මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/19/12

විරාමය


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අද පවත්වා මේ දැන් නිම වූ විරාමය ප්‍රසංගය වෙනුවෙන් එහි සිසුවියක්ව සිටි මම විසින් විශ්ව විද්‍යාලයේ බිත්ති සැරසීම සඳහා ලියන ලද්දෙමි.

ආදරණීය නංගියෙ මල්ලියෙ,

උඹලා දන්නවාද?
තොරතුරු තාක්ෂණය, කළමණාකරණය, සන්නිවේදනය වගේ
මහ බර වචන ඉස්සර කරගෙන
අපි හැමෝම දුවන්නෙ
එකම පාරක විත්තිය..
ඒ පාරෙ කොයිතරම්
කටු අකුල් තියෙන්න ඇතිද අපි පැටලුණු
ඒ පාරෙ අතරමග
කොයිතරම් වල ගොඩැලි
තියෙන්න ඇතිද අපි වැටුණු
පුංචි මල් පඳුරු කප්පරක් ඇති නේද?
අපෙ පයට පෑගි පෑගි මගහැරුණු
ඔබ කියාවි... ජීවිතය එයම වග....
අපි දිණුම් කණුවට යන්නට බොහෝ දේ කැප කළ යුතු බව
මේ කතා කරන අකුරු දිහා බලන්න!
ඔබ ඔබගෙ හෘද සාක්ෂියට එකඟද?
අපිට නුඹේ ඇස්දෙක පෙනෙනවා නංගියෙ
අපිට නුඹේ හදවත දැනෙනවා මල්ලියෙ
ඉලක්කම්, යන්ත්‍ර, අතර පැටලි පැටලි හිරවුණු
ඔය පපුව ඇතුළත
ඇවිලෙන ගින්දර  උණුහුම
පිපෙන මල් සුවඳ
අපිට නොදැනෙනවා නම් ....
අපි මිනිස්සු ද?
කුණුකෙල පිටිං ෆේස් බුක් ගිහිං ස්ටේටස් අප්ඩේට් කරන අපි
උදේ තේ බොන්නෙ මේල් චෙක් කර කර
පරණ නෝට්ස් එහෙම්මම තියෙද්දි
ඊයෙත් හෝදන්න බැරි වෙච්ච ඩෙනිම ඇඳගෙන
බෝඩිමේ ඉඳන් අපි එනවා... හෝල් එකට යනවා
ලෙක්චර් අහනවා ..............ආයෙ යනවා...
ජීවිතය කියන්නෙ මෙය නම්
අපේ ආත්මය වියපත් වන දවසක
අපෙන් කෑ ගහලා අහාවී
කෝ නුඹේ තාරුණ්‍යය ?
අපිටත් දැනෙන හදවත් තිබුණ විත්තිය
අනාගතයේ දවසක මතක තියා ගනිල්ලා
හුලං කපොල්ලෙ දි අපි මවපු හීන
මඳ පවනෙ එතිලා අනන්තෙට නොගොහින්
කොන්ක්‍රීට් දාර මැද තනිවුණා...
තෙල් බැම්මෙ ඉඳගෙන කවට කම් කෙරුවත්
නොහැඟවු ආදරේ ටයිල් කැට මැද්දෙන්
බේරිලා කාණුවට වැටුණා...
පර්චස් එකේ අස්සේ පුරද්දි සවුදිය වීදුරු
දිලෙන සඳ දකිමින් නුඹ නමින් ගෙතු කවියක්
නෝට් කොළ අස්සේ තිබුණා..
දූපතෙන් දූපතට පිරෙන කෙළි සිනා වැල්
විභාගය දවස් වල සැපතිල්ලා ගහ යට
කුප්පියා වත්තෙදි හිරවුණා..
හීන රැළි හැමදාම පියවි වෙරළේ වැදී
අපි ඉස්සරහ බිඳි විසිරුණා....
හැමදාම එක වගේ
මුකුත් වෙන්නෙ නැති ජීවිතයට
හිතන්න දකින්න අහන්න ඉඩ දෙන්න
හැල්මෙ දුවන පාරෙන් අයින් වෙලා මොහොතක් නවතින්න

ඉඩතියන් හැන්දෑව එන ඇසළ දහනමය
හැරගන්න හද හැඟුම් සිර කරන කරාමය
ගීතයක් පියවිල්ලෙ අතුරනා සුයාමය
විඳගන්න පිවිතුරුව මේ නැවුම් විරාමය..........

11 comments:

  1. හරිම ලස්සනයි මැණික

    ReplyDelete
  2. හරිම ලස්සනයි අක්කි.. :)

    ReplyDelete
  3. මට එන්න බැරිඋනා...

    ReplyDelete
    Replies
    1. ඔයා ස්ලිටෙක් නම් කරලා තියෙන්නෙ වස වරදක්

      Delete
  4. මමත් ආවා නෙරංජි අක්කිගෙ ඉර ඇහැරෙන ඉසව්වෙ ඇවිදින්න..ලස්සනයි අක්කි..

    ReplyDelete
  5. දැන් ඩිස්නි ලනතෙනුත් කස්ටිය එනවා... මරු

    ReplyDelete
  6. "උඹලා දන්නවාද?
    තොරතුරු තාක්ෂණය, කළමණාකරණය, සන්නිවේදනය වගේ
    මහ බර වචන ඉස්සර කරගෙන
    අපි හැමෝම දුවන්නෙ
    එකම පාරක විත්තිය.. "

    මේ අපි ගැනද කියන්නේ ඈ ......අපි ගැන වෙන්න ඕන

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.