මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/11/12

සිනමා ශාලා සහ ද්විත්ව රසවින්දනය



මේ කතාව ඔබට කිව යුතුමයි කියලා මට හිතුණා. මම විජය කුවේණි චිත්‍රපටය බැලුවා. සිනමා ශාලාවෙ නම නොකියා ඉන්නම්. ඇත්තටම මම මේක අවස්ථාව කරගන්නෙ නෑ ඒ චිත්‍රපටය ගැන මුකුත් කියන්න. ඒ චිත්‍රපටිය ගැන මගෙ හැඟීම විජය රජ්ජුරුවන් ඉංග්‍රීසි දන්න කෙනෙක් කියන එක ඒ කාලෙත් මස්ලින් කියන රෙදි වර්ගයට සෑහෙන තැනක් ලැබුණා කියන එක වගේ සුලු දේවල්. ඒ චිත්‍රපටය නිසා ඉතිහාසය ට හෝ කලාවට මහ ලොකු ප්‍රගමනයක් වෙයි කියලා හිතන්න බැරි වුණත්...සංගීතය නම් හොඳට තිබ්බා. හරි ඒ චිත්‍රපටිය චුට්ටක් පැත්තක තියෙලා මම හැරෙන්නෙ ප්‍රේක්ෂකාගාරය දෙසට

සිනමා ප්‍රේක්ෂකාගාරයක් කොටස් හතරයි. ගැලරිය, ඕඩීසී, බැල්කනි, බොක්ස්. හැම සිනමා ශාලාවකම මුදල් අය කෙරෙන්නෙත් මේ ඉහත පිළිවෙළට තමයි. දැන් කවුරුත් ගැලරියට යන්නෙ නැහැ. පවුල් පිටින් එන හැම කෙනෙක්ම ඕඩීසී යනවා. හැබැයි ජෝඩු හුඟක් බැල්කනි වගේම, බොක්ස් යනවා. බැල්කනි වලට වඩා කෙල්ලො කොල්ලො අතර ජනප්‍රිය බොක්ස්. මේ කතාව ඔබට කියන මම ඒ මොහොතෙ හිටියෙ ඕඩීසී ඒකේ, තනිවම නෙවී. අම්මා අප්පච්චි සහ මාමාගෙ දුව එක්ක. මේ කතාව ඔබට කියන්නෙ ඔබේ ආරක්ෂාවට වුණත් .

පිටිපස්සෙන් විශාල සද්දයක් ඇහුණා. ඒ මිනිහෙක්ගෙ කෑ ගැහීමක්. මමත් මුලු ප්‍රේක්ෂකාගාරයමත් පිටිපස්ස බැලුවෙ එකම මොහොතක වෙන්න ඇති. ඒ වෙනකොට සිනමාපටය පටන් ගන්න විනාඩි දෙක තුනක කාලයක් තිබ්බෙ. අපට ඉදිරියෙන් ආහාර වගයක් විකුණමින් සිටි මහලු තැනැත්තා, බිම වැටී ඇති තම ආහාර පැකට් ගැනවත් සැලකිලිමත් නොවී, දන්නා නොදන්නා බොහෝ පරුෂ වචන වලින් පෙට්ටියක් ඇතුළෙ සිටි අයෙකුට බණිමින් සිටියා. අන්තිමට තවත් දෙදෙනෙක් ප්‍රේක්ෂකාගාරය තුළට ඇවිත් , පෙටිටියක් ඇතුළෙන් එක මිනිහෙක්ව ඇදගෙන එළියට ගෙනාවා.

ඒ මිනිහා අතේ අඩුමතරමෙ ප්‍රවේශ පතවත් තිබුණෙ නැහැ. ඔහු සිනමා ශාලාවෙම කෙනෙකුගෙ සහයෙන් නොමිලේම මේ පෙට්ටියක් ඇතුළට රිංගා තිබෙන වග පසුව මහ හඬින් කල ප්‍රකාශ වලින් හා මිනිසුන්ගෙ කසුකුසුවෙන් තේරුණා.

