මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/14/12

තරහ අවසර මඟුල් පොටෝ මහත්වරුනි,


මේ ලිපිය ලියන්න මම හිතුවෙ පුංචි පුංචි කාරණා කීපයක් කියන්න තියෙන නිසයි, අපේ සදාදරණීය දක්ෂ ඡායාරූප ගන්න ඔබ හැමටම මේ ලිපියෙන් සාමාන්‍ය මනුස්ස හැඟීම් අවබෝධ වෙන්න කියලා මම පතනවා. මේකයි කතාව.

ළඟදි අපේ අක්කා කෙනෙක් බඳිනවා. ඉතිං පොටෝ ගන්න එපැයි. එයා ගිහින් සාමාන්‍යයෙන් හොඳ ඡායාරූප ශිල්පියෙක් ළඟට. අද මට පෙන්නුවා ඒ ඡායාරූප ශිල්පියා, පින්තූර ගන්න ඕනෙ විදිහ තීරණය කරලා තියෙන හැටි. අෂ්ටක කියන එකනා ඉන්න ඕනෙ විදිහ. කේක් එක සෙට් වෙන්න ඕනෙ විදිහ.. ජයමංගල ගී ගයන නංගිලා එන විදිහ.. යන විදිහ.. ගෙදරින් එන වෙලාව.. හරියට කාල සටහනක් වගේ. නෑයන්ට කතා කරන්න තියෙන්නෙ හරියටම විනාඩි 25 යි. ඒ වෙලාවෙ, පැය කාලක් යනකොට, මනමාලිගෙ අම්මාට සඥාවක් දෙනවලු හස්ත මුද්‍රාවෙන් කෑමට ආරාධනා කරන වතුර වීදුරුව අල්ලන්න. ඒ මොහොතෙ ඉඳන් පිළිවෙලින් සියලු දෙනා විනාඩි හතළිහක් ඇතුළත ආහර ගන්න ඕනෙලු. කොහොම හරි පෝරුව ළඟ නෑයන්ට හිට ගන්න වෙන්නෙ සෑහෙන්න දුරක් පොටෝ මහත්තයාට ඉඩතියලා. පෝරුවෙන් බස්සන එකයි පොල් බිඳින එකයි එකම වෙලාවෙ ගන්න බැරි නිසා, බස්සන්න ඉස්සර පොල් බිඳින්න වෙනවලු.

දෙවනි දවසෙ පින්තූර ගන්න, එයාට එයා ඉල්ලන හෝටලයම ඕනෙලු. ඒකෙ එදාට වෙන වෙඩිංන් එකක් තියෙනවා ඒ නිසා අපිට බුක් කරගන්න බෑ කියලා කීවම, එහෙනම් ඒ හොටලයට හනිමූන් යන්නලු.

කොහොමහරි අද අක්කා වෙඩිං ෂෙඩියුල් එක හැමෝටම පෙන්නුවා. ඒකෙන් විස්සක් ගහලා නෑයො විසිදෙනෙක් අතට දෙන්න කියලා පොටෝ මහත්තයා කියලා. එක නෑයෙක් පැය බාගයක් ඇතුලත සියලුම නෑයන් මනමාලිය සමඟ ඡායාරූප ගැනීම සඳහා, නෑයන් පිළියෙළ කිරීමේ කාර්යයේ නිරත වෙන්න ඕනෙලු. කිරිබත් කපන වැඩේට හරියටම විනාඩි 5 යි. පොල්තෙල් පහනට විනාඩි පහයි. ඔහොම ඔහොම ඒ මඟුල ඇතුළෙ මල මඟුල් ගොඩයි.

එයාගෙන් වීඩියෝ කරනවා නම් රු 35000 යි .  ඒකට ඒතරම් වියදම් කරන්න බැරි නිසා මේ අක්කා කිව්වා මට හැන්ඩි කැමරාවෙන් පොඩි ෂොට් ටිකක් අරන් දෙන්න කියලා. ඉතින් පැකේජ් එක වෙලාවෙ වීඩියෝ නොගන්න නිසා අක්කා කියලා පොටෝ මහත්තයාට, අපි පොඩි හැන්ඩි කැමරාවකින් වීඩියෝ කරගන්නවා කියලා. මූණ කලු වුණ පොටෝ මහත්තයා, කවුරු කළත් කමක් නෑ මට කරදරයක් නොවෙන්න කියලා.. නුරුස්සලා කියලා. මට හිතාගන්න බෑ ඇත්තටම මඟුල අයිති පොටෝ මහත්තයාටද අක්කාටද කියලා.

