සිංහල නාට්‍ය කලාව යනු රසවින්දනය තුළ උපරිමයට ළඟා විය හැකි නාට්‍ය කාලයෙන් කාලයට ලබා දුන් වේදිකාවක් වග මුලුන්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. යුද්ධය වැනි පබල සමාජ ගැටලු නිසා යම් යම් අවධීන් හී පසු බෑම් වලට ලක් වුවද නිරන්තරයෙන් උත්තම භාවයට ලක් කරමින් කතා කළ යුතු නාට්‍ය බොහෝමයක් වෙයි.
සරණ ගිය සිහ සමිඳුනේ
සමඟ වෙසෙමිය ගිරි ලෙනේ
දෑස ලෙසේ මේ දරුවන් නොලසේ
හදා වඩා ගනිමිව් සුවසේ
නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා
"සිංහබාහු" එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ නාට්‍ය නිර්මාණය තුළ ප්‍රේමයට ලබා දී ඇති තත්වය දෙස බලන කල, එයට සමාන වූ හෝ සමහර විට එයට සමපාත වූ , තරමක් එය විචාරයට බඳුන් කළ තේමාවක් වෙනත් නාට්‍යකින් ලබා දී ඇත. එසේ නාට්‍යෙයන් නාට්‍ය වෙනසකට භාජනය වීමට ඒ ඒ නාට්‍ය බිහි වූ තත්කාලය ප්‍රබලව බලපාන වග පැහැදිළි කරුණකි. ඉන් පසු වකවානුවේ බිහිවූ ජයලත් මනෝරත්නයන්ගේ "ගුරු තරුව" ප්‍රේමය, ආදරය මෙලෙස අයැද සිටින වග අපට දර්ශනය වේ.
මුළු ලොවටම ආදරය කරන්නට
හැක් මිනිසුන් බිහිවන මතු දවසක
ඔබත් හිනා වී මමත් සිනා සී
ලොවම හිනාවෙන ඒ දවසේ
එකම මාතෘකාව යුග දෙකක නාට්‍යක් තුළ ද්වී ආකාරයෙන් ප්‍රකාශ වී ඇත. නමුත් ඒ එකම දෙයක් පමණක් වග අප සියල්ලන්ට පැහැදිළි නොවේද? මේ ආකරයෙන් ගත් කළ නාට්‍යක් නවීකරණය වෙන්නට වෙන්නට එය මිනිසුන්ගේ හදවතට සමීප වේ.
නාට්‍යයක් වැඩිපුරම හැඟෙන්නේ වැඩිපුරම දැනෙන්නේ එහි නළුවන්ටය. ප්‍රේක්ෂකයන්ට වඩා නාට්‍ය විඳින්නෝ නළුවෝය. එසේ නම් ප්‍රේක්ෂකයාට යම් නාට්‍යයක් විඳිය හැකි වන්නේ තමන් එහි නළුවන් වූ විටය. එසේ ප්‍රේක්ෂකයන්ද නළුවන් කළ හැකි නාට්‍ය ලංකාවේ සැදුණේ නම් බොහොම විරලවය. තවමත් එවන් නාට්‍ය අතුරින් හදවතට අති සමීපම නාට්‍ය කුමක්දැයි යමෙක් මගෙන් ඇසුවොත් මට කිව හැකි හොඳම නාට්‍ය නම් "කළම්බු කළම්බෝ " ය.
අපි කලම්බු කලම්බු ගැන මුලින්ම පිටින් සිට කතා කරමු . මුලින්ම විවර වී ඇති තිරයේ දකුණු පසට වන්නට තැබූ ගිටාර් කිහිපයක් අපට පෙනෙයි. ගණනින් ගිටාර් ගණන හතකි. මඳ වෙලාවකින් අවසාන බෙල් එක ගැසීමට පෙර දුමාරයක් ගිටාර් සියල්ල වසාගෙන වේදිකාව පුරා පැතිර යයි. වේදිකාවේ සිට පැමිණෙන මින්සෙක් ගේ හඬට අපි සවන් යොමු කරමු.