ඇත්තටම මේ මනුස්සයා කරපු වරද ප්‍රවේශ පතක් නැතිව සිනමා පටයක් බලන්න ආපු එක ද කියලා ඔබ හිතනවා ඇති. නැහැ ඔහු ආවෙ සිනමා පටයක් රස විඳින්න නෙවෙයි. සිනමාපටය නරඹන්න බොක්ස් ඇතුළට යන ජෝඩ් කරන ක්‍රියාකාරකම් රස විඳින්න. කෑම විකුණන වයසක අංකල්  එතනින් යද්දි එයාට සර බරස් ගාලා සද්දයක් ඇහිලා. එයා මොකද්ද ඒ කියලා එබිලා බලන කොට උල් ඇණයකින් අර මනුස්සයා ලී බොක්ස් බිත්තියෙ සිදුරක් හදනවා. තමන්ගෙ ඇහැ දාන්න පුලුවන් මටිටමට පුංචි සිදුරක් යහමින් ආලෝකය තියෙන වෙලාවෙ තනා ගන්න එයාට ඔනෙ වෙලා.

ඊටත් වඩා ලස්සන කාරිය ඒක නෙවෙයි. එතන පරීක්ෂා කරලා බලනකොට, ඒ වගේ සිදුරු බොහෝමයක් හමු වෙලා තියෙනවා. මේ මනුස්සයා හදලා තියෙන්නෙ තිබුණු පුංචි සිදුරක් තව ටිකක් විශාල කරගෙන පහසුවෙන් බලන්න.

ඉතින් යාලුවෙ, මම දන්නවා ප්‍රේම කරන්න රටේ තොටේ තියෙන නිදහස අඩු කම නිසා හමුවෙන සුන්දරම අඳුරුම තැනක් විදියට ඔබ මේ සිනමාශාලාවෙ බොක්ස් තෝරගන්නවා ඇති. සිනමා පටිය හොඳටම දර්ශනය වන්නෙ බොක්ස් එකට කියලත් සිනමාව ගැන සරසවියෙදි උගන්වන අපේ ආචාර්යවරු කියලා තියෙනවා.  ඒත් සිනමා ශාලාවෙ බොක්ස් එකක් ඇතුළට තරුණ ජෝඩුවක් යන්නෙ ඇත්තටම චිත්‍රපටය බලන්න නෙවෙයි. ඔබ චිත්‍රපටය බලන්න යනවා නම් කර්ණාකරලා ඕඩීසී හෝ අත්‍යාවශ්‍ය නම් බැල්කනි යන්න. ඔබ ඔබේ පෙම්වතියගේ ගෞරවය ආරක්ෂා කරන පෙම්වතෙක් නම් කවදාවත් ඇයව බොක්ස් එකක් තුළට ගෙනියන්න එපා. විවාහ වුණ පසුවත් එපා. ඔය දෙන්නාගෙ වැඩ අනෙක් අය දකින්න ඕනෙ නෑ.. එහෙම නේද? එහෙම හිතලා බොක්ස් එකක ට ගියත්, දැන් එයත් හරිම අනාරක්ෂිතයි.

දැන් ඔබ කියාවි මේ මොකද්ද? එක සිද්ධියකට බය වෙන්නෙ ඇයි කියලා. ඒත් ඊළඟ සිද්ධිය, ඒ කිව්වෙ දෙවනි එක සිද්ධ වෙන්නෙ ඔබට නම් අතර මැද සිද්ධියක් නොවෙන්න පුලුවන්. තිරණය ඔබ ළඟ . හැකිතරම් කල්පනාකාරී වන්න. ඔය සිදුරට ඇසක් තිබ්බොත් බලන කෙනා රසවිඳලා යන්න යයි. ඒත් ඔය සිදුරට පුංචි කැම්රෙකෝඩරයක් තිබ්බොත් ඔබලා තව බොහෝ අයගේ නළු නිලියො වෙයි. ඒ දැනුවත්ව නෙවෙයි. ඒත්? ටිකක් හිතලා බලන්න.

-----
මෙවර යෞවන සම්මාන උළෙලට මම කෙටිකතාවක් ඉදිරිපත් කළා. බලමු  ජය ගන්න වසනාව තියෙයිද කියලා!

