මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/15/10

පිනි මල් කඳුළක් (‍හය වන කඳුල )

මාව සීතල වෙලා ගියා.මම හිතුවෙ නෑ.එයාට කෙල්ලෙක් ඇති කියලා.කවදාවත්ම හිතුවෙ නෑ.ඒත් මම ඒ ගැන වැඩි දුර නොහිතා දෙන්නාවම ඒ තරම් ගණන් නොගෙන ඉස්සරහට ගියා.


"කොහොමද මල් පෙති?"
දෙනෙත් අයියා මගෙන් ඇහුවා.
මම ඒ ගෑණු ළමය එක්ක හිනාවෙලා....දෙනෙත් දිහා බලලා " අයියා ඉන්නවා. ඉන්න කතා කරන්නම්" කියලා කිව්වා.ඒත් එයාගෙන් ඇස් අහකට ගන්න මට තාමත් බැරි වුණා.මට එයා ගැන "මහ හොරෙක් "කියලා මහා තරහක් හිතුණා.
"මල් පෙති මේ ඉන්නේ මගේ පුංචිගේ දුව.. ස්වප්නා.එයා ආසයි කිව්වා ඔයා එක්ක කතා කරන්න. ඒ නිසා මම එක්කකරන් ආවා.ඔයා යන ඩාන්සින් ක්ලාස් තියෙනවා නම් මෙයාටත් කියන්න. මෙයා නැටුම් ඉගෙන ගන්න හරිම ආසයි."


දෙනෙත් කියාගෙන ගියා.ඒ වෙලාවෙ මට පුදුම සතුටක් දැණුනා.එයාට කෙල්ලෙක් නැහැයි කිව්වාම මට එහෙම සතුටක් දැනෙන්නෙ ඇයි? මටත් පිස්සුනේ...


අපේ සද්දෙට ලොකු අයියාට නිකම්ම පණිවිඩේ ගිහින් වගේ කාමරයෙන් එළියට ආවා.


"මම නිකම් ආවේ බන්.... උඹව බලන්නත් එක්ක" ඒ දෙන්නා කතා කර කරම කාමරේ ඇතුළට ගියා.


ස්වප්නා එක්ක මම එළියේ බංකුව යටට ගියා.


"ඔයා දන්නවාද අපේ අයියා මාව එක්කරන් ආවේ ඇයි කියලා? ඔයාගේ අයියාට ඔයා ගැන යෝජනාවක්
කරනවා කියලා


අනේ දෙවියනේ........මට එක පාරටම බය හිතුණා....එහෙම කරන්න එපා කියන්න කියලා හිතා ගෙන මම ගෙට දිව්වා......ගේ ඇතුළින් අයියා අඬනවා ඇහුණා.


මම දොර රෙද්දට මුවා වෙලා අයියා අඬන්න හේතුව හෙව්වා.
"උඹ ඔවා ගනන් ගන්න එපා. දැන් එයා උඹේ කෙල්ල නෙවෙයි...මට උඹේ දුක තෙරෙනවා.ඒත් මෝඩයෙක් වෙන්න එපා. ප්‍රශ්න ඇති කර ගන්නත් එපා.තේරුණාද?"


මට දෙනෙත්ගෙ හඬ ඇහුණේ....දෙනෙත් ඉන්පස්සෙ හැරෙද්දි මම එතන ඉන්න විත්තිය දෙනෙත්දැක්කා."පුළුවන්නම් අදත් බනින්න.මම ඇවිත් මුගෙ ඔලුව අවුල් කරනවා කියලා..මම හදන්නෙ අනික් එවුන් තාර බරත් එකතුකරලා ඒ දුක මෙයාට ගිල්ලවන්න කලින් මුගෙ හිත හදන්න.තේරුණාද?"
......මට ඒක කිව්වෙ නෝක්කාඩුවට වගේ...


"මොකක්ද වෙලා තියෙන්නෙ අයියා ? "


මම ඇහුවා. "අනේ නංගි...සමනළීට පිළිකාවක්ලු" ....අපේ අයියා අඬනවා.මට උහුලගන්න බැරි වුණා. මට දැනුනේ පුදුමාකාර හිස් බවක්....අයියා ට සමනළී ව නැති වුණත් අයියා සමනළීට ආදරේ කළා. හුඟක් ..මට ඒක දැනුනා. අනේ මෙහෙම දේවල් උනොත් අයියාට පිස්සු හැදෙයි කියලාමයි මට හිතුණේ.


සමනළීට අනතුරක් වෙන එකක් නෑ කියලා මට හිතුණා..දෙනෙත් උනත් එහෙම කිව්වා. ඒත් දෙනෙත් කිව්වෙ කලබල වෙලා වැඩ අවුල් කරගන්න එපා කියලයි. නැත්තම් අයියාගේ ආදරේ මේ වෙලාවෙදි ඔක්කොටම කලින් එළියට පැනලා නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ ඇති කියලාම තමයි.දෙනෙත් හිතුවෙ..මොකද අපේ අයියා හරිම හැඟීම් බරයි.විශේශයෙන්ම ආදරෙදි...මේ වෙලාවෙ අම්මල තාත්තලා ගෙදර නැති එක හොඳයි කියලා මට හිතුණා.පොඩි අයියාත් යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ දානෙට බඩු ගේන්න උදව්වට ගිහින්.


ඒත් ඒ මොහොතේම අයියාගේ විරහා වූ ආදරය ගෙන ආ සමනළී වගේම පිළිකාවත් අපිට අමතක වෙන තරම් ලොකු බරක් තියෙන වේදන්නවක් මහා කුණාටුවක වගයෙන් නිවස දෙසට හමාගෙන එමින් තිබ්බා...ඒ වේදනාව තාමත් අපේ හිත් තුළින් මැකිලා ගිහින් නෑ.

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න................




3 comments:

  1. ඔයා කතාව කියන විදිහ හරිම ලස්සනයි. දිගටම ලියන්න. අපි බලාගෙන ඉන්නවා ඊළඟ කොටසත් ලියනකම්. :)

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  3. පොඩ්ඩයිනේ ලියන්නේ. තව ලියන්න බැරිද ?

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.