මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/10/12

සිනා මල් ගොඩක්



අපේ අල්ලපු ගෙදර ඉන්න නංගියා හරිම ලස්සනයි. දඟකාරයි. ඒ නිසාම ඇගේ අම්මා ඇය එක්ක හැමතැනම යනවා. ඒ දුවගෙ ආරක්ෂාවට. කොට ගවුම් අඳින්න හුඟක් ආසා කළත් ඇගේ අම්මා ඇයට අඳින්න කියන්නෙම කුර්තා ඇඳුම්. මේ ළඟදි ඇයට ඉන්ටර්නෙට් ඕනෙ වෙලා. පවුලෙ එකම ළමයා නිසා ඒ අම්මාටත් බය ඇති. ඒ අම්මා මගෙන් ඇහුවා, දුවට ඉන්ටර්නෙට් ගන්න එක හොඳඳ කියලා. ඒ නංගිගෙ ඕනෙම දෙයක් මම මගේ අන්තර්ජාල පහසුකම් වලින් ඉටු කරගන්න දෙනවා. එයාට අවශ්‍ය හුඟක් දේ හොයා දෙන්නෙත් මම. ඉතින් හදිස්සියෙම ඉස්කෝලෙ යන මේ දරුවට තියෙන අන්තර්ජාල අවශ්‍යතාව මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ. ඒ නංගිගෙ ලොකු අම්මාගෙ ගෙදර ඉන්ටර්නෙට් තියෙන නිසා, යූ ටියුබ් එකෙන් සින්දු හොයන්නයි.. ඇත්තටම එයාට ඉන්ටර්නෙට් ඕනෙ කියලා මම දැනගත්තා.

රසවින්දනය කියන්නෙ අනර්ඝ දෙයක්, ඒත් එන එන සැරේට මගේ වත්පොතටත් එබෙන මේ පුංචි පැටික්කි, තමන්ට ඉන්ටර්නෙට් ආපු ගමන් වත්පොත් ගිණුමක් හදාගෙන එයට ඇබ්බැහි වුණොත්, තව අවුරුදු කිහිපයක් ඉස්සරහට තියෙන පාසල් ජීවිතේ තද අපරාධයකට මුහුණ දෙනවා කියලා මට හිතුණා. අන්තර්ජාලය ගැන කිසිවක් නොදන්න ඇය පරිගණකින් හරියට වැඩක් ගන්නවත් නොදැන මේ දේවල් වලට ඇබ්බැහි වෙයි කියලා බයක් ඇගේ අම්මාටත් තියෙනවා. දුවගෙ කරදරය නිසාම වෙන්න ඇති ඇය මගෙනුත් ඇහුවෙ.

ඇයට තනියම එන්න යන්න හරිම ආසයිලු. ඒත් ඇගේ අම්මා ඒක ඉටු කරන්න මඳක් බයයි. තවම නොමේරු ඇයට මේ වනවිටත් මඟුල් ගෙවල් වලින්, පාර්ටි වලින් දැකපු ලොකු මිනිසුන්ගෙ පුතාලාගෙන් මගුල් යෝජනා කිහිපක් ඇවිල්ලා. ඒත් ඇගෙ මව හිතන්නෙ, ඇය තව පරිණත වනතුරු එවන් යමක් අනවශ්‍යයි කියලා.

සිංදු කියන්න හරි අපූරුවට දක්ෂ මේ නංගිව හැම තරඟයකටම ඇගේ අම්මා යොමු කරනවා. නමුත් රියැලිටි තරඟ වලින් හැර. ඒ තරඟ වලදි ගැහැණු ළමයින්ට යම් යම් ගැටලු සිදුවී ඇති බව ඇයට දැන ගන්න ලැබිලා. මේ නිසාම ඒ අම්මා ඇයගෙ ආරක්ෂාව ගැන හිතන්න ඇති. නුදුරු අනාගතයේදි මේ අම්මාට දුවට තව බොහෝ දේ කියා දෙන්න වේවි. ඒ අම්මාට විතරක් නෙවෙයි. හැම අම්මාට ම එහෙමයි. මම මේ ගත්ත එක උදාහරණයක් විතරයි.

අද මේ සමාජ යන්ත්‍රය ඇතුළෙ ගැබකින් ස්ත්‍රී කලලයක් බිළඳියක් ලෙස එළියට දමන වේදනාවට වඩා වැඩි වෙහෙසක් ඇයව හදන්න ඇගේ මවට දරන්න වෙනවා. මම හිතනවා පුතෙක් හදනවාට වඩා අමාරුයි දුවෙක් හදන්න. එහෙම අමාරු වෙන්නෙ සංස්කෘතිය සහ සදාචාරය බල්ලාට නොදාන අම්මා කෙනෙක්ට විතරයි. නැත්තම් දුවත් තවත් එක ගැහැණු සතෙක්.