බස් රේඩියෝ විසින් පවත්වන බ්ලොග් සතිය උදෙසා


53 comments:

  1. අපටත් ඉස්සරහට ගොඩාක් වටින ප්‍රවෘත්තියක්.මේ ගන දැනුවත් කරන්න ලිපියක් ලිව්වට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිසඳ මලයා ද කොහෙද?

      Delete
    2. ද කොහෙද කිව්වෙ අක්කෙ?

      Delete
    3. හරි හරි මල්ලි තමා

      Delete
  2. බොක්ස් එකක් තුල උනත් විනීතව හැසිරෙනවා නම් ප්‍රශ්ණයක් නෑ! බලන්න ඉන්න එකා බලන්න දෙයක් නැහැ කියලා තේරුම් ගත්තම දමලා ගහල යන්න යාවි! හැබැයි අද දෙන්නෙක් බොක්ස් එකක් තුලට යනකොටම කට්ටිය ඒ දෙන්නා ගැන තීරණයක් අරං ඉවරයි යන්නේ අහවල් වැඩේට තමයි කියලා! ඒ තරම් මිනිස්සුන්ගේ සිත් දූෂනය වෙලා! ඒකට ඕවට යන අයත් වග කියන්න ඕන බවත් ඇත්ත!ඒත යන හැම කෙනාම එහෙම නෙවෙයි කියන එකත් ඇත්ත!

    ReplyDelete
    Replies
    1. ඔයා නම් හරියට හරි සාබිත්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. E,D box දෙකෙන් එකක් තෝර ගත්තා නම් හරිනෙ ;)

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි මල්ලි.. දැන් කකුල කෝමද?

      Delete
  4. තව දෙයක්.. දැන් ඔහොම කියලා ප්‍රසිද්දියෙ සිප ගැනිමක් කලොත් ?
    ඊට වඩා ලැජ්ජාවක්නෙ.. එහෙව් එකෙ පොඩ්ඩක් දැනෙන්න තුරුල් වෙන්න/සිප ගන්න තියෙන තැන විදියට මං නම් දකින්නෙ BOX එක.. ඒකට නොගිහින් rooms ගානෙ යන්න බැහැනෙ ? Rooms එකකට ගිහින් නිකන් එන්න වෙන්නෙත් නැනෙ.. ගියොත් ඒක ඇතුලෙ කැමරා තිබ්බොත් ? පොලිසියෙන් අවොත් ?
    ඕවට මූලිකවම වගකියන්න ඔනේ චිත්‍රපටි පෙන්නන උන්.. කිසිම ආරක්ශාවක් නැහැ.. මනුස්සයෙක් ඔහොම හොරාට රිංගනවා නම්.. සතෙක් සර්පයෙක් උනත් රිංගයිනෙ ?
    ඒ වගේමයි ඔහොම කරන උන්..
    උංව අල්ලලා උංගෙ රූප ටික ටිවි එකට දුන්නා නම් ? මතක හිටින දඩුවමක් නෙවෙද ඒක ?
    ඔය දවසේ වැරැද්ද එහෙම පෙන්නන උන්ගෙ ෆිල්ම් හොල් රට පුරාම තියෙනවානෙ.. ඇයි උන්ට බැරි ඕවා කරන්න ? පෙම්වතුන්ට වෙන හීරිහැර අඩු කරන්න ඇයි මාද්‍යයෙන් සහයක් නැත්තෙ ?

    ReplyDelete
    Replies
    1. බනියට සෑහෙන්න අත්දැකීම තියෙන පාටයි :)

      Delete
    2. පුදුම කේන්තියකින් ලියලා තියෙන්න

      Delete
  5. හ්ම්..බොක්ස් කතාවක් ..!!!
    මොනා උනත් ඇත්ත කතාව..
    කොහොමත් ඒ වගේ තැනකට යන කට්ටිය යන්නේ ‍ෆිල්ම් එක බලන්න නං නෙවේ කියල ඕන කෙනෙක්ට තේරෙනවනේ..
    ඒත් බොක්ස් සංස්කෘතිය හින්ද තමා තාම අපේ සිනමා හල් ටික ඔය විදියටවත් දුවන්නේ..මොකද මොන අප්පිරිය හිතෙන ‍ෆිල්ම් එක පෙන්නුවත් බොක්ස් එකට එන එකා එනව කියල දන්නවනේ..
    බලනකොට මේහෙම පලු යන්න බැන්නට බොක්ස් වලට එන කට්ටිය හින්ද තමා තාම අපේ සිනමාව (මෙච්චර චාටර් ‍ෆිල්ම් පෙන්නද්දිත්)නොවැටී තියෙන්නේ..
    හික් හික් හික්..

