කළම්බෝ කළම්බෝ ........මම මුල්ම වතාවට මේ වේදිකා නාට්‍ය නැරඹුවේ ඊයේ රාත්‍රියේ.ඒ ලයනල් වෙන්ඩ්ට් හී රෑ හතේ දර්ශන වාරයේ බැල්කනියේ සීයේ ටිකට් පතකිනි.මට ඒ සඳහා විචාරයක් ලිවීමට ඇති ප්‍රධානම සුදුසු කම ලෙස මට දැක්විය හැකි මහා කාරණා නොවූවත් සුළු සුළු කාරණා මෙසේ දැක්විය හැකිය.
1. කුඩා කල සිටම කොළඹ නගරයේ ජීවත් වීම.
පදිංචිය- බත්තරමුල්ල.
2. පාසල් ගියේ පුංචි බොරැල්ලේ කොළඹ ගෝතමී බාලිකා විදුහලට
3.මෙම නාට්‍ය එක වරක් නරඹා තිබීම.
4. වයස අවුරුදු 20ක් වීම.
මා කුඩා කල සිටම බත්තරමුල්ලේ සිට මරදානට එන විට පාරේ බොරැල්ල මංසංධිය පසු වේ.මට යමක් කමක් තේරේන අවධියේදී නිර්මාණය වූ බොරැල්ල උමං පධික මාරු වීම සැබවින්ම පුදුමාකාර ස්ථානයකි. නොයෙක් ආකාරයේ මිනිසුන් මොහොතකට හමුවන , මොහොතකින් වෙන්වෙන පාරවල් දැක දැක අතරමං වන, අතරමං වී පාර සොයන මිනිසුන්ගෙන් අදටත් එය පිරී ඇත.මහජන පුස්තකාලයට යන හැම වේලාවකම පසු කර යන, බත් කන්නට ඇතුළු වන, යාළුවන් සමඟ සෙල්ලම් කරන ,විහාර මහා දේවී උයනද අදටත් බංකුවක් හුදෙකලා වනතුරු බලා සිටිනා පෙම්වතුන්ගෙන් පිරී ඇත.කුඩා කාලයේ සිට අත් දකින මේ සිදුවීමද දැන් මට හුරු පුරුද්දක් වී ඇත. බොරැල්ලේ කනත්ත මල් වලින් සරසා පෙම්වතුන්ගේ උයනක් කිරීමේ සංකල්පයට සැබවින්ම ගෞරවය හිමි විය යුතුය.නිරන්තරයෙන් 135 බස් රියේ ගමන් ගනිද්දී මම දකින් කැඩුනු ජරා ජීර්ණ සොහොන් කොත් ඊට හේතුවයි. ඒවාට මලක් තියන්නටවත් කාලෙකින් කෙනෙක් ආ බවක් දැක ගන්නට නොමැත.මල් ශාලා ගැන නම් මට ඇත්තෙන්ම අත්දැකීම් අඩුය. මන්ද මා එතරම් අවමඟුල් සඳහා සහහාගි නොවූ කෙනෙක් හෙයිනි.නමුත් මෘත ශරීර අපයෝජනය නම් මම අසා ඇත්තෙමි. එහෙයින් මෙසේ කළම්බෝ කළම්බෝ හී විචාරය ආරම්භ කරමි.
මෙය වෙනත් නගරයක පෙන්වූවොත් සාර්ථක වන්නට ඇති ඉඩකඩ අඩුයැයි මට සිතේයි.කොළඹ ගැන දන්නා අයෙකුටත්, කොළඹ ගැන හීන මවන අයටත් මෙය ක්ෂණිකව ස්පර්ෂ වේ.නමුත් ගම්බදව එය කෙසේ වේදැයි මම නොදනිමි.ගම් වල සිටින් බොහෝ අයගේ සිහිනය තුළ කොළඹ ඇති නිසා ඔවුන්ටද මෙය සමීප විය යුතුයැයි, ඒ අනුව සිතීම උත්සාහ කරමි. ප්‍රේක්ෂකාගාරයෙන් එන තැනැත්තාගේ පළමු වදනම මිනිසා ඇඳ බැඳ ගන්නේ සෙල් ෆෝන් එක ගැන මතක් කිරීමෙනි.අපේ ජීවිතයට ඒ මොහොතේද දුවන්නට දෙමින්,මද පමාවක් අපව නතර කර....අපට යමක් කියන්නට ඔවුහූ වෙර දරන්නට ඇතැයි මට සිතේ. ඔවුන්ගේ භාෂාව අපිට හුරුයි.ඔහුගේ චර්යාව ද අපිට හුරුයි.එහි බියංකා නැමති මනෝ කල්පිත චරිතය තුළ සැබැවින්ම මම ජීවමාන වුණෙමි. අනෙක් අයටත් වඩා මට එය හුරුපුරුදු බව මම ඔබට ඉහතදී පැහැදිළි කළෙමි.ව්‍යංගාටත් වයස විස්සයි. මටත් වයස විස්සයි. බියංකා ත් බත්තරමුල්ලේ. මමත් බත්තරමුල්ලේ. ව්‍යංගාත් කෙල්ලෙකි. මමත් කෙල්ලෙකි.අද ව්‍යංගාට මරණය...හෙට? මමද? නැත්තම් ඔබද? ලේ වැකුණු දිනපොතේ අවසානයේ.....ඔහු මගෙන් මෙන්ම ඔබෙන්ද ඇසුවා. අපි මොහොතකට නළු නිළියෝ වුණා. අපේ ආත්මය අපිට කතා කළා. එහෙම දැණුනා.අපි තුළ සිටින යක්ෂයා හා අපි තුළ සිටින දෙවියා වෙන් වෙන්ව, අපිට කතා කළා.