ඔහුගේ දෙබස් තුළ කොළඹ සමාජය ඇතුළු තදාසන්න සියලු සමාජය තුළ පවතින බැඳීම් ස්ථාවර කළ ඒ ඉන්ද්‍රජාලික භාණ්ඩය වන දුරකථනයට මුලින්ම පහරක් නොවන පහරක් එල්ල කර ඇති අයුරු අපූර්වය. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි බොහෝ දේ අද නැතත්, සමහර සිදුවීම් පවුලේ කාට හෝ ඕනෑම මොහොතක සිදුවිය හැකි බැවින් ඒවා සියල්ලෝම දැක ගත යුතුව ඇති දේ වගද අපි දනිමු. එය මෙහිදී පූරක ලෙස පැමිණෙන තැනත්තා අපට මතක් කර දෙයි.
නාට්‍යයේ පළමුවන ගැටුම ආරම්භවන්නේ අප තුළින්ය. මෙහි ඇති විශේෂත්වය එයයි. නාට්‍යයේ නළුවන් තුළ ඇති නොවූ ගැටුමක් අපට අපගේ හදවත් තුළින් හට ගනී. මේ වන විට වේදිකාවට කාන්තා රූප දෙකක්ද, පිරිමි රූප හතරක්ද පැමිණේ. පූරක සමඟ පිරිමි රූප ගණන පහක් දක්වා ඉහළ යා යුතුය. පූරක තව දුරටත් අනෙකුන් නිශ්ශබ්දතාවයේ සිටියදී කතා කරන්නේය.
අපහාස උපහාස සිනහව භය මිශ්‍ර පහරකින් ප්‍රේක්ෂකයා තුළ භයක් විමතියක් ඇති කිරීමට පූරක සහ ඔහුගේ ස්වරය සමත් වෙයි. අපි නාට්‍ය තුළ නළුවන් වීමට පටන් ගන්නේ මෙතැනිනි. දැන් අපද රංගයේ කොටස්කරුවෝය. ඔවුහු හා අප සමානයෝය. සමස්ත මනුෂ්‍ය වර්ගයා ඉලක්කකොට සිංහල තේරුම් ගන්නා ප්‍රජාව වෙනුවෙන් පළමුව පහර දියත් කරන ඔවුන් පළවෙනි ගීතය හරහා තම ප්‍රස්තුතයට නාට්‍ය ඇද දමයි. බිම ඇති ගිටාරයෝ ඒ මොහොතේ ඔවුන්ගේ රංග භාණ්ඩ වෙත්.

" ඔබේ ජංගම දුරකථනය අවදියෙන් තබන්න. කවුරුහරි කෙනෙක් රසවින්දනයට බාධාවක් වෙයි කියලා ඒක නිදිගැන්නුවා නම් නැවත ඇහැරවන්න. අඬන්නට ආසන්නව ඉන්න ඔබේ පුංචි දරුවත් රැගෙන රඟහලෙන් එළියට දිවයන්න සැරසෙන්න එපා. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකිවීම කෙසේ වෙතත් මේ සිදුවීම් පෙළ පවුලේ හැමෝම එකට ඉඳගෙන නැරඹිය යුතුයි කියන එකයි මගේ යෝජනාව..............................: "
ඔහුගේ දෙබස් තුළ කොළඹ සමාජය ඇතුළු තදාසන්න සියලු සමාජය තුළ පවතින බැඳීම් ස්ථාවර කළ ඒ ඉන්ද්‍රජාලික භාණ්ඩය වන දුරකථනයට මුලින්ම පහරක් නොවන පහරක් එල්ල කර ඇති අයුරු අපූර්වය. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි බොහෝ දේ අද නැතත්, සමහර සිදුවීම් පවුලේ කාට හෝ ඕනෑම මොහොතක සිදුවිය හැකි බැවින් ඒවා සියල්ලෝම දැක ගත යුතුව ඇති දේ වගද අපි දනිමු. එය මෙහිදී පූරක ලෙස පැමිණෙන තැනත්තා අපට මතක් කර දෙයි.
