මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/3/12

සියලු සිංහල කොල්ලන්ගේ හිත සුව පිණිසයි


මම මේ ලිපිය ලියන්න තීරණය කළේ මගේ යෙහෙළියට ඕනෙ නිසා නම් නෙවෙයි. මගෙ හොඳම යෙහෙළිය වෙනුවෙන් මට පිරිමි ළමයින් කාගෙ කාගෙනුත් ඉල්ලන්න තියෙන වැදගත්ම ඉල්ලීමක් මේක. මම වැරදියි කියලා සරම කැහැපොට ගහගෙන,කොට කලිසම් සාක්කුවල අත දාගෙන, කට ඇරගෙන දුව ගෙන එන ඕපන් යූසස් ලා හා ඇනොනිමස්ලා දැන් මට පේනවා... මගෙ හොඳම යාලුවො ටික ඇනොනිමස්ලා වෙලා මට ගහන හැටිත් මට පෙනෙනවා. ඒත් මම ඒක ලියනවා. ඇය වෙනුවෙන් මම ඒක ලියනවා.

මේ කතාව ඇතුළ කිසිම ස්ත්‍රීවාදයක් හෝ ඒ වෙනුවෙන් හඬ නැගීමක් නම් නෑ. ඇත්තටම තියෙන්නෙ පුරුෂ පක්ෂයෙන් කරන ආයාචනයක්. කොටින්ම හිඟා කෑමක්.

මම මෙහෙම පටන්ගන්නම්...

ඔබ ජීවිතේ කවදා හි කෙල්ලෙක් එක්ක යාලු වුණාද? ඔබට දැනටමත් පෙම්වතියක් ඉන්නවාද? ඔබ ආදරේ කරන්ඩ බලාපොරොත්තු වෙනවාද? ඔබ සාර්ථකයි කියලා ඔබට හිතෙනවාද? මම කිව්වෙ, සාර්ථක විදියට ඔබ පෙම්වතිය සමඟ සතුටින් ඉන්නවා කියලා ඔබට හිතෙනවාද?  නැත්තම් ඔබට වැරදුණු තැන මොකද්ද කියලා අඩුම තරමෙ ඒ කෙල්ල දාලා ගියාට පස්සෙවත් ඔබ හිතිලා තියෙනවාද? පිස්සුද තව කෑල්ලක් සෙට්කරගන්නවා මිසක් කෝ ඔබට ඒකට කාලයක්..

කෙල්ලෙක්ගෙ පියයුරු දෙක නිසා කෙල්ලෙක්ට ලැබෙන්නෙ අමුතුම සුන්දරත්වයක්. ඒ අස්සෙ නිදා ගන්ඩ කොල්ලො හරිම ආසයි. ඒත් ඒ පියයුරු යට ගැහෙන අල්ලක් මිට මොලවපු තරමේ පුංචි පපුව ගැන කවුරුවත් කොල්ලෙක් කතා කරනවාද?

තමන්ගෙ කෙල්ල නවදාම හරි කොල්ලෙක් අතින් අනාත වුණා කියලා දැනගත්තොත් ඒ කෙල්ලව ආදරෙන් රැකගන්න ධෛර්යයක්,ඒ කෙල්ල තමන්ගෙම කරගන්න ධෛර්යයක් කොල්ලෙක්ට තියෙනවා නම් ඒ නියම පිරිමියෙක්.( මම කතා කරන්නෙ නිළියො ගැන හෝ කෝටිපතිනියො ගැන හෝ සුපිරි තාරකා ගැන නොවේ.)

සමහර කොල්ලො අවට හැම කෙල්ලගෙම ලස්සන තම කෙල්ලට කියනවා. ඒ කෙල්ල තමන්ගෙ ලස්සන කොල්ලාවත් අගය නොකරද්දි, වෙන කෙනෙකුගෙන් හෝ ඒක බලාපොරොත්තු වෙනකොට කොල්ලාට තද වෙනවා. මම දැක්කා තැනක තියෙනවා, රටේ කොයි කෙල්ල ගැන කල්පනා කළත් නින්ද යද්දි කල්පනා වෙන්නෙ තමන්ගෙ කෙල්ල ගැන කියලා, කොල්ලෙක් මුහුණු පොතේ දාලා තියෙනවා. ඔක්කොම කරලා, අන්තිමට නින්දට යද්දි සිසුර පූජා කරන්නෙත් තමන්ගෙම කෙල්ල තමයි. (මේ කතාව නම් පෙම්වතියකට වඩා බිරිඳක් අනුව) කීවොත් ගැළපෙයි.

පාට අඩු නම් ටිකක් මහත නම් සමහරු ඒ ගැහැණු ළමයි දිහා බලන්නෙ නෑ. සමහරු එහෙම අය එකක් යාලු වෙලා, වෙන අය එක්ක හිතින් ජීවත් වෙනවා... අර අහිංසකී මොනවා දන්නවාද? ඇය ඉන්න රැවටීම කොයිතරම් ද? මොකද්ද ඇය කළ පාපය?

හැම වෙලේම ඔබ පෙම්වතිය ගැන හිතන්න. ඔබගෙ සොයුරිය ගැන හිතනවාට වඩා ඔබ පෙම්වතිය ගැන හිතන්න...එය අනිවාර්ය වශයෙන් සිදු වියයුත්තේ ඇය තනිවී ඇති කෙනෙක් නම්. ඇයට ආදරය ඕනෙ කරනවා.සොයා බැලීම ඕනෙ කරනවා.ඒ සොයාබැලීම මවක් පියෙක් කරන සොයා බැලීම නොවෙයි. පෙම්වතියක් බලාපොරොත්තු වන්නේ ඊට වඩා රසවත් ආදර බර සොයා බැලීමක්.

එක එක පෙම්වතියො එක එක වගේනෙ...ඔබේ මවටත් වඩා ඔබව රැක බලා ගන්න කෑම බීම ගැනීම ගැන යො බලන,වතුර බෝතලය පුරවා දෙන,ඔබ නිවසට එන මොහොත වෙනකන් මඟ බලා සිටින,ඔබ නැවත යනතුරු තනිරකින,සමහර විට නිවසේ තහංචි වලට හිරවුණ, ආදරය අයදින පෙම්වතියො ඇති. ඒ අය ඉල්ලන්නෙ හව් හරණක්, රැක බලාගැනීමක්, මහ හුඟක් සෙනෙහසක්.

