තව සුළු මොහොතකින් උදාවන්නේ දෙසැම්බර් විසි හය වෙනිදා...ලංකාවට ඒ දවස අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැතැයි කියලා මම දන්නවා...පුවත්පත් ආයතනයෙ පඩිපෙළ නගින හැම වෙලාවකම එක එක පත්තර විසින් වැඩි වෙන මරණ යාවත් කාලීන කළ ආකාරය දකිද්දි...ඉහළ බිත්තියෙ එල්ලපු පින්තූර වල මිය ගිය සිරුරු, හඬන මිනිස්සු දකිද්දි, 2010 ගෙවුණු අවුරුද්ද පුරාම දිනපතා සුනාමිය මගේ මනසට ආවා.මේ දවස් වල එතරම් එහෙට නොගියත් මේ ලිපියෙ වචනයක් වචනයක් පාසා ලියනකොට මට ඒ පින්තූර එක එකක් හිතට මැවෙනවා.ඒ මැවෙන සිද්දි හැම එකක්ම ඒ දවස් වල දැකපු ටෙලිවිෂන් රූප රාමු වෙලා ඇස් ඉස්සරහට එනවා...මුහුද එදා පුදුම විදිහට නපුරු වුණා.... ඒ ගැන මගේ මතකය පසුවට ලියන්නම්...සුනාමිය අපිට හුඟාක් දේ නැති කළා...යුද්ධයෙන් පීඩා විඳින ජාතියකට අන්ත අසරණ වෙලා විනාස වෙලා යන තරමෙ ප්‍රශ්නයක් දුන්නා.එත් අපි දැන් අවුරුදු හයක් පහු කරලා හුඟාක් දුර ඇවිත්....සිතිවිලි වල බේදය තවම ඇතත් නාමිකව යුද්ධය ඉවරයි..සුනාමියට හසුවූ අයගෙ ජීවිත යථා තත්ත්වයට යම්තාක් දුරට පත් වෙලා.මිය ගිය ජීවිත ඇරුණු කොට..ඒත් මේ සියවසේ අපි කොයි තරම් දියුණුවට ආවත් අපේ රටේ දෙදහස් හතරෙ දෙසැම්බර් විසි හයට පෙර ඉපදුණු අයගෙන් අන්තිමයා මිය යනතුරුම මේ කඳුළු මතකය අපට කතා කරාවි...මුහුද සිදු කළ මහා සමූලඝාතනය අපට අපගේ මනුස්සකම ගැන,නොනැවතී දිවූ ජීවිත ගැන නැවත වරක් සිතා බලන්නැයි කී පණිවිඩයක් විය හැක...අද නිසලව හිටියත් මහා පොළවේ උවමනාවට ගිලගත් අහිංසක මිනිසුන් ගැන අපරිමිත ශෝකයෙන් මහ මුහුද රැළි නංවනු වෙරළ තීරයට ගොස් බලා ගත හැකි වේවි.
පසුව ලියමි..
සුනාමි රැල්ල ගැන මගේ අත්දැකීම මෙන්න මෙහෙමයි...අපේ ආච්චි අම්මාගෙ දානෙ දෙන්නෙ හැම උඳුවප් පෝයටම කළුබෝවිල හත් බොධිය පන්සලට...එදා මම හිටියෙ පොඩි නැන්දලාගෙ ගෙදර...පිරිමි අය මැච් එකක් බල බල හිටියා...ඔය අතරෙ යටින් නිවුස් කෝලර් එකක් ගියා මුහුද ගොඩ ගැලීමක් ගැන....එතකොටම කවුරු හරි අයි ටී එන් දැම්මා...මුහුදු වතුර එක සැරේ එන මහ ඇළක් තියෙනවා නැන්දලාගෙ ගේ පිටිපස්සෙ...ගල්කිස්ස කිට්ටු නිසා මෙහෙටත් වතුර එන්න පුළුවන් කියලා කාටත් හිතුණා...ඒත් අපිට මේ කිසිදෙයක් දාලා යන්න විදිහක් නැහැ.අපි ගියොත් සිල් පිරිස බඩගින්නෙ...උදේ දහයට උයා ගත්ත හොදි දෙක තුනත් එක්ක මමයි තව කීපදෙනෙකුයි පන්සලට ආවා...බඩු බාගෙන ආපු වාහනේ මගින්ම ඇරියෙ ගාලු පාර පිස්සු වැටිලා තිබිච්ච හන්දා....වෙනදාට ලොකු දෙන්නා එක්ක පොඩි එකෙක් මෝටර් සයිකලේ ගියත් ඔරෝවන පොලීසිය අද ඒ බයිසිකලේටම තව පස් දෙනෙක් දාලා යවනවා.... මිනිස්සු කෑගැහුවා....වතුර එනවා.. ඒ පැත්තට යන්න එපා කියලා....මමයි..අපේ කට්ටියයි පන්සලට ආවා.. සිල් පිරිස බණ නවත්තලා පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දුවනවා..ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට මොනා වෙලා ඇත්ද කියලා බයෙන්...පවුලෙ තරුණ කට්ටිය විතරයි එදා දානෙට සහභාගි වුණේ..මම බත් බඳින්න පටන් ගත්තා...පන්සලේ ඒ මොහොතෙ හිටපු හැම මනුස්සයා අතටම අපි බත් මුලක් දුන්නා...අපේ අම්මලා ඒ අතරේ ආපහු අපිව එක්කගෙන යන්න එමින් තිබුණා ඒත් වාහන ට්‍රෆික් නිසා මග ඇහිරිලා....ඒත් පැත්තට වතුර ආවේ නෑ... ආවත් මට විකල්පයක් තිබ්බා..පන්සලේ හදපු සිරීපාදෙට නැග්ගාම තට්ටු හතක බිල්ඩිමකට නැග්ගා වගේ නිසා...එදා ආරක්ෂිතව ගෙදර ආවත් මට මරණ බය දැනුනෙ නැත්තෙ නෑ...වතුර තව ටිකක් ආවා නම් කොහොමද මම මේක අද ලියන්නෙ?....මේ හැම දෙයක්ම වෙද්දි මම දහය වසරෙ...