නාට්‍යයේ පළමුවන ගැටුම ආරම්භවන්නේ අප තුළින්ය. මෙහි ඇති විශේෂත්වය එයයි. නාට්‍යයේ නළුවන් තුළ ඇති නොවූ ගැටුමක් අපට අපගේ හදවත් තුළින් හට ගනී. මේ වන විට වේදිකාවට කාන්තා රූප දෙකක්ද, පිරිමි රූප හතරක්ද පැමිණේ. පූරක සමඟ පිරිමි රූප ගණන පහක් දක්වා ඉහළ යා යුතුය. පූරක තව දුරටත් අනෙකුන් නිශ්ශබ්දතාවයේ සිටියදී කතා කරන්නේය.
" කවදාහරි ඔබට මුණ ගැහිලා තියෙනවාද ඔබව. මුහුණට මුහුණ, අන්න ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් මේ රඟහල ඇතුළෙදි, අනපේක්ෂිතව. ඒ කියන්නෙ මේක එක්තරා විදිහක අනතුරුදායක හමුවීමක්. මෙතනදි මුහුණට මුහුණ මුණගැහෙන්න නියමිතයි වෙන්න කැමති ඔබ සහ වෙලා ඉන්න ඔබ. ඒ කියන්නෙ ඔබ සහ ඔබේ අනෙකා..... ....... ........ ඔබට ඔබේ අනෙකා දකිනකොට ඇති වන කාලකණ්ණි මුස්පේන්තූ අසනීප ගතිය.... ........ ..... කොහොම වුණත් කමක් නෑ මෙච්චරකල් කළා වගේ ඔබට සිද්ධ වෙන දේවල් ඔබට නෙවෙයි වගේ හිටපු පලපුරුද්ද පාවිච්චි කරලා. මේක විඳදරාගන්න.... ....."
අපහාස උපහාස සිනහව භය මිශ්‍ර පහරකින් ප්‍රේක්ෂකයා තුළ භයක් විමතියක් ඇති කිරීමට පූරක සහ ඔහුගේ ස්වරය සමත් වෙයි. අපි නාට්‍ය තුළ නළුවන් වීමට පටන් ගන්නේ මෙතැනිනි. දැන් අපද රංගයේ කොටස්කරුවෝය. ඔවුහු හා අප සමානයෝය. සමස්ත මනුෂ්‍ය වර්ගයා ඉලක්කකොට සිංහල තේරුම් ගන්නා ප්‍රජාව වෙනුවෙන් පළමුව පහර දියත් කරන ඔවුන් පළවෙනි ගීතය හරහා තම ප්‍රස්තුතයට නාට්‍ය ඇද දමයි. බිම ඇති ගිටාරයෝ ඒ මොහොතේ ඔවුන්ගේ රංග භාණ්ඩ වෙත්.