    ReplyDelete
  6. අහ්..යෞවන සම්මාන උලලට ඉදිරිපත් කරපු කෙටි කතාවට ජයග්‍රහනය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනව..!!!!

    ReplyDelete
  7. සිනමාහලේ නම මොකද්ද?

    ReplyDelete
  8. හෝල් එකේ නම කිව්වනම් කිව්වනම් හරිනේ. එතකොට ඒ හෝල් එකේ බොක්ස් වලට යන පරිස්සම් වෙයිනෙ. හොද අවවාදයක්. අදයි බ්ලොග් එක දැක්කේ.එක වචනෙකින් කියනවනම් "එළ!".
    කෙටි කතාවට ජයග්‍රහණය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොරැල්ලෙ ලිඩෝ...ස්තූතියි!!!

      Delete
  9. හ්ම්ම්...ඇත්ත කතාවක්..ෆිල්ම් එකක් බලන්න යන කාලෙක හොදට මතක තියාගන්න වෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. හෝල් වල විතරක් නෙවී නංගිද මල්ලිද දන්නෙ නෑ.. අනික් භයානකම තැන් හනිමූන් යන කාමර

      Delete
  10. හ්ම්ම්..

    හැමදාමත් වගේ ..අක්කගේ පොස්ටුව හරි අගේ..
    පිළිගත්තොත් නම් පුතේ..නුඹටත් රටක් අතේ.. :)

    ReplyDelete
  11. අපි නං යන්නෑ ඕවයේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. අම්බෝ ආයේ නම් යන්න කලින් බොක්ස් එකේ හිල් තියෙනවද කියලා බලලාම යන්න ඕනා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මධුරංග ව මතක් වෙලාමයි ලිව්වෙ

      Delete
  13. ""ඔබ ඔබේ පෙම්වතියගේ ගෞරවය ආරක්ෂා කරන පෙම්වතෙක් නම් කවදාවත් ඇයව බොක්ස් එකක් තුළට ගෙනියන්න එපා."" mmmmm. no comments..
    //Well written// All the best for the Competition!

    ReplyDelete
  14. අපිනං ඕවයේ ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ (පස්සේ යන්න සෙට් වෙයිද කියලා නම් දන්නේ නැහැ)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්.. මොකටද ඔය පෙට්ටි අස්සෙ හිර වෙලා ඉන්නෙ

      Delete
  15. පටිය හොඳටම දර්ශනය වන්නෙ බොක්ස් එකට කියලත් සිනමාව ගැන සරසවියෙදි උගන්වන අපේ ආචාර්යවරු කියලා තියෙනවා.// ඔව් ඔව් ,, ඇත්තටම හොදට පෙන්නේ එතැනට තමා.

    ReplyDelete
  16. මාර සිද්ධි ලංකාවේ වෙන්නේ...
    දැනගත්තු එක හොදා..
    යන එකෙක්ට උනත් දැං කියන්න පුළුවංනේ යන්ට එපා කියලා..

    ReplyDelete
  17. මේ සිද්ධිය ගැන අදමයි ඇහුවේ... ඇත්තටම මිනිස්සු මෙහෙමද හිතන්න අමරැයි....