එදා මම ඒ ගැන ලිව්වා මෙන්න මෙහෙම...
මුද්දර ගාස්තු නැත...
වියරු වූ සයුර වෙතටයි.....
මුහුදු තෙර එළිය කර නිම් වළල්ලෙන් එහා
ලහිරු කැන් පතිත විය අලුත් උදයක් කරා
සියල් ලොව පෙර සේම නිසසලයි සුන්දරයි
සයුරු රළ වැලි තලේ හැපි හැපී දඟ කරයි
පෙර නොවූ විරූ ලෙස චණ්ඩ වී මොහොතකින්
ගෙවල් ගස් වැල් සියලු අඹරවා රළ අතින්
හඬා වැටෙනා අහිංසක මිනිස් කැළ සමඟ
මන්ද? ගෙන ගියේ නුඹ අපට හිමි හෙට දවස
නෑසියන් සොහොයුරන් ගෙන ගියත් මරු කරා
අපව තනි කළත් ලොව ජයක් නැත නුඹ ලබා
මහ සයුර, ඔබ සමඟ තරහ නෑ කිසි කලේ...
පොහෝ දා ලේ හලා මහ පවක් ඔබ කළේ..
මෙයට
ඔබෙන් බැට කෑ අය
2004.12.29
මම කවි ලියන්න ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි.ඒත් එහෙම ලිව්වා.. අපේ රටේ සුනාමිය එක්ක සාහිත්‍යක් බිහි වුණා...උදාහරණ නම් ඔබ මේ දවස් වල නිතර ම දකිනවා
සමහර සාහිත්‍ය කරුවො සුනාමිය දැක්කෙ මීට හුඟ කාලෙකට ඉස්සර...ඒවා මම හෙට ලියන්නම්...මහ මුහුද අදත් රැළි නගනවා...මට කවදාවත් මුහුද එක්ක තරහ වෙන්න බෑ මේ කළ දෙයට ....අපේ අප්පච්චි නැව් තටාකාංගනේ...මුහුද නැත්තම් නැව් නැහැ.නැව් නැත්තම් අප්පච්චිට රස්සාව නැහැ....මුහුද නිසා ගොඩාක් අය ජීවත් වෙනවා....ඒ නිසා කාටවත් මහ මුහුදට බනින්න බැහැ...අපි මුහුදට ගොඩක් වැරදි කළා...මහ පොළවට ගොඩක් වැරදි කළා...එදා ගෙව්වෙ ඒ විපාක කියලා මම හිතනවා..ඒවා යළිත් ඇති නොවෙන්නයි දැන් කටයුතු කළයුත්තේ..
ඒත් මිය ගිය හැම ජීවිතයක්ම මේ පොළවට වටිනවා.....මරණ සහතිකයක් නැතිව, පාංසකූල නැතිව, මල් වඩම් නැතිව,පෙට්ටියක් වත් නැතිව භූමදාන වූ නන්නාදුනන සියලු මිනිසුනි...ඔබ නිවනටත්,සමාදානයටත් පැමිණේවා....

සොඳුරු සුදු පෙණ ගෝමරින්
සැදි නීලවන් ලමැදේ
අරන් සංගා ගත් සියක් උන්
නොමැත යළි දුටුවේ....
ඔවුන් යළි ඔබ ඇකෙන්
බැස එන මළවුන්ගේ දවසේ
දහස් තරු ඉටි පහන් පිපියන්
මේ කඳුළු අහසේ....
http://jiiwithayawachanayen.blogspot.com/2010/12/blog-post.html
ReplyDeleteමගේ මතකය..
ඒ මහා ඛේදවාචකය හේතුවෙන් මේ පෘථිවි තලය තුල මිහිදන් වූ අපගේ සහෘදයන් හා ඥාතීන් අද දින සිහිපත් කරමු.
ReplyDeleteසියළු වාද භේද ඉවතලා නැවතත් එක්ව නැගී සිටිමු.
අනිවා
ReplyDeleteමමත් ඕකට මූණ දුන්න කෙනෙක්. ඊළඟ අවුරුද්දෙ සාපෙ නිසා මම නෑ ගෙවල් වල ගිහිල්ල එදා උදෙන්ම එන්න හිටියෙ. ඒත් මට පරණ පිණකටද කොහෙද එහෙන් 4ට පිටත්වෙන බස් එක විනාඩියකින් විතර මිස් වුනා. ආපහු ඊළඟ එක තියෙන්නෙ 5.30ට නිසා මට මාම කිවුව ආපහු ගිහින් එමු කියල. කොහොම හරි ගමන බාධ උනයි කිය කිය නැන්ද ඊළඟ බස් එකේවත් යන්න දුන්නෙ නෑ. බස් දෙකම සුනාමියට අහුවෙලා තිබුන.:(
ReplyDeleteමම මුණ දුන්න කිව්වට මට වතුර පර දකින්නවත් ලැබුනේ නෑ. ඒත් වතුර ගෙවල් ගාවටම ඇවිත් තිබ්බ. මම දවල් ගාල්ලට ආවම තමා වෙලා තියෙන විනාසෙ දැක්කේ.
ReplyDelete