ඉර මුදුන් කලුවරේ
නියොන් එළි යටින්
අවදානම දැන දැනම
ගිනි අඟුරු අතින් ගෙන
සරයි සරයි
හිත මිතුරු ප්‍රොමිතියස්
කළම්බෝ කළම්බෝ අයි ලව් යූ කළම්බෝ
මතුමහලෙන් වැගිරෙයි - හෙම්ලොක් යුෂ
එක එක එක මිල ඇති - මිනීපෙට්ටි
සතපා ඇති සැළමුතු නුගි නුරාව
උරග බිමෙත් හිමකිරම රස බලයි
ගොදුරු සොයයි ගිජුලිහිණි දෙනෙත්
කළම්බෝ කළම්බෝ අයි ලව් යූ කළම්බෝ
ගිනියම් සිහිලේ - කාපට් පාරේ
කළු කණ්ණාඩිය යටින් බලාගෙන
උල් නිය කොට කර හැඩ කළ දෑතින්
මාකට් හෙවණේ කුරුමාණම අල්ලද්දී
කොහෙන්ද මතුවී - ගිනි අඟුරු බෙදාගෙන
යකඩ යදම් මැද හඬවා නොපෙනී යයි
හිත මිතුරු ප්‍රොමිතියස්
කළම්බෝ කළම්බෝ අයි ලව් යූ කළම්බෝ
කුරුමාණම හරියන එක මොහොතක
අතුණුබහන් රස විඳී තියුණු හොට
එහෙත් හෙටක් ඒවී දැවෙන හදක් ගෙන
දනී දනී හිත මිතුරු ප්‍රොමිතියස්...
මුලින්ම අපි මේ පළමු ගීතය විඳගන්නට වෙර දරමු. නාට්‍යයකරුවා කොළඹ නම් වූ නගරය අර්ථ දක්වන්නට උත්සාහ කරන පළවන ගීත උත්සාහය මෙයයි. මේ ගීය වින්දනයට ප්‍රථම ඔබ ඔබේ හදවතට එන්නත් කරගත යුතු කරුණක් වෙයි. කවුද මේ ප්‍රොමිතියස්?
ග්‍රීක කතා පොත් වලට අනුව, ප්‍රොමිතියස් යනු දෙවියෙකි. සියුස් නම් දෙව් රජ , ලෝකයට මිනිසුන්ගෙ පරිහරණය වෙනුවෙන් ගින්දර ලබාදුන්නේය. ජලය ලබා දුන්නේය. නමුත් යම් දිනක දේව පිදීම අපොහොසත් කළ ජනයාට දඬුවම් වශයෙන් සියුස් දෙවියා එක් වරප්‍රසාදයක් කපා හළේය. ඒ ගින්දරය. පීඩිත ජනයා වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වූ ප්‍රොමිතියස් ඉරට ගොස් ගිනි දල්ලකින් ගින්දර ගෙනැවිත් ජනයාට දුන්නේය. එයට කිපුනු සියුස් දෙවියා ඇඩ්මන්ටයින් දම්වැලින් බැඳ ප්‍රොමිතියස් ව තවමත් හිර කර ඇත. උදෑසන සිට හවස දක්වාම ගිජු ලිහිණි පැමිණ ඔහු ගේ හදවත කා දමයි. රාත්‍රී කාලයේ නැවතත් හදවත වැඩෙයි. නැවත ඒ හදවත ගිජු ලිහිනින්ට අහරක් වෙයි. තවමත් මෙය නොනැවතීම සිදුවන බව අසා ඇත්තෙමි. එය කතන්දරයකි. ( අදත් ඔලිම්පික් ගිනිසිලුව පත්තු කරන්නෙ ප්‍රොමිතියස් නාමයට වග ඔබ දන්නවා ඇත. )
මොකද්ද මේ ප්‍රොමිතියස් සහ කොළඹ අතර තියෙන සහසම්බන්ධය. කොළඹ නගරය අද වන විට ගැලවුම් කරුවෙකු සොයනවා. කැරලිකරුවකු සොයනවා. කොළඹ නගරයට වෙනසක් අවශ්‍යයි. කොටින්ම කොළඹ නගරයේ ජීවත් වන මිනිසුන්ට වෙනසක් අවශ්‍යයයි. මොකද්ද ඒ වෙනස? හෙම්ලොක් යුෂ යනුවෙන් හඳුවන්නෙ උග්‍ර විෂක්. මේ විෂ වර්ගය තමයි සොක්‍රටීස් ට පොවලා මරා දමන්නේ. සොක්‍රටීස් ගේ මරණයෙන් සිදුවන බුද්ධි විපරීතය අපි සිහිකරමු. උඩ සිට පහළට වැගිරෙන හෙම්ලොක් යුෂ ගැන අපේ අවධානය යොමු කරන්න. සමාජයේ ඉහළ පන්තියේ සිට පහළ පන්තිය දක්වා මරණයේ උග්‍රවිෂ කාන්දුවෙන කොළඹ නගරය සිහිපත් කරන්න. දැන් ඔබට වැටහෙන්නට පටන් ගනීවී එක එක එක මිල ඇති මිනි පෙට්ටි වල අවශ්‍යතාවය.
