මේ ලිපිය හදිස්සියෙම දමන්නෙ අද මට හදිස්සියෙ යමක් මතක් වුණු හින්දායි. අද මගේ බ්ලොග් කෙරුවාවට හරියටම වසර දෙකයි. හරියටම 2009 අප්‍රේල් 24 වෙනිදා මම කිසිවක් නොදැන හදාගත් පුංචි බ්ලොග් එක අද නොලිව්වත්,වරද්ද ඉන් අනතුරුව වරද්දා මේවන විට බ්ලොග් 20ක් පමණ සාදා ඇතත් නීනුගේ නිශාව නැමති බ්ලොග් එක මාස කිහිපයකින් ඩිසෙබල් කර දැමුවත් අද වන විට රෝස වලාකුළු පමණක් ක්‍රියාකාරී මට්ටමේ පැවතුනත් නොකැඩුණු බ්ලොග් ගමනට හරියටම වසර දෙකයි...
බ්ලොග් ලෝකයේ ජීවිත් වීමෙන් මා හඳුණා ගත් බොහෝ අය වෙති. නෑයන්ට වඩා ඔවුන් මට සමීප වූ බව සැබැවකි.සමහරුන්ගේ ඇත්ත නම් මම අදටත් නොදනිමි. බොහෝ අය සැබෑ ලෙසම දනිමි. මේ බ්ලොග් ගමනට උදව් වූ බොහෝ අය වෙති. ඒ සියලු දෙනාම ආදරය පෙරදැරිව සිහිපත් කරමි.එමෙන්ම මාඒ බ්ලොග් එකේ ප්‍රදර්ශනය වන්නේ සිංහල බ්ලොග් කියවනය පමණි. අනෙක් කියවනයන් ඔස්සේ පැමිණෙන අය ද ඒවායේ අඩ්මින් වරුන්ටද ස්තූති කරමි.
එමෙන්ම නිරන්තරයෙන් මා දිරිමත් කරන අනුෂ්ක,ඉන්දරේ අයියා,තමීර අයියා,කාලිංග අයියා,බින්කූවා,දුකා අයියා,රත්ගමයා,පූසා,අන්තිමයා, මාරයා, ගෙහාන් අයියා,සුදු හංසි,මලින්ත,පොඩි කණියා, ලොකු කණියා, ගයන්ත,ඩීප්ස්,අනුශ් ලකී,තාරක අයියා,පුෂ්පා නැන්දා,ඉන්ද්‍රනාථ මාමා සහතවත් එකී මෙකී නොකී සියලු දෙනාම මතක් කර සිටිමි.
නම සඳහන් නොකළේ අමතක වීම් වලින් නොවන අතර මගහැරීම් නිසාවෙනි.නිතර කතා කෙරෙන එවුන්ගේ මුහුණු නිරන්තරයෙන් උපවිඝ්න්යාන ගත වීම පමණයි මේ..මේ බ්ලොග් එක බලන ඔබ හැම දෙනාම මට හුඟාක් වටිනවා..
මම මැරෙන තුරු බ්ලොග් ලියනවා.බ්ලොග් මම මැරෙන තුරු ලෝකයෙන් සමු නොගනිති මම සිතනවා..තව ඇවුරුදු 70ක් ලිව්වොත් ඇති නේද?
සදා ඔබ සමඟ හිනාවෙන්න අවසර පතන මම
ආදරණීය නෙරංජි

හොහ් හොහ් තව අවු 70 ජීවත් වෙන්නද කල්පනාව කෙල්ලෙ ? :P
ReplyDeleteජය වේවා.. :D
තව අවු 2-3 ක් ඇද ගන්න සක්තිය දයිරිය වාසනවා ලැබේවා.. :P :D :D
මගේ සුබ පැතුම් බ්ලොග් එකත් එක්ක දිගු ගමනක් යන්නව ශක්තිය ධෛර්ය ලැබෙන කියලා පතනවා. ඒ වගේම ඔයාටත් වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලත් පතනවා. !!!!
ReplyDeleteමෙන්න මගෙන් සුභ පැතුම්. මෙයා අවුරුදු දෙකක් එහෙනං ඈ.. කමෝන්...
ReplyDelete70ට 140ක්ම ආයුබෝවේවා!!!!
ඈහ්? මමත් උඹව දිරිමත් කලාද බං? මතකත් නෑ :D
ReplyDeleteඑල එල.. දිගටම ලියන්න, අපි වගේ මග නවතින්නෙ නැතුව :D
ඔන්න අපෙන් සුබපැතුම්!
ආ මට තව දෙයක් කියන්න අමතක වුණා. මේක තමයි මේ බ්ලොග් අවකාශෙ තියෙන අඩවි අතුරෙන් වැඩිම වාරයක් ඇඳුම් වෙනස් කරපු බ්ලොග් අඩවිය!!!