දයාබර ඡායාරූප ශිල්පියනි. විවාහ උත්සව මිනිසුන්ගේය. ඔබ එය ඡායා රූ මාධ්‍යකින් ආවරණය කිරීමට පැමිණෙන අය පමණි. ඔබට ආවරණය කිරීමට උත්සවය නිර්මාණය නොකර, චාරිත්‍ර වෙනස් නොකර, පවතින උත්සවය ඔබ හැකි තරම් සුන්දරව ආවරණය කරන්න. සිදුවිය යුත්තේ එයයි. ඔබට ඕනෑ විදිහට උත්සවය ගන්න බැහැ. ඔබ උත්සවයට හැඩගැහෙන්න. මම මේ ප්‍රකාශය බොහොම තදින් කරමින් ඉල්ලා හිටින්නෙ අනාගත ඡායාරූප ශිල්පීන් වී ගන්න බලා ඉන්න අයගෙන්.

නොදන්නා කෙනෙක් වුණත් දෙන අවවාද වැදගත් නිසා මම මේ අවවාදය ඔබට දෙනවා.

ටී වී එකේ ප්‍රවෘත්ති අං‍ශෙක කැමරාකරුවෙක් විදියට වැඩ කරලා.. පස්සෙ වෙඩිං පොටෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. වෙඩිං වීඩියෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. එතකොට ඔබට නිතැතින්ම හුරුවක් ලැබෙනවා. දෙයක් ඒ අයට ඕනෙ විදිහට සිද්ධ වෙද්දි එය ඔබට උවමනා විදියට රූ ගත කරන්න...හැබැයි අන්තිම ඵලය ඒ අය කැමති විදිහට තියෙන්නත් ඕනෙ. එක මනුස්සයෙක් එක මඟුලක් ගන්නෙ, ආයි හරියට තව මඟුල් ගෙයක් ගන්න නෙවෙයි.  චුට්ටක් හිතලා බලන්න. 


බස් රේඩියෝ වෙ සින්ඩියටත් පොඩ්ඩක් ගොඩ වැදිලාම යන්ඩ


66 comments:

  1. එක්තරා ගායක-ඡායාරූප ශීල්පියෙකුත් ඔන්න ඔය වගේ තමන්ට ඕනෑ විචියට වෙඩිම වෙනස් කරනවා කියලා මට කෙනෙක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. අහ් මම එයා ගැන අහලා තියෙනවා. මෙයා එයා නෙවී

      Delete
    2. ඔහෙගෙ එකත් මේ වගේ කොරනෝ :P

      Delete
  2. මේ අර පවුලේ නාලිකාවේ වීඩියෝ ග්‍රැෆර්ද එයත් එහෙමලු

    ReplyDelete
    Replies
    1. එයා ගැනත් මම දන්නවා ...එයාගෙ එකේ එයා ගේන පරෙයියො ටික අනිවා උඩ දාන්න ඕනෙ!!

      Delete
    2. ප්‍ර--- හෙ----- ද? ත-- ද?

      Delete
  3. ඇත්ත තමයි.මඟුල අයිති කාටද කියලා අන්තිමට හිතෙනවා.අම්මා අඬන්නත් ඕනෙ ෆොටෝග්‍රැෆර්ට ඕන වෙලාවට.තාත්තා අඬන්න වගේ ඉන්න ඕනෙ ෆොටොග්‍රැෆර්ට ඕන වෙලාවට.මනමාලියි-මනමාලයයි කරන හැමදේමත් ෆොටෝග්‍රැෆර් කැමති විදිහට.මේක දැන් ෆොටෝ මා‍ෆියාවක් වෙලා.මඟුල් ගෙවල් නිකං වෙළෙද දැන්වීම්,කෙටි නාට්‍ය රූපගත කිරීම් වෙලා.මේවට අනුබල දෙන්නෙත් ඒ අයම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? එහෙනම් ඉස්සරහට මල මඟුලක් වෙනවා!!

