මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/13/12

අපිට මොකට සිංහල?



මේ ළඟදි අපි හිටපු තැනකට ආවා සුදු මහත්තයෙක්. එයා රේඩියෝ ගැන හොඳින් දන්න කෙනෙක්. අපි එයාගෙන් ඇහුවා..ඔයා අපේ භාෂාව ගැන මොකද්ද හිතන්නෙ කියලා. එයා කීවා ඒක හරිම අපූරු භාෂාවක් කියලා. ඉතින්. අපි නිකමට වගේ ඇහුවා අපේ භාෂාව ඉගෙන ගන්න හිතේ කැමැත්තක් එහෙම තියෙනවාද කියලා. එතකොට ඒ මනුස්සයා කියපි... අපෝ මට ඔය භාෂාව ඕනෙ නෑ කවදාවත් ඒක ප්‍රෙයා්ජනවත් නෑ කියලා. අපි පුදුම වුණා. අපි ඇහුවා ඇයි එහෙම කියන්නෙ කියලා. මේ රටේ සිංහල බෝඩ් වලට වඩා ඉංග්‍රීස් බෝඩ් තියෙද්දි, සිංහල පොත පතට වඩා ඉංග්‍රීසි පොත පත තියෙද්දි, අමාරුවෙන් ම හරි හැමෝම මාත් එක්ක මගේ බසින් කතා කරද්දි මට මොකටද සිංහල? අපිව සීතල වුණා.

මේ රටේ හෝටල් , ඔක්කොම දේවල් පිළියෙළ කරලා තියෙන්නෙ අපේ ක්‍රමයට. ඕගොල්ලන්ගෙ කඩ වල වැඩියෙන් තියෙන්නෙ අපේ ආහාර පාන. ඔයාලාගෙ කෑමක් ඔයාලාට මේ රටේ හොඳ කඩයකින් හොයාගන්න අමාරුවුණාට, අපේ ආහාර පාන ඇති වෙන්න තියෙනවා. ඉතින් අපිට මොකටද? ඔයාලාගෙ දේ ඉගන ගෙන.

ඔයාලාගෙ සිරිත් විරිත් අපිට වැඩක් නෑ. ඔයාලත් බලන්නෙ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න. අපි නටන විදියට නටන්න. අපි ඉඳගන්න විදියට ඉඳගන්න. ඉතින් අපිට ඔයාලාගෙ සිරිත් වැඩක් තියෙනවාද?

අපි කවුරුත් සද්ද නැතිව අහන් හිටියා. අන්තිමට හැමෝම නිතර විහිලු කරන රොබින් මහත්මයා කියපු දේ හිනාවකටම බාර අරගෙන වැඩ වල යෙදුණා. ඒත් මේක හිනාවෙන්න පුලුවන්ද කියලා මම ටිකක් කල්පනා කළා. අපි ඔහු එක්ක හිනා වුණේ අපි අපිටම නේද?

බලන්න අපේ දැන්වීම් බෝඩ් සිංහලෙන් නොලිව්වත් ඉංග්‍රීසියෙනි ලියනවා. අපේ අම්මලා ළමයිව ඉස්සල්ලාම දාන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න. දරුවා සිංහලට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්නවා නම් හුඟක් අම්මලා කැමතියි. ඉංග්‍රීසි නොදන්න අම්මලා වචන දෙක එකතු කර කර තමන්ගෙ දරුවන්ට ඒ භාෂාව උගන්වන්නෙ, දරුවට ආදරයට. හේතුව .. එකම හේතුව ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාව වීම.

වෙන රටවල් මේ සංකල්පයෙන් මිදිලා හුඟක් කල්. ඒත් පරගැති බවෙන් මිදෙන්න බැරි අපි තවම ඉංග්‍රීසි තියා ඉන්නෙ පළවෙනියාට. රාජ්‍ය භාෂාව සිංහල වුණත් වැඩි ලියකියවිලි ප්‍රමාණයක් ගැහෙන්නෙ ඉංග්‍රීසියෙන්. අපි කාටත් ඇත්තටම සිංහලට වඩා ඉංග්‍රීසි පුලුවන්. මම කියන්නෙ ඇත්ත. සිංහල හෝඩියෙ අක්රු කීයද ඇහුවොත් පස්දෙනෙක් දෙන්නෙ උත්ර පහක්! ඒත් ඉංග්‍රීසි හෝඩියෙ අකුරු කීයද ඇහුවොත්? ඔබ උඩ පැනලා කෑ ගහයි.. විසි හයායි කියලා. එහෙම නේද?

