මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/9/12

බස් සහ කාන්තාවෝ



මධ්‍යම පන්තියෙ අපි කොයි කවුරුත් අතරින් බස් එකක නොගිය කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒක අහම්ඹයක්. බස් එකක යද්දි මුහුණ දුන්න සිදුවීමක් තමයි අද මගේ කතාවට වස්තු විෂය වෙන්නෙ. ඔබ බස් දහයක ගමන් කළොත් එකක හරි දකින, දැන්වීමක් ඔබට මතකද? දැන් ඔබ මගෙන් අහයි විල්බට් අඹතලාව මහත්තයාගෙ කවියක් ද කියලා? නැහැ. කාන්තා කාර්යාංශය සමඟ පොලීසිය එකතු වෙලා ගහපු කාන්තා හිංසනය පිටුදකිමු කියන දැන්වීමයි මම ඔබට මතක් කළේ.

දවසක් මම විජේරාම හන්දියෙන් එකසිය තිස් අට බස් එකක නැග්ගා. එදා යාලුවො කිසිම කෙනෙක් නුගේගොඩට එන්න නැති දවසක්. ගම් සභා හන්දියෙන් වයස අවුරුදු තිහක තිස්පහක පෙනුමැති මිනිහෙක් බසයට නැංගා. ඔහු ඉඳ ගත්තෙ, මම ඉඳ ගත්ත පැත්තට විරුද්ධ පස අසුනක. මේ මනුස්සයා අනවශ්‍ය ලෙස දුරකථනයක් මා දෙසට හරවමින් ඉන්නවා මම දැක්කා. එය පෙනුනෙ රියදුරුගෙ පිටුපස වීදුරුවෙන්. කවදාවත් සිරුරෙ අනවශ්‍ය අඟ පසඟ පෙනෙන ඇරෙන ඇඳුම් නොඅඳින මට බියක් දැනුණෙ නෑ. ඒ වෙලේම සුදු ලයිට් එකක් වැදුණා දැණුනා. වරක් මම ඒ මනුස්සයා දිහා බැලුවා. ඒත් නොබියව මේ මනුස්සයා කැමරා දුරකථනය මානාගෙන හිටියා. මම ලේන්සුවෙන් මුහුණ වහගත්තා. මම ඒ මිනිහා ගැන බසයේ කෑ නොගසපු හේතු කීපයක් තිබ්බා.

1 . බස් රථ රියදුරන් කොන්දොස්තර වරු පවා මේ මිනිසුන්ගෙ අතකොලු.  ( මේ මිනිහා ටිකට් ගත්තෙ නෑ. හැබැයි කොන්දොස්තර ඔහු ව දුටුවා. )

2 . මම හිටියෙ තනියම. නැවත දවසක පොඩි දෙයක් නිසා මහ කරදරයක් පාත්වීමට ඉඩ තිබීම.

3. බස් එකේ සියලු දෙනාගෙන් තවත් සිටියේ එක තලතුනා මහත්මියක් පමණක් වීම.

4. බසය සෙනඟ අඩු එකක් වීම.

5. සමහර අවස්ථා වල ගැහැණියට සියල්ලෝම එකතු වී දොස් පැවරීම.

මේ හේතු නිසා මම ලේන්සුවෙන් මුහුණ වහගත්තා. එතකොටම සුජාතාව ළඟින් මඳක් ස්ථුල කාන්තාවක් බසයට නැග්ගා. ඇය ඉඳ ගත්තෙත් විරුද්ධ පැත්තෙ. අර මිනිහා වහාම මා සිටි පැත්තට ආවා නිබයව දුරකථනය ඇය දෙසට මානමින් හිටියා. ඒක බස් රියේ හිටපු අනෙක් පිරිමි අය කවුරුත් දැක්කත් සද්ද කළේ නැහැ. මේක දැකපු ගැහැණිය මෙන්න මේ මිනිහා මගෙ පොටෝ ගන්නවා කියලා කෑ ගැහුවා. කිසි කෙනෙක් සද්ද කළේ නැහැ. අර මිනිහා බහිනකං හැමෝම එකිනෙකාට කුටු කුටු ගෑවා මිසක් නැගී හිටපු කිසි කෙනෙක් නෑ. කැම්පස් එකේ කොල්ලො එකෙක් හරි බස් එකේ හිටියා නම් කියලා මට හිතුණෙ ඒ වෙලාවෙ. අර තලතුනා කාන්තාව පමණක් මේ කාන්තාවට කීවා ඕවා ඔහොමතමයි කියලා. මට අපේ රටේ මිනිස්සු ගැන ඇත්තටම පිළිකුලක් දැනුණා.

