මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/21/12

ආදරය යනු කුමක්ද?


ආදරය යනු කුමක්දැයි මම ඔබෙන් ඇසුවොත් ඔබ මට දෙන පිළිතුර කුමක් වේවිදැයි මම නොදනිමි. ආදරය සඳහා දිය හැකි නිශ්චිත නිර්වචනයක් හෝ පරිමාවක් ලෝක ධාතුවේ තවමත් සොයාගෙන නැත. එය වෛරය යන්නට විරුද්ධ වූ හැඟීමක් බව පමණක් පැහැදිළිය. මවක් දරුවාට ආදරය කරන හැඟීම ජීව විද්‍යාත්මක පැවැත්මේ ආරම්භයයි. පීතෘත්වය ගොඩ නැගෙන්නේද ඒ හා සමාන ආකාරයෙනි.

එවිට අපි මේ විරහ ගී පබඳින, ආදර ගී පබඳින, වැලන්ටයින් කාඩ් දෙන, කසාඳ බඳින , දික්කසාද වෙන ආදර කතා පැන නඟින්නේ කොතනින්ද?

මම සොයා ගත් කරුණු අනුව අපි කියන ආදරය නම් සොබාදහම විසින් වාර්ගික ප්‍රජනනය උදෙසා නිර්මාණය කළ ලිංගික කර්තව්‍යන් සඳහා ඓන්ද්‍රීයකව සත්වයන් පොළඹවා ගැනීමට කෙරෙන අන්‍යෝන්‍ය ආකර්ෂණයකි. මේ අනුව ගත් කළ ලොව ජීවත්වන සියලු සත්වයන් අතර ආකර්ෂණය පවතී. නමුත් අවශ්‍ය සිද්ධියෙන් අනතුරුව එම ආකර්ෂණය දිගුකාලීනව පවත්වා ගැනීමට තරම් මානසික ශක්තියක් සෙසු සත්වයින්ට නැති අතර, ඔවුන් ට එය ඉක්මනින් අමතක වෙයි. මතකය දිගු කාලීනව පවත්වා ගත හැකි බැවින් මිනිසා නැමති සත්වයා එය ඉදිරියට ගෙන යයි.

වැඩිදුරට පැහැදිළි කරනවා නම් බුදුරජාණන් වහන්සේ ට අනුව බුද්ධ භාෂිතයට ළඟාවිය හැකි එකම සත්වයා වූ හෙයින්ද, බයිබලයට අනුව උප්පත්ති කතාවේදී දෙවියන් වහන්සේ විසින් දේව ස්වරූපය දී මවන ලද්දා වූ සියල්ලේ භාරකාර අපූර්ව සත්වයා  වූ හෙයින්ද, අද දින විද්‍යාව නිර්මාණය කර එයින් තම වර්ගය පිළිබඳව කළ පරීක්ෂණ අනුව ලද්දා වූ නිගමන තුළින්ද, මානසික ශක්තියෙන් පිරිපුන්ම සත්වයා හෙවත්  මනසින් උසස් සත්වයා වන්නේ මිනිසාය.

දිගුකාලීනව මතකය පවත්වා ගැනීමට ඇති හැකියාව හා සාමූහික ජීවනය ට පුරුදු වීම තුළින් වෙනත් සත්වයින්ගේ ප්‍රධාන ම අංගය වූ ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවලිය මිනිසාට අනු අංග පමණක් විය. පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැකිය. පරිණාමය සත්‍යක් නම් එය සිදුවුනේ  හෝමෝ නියැන්ඩතාර් යුගයේ විය හැකියැයි අනුමාන කරමි..

අපි එකිනෙකාගේ ආත්මය විසින් ඉල්ලන දේ අනුව ආදරය වෙනස් වෙයි. මට වුවමනා ආදරය ඔබට වුවමනා නොවිය හැකිය. ඔබට වුවමනා ආදරය මට ගැළපෙන එකක් නොවිය හැකිය. දෙදෙනෙක් ආදරය කිරීමට පටන් ගන්නේ එකිනෙකාගේ ආත්මයට වුවමනා කරන පරාසය දැනගෙන ද යන්න පැහැදිළි නැත. බාහිර ආකර්ෂණය නිසා ආදරය යන වචනය ආරම්භ වන නමුත් එයි වුවමනා රා පවතින්නේ අධ්‍යාත්මික වටිනාකම් ඉල්ලන පරාසය මතය. කුමන පාර්ශවයක් වුවද ඉල්ලුමට සැපයුම් ලබාදීම අඩපණ කළහොත් ද්වන්ධ ක්‍රියාවලිය බිඳ වැටෙයි. යාන්ත්‍රිකව නොව හැඟීම් අනුසාරයෙන් වන දෙයක් හෙයින් මෙය යළි ස්ථාපනය කිරීමට ගත වන කාලය කෙනෙකුට නිර්ණය කළ නොහැක. එයට මුළු මහත් ජීවිත කාලයම සහ තත්පරයකටත් වඩා අඩු කාලයක් දක්වා විහිදෙන කාල රේඛාවකි.