සිංහල මිනිස්සුන්ගෙ ශ්‍රීලංකික වෙබ් ජාල, බහුතරයක් තියෙන්නෙ තනිකර ඉංග්‍රීසියෙන්. අඩුම තරමෙ මේ හැම වෙබ් ජාලයකටම සිංහල පැත්තක් හෝ තියෙන්න ඕනෙ. එතකොට ජාත්‍යන්තරය සිංහල භාෂාවෙ අකුරක් දැක්කොත් මෙය සිංහල අකුරක් කියලා පහසුවෙන් හඳුනා ගන්නවා. දෙමළ අකුරු ඕනෙම තැනක දැම්මාම, හුඟක් අයට පහසුවෙන් අඳුරගන්න පුලුවන්.. දෙමළ දන්නෙ නැතත්. අපි ටිකක් කල්පනා කරලා බලමු... අපි හිතන අපි පතන, අපි ට වේදනාව දැනෙන කොට අපිට සතුට දැනෙනකොට ඉස්සෙල්ලාම මුවින් පිටවෙන භාෂාව. සිංහල.. එහෙම නේද? අපි සංහල බ්ලොග් කරුවො. යාලුවෙ අපි හැකි තරම් සිංහල ව්‍යාප්ත කරමු.

පසුව ලියමි.

මේ ළඟදි සැලෝන් එකට ගිය වෙලාවෙ තරුණ අක්කා කෙනෙක්, සිංහල අක්කා කෙනෙක් ඇහිබම ගලවනවා. එයා ඇහි බැම ගලවන ගලවන පාරට, aaugh....aaugh  කියලා කෑ ගහනවා. ආවුජ්, ආවුජ් ගාද්දි මගෙත් ඇඟ හරි වැටුණා. කොහොම හරි, පස්පාරයි කිව්වෙ.. ඒ අක්කාගෙ හක්ක පැන්නා. සරලව ඒක හදාගත්තා මං හිතන්නේ... ඒත් ඒක දාන්න සෑලෝන් එකේ ත්‍රෙඩිං කර කර හිටපු ළමයා උදව් කළ වෙලාවෙ. හක්ක නියම තැනට වැටුණ ගමං ඒ අක්කාට කියවුනේ... අවුජ් නෙවෙයි.. අම්මේ කියලා.... තවත් අපිට මොන කතාද?




Helabasa by Neranji Ekanayake

බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් ලියන ලද ලිපියකි

43 comments:

  1. ලගදි කියෙව්වා කවිකඳුර කියලා පොතක් (කියවලත් ඇති)..
    ඒක ඉංග්‍රීසි යටත් විජිත යුගය ගැන ලියවුන එකක්
    ඒකෙ තියෙනවා එක කොටසක් සුද්දෙක් කියන..
    “සිලෝන් තමයි ලෝකෙංම හොදම යටත් විජිතය“
    ආයෙ තව කවර කතාද???

    ReplyDelete
  2. "විසි හයායි කියලා." මෙතන පනස් දෙකයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම ඇහැව්වෙ?

      Delete
    2. ඉංග්‍රීසි හෝඩියෙ අකුරු පනස් දෙකයි නේද?

      Delete
    3. ඇහ්.......ඒ කවදා ඉඳන්ද?

      Delete
    4. අපි ඉගෙනගන්න කාලෙනම් එහෙමයි.. A-Z කැපිටල් අකුරු 26යි. a-z සිම්පල් අකුරු 26යි. දැන් එහෙම නෙමෙද?

      Delete
    5. මෝඩයා 26 ම තමා.. සිම්පල් කැපිටල් කියලා හදන්නෙ නෑ.

      Delete
  3. අවශ්‍යතාවය ...

    ReplyDelete
  4. කතාව ඇත්ත.. ඒත් මේ තත්වය වෙනස් කරන්න පුළුවන් වෙන එකකුත් නෑ මං හිතන්නෙ.. >_<

    ReplyDelete
  5. හිතන්න යමක් තියෙනව. අපි ආපස්සට යනවා

    ReplyDelete
  6. මේවා තව ඉස්සරහට වැඩිවෙයි අඩු වෙන්නේ නැ

    ReplyDelete
  7. හොඳ ලියවිල්ලක්...අපි අපි හරි පුලුපුලුවන් විදිහට මේ අදහස් ව්‍යාප්ත කරන්න බලමු...(සිංහල හරිද මංදා...තරහගන්න කාරි නෑ ඔය ඉතින් දන්න විදිහ තමා)

    ReplyDelete
    Replies
    1. භාෂාව ටිකක් නව්‍යකරණය වුණාට මොකෝ!!

      Delete
  8. හක්ක නියම තැනට වැටුණ ගමං ඒ අක්කාට කියවුනේ... අවුජ් නෙවෙයි.. අම්මේ කියලා.... තවත් අපිට මොන කතාද?