බස් වල සීට් අස්සෙන් ඇඟිලි එවන මිනිස්සු, බස් වල හිර වෙලා යද්දි ගැහැණුන්ට උවමනාවෙන් හේත්තු වෙන මිනිස්සු අද හරියට ඉන්නවා. මේවා නවතින්නෙත් නැත්තම් , අපිට කරන්න දේකුත් නැත්තම් බලාගෙන ඉන්න එකද එකම විසඳුම? අපි ටිකක් හිතමු. පෝස්ටරයකට විතරක් සීමා වුණ කාන්තා හිංසාව සදහටම මිහිමතින් තුරන් කරමු.



49 comments:

  1. නාකි විසේ ගෙටත් උසේ

    ReplyDelete
  2. තිස් පහ නාකිමත් නෑ... තරුණ කොල්ලොත් ඉන්නවා හෙන ජැක්සන්ලා

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් නම් ජැක් එකක් ගැහුවත් මොකෝ නංගි‍‍‍...

      Delete
  3. මොලේ හොඳ නැති එවුන් කිය්න්නේ මෙන්න මේ වගේ එවුන්ට නංගි.හිත පදම් නැති වනචරයො

    ReplyDelete
  4. බ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාණ කල ඔබට ස්තූතියි!

    ReplyDelete
  5. kampus kollo chandida(joke)????napunsaka set ekak inna atte bus eka.samanyan ohoma minissu hena baya gullo.eka wachanayak minihek katha kala nam oka e welawema bahala yamawa
    .

    ReplyDelete
    Replies
    1. ඔව්.. තරුණ කමට හරි කටදානවානෙ..

      Delete
  6. ගහන්න තිබ්බේ හොම්බ රිවට් වෙන්න... :/

    ReplyDelete
    Replies
    1. ආයි තනියම යද්දි අල්ල ගත්තොත්

      Delete
  7. අපොයි අපොයි !

    ReplyDelete
  8. අනේ මන්ද, ඔය වගේ වෙලාවට කටවහගෙන ඉන්න හොඳත් නෑ අක්කේ, එතකොට හිතන්නේ දීගෙන ඉන්නවා කියල

    ReplyDelete
    Replies
    1. මල්ලිත් හරි... ඒත් බයත් දැනෙනවානෙ

      Delete
  9. හැමෝම ආත්මාර්ථකාමීව හිතන නිසා තමයි ඔය ඔක්කොම.කෙල්ලෙක්ට ඔහොම දේවල්(සමහරවිට සෑහෙන්න දරුණු දේවල්) කරද්දි ඊට විරුද්ධව කිසිම කාන්තාවක් කට හොල්ලන්නෑ මම දැකලා තියෙනවා.අදාල චූදිතයා බැස්සට පස්සෙ නම් කියවනවා... ඔව්වාට කට අරින්න ගිහින් කැඳත් නැතිවෙන්න මම කන්න ගිහිල්ලත් තියෙනවා වෙන කාගෙන්වත් නෙමෙයි බස් ස්ටෑන්ඩ් එකේ බස් එක නැවැත්තුවාම කොන්දොස්තරලා සෙට් එකක වටකරගෙන පානදුරේදි... ඒත් අක්කා කෙනෙක් වෙනුවෙන් කතා කරන්න ගිහින් උඹෙද මිනිහෝ බස් එක කියලා ගහන්න ආවේ....

    කාන්තාවෝ හැම කෙනෙක්ම හිතන්නේ දැන් මේ මිනිහට කෑ ගහලා බැන්නට පස්සේ ආයෙ දවසක තනියම අහුවුනොත් සෑහෙන්න කරදර වෙයි කියලා.ඒක සාධාරණයි තමා ඒත් ඒක ආත්මාර්ථකාමිත්වය තමා.... විය යුත්තේ වරද කොතැනද නිර්භයව එය විවේචනය කිරීම.ගැහැණු පිරිමි කියලා බේදයක් නැතිව... අඩු ගානේ එකෙක් හෝ සහයෝගයට එයි... එකෙක්වත් එන්නේ නැත්තම් අදාල චූදිතයගේ පොටෝවක් ගහගන්න නඩුවක් දානවා කියන්න වැඩේ ක්ලෝස්....