පරිගණක සම්බන්ධ (මෘදුකාංග,තොරතුරු තාක්ෂණ) රැකියා කරන, සහෝදරවරු අනෙක් අයට වඩා ආදරය ගැන හිතන්න ඕනෙ. මොකද යකඩ ගොඩට පෙම් බඳින අයට ආදරය ටිකක් අවුල් සහගතයි. ඒ අය නොහිතන දේ තමා කටයුත කරන්නෙ මනුෂ්‍ය ප්‍රාණියෙක් සමඟ කියන එක. ඇයට වුවමනා ආදරය,රැකවරණය, හොයා බැලීම, සෙනෙහස දීගන්න බැරි වෙන කොට මෘදුකාංග හැක් කරනවා වගේ තර්ජනය කරලා නම් ඔබට කවදාත් ඒ ආදරයට අරුතක් දෙන්න බැරිවෙයි.

කෙල්ලෙක් හරි ආසයි, කොල්ලා තමන්ගෙ යාලුවො, ඉස්සරහ (විශේෂයෙන් ගැහැණු යහළුවො ඉදිරියෙ) තමන් ඔහුගෙ පෙම්වතිය වග පිළි ගන්නවානම්. බහුතරයක් කොල්ලො සමහරවිට යටි අරමුණු ඇතිව හො නැතිව එහෙම කියන්නෙ නෑ. ඒක කෙල්ලෙක්ට ලොකු දුකක්. ඒ වගේම කොල්ලාව අවිශ්වාසයට පෙළඹෙන්නට හේතුවක්. කෙල්ලව නන්නාදුන්නෙක්ට වත්, හතුරෙකුටවත් තමන්ගෙ යහළුවෙක් කියලා කියන්න එපා. ඒකිව ඉඹින්න හොඳනං, ඒකිගෙ පපුතුරේ, උකුලෙ උණුහුම්
වෙන්න හොඳනම් ,ඒකිට කියලා බත් කටක් කවා ගන්නවා නම්, ඒකි නිසා සතුටු වෙනවනං,ඇයි ඒ තමන්ගෙ කෙල්ල කියලා පිළි නොගන්නෙ. ඔබ කවමදාවත් මේ අම්මාද කියලා අම්මාව පෙන්නුවොත්, මේ ඔබේ නැන්දා යැයි කියන්නෙ නෑ නේද?

හැම වෙලේම ඇය නැතිව ඔබට ජීවිතයක් නැති වග අඟවන්න. ඇයට ගරු කරන්න. ඇයගෙ වෙහෙස අගයන්න. ඇය ගැන බියක් දක්වන වග, ඇය අසනීප වුණොත් තමන් ඇය ළඟ සිටින වග, ඇය වෙනුවෙන් කරන කිසිම කැපකිරීමක්,සඳහා තමන්ට කිසිඳු වෙහෙසක් නැති බව, ඇයගේ සිනහව මේ ලොව තිබෙන වටිනාම දේ වග ඇයට කියන්න.

ඇය මේ ලොව වෙසෙන ලස්සනම තරුණිය වග ඔබ ඔබේ සිත තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න. එවිට ඔබට රූප රාජිණියන් සියදහසක් වුව අභිබවා ඇගේ තුරුල්ලේ අවංකව වෙළිය හැකියි.

ඔබට විභාගයක් තියනවා ඇති,පාඩම් කරන්න.රස්සාවක් තියෙනවා ඇති..ඒත් කෙල්ලෙක් ඉන්නවා නම් ඔබ ඇයටත් උපරිම වෙලාව වෙන් කරන්න ඕනෙ..නැත්තම් ඔබ ඩිග්‍රියයි ජොබ් එකයි කරලා එද්දි ඇය ඔබට අතපසු වේවි...ඔබ ඇයට ආදරය කරන්න, ඒ දෙකෙන් එකක්වත් අතඅරින්න ඕනෙ නෑ. අභියොගයක් කියලා හිතාගෙන ජය ගන්න. ඒකට තමයි පුරුෂ ශක්තිය කියන්නෙ...


ගැහැණියෙක් ගෙ ආදරය පිරිමියෙකුට ජීවිතයේ එක කොටසක් විතරක් වෙන්න පුළුවන්. එහෙත් පිරිමියෙක්ගෙ ආදරය ගැහැණියට විශ්වයක්....ගැහැණියගෙන් උවමනා දේ ඇය උපරිමෙන් දේවි..ඔබෙන් විය යුත්ත සිදුවුණොත්...මොකද ගැහැණියට ඔබට වඩා සීමා වැඩියි.ඇය ඔබ ගැන ලොවට කියන්න කැමතියි.ඔබේ අතේ වෙලෙන්නත් කැමතියි. කොටින්ම ඇය ඔබේ...

පිට කොන්දක් තියෙන පිරිමියෙක්, දැනෙන්න ආදරය කරනවා. ඒ ආදරය මාරයි..ඒක විඳින්න ගැහැණියෙක් පින් කරන්න ඕනෙ.. හරියට මගෙ අම්මා වගේ... එයා මේ ලෝකෙ ඉන්න වසනාවන්තම බිරිඳ....ඒ මගේම අප්පච්චි නිසා... මට හරි සතුටුයි ඒ අය ගැන ... ඒ තරමටම මට දුකයි මගෙ යෙහෙළිය ගැන.

මම මේ කතා කළේ සිංහල කොල්ලන්ට විතරයි...ඒ කියන්නෙ කෙල්ලො බලන්ට එපා කියලා නෙවී...

139 comments:

  1. Replies
    1. ඔයා ආවාද? මම හිතුවෙ ඔයා මේක දැම්මාම තරහ වෙයි කියලා....කාලෙකින් රෙද්දක් වැනුවෙ නෑ සුදු... හෙ හෙ

      Delete
    2. මං මේ ඒත් කල්පනා කලේ මුං දෙන්නා වලියක් දාගෙනද කියලා..:D:D:D ෂික් අපරාදේ ගින්නට දාන්න ගෙනාව පිදුරු ටික...

      Delete
    3. ඔක්කොටම කලින් එයැයිට පොස්ට් එක පෙන්නලා තකහනියෙ කොමෙන්ට් එකක් දැම්මුවෙ,ඔයාලා නොමග යයි කියලා මාරයියෙ...
      ඇත්තටම අපි දෙන්නා කවදාහරි වලි දැම්මත්...( නැන්දම්මයි නෑනයි දෙන්නම එදාට මයෙ පැත්තෙ)
      මෙයයිට ඉන්නෙ අපේ අප්පච්චි විතරයි...

