මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/12/12

අපි ටිකක් අලුතෙන් හිතමුද?


මේ ලිපිය මීට වඩා හුඟක් පැහැදිලිව ලියන්න ඕනෙ ලිපියක් කොටසින් කොටස. ඒත් අද දැණුනු හැඟීමක් නිසා මට මෙහෙම ලිපියක් ලියවුණා. සිරස නාලිකාවෙන් සුබාසිරි කියන මංගල උත්සව දැනුවත් කිරීම් වැඩසටහන අිරම්භ වුණාට පස්සෙ වසරක් ඇතුළත හැම නාලිකාවකම සතියකින් වෙනම පැයක් මංගල වැඩසටහන් සඳහා යොමු වෙනවා. ඒ වැඩසටහන් සඳහා අනුග්‍රහය සපයන්නෙත් මංගල උත්සව හා සම්බන්ධ ආයතන වල අය. මංගල උත්සව සඳහා ලොකු දැනුවත් කිරීමක් මේ වගේ වැඩ සටහන් වලින් ලැබෙනවා වගේම අලුත් අලුත් විලාසිතා සඳහා මංගල උත්සව ගන්න පිරිස් යොමු කිරීමත්, ඒ වැඩසටහන් ඔස්සේ සිදු වෙනවා.

ඇත්තටම මංගල උත්සවය අද වනවිට සංස්කෘතිය කියන තැන ඉඳන් විලාසිතාව කියන තැනට සම්පූර්ණයෙන්ම වැටෙන්න හුඟක් ළං වෙලයි තියෙන්නෙ. වර්තමාන වාණිජකරණයට ලක් වූ සමාජයෙන් ගැලවෙන්න බැරි අපිට මේ වගේ විලාසිතා වලින් ගැලවෙන්න අමාරුයි තමයි. ඒත් මට පුංචි ගැටලුවක් තියෙනවා. ඇත්තටම ලස්සන විවාහයක් ගන්න, හුඟක් සල්ලි යනවාද?

ඇත්තටම යාලුවෙ මුලින්ම මම ඔයාලාට කියන්න ඕනෙ, උත්සවයක් නොගත්තත් දෙන්නෙක්ට ආදරයෙන් ඉන්න පුලුවන් නම් ඒ දෙන්නා අතර අපූරු පවුලක් ගොඩ නැංවෙනවා. රොබට් නොක්ස් කියපු විදියට, එදා හිතේ විශ්වාසෙන් තමා අපේ මුතුන් මිත්තො ආදරයෙන් බැඳිලා ඉඳලා තියෙන්නෙ. එහෙම නැතිව එයාලා කිසිම තැනක අත්සනක් තියලා නෑ. මේ මගේ බිරිඳ මේ මගේ ෂ්වාමිපුරුෂයා කියලා. මේ කතා කොහොම වෙතත්, අපේ ප්‍රශ්නය ඒක නෙවෙයි. අපිට තියෙන්නෙ පොඩි මුදලක්, ලස්සන උත්සවයක් ගන්න මේ චූටි මුදල ඇතිද?

ඔබ පුදුම වෙයි. ඇත්තටම මේ ලොකු ලොකු වැඩසටහන් වලින් අපිව අද්දගන්න උත්සාහ කරන්නෙ ඒ අයගෙ ආයතන වලට. ඒ අය ලොකු මුදලක් ගන්නවා මේ දේවල් වලට...ඇත්තටම ඒ වැඩේට ඒ තරම් ලොකු මුදලක් යන්නෙ නෑ. මුදල ගිහින් තියෙන්නෙ ඒ වැඩේ මුලින්ම හිතාගන්න ගිය පුංචි පහේ කන්සෙපට් එකට.

ඉස්සර ලංකාවෙ මිනිස්සු සමස්තයක් වශයෙන් හිතන්න පුළුවන් හරි අපූරු ජන කණ්ඩායමක්. ඒත් අද වෙනකොට මොනා හරි හේතුවකින් ඒ හිතන්න පුළුවන් කම අපේ හුඟක් අය අතරින් තුරන් වෙලා. ඒ නිසාම තමයි, එක් කෙනෙක් පටන් ගන්න පලියට පෝලිමට එකම වැඩසටහන් කට්ටිය කරන්නෙත්. කරන්නං වාලෙ දෙයක් කරන්නෙ ඇයි? දැන් මඟුල් ගෙවලුත් ඒ වගේ. අල්ලපු ගෙදර එකා හිල්ටන් එකේ ගත්තොත්, අපිට ඕනෙ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ගන්න. ඒත් පින්තූර වලට වැඩියෙන්ම ලස්සන අපේ ගෙවල් ළඟපාත පුංචි හොටලයක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර, තමන් ගෙන්වන පිරිසට ඉඩ කඩ ඇතුව ඉන්න ප්‍රමාණවත් නම්, මඟුල් උත්සවයක් ගන්න හොඳම තැන, තමන්ගෙම ගෙදර.

