6/14/10
පසළොස්වක අන්ධකාරය
මහා මෙරු දහක් ළඟ
තනි වෙනා වැලි කැටය
කොයිතරම් නොතරම් ද
කියා සිත දැන දැනම
කිසි දිනක නොම හඬමි
ඔබට පෙම් කළ පවට
දුර ඉඳන් සිනා සෙන
මම ඔබේ තනි තරුව...
සදා කල් රැඳෙන මුත්
ඔබෙ සුවඳ මා අස ම
කල්පයක පාළුවක්
කෙලෙස නිම දකින්නද?
දැනෙයි සිත් තරුව යට
ඔබේ ඉමිහිරි මතක
අද කොහොම වෙතත් එය
ඔබ නො එන හෙට දිනට
සැණින් දැහැනින් මිදී
කොයි කොහේ ගියත් ඔබ
සුළඟ වාගේම එන්න
මතක ඉසිඹුව ළඟට...
පුන් සඳ ද මඟ කියන
තරු පිරුණු රැයක් වුව
කළුවරේ මං මුලා වූ
සෙයක් දැනෙන මුත්...
කුමක් කරමිද ඉතින්
වරම් නැති කල කිසිත්
සිතන්නටවත් සිතින්
දකින්නටවත් හදින්
නිරාමිස ප්‍රීතියක
ගිල්වමින් නයන යුග
ඔබේ නෙත් දකිමි මම...
සදාතන කවක් ලෙස
ඔබ යනෙන මග අසල
පිපෙන්නට නොහැකි වද
සදා සිත ළඟම හිඳ
සතපවමි සිහිනයක....
ඔබ නොදකිනා ඔබේ
හදවතේ කොණක හිඳ
ජීවිතය රැගෙන එමි
ගවු සියක් දුරට වුව...
Subscribe to:
Post Comments (Atom)
අපි දන්න කෙනෙක් ගැන නම් නෙවෙයි වගේ
ReplyDeleteහම්මියො..... මටනං නොතේරේ.
ReplyDeleteම්ම්... බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා... ලස්සන නිර්මාණ වලට වස්තු බීජය වෙනවා...
ReplyDeletethanks for the all..ane
ReplyDeleteඇත්ත තමයි.. බලාපොරොත්තු තමයි ජීවිතයට පාර කියන්නෙ....
ReplyDelete