      Delete
  2. ඇත්තටම ලස්සනයි ඒ වගේමයි දුකයි හේතුව වෙන එකක් නෙමේ අපි කවුරුත් ඔය විදිහට ආදරේ කරට ආදරේ ලබන්නේ ගොඩක් අඩුවෙන්

    ReplyDelete
  3. ඇත්ත... සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
  4. මට කිසි දුකක් නෑ...
    අනේ මේ පෝන් නැති කාලෙ ලව් කොයි තරං මිහිරිද..දැං චූ කලත් කෑවත් බිවත් ස්ටේට්ස් දාන්න ඕනි...
    අපේ අයියල ලව් කරන කාලෙ හාල් පොතක් වගේ ලියුමක් ලියල තැපැල් කරනව..එක පැයයි සතියටම ඒකට යන්නෙ..
    දැං ඒකට එක වැඩක් අවධානයෙන් කරනවද නෑ..
    හැමවෙලේම අර සුකුරුත්තම තියං අනිනවයි කොටනවයි කනේ ගහං ඉන්නවයි...
    ඕකද ලව් කියන්නෙ..අනේ මන්ද...හිතනව කියල කෙල්ල හෝ කොල්ල ගැන මැරෙන්න ඕනයැ...
    ලෙඩේදි දුකේදි බලනවනං..කන්න බොන්නටික දෙනවනං, දුකක් උනාම හොයනවනං..මොන කැටයංද...?

    ReplyDelete
  5. නියමයි අක්කේ!!! දුකත් හිතෙනවා...

    //ගැහැණියෙක් ගෙ ආදරය පිරිමියෙකුට ජීවිතයේ එක කොටසක් විතරක් වෙන්න පුළුවන්. එහෙත් පිරිමියෙක්ගෙ ආදරය ගැහැණියට විශ්වයක්....//

    ඇත්ත!! ඔන්න ඔතනින් හුඟාක් ගෑණූ ළමයින්ට වරදිනවා...

    ReplyDelete
    Replies
    1. "මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නෙ ම0 විතරද" ... දීපිකා මහත්මිය ගයන්නෙත් එවැනි දෙයක් තමා....

      Delete
  6. අනේ මන්දා මේක සිංහල කොල්ලන්ට විතරක් නෙවේ හැම ජාතියකම කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙගොල්ලන්ටම පොදුයි.

    ReplyDelete
  7. අක්කේ..ඔයාගේ පද පේලි දකින හැම වරම මට මගේ ජීවිතය ආයෙමත් අලුත් වෙනවා..

    ReplyDelete
  8. බොරු කියලා වැඩක් නැත උඩින් තියන හැම වැරැද්දම මාද කරමි
    හැබැයි ඔය ටික ඕක්කෝම රිටන්වි මටද වේ
    කොහෙද වැරදුනේ කියලා හොයන්න බෑ දැන් ඒ තරමට අවුල් වෙලා

    ReplyDelete
  9. පට්ට පට්ට පට්ට...

    ReplyDelete
  10. අමිලයගෙ කීමට තුන්කාලක්ම එකඟයි...

    ReplyDelete
  11. "පාට අඩු නම් ටිකක් මහත නම් සමහරු ඒ ගැහැණු ළමයි දිහා බලන්නෙ නෑ"

    පවු නේ :D :D :D

    ReplyDelete
  12. මොනවද බං මේ විකාර?
    මිනිස්සුන්ට ආදරේ කරන්න උගන්නන්න පංතියක් දැම්මා වගේ! එහෙම උගන්නලා කරන එකටද ආදරේ කියන්නේ? මිනිස්සුන්ගෙන් ආදරේ හිඟාකන්න එපා...තමන්ට අවශ්‍ය ආදරේ ලැබෙන්නේ නැත්තම් අතෑරලා දානවා මිසක්!

    උඹේ යාළුවානම් පිස්සියක්! මේ ලිපිය මටනම් විකාරක්!

    ReplyDelete
    Replies
    1. අඩේ මීට පස්සෙ මම දාන්නෙ මෙහෙම පෝස්ට් විතරයි.........හිට්ස් තියෙන්නෙ ඇති වෙන්න.

      Delete
  13. සිරාම ටෝක අප්පා.. ඒක නෙවේ යාලුවට මොකෝ උනේ?

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපල්ලකෝ පොඩ්ඩක් හොයලා බලපුවහම හක් හක්

      Delete
  14. මොනවා උනත් කතාව නම් ඇත්ත..

    ReplyDelete
  15. කෙල්ලෙක් එයාගේ කොල්ලගෙන්, බිරිඳක් එයාගේ සැමියගෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියල කලින් දැන ගන්න ලැබෙනව නම් ඒක බෝනස් එකක්. එතකොට ව්‍යාජව හෝ සමහර දේවල් කරන්න පුළුවන් සතුට වෙනුවෙන්. ඒත් මේ දේවල් සාපේක්ෂයි නේද ? උදාහරණයකට මම මෙතන තියේන දේවල් ටික සේරම කලා කියල හිතන්න, ඊලඟට ඇයගේ අවශ්‍යතා ලයිස්තුවට තවත් දේ එකතු වෙනවා. මම බොරුද කියන්නේ? මගේ අත්දැකීම් ඕනෑව්ටත් වැඩියි මේව කියන්න. මගේ හිතේ ලොකු බයක් තියෙනව මගේ දුව ගැන. එයාගේ අනාගතේ මොන වගේ වෙයිද කියල. ඔයා මේ කියන දේවල් 100% ඇත්ත. ඒත් මේවා ලබන්නත් ඇය සුදුසු වෙන්න ඔනේ නේද ?

    අවසාන වශයෙන් දුවක් ඉන්න පියෙක් විදියට මේක කියවන සියළු යුවතියන් හා බිරින්දෑවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නම්. මේ දේවල් ලැබුනත් නොලැබුනත් තමන්ගේ සැමියාට විශ්වාසවන්ත බිරිඳක් වෙන්න උත්සාහ කරන්න. ඔයාලා හොඳ වෙන්න වෙන්න එයාලත් හොඳ වෙනවා. තරඟෙට වැරදි කරන්න උත්සාහ කරන්න එපා. එහි ප්‍රතිඵල භයානක්යි.

    ReplyDelete
  16. atta katwa jiwethe samahara than wala wenas una nam hodai kiyala hitanawa.

    ano malli

    ReplyDelete
  17. එක. පවුල් ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳගන්නවාට වඩා බ්ලොග් පෝස්ට් එකක් දාලා විසඳගන්න එක හොඳයි කියලා හිතුවද නංගි.... (මේක විහිලුවට ඇහුවේ..)

