7/8/12
ආශාවෝ සහ මිනිස්සු
ඇත්ත නම් ගම් වලින් ලියන්න පුලුවන් දේවල් වගේම බැරි දේ නැතිවා නෙවෙයි. ඒත් මේ කතාව නොලියා ඉන්න බැහැ. බොරු නමක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. එයා, ඔයා මම අතරෙ ඉන්න නිසා සමාවෙන්න මට එයාගෙ ඇත්ත නම ඔයාට කියන්න බැහැ. ඒ නිසා මම එයාට ආශා කියලා කියනවා. මම ඒ නම එයාට දමන්නෙ නිකමට හිතට ආපු නිසා නෙවෙයි. ආශාව නිසා තැලෙන පොඩිවෙන ජීවිත වගේම නැගෙන සැනසෙන ජීවිතයකටත් එයා හොඳම උදාහරණයක්.
මේ පුංචි රටේ මඳක් පිටිසර ගමක එයා ඉපදුණා. උපතින්ම ගෙනා ලස්සන එයාට කවදාහරි හොඳ ආභරණයක් වෙයි කියලා එයාගෙ දෙමව්පියො හිතුවා. සමහරවිට ඒ අය අදටත් එහෙම හිතන් ඇති. මමත් එහෙම හිතනවා. පුංචි සමනළියක් වගේ ආශා පාසල ඇතුළෙ පියාසලන්න ඇති. ඒත් ගමේ ටිකක් බලපුලුවන්කාර මිනිහෙක්ගෙ ඇල්ම බැල්ම ඒ සිරුරට වැටෙනකම් විතරයි ඒ අහිංසකාවි පියා සැලුවෙ. ඒ මනුස්සයා දෙමව්පියන් පවා නොදැනුවත්ව මේ ගැහැණු ළමයාව වරදට පෙළඹුවා. එදා ආශාව නිසා ඇයට වැරදුණා. මිනිහෙක් කාන්තාවකට දිය හැකි උපරිම ශාරීරික වදයට ඇය යටත් වුණා කියලා මම ඔබට කීවොත් ඔබ පිළිගනීද මන්දා.
ඔය අතරෙ ඇය දහ දුක් මැද්දෙ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්නතියෙන ආසාව නිසා. උසස් පෙළ පන්තියෙදි ආයෙ වැරදුණා. උසස් පෙළ පන්ති ඉවර වෙලා නම ගිය ගුරුවරයෙක්ගෙ අතකොලුවක් වෙන්න ඇයට සිද්ධ වුණා. ආදරයට කරපු ආසාව නිසා ඇයට දෙවනි වතාවෙත් වැරදුණා.
ඒ වැරදීමත් එක්ක ඇය සරසවි ගියා. ඇය ඇත්තටම ආදරය කරන්න පටන්ගත්තා. ඒ ආදරේ හරිම මිහිරියි. අන්තිමට ආදරය කරපු කෙනා ඇගෙන් බලාපොරොත්තු වුණේ ඇගේ සිරුර විතරයි කියලා දැනගත්ත දවසෙ ඇය මානසිකව අන්තයටම වැටුණා. ඇය ඒ ගැන අදත් අඬනවා. ඒත් තාම හිතේ තියෙන ශක්තියෙන් ඇය උපරිමය කරනවා.
ඇයගෙ එකම ආශාව දැන් රටේ නමගිය කෙනෙක් වෙන එක. මම හිතනවා එහෙම වෙන එක හොඳයි. ළමා අවදියේම ගැහැණියක වීම ඇගේ කරුමය නොවන්නට ඇය රටම දන්නා, ප්‍රතික්ෂේප කළ නොහැකි චරිතයක් වියයුතුයි.
අපි කල්පනා කළ යුත්තේ ඇත්තටම මේ ගැන නොවෙයි. අද රටේ මෙවන් ත්ත්ව වලට මුහුණ දෙමින් සිටන, මුහුණ දුන් ළමයින් කොපමණ ඇත්ද යන්නයි. එසේ නම් මෙවන් සිදුවීම් නොවන්නට රටක් ලෙස අප කළ යුත්තේ කුමක්ද?
ගිය හකුරට අඬමින් තියෙ හකුරත් විනාශ කරන්නට දෙන සමාජයක හිඳ වැදි බණ කියා පලක් නැතත්, සමාජය අපේ පරපුරෙන් හැදුණොත් වර්තමානය කෙසේ වෙතත් අනාගතයේ මෙවන් දේ දුලබ වූ සමාජයක් අපට දැකගතහැකිවේවි නේද?
ආශාට සිදු වූ දෙය තව කී දෙනෙකුට ඉදිරියේදී සිදුවීමට නියමිතදැයි අප කිසිවෙකුත් නොදනිමු. ආශාගේ මවුපියන් පවා ආශා මේතරම් ගැටලු වලට මුහුණ දුන් බව නොදනී. අද කොයිතරම් දෙමව්පිය පිරිසක් සිටිනවා විය හැකිද? තම දූ වරුන් අපචාරයේ යෙදෙනවග නොදත්, වයස දහ අටක් වූ පමණින් සියල්ල වැටහෙන දරුවෙක් බිහි නොවන වග විශේෂයෙන් අද දෙමව්පියන් දැනගත යුතුයි.