    අනෙ අම්මපා උඹටත් වෙන වැඩ :D

    ReplyDelete
    Replies
    1. නෑ.. අයියෙ... මට හිනා... මම ඒ වෙලේ එතන ඇපොයිමන්ට් එකක් දදා හිටියෙ.

      Delete
  9. ඒ වගේම ඔය කාට කාටත් හොම්බට එකක් අනින කොට මතක් වෙන්නත් බුදු අම්මෝ! කියල තමයි.

    ReplyDelete
  10. අපේ මිනිස්සු සිංහල කම කියන දේ ලැජ්ජාවක් විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නේ.කට හරි සිංහල වචනෙක අක්ෂර වැරදුනාට කව්රුත් හිනා වෙන්නේ න.නමුත් අපිට ආගන්තුක බශාවක් වෙන ඉංග්‍රීසි වචනෙක ස්පෙලින්ග් වැරදුනොත් ඉවරයි.
    මේකට තව හේතුවකුත් තියෙනවා.එක තමයි සිංහල බශාව කලීනව අප්ඩේට් වෙන්නේ නැති කම,බලන්න අපි ඉග්රිසි බ්ලොග් එක සිංහලට හරවද්දී කොච්චාර දුකක් විදිනවද?බලන්න නව තක්ස්නයත් එක්ක මුහු වෙද්දී එක සිංහලට ගන්න කොච්චර අමාරුද.අලුතෙන් අපු සමහර ෆෝන් වල සිංහල තියෙනවා,නමුත් එක සිංහලට හරවුවම බවිත කරන්න කොච්චර අමාරුද?

    ReplyDelete
    Replies
    1. එතකොට ඔහොම ගියොත් මේක මල බසක් වෙයි

      Delete
  11. සිංහල හෝඩියේ අකුරු ගාන මම දන්නෙත් නැහැනේ :/

    අපි මොනවා හරි කරමු ඇත්තටම සිංහල ව්‍යාප්ත කරන්න.

    ReplyDelete
    Replies
    1. මොනා හරි කරමු මොනා හරි කරමු!!!

      Delete
  12. ඔන්න ඕඩියෝ එකත් ඇහුවා අක්කි හ්ම්ම්..

    ReplyDelete
  13. තමුංට අගේ නැති තමුංගෙ දේ පිට එවුං ඇවිල්ල පරිස්සං කරන්නෙ නෑ. හිතද්දි දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. පරක්කු වැඩියි දැං.

    ReplyDelete
  14. මෙහෙට ආපු පලවෙනි දවස අද.හොඳ ලිපියක් සහෝදරී..
    … සිංහල භාෂාව තියන ටිකත් දැන් විකෘති කරලනෙ තියන්නේ. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය බොහොමයකම අමු අමුවේ භාෂාව ඝාතනය කරනවා. වචන 10 ක් කිව්වොත් 5 ක් ඉංග්‍රීසි.සමහරක් චැනල් වල ඉන්න අයට කතා කිරීමට සිංහල වචන නැති වීම ම විලාසිතාවක් වෙලා. අනික තමයි දැන් ඇහෙන ගීත. ඒවයේ වචන අච්චාරුවක් වෙලා. අවශ්‍ය තාලය ගන්න බැරි නම් ඉංග්‍රීසි වචනයක් මැදට දැම්මම පහුවදා ඉඳන් ඒක Hit. කාටවත් අපහාසයක් කරනවා නෙවෙයි; මේවා අහන දකින අලුත් පරපුර හුරු වෙන්නෙත් ඒ විදිහට තමා. පිපිඤ්ඤා කියල බැරි නම් කැකිරි කියල ලියපන් කිව්වලු.. අනේ කාලේ වනේ වන වාසලේ... සමාව භාජනය කරන්ඩ කමෙන්ටුව දිග වැඩි උනාට..

    ReplyDelete
  15. මටත් හරියට සිංහල බැ.
    ඉංග්‍රීසිත් බැ

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවෙන් වුනත් මටත් කියන්න තියෙන්නෙ මටත් හරියට සිංහල බැ. ඉංග්‍රීසිත් බැ කියලා තමයි...
      ඒ ගැන දැන් දුක් වෙනවා.. හ්ම්ම්ම්ම්ම්.......

      Delete
    2. කාටත් උපරිමෙන් බෑ. ඒත් දන්න ටික හරියට කරනවා නම් හොඳයි

      Delete
  16. ඔයාගේ ලිපිය ඉතාම කාලීන අව්ශ්‍යතාවක්. මම ලියපු තුන්වන ලිපිය "බ්ලොග් යන්නට සින්හල තේරුමක් තිබිය නොහැකිද" කියලා. අවශ්‍ය කෙනෙකුට මෙතනින් බලන්න පුළුවන්.

    http://awidda-paya.blogspot.com/2012/01/blog-post_03.html

    ඉතා හොඳ සිංහල දැනුමක් තිබුනු මට, පහුගිය කාලේ ඒක ගිලිහෙමින් යද්දී තමයි මේ බ්ලොග් කලාවට ඇද වැටුනේ. අනේ වාසනාවන් මම දැන් ආයෙත් සිංහල භාවිතා කරනවා.