ඉර පායා ඇතත් මනෝමය වශයෙන් අන්ධකාර වූ කොළඹ නගරයේ දල්වන ලද විදුලි බුබුලු මැද මේ සරන්නා, ලෝකයට පළමුවන ගැලවුම් කාරයා වූ අපේ හිත මිතුරු ප්‍රොමිතියස් ය. ඔහු මේ සියල්ල දකිමින් ඇවිද යයි. ගණිකාවන්ගේ ගිනියම් වූ හැඟීම් වල සීතල උණුසුම් කරනු පිණිස කාපට් පාර අසල ඇදී යන වහන වල කලු කණ්ණාඩි යටින් ගනු දෙනු කරුවන්ගේ ඇස් සොයන කොළඹ නගරය සිහියට මවා ගන්න. ඔවුන් උල් නිය පාට කර හැඩ කළ දෑත් වලින් මාකට් අසල ගණුදෙනු කරුවන් සොයන අයුරු මඳක් සිහි ගන්වන්න. ඒ ගිනියම තුළද හිත මිතුරු ප්‍රොමිතියස් අපට පෙනෙයි. නමුත් ඔහු පැමිණෙන්නේ කෙලෙසකද?
ඔහුට කුරුමාණම් අල්ලන ගිජුලිහිණින් අතට ඔහු පත්වී ඇඩ්මන්ටයින් යදම් මත සිරව සිටී.. ඔහු අපිට අනුකම්පා කරන මිත්‍රත්වය දක්වන හදවත ගිජුලිහිනින් විසින් උලා කයි. අතුණුබහන් පවා උලා කයි. එහෙත් හෙට නැවතත් හදවත වඩවා ගන්නා මේ අසදෘෂ දෙවියා අප වෙනුවෙන් කඳුලු හෙළයි. එවන් හිත මිත්‍රයා පැමිණිය යුතු කාලය මෙය වග නාට්‍ය මුලදීම නාට්‍යකරු අපට හඟවයි.
නාට්‍යය තුළ කොළඹ ගැන දක්වන එක් වරකින් පමණක් මතකයට නැංවෙන අපූර්ව තෙපුල ගුවනට මුසු වෙන්නේ ඒ අවස්ථාවේය.
ඉතාම සරලව ඉතාම පැහැදිළිව පූරක මේ කියන කියුම අපගේ ආත්මය හා බද්ධ වෙයි. කොළඹ කොයිතරම් කුඩා වුණත් මුලු ලංකාවම ජීවත් වන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනය. සංස්කෘතිය , ආර්ථිකය යන සියල්ල තීරණය කරන්නේ කොළඹ ය. කොළඹින් පිට සිටින සියලු දෙනාගේ ජීවිතය තීරණය කරන්නේ කොළඹය. මේ කොළඹ නගරය තුළ රටක් තරම් දේ රටට සිදුවන වග ඔබ මා ඉදිරිපිට දකින සත්‍යයි. ඒ සත්‍යයය ප්‍රේම කතාවක් ලෙස අපි මෙතැන් සිට නරඹන්නෙමු.
දෙවනි කොටස බලාපොරොත්තු වන්න.

