මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/2/10

දවසක මුතු වැල් ගෙනෙනව ගෙනත් නුඹට පළදවනවා|21 + වැස්සි පැටියා

තව දවස් අටකින් අපේ විද්‍යාලේ බ්ලොග් අඩවි වලට ලකුනු දෙනවා..මම නම් ගොඩාක් ඒකට ලිව්වෙ නැහැ..එහෙමයි කියලා ලියන්න දේකුත් නැහැ....ඒත් මුකුත් නොලියත් බැහැ....ඒකට පුළුවන් තරම් හොඳ පෝස්ට් ටිකක් දමන්න ඕනේ....අපේ අනික් කට්ටිය ගෙ බ්ලොග් ගැන බලන්න ඕනේ....මට මගේ යාළුවො ටික ගැන බලන්න බැරි වුණා... එයාලාටත් ලකුණු ගන්න පොඩ්ඩක් හරි උදව්වක් වෙන්න ඕනේ...සමහරක් අයට තාම බ්ලොග් කෙරුවාව මංඥ්ඥං නිසා....ආ මට කියන්න අමතක වුණානේ..නීනුගේ විසි එක් වෙනි උපන්දිනේ ට නීනුගේ අප්පච්චි..එළදෙන පැටියෙක් නිදහස් කළා...අප්පච්චි ඒ වෙනුවෙන් දෙමට ගොඩ ගවඝාතකාගාරෙට ගිහින්...අප්පච්චි කියනවා සංසාරේ එපා වුණාලු......නීනු නම් ඉතින් මස් කන්නෙ නෑ...ඒ නිසා ප්‍රශ්නයක් නෑ...මාළුත් ආසාවෙන් කන්නෙ නෑ..ඒත් ඩොක්ටර් අන්කල් නම් කියන්නෙ නීනුට ඇග තිබ්බට හයිය හත්තිය නැහැ කියලා....කොහොම වුණත් නිතරම ඉස්පිරිතාලෙ ඉන්න එක විනොදාංශෙ නිසා නීනුට දොස්තර අයියලා අක්කලාත්,අන්කල්ල ඇන්ටිලත්  හරි ආදරෙයි...මේ ඉන්නෙ නීනු නිදහස් කරපු වැස්සි චුට්ටා... එයා හදන්නෙ අල්ලපු ගෙදර සීයා...ඒ සීයා ළඟ තව වස්සො ගොඩාක් ඉන්නවා...ළඟදීම ඒ වස්සකුට වැස්සි පැටියාව බන්දලා දෙන්න අදහසක් තියෙනවා කියලා ඒ සීයා නීනුට කිව්වා...

4 comments:

  1. පිං අතේ වැඩක්.
    ජයවේවා.....

    ReplyDelete
  2. හ්ම්.. නංගියෙ ඔන්න මං අයි ආවා. ඔයාගේ උපන්දිනේට සුභ පතනවා සුභම සුභ උපන් දියයක් වේවා!!! කියලා. කරපු වැඩේනම් ගොඩක් පිං අතේ වැඩක්. එක අසරණ සතෙකුගෙහරි ජීවිතයක් මරණයෙන් බේරගන්න පුලුවන්නම් ඒක අපි කරගන්න ලොකු පින්කමක්..

    ReplyDelete
  3. මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  4. ස්තූතියි..........ඔක්කොටම .......

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.