      Delete
  4. එහෙම කෙනෙක් දවසක් මනාලියට බැන්නලු නෑදැයෝ දාල යද්දී අසුව නිසා. අඩන්නත් ෆොටෝ මහත්තයාගේ අවසර ඕනේ රටක්. වරෙන්කො මගේ වෙඩිමේදී මට එනම මනං කියන්න.

    ReplyDelete
  5. මටනම් මේ කරදර නෑ. සිරා පොටෝග්‍රැපර් කෙනෙක් ඉන්නවා අපේ වැඩ වලට. මේ කියල තිබෙන්නෙ පොටොක්‍රැපර්ලා ගැන :D

    ReplyDelete
  6. වෙඩිම අයිති කසාද බඳින අයටයි. එහෙම නැතිව ඇල්බම්එක ලස්සන කරන්න කියලා ජෝඩුව රූකඩ වගේ නටවන්න දෙන්න බෑ. එදාට හරිහමන් කෑම වේලක්වත් කන්න නෑ නෙව නිදහසේ. බාගෙට කෑවම ඩෙසර්ට් කනවා පොටෝගහන්න දඟලනවා. මල්වත්තෙදි පොටෝ ගහන්න යන්න බෑ කීවා කියලා අපේ අයියා කෙනෙකුට කැමරාමන් බැන්නා ඇල්බම්එකට පොටෝ අඩු වේවි, ඇල්බම්එක කැතවේවි කියලා. ඒ අයියා කීවා දැන් පොටෝ ගත්තා ඇති ඇල්බම් එකට තියෙන පොටෝ දාලා හදන්න පොටෝ 10ක් වුනත් කමක් නෑ කියලා. අන්තිමට පවුලෙ කට්ටිය ගත්තු පොටෝවල ගොඩක් නැචුරල් පොටෝ තිබුනා පොටෝග්‍රැපර් ගහපු කෘතිම ඒවාට වඩා. බලන්න කීයෙන් කී දෙනාද කවන අවස්තාව හරියට ගන්නෙ. එතැනදි පොටෝඑක වෙනුවෙන් දෙන්නා කට ඇරන් බලන් ඉන්න ඕන විනාඩියක් විතර. ඒත් ඒ අවස්ථාව නිකන්ම නිකන් ඩිජිටල් කැමරාවකින් නියම විදියට තත්පර කීපෙකින් ගන්න පුලුවනි හරිම ස්වාභාවික විදියට. හදිසියෙ ගන්න "කෑම කවන" පොටෝඑකයි කැමරාමන්ගෙ පොටෝඑකයි ගත්තම හදිසියෙ ගත්ත පොටෝඑක තමයි ගැලපෙන්නෙ ඇල්බම්එකට.

    ReplyDelete
    Replies
    1. මේ කථාව නම් හරි.. අපේ නෑයෙක්ගෙ වෙඩිමක මම පොටෝ ගැහුවා.. ඔෆීශල් එකෙකුත් හිටියා.. ඒ කෙනා මම ගහපුවත් දීලා තිබුනා ඇල්බම් එකට දාන්න.. පස්සෙ බලද්දි බාගෙට භාගයක් මගේ එව්වා..

      Delete
  7. මොකටද අනේ ඔය හයිපයි පොටෝකාරයො.. ඔය අහල පහල කොල්ලෙක්ට කැමරා කට්ටක් හොයලා දෙන්න.. :)

    මේ ගැන මගේ අදහස නම් පෝස්ටුවේ අදහසම තමයි..යන වෙඩින් එකෙන් පොටෝ නෙලාගන්න ඒගොල්ලො දැනගන්න ඕනෙ..