    මේ මම හිතන විදිය හොඳේ.... මේවා බලාගෙන බයට කට පියාගෙන ඉන්න ඉන්න මේවා වැඩිවෙන එක විතරයි වෙන්නේ.අඩුගානේ කුඩයක් කැඩෙන්න හරි ගැහුවනං එකෙක් හරි වැඩේ නවත්තයි.(එක කෙල්ලෙක් නෙලන්න ගත්තම බස් එකම නෙලනවා ෂුවර්)

    ReplyDelete
  10. oyawa dakalath ati oya bus wala yanakota math 138 nitarama use karana kenek

    ReplyDelete
  11. 119 බස් එකේ බොරලැස්ගමුව හරියේදී කෙල්ලෙක් , කොල්ලෙකුට කුඩයකින් ගැහුව ඇගට එනව කියල.
    හඃ හඃ, පොර නොන්ඩි වෙලා විලිලජ්ජාවෙන් බස් එකෙන් බහින්න උනා.
    අකමැත්තෙන් විදදරාගෙන ඉන්න හොද නෑ, බය නැතුව පොඩ්ඩක් හරි සද්දයක් දාන්න. අදාළ පුද්ගලයා චා වෙනව ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අපිව චා වෙයිද දන්නෙ නෑ කියලා බය හිතුණා.

      Delete
  12. එක එක පුද්ගලයන්ට එක එක අසහන තියෙනවා.
    ඔය වගේ පහත් වැඩ කරන එවුනුත් ඒ අතරේ ඉන්නවා.ඊටත් වඩා පහත් වැඩ කරන එවුනුත් ඕන තරම් ඉන්නවා.

    ReplyDelete
  13. හ්ම්ම්...කතාව ඇත්ත..පිස්සු තමා ඔහොම මිනිස්සුන්ට නම්.,

    අනික,'5. සමහර අවස්ථා වල ගැහැණියට සියල්ලෝම එකතු වී දොස් පැවරීම.' කියන එක ඇයි අප්පා කවදාවත් මේ සමාජයෙන් තුරන් නොවෙන්නේ??

    ReplyDelete
    Replies
    1. හරියයටම හරි හිරු හිමාවි

      Delete
  14. මානසික ලෙඩ්ඩු..
    ඕකුං හින්දා අපිටත් බස් වල යන්න නැහැ.
    ගෑනු අය අපි දිහා බලන්නෙත් ඒ විදිහටනේ.. :(

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඉතින් හොඳ නරක තේරුම් ගන්න අමාරුකොට එහෙම වෙනවා

      Delete
  15. මානසික ලෙඩ්ඩු..

    ReplyDelete
  16. ඔහොම මිනිස්සුත් ඉන්නවනේ

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් අයියෙ..හැම රටකම ඇති නේද?

      Delete
  17. මම සෙනසුරාදා දවසක මොරටුවෙ ඉඳලා කොල්ලුපිටියට එන්න 100ක ආවා.10ට විතර නිසා වැඩිය සෙනග හිටියෙත් නෑ.බස් එකෙ ඉස්සරහම සීට් එකක වාඩිවෙලා හිටපු ගැහැණු කෙනෙකුට ලඟින් වාඩි වුන වයසක පිරිමි කෙනෙක් කරදර කරනවා. ඒ ගැහැණු කෙනා කෑ ගහද්දි අර මිනිහ නරක වචන්යෙන් නොනවත්වාම මුලු බස් එකටම ඇහෙන්න අර ගැහැණු කෙනාට බැන්නා. කටුබැද්ද හන්දිය පහු වුන ගමන් අර ගැහැණු කෙනා ඩ්‍රයිවර් ලඟට ගිහින් කිව්වා අඟුලාන චෙක් පොයින්ට් එකේ බස් එක නවත්වන්න නැත්නම් 119 ගහනව කියලා.අර මිනිහට නැගිටින්නවත් වෙලාවක් තිබුනෙ නෑ.බස් එක චෙක් පොයින්ට් එකට දැම්ම ගමන්ම අර ගැහැණුකෙනා පොලිසියට විස්තරේ කිව්වා. පොලිසියෙන් ඇවිත් අර මිනිහට දෙකක් දීලම බස් එකෙන් එලියට ගත්තා.බස් එකට යන්න කිව්වා.කොන්දොස්තරයි, ඩ්‍රයිවරුයි අර ගැහැණුකෙනාගෙන් ඇහුවා "මිස් මේ බස් එකේම යනවද" කියලා. එතකොට එයා කිව්ව "ඔයාලා යන්න, මම මූට පාඩමක් උගන්වලාම එන්නම්" කියලා. :D :P

