මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/6/10

ප‍්‍රාර්ථනා නොකළ භයංකර සිහිනය

වා තලය ඉරාගෙන
පැමිණි ඝන සැඩ කිරණ
හැලිවළං පැලී ගිය
මහ පොළොව මත සරත......
දිය බිඳක් සොයාගෙන
වැලි කතර සරණ සත
දෑස් පෙනෙනා ඉමක
මිරිඟු දිය විල් තෙරය......

මිනිස් බල රැක ගන්න
මුත‍්‍ර පිරිපහදු කර
අමරසක් සේ සිතා
උගුර දෙක ගිලින කළ...
කටු ගෙවල් දොරටු අස
ලොකු කුඩා ජනතාව
තුරුලතා යනු කිමැයි
දැක ගන්න පෝලිමක....

කණින සැම ඉසව්වෙන්
මතු වෙනා ඇට කැබලි
කඳුළු කැට පුරවලා
ගිනි ඇවිලූවා සිතට....
මතකයන් රැගෙන ගියෙ
ලෙයින් තෙත අතීතෙට
එකිනෙකා මරා ගත්
සාපලත් දේශයට....

සංහාරයේ තරම
දැක දැකම පිළිකුළෙන්
අරමුණින් නග්න සිත
ඇවිද ගෙන යන කලට..

බලය,මිල,සවිය,ජය
උදෙසාම අමන ලෙස
තලා පොඩි කර දැමූ
අහිංසක මිනිස්කම
කාණු පල්ලෙන් නැගිට
මා දෑස දෙස බලා..
වාරුවක් ඉල්ලමින්
අසරණව සිනාසිය...


4 comments:

  1. හිතට වැදුණා

    ReplyDelete
  2. වා තලය යට
    වියරුවෙන් හිනැහෙන්න...
    මලකුණක මස් වැදලි
    ලේ බුදින උස් මනැස ...
    ඔප වෙන්න සම් ලොමින්
    කසී සලු පලදින්න ...
    මෙවන් වු පස කලක් මටම හැර
    කුමට ඉතිරි කොට ඉතිරි කොට නික්මෙම්ද....

    ReplyDelete
  3. හිතට වදිනා සිදුවමක් ද
    නොසිතු පරිදි සිදුවුනේ
    ඔහොම වෙන්නැති ඡිවිතෙත්
    කමන් නැඅපි එක වගේ

    මරූ ඇ

    ReplyDelete
  4. Lassanayi nirmaanayak Neenu !

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.