මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/31/12

අල්තිනායි ගේ කවිය



 කඳු මුදුනට යන්න...
අල්තිනායි!!
අඬගහන්න සුළඟ ට..

කතා කරන්න
පොප්ලර් ගසට .....
හුදකලාවේ තැවෙන ...
සිත රිදවන...
පොප්ලර් ගසට .....

කියන්න මෙලෙස

“සෙලවෙන්න ...
හිම දිය වන තුරුම
සෙලවෙන්න....“

{ අතීතේ එක් දවසක
හමා ගියා මහ කුණාටුවක්
ගස මැදින් කඩා ගෙන
හදවත දෙදරවාගෙන
මහ දුකක් ! කැන්දගෙන

යළිත් ගස දළුලන්න
සියක් වරක්
නැහැ.
දහස් වරක්
නැහැ . නැහැ ..
සිය දහස් වරක්
අවසර පැතූ මුත් !

දුයිෂේන් කපා දැම්මා
පොප්ලර් ගස
මුලින් ම....
දුකක් නැතිවම...

මුල නැවත පීදෙන්න
වෙර දරන විට හෙමින්
උගුල්ලා දැමූවා මුල ද , .....
එහි මතකයද
වියළි වූ හදවතින්! }

කඳු මුදුනින් බසින්නට පෙර
---------අනේ අල්තිනායි!!
යළිත් අඬගහන්න.. සුළඟ ට
කතා කරන්න තව එක වරක්
පොප්ලර් ගසට .....
හුදකලාවේ තැවෙන ...
සිත් රිදවන...

'අහිංසක' පොප්ලර් ගසට .....

කියන්න
මෙලෙස 'මම' කියූ වග...

“එපා ඉර පායන්න.!
සිහිවෙන හින්දාම
හිම දිය වූ පසු
පොප්ලර් ගසක
හිස්තැන ' ___________' “


අල්තිනායි!!!!!
හැකි හැමවිටම
පලයං අයිලයට ....
අමතක වන්නට නොදෙන්
ඔබගේ මතකය
දුයිෂේන් හට!




9 comments:

  1. //හිම දිය වූ පසු
    පොප්ලර් ගසක
    හිස්තැන ' ___________' “//

    හිම දිය වුවද නැතිවද
    පවතිනු ඇත තුවාලය
    කාලය විසින් යළි පුරවන තුරුම

    //ලස්සනයි//

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි නීනු අක්කේ,ගුරුගීතය වෙනස්ම ඇහැකින් දැකලා ලියලා තියෙන්නෙ.

    ReplyDelete
  3. මේක කියෙවුවම ආයෙම පාරක් ගුරුගීතය කියවන්න ඕන කියලා හිතුනා.. ලස්සනයි නිනූ..

    ReplyDelete
  4. කවි ගොඩකට මඟ පෙන්වු ගුරු ගීතය.
    ලස්සනයි නගෝ...

    ReplyDelete
  5. අල්තිනායිට තාමත් දුයිෂෙන්ව නොතේරුන හැඩයි

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.