    ReplyDelete
  18. මේ වගේ වෙලාවට අපි කට අරින්නැත්තෙ ආරක්ෂාව ගැන හිතලමයි..ඒත් ඒ ගැන කට පියාන ඉන්න ඉන්න මේ දේවල් වෙන ප්‍රවණතාවයත් වැඩියි..
    අඩුම ගානේ මේ ලිපිය බලලා හරි එක්කෙනෙක් හරි විනීතව බස්වල යනවා නම්..

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙම කෙනෙක් දිහා කාන්තවක් බලන පිලිකුළ ඒ පිරිමි දන්නවා නම්.

      Delete
  19. ඔයාගේ මේ පෝස්ට් එක දැක්කාම, පෝස්ට් එකක් ලියන්න වටින කතාවක් මට මතක් වුනා. මේ කාලේ වෙත්දී කැමරා ෆෝන් ආපු කාලේ වගේ. 2003 හෝ 2004 මමත් 138 බස් එකකට ගොඩ වුනේ පන්නිපිටියෙන්. බස් එකේ පිටිපස්සේ දොරෙන් මා ඇතුල් වූ වහාම බස් රථය පිටත් වුනා. බස් එකේ ඕනෑතරම ඉඳගන්න තැන් තිබුනා. මම ගොඩාක් හිස්ව තිබූ පිටුපස ආසන පේලියෙන් වාඩි වුනා මැද හරියට වෙන්න. වම් පැත්තේ හිටියේ ඉතාම රූමත් තරුණියක්, කෙලවර්ටම වෙන්න තවත් කෙනෙක් හිටියා. ඒ හැටි විශේෂයක් නෑ. ඒ අතරෙදි මම දැක්කා වම් පැත්තේ ඉදිරි ආසනයක හිටපු කොල්ලෙක් (ෆුට් බෝඩ් එකේ සිට ආසන දෙකක් විතර ඉදිරියෙන්) ඊට පිටුපස ආසනයේ ඉන්න තවත් කොල්ලෙකුට තම කැමරා ෆෝනය දෙනවා. දැන් බස් එක තියෙන්නේ ගම්සභා හන්දියේ. මම දැක්කා අර කොල්ලා තවට් හිස්ව තිබෙන ෆුට් බෝඩ් එකට ලඟම ආසනයට එනවා. දැන් මට කාරණය වැටහුනා. ඒත් මට මහ හයියෙන් මේක කියන්න බැරි නිසා මම ටිකක් අර තරුණිය ඉන්න පැත්තට වෙලා වාඩි වුනා. ඇයට තේරුනේ මම කුමක් හෝ දෙයකට හොරගල් අහුලනවා කියලා. මට තද ලජ්ජාවක් ඇති වුනා. ඒත් අර මුස්ලිම් කොල්ලෝ කට්ටිය එඩිංග ඩා, එඩිංග ඩා කියන කොට මට හොඳටම කාරණය වැටහුනා. අර ගෑණු ළමයත් ඇවිත් තිබුනේ තනිවම නොවෙයි. දකුණු පැත්තේ සීට් වල වාඩි වෙලා උන්නේ ඇගේ මව, සහ බාල සහෝදර සහොදරියන්. ඇය මල්ලී මෙතන එන්න කියා ඉන් කෙනෙකුට කථා කලා. දැන් මුස්ලිම් කොල්ලා ඇයගේ දසුන අසු කර ගන්න හොඳටම ලඟයි. මම එක පාරටම ඇය වෙත නැඹුරු වී මෙහෙම කිව්ව