    ReplyDelete
  8. තමන්ට ඕන විදියට දුවගේ වෙඩින් එක ගත්ත මහත්තයේක් අපේ බැංකුවේ ඉන්නවා මම දාන්නම් විස්තරේ. මම ගියා පද්මකුමාර මෙත්තසේන කියන කැමරාශිල්පියාගේ ප්‍රදර්ශණයක් බලන්නේ. ඒකේ තනිකර තිබුනේ හොරෙන් ගත්ත වගේ ෆොටෝ. හරිම ලස්සනයි ස්වභාවිකයි. ඇන්දුම් අන්දන අයත් මේ වගේ දේවල් එයාලට ඕන විදියට වෙනස් කරනවා.

    ReplyDelete
  9. මල මඟුලයි...
    හොද වෙලාවට අපි තාම සූටි ලමයි..

    ReplyDelete
  10. photographer ගේ "නමට" ගියහම වෙන්නේ ඔය ටික තමයි. මම හිතන්නේ නෙරංජි කතා කරන්නේ සුපිරි පන්තියේ චායාරූප ශිල්පියෙකු ගැන වෙන්න ඇති. එහෙම අය තමයි ඔය වගේ නීති රීති දමන්නේ . මම එහෙම කියන්නේ මමත් wedding photography කරන ආයතනයක කාලයක් වැඩ කරලා තියෙන නිසා.එතැනදී අපට දාල තිබුන එක නීතියක් තමයි මංගල උත්සවයක් ආරම්බවුණු පසු එහි සිදුවන කටයුතු වලට බාධා නොකලයුතුය කියන එක.අනික චායාරූප ශිල්පීන් දෙදෙනකු සහබාගී වනවානම් ඔබ කියන ආකාරයට පෝරුවෙන් බහින එකයි, පොල්ගෙඩිය බිදින එකයි දෙපාරකට ගන්න ඕන වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේකෙ එකෙක් විතරලු එන්නෙ

      Delete
    2. විවාහ මංගල උත්සවයක් කියන්නේ ජිවිතයට එක්වරක් පමණක් සිදු කරන දෙයක්. ඒ නිසා අනිවාර්යෙන්ම චායාරූප ශිල්පීන් දෙදෙනකු සිටිය යුතුයි. එක් කැමරාවක් ප්‍රධාන කැමරාව වශයෙන්ද. අනෙක backup කැමරාව වශයෙන්ද භාවිතා කල යුතුය. හදිසියෙන්වත් එක කැමරාවකින් වැඩේ කරලා රීල්ස් වලට හරි මෙමරි කාර්ඩ් එකට මොනවා හරි වුනොත් නැවත වරක් වෙඩින් එක ගන්නද ?

      Delete
  11. අපෝ මඟුල චාමෙට ගත්තා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ. අන්තිමේදි බලනකොට තමන්ගෙ මඟුල උනාට තමන්ට ඕන කිසි ම විදිහකට වෙලා නෑ... :)

    පැනලා ගියා නම් ඔය කිසි මඟුලක් නෑ. :)

    ReplyDelete
  12. ඔය වගේ කියල දැන දැනත්, ඔච්චර වඩ විදින්න ඕන කියලා දැන දැනත් ඒ මිනිස්සුන්වම හොයාගෙන යනවා නම් මං දකින විදිහට වැරැද්ද එහෙම යන අයගෙම තමයි! ඒයාලම තමයි නිදහස් මඟුලකට වැඩිය පොටෝ ලොකු වෙලා තියෙන්නේ! අපි ඔය වගේ කැමරාමන්ස්ලව ප්‍රතික්ෂේප කරනවා නම් එයාල එයාලගෙ වැරැද්ද තේරුම් ගන්නවා! ඔච්චර ගනන් උස්සනවා ඇත්තේ එයාට තියන ඩිමාන්ඩ් එකට! එහෙම බැලුවම ඒවගේ ම්ඉනිස්සුන්ව උස්සල තියපු අපි නෙවෙයිද වැරදි?

