  11. අර ෆිල්ම් එක තාම බලන්න නැතිව ඇති නේද මැණික.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.