මේ ගීයෙන් අපූරුවට මේ මොහොතේ මගේ හදවත විග්‍රහ වෙනවා.

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලාගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නැහැ දූ දන්නේ

අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ
ගැයෙනා මුතු කැට පද වැල් සීරෙන විට කඳුලු ගලයි
ඒ ගී උල්පත් ගැන නැහැ මගෙ දූ දන්නේ..


බස් රේඩ්යෝ සින්ඩියේ බ්ලොග් සතිය උදෙසා



14 comments:

  1. කාලෙකින් සිංදුව ඇහැව්වෙ..
    තැන්කූ මැණික

    ReplyDelete
  2. සහතික ඇත්ත අක්කේ. සියයට සියයක් ම එකඟයි! මට මතක් වුණේ අතුල අධිකාරිගේ "විසිරුණු මල් පෙති" ගීතය!
    ජය වේවා!!

    ReplyDelete
  3. ඇත්තටම මම ලඟදි බ්ලොග් ලියන්න වගේම කියවන්න පටන් ගත්තෙත්..අක්කා ලියන පොස්ට් ඇත්තටම මොකක් හරි පණිවිඩයක් ලෝකෙට ගේන බවක් දැනුනා..

    මේ නංගි නම් ඇත්තටම ගොඩක් වාසනාවන්තයි..එහෙම අම්මලා තමන්ගෙ දරුවො ගැන බලන එක කොයිතරම් වටිනවද..

    කොහොම උනත් මම නම් කියන්නෙ 13 වසරෙන් පස්සෙ අන්තර්ජාලයට එන එක ඔක්කොටම වඩා හොඳයි..එතකොට යම්තාක් දුරට කඩයිම් පැනලා නිසා ශේප්..

    ReplyDelete
  4. මමත් ඒ අම්මාට හොරෙන් පොඩි එකී මට උඩ ගෙදර ඉඳන් ඔරෝනවා.. ඔන්න අක්කලාට වෙන වැඩ නගේ :D

    ReplyDelete
  5. මම මේ සිංදුව අහලා නෑනේ. අහන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. හෑ....... මම හිතුවෙ මේක හැමෝම දන්න එකක් කියලා

      Delete
  6. කතාව ඇත්ත අක්කේ..
    බුකියට සෙට් උනොත්නං ඉතිං දෙයියංගෙම පිහිටයි..

    ReplyDelete
  7. රසවිදින්න පුළුවන් අපුරු ගීතයක්..

    ReplyDelete
  8. හොඳ තීරණයක් අක්කෙ.හැබැයි මෙහෙම එකකුත් තියෙනව.ඒ දැරිවිගෙන් ඔය හංගන්න හදන වගේ දේවල් ඕනවට වඩා හංගනව කියන්නෙ ඒ දැරිවි ව තවදුරටත් ඒව ගැන හොයන්න යොමු කිරීමක් නෙවේ ද කියන ප්‍රශ්නෙ තියෙනව මට.එහෙමෙයි කියල දෙන්න කියනව නෙවේ.නමුත් යම්තාක් දුරකට යම්කිසි වයසකදි එන හැඟීම් මත මොන වගේ දේවල් වෙනවද කියන එකත් ප්‍රශ්නයක්.කොහොම උනත් ඒ අම්ම නම් ගොඩක් හොඳයි.මොකද පළවෙනි දේ කෙල්ලෙක්ට මොනව හරි උනොත් ඒ කෙල්ලගෙ ජීවිතේම ඉවරයි.කොල්ලෙක් වගෙ නෙවේ නෙ.අනිත් දේ,මම දකින තරමින් ඇහ්තර ආදරේ කරන කොල්ලෙක් කැමැති වෙන්නෙ ඇඟ පෙන්නන කෙල්ලෙක්ට ආදරේ කරන්න,බඳින්න නෙවේ.චාම්,නිහතමානී,ඇඟ වහෙන්න ඇඳුම් අඳ කෙල්ලෙක්ට.කොහොම වුනත් බුකියට එහෙම ඇබ්බැහි වෙනවට වඩා,ඉන්ටර්නෙට් නොදුන්න එක හොඳයි.

    ReplyDelete
  9. අනිවා...නංගිලා මල්ලිලා කාට වුනත් අධ්‍යාපනය ඉවර කරලා අන්තර්ජාලයට එන්න පුලුවන්නම් ගොඩක් හොදයි...දැන් ඉන්ටර්නෙට් වලින් ගන්න පුළුවන් දේට වඩා අනවශ්‍ය දේවල් වැඩියි... දෙමව්පියෝ තමන්ගේ දරුවන් ගැන හොයල බලන එක අපේ වාසනාවක්...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.