ReplyDelete****මෙන්න ඒ සම්මානය****
අපෝ බනී උඹ හොද නෑහෑ....බලපං අයියා දිහා බලල හැදියං
ReplyDelete@indeare -
ReplyDeleteඇයි යකෝ උඹ එහෙම කළේ නැද්ද?
හිටපිය නම අයින් කරනවා.....
අම්මට සිලි වෙන්න මෙන්න මෙයා එන්න එන්න වයසට යනවා...සුභ පැතුම්:)
ReplyDelete70ක් නෙමෙයි ඔන්න එකසිය විස්සට දෙසීය විස්සක්ම ලියන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :D
ReplyDeleteසුභ පැතුම්, දිගටම ලියන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා !!!
ReplyDeleteසුභ උපන් දිනයක්... දිගටම ලියන්න...
ReplyDeleteආ... එළ එළ.. ඔහොම ලියාගෙන යමු... බ්ලොග් පෝස්ට් එකක් දාපු කාලයක් මතක නෑ මට නම්.. :D
ReplyDeleteසුබ පැතුම් නෙරංජී.... :))
ReplyDeleteඕල් ද බෙස්ට් නෙරංජී .... 70 නම් හොදටම මදි..70 ට තව 70ක් එකතු කරලා ඒක 70න් වැඩිකරලා ලියමු ...
ReplyDeleteජයවේවා!!
සුබපැතුම්! දිගටම ලියන්න.. ජය! :)
ReplyDeleteඒ කියන්නේ ඒ 70 වම අපි මේ කට්ට කන්න ඕන කියන එකද..හනේ..
ReplyDeleteසුභ පතනවා නගේ දිගටම යං..හැබැයි උඹේ මේ ඇදුං මාරු කිරිල්ලයි විච්චූරන කිරිල්ලයිනං හෙනම ඇණයක්..
අන්න එහෙම තමයි ළමයි ඉන්න ඕනේ.......හැමෝටම ස්තූතියි
ReplyDeleteමේ අවස්ථාවේ අර ලිස්ට් එකෙන් නම් දෙකක් කපා හරිනවා. කාලිංග අයියා සහ ඉන්දරේ අයියා දැන් මතක් වුණේ ඒ අය මට උදව් කරලා නැහැ...
ReplyDeleteඔයාට මගෙන් සුභ පැතුම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න ආවෙ ගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ. දෙයියනේ ඔයාට මතක් වෙනකම් මට මතක් උනේ නැහැනෙ මමත් දැන් මේ අවකාසෙට ඇවිල්ල අවුරුද්දකුත් මාස හතරකුත් ගෙවිල ගිහිල්ල කියල. ෂික් පාටියක් දාන්නත් අමතක උනා. කොහොම හරි මටත් මතක් කෙරෙව්වට ස්තූතියි.
ReplyDeleteඅනේ මන්දා මං මොනා කියලා කිව්වද කියලා බිලොග් ලියන්න, මඩම ගැහුවා මිසක්ක. හරි හරි, මට දැන් කේක කැල්ලක් එවන්නකො.
ReplyDeleteහැත්තෑව එකසීය හතිලිහක්ම වෙනවා කිව්වා ඔන්න! සුබ පැතුම්!!!
මඩ ගහපුවා නිසා දිරිමත් වුණේ...
ReplyDeleteඅවුරුදු 2ට ඇදුම් වෙනස් කිරිල්ල මෙහෙමනම් 70ව වෙද්දි ගාමන්ට් එකක් දාගන්න පුලුවන් වෙයි. :D
ReplyDeleteඑල එල ලියමු ලියමු. ඔන්න සුභ පැතුම්! :)
වාව්...මගෙ සුභ පැතුම් අක්කණ්ඩී..දිගටම ලියන්න ශක්තිය දිරිය වාසනාව ලැබෙන්න කියලා පතනවා..මේකත් කවියකින්ම ලියුවා නම් ලස්සනයි නේද...?
ReplyDeleteතව අවුරුදු 70ක්!? හපොයි! :D
ReplyDeleteඑල එල, සුබ පැතුම් අපෙනුත්! :)
ෂික්.. මෙච්චර දුර එනවා කියලා දන්නවා නං දිරිමත් කරන්නෙත් නැ :D හික්.. සුබපැතුම් කිවුවා ඕං...:D
ReplyDeleteසුබ පැතුම් නෙරංජි අක්කේ !! හදවතින්ම සුබ පැතුම් !!
ReplyDeleteලොල්ය.. මම ආශම පට සෝස පාට.. :D ආශයි නේ.. හික්ය... මගෙනුත් සුබ පැතුම්....
ReplyDeleteසුබ පැතුම් නෙරංජී.... :)
ReplyDeleteසුභ පැතුම්...... තව ලියන්න...
ReplyDelete70 වෙනකොට අත් දෙක වෙව්ලන්නැතිව තව තව යහමින් ටයිප් කරන්න ලැබේවා!!!