    ReplyDelete
    Replies
    1. අක්කා තාම එයාගෙ පළවෙනි මඟුල නිසා බය වෙලා :p

      Delete
  13. මම හිතන් හිටියෙත් ඔය මගුල් වැඩ හින්දා මගේ මගුලත් මගේම කැමරාවෙන් කොල්ලෙකුට කියල ගහගන්න.කෙහෙද කරුමෙක මහත කියන්නෙ දවස් දෙකකට කලින් කැමරාව උස්සලානෙ අපතයෙක්. මොනව කරන්නද අපිත් අරවගෙ මහත්තයෙක් ඉස්සරහ රගපෑවා. ලැජ්ජාවෙ බෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ට ගන්න පුලුවන් නම් එච්චරයි

      Delete
  14. ඇත්ත තමා කතාව අවතාරුත් දවසක් ගියා ඩිජියෙකුත් අරගෙන යාලුවෙක්ගේ වෙඩිමකට
    මෙන්න කැමා අයියා ගේම ඉල්ලුවා අවතාර්ගෙන් පොටෝ ගැහුවය කියලා

    ReplyDelete
  15. ඔයා කිව්ව විදියේ ෆොටෝ ග්‍රෆර්ලා මොකටද අෆ්ෆා වෙඩින් එහෙකට?.

    ReplyDelete
  16. හ්ම්ම්. අර තිවංක කියපු කතාව තමා හරි. කිසිම ඡායාරූපශිල්පියෙක්ට අවසර දෙන්න බෑ උත්සවේ එයාට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න. මොකද ඒක එයාට අයිති වැඩක් නෙමෙයි. එයාට දීල තියෙන වැඩේ තමා මේ අවස්ථාවේ මතක සටහන් ටිකක් ගැනීම. එයාට ඕනෙ ඕනෙ දේවල් කරන්න ගත්තොත් ඒක අර කිව්ව අවස්ථාව වෙන්නෙ නෑ නේද???

    මෙතනදි ඒ අදාල යුවලගේත් වරදක් තිබෙනවා එහෙම නීති දාන ඡායාරූප ශිල්පියෙක් නොගෙන ඉන්න ඕනෙ. නැත්තම් ඒ ශිල්පියාට පැහැදිලි කරල දෙන්න එයාට අයිති රාජකාරිය මොකද්ද කියන එක. එයා ඒත් බෑ කියනවා නම් කෙලින්ම එලවල දාන්න. :)

    ReplyDelete
    Replies
    1. මමත් තිව්වා. අදාල යුවල අම්බානට බය වෙලා.. එයාලා කියනවා එයා කරන විදිහට නොකළොත්, පින්තූර ලස්සන නැති වෙයිලු

      Delete
    2. මඟුලක් කතා කරනවා, ඡායාරූපශිල්පියා දක්ෂ වෙන්න ඕනෙ, ස්වභාවිකවම සිදුවෙන දේවල් වලින් ලස්සන උකහාගන්න. :)

      Delete
  17. අක්කගෙ පෝස්ට් සරලයි..කියවන්න කිසි කරදරයක් නැහැ.. :) කාරනා ටිකනම් හොඳට කියල තියනවා හ්ම්ම්..

    ReplyDelete
  18. මගේ මගුලටත් ෆොටෝකැචර් කෙනෙකුට ෆොටෝ ගන්නයි වීඩියෝ කරන්නයි එන්න කිව්වා...මෙන්න මගුල් උත්සවේ පටන් ගත්තට පස්සේ පොර අපිව නළුවෝ කරන්න ගත්තා.. මට මල පැන්නා.... මං පොරට කිව්වා.... ඔයා පොටෝ ගන්න ඕන වීඩියෝ කරන්න ඕන මගේ මගුල....මේක ටෙලි නාට්‍යයක් නෙවේ කියලා.... මං බය උනා මිනිහා වාත කරයි ද කියලා... මොකුත් ප්‍රශ්ණයක් උනේ නෑ....

    ReplyDelete
  19. මගුලක් වුනාම ෆොටෝ ඔනිමනේ...ඉතින් කැමරා අයියලත් එයාලගේ චාන්ස් එකෙන් උපරිම වාසිය ගන්නවා..

    ReplyDelete
  20. ඒකෙන් පෙන්නේ කැමරා ශිල්පියාගේ අදක්ෂකම. දක්ෂයෙක්ට වැඩ දන්නා කෙනෙක්ට ඕනෙම තාලෙකට හැඩගැහෙන්න පුළුවන් ඔය කියන ගායක කැමරා ශිල්පියා ද....න් නේද?

