මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/24/10

හිතට දැනුනු වැරැද්ද හා නිවැරැද්ද

කිසිම විටෙක කිසිම අයෙකුට මම මට කළ හැකි යමක් වෙනුවෙන් කරදර කර නැත.මා අනික් සියලු අයද එසේ විය යුතු බවට කිසි දිනක නොසිතුවෙමි.මම බොහෝ විට මට හැකි අනුන්ගේ හැම වැඩක්ම කර දීමෙන් තෘප්තිමත් වුණෙමි.මම වැඩ කර දුන් සඟරා දෙකේම මට කිසි වගකීමක් නොතිබිණි.මගේ කැපවීම සැලකූ අයියලා මගේ නම එයට ඇතුළත් කළා මිසක මම ඒ නිලධාරී මණ්ඩලයේ වත් නොසිටියෙමි.මම බිත්ති පුවත්පතක් නිරන්තරයෙන් හදමි.මා එය බිම දමාගෙන හදන විට,"උඹ හදනවාද?" යැයි අසමින් එතන පසු කර යන කිසිවෙක් අඩුම තරමේ තම නිර්මාණය ටයිප් කර දීමට වත් ඉදිරි පත් වූයේ නැත.ඔවුන් බොහෝ දෙනා ෆේස් බුක් මත ඇස් යොමා සිටිද්දී මා පින්තූර සෙවුවේ...ටයිප් කෙරුවේ...මා වෙනුවෙන් නොවේ.එවායේ ගෞරවය මට වුවමනාද නැත.

මට මේ සියලු දෙයින් උවමනා කළේ යහළුවෝ පමණි.එයට එකම හේතුවත් නිවස තුළ මා තනි වූ දරුවකු වීමයි.මා කියනා දේ අසන්නට සහෝදරයෙක් සහෝදරියක් සිටියා නම් මට යහළුවෝ නැතුවාට කමක් නැතැයි සිතිය හැකිය.එසේ සිතුන වාර ද අනන්තය .මා මේ වනතෙක් මිතුරන් සම්බන්ධව කළකිරී සිට්යේ...ඔවුන් ගැන ඔවුන්ගේ පුහු ජීවිත ගැන දුක් සිතුණු බැවින් පමණකි.මේ වනවිට මම මිත්‍රත්වය ගැන ද දුක් වී සිටිමි.ඇය ගැන මම ඔබට කියමි.ඔබ බලන්න වැරැද්ද හා නිවැරැද්ද...

ඇගේ හොඳම යහළුවා ඒ තරගයට තෝරා ගත්තා.නමුත් ඒ යහළුවා එම තරගයට යන්න නොහැකියි කියලා ඇයව ඇය නැති වෙලාවෙ යෝජනා කළා.ගුරුවරයාත් තීන්දු කළා. ඊට පැයකට පස්සෙ ඇය ආවාම අපි හැමෝම ඇයට ඒක කිව්වා.ඇයත් අකමැති නම් ගුරුවරයාට කියා එය නීත්‍යානූකූලව මාරු කර ගත් යුතුයි. ඇය මට විවාදයට ඉන්න කිය කියා බල කළා. බොහෝ විට කෙනෙක් නැත්තම් ඒ වගේ දේකට මාව දාන්නට ඔවුන් පුරුදු වී සිටියා.ඇගේ නම දැමූ යහළුවාව නෙවෙයි ඇය ඒ සදහා යොදා ගත්තෙ .මට මොකක් වුණත් මොකෝ කියලා හිතන්න ඇති.ඒකට මොකද? ඒත්..පොඩි ගැටළුවක් තිබ්බා.කළින් විවාදෙට හිටපු අයට මේ පාර ඉන්න එපා කිව්වා.මම ඇයට එය පැහැදිළි කළා.අනික ඇයට එය කළ හැකියි.ඇයට සූදානම් වීමට දින දෙකක් තිබ්බා.අද ඇය පමා වුණා.ඇය හිතුවෙ උදේ තියාවි කියලා.නමුත් තිබ්බේ හවස.ඇයගෙන් ඇහුවාම ගුරුවරුන්ට කිව්වෙ ඇය මේ ගැන දන්නේ නෑ කියලා..ගුරුවරු අපෙන් අහන්නෙ කිව්වෙ නැත්තෙ ඇයි කියලා.