    "මිස් අතන ඉන්න කොල්ලෝ ටික ඔයාගෙ ෆොටො එකක් ගන්න හදනවා කැමරා ෆෝන් එකකින්. ඒකයි මම ලඟට ආවේ" කියල මම හිටි තැනටම ගියා. මේ වෙනකොට අර සහෝදරයා ඇය ලඟට ඇවිත්. ඇය එක පාරටම ඇගේම් කකුල් දෙක මත ඇගේ හිස තබා ගෙන ඇයගේ මුහුණ සඟවා ගත්තා. කෙසේ හෝ මගේ උත්සාහය ඵල දැරුවා. රතු වී තිබූ මගේ මුහුණ සාමාන්‍ය තත්වයට පත් වූවේ එවිටයි. මම නුගේගොඩින් බැස්සා. මම ඉදිරියට යද්දී "අයියේ, අයියේ " කියා මා ඇසුන සද්දයට මම පිටුපස බැළුවා. ඇය ඒ වෙනකොට සියළු විස්තරය ඇගේ මවට පවසා අවසන්. අවසාන ව්ශයෙන් ඇය මෙසේ පැවසුවා

    "අනේ සොරි අයියේ"

    හැබැයි මෙතනදි එයා ඔයාට වඩා ටිකක් ඉදිරියෙන්. ඒ ඇයට ස්ථානෝචිත ප්‍රඥාව පහල වූ නිසා. ඒත් ඔයාට එහෙම කරන්න බැරි බව සයිබර් සැණකෙලියට ආව නිසා මට තේරෙණවා.

    අර සීට් අස්සෙන් ඇඟිලි එවන කෙනෙකුට නියම වැඩක් කරනවා මම දැක්ක බස් එකක. ඒ කෙල්ල පර්ස් එකෙන් ටූත් පික් එකක් ඇදල ගත්ත. ඒක දකින කොටම මට වෙන්න යන දේ වැටහුනා. අර මිනිහාට තරු පෙන්න ඇති මට හිතේ. ඒ වුනාට ගානක් වත් නැතුව යස අපූරුවට හිටියා.

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙතනදි එයා ඔයාට වඩා ටිකක් ඉදිරියෙන්. ඒ ඇයට ස්ථානෝචිත ප්‍රඥාව පහල වූ නිසා. ඒත් ඔයාට එහෙම කරන්න බැරි බව සයිබර් සැණකෙලියට ආව නිසා මට තේරෙණවා.

      මේ ප්‍රකාශය ටිකක් අවුල්!!!

      Delete
    2. හරි ඔයා ට්‍රයි කරලා බලන්න පුටුවක වාඩි වෙලා ඔයාගේ නළල දනිස්සේ ගාවන්න පුළුවන්ද කියලා.

      Delete
  20. වටින ලිපියක්....මමත් පිරිමියෙක් වුනත් ඔය වගෙ වැඩවලට මම හරිම විරුද්ධයි.... මම දවසක් 163 බසයක් තුල සිටියදි තරමක් වයස 50 පමන පුද්ගලයකු වයස අවු20 පමන තරුනියකට කරදර කරද්දි ඇය මට "අනේ අයියේ මෙ මනුස්සයා මගෙ ඇගට හෙත්තුවෙනව හරිම කරදරයි කියල"මම එ පුද්ගලයගෙන් ඇහුව "ඇයි මේ නංගිගේ ඇඟට හෙත්තු වෙන්නේ කියල"එ පාර එ පුද්ගලයා මාත් එක්ක රංඩුවෙන්නෙ හැදුව මම අත දිග හැරල ඔලුවට දෙකක් ගැහුව, මිනිහ ලැජ්ජාවෙන් ගුටිකාගෙනම පාගොඩ හරියෙදි බස් එකෙන් බැස්සා.... අර නංගි මට සැහෙන ස්තුති කරා..එත් මම ගෙදර ගියහම මගෙ දකුනු අත හොදටම රිදෙනව මොනවත්ම කරන්න බැහැ, පස්සේ මගේ යාලුවකුගෙ තාත්තකෙනෙක් ඉන්නව වෙද මහත්තයෙක් අපේ ගේ ලඟම, මම එයා ලඟටගියා බෙහෙත් ටිකක් ගන්න. එයා මගේ අත බලපු ගමන් කිව්වා ඔයා කාට හරි වැඩිහිටියෙක්ට අත ඉස්සුවද කියල ,මම ඔව් කිව්වා පස්සේ යාලුවගෙ තාත්ත මගෙ අතට මතුරල එක පාරටම අතෙන් ඇද්දා ඒ එක්කම අත හොඳටම සුව වුනා, මම ඇහුව අ"අංකල් කොහොමද මම පිරිමි කෙනකුට ගැහුවේ කියල දැන ගත්තෙ කියල , එ යා කිව්ව ලෙඩෙක් එනකොට දෙහ ලක්ෂන වලින් කියන්න පුලුවන්ලු,මම ගෙදර යන ගමන් යාලුවගෙ තාත්ත කිව්ව කිසිම වෙලාවක ගැනු නිසා පිරිමියෙක්ට අත උස්සන්න එපා කියල.... එ දායින් පස්සේ මම ඔයවගෙ එකක් දැක්කොත් නොදැක්ක වගෙ අහක බලාගෙන යනව