" කොළඹ , ලංකාවෙ කුඩාම දිස්ත්‍රික්කය තමයි කොළඹ . ඒත් ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුළේ . ඒ කියන්නෙ කොළඹ ලොකුයි ලංකාවට වඩා . ලංකාවෙ ඈතම ඈත ප්‍රත්‍යන්තෙ ඉන්න කෙනාත්, ජීවත් වෙන්නෙ කොළඹ . කොළඹ ජීවිතය අමාරු වුණත් , අමාරුවෙන් හරි කොළඹට වෙලා හිටියෙ නැත්තම් නිකං නෑ වගේ. "
ඉතාම සරලව ඉතාම පැහැදිළිව පූරක මේ කියන කියුම අපගේ ආත්මය හා බද්ධ වෙයි. කොළඹ කොයිතරම් කුඩා වුණත් මුලු ලංකාවම ජීවත් වන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනය. සංස්කෘතිය , ආර්ථිකය යන සියල්ල තීරණය කරන්නේ කොළඹ ය. කොළඹින් පිට සිටින සියලු දෙනාගේ ජීවිතය තීරණය කරන්නේ කොළඹය. මේ කොළඹ නගරය තුළ රටක් තරම් දේ රටට සිදුවන වග ඔබ මා ඉදිරිපිට දකින සත්‍යයි. ඒ සත්‍යයය ප්‍රේම කතාවක් ලෙස අපි මෙතැන් සිට නරඹන්නෙමු.
" නෝනාවරුනි මහත්වරුනි මේක ප්‍රේම කතාවක්. හැබැයි රෝමියෝ ජුලියට් වගේ රාමා සීතා වගේ , එහෙම නැත්නම් දම්මි සුගත් වගේ නිශ්චිත නම් දෙකක් මේකට යොදන්න බැහැ මේක පරපුරක ප්‍රේම කතාව නිසා ............... "
කොළඹ නගරයේ ජීවත් වන මිනිසුන්ගේ ප්‍රේමය විග්‍රහකිරීමට නිශ්චිත නමක් නාට්‍ය කරු යොදන්නේ නැත. එයට ඇති හේතුව, ඒ බොහෝවිට ඔබ හා මම විය හැකි නිසයි. මේ අවස්ථාවේ, රංගය තුළ සිටින නළු නිලියන් ද අපට හැඟෙන්නේ ඔහුගේ කතාවේ තවත් ප්‍රේක්ෂකයන් සමූහයක් ලෙසයි.
" ඊළඟ මොහොතෙ මම රඟපාන චරිතය මොකක්ද කියලා මටවත් කියන්න බෑ. මොකද ඒක තීරණය කරන්නෙ මම නොවන නිසා "
දැන් ඔවුන් රංගයකට සූදානම් වන බවත් මෙය සත්‍ය ලෝකයේදී සැබෑවක් වුවද, මේ වේදිකාව මේ ශාලාව තුළ රංගයක්ම පමණක් බවත් අපේ සිතට නැවත ඇතුළු වෙයි. සැබවින්ම පූරක ද චරිතයකට පණ පොවමින් සිටින වග ඔහුගේ මුවින්ම කියවේ. එම චරිතය ඔහු නොදනී. ඔහු නිවැරදිය අපේ සැබෑ ජීවිත තුළ අපි එක් එක් අවස්ථාවන් හී දී පණ පොවන චරිත මොනවාදැයි අපි දන්නෙමුද? නැත. රංගයේ ප්‍රබල ප්‍රහසනයක් දියත් වන්නේ ඉන් ඇතුරුවය.
කෙනෙක්ගෙ පොස්ට් වල ඒ කෙනා සජීවීව රැඳී ඉන්නවා මම හිතන හැටියට.අක්කිගෙ පෝස්ට් කියවනකොට මට මහා පරිණත දැනුමක් හිමි කෙනෙක් ලියනවා කියල දැනෙනවා..
ReplyDeleteජය!
පරිණත බව භාෂාව හා අත්දැකීම් එක්ක කෙනෙක්ට දැනෙන දෙයක් නංගි. මේ ලිපිය ලියන්න මට හුඟක් දේ කියා දුන්නෙ ෆර්ඩි සර්. ඒ කියන්නෙ මේ නාට්‍ය නිෂ්පාදකයා. එතුමාට ස්තූති විය යුතුයි.