ඊළඟ මොහොතේ නාට්‍ය ඉවර වෙලා අපි කවුරුත් ලාස්ට් බස් එක ගන්න දිවුවා.138 බස් එකේදී මේ නාට්‍ය බලාපු කෙල්ලන්ටම මේ නාට්‍යම බලපු කොල්ලො ම ජැක් ගහනවා මම දැක්කා.එතකොට මට හිතුණා.අපට පුරුදු වීරයා වැඩියා... වැඩක් වුණේ නෑ. කළම්ඹෝ කළම්ඹෝ කියන්නේ...අපේ ජීවිතේ හරිම ඇත්ත කියලා. මිනිස්සු කාටත් හොඳ නරක තේරෙනවා. ඒත් අමතක වෙනවා. මෙච්චරයි කාරණේ. නාට්‍යට විවේකයක් තිබ්බෙ නෑ .කොළඹටත් අපේ ජීවිත වලත් විවේකයෙක් නෑ.මැරෙන තුරුම විවේකයක් නෑ. ජීවනය පිළිබඳ යථර්තය එක් වර පැය දෙකකට ගොනු කළාට ස්තූතියි. කළම්බෝ කළම්ඹෝ..මමත් දැන් යන්න ඔනේ... නැත්තම් මට රියැලිටි ෂෝ එක මිස් වෙනවා.
අන්තිම ඡේදයෙන් කියවෙන දේ තමයි ඇත්ත.
ReplyDeleteඅන්තිම වාක්‍යය ... ඒකත් ඇත්ත ..
නිනුට 11 වසරෙදි ඉංග්‍රිසි පාඩමට තිබුන දර කපන්නගෙ පාඩම මතකද...? ආශාවන් එකතු කර කර මෙ නටන නාඩගම මරනෙන් තමයි ඉවර වෙන්නෙ.. හැබැයි ඔයාට මෙ අතර ගයන්න , වයන්න අවස්තා හම්බවෙයි මඟහැර ගන්න එපා..ගොඩ කාලෙකින් දැක්කෙ නීනුව..
ReplyDeleteබියංකාද? ව්‍යංගාද? :)
ReplyDelete--
මොනව වුනත් Colombo Colombo නාට්‍යය අමුතුයි තමා. නාට්‍යයටත් වඩා පුදුම වුනේ බලන්න ආපු සෙනඟ දැක්කම.
නාට්‍යය ගැන කියන්න වචන ගලපගන්න බෑ. නාට්‍යය ආයෙත් බලන්න වෙනව.
අපි නම් බැලුවෙ සෙනසුරාදා ෂෝ එක.
--
නීනු ගේ කළම්බෝ ජීවන යථාර්තය ට කොමෙන්ට්ටුවක් දැමීමට අවශ්‍යයි.
ReplyDeleteඒත් ඒකට මට කාලය ගැටලුවකි.
කලාව හරහා යතාර්ථය දකින්නට නීනු වගේ පුංචි කෙල්ලක් දරන උත්සාහය අගය කළ යුතුයි.අද අපිට ඉන්නේ අද ගොළු බිහිරි සමාජයක්.උන්ට හැගීම් දැනීම් නෑ.ඔය කිසිදෙයක් දැනෙන්නේ නෑ.කළම්බෝ බලනවට වැඩිය මගෝඩිගෝඩයි බලන එක උන්ට ආතල්.පහුගිය ගංවතුර කාලේ වත්තල පැත්තේ ගෑණු කෙනෙක් ගංවතුරට ගේ යටවෙලා තියෙද්දී වෙන ගෙදරකට ගියා මහ ගෙදර බලන්න.එහෙම කලා රසයක් තියෙන්නේ.මේ සිස්ටම් එකේ උඩුගම් බලා පීනන්න Try කරන එක ගැන නීනුට ස්තුතියි.
අපි කවුරුත් ඇත්ත පිළිගන්න කැමති නෑ.කොළඹ කියන්නේ මොකක්ද?මගේ පිළිතුර නගරයක් නොවේ.කෝ නාගරික ලක්ෂණ?රෑ 8 න් පස්සේ බස් එකක් වත් තියෙනවද?වැස්සම පාරවල් කීයක් යටවෙනවද?බස් එකක කෙල්ලෙකුට යන්න පුළුවන්ද?කෝ නාගරිකයෝ?කෝ පිරිමි?මුලු කොළඹ ම ඉන්නේ අශ්ශීල ගමේ මැට්ටො ටිකක් විතරයි.සංස්කෘතිමය විදියටවත්,චින්තනමය විදිහටවත්,දියුණු අගනුවරක් අපිට නෑ.එහෙම උන් අතරේ වීරයෝ නෑ නීනු.උන් හැමෝම හිතාගෙන ඉන්නවා උන් වීරයෝ කියලා...
කථාව ඇත්ත... ඔය බොරුල්ල මංසනධියට අදත් මම ගියත් අතරමන් වෙනවා.
ReplyDeleteජීවිතය හොයාගන්න අමාරුයි
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවට. අනේ ඒකේ ගෑණු ළමයගෙ නම ව්‍යංගා තමයි. මට ඒක ඇහුණෙම බියංකා වගේ,[රාවය පත්තරේ වෙලාවට මගේ වැරැද්ද නිවැරදි කරලා තිබ්බා. ස්තූතියි එයට]ඔයාලාට උත්තරයක් දෙන්න එන්න පමා උණේ..මම කොළඹ හිටියෙ නෑ පහු ගිය දවස් වල.... රත්නපුරේ ගියා ප්‍රාදේශීය ගැටලු ගැන පැවරුමකට දැන් තමයි කොළඹට ගොඩ බැස්සේ.හැමෝටම ස්තූතියි.
ReplyDelete