    දෙක. මම මොකුත් කියන්නේ නෑ.... හැබැයි තව අවුරුදු 5කින් මට මේක කියවලා කියන්න මේ පෝස්ට් එක ගැන මොකක්ද හිතන්නේ කියලා... (මතක තිබ්බොත්)

    ReplyDelete
    Replies
    1. අනේ ඒ රත්තරං කොලුවා දාහෙන් සම්පතයි....

      Delete
  18. ඉස්සල්ල ආදරේ කියන්නෙ මෙහෙම මෙහෙම දෙයක් කියල සීමාවක් හදාගන්නව.ඊට පස්සෙ අරයගෙ ඒව නෑ කියල අඬනව.
    ආදරේ කියන්නෙ හැඟීමක්. ඒක දැනෙන්න අරින්න.

    ReplyDelete
  19. පට්ටම සිරාවට ලියපු ලිපියක්.....

    ReplyDelete
  20. කතාව ඇත්ත නෙරංජි. සුපිරි. ගෑණු දාහක් දහස් විදියට කිව්වත් අන්තිමට ගත්තොත් සාරාංශෙ මේ වගේ. සමහර පිරිමි හිතන්නෙ මේව බහුබූත කියල. ඒ උනාට ඒ බහුබූත අස්සෙත් ජීවිතේ හැංගිල තියෙනව කියල දන්නෙ කීයෙන් කී දෙනාද???

    ReplyDelete
  21. ආදරේ කියන්නෙ ෆෝන් එකෙන් වැඩිම වෙලාවක් කතා කර කර ඉන්න එකද. එහෙනම් මට කවදාකවත් හොද ආදරවන්තයෙක් වෙන්න බෑ

    මම දැකල තියනව සමහර කොල්ලො කෙල්ලො කන්න කලින් කතා කරල කියනවා "මම දැන් කන්න යන්නෙ කියල" නිදා ගන්න කලින් කතා කරල කියනවා "මම දැන් නිදා ගන්න යන්නෙ කියල" කොටින්ම කියනවනම් වැසිකිලියට යන්නෙත් කෙල්ලට කියල. මේකද ඔය කියන ආදරේ.

    ReplyDelete
    Replies
    1. නැතිකමට ඒකත් මදෑ.. නේද? ;)

      Delete
  22. මක්කයි මේ කතා හුහ්.....අන්න උඩ ඉන්න "ඇවිද්ද පය" කාරයා නේ දීලා තියෙන්නේ රියල් ටෝක් එක

    ReplyDelete
  23. මට හිතෙන අදහස අමුවෙන්ම මෙහෙමයි.

    මේක මටනම් පිස්සු විකාරයක් අක්කා....!

    ReplyDelete
    Replies
    1. ලිව්වාට පස්සෙ මටත් හිතුණා...ඒත් පරීක්සණ කරද්දි සැලෙන්ට බෑනෙ...

      Delete
  24. අනේ මංදා නගෝ...ඇඟිලි ගෙවෙනකල් ලිව්වත්...දිය කරල පෙව්වත් මේ දේවල් හදවතින් නොකියවන කොල්ල්ක් කවදාවත් තමන්ගෙ කෙල්ලගෙ හැඟීම් තේරුම් ගනීවි කියල මට නම් විස්වාසයක් නෑ.. :(

    ReplyDelete
  25. ඇත්තම කියුවොත් මේ හැමදෙයක්ම වින්ද කෙනෙක් මම. ඒ ආදරේ නැති උනෙත් අපි අපිට වඩා අනිත් අය ගැන හිතපු නිසා. එත් මට දුකක් නැහැ මම හා හා පුරා ආදරේ කලේ මට ලෝකයක් තරම් ආදරේ කරපු කෙනෙක්ට..
    හරිම සතුටුයි ඒ නිසා..

    ඒ වගේම ඒ වගේ අය දැන් කාලේ ගොඩාක් අඩුයි. මගේම යාලු මිත්‍රයෝ ඉන්නවා තමන්ගේ කෙල්ල අනිත් අයට හදුන්වලා දෙන්නේ යාලුවෙක් කියලා. ඒ කෙල්ලට මොනවා හිතෙනවා ඇත්ද :(

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා..ඒ තමන්ගෙ කෙල්ල ගැන නොහිතන කොල්ලො

      Delete
  26. හැමදාම මෙහෙම පෝස්ට්ම ලියවෙන්න නීනු අක්කාගෙ පෑනට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. කී බෝඩ් එකයි..කනෙක්ෂන් එකයි රවුටරෙයි වැඩ කරන්ඩ කියලා පතපං නංගියේ

      Delete
    2. ඇයි එතකොට මොනිටරෙයි, CPU එකයි එපාද? :P

      Delete
    3. එපා ලැප්ටොප් එකනෙ

      Delete
  27. මට නම් හිතෙන්නෙ හැම ආදර ප්‍රොෆයිල් එකක්ම එක් එක්කෙනාට යුනික් දෙයක්.
    ඒ කිව්වෙ
    එක කපල් එකක් ආදරෙ කරන්නෙ නිතරෝම එකිනෙකා සොයාබලමින් විය හැකියි. එකෙන් අදහස් වෙන්නෙ නෑ එහෙම සොයා නොබලන කපල් ආදරෙ කරන්නෙ නෑ කියලා.
    තව අතකින් එක කපල් එකක් ලව් කොරන්නෙ බොහොම නිවි හැනහිල්ලෙ සද්ද නැතුව තම තමුන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන වෙන්න හැකියි. එතෙන්දි අදහස් වෙන්නෙ නෑ ඒක තමා සර්වත්‍ර ලෝක සත්ය ආදරය , අනෙක්වා පුහු බොරු දෙවල් කියලා.

    අනෙක් අතට ,
    සමහර කපල් ආදරෙ කරනවා ලෝකෙට පේන්න මැරීගෙන , ශෝ එක දාගෙන , ලියුම් ලියාගෙන බ්ලා බ්ලා. එත් ඇතුලෙ බොරුව. එතකොට එකෙන් කියන්නෙ ඒ කල ආදරේ රටාව වැරදියි කියන එක නෙවෙයි නේද?
    සමහර කපල් ලෝකෙට කිසිම දෙයක් පේන්නෙත් නෑ. කවුරුත් මොකුත් දන්නෙත් නෑ. හොයල බැලිල්ලකුත් නෑ. ඒත් රන්ඩු ඈතුලේ. බ්ලා බ්ලා.