ඔයා එදා ආවා නේද කියලා මම ඇගෙන් ඇහුවා.එය පාවා දීමක් කියා එයා හිතනවා. මම ඒක දන්නවා.නමුත් රෙජිස්ටරෙන් බලලා ඒක අහුවෙනවාට වඩා , එයින් ලැජ්ජා වෙනවාට වඩා ..ඇත්ත පිළි අරන් තමන්ගෙ අකමැති බව කීවා නාම් ඉවරයිනෙ.ඇය හැම් වෙලාවෙම හැංඟුණා.අපේ අක්කා සිංහල මාධ්‍යයේ ලැජ්ජාව බේරුවා.මට මිතුරු යැයි සිතිය හැකි එකම කෙනා දැනට නම් ඒ අක්කා පමණයි.සැබවින්ම මම කලකිරී ඇත්තේ ඔවුන්ගේ හිතුවිල්ල ක්‍රියා කරන ආකාරය මතයි.ඇය මුළු පන්න්තියම පාවා දෙද්දී ( ඇයට අපි කිසිවෙක් කිසිම දෙයක් නොකියූ බව කියා ) මම ගත්තේ පන්තියේ පැත්ත පමණි.සත්‍යයේ හා අභියෝගයේ වටිනාකම ඇය හඳුනා ගත් දාට ඇය මට හෘද අභ්‍යාන්තරයෙන් සමාව දේවි.මා මෙය ලියා තබන්නේ...හදවතට මෙය තදින් දැනුණු නිසයි.මට අනුව මා වරදක් කර නැති නිසයි.


සහජයෙන් උරුම වූ කිසි දෙයක් මට නැත.මම සියල්ල උත්සාහය තුළින් ගොඩ නගා ගත්තෙමි.ඉතින් අනිත් අයට සහජ හැකියා තියෙද්දීත් ඒවා දියුණු කර ගන්නේ නැත්තේ ඇයි?වෙනස් විය යුත්තේ සිතුවිලිය.මා කුඩා කළ සිටම කතන්දර පොත් තුළ ජීවත් වූ නිසා මා කියනා දේ වැරදි වන්නට පුළුවන.නමුත් ඔබත් සිතන්න.ඔබේ වීරයා ඔබයි කියලා....මට හැම වෙලේම මගේ වීරයා විදිහට මාව පෙනුණා...මගේ ජීවිතේට ප්‍රබලම බලපෑමක් කරන්න පුළුවන් මට විතරයි කියලා මට හිතෙනවා.මම ඇයට ආරාධනා කරනවා.හැකියාව වලපල්ලට නොදා එළියට එන්න කියලා.එයාට විශ්වාසයක් නෑ. ඒකයි හැංගුනේ.අපේ බහුතරයෙකුගෙ වීරයා මැරිලා.හැබැයි මගේ වීරයා මම මැරෙනතුරු ජීවත් වෙනවා...ඔහේ ලියාගෙන ගියෙ කල කිරීම පහ වෙන්න.ස්තූතියි රෝස වළකුළට නීනුගේ අද දවසෙ කතාව ඇහුවාට...මම කාගෙවත් නම් ලියා නෑ .මේකත් කතාවක් කියලාම හිතන්න හොදද!

5 comments:

  1. මිනිස්සුන්ගේ හිත් අතුල මිනිස්සුන්ට පෙනෙන්නේ නහැනේ...එකයි.....ඔය..කාලයා ගේ ඇවැමෙන්..හොද නරක තෙරෙනවා.......
    ඔබ හරි...ඔබේ විරයා වියයුතේ ඔබයි....ඒතුලින් බිහිවන්නේ.....ඔබයි..නැතිනම්..කාඩ්බොඩ් ඔබ කෙනෙක් බිහිවිය හැකියි.....
    සුබ අනාගතයක්.......

    ReplyDelete
  2. කතාව සහසුද්දෙන් නොතේරුණත් වේදනාව නම් පෙනුනා දැනුනා.
    හරි ‍දේ වැරදි දේ සාපේක්ෂයි නේද?

    ReplyDelete
  3. ඔය වගේ අත්දැකීම් ලැබෙන එක ගැන සතුටු වෙන්න. විවිධාකාරයෙ මිනිස්සු එක්කනෙ ජීවත්වෙන්න තියෙන්නෙ.

    ReplyDelete
  4. මේක ඇත්තටම වුණ කතාවක් කියා මම සිතනවා... අපි හිතන්නෙ අපිට කෙල්ලො තේරුම් ගන්න බැරිය කියා.... නමුත් දැන් බලනකොට කෙල්ලොන්ටත් කෙල්ලො තේරුම් ගන්න බෑ වගේ.....

    ReplyDelete
  5. ස්තූතියි ඔයලා හැමෝටම.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.