ආදරය අවසන් වන තැන ක්ෂණකයිකින් වෛරය ආරම්භ වෙන අතර ලොව පුරා ආදරයට වඩා එය විසිරී ඇති බව පමණක් මතකයේ තබා ගැනීම වැදගත්ය...

  


කෙසේ නමුත් ආදරය පුදුමාකාරය. එය නොපෙනෙන දෙවියන්ගෙන් ලැබුණු මානසික තිළිණයක් විය හැකිය.එය ඉතා ප්‍රිය ජනක බව ඔබ දන්නවා ඇත. ආදරය සාහිත්‍යට හේතු භූත වූයේ..නාට්‍යකරණයට  ලක්වූයේ සියවස් ගණනකට එපිට සිටය.

22 comments:

  1. ආදරය = ප්‍රේමය + රාගය

    ඕකට තමා ආදරය කියලා කියන්නේ.හික්ස් :)

    මට හිතෙන විදිහත් මම් කියන්නම්.
    අර නන්දා මාලනිය කියනවා වගේ ප්‍රේමය අචින්තයි... මොකද ඒක රාගයෙන් තොර නිසා. සහෝදර ප්‍රේමය, මාතෲක පේමය වගේ ඒවා ප්‍රේමයට හොදම උදාහරණ. මේවා ඇතුලේ රාගය කියන කාමුක හැඟීම නෑ..

    නමුත් ආදරය කියන්නේ ප්‍රේමයට රාගය කියන හැඟීම එකතු උනාම කියලයි මට නම් හිතෙන්නේ. හොදම උදාහරණේ තමා තරුණ වයසේ ගෑල්ල්ලමයෙක් හා පිරිමි කෙනෙක් එක්ක ඇති වන ආදරය. මේ ආදරය ඇතුලේ රාගය අඩු වැඩි වශයෙන් තියෙනවා.

    සමහර ආදරයන් තුල රාගය අඩුයි ප්‍රේමය තමයි ගොඩක් තියෙන්නේ. සමහර ඒවා වල පේමයට වඩා රාගය තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි මම එක වෙලා.

      ඔන්න මට හිතුන විදිහ. වැරදි නම් නිවැරදි කරන්ඩ !

      Delete
  2. අනේ මන්දා :) අවංක ආදරයක් ඇතුලේ රාගය කියන දේ ටිකක් යටපත් වෙනවා කියලයි මටනම් හිතෙන්නේ . අදමයි ආවේ ජය !!!

    ReplyDelete
  3. එර්ර්ර්ර්ර්ර්ර්........ආදරය.. :/

    ReplyDelete
  4. ආදරය ගැන මගේ අදහස සම්පුර්ණ වෙනස් :).......

    ReplyDelete
  5. ආදරය යනු වෛරයේ ප්‍රතිවිරුද්ධ හැඟීමක් බව නොසිතමි. ආදරය වෛරයේ පැතිකඩකි. වෛරය ආදරයේ පැතිකඩකි. කාශ්ටක පොළොවට සීතල අහසේ සිට වැස්ස වැටෙන්නේ ආදරය රැගෙනය. වැටෙන වැහිබිඳු කාශ්ටක වූ පොළොවක් උරා ගන්නේ වැහි බිඳුවට ඇති වෛරී හැඟීමෙන් නොව වැහි බිඳුවට ඇති ආදරණීය හැඟීම නිසාය. පොලෝ තලයේ දූවිලි අංශූවක් පාසා උරාගන්නා එම වැහි බිඳු පොළොව වෙතින් අහසට පාන සෙනෙහස රැගෙන ඉහළට මතුවෙයි. ඒ බිම්මල් නමිනි.

    කාවින්ද දුනුවිල

    ReplyDelete
  6. සැබෑ ආදරය ආත්මාර්තයෙන් තොරයි කියා මට හිතෙන්නේ නංගො.තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නවා දකින්න ඒ කෙනාගේ සතුට වෙනුවෙන් වැඩකරන්න පුලුවන්නම්.......

    ReplyDelete
  7. ආදරය කියන්නේ පරිත්‍යාගයට..

