කලින් කතාව 1 2 3 4 5
මම අහැරුණා. නන්නාඳුනන ඇඳක් උඩ එකපාරටම ඔබව ඇහැරෙනකොට දැනෙන හැඟීම් ගැන ඔබට හිතන්න පුලුවන්ද? ඒ කාමරයේ කාට උරුම කොහොම තැනක්ද? කියලා හිතාගන්න මම ඇස් කැරකුවා. බිත්තියෙ කිසිම පින්තූරයක් තිබුණෙ නැතත්, ටික කාලෙකට ඉස්සර තීන්ත ගාපු ලකුණු තිබුණා. මම නිදා හිටිය ඇඳට අමතරව, පුංචි කබඩ් එකක් විතරයි මුලු කාමරයටම තිබුණෙ. මම දොර දිහා බැලුවෙ කාමරේ කවුරුවත් නොහිටිය නිසා.
කාලා එළියට බැස්සා, ඇස් නීලංකාර වෙලා පිදුරු කරත්තය ඉස්සරහට වැටුනා කියන තැන ඉඳන් අනික් කිසිවක් මගේ මතකයේ තිබුණෙ නැහැ.
විනාඩි පහකින් විතර, කාමරයට ආවෙ ගැහැණියක්. වයස තිහක් ඉක්මවපු බව මුහුණෙන් කියන්න පුලුවන්. කරුණාවන්ත බවක් මුහුණෙ නැතත්, අකරුණාවක් පෙනුනෙ නෑ. මම හිනා වුණා..
මම මේ කොහෙද ඉන්නෙ?
ඇය මගෙ දිහා පුදුමෙන් බැලුවා. අවට හාත්පස බැලුවා. ඉන් පස්සෙ මාව කොට්ටෙ සමඟ ඔසවලා ඇඳට හේත්තු කළා.
සාරා ඔයා ට මතක නැද්ද ඔයා හිටපු කාමරේ. පැනලා යන්න එපා කියලා කී වතාවක් කිව්වාද? කොහොමත් වෙච්ච ණයට හිලව්වට සැමුවෙල්ට ඔයාව පංගාරාත්තු කරන්න ලොකු හාමු ලෑස්තියි. ඊයෙ පැනලා ගිහින්, අද වෙනකොට නමත් මාරු කරන්, ඇඳුනුත් මාරු කරන් පැනලා යන්න ගියාට මේ බංගලාවෙ ඒවාට ඉඩක් නෑ. හෙට තමුන්ට සැමුවෙල් බඳින්න සිද්ද වෙනවා..
මුලින් මට සිතුණේ, මේ ගෑණිට ඇත්තටම පිස්සු කියලා. කවුද සාරා. මම ෂේන්්යා. කවුද සැමුවෙල්. මම මෙහෙ කවුද? කවුද මේ අය, මම ඊයෙ මෙහෙන් පැලා ගියෙ නෑ. මේ අය මං වාගෙ වෙන කෙනෙකුට රුවටිලාවත්ද? මට සිතුණා.
මම සාරා නෙවෙයි. මම දන්න සැමුවෙල් කෙනෙක් නෑ. මම ෂේන්යා. අනික මම ඔයාව දැක්කෙත් අද.
එක්වරම කේන්තියට පත් ඇය කාමරයෙන් පිටත යන්නට සැරසී නැවත හැරුණාය.
ඔක්කොම ලොකු මහත්තයා ආවාම බලා ගන්නවා. හැබැයි අකමැති නම් අම්මාගෙ වියදමට ගත්ත සල්ලි අදම ගෙවන්න වෙයි.
සිදුවන්නේ කුමක් වුණත් ආපසු හැරිය නොහැකි තැන මම ඇඳට පිට දී කවුලුවෙන් එළිය බලා සිටියෙමි. ජනේල කණ්ඩිය මත වූ ඔරලෝසුවෙ වෙලාව 4 පසුවී මිනිත්තු කීපයකි. හෙට මම සැමුවෙල් ව බඳිනවා. ඒ කියන්නෙ හෙට.
කාමරයට ආවෙ උස මහත පිරිමියෙක්. ඒ ලොකු හාමු. ඔහු එක්ක අර කාන්තාවත් ආවා.
සාරා සැමුවෙල් ඔයාට සලකනවා හොඳ වැඩියි. ඔයාගෙ අම්මාගෙ අසනීපෙට විතරක් නෙවෙයි මරණෙටත් එයා ගෙව්වා. හිලව්වට ඔයාව බඳින්න හදන එක වරදක් නෑ. ඔයාටත් ගෙවන්න හදන්නෙ. මීට වඩා හොඳ තැනක් කොහෙද? ඇයි පැනලා ගියෙ?
ඒ මනුස්සයා බොහොම කරුණාවෙන් ඇහුවෙ. මම මේ මනුස්සයාටවත් වුණ දේ පහදන්න ඕනෙ කියලා මට හිතුණා.
ඔයාලා හැමෝටම වැරදිලා. මම සාරා නෙවෙයි. මම ෂේන්යා. මං මෙතන දන්නෙත් අද. මම හැදුණෙ කන්‍යාරාමෙ. බොරු නම් අහන්න.