මේ ලිපියේ අරමුණ බොරු බයට දූ වරුන් නිවෙස් වල හිර කර තැබීම කියා ඔබ සිතනවා නම් වහා එය නිවැරදි කරගන්න. ඔබ දියණියව පෙර පාසලේ සිට එළියට දමන්න. ඒ ඒ වයසට ඇය දැන ගත යුතු මට්ටම තේරුම්ගෙන ඇයට අවබෝධය ලබාදෙන්න. මව්පියනි ඔබ විචක්ෂණශීලිව ජීවිතය දකින්න.
ආශා අද සියල්ල අමතක කොට ඉගෙන ගත්තත්, ඇයට යළිත් වැරදිය හැකි තැන් ඇත. මුලින් එය නිවැරදි නොකිරීමෙන් පසු එයට සිදුවන්නේ පිරියම් කළ බිත්තියක් ජරා වූවාට පසු වේගයෙන් සෙවෙල බැදෙන්නා සේ සිදුවීමකි. ඉතින් කල්පනාකාරී වන්න.
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත කථාව
ReplyDeleteඇත්ත මැණික
Deleteසිනා සිසී කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමා අදහා ගත නොහැකි සතා
ReplyDeleteහිකි හිකි
Deleteසිරා ස්ටොරිය.......
ReplyDeleteඅක්කා ඔයගේ වැඩේ නම් එලකිරි......
ඉදිරියට තවත් හොදට කරගෙන යන්න කියලා.....හදවතින්ම සුබ පතනව........ ගුඩ් ලක්
ගොඩක් ස්තූතියි මල්ලි
Deleteඅපෝ මිනිස්සුන්ව නම් තේරුම් ගන්ඩම බෑ...
ReplyDeleteඒක නම් ඇත්ත
Deleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteඇත්ත කතාව..
ස්තූතියි
Delete'ඇයගෙ එකම ආශාව දැන් රටේ නමගිය කෙනෙක් වෙන එක. මම හිතනවා එහෙම වෙන එක හොඳයි. ළමා අවදියේම ගැහැණියක වීම ඇගේ කරුමය නොවන්නට ඇය රටම දන්නා, ප්‍රතික්ෂේප කළ නොහැකි චරිතයක් වියයුතුයි.'
ReplyDeleteඒත් ගැහැණු ළමයෙක් ප්‍රසිද්ද වෙනවා කියන්නෙ දැන් කාලෙ හැම අතින්ම මඩයි එන්නෙ..
මම නම් කියන්නෙ අක්කෙ එයා ඉන්න විදිහම හොඳයි!මොකද තවත් ප්‍රශ්න කන්දරාවක් ඒවී එහෙම උනොත්!
නැවතිල්ලෙ කල්පනා කළාම ඒ කතාවත් හරි
DeleteNice advice for the parent, dear
ReplyDeletethanks
Deleteකතාවට ලක් විය යුතු මාතෘකාවක්! හිතට දැනෙන්න ලියල තියෙනවා.
ReplyDeleteසමාජය හිතන්න බැරි තරම් වේගයෙන් වෙනස් වේගෙන යනවා නේද? කාර්යබහුත්වය නිසා දෙමව්පියන් දරුවන් ඈත් වේගෙන යනවා, ලැජ්ජාවට බයට තියන සීමාවන් අඩු වේගෙන යනව, නිරන්තරයෙන්ම ආසාවන් හඹා යන්නම හැඩ ගැහිල තියන මිනිස් හිත පාලනයට වඩා ඒ ආසාවන්නටම පොලඹවන උත්තේජක වැඩි වෙමින් යනව, ඉතිං ඔය තුනේම එකතුව කියන්නෙ ඒදාටත් වඩා අද දරුවන්ට රැකවරණය අවශ්‍යයි කියන එක! යන්තම් යමක් කමක් තේරෙණ අවදියට එන්න කලින් අද කාලෙ දරුවන්ගෙ ඔලු වලට වැටෙන්නෙ වැරදි දේවල්, වැඩිහිටියොත් අතරමං කරන/වෙන යුගයක පොඩි එවුන් අතරමං වෙන එක අහන්නත් දෙයක්ද? ඉතිං දරුවන්ගෙ අනාගතේ සැපවත් කරන්න කලින් වර්තමානයේ ඒ අය රැක ගන්න එපැයි! ඒ නිසා දරුවාට අණ දෙන්නෙක පමණක් නොවී ලඟම හිතමිතුරා වෙන්න පුලුවන් නම් එයයි දරුවාගේ ජීවිතය විනිවිද දකින්න පුලුවන් හොඳම ක්‍රමය. එවිට තවත් ආශාගේ වැනි අවාසානාවන්ත කතා අසන්න නොලැබේවි නේද!
ඔන්න ආයෙත් කිව්වා නෙරංජිගෙ උත්සාහය අමිලයි! ඒවගේම පිනක්!
ඔය දෙමව්පිය දූදරු දුරස් කම අඩු කර ගන්න කල පුංචි යෝජනාවක් මේ ලිපියෙ තියනව. නෙරංජිට තරම් අකුරු ගොනු කරන්න දක්ශකමක් නැති වුනත් මම මේකෙන් කියන්න හදන දේ වැටහේවි කියල හිතනව.
Deletegimanhalablog.blogspot.com/2012/06/blog-post_10.html
ගොඩක් ස්තූතියි ඔබට දිගම දිග කොමෙන්ටුවට... වටිනා ලිපියක් ඔබත් ලියලා
Deleteසමාජයේ එක් පැතිකඩක්... මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ..
ReplyDeleteඒ නිසා මුකුත් නොකියා හිටියම ඉවරයි
Deleteමොකක්ද මිනිහෙක් කාන්තාවකට දිය හැකි උපරිම ශාරීරික වදය?
ReplyDelete