    ReplyDelete
  8. ආදරය හරි අමුතු දෙයක්. ඒත් මගේ හැඟීම මිත්‍රත්වයක් දුරදිග යෑම ආදරය කියලයි.
    - කSUN

    ReplyDelete
  9. ආදරය, එය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ මටනම්, මොනා උනත් ලස්සන ලිපියක්.
    (හැබැයි ආදරය අවසන් වන තැන ක්ෂණකයිකින් වෛරය ආරම්භ වෙන එකට නම් මම එකඟ නැහැ, මොකද ආදරයත් නැති වෛරයත් නැති අවස්ථාවක් තියෙන්න පුළුවන් නිසා)

    ReplyDelete
  10. රාගය කියන්නේ කාම සිතුවිලිම ෙනෙමයි........ආදරය,රාගයෙන් ෙවනස් ෙවන්ෙන ආදරය කියන්නෙ හිමිකර ගැනීම ම ෙනෙමයි````````````

    ReplyDelete
  11. ආදරය අවසන් වන තැන ක්ෂණකයිකින් වෛරය ආරම්භ වෙන අතර ලොව පුරා ආදරයට වඩා එය විසිරී ඇත.

    ReplyDelete
  12. ආදරය කියන්නේ ලෝකයේ තියන හැම හැඟීමකම මූල බීජයක එකතුවක්. ඉතින් මූල බීජයක් කියන්නේ එතනින් එහාට එ්ක කඩලා වෙන් කරන්න බැරි නිර්වචන ඉදිරිපත් කරන්න බැරි දෙයක්නේ. ඒ වගේ එකතුවක අවසන් ප්‍රතිඵලය ආදරයනම් ඒකට නිර්වචන කොහොම දෙන්නද. දුක, සතුට, ලබාගැනීම, පරිත්‍යාගය, රාගය, ප්‍රේමය, ගෞරවය, භක්තිය, අනුකම්පාව, තරහව, වගේ හැමදේකම.

    ReplyDelete
  13. ආදරය කියන්නේ ලෝකයේ තියන හැම හැඟීමකම මූල බීජයක එකතුවක්. ඉතින් මූල බීජයක් කියන්නේ එතනින් එහාට එ්ක කඩලා වෙන් කරන්න බැරි නිර්වචන ඉදිරිපත් කරන්න බැරි දෙයක්නේ. ඒ වගේ එකතුවක අවසන් ප්‍රතිඵලය ආදරයනම් ඒකට නිර්වචන කොහොම දෙන්නද. දුක, සතුට, ලබාගැනීම, පරිත්‍යාගය, රාගය, ප්‍රේමය, ගෞරවය, භක්තිය, අනුකම්පාව, තරහව, වගේ හැමදේකම.

    ReplyDelete
  14. ආදරය යනු






    ආදරය යනු පරිත්‍යාගයකැයි කියනු ලැබේ…
    ආදරය යනු මතු පිටින් නොව හදේ ගැඹුරුම තැනින් අතු වී ලේ මස් නහර ඇට මිදුලු වල ලෙයින් කකියන වෙදනාවයි
    ආදරේ කියන්නෙ සිතට ඇතිවන හැගීමක් විතරයි.
    ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි
    ආදරය යනු අහිමි දෙයක් ලබා ගැනිම
    ආදරය යනු ආත්මාර්තකාමි හැගිමක්
    ආදරේ කියන්නේ මැරෙනකම් එකට ජීවත් වීම
    ආදරේ වෙනුවෙන් ජීවිත් වීම තමයි මම නම් ආදරේ
    ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි
    අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි,
    ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක්
    ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි.
    ස්ත්‍රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන අසාමාන්‍ය තත්වයකි.
    ආදරය යනු කියවා නිම කළ නොහැකි ලස්සන පොතකි
    දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල් ව්‍යාපාරයකි
    ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ
    ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්
    ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයක්
    ලිංගික ආකර්ෂණයට අපි පාවිච්චි කරන නම තමයි ආදරය කියන එක.. ආදරය ලිංගික ආකර්ශනයක්ම විතරයි...
    සසල සිත මුකුළු කරවන ආදරය යනු මෘදු මද පවනකි
    ආදරය කියන්නේ ලැබෙනකන් බලා ඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
    ආදරය වූ කලී මමත්වය මුළුමනින් ම නැති තැන ඇති වන අවබෝධයකි. - එනම්, මගේ ආත්මය, මගේ දියුණුවට ඇති ආසාව, මගේ තණ්හාව යනාදි වශයෙන් පවතින මමත්වයෙහි සම්පූර්ණ බැහැරවීම ය.
    ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි උපන් අනුරාගය යි. මේවායින් කැපකිරීම යනු සබඳතාව සදාකාලික වේය යන බලාපොරොත්තුව තුළින් උපදින්නකි.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.