    ReplyDelete
    Replies
    1. එහෙනං පොලීසියෙ තරුණ ළමයි, තාන්තාවන්ට අතවර කරන වැඩිහිටි පිරිමිංව කුදලගෙන එද්දි ගහන පාරවල් වලට උන්ගෙ අත් හැමදාම උලුක්කු ඇතිනෙ අයියෙ?

      Delete
    2. එකනම් කොහොමද දන්නේ නැහැ.... මගෙ යාළුවෝ කිප දෙනෙක්ම ඉන්නවා පොලිසියේ අහල බලන්න ඔනේ.... හැබැයි මගෙ තව යාලුවෙක්ගේ නැන්දා අම්මා පොලිස් උප පොලිස් පරික්ෂක වරියක් එයානම් අනික් ඔනම දෙකට නොගැහුවත් ගැනු ලමයින්ට කරදර කරන අයට කිසිම සමාවක් නැහැ, එවගෙ ජල්තර කොල්ලෝ අරන් ආවම කෙලින්ම ඔලුව බිත්තියෙ ගහල තමයි වැඩ පටන්ගන්නේ.... "එ ඇන්ටි මට කියන්නෙ එයාටත් දුවලම තුන් දෙනෙක් ඉන්න නිසා අනික් ගැනු ලමයිත් එයාගේ දුවල වගෙ කියල හිතලු අර කොල්ලන්ට නෙලන්නෙ"

      Delete
  21. යාලුවෙක් දෙන්නෙක් ඔයා ළඟ හිටිය නම් වෙන දේ හිතාගන්න පුලුවනි..
    අවස්ථාවට අනුව කරපු දේ හොදයි..

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නම් අපිට තිබ්බා සමූහ ඡායාරූපයකට ඉන්න.

      Delete
  22. සමහර අය මාර බඩු කියල හිතාගෙන ඉන්නෙ photo ගන්න, අනේ මන්ද ආසාවනෙ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත!!! :)

      Delete
  23. බස් රථ රියදුරන් කොන්දොස්තර වරු පවා මේ මිනිසුන්ගෙ අතකොලු ?(මේ මිනිහා ටිකට් ගත්තෙ නෑ. හැබැයි කොන්දොස්තර ඔහු ව දුටුවා)

    මම හිටියෙ තනියම. නැවත දවසක පොඩි දෙයක් නිසා මහ කරදරයක් පාත්වීමට ඉඩ තිබීම.

    බස් එකේ සියලු දෙනාගෙන් තවත් සිටියේ එක තලතුනා මහත්මියක් පමණක් වීම.

    බසය සෙනඟ අඩු එකක් වීම.

    සමහර අවස්ථා වල ගැහැණියට සියල්ලෝම එකතු වී දොස් පැවරීම

    ඔය හැම කතන්දරයකින්ම ඔයා කරලා තියෙන්නෙ නංගි තමන්ගෙ මතු ආරක්ෂාව සම්බන්ධයෙන් හිතපු එකනෙ. ඕක අපේ සිස්ටම් එකේම වරද. මොකද මිනිස්සු අඩුම තරමින් තමන් අසාධාරණයකට ලක්වෙන වෙලාවකවත් පශ්චාත් ප්‍රතිඵල පිළිබඳව නිර්ණායකයන් ඉදිරිපත් නොකර ක්‍රියාත්මක වෙනවානම් අඩුම ගාණෙ තමන් අසාධාරණයකට ලක්වුණත් ඉදිරි අවස්ථාවකදි තවත් අයෙක් ඒ වගේ අසාධාරණයකට ලක්වෙන්න තියෙන ඉඩකඩ නොමැති වෙනවා. මං කියන්නෙ අනිත් අය ගැන හිතලා කටයුතු කරන්න කියන එක නොවෙයි. තමුන් පත්වන අපහසුතාවය ගැන හිතලා කටයුතු කරන්න කියලා.