    ඉතින් නන්ගි දෙන්නෙක් ආදරෙ කරනවා නම් ඒ දෙන්නා මේ යුනිවර්සල් ආදර නියමයන්ට අනුකූලව හැසිරිය යුතුය කියන තියරියට මම එකඟ නෑ.

    කම්පැටිබිලිටි කියල කියන්න ආදරේ කරන ගැහැනියයි මිනිහයි එකම රටාවට යන්න එකඟ නම් ඒ දෙන්නාට ගැලපිලා යන්න ලේසියි. ජීවත් වෙන්න පහසුයි.

    ඔබේ මිතුරිය කම්ප්ලේන් කරනවා නම් , දුක් වෙනව නම්, අසන්තෝශයෙන් ඉන්නව නම් ඇය හොයන ආස විදිය ඈට පෙම්වතාගෙන් ලැබෙන්නෙ නෑ කියලා, ඒක කොල්ලගෙ වරදක්වත් කෙල්ලගෙ වරදක්වත් නෙවෙයි. ඒ දෙනන ගැලපෙන්නෙ නෑ කියලයි කියන්න වෙන්නේ.... මට හිතෙන විදියට ...

    අනික මේ වගෙ ඉන්කම්පෑටිබිලිටීස් වලදි කපල් එකක් ක්‍රියා කරන්නෙ කැත්තට පොල්ල වගෙ නම් , තව තවත් තහවුරු වෙනවා දෙන්න කම්පැටිබල් නෑ. දෙන්නට එක මතයකට හදවතින්ම ඈග්‍රී වෙන්න චාන්ස් නෑ කියලා. එහෙම කපල් නම් ලෝකෙටයි , පවුල්වලටයි දෙන්නටමයි දුක් නොදී ටටා බායි කීම හොඳ බවයි මගෙ හැඟීම.

    සමහර ඩබලවල් ඉන්නවා එක්කෙනෙක් අනෙකාගෙ සම්පූරන අවශ්යතා සැපිරුවෙ නැති උනාට කොයි යම් හෝ පාර්ශනවයක් එකඟයි ඒ ජීවිතේට . දෙන්නා ගහ මරා ගන්නෙ නෑ. ඉතින් ඒ කියන්නෙ සිතුම් පැතුම් නොගැලපුනාට කම්පැටිබල්.

    ඒ නිසා මගෙ පුද්ගලික හැඟීම නම් එක එක කපල් වලට ආදර න්‍යාය එක එක ආවේණික දෙයක් මිසක් සර්වකාලීන තියරි හැටියට ලිවිය හැකි දෙයක් නෙවෙයි කියලයි.

    හිත රිද්දන්න නෙවෙයි. මට හිතුන දේ ලිව්වේ.

    මට හිතෙන්නෙ නෙරන්ජි නගා මෙතන ලියල තියෙන්නෙ 'නෙරන්ජි අගය කරන ආදරේ ගැන'

    ' දිලා අගය කරන ආදරේ' කියන්නෙ ඔය ප්‍රොෆයිල් එක නෙවෙයි.

    'x අගය කරන් ආදරේ ' කියන්නෙ තවත් ප්‍රොෆයිල් එකක්..

    ' Z අගය කරන ආදරේ ' කියන්නෙ තවත් එකක්...

    ඒ අනුව නිර්නායක දාන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. අක්කා හරි කියලා මටත් හිතෙනවා... මේ ආදරය මම අගය කරනවා..

      Delete
    2. දිල් අක්කගෙ කතාවට මම එකගයි

      Delete
    3. උඹලා දෙන්නම මොනවා හරි කිව්වද..?

      Delete
    4. හෙහෙ...........නෑ..අපි මුකුත්ම කිව්වෙ නෑ

      Delete
    5. ජීවිතේ මල් අක්කා +++++++++++++++++++++++++

      Delete
    6. ++++++++ ජීවිතේ මල් අක්කා

      Delete
    7. ඔයාගේ කතාවට මමත් එකඟයි.

      Delete
    8. :-) හෙ හෙ .... හිතෙ තියන දෙ නිදහසෙ දිග කොමෙන්ටුවකින් ඇද බෑවාට නෙරන්ජියා සහ මගෙ අතර අහිතක් හෙම නෑ හොඳේ... හික් හික් හි,.. නේද නගා...

      Delete
  28. පට්ට පට්ට.....මරු

    ReplyDelete
  29. අනේ මන්දා අනේ මන්දා අනේ මන්දා මට නම් ඕවා තේරෙන් නැහැ මං ආදරේ කරලත් නැහැ ආදරේ ලබලත් නැහැ ඒක වෙන්නැති ඕවා නොතේරෙන්නේ.ඒත් අක්කේ මේ වගේ කෙල්ලෝ අද සමාජයේ අඩුයි නේද?කොල්ලෝ පන දීගෙන ලව් කරත් කොල්ලෝ තුන හතරකට ලව් කරනවා කෙල්ල.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඊළඟ පෝස්ට් එකේ ලියන්නම්

      Delete
  30. අහෝ තාරක නොදිටි මොක්පුර

    ReplyDelete
  31. Replies
    1. ජනප්‍රියත්වය එක්ක මඩ එනවා..

      Delete
  32. ඇවිද්ද පය , තමයි උත්තරය දීලා තියෙන්නේ.
    මෙයා කොල්ලෙක්,කෙල්ලෙක් කියලා තම තමන්ගේ
    කොටු හදාගන්න යන්න එපා... මොක ද ඒ ඒ කොටු පුරවන්න ඕන
    දේවල් අනිත් එක්කෙනා ළඟ නැතිව යන කොට අපි දන්නේම නැතුව
    වෙන කොටුවකට පැන්නෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඇවිද්ද පය කට්ටියව එවනවට තෑන්කූ..

      Delete
    2. මම නෙවෙයි කට්ටිය එවන්නේ මගේ අදහස.

      Delete
    3. හෝ හෝ නඟා හරි දෙයක් නැවත වාරයක් කියනවයි කියන එක කඩේ යෑමක් කියලා හිතනවනම් එතන පොඩි අවුලක් තියෙනවනේ.. ද?

      Delete
    4. එයාව එව්වෙ ඇවිද්ද පය...;)(මාර අදහසට පුංචි ජෝක් එකක්)

      Delete
  33. අනිව කතාව..!!!!

    ReplyDelete
    Replies
    1. අනේ...මන්ද දැන් මේ ඔයාලා එකඟ මගෙ කතාවටද? නැත්තම්?

      Delete
  34. සර්ටිෆිකේට් ඇත්ත කතාව...එක පයින් එකගයි!!!