    ReplyDelete
  21. බොහොමයක් උදවිය ඔහොම තමයි කරන්නෙ. අර කිව්ව වගේ මාධ්‍යවේදීන් වැඩේට බැස්ස නං හරි.

    හැබැයි ඕකෙ මේවගේ පැත්තකුත් තියනව. විශේෂයෙන් කාන්තා පාර්ශවය කැමතියි මොනව නැතත් ඇල්බම්එක හොඳට තියෙන්නයි තමන් මේකප් කරල තමන් අහවලාගෙ ගානටම පෙනුමින් ඉන්නයි.ඉතින් වැඩියෙන්ම වියදම යන්නෙත් ඔය දෙකට කමයි. ඇල්බම් එක කියන්නෙ වෙඩිම මතක් කරන දෙයක් මිසක් වෙඩිම කියන්නෙ ඇල්බමයේ අයිටම් එකක් කියල හිතනඑක නවතිනකල් ඕක සිද්ධ වේවි.

    ReplyDelete
    Replies
    1. පින්තූර තියෙන්න ඕනෙ. ඒක වදයක් කර නොගෙන

      Delete
  22. ෆොටෝග්‍රෆර්ලාටම ගිය රට එහෙනම්..........

    ReplyDelete
  23. බය නැතුව කියන්නේ මම මගේ වෙඩිමේ වැඩ ඔක්කොම මට ඕන විදියට ලස්සනට කලා. හැබැයි ඔය පොටෝ කාරයෝ හිටියේ නෑ. හැබැයි ඒකත් කරගත්තා. මට ඕන විදියට. සිංහල චාරිත්‍ර වලට හානියක් නොවෙන්න. මම නටුවේ නෑ එකෙක්වත් කියන විදියට. එහෙම නටුවේ නෑ කියලා මට මොකුත් උනෙත් නෑ. මම ලස්සනට මගේ බිරිඳත් එක්ක ජිවත් වෙනවා රටට ලෝකෙට නය නොවී.

    ReplyDelete
  24. මගේ වෙඩිමෙ බීච් එකේ, මල් වත්තෙ වගේම අනිත් එව්වත් ගොඩක් ගත්තෙ පින්තූර ගත්තෙ මමමයි... ට්‍රයිපෝඩ් කරල රිමෝට් එකෙන්. අපේ හොදම මිත්‍ර ඡායාරූප ශිල්පියෙක් අනිත් පින්තූරටික අරන් දුන්නා.. ඇල්බම් එකත් සුපිරියටම ආව. කිසි කෙනෙකුට බාදාවක් අනෙත් නැහැ. වැඩි වියදමක් ගියෙත් නැහැ..

    ReplyDelete
  25. ඔය විස්තරේ ඇහුවම ඇඟේ මාළු නටනවනේ.. :@ අපි ඉතින් තම සුටි ළමයිනේ.. ඒ නිසා අත්දැකීම් නෑ ඔය ගැන..ඒත් ඇත්තටම වෙන්නේ ඔහොම නම් ඉතින් වැඩක් නෑ වගේ ඔහොම උන්.. මටත් දවසක මගුලක් ඔහොම ගන්න උනොත් බලමුකෝ උන්දෑ මොනවද කියන්නේ කියලා..අර වගේ පාට් මට දාන්න අවොත් තමයි එයා හොඳ පාඩමක් ඉගෙනගන්නේ එදාට.. හඃ

    ReplyDelete
    Replies
    1. හං හං....තමා කැමරාවෙන් ගහයි

      Delete
  26. අපෝ කියලා වැඩක් නෑ. ඔහොම ෆොටොග්‍රැෆස්ලා තමා දැන් වැඩි හරියක් ඉන්නෙ.ඒ මදිවට මේකප් කාරයො.එයා තමා තීරණය කරන්නෙ බ්‍රයිඩ් මේඩ්ස්ලට ගන්න ඕනෙ කවුද කියලා.බලාගෙන යනකොට මනාල ජෝඩුවට කරන්න දෙයක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. මම නම් කවදාවත් වෙඩිං එකට බ්‍රයිස් මේට්ලා ගන්නෙ නෑ.