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඔයිට වඩා එහෙමයි

      Delete
  18. මේක කියෙව්වම මට මාර දුකක් ආවා අක්කේ.වෙන මොකකටවත් නෙමෙයි අන්තිමට පෙම්වතුන්ට නිදහසේ ඉන්න පුළුවන් තැනක් වෙලා තිබිච්චි බොක්ස් එකටත් කෙලවලානේ කියලා.ඔය සිදුරු ගැන මම අහලා තියෙන නිසා කවදාවත් ඕකකට රිංගලා නම් නෑ... නමුත් මේ ළඟදි මල්වත්තට යන්න ගියාම මගේ අයිඩින්ටිය බලලා 89 පස්සේ ඉපදුණු නිසා මල්වත්තට යන්න දෙන්න බෑ කියලා කිව්වා... කොහොම හරි ගිහින් ඇතුලෙදි මාට්ටු වුනොත් 5000ක් දඩ කියලත් කිව්වා....

    කාගේ උවමනාවකට කරනවද කියලා නොදන්නවා උනත් මේ පේරාදෙණියෙදි වෙච්චි වැඩක්.අපි වගේම ගොඩක් පෙම්වත්තු හැරිලා යනවා දැක්කා.ඒ අය කොහෙ යන්න ඇතිද?? බොක්ස් එකකට හෝ රූම් එකකට අනිවාර්යෙන් බහුතරයක් යන්න ඇති.අපිට යන්න තැනක් නොතිබුණු නිසා දළදා මාළිගාවටත්,බහිරවගලටත්,කැන්ඩි සිටි සෙන්ටර් එකේ සරසවි පොත් මැදුරටත් ගියා...සරසවි එකෙන් ගහලා එලෝනවා තව ඩිංගෙන් එතන පොත් කියෙව්වට පැයක් විතර...

    මේ විදියට යද්දි බස්වල සීට් වල සීමාව ඉක්මවා ගිය හැසිරීම් දකින්න ලැබුනොත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි.අඩු ගානේ මල් වත්තේ ඉද්දි සීමාව පනින දේවල් වෙනවා අඩුයි.යම්කිසි සීමාවක් ඇතිව තමයි හැමෝම හැසිරෙන්නේ නමුත් රූම් එකකදි???

    මේ ගැන මාරයා අයියනම් කිව්වේ මල් වත්තට පොඩි ලමයිනුත් එන නිසා එහෙම කරන්න ඇති කියලා.පෙම්වතුන්ට තැනක් කෝ??

    අවවාදය:බොක්ස් එකකට යනවා නම් ඉටිරෙදි කෑලි දෙක තුනක් හෝ ටෝච් එකක් රැගෙන යන්න.හිල් හොයන්නයි හිල් වහන්නයි....

    එලටම ලියලා තියෙනවා අක්කේ.ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගැමි මල්ලි

      Delete
  19. මේකනං කලින් බලලත් ඇති :)
    චාලක ගේ 'Box'
    http://www.youtube.com/watch?v=cXSMmclNgs0

    ReplyDelete
  20. චූටි කෙල්ලේ ඔයා තමයි දිනන්නේ.. ඒක නං සුවර්..

    ReplyDelete
    Replies
    1. වැඩි බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ අයියෙ.

      Delete
  21. නියම පෝස්ටුවක් නංගි.

    තරඟයත් ජයග්‍රහනය කිරීමට ලැබේවා.

    ReplyDelete
  22. //ප්‍රෙම කරන්න රටේ තොටේ තියෙන නිදහස අඩු කම// මේ කතාව වැරදියි ප්‍රෙමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. කියලා කියලා තියන කතාව බොරු.

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  23. හෝල් එකකට ගිහිල්ලා පාඩුවේ චිත්‍රපටියක් බලලා ආව නම් ඉවරයිනේ
    හිල් හදන්න අයත් නෑ එතකොට .අනෙක් ඒවට ඔය ඕන තරම් තැන් තියෙන්නේ

    ReplyDelete
  24. බොක්ස් වලට ගිගිල්ලා උන්ට අහවල්කාරිය කොරන්න පුළුවන් නම් ඒකෙන් අනිත් අයත් පොඩි ආතල් එකක් ගත්තාට මොකද වෙන්නේ (බොක්ස් තිබ්බෙනේ එම කාර්යට නෙවිනෙ).. හෙටම ගොහින් බොක්ස් එකක හිලක් හදන්න ඕන :P

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.