    ReplyDelete
  35. 3 කියෙවුවා.....හිතනවා තාම

    ReplyDelete
  36. ඇනෝ එන්නේ මොකටද අනේ මේකට කමෙන්ට් කරන්න. ඔයා කිව්වා වගේ ස්ත්‍රීවාදී බවක් නම් පේන්න තිබුනේ නෑ.:) හැබැයි කොල්ලෝ ගැන වැරදි අදහස් දෙක තුනක් තිබුනා.

    "නැත්තම් ඔබට වැරදුණු තැන මොකද්ද කියලා අඩුම තරමෙ ඒ කෙල්ල දාලා ගියාට පස්සෙවත් ඔබ හිතිලා තියෙනවාද? පිස්සුද තව කෑල්ලක් සෙට්කරගන්නවා මිසක් කෝ ඔබට ඒකට කාලයක්.."

    "ඒත් ඒ පියයුරු යට ගැහෙන අල්ලක් මිට මොලවපු තරමේ පුංචි පපුව ගැන කවුරුවත් කොල්ලෙක් කතා කරනවාද?"

    ඔයා මේ කියලා තියෙන්නේ සමස්ථය ගැන නම් එතන ලොකු වැරදීමක් වෙලා. අනේ මන්ද ඔයාල මොන කන්නාඩියක් දාගෙනද කතා කරන්නේ කියලා.

    "ගැහැණියෙක් ගෙ ආදරය පිරිමියෙකුට ජීවිතයේ එක කොටසක් විතරක් වෙන්න පුළුවන්. එහෙත් පිරිමියෙක්ගෙ ආදරය ගැහැණියට විශ්වයක්"

    මේ ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. කැමති විදියකට හිතාගන්න කියලා තමයි කියන්න වෙන්නේ.:)

    "හැම වෙලේම ඇය නැතිව ඔබට ජීවිතයක් නැති වග අඟවන්න."

    මෙන්න මේක නම් නගෝ හැමතිස්සෙම එච්චර හොඳ වැඩක් නෙමෙයි. තමන්ගේ පෙම්වතිය හොඳ කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම නොවුනොත්, තමන් නැතුව පෙම්වතාට ජීවිතයක් නෑ කියලා දැනගත්තොත් එයා පෙම්වතාව ඕන ඕන විදියට නටවන්න උත්සහ කරන්න පුළුවන්. ඒ නිසා එතැනදී පරෙස්සම් වෙන්න ඕන. දෙපැත්තම එහෙමයි.

    අනිත් දේවල් වලට නම් මාත් එකඟයි. හැබැයි ජීවිතේ මල් අක්කගේ කමෙන්ට් එක කියෙව්වම මගේ අදහස පොඩ්ඩක් වෙනස් වුනා. එයා කිව්ව එක හරි, හැමෝම මෙහෙම වෙන්න ඕන කියන්න බෑ. ඒක කෙනාගෙන් කෙනාට, ජෝඩුවෙන් ජෝඩුවට වෙනස් වෙනවා. හැබැයි ඉතින් මාත් කැමති ඔයා කියපු ෆෝමැට් එකට තමයි.:)

    ReplyDelete
  37. ඕනවට වඩා ආදරේ කරන බව පෙන්වන අයගේ ආදරේනම් ඉක්මනටම නැතිව යනවා මම දන්න තරමට.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++ ගිම්

      Delete
    2. කවුද මේ නිශ්?? ස්තූතියි ගිම්හානි

      Delete
  38. ගිම්හානි සමඟ 100%ක් එකඟයි..

    ගොඩක්ම ගැඹුරු නිසල දිය කියලා කතාවක් අහලා නැද්ද..
    ආදරේ ආදරේ ගගා හුරතල් කරන කොල්ලෝ ගාව ඇත්තටම ආදරේ නෑ.. චුටි පැටියෝ බබා ගාගෙන එන කොල්ලෝ ගාව තියෙන්නේ තනිකරම මවා පෑම.. ඒත් ආදරේ කියලා බෙර නොගහන අය ලඟ අපිට දාරාගන්න බැරි තරමට ආදරේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කථාව 100% ඇත්ත.

      Delete
    2. බෙර නොගහන අයගෙ සාම්පලය ගැන අවුලක් නැතත් සමහර බෙර ගහන අයගෙ...අපිට නොවදින බෙරය ගැන පොඩ්ඩක් හොයලා බලන්ට හැකී නම් පට්ට...;)

      Delete
  39. Oya katha karannae oylagae patten vitarai. Kollek tikak kalunam, mahathanam oyala balanavada eya diha? Nahanae madam. Anith eka samahara aya kollek ekka set wennae eyta mokak hari wadak kara ganna thiyenavanam thamy. (Example :- Exam eka goda da ganna help ekak ganna. ) Ita passsae eyala a kollata wada sudu kollek dakka gaman yalu wenawa.

    Jeevithae hati ehemai. Mae lokae adarae labannanam ekko salli, ekko rupaya, nathnam balaya (Ex: politics), wagae deval thiyenna ona. Hamadekama pati 2k thiyenava.

    Oyage Post eka hodai. Good luck.

    ReplyDelete
    Replies
    1. 100% ture

      -- මම කෙල්ලෙක් නැති කලු කොල්ලෙක්

      Delete
    2. ඔයාට කෙල්ලෙක් නැද්ද? මලා..

      Delete
    3. Reply karala thiyena "ano", kellek nati eka meyalata joke ekak vela. Penavada?

      Delete
    4. ඔව්.. තමන්ව අවිශ්වාස වුණොත් කලු නෙවී සුදු කොල්ලෙක්ටත් කෙල්ලො නෑ... පෞද්ගලිකව මගේ කොල්ලා කට්ට කලුයි නමුත් එයා!! කවදාවත් කලුයි කියලා තැවෙන්නෙ නෑ..

      Delete
  40. http://mandharama.blogspot.com/2012/04/blog-post_03.html

    ReplyDelete
  41. “පරිගණක සම්බන්ධ (මෘදුකාංග,තොරතුරු තාක්ෂණ) රැකියා කරන, සහෝදරවරු අනෙක් අයට වඩා ආදරය ගැන හිතන්න ඕනෙ. මොකද යකඩ ගොඩට පෙම් බඳින අයට ආදරය ටිකක් අවුල් සහගතයි. “

    ටිකක් නෙමෙයි.....සම්පූර්ණයෙන්ම අවුල් සහගතයි......
    ඒත් හලි සෝ ස්වීට් අප්ප....^_^

    අනේ මන්ද අක්කියෝ.....මමනම් කියන්නෙ මෙහෙමයි....