මම එක දිගට කියාගෙන ගියා. එතකොටම ලොකු හාමු කියන මිනිහාට කේන්ති ගියා. මෙයාට හොඳින් කියලා වැඩක් නෑ.. කාමරය ලොක් කරන්න. මම මොහොතකින් කාමරය ඇතුළෙ තනි වුණා. දෙවියනේ මට ගැළවීමක් නැද්ද?
මම මගේ පුංචි සූට් කේස් එක ඇරියා. බයිබලය අතට ගත්තා. ඒත් හිතට නිවනක් නෑ... මම සූට් කේස් එකේ තියෙන ඇඳුම් ඔක්කොම එළියට ඇඳලා එක පොටිටනියක් බැන්දා...සියලුම දේත් පොට්ටිනිය ඇතුළෙ ගැට ගැහුවා. මේ දේ මම කළේ ඇයි කියන්න මම දන්නෙ නැහැ.
හෙට නොදන්න සැමුවෙල් බඳිනවාට වඩා ජනේලෙන් පැනලා මැරෙන එක හොඳයි කියලා හිතුණා. ඒත් ඒකට රූ වෙනකන් ඉන්න ඕනෙ කියලා මට හිත කිව්වා..
මම දොර ළඟට ගියා . දොරට තටුටු කළා. මෙහෙකාරිය ආවා. මම ඇයට කිව්වා මට වැසිකිලියට යන්න ඕනෙ කියලා.. වැසිකිලියට යන අතරෙ වටින යමක් මම හෙව්වා.. මට විකුණන්න දෙයක් ඕනෙ. ඈතට ගමන් වියදමක් ඕනෙ. එන ගමන්, මේසය උඩ සල්ලි වගයක් තිබ්බා. විකුණන වෙලාවත් නැති නිසා මම ඒ ටික අතට ගත්තා. මෙහෙකාරියට නොපෙනෙන්න. ඒක කෝච්චියට ඇති. කියලා මට හිතුණා.
කාමරයට රෑ කෑම එනකං මම හිටියා. බඩගින්නෙ පිට වෙන්න බයට. අනික රෑ නිස්කලංකයි. මම රෑට කෑම කෑවා.. ඉතිරු වුණ පාන් කෑලි දෙකත් ඔතා ගත්තා. සල්ලි ටිකත් ගත්තා. සූට් කේස් එක පහලට වැටෙද්දි එන සද්දෙ රෙදි පොට්ටනියෙන් එන්නෙ නෑ... මම රෑ 12 ට විතර, රෙදි පොට්ටනියපහලට දැම්මා.. කාමරේ තියෙන වට පිටාව බැලුවාම.. කොට්ටය බෙඩ්ෂිට් එක, සහ ඔරලෝසුව ඔනෙ වෙයි කියලා හිතුණා. මම ඒ ටිකත් ගත්තා.. මාව මේ දාන අමාරුවෙන් ගැලවෙන්න මම ඕනෙම දෙයක් කරන්න සූදානමින් හිටියෙ.
මම කබඩ් එක හැකි තරම් නිශ්ශබ්දව දොරටම හේත්තු කරලා.. තද කළා.. කොට්ටෙයි බෙඩ් ෂීට් එකයි අරගත්තා....බෙඩ්ෂීට් එක අරගත්තාම මට මතක් වුණේ තටුටු දෙකකින් පැනලා අනතුරක් වෙයි නේද කියලා.
මම මෙට්ටෙ ජනේලෙන් ඉිමට දැම්මා.. දැන් වෙලාව එකයි... මම කොට්ටෙන් ඔලුව බදාගෙන මෙට්ටෙට පැන්නා. ලොකු සද්දයක් ආවෙ නැතත්, මම පොට්ටනිය අරගෙන පස්ස නොබලා දිව්වා.. ගේට්ටුවට ඉබ්බා දාලා..මම තාප්පෙට නැගලා.. තාප්පෙන් බිමට පැන්නා.. ඉන් පස්සෙ හැකි වේගෙන් මම දිව්වා.
හැබැයි මම දැනගෙන හිටියෙ නෑ..කොහෙද දුවන්නෙ, කියලාවත්, ඉන්න තැන කොහෙද කියලාවත්..මම ඉස්සරහටම ගියා.. කැලයක් නොවන පාර දිගේ ගියා.. කලුවරේ නගරයක නමක් වත් පේන්නෙ නෑ..
ඒත් ඈතින් සද්දයක් ඇහුණා... දැන් එක මගේ වම් පැත්තෙන්, ළඟින්ම ඇහුණා....
බොහොම ලස්සනයි නිරංජි .
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
හම්
ReplyDeleteඑල...
ඒත්
පරිකල්පනයේ දිශෘන්තියට වටිනාකම් දෙන්නේ නම් අගෙයි...
:D
ReplyDeleteෂෙනයා වගේ තව එක්කෙනෙක් ඉදලද කියල හිතුන.
ReplyDeleteකතාව තාමත් ලස්සනට ගලාගෙන යනවා.