      Delete
  27. වෙඩින් කියන්නෙ දැං වවාගෙන කන ව්‍යාපාරයක් වෙලා. ‍වෙඩින් පොටෝග්‍රැපි වලටත් වෙලා තියන්නෙ ඒ දේම තමයි. සමහරු මෙන්න අපිකරපුව කියල බුකියෙ දාල තියන ඇල්බම් පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් මතු වෙනව. අනේ මංද ‍මේ කා‍ලෙ හැමෝම බලන්නෙ හොම්බ දිග කැමරාවක් අරං මානන්නනෙ..... ඒකෙ ඊළඟ ස්ටෙප් එක නිසි අනුදැනුමකින් තොරව මංගල ඡායාරූපකරණයට පිවිසීම..

    ReplyDelete
  28. මේ කතන්දරේ මටත් අදාලයි නිසා වචනයක් ලියන්න හිතුණා.
    මාත් පැහැදිලි ව කියන්නෙ මිනිස්සු “කසාද බඳින එක ෆොටෝ ගන්නව මිසක්, අපට ෆොටෝ ගන්න කසාද බඳින්නෙ නැති වග මතක තියා ගන්න“ කියලයි.
    නමුත් අද වෙඩිං තියෙන්නෙ ඔය කියන ජාතියේ පොල් බූරුවන්ට විතරයි. එයාල ගාවට කට්ටිය යන්නෙ පිස්තෝලයක් දික් කරල මට වෙඩිම දුන්නෙ නැත්තං තොපි මරනව කියල කියන නිසා නෙමෙයිනෙ. වෙඩිං ෆෙයාර් ගානෙ කරක් ගහල, තියෙන තරමක් ඇල්බම් බලල, එයා ගැන සේරම විස්තර හොයල, සල්ලිත් ගෙවල, යන අය යන්නෙ ඔය කට්ට කන්න බොහෝ ම කැමැත්තෙන්. කට්ට කාල ඒක ගැන පම්පෝරි ගහන්නෙත් බොහෝ ම කැමැත්තෙන්.....!!
    එහෙම නෙමෙයිනම් ඒ වගේ කරන ෆෝටෝකැචර්ලාට වෙඩිං නැතිවෙල, ඒ වගේ පුස් පාට් නොදාන ෆොටෝග්‍රැෆර්ලාට මාර විදිහට වෙඩිං තියෙන්න එපැයි....!!

    ReplyDelete
    Replies
    1. meka tamai atta katawa

      Delete
    2. අන්කල්....... කියන කතාව හරි...!! උන්ගෙ නම නිසා හැමෝම උන් පස්සෙ!

      Delete
  29. ලංකාවේ පැපරාසි නැහැ නේ නැත්නම් මන් කැමතියි පැපරාසියෝ දෙන්නෙක් ලව්ව ෆොටෝ ගන්න වැඩේ කරවන්න. හොඳටම ෂුවර් අපි දන්නෙත් නැතුව එයාලා ගානට වැඩේ කරයි කියලා. කිසිම වැදගත් අවස්තාවක් මග නොඇර :-)

    ReplyDelete
    Replies
    1. lankawe paparasi photos karana aya innawa eth eliyata enna bayai van enawane aran yanna

      Delete
    2. පැපරාසි පුරුදු කරන්න බැයිද?.....

      Delete
  30. මේවගේ කෙනෙක්ට photo ගහන්න දුන්නේ ඇයි කියන එකයි මගේ ප්‍රශ්නේ. එයාට සල්ලිත් දීලා ඔක්කොම වැඩ එයාට ඕනේ විදිහට කරන්නේ මොකටද? මිනිස්සුන්ට කරදර නොකර සාධාරණ ගණනකට වැඩ කරන හොඳ photographersලා ඕන තරම් ඉද්දී මිනිස්සු යන්නෙම ඔය වගේ මැටි මෝල්ලුගාවට.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.