    “ආදරයක් කවුරු කොහොම කලත්.....ඉවසීම අසීමිතලෙස ප්‍රගුණකරල තියෙන්න ඕනෙ....“
    වෙන හැම දෙයක්ම දරාගන්න.....:)

    ReplyDelete
    Replies
    1. මම දන්නවානෙ උඹ ගැන

      Delete
    2. ඇයි අප්ප ඉතින්....ආ...බොරුද...මං ඒම නැද්ද......:(

      Delete
  42. අක්ෂර වින්‍යාසය නිවැරදියි! :D

    ReplyDelete
    Replies
    1. :D මම උදේ රෑ ප්‍රාර්ථනා කරන්නෙ..විදෙස් සිත්තරා මේ පැත්ත බලන් බත් කන්නවත් එපා කියලා...

      Delete
    2. ඕනැම දේකට වෙලාවක් තියෙනවානේ. ඉන්ටකො.....!:P

      Delete
    3. හරි හරි... එන්ට කීවේ නෑ මල්ලියෙ.. යන්ට යන්ට

      Delete
  43. ආපු පළමු දවස.මේ පෝස්ට් එක නම් මළවිකාරයක්.කෙල්ලො දැනගන්න ඕන ආදරය දිනාගන්න වගේම ඒක රැකගන්න.කොල්ලන්ට දන්ඩනිති සංග්‍රහය ඉදිරිපත් කරල හරියන්නේ නෑ.ආදරේ හිගාකාලා වැඩකුත් නෑ.සොරි ඇ!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔයා ආයෙ එන්නෙ නැද්ද? ඇති යාන්තං..සතුටුයි අනේ

      Delete
  44. niyamai. godaaaaaaaaaaak hoda lipiyak.me okkoma aththa. good luck yalu

    ReplyDelete
  45. කියන්න වචනයක්වත් ඉතුරු කර නැත... ඇත්තටම සම්පූර්න ඇත්ත කතාව...

    ReplyDelete
  46. අහ් උඹ අඩ නින්දෙන් ඇහරුනාද . .. :D

    ReplyDelete
    Replies
    1. හි හී...මම රෙද්දක් වනන්න එපාද බං අයියෙ

      Delete
  47. මං මේ කොමෙන්ට් කියවා කියවා පහලට ආවේ මට හිතුනු දේ සටහන් කරලා යන්න........ මයේ අප්පේ, මට හිතුනු දේ මට වඩා 100% හොඳට ජීවිතේ මල් දීලා තියෙනවා.

    අවිවාහක තරුණ කෙනෙක් හැටියට ජීවිතේ මල් දුන්නු පිළිතුරත් කසාද බැඳලා දරුවෝ ඉන්න තාත්තාලා විදිහට ඇවිද්ද පය සහ අබීත දුන්නු පිළිතුරුත් ගැන සලකා බලන්න කියලා ඔයාගේ යාළුවාට කියන්න. තව අවුරුදු 5කින් ඔයාට හිතෙයි සමහරවිට අනේ අනේ මං ඒ කාලේ හිතුවට වඩා ලෝකේ කොච්චර වෙනස් ද කියලා........ :)

    අමිල චතුරංග කියලා තියෙන කථාවත් ඇත්ත. ඒක ට නං හිනාත් ගියා. ඒත් ඒක සහතික ඇත්ත.

    කවදාවත් පැහැදිලි දැක්මක් නැත්තං, තමන්ගේ ඉලක්ක මොනවද කියලා දන්නේ නැත්තං, ආදරය තුලින් යා යුතු තැන දන්නේ නැත්තං, ඉබාගාතේ ඇවිදිනවා මිසක වැදගත් දෙයක්‍ වෙන්නේ නැහැ. අනේ මට මෙහෙම ආදරේ කරන්න කියලා ඉල්ලීම් කරනවාට වඩා ඒ දේ තමන්ට ලැබෙන පරිදි ජීවත් වීමයි වැදගත්. මේ හැම දේටම වඩා මුලින්ම වෙන්න ඕනේ තමන් හරි කෙනා, හරි ම කෙනා තෝරා‍ ගත්ත බවට විශ්වාසයක් තිබිමයි. කෙනෙක් එක්ක යාළු වෙලා එයාව හදන්න යනවාට වඩා තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක යාළු වෙන එකයි කරන්න තියෙන්නේ. අද ලෝකේ ආදර කථා වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කාත් එක්ක හරි යාළු වෙලා එයාව තමන්ට ඕනෑ විදිහට හදාගන්න යෑමක්. ඔව් හැමෝම සර්ව සම නැහැ, ගැලපීම් 100% ක් තියෙන අයත් නැහැ. ඒත් වඩා ගැලපෙන ම කෙනෙක් තමන් ලඟා කරගත්තා නං එයාට අවශ්‍ය පරිදි තමන් ඇජස්ට් වීම හෝ තමන්ට අවශ්‍ය පරිදි ඒ කෙනා ඇජස්ට් වීම ඉබේම සිද්ධ වෙයි. එහෙම නැතුව අනේ මට මෙහෙම ආදරේ කරන්න කියලා අඬා වැලපීම ඇත්තටම දුකට කාරණයක්.

    දැන් ඉන්න ළමයි පුරුදු වෙලා තියෙන්නේ අමුතු පුරුදු. අනේ රත්තරං ඔයාට සනීපද? කියලා අහන්නේ ෆේස් බුක් එකේ වෝල් එකේ......... එතකොට රත්තරං ඇවිත් ඔව් මට සනීපයි වස්තුවේ කියලා යනවා. තනිකර ම ප්‍රදර්ශන ආදරය...... ඊට පස්සේ රණ්ඩු වුනු ගමන් ඒකත් ගේනවා වෝල් එකට.......... කට්ටිය එනවා නලවන්න........ අර පේන්නෑ මාරතුමා උදේ පාන්දර පිදුරු අරං ඇවිත් ඔයාලා ගේ රණ්ඩුවක් කියලා... :D :D :D