    මගේ දුව ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මගේ හිතේ තියෙන ලොකුම දුකක් තමයි මට වගේ එයාට සිංහල බැරි වෙන එක ගැන. එයත් එක්ක මට ගත කරන්න ලැබෙන වෙලාව අඩුයි. නැත්නම් ඔයා කියන මේ වෙනස මම ගෙදරින්ම පටන් ගන්නව. සිංහල ඉන්ටෙර්නැෂනල් ඉස්කෝලයක් තිබ්බා නම්. ඒත් දැන් පරක්කු වැඩියි.

    මටත් මේ වගේ හිතුවිල්ලක් හැමදාම එනවා පාරේ යත්දී, ඒවායේ නම් දකිද්දී.
    Skeletan road, Keyzer street, Price Street, Vanvert Place, Divos road, Ebenazier road, Albert Cresent, Gower Street, Lotus road, තව ඕනතරම්. අපි කොච්චර පරාධීනද. අර ජාතිකත්වය වෙනුවෙන කෑ ගහන මංත්‍රී කෙනෙකුට පුළුවන්නේ පාර්ලිමෙන්තුවට පනතක් ගේන්න මේ නම් වෙනස් කරන්න. අඩුම ගානේ රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ගේ නම් වත් මෙවට දාන්න.

    මේ ලිපියෙන් මම "උගත් පාඩම්" තමයි ලිපිය තුල අඩුවෙන් ඉංග්‍රීසි භාවිතා කිරීම.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට සිංහලෙන් කියන්නෙ වියුණු සටහන් කියලා

      Delete
  17. අපට අපේ භාෂාව ගන අභිමානයක් නෑ. ඒ මදිවට අපිට අපේ මිනිස්සුන්ටත් ඕන සුද්දෙක් වගේ ජීවත් වෙන්න.
    පොඩ්ඩක් ජපානය පැත්තේ යළුවෙක්ගෙන් අහලා බැළුවොත් කියයි ඒ රටේ ඉංග්‍රීසි වල තත්වේ. මම් දන්න යාළුවෙකුත් එයාලෑ කම්පැනි එකෙන් ජපන් යැවුවා. ඒ යවන්න කලින්ජ් ජපන් කෝස් එකකුත් දීලයි යැවුවෙඋ. මොකද එහේ ඉංග්‍රීසි වලට තැනක් නැති නිසා !!

    ReplyDelete
  18. වැඩිය ඕන නෑ මොනවා හරි බාල බඩුවක් අතට අහුඋනාම ඒකට අපේ අය කියන්නේ ඒක "ලෝකල්" එකක් කියලා. එතකොට අපේ රටේ නිෂ්පාදිත දේවල් වලට එහෙම නැතිනම් දේශීය නිෂ්පාදන වලට කියන්නේ මොකද්ද. තේරුම් ගන්න තරම් මොලයක් තියෙන එකෙක් කියල තේරුනොත් නම් මම ඒ වෙලාවට කියලා දෙනවා "ඔරිජිනල්" එහෙම නැතිනම් "ජෙනුයින්" කියන එකේ අනිත් පැත්ත මොකද්ද කියලා. ඒත් හැම තැනම ඕක මට කරන්න බෑනේ......ඔහොම යන් .............

    ReplyDelete
  19. තිත්තයි.අපි සිංහලෙන් කතා කරන්න,පාවිච්චි කරන්න කියන තරමටම අපි ජාතිවාදින්,ගොඩයෝ බවට පත්වෙන සමාජයක තවදුරටත් සිංහල වෙනුවෙන් මහන්සිවෙන එක එපාවෙලා හිටියේ.පෝස්ට් එක ඇත්තටම වටිනවා.මේ වගේ ගොඩ සුද්දෝ කලු සුද්දෝ ඉන්නකම් සිංහලය ගොඩ නගන එකනම් හීනයක්.හැමෝටම සිංහල වටින දවසක් ඒවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා

    ReplyDelete
  20. අපේ උන්ට අපේ රට ගැන කිසිම හැගීමක් නෑ කියුවොත් මම හිතන්නෙ වැරදි නෑ කියලා.

    ReplyDelete
  21. මාත් එගඟයි... ආපේ උන්ට අපේ රට ජාතිය ගැන හැඟීමක් නෑ....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.