දැන් උඩරට අඳින මනමාලියො කේක් කපන්නෙ නෑ. කිරිබත් තමයි කපන්නෙ. ලස්සන කිරිබත් ස්ට්‍රක්චර් එකක් රුපියල් හයදාහක් විතර වෙනවා. ඔය කුලු හතර පහ , ඇස්වට්ටි පහ හය , ඒ ටික  තියන්න ගන්න මේසය , වටේ තියෙන ප්ලාස්ටික් මල් තව වෙඩින් තිහ හතලිහකටවත් ඒ අය පාවිච්චි කරනවා. යාලුවෙ අපි කැවුම් පහකටයි, කොකිස් හතකටයි, අලුවා කෑල්ලි දහයකටයි, කිරිබත් පිගානකටයි නේද අපි හයදාහක් ගෙවලා තියෙන්නෙ. ඒක මොන අපරාදයක්ද? මේ ටික අපිට හිතලා අලුත් විදියකට නිර්මාණය කරගන්න හැකි නම්, ඕන ඔට්ටුවක් උපරිම ගියත් රුපියල් දෙදාහයි. මේ පුංචිම පුංචි උදාහරණයක් විතරයි. මම තව දේවල් පස්සෙ දවසක එකින් එක කියා දෙන්නම්. මේ ලියවිල්ලෙ අරමුණු මඟුල් උත්සව ගැන කතා කරන එක නෙවෙයි. හිතන්න පුලුවන් කෙනෙක් ඔයා ඇතුළෙ නිර්මාණය කරගන්න, පුංචි මතක් කිරීමක් කරන්නයි.


මමත් බස් බ්ලොග් සතියට දායක වුණා..


13 comments:

  1. උත්සවයක් නොගත්තට දෙන්නෙක්ට සතුටින් පවුලක් ගොඩනගාගන්න පුලුවන් කියන එකනම් මං පිලිගන්නව නගො.ඔය කොයි දේත් තම තමන්ගේ හිත තමා.බොහොම හොඳ දැනුවත් කිරීමක් නංගො

    ReplyDelete
  2. හ්ම්ම් අක්කියෝ තව නොබෝ කලකින්ම මටත් සිදුවේවි බලන්න 'සුබාසිරි'..හි හී..
    නැහැ අප්පා..ජිවිතේ ටාගට් ගහනකං බඳින්න තියා ඕව නම් හිතන්නවත් හොඳ නැහැ..
    කොහොම උනත් ඔයා ලිව්ව දේට එකඟයි මම..
    එහෙනම් අපි ගියා..
    ආදර්ශමත් පොස්ටු ලියන්න සදා ජයෙන් ජය!

    ReplyDelete
  3. අපෝ ඔය වැඩසටහන ගන නම් කියන්න එපා. මම නම් ආසම නෑ ඔය වැඩසටහන් සෙට් එකටම !!!
    සික් ඉතරක් !!! සුබාසිරි !!!

    ReplyDelete
  4. දෙන්නා එකතු වෙලා හොදට හිතලා හැමදේම ක්‍රමානුකුලව කරනවා නම්..එක දවසක් වෙනුවෙන් වෙන මුදල ඉස්සරහට එයාලට ගොඩක් දේවල් වලට ගන්න පුලුවන්නේ....

    හොද ලිපියක් අක්කා..

    ReplyDelete
  5. ඔයාට වෙඩින් ප්ලෑනර් කෙනෙක් උනානම් ඉවරයි..
    අඩුවට වෙඩින් ගන්න උපදේශන සේවාවවක් දෙන්න පුලුවන්නේ.

    ReplyDelete
  6. http://thepiratebay.se/torrent/6149237

    ReplyDelete
  7. මගේ වෙඩිමේ දුන්නොත් ප්ලැන් කරන්න හැකි ද?

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.