ReplyDeleteමරු. මරේ මරු. තවත් ලියන්න.
ReplyDeleteස්තූතියි
Deleteකළම්බෝ කළම්බෝ උපරිමයි
ReplyDeleteඔව් ඔව්
Deleteකතාව නම් ටිකක් දිග වැඩියි වගේ
ReplyDeleteකොහොමහරි කියෙව්වා
ඒක හොඳයි. මම ඊළඟ ඒවා කෙට්යෙන් දමන්නම්කො
Deleteඅක්කට කියන්න අවුරුදු ගානකින් බලන්න බැරිඋනා වේදිකා නාටයක්
ReplyDeleteඅපොයි අපොයි.. එහෙම බෑ.. ඒවත් කරන්න එපැයි
Deleteහැමදාම බලන්න ඕන කියලා හිතාන ඉන්න නමුත් හැමදාම මග ඇරෙන වේදිකා නාට්ටියක්..... ඇත්තටම මේ වැඩ කන්දරාව හින්දා ජීවිතේ කොච්චර සුන්දර දේවල් අපිට මග ඇරෙනවද.....? ඇත්තටම මේ පෝස්ට් එක හින්දා නාට්ටිය බලන්න තියෙන මගේ කෑදරකම තවත් වැඩි වුනා...... මේ අවුරුද්දෙවත් කොහොම හරි බලනවා.............
ReplyDeleteඒක හොඳයි
Deletemata adambarai ..mage yaluwa mehema ekak liwwa eka gana ..pattaa. no waords to say .
ReplyDeleteස්තූතියි
Deleteඒත් මට තියන ගැටලුව මේවගෙ නාට්‍ය කොළඹින් පිට නොයෑම. ඈයි කොළඹින් පිට ඉන්න රස විඳින්නො ගැන කවුරුවත් නොහිතන්නෙ
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ඒක නම් හරි තමා..
Deleteඔබ හොඳට මේ නාට්‍ය ග්‍රහනය කරගෙන තියෙනව සාර්ථක විචාරයක් මට මතකයි ඔය නාට්‍යය රාජය නාට්‍ය උළෙලේ පෙන්නවන කොට හොඳටම වැස්සා ජොන්ද සිල්වා එකේ තියෙන තහඩු වලට වතුර වැටෙන මහ සද්දෙට දිගටම නාට්‍යය කරගෙන යන්ඩ බැරිඋනා ඉතින් වෙනදවසක තමයි ආපහු නාට්‍ය පෙන්නුවේ කොහොම උනත් ඉන්දිග ෆ්‍රනැන්ඩොගේ කොළම්බු කොළම්බු තමයි නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය උනේ.
ReplyDeleteමාත් ඉතා කැමති නට්‍යක් ජිවිත සටනේ දුවන මිනිසුන්ගේ උඩුහිත සහ යටිහිත අතර සංවාදයක් ගොඩනගමින් සිතිවිලිවලට වහල්වන මිනිසා සමාජය එක්ක ගැටෙන අයුරු මනාව විග්‍රහ කෙරෙන නාට්‍යයක්
ඉතිරියත් ඉක්කමනට දමන්නම්කො
Deleteහොඳ විචාරයක්. ඉතිරි ටික දානකන් බලන් ඉන්නවා. මොකද මේක මම එක පාරක් බලපු නාට්‍යක්. ආපහු බලන්න පුදුම ආසාවකින් ඉන්නෙ. ඒත් තවම බැරි උනා.. පෝස්ට් එකේ ඉතිරිය ඉක්මනට දාන්න අක්කේ.... ගොඩක් දේවල් දැනගත්තා මේකෙන්.
ReplyDeleteඉක්මනින්ම දමන්නම්!
Delete