    තව සමහර අය මේ අන්තර්ජාලෙන්ම හොයාගෙන යාළු වෙලා, අනිත් අන්තර්ජාල යාළුවන්ට බොරුවට කියනවා අපි දෙන්නා වෙන්වුනා අපි ගැ‍ලපෙන්නේ නැහැ කියලා..... ඉතිං ඒක කියන කෙනාගේ හිත හදන්න මේක අහන් ඉන්න කෙනා වචන භාවිතා කරනවා. පස්සේ බැලුවහම ඒ දෙන්නා යාළුයි. අනිත් අය මොකද කියන්නේ බලන්න තමයි එහෙම කරලා තියේනනේ. ඇයි ඒ? මොකද්ද ඒ දේ අර්ථය? විහිළුවටවත් ඇයි තමන්ගේ ආදරය අනිත් අය ඉතිරියේ බාල්දු කරන්නේ? අනිත් අය මොනවා කිව්වහම මොකද? අනිත් අයට රාජකාරි නැද්ද එයාලාගේ ආදර කථාවේ බොරු දුක් ගැන අහලා ඇත්ත විසඳුම් දෙන්න? ඒ වගේ බොරු කියලා අනිත් අයගේ අදහස් ගන්නේ ඒවා එකතු කරලා පොත් ලියන්නද? නැත්තං වෙන අමාරුවක්ද? අනිත් මිනිස්සුන්ගේ කාලය කා දමමින් ඔය වගේ විකාරත් කරන අය ඉන්නවා. මං නං දන්නේ නැහැ මේ ළමයිනේ ආදර කථා යන අත............

    ReplyDelete
    Replies
    1. මම රන්දිල් කියපු දේට කැමති...ඒත් මට මුහුණු පොත වගේම බ්ලොග් අවකාශයත් සමාජවිද්‍යා පරීක්ෂණාගාරයක්...මම ඒක ළඟදිම කියන්නම්.. දැනට මම සියලු ප්‍රති චාර බාර ගන්නවා...

      ඇත්තටම මේක යාලුවෙක් වෙනුවෙන් කළ දෙයක් නෙවී...මේක පරීක්ෂණාත්මක ලිපියක්...

      Delete
    2. කියවන්නා පාඨකයා රැවටුනු බව දැනීම කියවන්නාගේ පැත්තෙන් දැනෙන අයුරු විශ්ලේෂණය කලොත් හොඳයි.

      සමාජ විද්යාව තුලින් ලෝකයේ යථා ස්වභාවය හොයන්නය කියන කාරුණික ඉල්ලීමත් කරනවා නන්ගි. අනික ඔබ යම්ක්සී අයුරකින් ගෙතූ දෙයක් ලියවිල්ලකින් ඉදිරිපත් කරනවා නම් , ඒ ගෙතූ දෙය ඊලඟ වතාවේ ගෙතූ දෙයක් බව අපට නොහඟවන්නට වග බලාගැනීමෙන් ඔබේ ඒ කිවු සමාජ විද්යා පර්යේෂණය සාර්ථක ලෙස කළ හැකි වේවි.

      තව තව මෝරන්න නන්ගි. පොත පතින් නෙවෙයි. ජීවිතෙන්. ගොඩක් දෙවල් පැහැදිලි වෙයි.

      Delete
    3. පුද්ගලිකත්වයට හානි වන කමෙන්ට් කීපයක් නිසා කීවෙ.. අක්කා හරි

      Delete
  48. ane manda...adare kiyanne maha puduma deyak.minissu windawanneth sathutu wenneth Adare hinda.eka athakata baladdi adare kiyanne amuthuma heenayak.api heene welila innawanam witarai eke duka sathuta eken ath unama oya kisi deyak na.me taraga kari lokaye ohe adee gena yanawa.mona unath mata kiyanna tiyenne kollek tamanwa rawattanawa,ehema nattan ganan ganne na wage nam e adare wenuwen duk widinna epa.mokada kawada hari ammakenek una dawasata wadipura duk widinna tiyenne tamanta...e hinda taman ganna teerana gana hodata hitala ganna.mokada kawada hari bandata passe e kenaken guti kanna wenawanm,ude idan hawas wenakan banum ahanna wenawanm e adaren wadak nane.........e wagema adare hinda duk widina kollantath mata kiyanna tiyenne tamanta galapena kenek thora ganna........adare karala passe pissu kelinna one nane..........

    ReplyDelete
  49. හ්ම්ම්. මුල ඉඳල අගට කියවන් යනකොට එක එක පැති වලට යන අදහස් හම්බුනා,
    කොයි පැත්තෙත් වැරැද්දක් නෑ මම හිතන්නෙ, හැමෝම කියන හැමදේකම යම් ඇත්තක් තිබෙනවා. හැබැයි හැම එකක්ම හැම කෙල්ලෙක්ටම හැම කොල්ලෙක්ටම ආදේශ කරන්න බෑ. අර කිව්ව වගේ ආදරේ එක එක් විදිහයි, ආදරේ පෙන්වන එක එක විදි, ආදරේ කරන එක එක විදි, ආදරේ ජීවිතෙත් එක්ක ගලාගෙන යන එක එක විදි තියෙනවනෙ, එකිනෙකා හැසිරෙන්නෙ එක එක විදි වලට. අනිකව තේරුම් ගන්නව නම් ඔය තියරි වල තියෙන විදිහටම කරන්න/වෙන්න ඕනෙ නෑ.

    ලිපිය හොඳයි, නමුත් සමහර ප්‍රකාශන වලදි නම් නීනු පක්ෂග්‍රාහී වෙලා තියෙනව. :) :) :)

    ReplyDelete
  50. මේවා ගොඩාක් කොල්ලන්ට අළුතින් උගන්නන්න ඕනේ දේවල් නෙමේ අක්කේ සමහර කෙල්ලන්ගේ විච්චූර්ණ දෑස් වලට නොපෙනුනානට ඔයා කියනවටත් වැඩිය තමන්ගේ කෙල්ලට ආදරේ කරන කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා මහා හිඟයක් මවා පෙන්නන්නේ කෙල්ලොම තමා.... සැමා අයියගේ කසු සිතූ ආදර අන්දරයට මම දාලා අයින් කරපු කොමෙන්ටුව මතක් වුනා එදා දැඩි තීරණයක් ගත්තා ඒ වගේ කොමෙන්ට් ආයේ දාන්නේ නෑ කියලා..... නැත්තම් මේ අදහස් වලට හොඳ උදාහරණ සපයන්න තිබුනා

    ReplyDelete
  51. කොල්ලන‍ට වඩා එහෙම කරන්නේ කෙල්ලො , අත්දැකිර්‍ම ඇත

    ReplyDelete
  52. මට කමෙන්ටු කියවලම පණ ගියා වගේ.... කවුරු හරි යමක් කීවම හොදද බලල පිළිගන්න එපයි... මට නම් මේ පෝස්ට් එක හොදයි.. අත්තටම සිරා ආ... තව ලියන්න..සැලෙන්නඑපා

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.