    ගිහාන් වික්‍රමසිංහ

    ReplyDelete
  24. රුවන්7/13/12, 8:45 PM

    අද ගොඩක් ඉන්නේ මානසික ලෙඩ්ඩු

    ReplyDelete
  25. hapoi oyage photos dakkama oyage photos gahapu kenata es peneeme upset ekak athi kiyala hithenawa. kollo "hamba yakku" kiyanne oya wage ayata thamai

    ReplyDelete
  26. මම ටිකක් නිතරම රන්ඩුවලට පැටලෙන කෙනෙක් එහෙම දෙයක් වෙලා කකුලේ තුවායක් වෙලා බෙහෙත් දාගෙන ගෙදර එන්න වයිෆ් එක්ක බස් එකට නැග්ගා.බස් එකෙ සෙනග ගොඩක් හිටියා මට සීට් එකක් ලැබුනා. වයිෆ් මන් ළගම මගෙ අතට හේත්තු වෙලා පිටිපස්සෙන් වගෙ හිටගෙන ආවා. ටික වෙලාවකින් වයිෆ් එහෙට මෙහෙට ඇඹරුනා. මම වයිෆගෙ මූන දිහා බැලුවා. අවුලක් නෑ කිව්වා .ඒත් මට සැක හිතිලා පෝන් එකේ කැමරා ඔන් කරලා පිටිපස්සට හරවාගෙන ආවා. කොහොමහරි ගෙදර ආවට පස්සේ වයිෆ් ගෙදර ආවට පස්සේ උන දේ කිව්වා මම බස් එකේ රන්ඩු වෙයි කියලා සද්ද නැතුව ඉදලා.මම පස්සේ වීඩියෝ එක මතක් වෙලා ඒක බැලුවා බලද්දී එකෙක් වයිෆ්ට මාර වදයක් දුන්නේ. ඌ වයිෆ්ගේ.පිටිපස්සෙන් හේත්තු වෙනවා. ඌ බොටමක් ඇදගෙන ඇවිත් තියෙන්නේ ඌ සැරෙන් සැරේ බොටම අස්සට අත දාලා උගේ අවයවය ඉස්සරහට අදිනවා. වයිෆ් බේරෙන්න ට්‍රයි කලත් ඌ සෙනග හිරවෙන වාසිය අරගෙන වයිෆ්ව හිරකරගන්නවා. ටික දුරක් යද්දී ඌ උගේ අත වයිෆ්ගෙ කකුලේ වද්දන්න ගත්තා පස්සෙ ඌ එයාගෙ කකුලෙ සයිඩ් එකෙන් තියාගත්තා වයිෆ් දහ වතාවක් විතර උගේ අත අයින් කලා.ඒත් ඌ නතර කලේ නෑ.ඌ කකුල අල්ල අල්ල හිටියා පස්සේ ඌ කකුලේ ඉස්සර හරිය අල්ලන්න ගත්තා .අල්ල අල්ල කකුලේ උඩ හරියට එනකන් අත ගෙනැත් යටි බඩ අල්ලන්න ගත්තා වයිෆ් මේ හැම සැරේම උගෙ අත අයින් කලා.ඒත් ඌ අවසානේ වයිෆ්ගෙ අදාල තැනම අත තියාගෙන අල්ලන්න ගත්ත.උගෙ ඇගිලි කකුල් අතරින් උඩට පහලට යනවා පෙනුනා. ඌ අවසානේ උගෙ අවයවය එලියට ම අරගෙන වයිෆගෙ පිටිපස්සෙන් තිබ්බා. අපි බස් එකෙන් බහිනකන් ම මේක උනා. ඒත් මට මේක කිව්වෙ පස්සේ මොනා කරන්නද

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.